06/12/2025
ගංවතුර ආපදාව හින්දා ලඟාවෙන්න බැරි තැන්වලට ඉන්දියාවේ හමුදාවෙන් ගෙනත් හයි කරපු Bailey Bridges කියන්නේ මොනවද?
අපේ ගංවතුර ආපදාව හින්දා ලඟාවෙන්න බැරි තැන්වලට ඉන්දියාවේ ආමි එකේ භාවිතා කරන Bailey Bridges ගෙනත් හයි කරනවා කියලා ප්‍රවෘත්තියක් දැක්කා,
ඒක ඇත්තද බොරුද මම දන්නේ නෑ.
ඒක ඇත්ත වුණත් බොරු වුණත් එව්වාමෙව්වා කෙසේ වුණත් මම තාරුගේ සිද්ධි එකේ එක්ලක්ශ හයදාහක ආදරණීය විදුලිපංකාවරුන්ට කියන්න බැලුවා මේ බේලි බ්‍රිජ්ස් ගැන මම දන්නදේ,
මේක මම ඔවාලට කියන්නේ ඒවා එහේ ගහද්දී මට ආව ඇඟේ අමාරුවත් එක්කම,
ඉතින් මේ පාලම් අපේ ආමි එකෙත් තියනවා මම දන්න විදිහට,
මේවා ඉන්දියාවේ භාවිතා කරන්නේ ආමි එක යුද්ධ වලදි එයාලට හම්බෙන බාධක වලින් එතෙර වන්න ක්ශණිකව ඉදිකෙරෙන පාලම් විදිහට,
ආ...අපේ ක්‍රිශ්ණලාගේ යුනිට් වලින් ඒවා කරන්නේ,
කම්බැට් ඉංජිනියර්ස්ලා හොඳේ,
ඉතින් ඒ වගේම ඒ පාලම් එයාලා පැය ගානෙන් හයි කරලා තමන්ගේ වාහන ගමන් කරවලා ඒ ගඟ හරි බාධකය හරි වෙතින් ආයේ ඒවා ගලවලා බඩා පාවෝ එකක් කලා චායි එකක් ගහලා ආයේ පැය ගානෙන් ගලවලා පැක් කරගෙන යනවා ආපහු තමන්ගේ වාහන වලම ආයේ ඉස්සරහාදී බාධකයක් ආවොත් ආයේ ගහන්න බලාගෙන,
"චල්දි කරෝ සභාබ්"
කියාගෙන,
ඒ වගේම යුද්ධයක් නැති මේ කාලේ ප්‍රධාන වශයෙන් එයාලා මේක භාවිතා කරන්නේ ගංවතුර නායයාම් වගෙ ස්වභාවික ආපදාවලදී මහජනතාවට පිහිට වෙන්න,
මේකේ තියනවා ප්‍රධාන වශයෙන් යකඩ ෆ්‍රේම්ස්, මේන් බාර්, රෝලර්, ඩෙක් ප්ලෙට්ස්, පාලම තල්ලු කරද්දී එහා ඉවුරේ මුලින්ම ගිහින් වදින නෝස් එක.
මේ ඔක්කොටම වෙන වෙනම කැල්කියුලේශන්ස් තියනවා.
මම ඉන්දියාවෙ ඉද්දී ඒ වගේ අවස්ථාවකදී මේ පාලම් ගහන වැඩ වලට මටත් සහභාගී වෙන්න ලැබුණා (උස්සපු බර යකඩ මතක් වෙද්දී තාම උරහිස කකියනවා),
ඒ ටොන් ගනන් බර යකඩ කඳන් තනිකර මිනිස් ශ්‍රමයෙන් කරේ අදින්න තමයි පුරුදු පුහුණු වෙන්නේ,
මම ඒත් ඒ කාලේ කල්පනා කලා මොනෞත්තක්ද මේ කරන්නේ යන්න බැරිනම් හෙලිකොප්ටරෙන් යනවානේ කියලා,
ඒත් ලංකාවේ අපිට හෙලිකොප්ටර් සීමිතයි සහ හෙලිකොප්ටරෙන් යන්න බැරි තැන් වලට යන්න අපි මුතුගල සර්ලා නෙවෙයිනේ,
අනික ඒ පාලමේ කොටස් අදින්න මිනිස් ශ්‍රමයම භාවිතා කරන්නේ ඒ වගේ දරුණු අවස්ථාවල යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් ඒවා කරන්න බැරි හින්දා,
එකක් යන්ත්‍ර සූත්‍රවලට යන්න බෑ,
අනික යුද්ධේකදීනම්,
"බ්‍රෑම්...බෲම්....පීක්..."
ගාලා සද්දේ එනවානේ,
ඒ සද්දේ ආවාම පක්කෝ ගහලා තියෙයි,
"ඩිශුම් ඩිශුම්.."
ගාලා...
ඔන්න එහෙනම් ආයේ සීරියස් වෙනවා මම,
ඉතින් අහන්නකෝ,
මේකේ ප්‍රධාන මෙතඩ් එක තමයි මේ පාලමේ කොටසක් එක ඉවුරක රෝලර් මත හදලා ඒ ටිකට බර දාලා ඒක ටික ටික ගඟ හරහා තල්ලු කිරීම,
එතකොට ගොඩබිම තියන කොටසේ බරවැඩි හින්දා පාතට වැටෙන්නේ නෑ පාලමේ ගඟ හරහා යන කොටස,
ඒ බර ගන්න මෙයාලා ක්‍රම කීපයක් භාවිතා කරනවා,
1. ඉවුරේ ඉඩ තියනවානම් පාලමේ කොටස් කිහිපයක් ගොඩබිමින් සම්බන්ද කිරීම.
2. ඉඩ නැත්නම් විශාල බර සහිත යකඩ බාර් ඉවුරේ ඇති කොටස මත තැබීම (නොපතන් ඒ බාර් වල බර).
3. එසේ යකඩ බාර්ද නොමැතිනම් ආමර්ඩ් කාර් එකක් ඉවුරේ ඇති සැකිල්ලේ තැබීම.
මේක 1940 වගේ එක්සත් රාජධානි හමුදාවන් තමයි හොයාගෙන තියෙන්නේ,
දෙවනි ලෝක යුද්ධේදී හමුදාවේ වැඩ කරන ලද ඩොනල්ඩ් බේලි කියන සිවිල් සේවකයා විසින් තමයි මෙය හොයාගෙන තියෙන්නේ.
ඔහුට කරන ගෞරවයක් වශයෙන් තමයි ඔහුගේ නම දාලා තියෙන්නේ.
විශේෂයෙන් කියන්ටෝනේ මේ මම ගත්ත ෆොටෝ දෙකක් වගේම තාරුගේ සිද්ධි වලින් මේ වගේ වැදගත් දේවලුත් ගේනවා (කලාතුරකින් ඈ).