පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

  • Home
  • Sri Lanka
  • Colombo
  • පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න අභිමානණීය සේවයක පුනරාගමනය
(1)

සමහර හෝටල්වල කෑම හදන මක බාස්ලගේ වස පැටිකිරිය. 🤔😡   කෑම බීමවලට දාන්න අපේ රටේ අනුමත කරල තියෙන කෘත්‍රිම වර්ණක වර්ග යුරෝපා ර...
23/03/2026

සමහර හෝටල්වල කෑම හදන මක බාස්ලගේ වස පැටිකිරිය. 🤔😡
කෑම බීමවලට දාන්න අපේ රටේ අනුමත කරල තියෙන කෘත්‍රිම වර්ණක වර්ග යුරෝපා රටවල්වල අපට වඩා තද නියාමනයන්ට යටත් කර තිබෙන බවත්, ඒ රටවල්වල කෘත්‍රිම වර්ණක වෙනුවට ස්වභාවික ආහාර වර්ණක භාවිතය ප්රවර්ධනය කෙරෙමින් තිබෙන බවත්, අපේ රටේ අනුමත කරල තියෙන සුලබව භාවිත කෙරෙන සමහර වර්ණක ඇතැම් රටවල්වල තහනම් කරල තියෙන බවත් අපි දනිමු.
කොයික කොහොම වුනත් මේ කෘත්‍රිම ආහාර වර්ණක අධිභාවිතය සහ අවභාවිතය මිනිස් සිරුරට හානිකර බැවින් ලොව පුරාම මේවා ආහාරවලට දාන්න පුළුවන් උපරිම මාත්‍රාවන් නිර්දේශ කරල, නීති ගත කරල තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිම ආහාර වර්ණක අධික වශයෙන් පරිභෝජනය කොහොමටත් හානිකරයි.
Approved food colorings must adhere to strict, regulation-specific limits. Generally, synthetic colors are limited to low concentrations (e.g. 50 - 250 ppm)

හුඟක් රටවල්වල නීති රෙගුලාසි වලට අනුව මේ වර්ණක දාන්න පුළුවන් ඩෝස් එක ආහාර කොටස් මිලියනයකට වර්ණකයේ කොටස් 50ත් 250ත් අතර ප්රමාණයක්. (සමහර වර්ණකවලට අඩු ppm අගයකුත් සමහර වර්ණක වලට වැඩි (250ppm) ppm අගයකුත් තීරණය කරල තියෙනවා. )
ශ්‍රී ලංකාවේ මේ අගය ඕනෑම වර්ණකයක් සඳහා 100ppm යි. ඒ කියන්නේ ද්රව , අර්ධ ගණ හෝ ගණ ආහාර ලීටර් හෝ කිලෝ ග්රෑම් 1කට වර්ණක මිලි ග්රෑම් 100යි (උපරිම) මේ සීමාව ඉක්මවන්න බෑ. මේක තමයි කට් ඕෆ් එක.

දැන් අපි අපේ රටේ හෝටල් රෙස්ටොරන්ට් වල කෑමවලට ඩයි දාන ඩෝස් එක ගැන අදහසකට එමු. 🤔

හෝටල්, කෑමකඩවල කහ බත්, බිරියානි, චිකන්, බැඳපු මාළු, කොත්තු, ඩෙවල්, සම්බෝල, හොදි වෑංජන, සාම්බාරු හොද්ද, පැටිස්, රෝල්ස්, සමෝසා... ආදී බොහෝ කෑම වර්ගවලට මේ සින්තටික් ඩයි වර්ග දානවා. මේවා දාන කුක්ලා නොහොත් බාසුන්නෑහෙලාට මේවායේ මාත්‍රාව හෝ හානිකරභාවය ගැන වගේ වගක් නෑ. (මෙහෙම කෑමක් කාලා දවසක් දෙකක් විතර යනකල් අත්ලේ, ඇඟිලිවල, නියපොතු යට මේ ඩයි පැල්ලම් රැඳිලා තියෙනවා හේදුවාට යන්නේ නෑ.) මේ ඩයි වර්ග එන්නේ ග්රෑම් 500 ටින් (ඩප්පි) විදියටයි.

සාමාන්‍ය ප්රමාණයේ නාගරික අවන්හලක මාසෙකට මේ ජාතියේ ඇසුරුම් හතරක් විතර යනවා. ඒ කියන්නේ ඩයි කිලෝ 2ක් විතර. රටේ නීතියට අනුව ⁣සෞඛ්‍යයට හානිකර නොවන උපරිම මාත්රාව (ෂේෆ් ඩෝස් එක) කෑම වලට දැම්⁣මොත් වැඩේ වෙන්න ඕන මෙහෙමයි,
ආහාර කිලෝ ග්රෑම් එකකට ඩයි මිලිග්‍රෑම් 100යි, ආහාර කිලෝ 10කට ඩයි ග්රෑම් 1යි, ආහාර කිලෝ ග්රෑම් 10,000කට ඩයි කිලෝ ග්රෑම් 1ක් යනවා. එතකොට ඩයි කිලෝ 2න් මේ හෝටල, අවන්හල ආහාර කිලෝ ග්රෑම් විසි දාහක් (20,000) මාසෙකදී නිෂ්පාදනය කරනවා.
එක කිලෝවකින් ශුද්ධ ලාභය අවම , රුපියල් 100ක් විදියට ගණන් හැදුවෙත් ආහාර කිලෝ 20,000න් ලාභය රුපියල් 20,000 ×100 = 2,000,000 ක් වෙනවා. ඒ කියන්නේ මිලියන් දෙකක ලාභයක්. (මේ ලාභය එන්නේ ඩයි දාලා හදන කෑමවලින් විතරයි. වෙන ආහාර වර්ග විකිණීමෙනුත් මුඳලාලිට ලාභ එනවා.)

මගේ තර්කය මේකයි.

මුඳලාලි නියමිත ඩෝස් එකට සින්තටික් ෆුඩ් ඩයි වර්ග භාවිත කරනවානම්, මුඳලාලිම කිවුව විදියට මාසෙකට යන ඩයි ටින් ගාණට අනුව මෙච්චර ලාභයක් එන්න ඕන. මුඳලාලි මාසෙකට ලැබෙන ශුද්ධ ලාභය රු ලක්ෂ 5යි කියල කියනවානම්, මාසෙකදී යූස් වෙන්න ඕන වෙන්නේ ග්රෑම් 500 ඩයි ටිං එකයි.
ඩයි ටිං 4ක්, ඒ කියන්නේ කිලෝ 2ක් මාසෙකට යනවානම් එක්කෝ මුඳලාලිගේ හෝටලයේ ශුද්ධ අවම ලාභය රු මිලියන දෙකක් වෙන්න ඕන . එහෙම නැතිනම් මුඳලාලිගේ හෝටලයේ කෑම හදන මක බාසලා කෑමවලට ඩයි දාන්නේ හරියට ගොවියෝ කුඹුරට යූරියා ගහනවා වගේ ය. ඒ කියන්නේ, අනුමත ඩෝස් එක තීරණය කරල ගැසට් ගහපු, ගැසට් එකට අනුව වැඩේ වෙනවාද කියල හොයල බලන්න හරි හමං සිස්ටම් එකක් හදල නැති බලධාරීන්ට බම්බු ගහ ගනිං කියල ⁣ඩෝස් එක ඩබල් ට්රිබල් කරල කන එවුන්⁣ට අබ සරණ වෙන්ටම මේ මක බාසලා ලංකාවේ කඩ කෑමවලට වහ දමමින් සිටින්නේය.
🤔🤔🤔🤔

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

🛑ඔබ කවදා හෝ ලේ දන්දීලා තියනවනම් ඒ ලේ දන්දීමේ කඳවුරකට හෝ එහෙම නැත්නම් ලේ බැංකුවකට ගිහින්. ඔබ දන්නවද මේ ක්‍රම දෙකට තමයි ලං...
06/03/2026

🛑ඔබ කවදා හෝ ලේ දන්දීලා තියනවනම් ඒ ලේ දන්දීමේ කඳවුරකට හෝ එහෙම නැත්නම් ලේ බැංකුවකට ගිහින්. ඔබ දන්නවද මේ ක්‍රම දෙකට තමයි ලංකාවේ ලේ බැංකුව එසේත් නැත්නම් ජාතික රුධිර පාරවිලයන සේවය දිවයින පුරා සිටින රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් රුධිරය එක් රැස් කරන්නේ. එයිනුත් අති බහුතරයක් රුධිරය එක් රැස් වෙන්නෙ ජංගම රුධිර කඳවුරු හරහා. ඔබ මෙවැනි ස්ථානයකදී ලේ දන් දීලා තියනවනම් ඔබ දන්නවා මොකක්ද ලේ දන්දීමේ කඳවුරක් කියන්නේ කියල. ලංකාව කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡ රුධිර දායකයින්ගෙන් පිරිච්ච රටක්. ඒ කියන්නේ කිසිදු තැනක රුධිරයට මිලක් නියම වෙන්නේ නැහැ. සියලුම ආගම් වල ජනතාව ඉතා කැමැත්තෙන් තම රටේම රෝගී ජනතාව වෙනුවෙන් රුධිරය දන් දෙන රටක් විදියට අපි ඉතා ආඩම්බර විය යුතුයි. ජාතික රුධිර පාරවිලයන සේවය ලංකාවේ ඕනෑම තැනක රජයේ හෝ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් නොමිලයේ රුධිරය සැපයීමට බැඳී සිටිනවා. ඒ අනුව වසරකට දිවයින පුරා පිහිටි ලේ බැංකු සඳහා අවශ්‍ය රුධිර පයින්ට් ප්‍රමාණය හාර ලක්ෂ පනස් දහසකට අධික වෙනවා. මෙම රුධිර අවශ්‍යතාවය සපුරා ගැනීමට දිවයින පුරා සංවිධානය වෙන ජංගම රුධිර කඳවුරු මගින් ලැබෙන්නේ ලොකු ශක්තියක්. ලේ දන්දීමටත් වඩා ලොකු පුණ්‍ය කර්මයක් විදියට මෙය සලකන්න පුළුවන්.

🛑මන්දයත් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම මගින් වැඩි රුධිර දායකයින් ප්‍රමාණයක් ලේ දන්දීම සඳහා යොමු කරනවා. දැනටමත් ලංකාවේ බහුතරයක් විහාරස්ථානවල, පල්ලිවල, ආයතනවල, කර්මාන්තශාලා ආශ්‍රිතව විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපනික ආයතනවල වාර්ෂිකව ලේ දන්දීමේ වැඩසටහන් විවිධ සමිති සමාගම් මගින් සංවිධානය කරනවා. ඔයාලත් කැමති නම් ඔයාගේ ලඟම යහළුවෝ ආයතනයේ වැඩ කරන අය වගේ හැමෝම එකතු වෙලා ලේ දන්දීමේ වැඩසහටනක් සංවිධානය කරන්න මේ ලිපියෙන් මම අද ඒ ගැන කියන්නම්.

🛑මුලින්ම ඔයාල කරන්න ඕන ඔබට ලඟම පිහිටි ලේ බැංකුව හා සම්බන්ද වෙලා ලේ දන්දීමේ වැඩසටහන සඳහා දිනයක් වෙන් කරගන්න එක. කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයට අමතරව දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ලේ බැංකු ස්ථාපිතව පවතිනවා.මෙම ලේ බැංකු වල සේවය කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් හෝ වෙනත් වගකිවයුතු නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමෙන් ඔබට දිනයක් වෙන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොහොය දින සති අන්ත සෙනසුරාදා ඉරිදා දින හෝ වෙනත් රජයේ නිවාඩු දිනයන් වෙන් කරගැනීමට නම් ඔබ අවම මාස 4 කට හෝ 5 කට පෙරවත් සම්බන්ධ විය යුතුයි. මන්දයත් එම දිනයන් වෙන් කර ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවිනි. එම දින වලදී ඔබට වැඩි රුධිර දායකයින් ප්‍රමාණයක් එක් රැස් ගැනීමට හැකියාව පවතී. නමුත් ඔබ ආයතනය වල සතියේ දින වල සාර්ථක රුධිර කඳවුරු පැවැත්වීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා මසක හෝ දෙකකට පමණ පෙර දිනයක් වෙන් කර ගැනීම ප්‍රමාණවත් වේ. ( දිවයිනේ ඕනෑම ලේ බැංකුවක් සම්බන්ධ කර ගැනීමට ජාතික රුධිර මධ්‍යස්ථානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අමතන්න -
011 722 0677 / 011 236 9931)

🛑ඔබට අවම වශයෙන් 50 කට වැඩි රුධිර දායකයින් ප්‍රමාණයක් එක් රැස් කරගැනීමේ හැකියාව තියනවනම් සාර්ථක ජංගම ලේ දන් දීමේ කඳවුරක් පැවතීමේ හැකියාව තියනවා. ඔබ සංවිධානය කරනු ලබන ස්ථානයට ලේ බැංකුවේ කාර්යය මණ්ඩලය එදිනට අවශ්‍ය උපකරණද රැගෙන පැමිණෙනවා. ඊට අමතරව ඔබට ලේ බැංකුව ඇතුලතද එවැනි රුධිර කඳවුරු පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලේ බැංකුව මගින් සලසා දීලා තියනවා.

🛑ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට සුදුසු ස්ථානයක් තෝරා ගන්නේ කොහොමද? එය ඔබට පහසුම සහ රුධිර දායකයින් පහසුවෙන් ගෙන්වා ගත හැකි පොදු ස්ථානයක් විය යුතුයි. ඕනෑම අයකුට පහසුවෙන් ලඟා විය හැකි පිරිසිදු වටපිටාවක් සහිත ජල හා වැසිකිලි පහසුකම් සහිත ස්ථානයක් විය යුතුයි. එමෙන්ම වඩාත් ඉඩකඩ සහිත ස්ථිර ගොඩනැගිල්ලක් මේ සඳහා තෝරා ගත යුතුය. ඔබ තෝරා ගන්නේ ගොඩනැගිල්ලක ඉහල මහලක් නම් විදුලි සෝපාන සහිත වීම වඩාත් සුදුසු වේ. ඔබ තෝරා ගන්නා ශාලාව හොදින් ආලෝකය ලැබෙන, මනා වාතාශ්‍රයක් සහිත ඉඩ ප්‍රමාණවත් එකක් විය යුතුය.

🛑ලේ දන්දීමේ වැඩසටහනට අවශ්‍ය ඇඳන් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ලේ බැංකු කාර්යය මණ්ඩලය විසින් රැගෙන එනු ලබන අතර ඔබ විසින් කාර්යාල මේස 05ක්, රුධිර දායකයින්ට සහ කාර්යය මණ්ඩලයට ඉඳ ගැනීමට ප්‍රමාණවත් පුටු ගණනක් සපයා ගත යුතු වේ. වැදගත් අංගයක් ලෙස වායු සමීකරණය නොකරන ලද ස්ථානයක් නම් ප්‍රමාණවත් විදුලි පංකා සපයා ගත යුතු වේ. ඒ අනුව ඔබ තෝරා ගන්නා ස්ථානයට විදුලි සැපයුම තිබිය යුතු වේ.

🛑රුධිර පරිත්‍යාගශීලින්ට සුළු ආහාරයක් හා පානයක් ලබා දීම කල යුතු වේ. පාන වර්ගය තැඹිලි, කිරි වැනි සිසිල් දෙයක් නම් වඩාත් සුදුසු වේ. රුධිරය පරිත්‍යාග කිරීමට පෙර දායකයින් හට වතුර වීදුරුවක් ලබා දීමෙන් ක්ලාන්තය වැනි අපහසුතා අවම කර ගත හැකි බැවින් ඔබ ඔවුන්ට ජලය සූදානම් කර ගත යුතුය.

🛑ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පෝස්ටර් ලේ බැංකුව මඟින් ලබා ගත හැක. ඊට අමතරව හඳුනාගත් රුධිර දායකයින් ඔබට පුද්ගලිකව දැනුවත් කල හැකිය. අත් පත්‍රිකා, බැනර්, ශබ්දවාහිනී මඟින්ද ඔබට දැනුවත් කිරීම සිදු කල හැක. ඔබ භාවිත කරන නිර්මාණාත්මක ක්‍රම මඟින් සාර්ථක ජංගම රුධිර කඳවුරක් පැවැත්වීමට පුළුවන. සමාජ මාධ්‍ය භාවිතය තුලින් දැන් පුළුල් ප්‍රචාරණයක් ඔබට ලබා ගත හැක.

🛑ලේ දන්දීම සඳහා ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයේ මුල් පිටපතක් අනිවාර්යයෙන්ම රැගෙන ඒමට රුධිර දායකයින් දැනුවත් කල යුතුය. ඊට අමතරව රුධිරය දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් පිළිබඳව දායකයින් දැනුවත් කිරීමට හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ. ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වෙන්නේ පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පමණි. ඒ පිළිබඳවද දායකයින් දැනුවත්ව සිටීම ඔබ සැමට පහසුවක් වේ.

🛑ඔබගේ උපන්දින, මතක සැමරුම් වැනි විශේෂ අවස්ථා වෙනුවෙන් ඔබට ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කල හැකිය. එය උතුම් පුණ්‍ය කර්මයකි. රුධිරය යනු නිෂ්පාදනය කල හැකි දෙයක් නොවේ. එම නිසාවෙන් මෙය ජාතික වගකීමකි. මන්දයත් ඔබ රුධිරය දන් දුනහොත් පමණක් අප රටේ දහස් ගණනක් වූ රුධිර අවශ්‍යතාවයෙන් පෙලෙන රෝගීන්ට ජීවය ලැබෙන බැවිනි. ඔබට තව දුරටත් අවශ්‍ය උපදෙස් ලඟම ලේ බැංකුව ඇමතීමෙන් ලබා ගත හැකිය. දහස් ගණන් රෝගී ජීවිත සුවපත් කරන්නට ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කිරීමෙන් අප හා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ලෙස ශ්‍රී ලාංකික ඔබ සැමට අප ආරාධනා කර සිටින්නෙමු. ❤️🇱🇰

සටහන :-
සංදීප් පියුමන්ත
මහජන සෞඛ්‍ය පරීක්ෂක
ජාතික රුධිර පාරවිලයන සේවය 🇱🇰

04/03/2026

සරල ක්‍රම කිහිපයකින් ඔබේ නිවසේ මඳුරු කරදරය 100%ක්ම විසඳා ගන්නා ආකාරය. How to solve all mosquito problems in your home with few simple methods.Facebook - htt...

මදක් නැවතී සිතන්න. අපව සැබවින්ම ලස්සන කරන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් අද "සුදු වීම" පසුපස හඹා යන්නේ එය ජයග්‍රහණයේ මාවත යැයි ස...
28/02/2026

මදක් නැවතී සිතන්න. අපව සැබවින්ම ලස්සන කරන්නේ කුමක්ද?

බොහෝ දෙනෙක් අද "සුදු වීම" පසුපස හඹා යන්නේ එය ජයග්‍රහණයේ මාවත යැයි සිතමිනි. නමුත් මතක තබා ගන්න, වෙළඳපොලේ ඇති බොහෝ ක්ෂණික සුදු කිරීමේ ආලේපන තුල සැඟවී ඇත්තේ මාරාන්තික රසදිය (Mercury) ඇතුළු බැරලෝහ සහ ස්ටෙරොයිඩ් (Steroids) ය. ඒවා ඔබේ සම විනාශ කරනවා පමණක් නොව, ඔබේ වකුගඩු වලට සහ මොළයට පවා සුවකළ නොහැකි හානි සිදු කළ හැකිය. රසායනික ද්‍රව්‍යයකින් ලබාගන්නා ඒ තාවකාලික දීප්තිය ඔබේ ජීවිතයේ සදාකාලික අඳුර බවට පත්වීමට ඉඩ නොදෙන්න.

සැබෑ සුන්දරත්වය යනු කුමක්ද?

එය ඔබ සතු ආත්ම විශ්වාසයයි (Self-confidence). ඔබ කවුරුන්ද යන්න ගැන ඔබට ඇති අභිමානයයි.
එය ඔබේ මුහුණේ ඇඳෙන අව්‍යාජ සිනහවයි (Genuine Smile).
එය ලෝකය දෙස බලන කරුණාවයි (Kindness) සහ අනෙකා වෙනුවෙන් දක්වන නිහතමානී බවයි (Humility).
අපට අවශ්‍ය වන්නේ රසායනිකයෙන් සුදු වුණු මුහුණක් නොව, පිරිසිදු (Pure) හදවතකි. කෘතඥතාව (Gratitude) පිරි ජීවිතයකි. ඔබ උගත් අධ්‍යාපනය, ඔබේ හැකියාව (Ability) සහ ඔබ ඔබවම ඉදිරිපත් කරන ආකාරය තුළ ඇති ප්‍රසන්න බව (Pleasantness) ඕනෑම වර්ණයකට වඩා බලවත්ය.
සැබෑ රූපලාවන්‍යය ගොඩනැගෙන්නේ ආදරය (Love) සහ සතුට (Happiness) පිරි තැනකය. එහි ඇත්තේ නිදහසකි (Freedom). එහි ඇත්තේ සැනසීමකි (Peace). ඔබ ඔබවම අගය කරන විට, ඔබ අවට සැබෑ යහළුවන් (True Friends) සහ එකමුතුකම (Unity) ඉබේම ගොඩනැගේ.

වර්ණයකට ඔබේ වටිනාකම තීරණය කිරීමට ඉඩ නොදෙන්න.
රසායනික වහල්භාවයෙන් මිදී, ඔබේ ස්වාභාවික සුන්දරත්වයට ආදරය කරන්න.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා අප අතරින් වෙන්ව ගොස්  වසර දෙකකි...........
26/02/2026

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා අප අතරින් වෙන්ව ගොස් වසර දෙකකි...........

මේ, අපි මරණීය විස ඇතුල් කර ගන්නා එක විදියක්ද. 🤔මේ තියෙන්නේ අපේ රටේ   ගොවිතැන් කටයුතු කෙරෙන ප්රදේශවල ධාන්‍ය වර්ග වේලන ක්...
19/02/2026

මේ, අපි මරණීය විස ඇතුල් කර ගන්නා එක විදියක්ද. 🤔

මේ තියෙන්නේ අපේ රටේ ගොවිතැන් කටයුතු කෙරෙන ප්රදේශවල ධාන්‍ය වර්ග වේලන ක්රමයක්. (මෙතැනනම් මේ වේලන්නේ ඉරිඟු ඇට) එක්කෝ මේ විදියට මහා මාර්ග අයිනේ නිකම්ම පස් මත හෝ තාර පාරේ ඉරිඟු, මුං ඇට, කවුපි, රටකජු වගේ ධාන්‍ය ඇට වර්ග වේලනවා. එහෙම නැතිනම් කමත්වල වේලනවා. මේ දෙආකාරයම සෞඛ්‍යයට ඉතාම අහිතකරයි.

ඇයි එහෙම වෙන්නේ. 🤔

ධාන්‍ය වර්ග බිම මෙහෙම වේළනකොට ඇෆ්ලැටොක්සින් කියන අක්මාවෙහි තැම්පත්වන, එහෙම කාලයක් තිස්සේ තැම්පත් වෙලා පිලිකා සෑදීමට හේතුවන, උග්ර පිලිකාකාරක දූලක වලින් හෝ ඒ කිවුව දූලක නිපදවන පසෙහි ස්වභාවිකව ජීවත් වෙන ඇස්පර්ජිලස් ෆ්ලාවුස් (Aspergillus flavus) කියන දිලීරයෙන් නිසැකවම ඒවා දූෂණය වෙන්න පුලුවන්.
ඇත්ත වශයෙන්ම, මේ විදියට පොලිතීන් හෝ වෙනත් ජල රෝධක ආස්තරණයක් නොදා ඇට ධාන්‍ය වර්ග කෙලින්ම පසෙහි වියළීම ලොව පුරා පසු අස්වනු දූෂණයට ප්‍රධාන හේතුවක් විදියට තමයි සැලකෙන්නේ.

මෙහෙම අනාරක්ෂිතව ධාන්‍ය ඇට වර්ග වියලීමෙීදි ඩැමේජ් වෙච්චි, කෘමි හානිවලට ලක් වෙච්චි ධාන්‍ය වර්ග ඔය කිවුව දිලීරවලින් දූෂණය වෙන්න තියෙන හැකියාව සාමාන්‍ය ඇට වර්ගවලටත් වඩා වැඩියි. ඒ වගේම පසෙහි තෙතමනය වැඩි වීම, වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩි වීම, වැඩි කාලයක් පස හෝ මාර්ග මත මෙහෙම වේලෙන්නට තැබීම වැනි සාධක මේ අවදානම තව තවත් ඉහළ නංවනවා.

වැරදිලාවත් මෙහෙම වේලනකොට යන්තම් හරි පින්නකට වැස්සකට අහු වුනොත්නම් වැඩේ තවත් සීරියස් වෙනවා.
එහෙම තමයි මේ ගැන තියෙන විද්වත් මතය.
ලංකාවේ බොහෝ ධාන්‍ය වර්ග, ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු වර්ග සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන ඇෆ්ලටොක්ෂීන් විෂ දූලකවලින් දූෂණය වෙන්න බලපාන ප්රධානම හේතුව මේක වෙන්න පුලුවන් .
මෙහෙම වේලලා ගෝනිවල අහුරලා නිසි වාතනයක් නොමැති තෙතමනය සහිත ගබඩා වල මේවා ගබඩා කරල තිබ්බොත් ඇෆ්ලජිලර්ස් දිලීරේ තව තවත් පැටවු ගහනවා ඕසෙට.

** ඇෆ්ලටොක්ෂීන් කාලයක් තිස්සේ ශරීරගතවුනාම ඒක සෞඛ්‍ය ආබාධ කිහිපයකටම හේතු වෙනවා කියලයි කියන්නේ.

* 01. අක්මා පිළිකා (Hepatocellular Carcinoma): කාලයක් තිස්සේ නිරාවරණය වුනාම අක්මා පිළිකා සඳහා ප්‍රධාන හේතුවක් වෙනව කියල කියැවෙනවා. 5
* 02. උග්‍ර ඇෆ්ලටොක්සිකෝසිස් තත්වය (Acute Aflatoxicosis) ඉහළ මට්ටම්වලින් ශරීරගත වීම සිදු වුවහොත් වේගයෙන් අක්මාවට හානි කරනවා. එහෙම වුනොත් සෙංගමාලය, ඔක්කාරය, වමනය, උදර වේදනාව සහ සමහර විට මරණය පවා ඇති වෙන්න පුලුවන් කියලයි කියැවෙන්නේ.
03.* දිගු කාලයක් තිස්සේ අඩු මට්ටමකින් (law level ) ඇෆ්ලටොක්ෂීන් විස දූලකවලට නිරාවරණය වුනාම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නටත්, ළමයින්ගේ වර්ධනය අඩාල වෙන්නටත් (immune system suppression and impaired growth ) (මිටි වීම) බලපානවා කියල කියැවෙනවා.
- ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .


12/02/2026
අනන්ත දුක් වේදනා මැද විසල් කැප කිරීම් කර සුරියවැව ගොඩනැගිමට දායක වු පුරෝගාමීන්ටත් රාජකාරියට එහා ගොස් විශිෂ්ට සේවාවක් ඉටු...
27/01/2026

අනන්ත දුක් වේදනා මැද විසල් කැප කිරීම් කර සුරියවැව ගොඩනැගිමට දායක වු පුරෝගාමීන්ටත් රාජකාරියට එහා ගොස් විශිෂ්ට සේවාවක් ඉටු කල නිලධාරීන්ට ත් සම්මාන ප්‍රධානය කිරිමේ උත්සවයක් *"සූරිය පත්ම සම්මාන - 2026"* නමින් 2026-01-22 වන දින සුරියවැව නගර ශාලාවේ දි පවත්වන ලදී.එම උත්සවය සංවිධානය කර තිබුනේ *"සුරියවැව එක්සත් වෙළඳ සංගමය"* මගිනි.
සුරිය ශක්ති, සුරිය ප්‍රදීප සහ සුරිය පත්ම ලෙස කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්‍රධානය කරන ලදි.මෙහි විශේෂත්වය වන්නේ සුරිය පත්ම සම්මානය ජිවිතයේ එක්වරක් පමණක් යම් අයෙකුට ප්‍රධානය කිරීමයි.
විශිෂ්ට සේවාවක් ඉටු කල රජයේ නිලධාරීවරයෙකු වූ විශ්‍රමලත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක (සුරියවැව) නිමල් සේනාරත්න මහතා මේ අවස්ථාවේදී සුරිය පත්ම සම්මානයෙන් පිදුම් ලැබුවේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුගේ නමින් නම් කරන ලද එකම මාවත සූරියවැව *මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් සේනානායක* මාවත....නම් විය

මෙම උත්සවය පලාත්සභා සහ පලාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මැතිතුමාගේ , හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලපත්ති මැතිතුමාගේ , ඉන්දියානු කොන්සියුල් ජෙනරාල් හර්වින්දර් සින් ( හම්බන්තොට ) මැතිතුමාගේ , සෞදි අරාබි රාජ්‍යයේ හිටපු තනාපති වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපති අස්මිතාසිං මැතිතුමගේ, වර්තමාන වාණිජ මණ්ඩලයේ සභාපති අසේල මනිමේන්දර් මැතිතුමාගේ සහ සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික තුෂාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

2026-01-16 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  උප කුලපති තුමන් සමග පැවති සාකච්චාව.විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවන් හි සෞඛ්‍...
17/01/2026

2026-01-16 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති තුමන් සමග පැවති සාකච්චාව.
විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවන් හි සෞඛ්‍ය ආරාක්ශිත ආහාර ලබාදීම.
විශ්වවිද්‍යාලය තුල නිසි ඩෙංගු මර්දන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම.
විශ්වවිද්‍යාලය තුල පරිසර කළමනාකරණය පිලිබදව මෙහිදි සාකච්චා කෙරුණි.

ටොපියේ පැටිකිරිය . 🤔   ටොෆි වර්ග මිළදී ගන්නකොට ⁣පොඩ්ඩක් ඒකේ ලේබලය කියවලා බලන්න පුරුදු වෙන්න. මේ තියෙන්නේ ටොෆී වර්ගයක ලේබ...
13/01/2026

ටොපියේ පැටිකිරිය . 🤔
ටොෆි වර්ග මිළදී ගන්නකොට ⁣පොඩ්ඩක් ඒකේ ලේබලය කියවලා බලන්න පුරුදු වෙන්න.
මේ තියෙන්නේ ටොෆී වර්ගයක ලේබලයේ අඩංගු සීනි, ලුණු හා මේද ප්රමාණයන් වර්ණ සංඛේත ක්රමයෙන් දැක්වෙන විදියට සීනි හා ලුණු අන්තර්ගත වෙන ප්රමාණය.
මේ ටොෆියේ බරෙන් සියයට 99.5ක්ම තියෙන්නේ තනිකරම සීනි. ඒකට ලුණු 0.17ත් එකතු වුනාම 99.67ක් ම සීනියි ලුණුයි.
සාමාන්‍යයෙන් ටොෆියක බර ග්රෑම් 3 ක් 5ක් විතර වෙනවා. එතකොට එක ටොෆියකින් ආසන්න වශයෙන් සීනි ග්රෑම් 4ක් විතර ශරීරගත වෙනවා.
පොඩි දරුවෙකුට දවසකට ටොෆී 5ක් කන්න දුන්නොත් වෙන කෑම බීමවලින් ඇඟට යන සීනිවලට අමතරව සීනි ග්රෑම් ⁣20ක් විතර ටොෆිවලින් විතරක් ඇඟට යනවා. මේක අවදානම් සහගත තත්වයක්.
" දරුවන්ට පැණි රස කෑම දෙන එක සීමා කරන්න." දෙනවනම් "කුඩා ප්රමාණයක් ප්රධාන ආහාර වේලකට පස්සේ දෙන්න" වගේ සෞඛ්‍ය පනිවුඩ සෞඛ්‍ය සේවකයින් දෙමවුපියන්ට ලබා දෙන්නේ මේ කිවුව කාරණා නිසා කියලත් හිතේ තියා ගත්තොත් හොඳා.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

🔰 මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)ගේ රාජකාරි හා උත්සව සනීපාරක්ෂාව🧑‍⚕️ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)ගේ ප්‍රධාන රාජකාරිමහජනතාවගේ සෞඛ්...
12/01/2026

🔰 මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)ගේ රාජකාරි හා උත්සව සනීපාරක්ෂාව
🧑‍⚕️ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)ගේ ප්‍රධාන රාජකාරි

මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා රෝග වැළැක්වීම

ආහාර සනීපාරක්ෂාව නිරීක්ෂණය කිරීම (Food Safety)

ජල හා පරිසර සනීපාරක්ෂාව පරීක්ෂා කිරීම

බෝවන රෝග (ඩෙන්ගු, ලෙප්ටොස්පයිරෝසිස්, අතීසාර ආදී) පාලනය

මහජන දැනුවත් කිරීම හා සෞඛ්‍ය අධ්‍යාපනය

මහජන සෞඛ්‍ය නීති හා නියෝග ක්‍රියාත්මක කිරීම

🎉 උත්සව සනීපාරක්ෂාව සම්බන්ධයෙන් PHIගේ විශේෂ රාජකාරි
🔹 උත්සවයට පෙර

උත්සව භූමිය පරීක්ෂා කර සනීපාරක්ෂා අවදානම් හඳුනාගැනීම

ආහාර වෙළඳ කුටි, ජල මූලාශ්‍ර, වැසිකිලි පහසුකම් අනුමත කිරීම

උත්සව සංවිධායකයින්ට සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදීම

🔹 උත්සවය පැවැත්වෙන අතරතුර

ආහාර පිසීම හා විකිණීම නිතර නිරීක්ෂණය

ආහාර හසුරුවන පුද්ගලයින්ගේ පිරිසිදුකම පරීක්ෂා කිරීම

කසල කළමනාකරණය, වැසිකිලි හා අත් සෝදන ස්ථාන පිරිසිදු බව නිරීක්ෂණය

රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම

🔹 උත්සවයෙන් පසු

කසල නිසි ලෙස ඉවත් කර ඇතිද යන්න පරීක්ෂා කිරීම

ජලය රැඳී සිටින ස්ථාන ඉවත් කර ඩෙන්ගු අවදානම වැළැක්වීම

අවශ්‍ය නම් වාර්තා සකස් කර MOH කාර්යාලයට ඉදිරිපත් කිරීම

✅ උත්සව සනීපාරක්ෂාව වැදගත් වන්නේ ඇයි?

ආහාර විෂබීජ හා බෝවන රෝග වැළැක්වීමට

මහජන සෞඛ්‍ය අවදානම් අවම කිරීමට

උත්සවය සාර්ථක හා ආරක්ෂිතව පැවැත්වීමට

මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ (PHI) කාර්යභාරය, උත්සවයකදී මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, මහජනතාවගේ සහ සංවිධායකයින්ගේ සහයෝගයද ඒ සඳහා ඉතා වැදගත් වේ.


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න:

Share