23/03/2026
සමහර හෝටල්වල කෑම හදන මක බාස්ලගේ වස පැටිකිරිය. 🤔😡
කෑම බීමවලට දාන්න අපේ රටේ අනුමත කරල තියෙන කෘත්‍රිම වර්ණක වර්ග යුරෝපා රටවල්වල අපට වඩා තද නියාමනයන්ට යටත් කර තිබෙන බවත්, ඒ රටවල්වල කෘත්‍රිම වර්ණක වෙනුවට ස්වභාවික ආහාර වර්ණක භාවිතය ප්රවර්ධනය කෙරෙමින් තිබෙන බවත්, අපේ රටේ අනුමත කරල තියෙන සුලබව භාවිත කෙරෙන සමහර වර්ණක ඇතැම් රටවල්වල තහනම් කරල තියෙන බවත් අපි දනිමු.
කොයික කොහොම වුනත් මේ කෘත්‍රිම ආහාර වර්ණක අධිභාවිතය සහ අවභාවිතය මිනිස් සිරුරට හානිකර බැවින් ලොව පුරාම මේවා ආහාරවලට දාන්න පුළුවන් උපරිම මාත්‍රාවන් නිර්දේශ කරල, නීති ගත කරල තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිම ආහාර වර්ණක අධික වශයෙන් පරිභෝජනය කොහොමටත් හානිකරයි.
Approved food colorings must adhere to strict, regulation-specific limits. Generally, synthetic colors are limited to low concentrations (e.g. 50 - 250 ppm)
හුඟක් රටවල්වල නීති රෙගුලාසි වලට අනුව මේ වර්ණක දාන්න පුළුවන් ඩෝස් එක ආහාර කොටස් මිලියනයකට වර්ණකයේ කොටස් 50ත් 250ත් අතර ප්රමාණයක්. (සමහර වර්ණකවලට අඩු ppm අගයකුත් සමහර වර්ණක වලට වැඩි (250ppm) ppm අගයකුත් තීරණය කරල තියෙනවා. )
ශ්‍රී ලංකාවේ මේ අගය ඕනෑම වර්ණකයක් සඳහා 100ppm යි. ඒ කියන්නේ ද්රව , අර්ධ ගණ හෝ ගණ ආහාර ලීටර් හෝ කිලෝ ග්රෑම් 1කට වර්ණක මිලි ග්රෑම් 100යි (උපරිම) මේ සීමාව ඉක්මවන්න බෑ. මේක තමයි කට් ඕෆ් එක.
දැන් අපි අපේ රටේ හෝටල් රෙස්ටොරන්ට් වල කෑමවලට ඩයි දාන ඩෝස් එක ගැන අදහසකට එමු. 🤔
හෝටල්, කෑමකඩවල කහ බත්, බිරියානි, චිකන්, බැඳපු මාළු, කොත්තු, ඩෙවල්, සම්බෝල, හොදි වෑංජන, සාම්බාරු හොද්ද, පැටිස්, රෝල්ස්, සමෝසා... ආදී බොහෝ කෑම වර්ගවලට මේ සින්තටික් ඩයි වර්ග දානවා. මේවා දාන කුක්ලා නොහොත් බාසුන්නෑහෙලාට මේවායේ මාත්‍රාව හෝ හානිකරභාවය ගැන වගේ වගක් නෑ. (මෙහෙම කෑමක් කාලා දවසක් දෙකක් විතර යනකල් අත්ලේ, ඇඟිලිවල, නියපොතු යට මේ ඩයි පැල්ලම් රැඳිලා තියෙනවා හේදුවාට යන්නේ නෑ.) මේ ඩයි වර්ග එන්නේ ග්රෑම් 500 ටින් (ඩප්පි) විදියටයි.
සාමාන්‍ය ප්රමාණයේ නාගරික අවන්හලක මාසෙකට මේ ජාතියේ ඇසුරුම් හතරක් විතර යනවා. ඒ කියන්නේ ඩයි කිලෝ 2ක් විතර. රටේ නීතියට අනුව සෞඛ්‍යයට හානිකර නොවන උපරිම මාත්රාව (ෂේෆ් ඩෝස් එක) කෑම වලට දැම්මොත් වැඩේ වෙන්න ඕන මෙහෙමයි,
ආහාර කිලෝ ග්රෑම් එකකට ඩයි මිලිග්‍රෑම් 100යි, ආහාර කිලෝ 10කට ඩයි ග්රෑම් 1යි, ආහාර කිලෝ ග්රෑම් 10,000කට ඩයි කිලෝ ග්රෑම් 1ක් යනවා. එතකොට ඩයි කිලෝ 2න් මේ හෝටල, අවන්හල ආහාර කිලෝ ග්රෑම් විසි දාහක් (20,000) මාසෙකදී නිෂ්පාදනය කරනවා.
එක කිලෝවකින් ශුද්ධ ලාභය අවම , රුපියල් 100ක් විදියට ගණන් හැදුවෙත් ආහාර කිලෝ 20,000න් ලාභය රුපියල් 20,000 ×100 = 2,000,000 ක් වෙනවා. ඒ කියන්නේ මිලියන් දෙකක ලාභයක්. (මේ ලාභය එන්නේ ඩයි දාලා හදන කෑමවලින් විතරයි. වෙන ආහාර වර්ග විකිණීමෙනුත් මුඳලාලිට ලාභ එනවා.)
මගේ තර්කය මේකයි.
මුඳලාලි නියමිත ඩෝස් එකට සින්තටික් ෆුඩ් ඩයි වර්ග භාවිත කරනවානම්, මුඳලාලිම කිවුව විදියට මාසෙකට යන ඩයි ටින් ගාණට අනුව මෙච්චර ලාභයක් එන්න ඕන. මුඳලාලි මාසෙකට ලැබෙන ශුද්ධ ලාභය රු ලක්ෂ 5යි කියල කියනවානම්, මාසෙකදී යූස් වෙන්න ඕන වෙන්නේ ග්රෑම් 500 ඩයි ටිං එකයි.
ඩයි ටිං 4ක්, ඒ කියන්නේ කිලෝ 2ක් මාසෙකට යනවානම් එක්කෝ මුඳලාලිගේ හෝටලයේ ශුද්ධ අවම ලාභය රු මිලියන දෙකක් වෙන්න ඕන . එහෙම නැතිනම් මුඳලාලිගේ හෝටලයේ කෑම හදන මක බාසලා කෑමවලට ඩයි දාන්නේ හරියට ගොවියෝ කුඹුරට යූරියා ගහනවා වගේ ය. ඒ කියන්නේ, අනුමත ඩෝස් එක තීරණය කරල ගැසට් ගහපු, ගැසට් එකට අනුව වැඩේ වෙනවාද කියල හොයල බලන්න හරි හමං සිස්ටම් එකක් හදල නැති බලධාරීන්ට බම්බු ගහ ගනිං කියල ඩෝස් එක ඩබල් ට්රිබල් කරල කන එවුන්ට අබ සරණ වෙන්ටම මේ මක බාසලා ලංකාවේ කඩ කෑමවලට වහ දමමින් සිටින්නේය.
🤔🤔🤔🤔
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක