Sawasthayur

Sawasthayur life and longevity

04/10/2025

👉 #කාටිලේජ_ගෙවීයාමට_නිවසේදීම_අත්හඳා_බලන්න👈

👉වයසින් වැඩිවීමත් සමඟම කාටිලේජ ගෙවීයාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අද ඉතා සුලබව පීඩා ගෙන දෙන කාරණයකි.

👉කාටිලේජ යනු අස්ථි අතර සන්ධානයේදී අස්ථි එකිනෙක ගැටීම ඇතිල්ලීම වළක්වන ඉතාම නම්‍යශීලී , මෘදු Chondrocytes නම් සෛල විශේෂයකින් නිමවූ ජල්ලිමය ද්‍රව්‍යයකි. විශේෂ වූ සන්ධාරක පටකයකි.

👉වයසට යාමත් සමඟ නිතර චලනයේ යෙඳන දණිස්, උරහිස්, වැලමිට, මැණික්කටු, ගෙල,කශේරුකාව, ඇගිලි පුරුක් අතර කාටිලේජ ක්ෂය වීමත් සමඟ එම ප්‍රදේශ වල චලනය කිරීමේ අපහසුවක්, වේදනාවක්, හිරිවැටීමක්, ශබ්ද ඇතිවීම ආදිය ඇති වීමට ආරම්භ වේ.

👉ඒවගෙම ඔස්ටියෝපොරෝසිස් , ඔස්ටියෝ ආතරයිටීස් වැනි සන්ධිගත රෝග ඇති වූ විට කාටිලේජ සාමාන්‍යයෙන් ක්ෂයවීමට ගත වන කාලයට වඩා කිහිප ගුණයක් වේගයෙන් එම කාටිලේජ ක්ෂය වී යයි.

👉ඉතින් අද අපි අවදානය යොමුකරන්නේ නිවසේදීම කාටිලේජ වර්ධනය කරගැනීමට අපට කළ හැකි ප්‍රතිකාර කිහිපයක් පිළිබඳවය...😇

💪 #එළඟි_තෙල්

⚱පොල් තෙල්, එළවළු තෙල් වෙනුවට අහාරයට එකතු කරගන්නා තෙල් අතරට ඔලිව් තෙල්, එළඟිතෙල් එක් කරගන්න. මුල් කාලයේදී ඔබට ආහාර රසයට මඳක් හුරු වීමට අපහසු වුවඳ කාලයත් සමඟ එළඟි තෙල් සමග සැකසිය හාකි ආහාර වට්ටෝරු රාශියක් ඔබට හඳුනා ගන්න පුළුවන්.

⚱ සන්ධි වේඳනා අති පෙදෙස උණු වතුරෙන් හෝ වාෂ්ප ආධාරයෙන් උණුසුම් කර මඳක් රත් කරගත එළඟි තෙල් ඒ මත ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. උදෑසන සහ නින්දට පෙර මෙය සිඳු කිරීම වඩා සුඳුසු ය.

⚱කාටිලේජ වර්ධනයට උපකාරී වන පෝෂක සංඝටක රැසකින් එළඟි තෙල් අනූනය.

#හොඬපොර_පත්තුව

🍊හොඬපොර ගසේ ගෙඩි කිහිපයක් ගෙන උතුරන වතුරට දමා විනාඩි දෙකක් පමණ තිබෙන්නට හැර පිටතගෙන උණු වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. නැතිනම් පල්පයක් වන අකාරයට අඹරා ගන්න.

🍊ඉන් පසු පිරිසිදු කපු රෙඳි කබැල්ලක් මත එය ආලේප කර වේඳනාව සහිත ස්ථානයේ බඳින්න. යුෂ අදාළ ස්ථානය උරා ගැනීමත් සමඟ පල්පය වියළි යාමෙන් වළක්වා ගැනීමට වරින් වර මතුපිටට ජලය ඉසින්න.

🍊හැකි තරම් වේලාවක් එම ආලේපය තිබෙන්නට හැර එය ඉවත් කර පසු එම ස්ථානය මඳ රස්නය සහිත ජලයෙන් සෝඳා හරින්න.

💪 #බණ්ඩක්කා

🌵බණ්ඩක්කා වල ස්වාභවයෙන්ම ඇති ලිහිසිමය ස්වභාවය කාටිලේජ වර්ධනය උත්තේජනය කරනවා මෙන්ම කාටිලේජ පෝෂණය ද කරයි.

🌵බණ්ඩක්කා ව්‍යංජන ලෙස ආහාරයට ගැනීමත් සුඳුසු ය. ඒ අතර වඩා හොඳ ක්‍රමයක් නම හොඳින් සෝඳා ගත් බණ්ඩක්කා කරල පිටින් බත තැම්බෙද්දී එම වාෂ්පයෙන් තැම්බෙන්නට තබා ආහාරයට ගැනීමය. එහිඳී බණ්ඩක්කා කරල පිටින්ම භාගෙට තම්බා ආහාරයට ගැනීම වඩා සුඳුසුය

🌵තව ද සුප් එකක් අකාරයට තවත් එළවලු කිහිපයක් සමඟ එක් කොට සකසා අහාරයට ගැනීමත් වඩා සුඳුසුය.

💪 #කැරන්_කොකු/ #බරු_කොකු

🍃මේවානම් ගැමියන් අතර ඉතා ප්‍රසිද්ධ අහාරයකි. මෙහිදී අතු බවට පත් වන රෝල් වූ රතු-දම් පැහැ ළපටි කොටස ආහාරයට ගනු ලබයි.

🍃මෙමගින් කාටිලේජ වර්ධනය ,පෝෂණය මෙන්ම ඔස්ටියෝපොරෝසිස්, ඔස්ටියෝ ආතරයිටීස් වැනි රෝග වලටත් සහනය සලසයි.

🍃 මෙම බැර කොකු ගෙන මඳක් කුඩාවට කපාගන්න. අතින් කඩා ගන්නත් පුළුවන්.ඉන් පසු එයට රතු ළූණු, ගම්මිරිස් ,ලුණු ස්වල්පයක් ද ක්මතිනම් පොල් ස්වල්පයක් ද එක් කර විනාඩි කිහිපයක් මඳ ගින්නෙන් මලවා ගෙන ආහරයට ගන්න.

💪 #මෝස්_ජෙලි

🍮මෝස් ජෙලි වල අඩංගු වන්නේ මුහුඳු පැළෑටිවල අඩංගු ජෙලි වර්ඟය. ඕනෑම සුපිරි වෙළඳ සැලකින් මේවා මිළදී ගත හැක. අතුරුපසක් අකාරයට ආහාරයට ගත හැක.

🍮හොඳින් සෝඳා ගෙන රාත්‍රියේ වතුරට දමා රැයක් පුරා පෙඟෙන්නට හරින්න. ඉන් පසු ඒ වතුරෙන්ම යාන්තම් උතුරනතෙක් පැය කිහිපයක් තැම්බෙන්න ට දී (අවශ්‍යනම් තවත් වතුර එක් කරගන්න.) ලෝහ පෙරහනයකින් පෙරා ගන්න.

🍮ඉන්පසු සීමි සහ දෙහි රස අනුව එක්කර අවශ්‍ය නම් වර්ණකාරකයක් ද යොඳා ශීතකරණයේ තබා අහාරයට ගන්න.

💪 #කෙසෙල්_යුෂ_පොට්ටනිය

🍌හොඳට ඉඳුණු ඇඹුල් කෙසෙල් වල නටු සහ පොතු වතුර එක් කර පල්ප් එකක් වනතුරු කොටාගන්න./බ්ලෙන්ඩර් කරගන්න.

🍌ඉන්පසු කපු රෙඳි කැබැල්ල්ලක පොට්ටනි ආකාරයට සකසා ගෙන වේදනා ගෙනෙන ස්ථානයේ බඳින්න. පැය කිහිපයකින්
යුෂ හොඳින් උරා ගත් පසු එය ඉවත් කර මඳ රස්නය සහිත වතුරෙන් සෝඳන්න.

👉අපි මීට පෙර ලිපි වල සඳහන් කරන ලඳ #කැහිපිත්තන් ජෙල් ඳ කාටිලේජ වර්ධනය කිරීමට උපඅකාරී වේ.

👉තෙල් , සීනි, පිටි,ලුණු අධික අහාරයන්ගෙන් ඈත් වන්න. එමෙන්ම සැකසූ මස් වර්ඟ (සොසේජස්, මීට් බෝලිස්) අහාරයෙන් වළකින්න.

👉වියපත් වීමේඳී එකම තැන රැඳෙමින් කාලය ගත කිරීමට වඩ මඳක් ඇවිඳීමෙන් සුදුසු ව්‍යායාම වල යෙඳීමත් මීට වැදගත්...

සටහන: කවී යහතුගොඩ
වෛද්‍ය ශිෂ්‍යා
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.
Visit to Like my Page-https://www.facebook.com/123806635686166?

දරුවෙකුගේ ජීවිත කාලයටම බලපාන වළක්වාගත හැකි ඛේදවාචකයක් වූ 🚫🚫🚫    🚫මෙය Abusive Head Trauma - (AHT) ලෙසද හඳුන්වනු ලබන අතර, ...
01/10/2025

දරුවෙකුගේ ජීවිත කාලයටම බලපාන වළක්වාගත හැකි ඛේදවාචකයක් වූ
🚫🚫🚫

🚫මෙය Abusive Head Trauma - (AHT) ලෙසද හඳුන්වනු ලබන අතර, එය ළමා අපචාරයන්ගේ වඩාත්ම විනාශකාරී හා වළක්වාගත හැකි ආකාරවලින් එකකි.

🚫එය ඇතිවන්නේ බිළිඳෙකු හෝ කුඩා දරුවෙකු ප්‍රචණ්ඩ ලෙස සෙලවීමෙනි. එය බොහෝ විට ස්ථිර ස්නායු හානිවලට හෝ මරණයට හේතු වේ.

🚫​SBS සිදුවීම් බොහොමයක් කල්තියා සැලසුම් කරන ලද ඒවා නොවේ. බොහෝ විට සිදුවන්නේ අධික ආතතිය, කෝපය හෝ වෙහෙසට පත් වූ දෙමව්පියෙකු හෝ රැකබලා ගන්නෙකු දරුවාගේ නොනවත්වා හැඬීම නිසා පාලනය කරගත නොහැකි වූ විටය.

🚫​බිළිඳෙකු සෙලවීමේදී සිදුවන්නේ කුමක්ද?

​ ❌බිළිඳෙකුගේ ගෙල මාංශ පේශි නොදියුණු අතර ඔවුන්ගේ හිසට ප්‍රමාණවත් ලෙස ආධාර කිරීමට ගෙල පේ්ශීන්ට නොහැක.

❌එමෙන්ම බිළිඳෙකුගේ හිස ඔවුන්ගේ කුඩා ශරීරයට සාපේක්ෂව අසමාන ලෙස විශාල හා බරය.

❌​ඔවුන්ගේ මොළයේ පටක වැඩිහිටියෙකුගේ මොළයට වඩා මෘදු හා තුවාල වීමට වැඩි අවදානමක් ඇත.
මේ ⁣හේතූන් නිසා ​බිළිඳෙකු ප්‍රචණ්ඩ ලෙස සෙලවීමේදී, ඔවුන්ගේ හිස වේගයෙන් ඉදිරියට සහ පසුපසට පැද්දීමෙන්.මොළය හිස් කබල තුළ ගැටීමෙන් හෝ භ්‍රමණය වීමෙන් පහත දේ සිදු වේ.

❌පටක ​තුවාල වීම, ඉදිමීම සහ ලේ ගැලීම (Hemorrhages).

❌මොළයේ රුධිර වාහිනී සහ ස්නායු ඉරී යාමෙන් ලේ ගැලීම.

❌​ඔක්සිජන් ඌනතාවය.

❌​වෙනත් තුවාල: (සෙලවීමෙන් ගෙල, කොඳු ඇට පෙළ, ඇස් (දෘෂ්ටි විතානයේ ලේ ගැලීම - retinal hemorrhages) මෙන්ම ඉළ ඇට සහ අනෙකුත් අස්ථිවලට ද හානි සිදු විය හැක.)

මේ හේතුන් නිසා SBS තත්වයක් ඇති විය හැක.

🚫​ #රෝග_ලක්ෂණ සහ #දිගුකාලීන_බලපෑම්.

🚫​සමහර අවස්ථාවලදී, බාහිරව තුවාල වල පැහැදිලි සලකුණු නොපෙන්විය හැකිය.

🚫කෙසේ වෙතත්, ප්‍රචණ්ඩ ලෙස සෙලවීමට ලක් වූ බිළිඳෙකු ක්ෂණික හා බරපතල #රෝග_ලක්ෂණ පෙන්විය හැක.

❌​අධික කලබලකාරී බව හෝ කෝපය.

❌​දිගු වේලාවක් අවදිව සිටීමට ඇති අපහසුව.

❌​කම්පන (Seizures).

❌​ශ්වසන අපහසුතා.

❌​නිසි ලෙස ආහාර නොගැනීම.

❌ වමනය.

❌සුදු​මැලි වූ හෝ නිල් පැහැති සම.

❌​සිහිය නැතිවීම හෝ කෝමා තත්ත්වය.

🚫🚫🚫​කෙටි මොහොතක සෙලවීමකින් පවා ආපසු හැරවිය නොහැකි හානි සිදු විය හැක. SBS වලින් දිවි ගලවා ගන්නා අයට බොහෝ විට ජීවිත කාලය පුරාම පහත ස්ථිර ආබාධ සඳහා සත්කාර අවශ්‍ය වේ🚫🚫🚫

🚫එලෙස ඇති විය හැකි #සංකූලතා.

❌​අර්ධ හෝ සම්පූර්ණ අන්ධභාවය

​❌අංශභාගය (Cerebral Palsy)

❌​දරුණු සංවර්ධන ප්‍රමාද. (Delayed developmental milestones)

❌ මානසික ආබාධ

❌​ඉගෙනීමේ සහ චර්යාත්මක ගැටළු.(Ex; Autism , ADHD)

❌​කම්පනය හෝ අපස්මාරය (epilepsy).

🚫​ #වැළැක්වීමට ගත හැකි පියවර.

❌දරුවෙකුගේ හැඬීම සාමාන්‍ය දෙයක් බවත්, එය සාමාන්‍යයෙන් මාස 2-4 අතර කාලය තුළ උපරිම වන බවත් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. එය කලකිරීමට හේතු වුවද, දරුවෙකුගේ හැඬීම සන්නිවේදන මාධ්‍යයක් මිස අකීකරුකමක් නොවන බව වැඩිහිටියන් තේරුම් ගත යුතුය.

❌දරුවාගේ ආතතිය සහ හැඬීම කළමනාකරණය කළ යුතුය.

​❌ රැකබලා ගන්නන් දැනුවත් කිරීම සහ ආතතිය සහ අඬන දරුවෙකු කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත, ඵලදායී උපාය මාර්ග ලබා දීම.

🚫🚫🚫​දරුවෙකුගේ හැඬීමෙන් ඔබට අධික ලෙස කලකිරීමක් දැනේ නම්🚫🚫🚫

❌ගැඹුරු හුස්මක් ගන්න. දරුවාගේ හැඬීම කලකිරීමට හේතු වන බව පිළිගන්න, නමුත් සෙලවීම කිසි විටෙකත් විකල්පයක් නොවන බව මතක තබා ගන්න

​❌ දරුවා ඔවුන්ගේ තොටිල්ලේ හෝ සෙල්ලම් කරන ස්ථානයේ ආරක්ෂිතව තබන්න.
(ඔවුන්ට වැටීමට හෝ හුස්ම හිරවීමට නොහැකි බවට වග බලා ගන්න.)

❌​සන්සුන් වීමට විනාඩි 10-15ක් කාමරයෙන් ඉවතට යන්න.
(සෙලවීම වැළැක්වීම සඳහා මෙය කළ හැකි වැදගත්ම ක්‍රියාවයි.)

❌​උදව් පතන්න: මිතුරෙකුට, ඥාතියෙකුට, සහකරුවෙකුට, වෛද්‍යවරයෙකුට හෝ දෙමාපිය උපකාරක දුරකථන සේවාවකට අමතන්න. උදව් ඉල්ලීමට කිසිවිටෙක පසුබට නොවන්න.

❌​දෙමව්පියන්, ආච්චිලා සීයලා, ළදරු පාලිකාවන් සහ ළමා ආරක්ෂණ සපයන්නන් ඇතුළු සියලුම රැකබලා ගන්නන් ළදරුවෙකු සෙලවීමේ ඇති අන්තරාය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

සීමාවාසික වෛද්‍ය. කවී යහතුගොඩ [BAMS(Hons.)]

තවත් මෙවැනි වටිනා තොරතුරු දැනගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න.යාලුවන්ටත් දැනගන්න Share කරන්න.

Happy Sinhala And Tamil New Year Everyone...! 🙏
13/04/2024

Happy Sinhala And Tamil New Year Everyone...! 🙏

"ලබන්නා වූ 2024 නව වසර ලෝ වාසි ලක් වාසී සැමට  නීරෝගීමත් සුවදායි සාමය සතුට පිරි නව වසරක් වේවා...!" ස්වථායුර් අපේ පැතුමයි....
01/01/2024

"ලබන්නා වූ 2024 නව වසර ලෝ වාසි ලක් වාසී සැමට නීරෝගීමත් සුවදායි සාමය සතුට පිරි නව වසරක් වේවා...!" ස්වථායුර් අපේ පැතුමයි...!

😳😳 #ආහාර_ආසාද්මිකතාවකට ( Food Allergic එකකට) පුළුවන් ද මනුස්සයෙක් මරන්න.......?😳😳🔴ඇත්තටම මොකක් ද මේ Allergic එකක් කියන්න...
29/08/2023

😳😳 #ආහාර_ආසාද්මිකතාවකට ( Food Allergic එකකට) පුළුවන් ද මනුස්සයෙක් මරන්න.......?😳😳

🔴ඇත්තටම මොකක් ද මේ Allergic එකක් කියන්නෙ...?

ඇලර්ජික් එකක් කියන්නෙ එකිනෙකාට විශේෂයෙන් හදුනාගත් විවිධ දේවල් වලට (උදා: විවිධ ආහාර වර්ග, විවිධ ඖෂධ, කෘමි ප්‍රහාර, හිරු එළිය, අධික සීතල, මල් රේණුවැනි ස්වාභාවික කරුණු) අපේ ප්‍රතිජීවක පද්ධතිය (Immune system ) එක මගින් පමණට වඩා අධික ලෙස සහ අස්වාභාවික ලෙස ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය නිසා හටගන්නා අහිතකර තත්වයකි.

🔴අසාද්මිකතාවයක් ක්ෂණික මරුවෙක් දක්වා දිවයන ගමන.........

🟢බොහෝවිට ප්‍රථමයෙන් අසාද්මිකාතාවට හේතු වන කරුණට (Allergen එකට) නිරාවරණය වීමේදි නිරාවණය වූ වහාම මද වෙලාවක් යන තුරු කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටී.

🟢නමුත් දිගින් දිගටම ශරීරය තුළ සෛල එම අසාද්මිකාතාවට හේතුවන කරුණට නිරාවරණය වීමේදී හිස්ටැමීන්, ප්‍රොස්ටග්ලැන්ඩීන් ආදී Inflammatory chemicals මුදා හැරීමත් සමග පහත ආකාර වල වෙනස්කම් ශරීරය තුළ සිදුවිය හැක.

1. රුධිරවාහිනී වල පාරගම්‍යතාව වැඩි වී විස්තාරණය වීම ආරම්භ වේ.

2.ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වේ.

3.සංවේදී ස්නායු අනවශ්‍ය ආකාරයට උත්තේජනය කරයි.

4.සිනිඳු පේෂී වල වෙව්ලීමක් හෝ spasm එකක් ඇති වේ.

🔴ඉහත හේතූන් නිසා සුළු ලක්ෂණ වල සිට ඉතා භායානක ලක්ෂණ සහ මරණය දක්වාම මෙම තත්වය ඇති විය හැක.

🟢සුළු රෝග ලක්ෂණ ලෙස..........

1.ඇස් වලින් කදුළු ගැලීම.
2.හිසරදය.
3.නාසයෙන් සොටු දියර ගැලීම.
4.කිවිසුම් යාම.
5. සමේ කුඩා දද , බිබිළි ඇති වීම.
6.කැසීම

🟢තත්වය බරපතළ වීමේදී ඇති වන රෝග ලක්ෂණ

1.hives (සමෙන් විශාල ලෙස ඉලිප්පි ආ බිබිළි,පලු).
2.ඉදිමුම්.
3.හුස්ම ගැනීමේ අපහසුතාව.
4.ආහාර ජීර්ණය ආශ්‍රිත අපහසුතා.
උදා:- දරුණු ලෙස වමනය යාම, ගැස්ට්‍රයිටිස් තත්වය, අතීසාරය, උදරයේ වේදනාව
5. ක්ලාන්තය
6.රුධිර පීඩනය සීඝ්‍රයෙන් අඩු වීම.

🔴මෙම තත්වයන් මරණය දක්වාම දරුණු විය හැක.

🟢බොහෝ විට විවිධ ආසාද්මිකතා පරම්පරාවෙන් පරම්පරාවට පැමිණිය හැකි අතර ඔබගේ දෙමව්පියන්ට අතුළු පවුලේ අයට අසාද්මිකාතා ඇති කරන හේතු කාරණා ඔබද පරිහරණය කරන විටෙක ඒ පිළිබඳ වඩා සැළකිලිමත් වන්න.

🔴 ශ්‍රී ලංකාවේ බෝහෝ පිරිසකට බහුලව අසාත්මිකතා ඇති කරන බවට සමීක්ෂණ වාර්තා අතර සොයාගෙන ඇති ආහාර කිහිපයක්........

1.එළ කිරි
2.රතු පැහති මස් වර්ග
I.හරක් මස්
II.ඌරු මස්
III.එළු මස්
IV.මුව මස්

3.Food-dependent exercise-induced anaphylaxis (FDEIA) මෙහිදී ආහරයෙන් පසුව වැඩිවශයෙන් ක්‍රියාකාරී වීම නිසා ආසාද්මිකතාවය ඇති වේ. එලෙස කියාකාරී නොවන අවස්ථාවක අසාද්මිකතා ඇති නොවී ද පැවතිය හැක.

උදා:-pea nuts (පී නට්ස්), බිත්තර, කිරි, sea foods, තිරිඟු මිශ්‍ර ආහාර)

4.දැල්ලන්

5.ඉස්සන්

6. තක්කාලි

7. අන්නාසි

8.බල මාලු

9. තිරිඟු පිටි

10. ඇතැම් මධ්‍යසාර

🔴ආහාර අසාද්මිකතාවයක් ඇති වූ වහාම ඔබ කළ යුත්තේ කුමක් ද.........?

🟢ඔබ උපරිමය උත්සහ ගත යුත්තේ ඔබට සුළු රෝග ලක්ෂණ පහල වන විටම වහාම ළගම රෝහල වෙත අදාල රෝගියා රැගෙන යාමයි.

🟢 එම අතරතුර රෝගියාට ඇති විය හැකි අනතුරු දායක තත්ව මග හරවා ගැනීමට:
1. රෝගියාට හොඳ වාතාශ්‍රයක් ලැබිය යුතුය.
2. තද ඇඳුම් පැළදුම් ඉහිල්න්කළ යුතුය.
3. රෝගියාට කෝපි,තේ,උණු වතුර පානයට ලබා නොදිය යුතුය.
4.රොගියා වෙහෙස කරවමින් ඇවිද යාම නොකළ යුතුය.
5. රෝගියාට මධ්‍යසාර ලබා දීම නොකළ යුතුය.
6. අසාද්මිකාතාවට හේතු නොදැන අත් බෙහෙත් ලබා දීම නොකළ යුතුය.

ආසාද්මිකතා ඇති වීමට පෙර තමට අසාද්මිකාතා ඇති කරනු ලබන හේතු වලින් ඈත් වී සිටීම සහ නිරතුරුව ඒ පිළිබඳ සැළකිලිමත්ව සිටීම ඔබේ ජීවිතයට අසාද්මිකාතාවන්ගෙන් කරණු ලබන හානිය අවම කරනු ඇත.

නුදුරේදීම තවත් මෙවැනි හරවත් ලිපියක් සමග නැවත හමුවන තුරු ඔබට සෞඛ්‍යය සම්පන්න දිවියක්..........................!

Article by: Yahathugodaga
Medical student(BAMS)
@ Institution Of Indigenous
Medicine
University Of Colombo

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.

https:

🌜🌟
22/04/2023

🌜🌟

14/04/2023

We Wish You A Happy And Healthy New Year, 2023..! 🎉️

08/03/2023

Greetings for worldwide ladies from Swasthayur...! 💐

🔴දිලීර අසාධන පිළිබඳ ඔබ නොදත් කරුණු මොනවාද....?🔴මේ පිළිබඳ සහ තව වැදගත් කරුණු රාශියක් රැගත් ලිපි පෙලක් සමග එකතු වන්න දැන්ම...
19/02/2023

🔴දිලීර අසාධන පිළිබඳ ඔබ නොදත් කරුණු මොනවාද....?🔴

මේ පිළිබඳ සහ තව වැදගත් කරුණු රාශියක් රැගත් ලිපි පෙලක් සමග එකතු වන්න දැන්ම අපගේ නිල් වෙබ් පිටුව වෙත පිවිසෙන්න...👇

කුඩා දරුවන් පවා දන්නා කරුණ නම් දිලීර යනු ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක් බවය. එමෙන්ම අප ජීවත් වන පාරිසරයේ සමතුලිතතාවය පවත.....

🔴🔴  #හාතවාරිය කොළකැඳ🔴🔴🔴හාතවාරිය  කොළකැඳ සතු ඔබ නොදත් විශ්මිත ඖෂධීය ගුණාංග🔴01. ශරීරයේ බලය, ජවය, ශක්තිමත් බව වර්ධනය කරයි.0...
19/02/2023

🔴🔴 #හාතවාරිය කොළකැඳ🔴🔴

🔴හාතවාරිය කොළකැඳ සතු ඔබ නොදත් විශ්මිත ඖෂධීය ගුණාංග🔴

01. ශරීරයේ බලය, ජවය, ශක්තිමත් බව වර්ධනය කරයි.

02. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරයි.

03. සම පැහැපත් සහ නීරෝගී කරයි.

04. මතකය සහ බුද්ධිය වර්ධනය කරයි.

05. මුත්‍රා පෙරීම ක්‍රමවත්ව සිදු කරමින් ශරීරයයෙන් පරිවෘත්තිය අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමට උපකාරී වේ.

06. අහාර ජීරණය ක්‍රමවත් කරයි.

07. මළබද්ධය නැති කරයි.

08. හිසකෙස් වල නීරෝගී බව වැඩි දියුණු කරයි.

09. සමේ ඇති වන නොයෙකුත් රෝග දුරු කරයි.

10. සන්ධිගත වාත වැනි වාත රෝග දුරු කරයි.

11. මවිවරුන්ගේ ක්ෂීරය වර්ධනය කරයි.

12.අක්ෂි රෝග සමනය අර අක්ෂීන්ගේ පෙනීම වැඩි දියුණු කරයි.

14. අපස්මාර රෝගීන්ට ගුණදායක ය.

15. අර්ෂස් රෝගය සමනය කරයි.

16.ශුක්‍රය වර්ධනය කරයි.

17. ශරීරයේ දාහය, උෂ්ණය සමනය කරයි.

18.කුසගින්න නිවැරැදි අකාරයෙන් වර්ධනය කරයි.

19. ශරීරයේ රුධිරය වර්ධනය කරයි.

20.කාන්තාවන්ගේ ඔසප් රෝග මර්දනය කරයි.

Article by: Yahathugodaga
Medical student(BAMS)
@ Institution Of Indigenous
Medicine
University Of Colombo

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.

https://www.facebook.com/Sawasthayur?mibextid=ZbWKwL

14/04/2022

Address

438/G/24/J, Janatha Mawatha, Udagewaththa, Meegoda 10504
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772221058

Alerts

Be the first to know and let us send you an email when Sawasthayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sawasthayur:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram