Mental Health with Avishka

Mental Health with Avishka Mental Health Advocate | Psychology Explorer

Contact: +94 75 274 1116

Attention Deficit Hyperactivity Disorder (ADHD) කියන Neurodevelopmental disorder එක තියන අයට තමන්ගෙ මේ condition එක නිසා...
25/03/2026

Attention Deficit Hyperactivity Disorder (ADHD) කියන Neurodevelopmental disorder එක තියන අයට තමන්ගෙ මේ condition එක නිසා, relationships වලදී ගොඩක් challenges වලට මුහුණ දෙන්න සිදුවෙනවා.
ADHD නිසා Relationships වලදී දෙදෙනා අතර ගැටලු ඇතිවෙන්න ඉහළ ප්‍රවණතාවයක් තියනවා සහ ඒ ඔස්සේ තමන් සහ තමන්ගෙ partner කියන දෙදෙනාම මානසික ආතතියට පත්වෙනවා.

ADHD තියන අයට relationships වලදී ගොඩක් challenges වලට මුහුණ දෙන්න හේතුවන කාරණා කිහිපයක් අද අපි දැනගමු.

01. Emotional Dysregulation

ADHD වලදී එන ප්‍රධාන ගැටලුවක් තමයි Brain එකේ Emotional regulation සම්බන්ධව ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවීම. මේ නිසා,
Stress වුණාම හෝ දෙදෙනා අතර ඇතිවන conflict වලදී ඉක්මනින් react කිරීම.
ADHD නොමැති කෙනෙක්ට වඩා, ADHD තිබෙන අයට negative emotions ගොඩක් strong විදිහට දැනීම (Feel emotions more strongly).
Upset වුණාට පසුව නැවත calming down වීමට අපහසු වීම.
වැනි දේවල් සිදුවෙනවා.

02. Trouble paying attention

Attention සම්බන්ධව තිබෙන ගැටලු නිසා දෙදෙනා අතර යන conversations එකකදී අනිත් කෙනා කින දේවල් වලට attention ලබා දී ඉන්න අපහසු වෙනවා. ඉක්මනින් distract වෙනවා. කියන දේවල් ගැන අවධානය අඩු වුණාම නිතර misunderstanding තත්ත්වයන් ඇතිවෙනවා. වැදගත්ම දේවල් පවා miss වෙන අවස්ථාවන් එනවා. හරියට අවධානය නැති නිසා, දෙදෙනා කතා වුණු දේවල් පසුව නිසි ලෙස මතක නැති වෙනවා.

03. Forgetfulness බව

ADHD වලදී, මතක තබා ගැනීම සම්බන්ධව දුර්වලතා ඇතිවෙනවා. තමන් අවධානය ලබා දුන් දේවල් පවා පසුව අමතක වෙන්න පුලුවන්. මේ ඔස්සේ, important dates, තමන්ගෙන් වෙන්න ඕන commitments, promise වුණු දේවල්, එවැනි දේවල් සම්බන්ධව නිතර අමතකවීම් වුණාම relationship එක තුළ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙන්න හේතු වෙනවා.

04. Disorganizing බව

මේ නිසා ගොඩක්ම ප්‍රශ්න ඇතිවන අවස්ථාවක් තමයි marry කරලා එක නිවසක ජීවත් වෙන්න පටන් ගත්තාම. එදිනෙදා ගෙදර වැඩ කටයුතු, ජීවිතයේ විශේෂ අවස්ථාවන්, දෙදෙනාගේ ඉදිරි ජීවිතය, මෙවැනි දේවල් කෙරෙහි තිබෙන organizational skills අඩුබව නිසා, දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවීමට එය බලපානවා.

05. Communication Difficulties

කෙනෙක් සමඟ කතා කරමින් ඉද්දී, ඒ කියන්නේ Conversations අතරතුර “zone out” තත්ත්වයන් ඇතිවීම, තමන් කියන්නේ මොනවාද කියලා හිතන්න කළින් කතා කිරීම (speak before thinking), impulsive විදිහට කතා කිරීම, අනිත් කෙනා කියන දේවල් වලට සවන් දීම අඩුවීම, Miscommunication, මෙවැනි දේවල් ADHD තත්ත්වයේදී සිදුවෙනවා. ඒ නිසා relationship එක තුළ Communication Difficulties ඇතිවෙනවා.

06. Impulsivity

ADHD වලදී මේ impulsivity කියන ලක්ෂණය පුද්ගලයන් තුළ දකින්න පුලුවන්. තමන් කියන සහ කරන දේවල් සම්බන්ධව පාලනයක්, තමන් කරන දේවල් වල තියන consequences ගැන තැකීමක්, අඩු බව සහ ඉක්මන් තීරණ ගැනීම් නිසා යම් යම් ගැටලු ඇතිවීම, relationship එක කෙරෙහි අහිතකර බලපෑම් අතිකරනවා.

ADHD තියන අයට ආදරය දැනෙන්නේ නැතිකමක් හෝ ආදරය කරන්න දන්නේ නැතිකමක් නෙවෙයි මෙතන තිබෙන්නේ. ඒ අය හිතාමතා නෙවෙයි ඒ දේවල් කරන්නේ.
ඒ අයට ආදරය දැනෙනවා. ඒ අයට ආදරය ඕන.
ADHD වලදී මොළයේ සිදුවන යම් යම් structural සහ functional වෙනස් වීම් නිසා තමයි ඉහත සඳහන් කරපු දේවල් සිදුවන්නේ.

ඖෂධ ප්‍රතිකාර (Medication) සහ මනෝ චිකිත්සන ප්‍රතිකාර (Psychotherapy) නිසි අයුරින් ලබා ගැනීම, ඒ වගේම යහපත් lifestyle එකක් පවත්වාගෙන යාම මඟින් ADHD තිබෙන අයට තමන්ගෙ ජීවිතය හොඳින් ගතකරන්න පුලුවන් 😊

Grateful to have led a session on using mindfulness and yoga to manage stress, organized by the Rotaract Club of Sabarag...
22/03/2026

Grateful to have led a session on using mindfulness and yoga to manage stress, organized by the Rotaract Club of Sabaragamuwa University ✨

19/03/2026

Loneliness | තනිකම

18/03/2026

Heal නොවුන දෙමව්පියන්, තමන්ගේ ළමයින්ට පහ*ර දෙනවා.

14/03/2026

Depression නිසා, කාන්තාවන්ගේ Period pain එක වැඩි වෙනවා.

11/03/2026

ඉහළ සීනි පරිභෝජනය, ඉතාමත් අහිතකරයි.

තමන් අපේක්ෂා කරන Quality මානව සබඳතාවයන් තමන්ට නොමැතිවීම නිසා පුද්ගලයෙක් තුළ ඇතිවන painful feeling එකක් තමයි මේ lonelines...
03/03/2026

තමන් අපේක්ෂා කරන Quality මානව සබඳතාවයන් තමන්ට නොමැතිවීම නිසා පුද්ගලයෙක් තුළ ඇතිවන painful feeling එකක් තමයි මේ loneliness (තනිකම) කියන්නේ.
මේ Loneliness කියන්නේ පුද්ගලයා තුළ මානසිකව discomfort එකක් (පීඩාකාරී තත්ත්වයක්) ඇතිකරන දෙයක්.

අපේ කායික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය ඇතුළු සමස්ත ජීවිතයේ ගුණාත්මකභාවය (quality of life) කෙරෙහි, ඒ වගේම අපේ ආයුෂ කාලය කෙරෙහි පවා loneliness නිසා අහිතකර බලපෑම් ඇතිවෙනවා.

ඔයා දන්නවාද? අද ලෝකයේ මිනිසුන්ගෙන් 1/6 ක් මේ loneliness නිසා පීඩා විදිනවා. ඒ වගේම ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) සඳහන් කරන ආකාරයට, ලෝකයේ ගතවන පැයකදී සිදුවන මරණ 100ක් කෙරෙහි මේ loneliness වල බලපෑමක් තියනවා.

Loneliness නිසා ඇතිවන මානසික සෞඛ්‍යය සම්බන්ධ ගැටලු වලට උදාහරණ විදිහට,
🔺මානසික පීඩනය ඉහල යාම. (Distress)
🔺Depression, Anxiety වැනි තත්ත්වයන් ඇතිවීම සහ වෙනත් විවිධ මානසික රෝගී තත්ත්වයන් ඉහල යාම කෙරෙහි බලපෑම් ඇතිවීම
🔺Brain Functions කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම. (cognitive abilities, emotional processing, social cognition වැනි දේවල් කෙරෙහි)
🔺Alzheimer’s disease ඇතුළු Dementia තත්ත්වයන් වලට පවතින අවධානම ඉහළ යාම
🔺නින්ද සම්බන්ධව ගැටලු ඇතිවීම
🔺විවිධ දේවල් වලට ඇබ්බැහිවීම් ඇතිවීම. (Addiction)
🔺සියදිවි නසාගැනීම් කෙරෙහි අවධානම ඉහල යාම

ඒ වගේම, Stroke, Heart Disease, Diabetes, Weakened Immune System (ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම) වැනි තත්ත්වයන් ඇතිවීම සහ එවැනි විවිධ හෙතූන් ඔස්සේ Premature death (අඩු වයසින් සිදුවන මරණ) කෙරෙහි පවතින අවධානම ඉහළ යාම කෙරෙහි මේ loneliness නිසා බලපෑම් ඇතිවෙනවා.

ඒ කාරණා ඔස්සේ ඔයාලට යම් අවබෝධයක් එන්න ඇති මේ loneliness කියන්නේ කොයිතරම් අහිතකර දෙයක්ද කියලා.
ඉතින් ඒ නිසා, අපේ ජීවිත වල යහපත් මානව සබඳතා ගොඩනගා ගැනීම සහ ඒවා හොඳින් පවත්වාගන යාම කෙරෙහි අපි අනිවාර්යයෙන් අවධානය යොමු කරමු.

තමන්ගෙ ශරීර පෙනුම ගැන, තමන් විසින් නිතර ඍණාත්මක විදිහට සිතීම (negative perception එකක් තිබීම), Body image dissatisfactio...
22/02/2026

තමන්ගෙ ශරීර පෙනුම ගැන, තමන් විසින් නිතර ඍණාත්මක විදිහට සිතීම (negative perception එකක් තිබීම), Body image dissatisfaction මඟින් අදහස් කරනවා.
ඒ අනුව තමන්ගෙ ශරීර පෙනුම ගැන විවිධ negative thoughts නිතර පැමිණීම, insecurities ඇතිවීම, uncomfortable feeling එකක් දැනීම, මෙහිදී සිදුවෙනවා.

මේ body image dissatisfaction තත්ත්වයේදී පහත සඳහන් ලක්ෂණ තිබෙන්න පුලුවන්.

🔺තමන්ගෙ ශරීර පෙනුම ගැන නිතර Negative thoughts, insecurities ඇතිවීම.
🔺Influencers, celebrities, ඇතුළු බාහිර සෙසු පුද්ගලයන් සමඟ තමන්ගෙ පෙනුම නිතර compare කිරීමතමන්ගෙ ශරීර අවයව සහ බාහිර පෙනුම ගැන කරදර වීම සහ ලොකු අවධානයක්, කාලයක් ඒ වෙනුවෙන් යෙදවීම.
🔺තමන් විසින් තමන්ව අවතක්සේරු කරගැනීම.
🔺තමන්ගෙ එදිනෙදා අනෙකුත් වැඩකටයුතු වලට පවා බාධා ඇතිවීම
එ වගේ දේවල් සිදුවෙන්න පුලුවන්.

වර්තමානයේදී පුද්ගලයන් තුළ මේ Body image dissatisfaction ඉහළ යාම කෙරෙහි Social media මඟින් බලපෑම් ඇතිකරනවා.

🔺Social media වලින් පෙන්වන real නොවන විවිධ Standards සහ guidance. උදාහරණ විදිහට, මෙහෙම තමයි body එක තියෙන්න ඕන, මෙහෙම තමයි ඒ වෙනුවෙන් කන්න ඕන, මේ වගේ skin එකක් තමයි ලස්සන, ඔබත් මෙහම skin එකක් ලබාගන්න, ලස්සනට ඉන්න නම් මෙහෙම කරන්න ඕන. මේක ගාන්න ඕන.... ඒ වගේ දේවල් නිතර ඇහෙන්න දකින්න තිබීම.

🔺එකිනෙකාගේ පෙනුමේ ස්වාභාවිකව පවතින යම් යම් වෙනස්කම්, වෙනස්කම් ලෙස දකිනවා වෙනුවට ඒවා ගැටලු ලෙස ඒත්තු ගැන්වීම.
🔺edited, filtered, දේවල් නිතර දකින්න තිබීම.
🔺Influencers සහ විවිධ celebrities අය කරන, කියන, දේවල්.
🔺පුද්ගලයෙකුගේ photos වලට ලැබෙන Likes, comments ප්‍රමාණය මඟින් වටිනාකම බැලීම.

ප්‍රශ්නයක් වුණාම, දුක හිතුණම, alcohol ගන්න අය ගැන, smoke කරන අය ගැන, අපි අහලා තියනවානෙ. නමුත්, දුක හිතුණම විවිධ දේවල් ගො...
18/02/2026

ප්‍රශ්නයක් වුණාම, දුක හිතුණම, alcohol ගන්න අය ගැන, smoke කරන අය ගැන, අපි අහලා තියනවානෙ. නමුත්, දුක හිතුණම විවිධ දේවල් ගොඩක් කන අය ගැන වැඩිය අහලා නැහැ. අපි එතරම් කතා නොකළාට, ප්‍රශ්නයක් වුණාම, දුක හිතුණාම, එක එක දේවල් කන්න පුරුදු වෙලා ඉන්න අය ඉන්නවා.

මේක එක්තරා Bad habit එකක්. ඒකට කියනවා Emotional Eating කියලා.

මේ කියන තත්ත්වයේදී සිදුවෙන්නේ, ශරීරයට දැනෙන ආහාර අවශ්‍යතාවය නිසා කෑම කනවා වෙනුවට, තමන්ට එන negative emotions, cope කරගන්න කෑම වර්ග කන්න යොමුවෙනවා.

උදාහරණ විදිහට, දුකක්, තනිකමක්, තරහක්, බලාපොරොත්තු බිඳ වැටීමක්, ව්‍යාකූල බවක්, ආතතිය වැඩිවීමක්, ඒ වගේ තත්ත්වයන් වලදී යම් යම් දේවල් කන්න ඕන වෙනවා. කෑම සම්බන්ධව දැඩි ඕනකමක් (urge එකක්) පුද්ගලයාට දැනෙනවා.

දැන් අපි බලමු මේ Emotional eating තත්ත්වයේදී තියන ලක්ෂණ කිහිපයක්.

🔺තමන්ට ආතතියක්, තනිකමක්, දුකක්, තරහක්, ඒ වගේ දේවල් දැනුනාම විවිධ දේවල් කන්න හිතෙනවා. විශේෂයෙන්ම Sweets, Junk food වගේ දේවල්.

🔺කෑම සම්බන්ධව එන ඒ urge එක (දැඩි ආශාව) පාලනය කරගන්න අපහසු වෙනවා.

🔺බඩගිනි නැති වුණත්, බඩ පිරිලා තිබුණත්, තව තව දේවල් කන්න හිතෙනවා.

🔺negative emotions එන අවස්ථාවන් වලදී, මොනවා හරි දේවල් කෑවට පස්සේ තමන්ට සහනයක්, Relief එකක්, දැනෙනවා

🔺කෑම තියන අවස්ථාවන් වලදී තමන්ට safe feeling එකක් දැනෙනවා. නිකන්, කෑම තමන්ගෙ යාළුවෙක් වගේ හැඟීමක්.

🔺මේ විදිහට පාලනයක් නැතිව විවිධ කෑම කන එක ගැන තමන් නිතර worry වෙනවා. තමන් පුරුදු වෙලා ඉන්න දේ ගන වරඳකාරී හැඟීම් එනවා.

අපිට ඇත්තටම එන බඩගින්න, ඒ කියන්නේ physical hunger සහ මේ emotional eating තත්ත්වයේදී එන බඩගින්න (emotional hunger) අතර වෙනස්කම් තියනවා.

❗physical hunger අපිට ක්‍රමක් ක්‍රමයෙන් දැනුනාට, මේ emotional hunger අපිට එක පාරටම (suddenly) දැනෙනවා.

❗Physical hunger ආවම අපිට හොඳ කෑමක් කන්න හිතුණත්, මේ emotional hunger ආවම බොහෝ විට junk foods, sweets වැනි විවිධ specific comfort foods තමයි කන්න හිතෙන්නේ.

❗Emotional hunger තත්ත්වයේදී අපිට කන ප්‍රමාණය ගැන එහෙම අවධානයක් නැහැ. සීමාවන් නැහැ. හිතුමතේ කනවා.

❗Physical hunger අපිට තරමක් manage කරගන්න පුලුවන්. ඉවසගන ඉන්න පුලුවන්. හැබැයි emotional hunger තත්ත්වයේදී ඉක්මනින් satisfaction එකක් ඕන වෙනවා. ඉක්මනින් මොනවා හරි කන්න ඕන හිතෙනවා.

❗තමන්ගෙ බඩ පිරිලා තිබුණත් මේ emotional hunger තත්ත්වයේදී ඇති කියලා හිතෙන්නේ නැහැ.

එතකොට මේ Emotional eating කියන්නේ Mental Disorder එකක්ද?

නැහැ. Emotional eating කියන්නේ mental disorder එකක් නෙවෙයි.
නමුත්, මේ emotional eating තත්ත්වය වෙනත් mental disorders වලදී ඇතිවෙන්න පුලුවන්. උදාහරණ විදිහට, Binge eating disorder, depression, anxiety disorders, obsessive compulsive and related disorders, වැනි Disorders වලදී මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්.

ඊට අමතරව, එදිනෙදා ජීවිතයේ යම් යම් ප්‍රශ්න නිසා ඇතිවන මානසික පීඩනය නිසාත් මේ emotional eating තත්ත්වයට කෙනෙක් යොමුවෙන්න පුලුවන්.

Obsessive Compulsive Disorder (OCD) කියන Mental Disorder එක ගැන යම් විස්තර ටිකක් තමයි අද ඔයාලට කියන්න යන්නේ. මේ OCD කියන...
17/02/2026

Obsessive Compulsive Disorder (OCD) කියන Mental Disorder එක ගැන යම් විස්තර ටිකක් තමයි අද ඔයාලට කියන්න යන්නේ. මේ OCD කියන්නේ Mental Disorders අතරින් ගොඩක් පීඩාකාරී තත්ත්වයට පත්වෙන්න පුලුවන් Disorder එකක්.

OCD කියන Mental Disorder එකේ කොටස් දෙකක් අපිට හඳුනාගන්න පුලුවන්. එක කොටසක් තමයි Obsessions. අනිත් කොටස Compulsions.

තමන්ගෙ හිතට එනවාට අකමැති, නමුත් තමන්ට පාලනය කරගන්න අපහසු, මානසික පීඩාකාරී බවක් දැනෙන සිතුවිලි වලට Obsessions කියලා කියනවා.
ඒ සිතුවිලි නිසා, බියක්, නොසන්සුන් බවක්, අවිනිශ්චිත බවක්, එහෙමත් නැත්නම් ‍යම් අප්‍රසන්න හැඟීමක් පුද්ගලයාට දැනෙනවා. ඒ සිතුවිලි වලට පුද්ගලයා කැමති නැහැ. නමුත් හිතට ඒ සිතුවිලි පැමිණීම පාලනය කරගන්නත් බැහැ.

OCD තත්ත්වය තිබෙන කෙනෙක් තුළ Obsessions විදිහට ඇතිවෙන්න පුලුවන් දේවල් වලට උදාහරණ ටිකක් අපි දැන් බලමු.

🔺 මිනිසුන්ගෙන් හෝ තමන් ඉන්න පරිසරයෙන් තමා අපිරිසිදු වෙයි, විෂබීජ (germs) තමන්ට එයි, වැනි බියක් දැනීම.
🔺ලෙඩරෝග, ගැන අතාර්කික බියක් දැනීම. තමන් ලෙඩ වෙයි, ලෙඩක් හැදිලා තමන්ගෙ ජීවිතයට හානියක් වෙයි, වගේ දේවල් නිතර කල්පනා වීම. (An irrational fear of illnesses)
🔺විවිධ පීඩාකාරී ලිංගික සිතුවිලි කල්පනා වීම. තමන් පවුලේ කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙනවා, තමන් කාටහරි ලිංගික හිංසනයන් කරනවා, වැනි දේවල් කල්පනා වීම. (Intrusive and distressing sexual thoughts)
🔺 තමන්ගෙන් හෝ වෙන බාහිර සාධකයකින් තමන්ගෙ සමීප අයට යම් හානියක්, කරදරයක් සිදුවේ යැයි සිතුවිලි පැමිණීම (might harm their loved ones)
🔺 පිළිවල, නිරවද්‍යතාව, පරිපූර්ණත්වය, ගැන දැඩි ලෙස සැලකිළිමත් වීම (extreme concern about orderliness, exactness, and perfection)
🔺තමන්ගෙන් යම් අතපසුවීමක් වේ යැයි සිතුවිලි නිතර කල්පනා වීම (may have made a mistake or forgotten something important)
🔺ආගම පිළිබඳව, ආගමික නායකයන් පිළිබඳව, පාලනය කරගන්න අපහසු විවිධ පීඩාකාරී සිතුවිලි (religious intrusive thoughts)
🔺ප්‍රසිද්ධියේ තමන් කෑගසනවා, නීති විරෝධී දේවල් කරනවා, වැනි සිතුවිලි

එවැනි විවිධ සිතුවිලි මේ Obsessions යටතේ එන්න පුලුවන්.

ඒ Obsessions නිසා පුද්ගලයා තුළ ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. පුද්ගලයා බය වෙනවා. ඉතින් ඒ තමන්ට දැනෙන ආතතතිය, බිය, සමනය කරගැනීමට පුද්ගලයා කරන දේවල් Compulsions විදිහට හඳුන්වනවා.
compulsions වලට උදාහරණ විදිහට,

🔺 අත් සේදීම ඇතුළු තමන් පිරිසිදු වීමේ කටයුතු වල නිතර නිතර යෙදීම (Excessive handwashing or repeated cleaning)
🔺ගෘහභාණ්ඩ නැවත නැවත පිරිසිදු කිරීම (Repeatedly cleaning household items)
🔺 තමන්ට යම් අසනීපයක් තියනවාද දැනගැනීමට, නිතර වෛද්‍යවරු හමුවීම සහ medical checkup කරගැනීම.
🔺යම් යම් කාල රටාවන් වලට අනුවම අනිවාර්යයෙන් තමන්ගෙ දවසේ කරන දේවල් සිදුකිරීම (strict routines or time schedules)
🔺යම් යම් දේවල් නැවත නැවත පරික්ෂා කිරීම (Checking things repeatedly). උදා- දොරවල්, ජනෙල් හරියට වැහුවාද, car එක lock කළාද, lights off කළාද යන්න අවස්ථාවන් කිහිපයකදීම පරික්ෂා කිරීම. තමන් කරන දේවල්, හරියට කළා කියලා confirm කරගැනීමට ඒ කරන දේවල් වල photos ගැනීම.
🔺ක්‍රියාකාරකම් කිරීමට විවිධ අනිවාර්යය රටාවන් හදාගන සිටීම (rigid patterns or rituals)
🔺 භාණ්ඩ ‍යම් යම් රටාවන් වල්ට, නිශ්චිත පිළිවලකටම තැබීම (specific patterns or exact orders)
🔺නිතර නිතර යම් යම් වචන හිතින් ප්‍රකාශ කිරීම (Repeating certain words in their mind over and over)
🔺යම් යම් අංක රටාවන් අනුව දේවල් සිදුකිරීම
🔺 පොදු ස්ථාන වලට යාමෙන් වැළකීම. (Avoiding public places)

ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් compulsions සිදුකරන්න යොමුවෙනවා.

Obsession සහ Compulsions වලට අමතරව පහත සඳහන් යම් යම් ලක්ෂණ OCD තත්ත්වයේදී පුද්ගලයා තුළ ඇතිවෙනවා.

🔺 දැඩි ආතතිය (distress)
🔺 ව්‍යාකූල බව
🔺Concentration issues
🔺Memory issues
🔺Low motivation
🔺low self-esteem
🔺anger issues
🔺සමාජ සබඳතා වලින් ඈත්වීම (Social withdrawal)
🔺self-harm thoughts

OCD වලට ප්‍රතිකාර වශයෙන්, ඖෂධ ප්‍රතිකාර (Medication) සහ මනෝ චිකිත්සන ප්‍රතිකාර (Psychotherapy) අපිට ලබාගන්න පුලුවන්

Depression වලදී අපි තුළ ඇතිවෙන්න පුලුවන් කායික ලක්ෂණ (Physical symptoms) කිහිපයක් අද දැනගමු.- නින්ද නොයාම හෝ නිතර නිදාගන...
14/02/2026

Depression වලදී අපි තුළ ඇතිවෙන්න පුලුවන් කායික ලක්ෂණ (Physical symptoms) කිහිපයක් අද දැනගමු.

- නින්ද නොයාම හෝ නිතර නිදාගන්න යොමුවීම. (insomnia or sleeping too much)
- ආහාර සම්බන්ධව උනන්දුවක් නොමැති බව හෝ නිතර විවිධ දේවල් ආහරයට ගැනීම. (Changes in appetite)
- ශරීරයේ බරෙහි සැළකිය යුතු වෙනස්වීම් ඇතිවීම. (weight changes)
- හිසරදය (Headaches)
- ශරීරයේ විවිධ ස්තාන වල වේදනාවන් ඇතිවීම. ex- back pain, Chest pain, joint pain, muscle pain
- තෙහෙට්ටුව සහ ශක්තියක් නොමැති බව. (Fatigue and low energy)
- ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුව අඩුවීම. (Low libido)
- කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත අක්‍රමතා ඇතිවීම. (Menstrual cycle changes)

ළමා කාලයේදී (විශේෂයෙන්ම මුල් අවුරුදු 11 දී) විවිධ පීඩාකාරී සිදුවීම් වලට මුහුණ දෙන්න වුණොත්, උදාහරණ විදිහට දෙමව්පියන් අතර...
12/02/2026

ළමා කාලයේදී (විශේෂයෙන්ම මුල් අවුරුදු 11 දී) විවිධ පීඩාකාරී සිදුවීම් වලට මුහුණ දෙන්න වුණොත්, උදාහරණ විදිහට දෙමව්පියන් අතර තියන ගැටුම්, විවිධ හිංසනයන් වලට ලක්වීම්, Neglect වීම්, ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වුණොත්, ඒ දේවල් වලට මුහුණ දෙන ළමයා හිතන්නේ එහෙම දේවල් වෙන්නේ තමන්ගෙ වරදක් නිසා කියලා.

“නරක දේවල් මට වෙනවා” කියලා නෙවෙයි හිතන්නේ.
“නරක දේවල් වෙන්නේ මම නිසා” කියලා තමයි හිතන්න යොමුවෙන්නේ.

අපි චූටි කාලයේදී අපේ මොළය, විශේෂයෙන්ම reasoning, logical thinking, වගේ දේවල් වලට බලපාන prefrontal cortex එක තවම වර්ධනය වන ගමන් තමයි තියෙන්නේ. අනිත් අයටත් ඒ අයගේ thoughts, feelings, emotions, තියනවා කියලා අපි ඒ වයසේදී දන්නේ නැහැ.
ඒ වගේම මුල් අවුරුදු 07 තුළ අපිට තියෙන්නේ Egocentric Thinking එකක්. ඒ කියන්නේ සිදුවන හැම දෙයක්ම දිහා දකින්නේ තමාව කේන්ද්‍ර කරගන.

නරක දේවල් ඇහෙන්න දකින්න තියෙන්නේ, නරක දේවල් තමන්ට හෝ තමා අවට සිදුවන්නේ, තමන්ගේ fault එකක් නිසා කියලා තමයි හිතන්නේ.

ඉතින් ඒ නිසා, ළමා කාලයේදී තමන්ට අත්විඳින්න තියන නරක දේවල් නිසා, තමන් ගැනම වරදකාරී හැඟීම් (Guilt), තමාගේ මොකක් හරි අවුලක් තියනවා කියන හැඟීම් (shame), Insecurities, Low self-esteem, වැනි දේවල් පුද්ගලයා තුළ ගොඩනැගෙනවා.
ඒ වගේම පසුකාලීනව විවිධ මානසික ගැටලු ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරනවා.

Address

Colombo

Telephone

+94752741116

Website

Alerts

Be the first to know and let us send you an email when Mental Health with Avishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health with Avishka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram