02/03/2021
ආඝාතය ලිපියේ දෙවෙනි කොටස; අපි අද කතා කරන්නේ ආඝාතයට හේතුවන සාධක, මෙය ඇතිවන බවට සරලව හදුනාගත හැකි ආකාරය පිලිබදව හා මෙයට වැදගත්වන සෞඛ්‍ය වෘත්තීකයින් කවුද යන්නයි.
මේ සදහා බලපාන සාධක ලෙස අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් ඒ වගේම ජිවිතයේ ඇති වැරදි පුරුදු බලපායි.(අධික තරබාරුව, දුම්පානය, අධික මත්පැන් පානය). ආඝාතය සරලවම හදුනාගත හැකි අකාරය පහත රුපයෙන් මනාව පැහැදිලි වේ එසේම මෙවැනි ලක්ෂණ ඔබට ඇත්නම් ඔබ සිදු කළ යුත්තේ හැකි ඉක්මනින් ළගම පහසුකම් ඇති රෝහලකට යැමය. ආඝාතය ඇති විමෙන් පසුව රෝගියාට ශරිරයේ එක් පැත්තක් අප්‍රාණික විම (Paralysis), ආහාර ගිලිමේ අපහසුතාව (Swallowing Difficulty), අදහස් ප්‍රකාශ කිරිමේ (Expression) හා තේරුම් ගැනිමේ (Comprehension) අපහසුතාව වැනි සංකුලතා මෙන්ම තවත් බොහෝ අපහසුතා ඇතිවිමට පුලුවන එය රදාපවතිනුයේ මොළය තුල ඇති වන තුවාලයේ ප්‍රමාණය(Size of the Lesion) සහ එය සිදුවන ස්ථානය(Location of the Lesion) අනුවය. මෙය CT scan, MRI scan එකක් තුලින් මනාව හදුනාගත හැකිය. ආඝාතය සදහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන්නේ විවිධ වෘත්තීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මගිනි මේ සදහා ස්නායු රෝග විශේෂඥ වෙද්‍යවරුන් , වෙද්‍යවරුන්, හෙදියන්, භෞතික චිකිත්සකවරුන්, කථන හා භාෂා චිකිත්සකවරුන් සහ තවත් වෘත්තීකයින් මේ සදහා දායකත්වය දක්වයි. මෙය වැදගත් යැයි ඔබට සිතෙනවා නම් ඔබේ යාලුවන්ටත් බලන්න හැකිපමණ Share කරන්න. ඔබගේ හෝ අන් අයගේ group සදහා copy, paste කිරිමෙන් වලකින ලෙස කාරැණිකව ඉල්ලනවා.