27/11/2025
Attention Deficit Hyperactivity Disorder (ADHD) කියන Neurodevelopmental disorder එක තියන අයට තමන්ගෙ මේ condition එක නිසා, relationships වලදී ගොඩක් challenges වලට මුහුණ දෙන්න සිදුවෙනවා.
ADHD නිසා Relationships වලදී දෙදෙනා අතර ගැටලු ඇතිවෙන්න ඉහළ ප්‍රවණතාවයක් තියනවා සහ ඒ ඔස්සේ තමන් සහ තමන්ගෙ partner කියන දෙදෙනාම මානසික ආතතියට පත්වෙනවා.
ADHD තියන අයට relationships වලදී ගොඩක් challenges වලට මුහුණ දෙන්න හේතුවන කාරණා කිහිපයක් අද අපි දැනගමු.
01. Emotional Dysregulation
ADHD වලදී එන ප්‍රධාන ගැටලුවක් තමයි Brain එකේ Emotional regulation සම්බන්ධව ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවීම. මේ නිසා,
Stress වුණාම හෝ දෙදෙනා අතර ඇතිවන conflict වලදී ඉක්මනින් react කිරීම.
ADHD නොමැති කෙනෙක්ට වඩා, ADHD තිබෙන අයට negative emotions ගොඩක් strong විදිහට දැනීම (Feel emotions more strongly).
Upset වුණාට පසුව නැවත calming down වීමට අපහසු වීම.
වැනි දේවල් සිදුවෙනවා.
02. Trouble paying attention
Attention සම්බන්ධව තිබෙන ගැටලු නිසා දෙදෙනා අතර යන conversations එකකදී අනිත් කෙනා කින දේවල් වලට attention ලබා දී ඉන්න අපහසු වෙනවා. ඉක්මනින් distract වෙනවා. කියන දේවල් ගැන අවධානය අඩු වුණාම නිතර misunderstanding තත්ත්වයන් ඇතිවෙනවා. වැදගත්ම දේවල් පවා miss වෙන අවස්ථාවන් එනවා. හරියට අවධානය නැති නිසා, දෙදෙනා කතා වුණු දේවල් පසුව නිසි ලෙස මතක නැති වෙනවා.
03. Forgetfulness බව
ADHD වලදී, මතක තබා ගැනීම සම්බන්ධව දුර්වලතා ඇතිවෙනවා. තමන් අවධානය ලබා දුන් දේවල් පවා පසුව අමතක වෙන්න පුලුවන්. මේ ඔස්සේ, important dates, තමන්ගෙන් වෙන්න ඕන commitments, promise වුණු දේවල්, එවැනි දේවල් සම්බන්ධව නිතර අමතකවීම් වුණාම relationship එක තුළ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙන්න හේතු වෙනවා.
04. Disorganizing බව
මේ නිසා ගොඩක්ම ප්‍රශ්න ඇතිවන අවස්ථාවක් තමයි marry කරලා එක නිවසක ජීවත් වෙන්න පටන් ගත්තාම. එදිනෙදා ගෙදර වැඩ කටයුතු, ජීවිතයේ විශේෂ අවස්ථාවන්, දෙදෙනාගේ ඉදිරි ජීවිතය, මෙවැනි දේවල් කෙරෙහි තිබෙන organizational skills අඩුබව නිසා, දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවීමට එය බලපානවා.
05. Communication Difficulties
කෙනෙක් සමඟ කතා කරමින් ඉද්දී, ඒ කියන්නේ Conversations අතරතුර “zone out” තත්ත්වයන් ඇතිවීම, තමන් කියන්නේ මොනවාද කියලා හිතන්න කළින් කතා කිරීම (speak before thinking), impulsive විදිහට කතා කිරීම, අනිත් කෙනා කියන දේවල් වලට සවන් දීම අඩුවීම, Miscommunication, මෙවැනි දේවල් ADHD තත්ත්වයේදී සිදුවෙනවා. ඒ නිසා relationship එක තුළ Communication Difficulties ඇතිවෙනවා.
06. Impulsivity
ADHD වලදී මේ impulsivity කියන ලක්ෂණය පුද්ගලයන් තුළ දකින්න පුලුවන්. තමන් කියන සහ කරන දේවල් සම්බන්ධව පාලනයක්, තමන් කරන දේවල් වල තියන consequences ගැන තැකීමක්, අඩු බව සහ ඉක්මන් තීරණ ගැනීම් නිසා යම් යම් ගැටලු ඇතිවීම, relationship එක කෙරෙහි අහිතකර බලපෑම් අතිකරනවා.
ADHD තියන අයට ආදරය දැනෙන්නේ නැතිකමක් හෝ ආදරය කරන්න දන්නේ නැතිකමක් නෙවෙයි මෙතන තිබෙන්නේ. ඒ අය හිතාමතා නෙවෙයි ඒ දේවල් කරන්නේ.
ඒ අයට ආදරය දැනෙනවා. ඒ අයට ආදරය ඕන.
ADHD වලදී මොළයේ සිදුවන යම් යම් structural සහ functional වෙනස් වීම් නිසා තමයි ඉහත සඳහන් කරපු දේවල් සිදුවන්නේ.
ඖෂධ ප්‍රතිකාර (Medication) සහ මනෝ චිකිත්සන ප්‍රතිකාර (Psychotherapy) නිසි අයුරින් ලබා ගැනීම, ඒ වගේම යහපත් lifestyle එකක් පවත්වාගෙන යාම මඟින් ADHD තිබෙන අයට තමන්ගෙ ජීවිතය හොඳින් ගතකරන්න පුලුවන් 😊