Drugs counseling

Drugs counseling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Drugs counseling, Medical and health, Balangoda, Colombo.
(1)

ඊලඟ Pandemic එකට ඔයා ලෑස්තිද? (බෙහෙත් නැතුව මැරෙන්න ලෑස්ති වෙන්න)මේ මොහොත වෙනකොටත් ICU වල ඉන්න අහිංසක ලෙඩ්ඩු පණ අදිමින් ...
07/12/2025

ඊලඟ Pandemic එකට ඔයා ලෑස්තිද? (බෙහෙත් නැතුව මැරෙන්න ලෑස්ති වෙන්න)

මේ මොහොත වෙනකොටත් ICU වල ඉන්න අහිංසක ලෙඩ්ඩු පණ අදිමින් ඉන්නේ ලෙඩේ භයානකකම නිසාම නෙමෙයි... ඒ මනුස්සයන්ට දෙන්න බෙහෙතක් ඉතුරු වෙලා නැති නිසා!

අපි නොදැනුවත්වම ලොකු වළක් කපාගෙන ඉවරයි. ඒ තමයි Antimicrobial Resistance (AMR).

ඇන්ටිබයෝටික් හොයාගන්න කලින් මිනිස්සු පුංචි තුවාලයක් හැඳුනත් මැරිලා ගියා.ඒත් antibiotics වලට් පිං සිද්ද වෙන්න අපිට එහෙම වෙන්නේ නෑ.

අද පොඩි හෙම්බිරිස්සාවක්, උණක් ආපු ගමන් අපි Antibiotics පාවිච්චි කරන්නේ හරියට විටමින් බොනවා වගේ. සමහර දොස්තරලා, ෆාමසි වලින් කිසිම වගකීමක් නැතුව දෙන Antibiotics අපිත් රහ කර කර බොනවා. හැබැයි මේකේ භයානක ප්‍රතිඵලය දැන් අපිට පේන්න පටන් අරන්.

ඉස්සර ලෙසියෙන්ම හොඳ කරන්න පුළුවන් වෙච්ච Klebsiella, Acinetobacter සහ E. coli වගේ බැක්ටීරියා දැන් යක්කු වෙලා. මේවා දැන් සාමාන්‍ය විෂබීජ නෙමෙයි, මේවා මාරාන්තික Superbugs වෙලා ඉවරයි!

තත්වය කොච්චර දරුණුද කියනවා නම්, අන්තිම මොහොතේ ජීවිතේ බේරගන්න පාවිච්චි කරන බලගතුම ඖෂධයක් වෙන Carbapenem වලට පවා මේ බැක්ටීරියා 50% කට වඩා Resistance එකක් පෙන්නනවා. ඒ කියන්නේ මොන බෙහෙත දුන්නත් මේ විෂබීජ මැරෙන්නේ නෑ.

Hospital එකට එන සාමාන්‍ය ලෙඩෙක්, නිකන්ම නිකන් Sepsis තත්වයක් හරි Pneumonia හරි හැදුනම ගොඩගන්න බැරුව මැරිලා යනවා. ඇයි? Culture reports එනකොට පරක්කු වැඩි. තියෙන කිසිම බෙහෙතක් ඒ බැක්ටීරියා වලට වැඩ කරන්නේ නෑ.

අපි මේ ඉන්නේ මහා භයානක Superbugs Pandemic එකක එළිපත්ත උඩ.
නිකරුණේ Antibiotics බොන එක දැන්ම නතර කලේ නැත්නම්, පොඩි තුවාලයක් හැදුනත් බෙහෙත් නැතුව මැරෙන්න බලාගෙන ඉන්න. දොස්තරලටවත් ඔයාව බේරගන්න බැරි වේවි! ☠️



උපුටා ගැනීමක්.
ස්තුතිය මුල් අය්තිකරුට...🙏

⭕රූමටොයිඩ් ආතරයිටිස් ඔබ හිතනවාට වඩා භයානකයි========================⭕තියන භයානකකම ආතරයිටිස් රෝගය තමා ඕක. නිසි ප්‍රතිකාර ග...
01/11/2025

⭕රූමටොයිඩ් ආතරයිටිස් ඔබ හිතනවාට වඩා භයානකයි
========================

⭕තියන භයානකකම ආතරයිටිස් රෝගය තමා ඕක. නිසි ප්‍රතිකාර ගත්තෙ නැත්තම් ඔය රෝගය ඔබේ ජීවිතය අපායක් කරලා අන්තිමට අඩුවයසින් ඔබව මිය පරලොව යවල තමා පස්ස බලන්නේ.

⭕රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ දිගුකාලින, මුලු ඇඟටම බලපාන ප්‍රදාහය එක්ක එන රෝගයක්. හන්ඳි වල තියෙන්නේ රෝගයේ එක කොටසක් පමණයි.

⭕සරලව කියනව නම් ඔය ආතරයිටිස් රෝගය තියෙන්නේ හන්ඳි වල විතරක් නෙවේ. තෙල් බේත් ගාලා ප්‍රතිකාර කරගන්න යන අය අමාරුවෙ වැටෙන්නෙ ඕක නිසා.

⭕නිසි ප්‍රතිකාර නොකලොත් හන්ඳි වල ප්‍රදාහය නිසා හන්ඳි ඇද වෙනවා, කාටිලේජ ගෙවෙනවා, කාලයත් එක්ක තව තව හන්ඳි ලෙඩේට එක එක එකතුවෙනවා.

⭕අවුරුදු 10/15 ක් යනකොට තමා සංකුලතා එන්නෙ. ඒක අවබෝධ කරගන්න බැරි අය තමා කෙටිකාලීන පැලැස්තර ගහන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්නේ.

⭕අවසානයට වෙන්නේ කොර ගහන්නෙ නැතුව ඇවිදින එක, ඇඳුමක බොත්තමක් දාගන්න එක, ඇඳුමක් ඇඳගන්න එක, තනියම වැසිකිලියට යන එක, බෝතෙලේක මූඩියක් ඇරගන්න එක, දොරක් ඇරගන්න එක පවා බැරි වෙන ගානට හන්ඳි ඇදවෙන එක.

⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේ ප්‍රබේද රැසක් තියනවා. ඔය ටික හරියට දැනගෙන හිටියෙ නැති වුනහම තමා සමහර දොස්තරල පවා වැඩේ නාගන්නේ.

⭕බහුලවම දකින්න තියන Classical රූමටොයිඩ් ආතරයිටිස් වලදි කාලයක් තිස්සේ අතේ සහ කකුලේ ඇඟිලි, මැනික්කටුව වගේ පොඩි හන්ඳිත් වැලමිට, වලලුකර, දනිස්ස වගේ ලොකු හන්ඳිත් රෝගයට ගොදුරු වෙනවා.

✴️පාන්දර නැගිටිනකොට හන්දි දිග ඇර ගැනීමට බැරිවීම, හන්දිවල වේදනාව, හන්දි ඉදිමීම, අත මිට මෙලවූ විට හයිය අඩුවෙන් දැනීම, ඇඟ මහන්සි ගතිය දකින්න පුලුවන්.

⭕Palindromic rheumatism කියන ප්‍රභේදයේදී හන්ඳි කැක්කුම එක වර ඇවිල්ලා පැය කීපයකින්, දවසකින් දෙකකින් යට යනවා.

✴️ඔය රෝගීන්ගෙන් සැලකිය යුතු කොටසකට පසු කාලීනව අර කලින් සඳහන් කරපු classical rheumatoid arthritis එනවා. හැබැයි එම අවදානම අඩු කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. ඔබට රෝග ලක්ශණ නැතත් බෙහෙත් බොන්න කියන එක අවස්ථාවක් ඕක.

⭕Monoarticular rheumatoid arthritis කියන්නේ තනි හන්ඳියක එන්න පුලුවන් රූමටොයිඩ් ආතරයිටිස් එක.

✴️හන්ඳිය ගෙවිලා, කැල්සියම් තැන්පත් වෙලා, ටිශූ ගිහිල්ලා වගේ වැල් බයිලා නම් වලින් සමහර වෙලාවට තතු නොදත් කට්ටිය ඕක හඳුන්වනවා. මීට අවුරුදු විස්සකට කලින් පන්තියේ ළමයෙක් අත ඇඹරුව එකට ආතරයිටිස් ආවා කියලත් සමහරු කියන්නේ ඕකට.

✴️Gouty arthritis, pseudo gout වගේ තනිහන්ඳියේ එන ආතරයිටිස් රෝග එක්ක පටලගන්න එපා ඕක. ඔබ නිසි ප්‍රතිකාරයක් ගන්නා තුරු රෝගය හන්ඳි විනාශ කරගෙන යනවා.

✴️සාමාන්‍යයයෙන් ඕක එන්නේ වලලුකර, මැනික්කටුව, දනිස්ස, උකුල, උරෙහිස වගේ ලොකු හන්ඳි වල.

✴️ප්‍රතිකාර නොකලොත් රෝගය අර කලින් කියපු හන්ඳි ගොඩක එක classical rheumatoid arthritis තත්වයට හැරෙන්න පුලුවන්.

⭕Polymyalgic onset rheumatoid arthritis එහෙම නැතිනම් proximal joint rheumatoid arthritis කියල ටිකක් වයසක අයට එන රූමටොයිඩ් ආතරයිටිස් ප්‍රභේදයක් තියනවා.

✴️අවාසනාවට ඔය රෝග ප්‍රභේදයත් ගොඩක් වයිද්‍යවරුන්ට පවා මග හැරෙනවා. ඒක හේතුව රෝගියා එන්නේ විශේෂයෙන්ම උරහිස දෙකේ හිර ගතිය කියාගෙන මිසක් හන්ඳි වේදනාව හෝ හන්ඳි ඉදිමීම කියාගෙන නෙවේ.

⭕මොන ආතරයිටිස් ප්‍රභේදය ආවත් ඔය හැම ලෙඩෙක්ටම පාහේ morning stiffness (උදේ නැගිටිනකොට හන්ඳි දිග ඇරගන්න බැරි ගතිය) සහ joint jelling (ටික වෙලාවක් විවේකීව හිටියහම හන්ඳි තදවෙන ගතිය) තියනවා. ඕක විනාඩි ගණනක සිට පැය ගානක් තියෙන්න පුලුවන්.

✴️Morning stiffness එන්න හේතුව තමා රාත්‍රී කාලයේ රෝගියා නිදාගෙන ඉන්න කොට ආතරයිටිස් ඇති කරන විවිධ සංඝටක ඔය හන්ඳි වල එකතු වෙන නිසා.

⭕ඊට අමතරව හිසේ සිට පාදාන්තය දක්වා මුලු ඇඟම රිදෙන ගතිය, කොයි වෙලෙත් දැඩි මහන්සියක් දැනීම, බර අඩුවීම, මද උණ ගතිය, depression සහ fibromyalgia තත්වය එන්න පුලුවන්.

⭕මම කලින් කිව්වා වගේ රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ මුලු ඇඟේම තියන රෝගයක්.

⭕හමේ එන ගැටිති (rheumatoid nodules), පෙනහලු වල ආතරයිටිස් සංකුලතා (interstitial lung disease), පපුවේ අමාරු (ischemic heart disease), osteoporosis (උකුල හන්ඳි බිඳෙන රෝගය), ඇසේ එන ආතරයිටිස් සංකුලතා (uveitis, scleritis), ස්නායු වල සංකුලතා (polyneuropathy, mononeuritis), තොල කට වේලීම (Sjogren's) සහ තවත් සංකුලතා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන් 40%කට විතර එන්න පුලුවන්.

✴️සංකුලතා අඩු කරන්න පුලුවන් ඉතින් නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න එක.

⭕හන්ඳි ඉදිමෙනවට අමතරව boxing glove එකක් දැම්මා වගේ මුලු අතම පවා ඉදිමෙන්න පුලුවන්.

⭕ඊට අමතරව අතේ මැනික්කටුව ඇතුලට ඉදිමීම නිසා අතට යන median nerve කියන ස්නායුව තෙරපීම නිසා carpal tunnel syndrome කියන ඇඟිලි හිරි වැටෙන තත්වය එන්න පුලුවන්. කලබලෙන් දුවගෙන ගිහින් operation කරගන්න කලින් ආතරයිටිස් එකට මුලින් ප්‍රතිකාර කරල ඉන්න ඕනේ.

⭕නිසි ප්‍රතිකාර ගත්තෙ නැති නම් එකී මෙකී නොකී සියලු විදිහටම හන්ඳි ඇදවෙනවා. පහත රූප බලන්න.

⭕බෙල්ලෙ ඉහල හන්ඳි වලට පවා rheumatoid arthritis රෝගය එන්න පුලුවන්. වෙනත් හන්ඳි වල කැක්කුමක් එක්ක බෙල්ලෙ කැක්කුම් එනව නම් ඒක නොසලකා ඉන්න එක භයානකයි.

⭕සරලව කියනවා නම් කොන්ඳ හැර අති බහුතරයක් හන්ඳි වල රූමටොයිඩ් ආතරයිටිස් රෝගය එන්න පුලුවන්.

⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගය අනුමාන කිරීමට කිසිම ලේ ටෙස්ට් එකක් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මොකෝ කිසිම ලේ ටෙස්ට් එකක වෙනසක් නැතුව ලෙඩේ එන්නට පුලුවන්, විශේෂයෙන්ම මුල් අව්ස්ථාවේදී. ඒවට කියන්නේ sero negative rheumatoid arthritis. ඔය රෝගීන්ට මුලින්ම ප්‍රතිකාර පටන්ගන්නවා ඇරෙන්න ලේ රිපෝර්ට් වල ලෙඩේ පෙන්නන්කම් උඩ බලාගෙන හිටියොත් විනාසයි.

⭕Rhuematoid factor, Anti CCP antibodiea, ANA වගේ ටෙස්ට් පොසිටිව් වෙන්න පුලුවන්. ESR, CRP වැඩි වෙන්න පුලුවන්. Haemoglobin අඩු වෙන්න පුලුවන්, Platelet වැඩි වෙන්න පුලුවන්.

⭕ඇත්තටම ලේ රිපෝර්ට් වඩා වැදගත් වෙනවා ප්‍රතිකාර කරද්දී විවිධ බෙහෙත් වල මාත්‍රාව නිර්ණය කරන්න සහ සමහර බෙහෙත් ඇඟට අල්ලන්නෙ නැද්ද කියල බලන්න.

⭕ලෙඩේ නිට්ට්ටාවට පවා සුව කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. නමුත් පරක්කු වෙලා නිසි ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට, නිසි බෙහෙත වුනත් අඩු මාත්‍රාවෙන් බොන රෝගීන්ට, නිසි බෙහත් වුනත් නිසි කලට කලින් නතර කරන රෝගීන්ට, කඩ කඩ බෙහෙත් කරන රෝගීන්ට, කිසිම විද්‍යාත්මක පදනමක් නැති ප්‍රතිකාර කරන අයට, එහා ගෙදර සුමනාවතී කියන විදිහට ප්‍රතිකාර කරන අයට නම් ඕක සිහිනයක් පමණයි.

⭕ඉහත කියපු විදිහට කලහම අන්තිමට වෙන්නේ රෝගීයා කිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙනකොට රෝගය හැමදාම බෙහෙත් ගන්න ඕන ලෙඩක් බවට පරිවර්තනය වෙලා තියන එක.

⭕ඕකෙ ලෙඩේ බෙහත් කරන පිලිවලක් තියනවා. වැඩි බෙහෙත් ප්‍රමාණයක් මුලින් දීලා ලෙඩේ අඩුවෙන කොට ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න ඕනේ. පරණ තාලෙට යාන්තම් ලෙඩේ අඩුවෙන විදිහට ප්‍රතිකාර කරල හරියන්නේ නෑ, සංකුලතා ප්‍රමාද වෙන එක විතරයි එතකොට වෙන්නේ.

⭕මුලින්ම එන්නේ on drug remission කියන තත්ත්වය. ඔය තත්ත්වය ආවහම එම අවස්ථාවේ තියෙන බේත් තුණ්ඩුවේ වෙනස්කම් කරන්න ඕනේම ලෙඩාට බෙහෙත්වලල සංකූලතා එන්නේ නැති ආකාරයට

⭕ඊළඟ පියවර තමා ලෙඩාට කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මාස දොළහකට වැඩි කාලයක් අර අන්තිම බේත් තුන්ඩුවක් දිගටම දෙන එක

⭕ඊට පස්සේ තමා ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න පටන් ගන්න එක.

⭕හැබැයි ලෙඩේ අඩු වෙච්ච ගමන් මේත් නතර කරලා ආයි ලෙඩේ මතුකොට දුවගෙන එන ලෙඩ්ඩුන්ට ඕක මුල ඉඳන් නැවත කරන්න වෙනවා

⭕ඒක තමා ලංකාවේ ලෙඩ්ඩුන්ට ආතරයිටිස් හොඳ නොවන ප්‍රධාන හේතුව

⭕සමහර රෝගීන් ඉන්නවා රෝගය බෙහෙත් නතර කළාම පසු කාලීනව නැවත මතුවෙන්න පුලුවන්. ඒ රෝගීන්ට පවා බෙහෙත් වලින් ඇඟට හානියක් නොවෙන්න දිගුකාලීනව සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්

⭕ඕකට පාවිච්චි කරන නවතම ප්‍රතිකාර ලංකාවේ තියෙනවා. ඉස්සර වගේ තව නම් දෙන්න වෙන බෙහෙතක් නෑ කියන තත්ත්වය උදා වෙන්නේ නෑ

⭕පාවිච්චි කරන බෙහෙත් වලට අපි කියන්නේ DMARDs (Disesase modifying anti-rheumatoid drugs). ඒ බේත් වලින් ලෙඩේ ඇඟේ යන විදිහ වෙනස් කරන එක තමා වෙන්නේ. නැතුව රෝග ලක්ෂණය control කරන එක විතරක් නෙමෙයි

⭕ඉස්සර ඉඳන් තිබ්බ කාලෙ තිබ්බ පෙතිවලට කියන්නේ conventional DMARDs කියලා. බහුතරයක් රෝගීන්ට ඔය බෙහෙත් ප්‍රමාණවත්.

⭕නමුත් ලෙඩේ හරියට කන්ට්‍රෝල් වෙන්නේ නැත්නම් Biologic DMARDs හෝ Target synthetic DMARDs කියන බෙහෙත් වලට මුලින්ම මාරුවෙන්න ඕනේ. ඒවා පටන් ගන්න ඕනෙ හතර හන්දි ඇද වුනාට පස්සෙ නෙමෙයි.

⭕මිල අධික උනත් එම බෙහෙත් රජයේ රෝහල් සායන වලින් ගන්න පුළුවන්. ප්‍රයිවට් පවා ගන්න තියෙනවා.

⭕ඔබ ඉතින් නිසි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර නොගන්නේ නම් ඔයාට අලුත් බෙහෙත් හම්බවෙන්නේ නෑ.

⭕රූමටොයිස් ආතරයිටිස් හැදෙනවා කියන්නේ විෂඝෝර සර්පයෙක් එක්ක කාමරයක හිර වුණා වගේ දෙයක්. ඔබ කල්පනාවෙන් ඉන්න තාක් කල් උගෙන් බේරලා ඉන්නන පුළුවන්. නමුත් සර්පයාව සුළු කොට තකා ගණන් ගන්නෙ නැතුව හිටියොත් අනිවාර්යයෙන් ඌ දෂ්ට කරනවා. අමාරුවෙන් හරි සර්පයාගේ විස දල ගලවා ගන්න හෝ මරාගන්න ඕනේ.

⭕තීරණය ඔබ අතේ. නිසි ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ ලෙඩේ අමතක කලාට ලෙඩේ නම් ඔබව කවදාවත් අමතක කරන්නේ නෑ.

⭕ෆාමසි වල ඉන්න සමහර බක පණ්ඩිත අයියලා ලෙඩ්ඩුන්ට දෙන වැරදි උපදෙස් නිසා ලෙඩ්ඩු ප්‍රතිකාර අඩුවෙන් ගන්න හෝ නොගෙන ඉන්න බලනවා. එම නිසා රෝගීන් අමාරුව වැටෙනවා.

⭕ලෙඩේ හැදුනට පස්සේ දුක් වෙවී ඒක ගැන කල්පනා කරලා වැඩක් නෑ. නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න. මුළු ජීවිතේම අපායක් කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට හොඳ ජීවිතයක් ගතකරන්න පුලුවන් වෙනවා.

⭕කොටින්ම බඩ දරු අම්මා කෙනෙක්ට, කිරි දෙන අම්මා කෙනෙක්ට වුනත් කලලයට/බබාට කිසිම හානියක් නොවෙන්න ප්‍රතිකාර කරන්න පුළුවන්.

⭕ලෙඩේට අඩුවෙන්ම බෙහෙත් බොන්න පුලුවන් විදිහ තමා මුල ඉඳන් නිවැරැදිව බෙහෙත් ගන්න එක.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන...
14/06/2025

🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන තියෙන්නේ 1987දී.
හිතන්න! වසර 40කට ආසන්න කාලයේදී කිසිම අලුත් ප්‍රතිජීවකයක් සොයාගෙන නැහැ!!

දැනට අපි භාවිතා කරන ප්‍රතිජීවක ශීඝ්‍රයෙන් ප්‍රතිරෝධී (resistant) වෙමින් යන්නේ. ඒ කියන්නේ antibioticsවලට ඔරොත්තු දෙන විදිහට බැක්ටීරියා හැඩගැහිලා.

ඒකට ප්‍රධාන හේතු මිනිස් ක්‍රියාකාරකම් තමයි. පොඩි හෙම්බිරිසාවටත් one-shot කියලා දඩ antibiotics දෙන එකෙත්, සතියකට දෙන බෙහෙත් දවසක් දෙකක් බීලා නවත්තන එකෙත්, දොස්තර කෙනෙකුගේ අනුමැතිය නැතුව හිතුණු හිතුණු විදිහට ෆාමසියේ අයියගෙන් antibiotics ඉල්ල ගන්න එකෙත් ප්‍රතිවිපාක තව අවුරුදු 10-15ක් යද්දි බලාගන්න පුළුවන්.

බටහිර රටවල් මේ අනතුර අදුනගෙන පිළියම් යොදන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ඒ රටවල antibiotics කියන්නේ රත්තරන් වගේ. උණකට හෙම්බිරිසාවකට නම් දෙන්නෙම නෑ. Antibiotic එකක් ගන්න hospital ඇඩ්මිට් වෙන්නවත් ඕන. ඒකට අපේ රටවල්. තුන්වේලට බත් කනවා වගේ antibiotics ගන්නේ 🙂

මේවා නියාමනය කරන්න රාජ්‍ය මැදිහත්වීම සහිත දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අවුරුදු ගාණක් දැනටමත් පරක්කුයි. පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තියනවා. පොඩි හෙම්බිරිසාවටත් antibiotic හොයන්නෙපා 🙏 නැත්තම් තව ටික කාලෙකින් කඩදාසියකට ඇගිල්ල හීරුණත් මැරෙන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන් 🙌
උපුටා ගැනීම
වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ..

05/05/2025

මොකක්ද මේ CRP

🔴උණ වැළඳුණු පුද්ගලයන්ට අප FBC එකට අමතරව CRP පරික්ෂණය සිදු කරයි. CRP අගය ඉතා ඉහල නම් උග්‍ර අසාදනයක් ඇති බව පෙන්නුම් කරයි.

🔴ශරිරයේ විවිධ අවයව වලට විෂ බිජ ඇතුල් විමෙන් ඇතිවන රෝග සදහා ප්‍රධානව සිදු කරන මෙම CRP පරික්ෂණය ඉහල අගයක් පෙන්නුම් කරන්නේ නම් එයින් අදහස් වන්නේ අසාදනය උග්‍ර බවයි.

🔹උදා
▪️පෙනහලු අසාදන නියුමොනියා
▪️මුත්‍රා ආසාදන
▪️වකුගඩු ආසාදන පයේලොනෙප්ප්‍රයිටිස්
▪️මොලයේ අසාදන මෙනින්ජයිටිස්
▪️හර්දයේ ආසාදන එන්ඩොකාඩයිටිස්
▪️අස්ති ආසාදන ඔස්ට් යෝමයලිටිස්
▪️පිත්තාසයේ ආසාදන කොලිසිටිටිස්

🟢ප්‍රතිකාරත් සමග CRP අඩු වෙනවා යන්න එම අසාදනය සුව අතට හැරෙන බවයි

,🟢CRP වැඩිවෙනවා යනු අසාදනය දරැනු අතට හැරෙන බවයි

අසාදන වලට අමතරව CRP වැඩිවන අනෙකුත් හේතු පහත දක්වා ඇත.

⭕CRP පරීක්ෂණයක් යනු කුමක්ද

🔘"CRP" පරීක්ෂණය යනු ශරීරයේ අසාදන සහ inflammation පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂාවකි. ශරීරයේ පටක වලට හානි වූ විට, අක්මාව CRP රුධිරයට මුදාහරියි.අසාදන සහ Inflammation ශරීරයේ පටක වලට හානි කරයි.

🔘විවිධ හෙතු නිසා inflammation ඇති විය හැක. මේ නිසා, CRP පරීක්ෂණයකින් ඔබට ඇති සෞඛ්‍ය ගැටලුව හරියටම කිව නොහැක. එයින් ශරීරයේ inflammation ඇත්නම් පමණි.

🔻CRP වැඩි විමට හේතු

●ආසාදන

●සමහර ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණ රෝග - "ස්වයං ප්‍රතිශක්තිකරණ" රෝගයක් යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙස හඳුන්වන ශරීරයේ ආසාදන මර්දන පද්ධතියේ සෛල ශරීරයේම නිරෝගී සෛල වලට පහර දීමට පටන් ගැනීමයි. උදාහරණ ලෙස රූමැටොයිඩ් ආතරයිටිස්

●සමහර පිළිකා වර්ග

🔹ඔබේ වෛද්‍යවරයාට ඔබට මෙම තත්ත්වයන් තිබෙන්නට ඇතැයි ඔවුන් සිතන්නේ නම් ඔබට CRP පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය හැක.

🔹මෙම පරීක්ෂණයෙහි "hs-CRP" හෝ "අධි-සංවේදී CRP" නමින් පරික්ෂණයක් ඇත. මෙය හෘදයාබාධ හෝ ආඝාතය වැනි ඇතැම් හෘද වාහිනී ගැටළු සඳහා ඔබේ අවදානම හඳුනා ගැනීමට උපකාරී වේ. ඔබට හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයාට ඔබට hs-CRP පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබට hs-CRP පරීක්ෂණය කිහිප වතාවක් නැවත කිරීමට අවශ්‍ය විය හැකිය.

⭕ඔබේ රුධිරයේ CRP ප්‍රමාණය වැඩි වීම වැඩි වීම ඔබට උග්‍ර ආසාදනයක් හෝ inflammation ඇති බව අඟවන නමුත් එය එහි පිහිටීම හෝ එයට හේතු වන තත්ත්වය හඳුනා ගැනීමට උපකාරී නොවේ.

🔘ඔබේ රුධිරයේ CRP සාන්ද්‍රණය පහත වැටේ නම්, එයින් අදහස් වන්නේ ඔබ හොද තත්වයට පත්වන ව වන බවයි.

🔴CRP පරීක්ෂණයක් සඳහා සාමාන්‍ය පරාසය කුමක්ද?

🔹සාමාන්‍ය CRP මට්ටම සාමාන්‍යයෙන් 10 ට වඩා අඩුය , කෙසේ වෙතත්, නිශ්චිත සාමාන්‍ය පරාසය රසායනාගාරය සහ භාවිතා කරන ක්‍රියා පටිපාටිය මත රඳා පවතී.

🔹බොහෝ සාධක ඔබේ CRP මට්ටමට බලපෑ හැකිය. සුළු CRP මට්ටමේ ඉහළ යාම පහත සඳහන් තත්වයන් හෝ තත්වයන් නිසා විය හැකිය:

▪️සිගරට් දුම්පානය.
▪️සෙම්ප්‍රතිශ්‍යාව.
▪️මානසික අවපීඩනය.
▪️දියවැඩියාව.
▪️නින්ද නොයාම.
▪️තරබාරුකම.
▪️ගැබ් ගැනීම.
▪️මෑත කාලීන තුවාල.

⭕ඉහළ CRP මට්ටමක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

▪️ඔබට මධ්‍යස්ථව හෝ දැඩි ලෙස ඉහළ ගිය CRP මට්ටමක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබට යම් ආකාරයක ආසාදනයක් හෝ ඉන්ෆලමෙශන් තත්වයක් ඇති බවයි.

▪️නමුත් CRP පරීක්ෂණයකින් ආසාදනයක් හෝ ඉන්ෆලමෙශන් තත්වයට හේතුව හෝ එය ඔබේ ශරීරයේ කොතැනද යන්න පෙන්විය නොහැක. මේ නිසා, ඔබේ ප්‍රතිඵලය ඉහළ CRP මට්ටමක් පෙන්නුම් කරන්නේ නම්, ඔබේ වෛද්ය වරයා අමතර පරීක්ෂණ ඇණවුම් කරනු ඇත.

🟢50 mg/dL ට වැඩි CRP පරීක්ෂණ ප්‍රතිඵලයක් සාමාන්‍යයෙන් සැලකිය යුතු වැඩිවිමක් ලෙස සැලකේ. 50 mg/L ට ​​වැඩි ප්‍රතිඵල 90% ක් පමණ බැක්ටීරියා ආසාදන සමඟ සම්බන්ධ වේ.


උපුටා ගැනීම
🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර

ඔබට සෑදෙන හිසරදය කුමක්ද කියා දැනගමුද?මෙම රූප සටහන් වලින් ඔබගේ හිසරදය කුමක්ද කියන්න...හිසරදය යනු අප විසින් එදිනෙදා පීඩා ව...
14/02/2025

ඔබට සෑදෙන හිසරදය කුමක්ද කියා දැනගමුද?
මෙම රූප සටහන් වලින් ඔබගේ හිසරදය කුමක්ද කියන්න...

හිසරදය යනු අප විසින් එදිනෙදා පීඩා විඳින වඩාත් පොදු පැමිණිලි වලින් එකකි. හිසරදය ඒවාහෙහි location/පිහිටීම, severity/බරපතලකම සහ length of affliction/පීඩාවේ දිග අනුව වෙනස් විය හැකිය.

හිසරදයේ වඩාත් සුලභ වර්ග වන්නේ

🔹ඉරුවාරදය
🔹පොකුරු
🔹ගෙල
🔹ආතති
🔹සයිනස්

මෙන්න මේවා පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විස්තරයක්.අනාගතයේදී ඔබේ හිසරදය හඳුනා ගැනීමට මෙය ඔබට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

1)Migraine/ඉරුවාරදය හිසරදය

ඉරුවාරදය හිසරදය සාමාන්‍යයෙන් ඔබේ හිසෙහි එක් පැත්තක, සාමාන්‍යයෙන් ඇසට පිටුපසින් තදින් පහර දීමක් වැනු වේදනාවක් ඇති කරයි. ඔබට ආලෝකය සහ ශබ්දය පිළිබඳ සංවේදීතාව අත්විඳීමට ඉඩ ඇත. ඔක්කාරය හා වමනය පොදු විය හැකිය. ඉරුවාරදය ආරම්භ වීමට පෙර 1/3 ක් පමණ දෙනා 'අරාව/aura' අත්විඳිති. ඉරුවාරදය පුනරාවර්තනය වන අතර ඉරුවාරදය ඇතිවීම දින 3 ක් දක්වා පැවතිය හැකිය. මේ දේවල් වලින් ඉරුවාරදය වැඩි විය හැකිය: stress/ආතතිය,dehydration/විජලනය, ඇතැම් ඖෂධ,ආහාර සහ ශබ්ද.

2)Cluster/පොකුරු හිසරදය

පොකුරු හිසරදය දරුණු හා පුනරාවර්තන හිසරදයක් වන අතර එය කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියෙන් ඇත.එක් ඇසක් පිටුපස ඇති දැඩි වේදනාවක් මිනිසුන් විස්තර කරයි. අනෙක් රෝග ලක්ෂණ වන්නේ, ආලෝකයට හා ශබ්දයට සංවේදීතාවය,නොසන්සුන්කම සහ ඇස් තෙත්වීම වේ. පොකුරු හිසරදය සාමාන්‍යයෙන් මිනිත්තු 15 සිට පැය 3 දක්වා පවතී.

3)Cervicogenic/neck/ගෙල හිසරදය

ගෙල හිසරදය ද්විතියික හිසරදයක් වන අතර, එයින් අදහස් වන්නේ බෙල්ලේ සහ පිට කොන්දේ මැද යටින් පවතින ගැටළු නිසා එය සෑදෙන බවයි.මෙම වර්ගයේ හිසරදය ඇති පුද්ගලයින් සාමාන්‍යයෙන් බෙල්ලේ වේදනාව හා තද ගතියෙන්ද පීඩා විඳිති. මෙම හිසරදය බොහෝමයක් සිදුවන්නේ හිසෙහි එක් පැත්තක වන අතර එය බෙල්ලේ පිටුපස සිට ආරම්භ වී ඉදිරිපස දෙසට විහිදේ. අනෙකුත් රෝග ලක්ෂණ අතර: බෙල්ලේ චලනයේ පරාසය අඩුවීම, බෙල්ලේ තද ගතිය, උරහිසේ වේදනාව කොන්දේ මැද පිටුපස සිට
ඉතා විශාල පරාසයක විහිදිය හැකිය.

4)Tension/ආතති හිසරදය

මෙම හිසරදයෙහි රෝග ලක්ෂණ වන්නේ හිස දෙපස අඳුරු වේදනාව සහ නළල හරහා ඇතිවන පීඩනය වේ.මිනිත්තු 30 සිට පැය කිහිපයක් දක්වා මෙය විහිදී යා හැකිය. හිතේ තිබෙන ආතතිය මෙයට හේතුව වේ.

5)Sinus/සයිනස් හිසරදය

සයිනස් හිසරදයෙහි රෝග ලක්ෂණ වන්නේ මුහුණ, සයිනස්,

හතිය/ ඇදුම  සදහා භාවිතා කරන ඖෂධ ගැන තොරතුරු  බලාපොරොත්තු වන්න..
29/11/2024

හතිය/ ඇදුම සදහා භාවිතා කරන ඖෂධ ගැන තොරතුරු බලාපොරොත්තු වන්න..

02/08/2024

රජය විසින් ඉක්මනින්ම බෙහෙත් මිල අඩුකළ යුතුයි. මිනිස්සුන්ට Antibiotics full dose එකවත් ගන්න සල්ලි නෑ. දවසට , දවස් දෙකට බෙහෙත් අරන් ගිහින් Antibiotics resistance නිසා ලොකු ප්‍රශ්නයක් අතලග.. Doctor , Pharmacist ලා සාමාන්‍ය මිනිස්සුන්ට කොයි තරම් මේ ගැන පැහැදිලි කරත් මිනිස්සුන්ට ඒකේ බරපතල කම තේරෙන්නෑ, තේරුනත් ගන්න සල්ලි නෑ.. දැන් අපේ වගේ දුප්පත් රටවල මේ ප්‍රශ්නය බරපතල ගැටළුවක්.. දැනටමත් red line high antibiotics නැතිව ගොඩක් රෝගීන්ට ප්‍රතිකාර කරාට සුව වෙන්න නැති තත්වයට ඇවිත්.. කරුණාකර අඩුම තරමින් Antibiotics ටික වත් මිනිස්සුන්ට දරාගන්න පුලුවන් තරමට මිල අඩු කරන්න..🙏

⭕මොළයේ ලේ ගැලීමක් යනු කුමක්ද?(අවුරැදු  හතලිස්  ගනන්  වල   රෝගින්  කිහිප  දෙනෙක්ම   මොලයේ  නහර පුපුරා   රොහලට  ඇතුලත්  වු...
18/07/2024

⭕මොළයේ ලේ ගැලීමක් යනු කුමක්ද?

(අවුරැදු හතලිස් ගනන් වල රෝගින් කිහිප දෙනෙක්ම මොලයේ නහර පුපුරා රොහලට ඇතුලත් වු නිසා මෙය ලියමි)

🔹මොළයේ ලේ ගැලීමක් යනු ඔබේ මොළය තුළම හෝ ඔබේ මොළය සහ එහි පිටත ආවරණ අතර ඇති අවකාශයේ පාලනයකින් තොරව රුධිර වහනයක් සිදු විමයි

🔻 මොළයේ රුධිර නාලයක් කැඩී /පිපිරී ලේ ගැලීමේදී ,එය ජීවිතයට තර්ජනයක් වන රෝගී තත්වයකි.

🔹මොළයේ ලේ ගැලීමක් විශේෂයෙන් භයානක වන්නේ ඒවා ඉක්මනින්ම දරුණු අතට හැරෙන බැවිනි. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව, මෙය බොහෝ විට ස්ථිර මොළයට හානි හෝ මරණය පවා ඇති කරයි.

🔹. ස්ථිර මොළයට හානි වීම හෝ මරණය වළක්වා ගැනීම සඳහා ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ඉතා වැදගත් වේ.

🔹මෙම නිසා ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබුණහොත් ඔබේ මොළයේ සෛල මිය යාමට ගත වන්නේ මිනිත්තු තුන හතරක් පමණි.

🔹 පාලනය නොකළ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින් තුළ මෙය බහුලව දක්නට ලැබේ.

✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️

⭕මොළයේ ලේ ගැලීමක රෝග ලක්ෂණ මොනවාද?

🔸හිසරදය ( බොහෝ විට මෙය හදිසියේ සහ දරුණු ලෙස, අනපේක්ෂිත ලෙස ඔලුව පැලෙන්න තරම් වෙදනාවක් සහිත හිසරදයක්).

🔸ආලෝක සංවේදීතාව,(එලිය දෙස බැලීමට අපහසුව, දීප්තිමත් ආලෝකයන් වේදනාවක් (photophobia) ඇති කරයි.

🔸 කරකැවිල්ල. වමනය.

🔸 සිහිය නැති විම (කෝමා)

🔸Aphasia (කතා කිරීම අපහසු වීම හෝ කතාව නැතිවීම) හෝ නොපැහැදිලි හෝ පැටලෙන ලෙස කථා කිරීම (dysarthria).

🔸එක් පැත්තක් පණනැති විම, දුර්වලතාවය, හිරී වැටීම

🔸එක් වරම ඇස් බොදවීම හෝ නොපෙනී යාම

✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️

⭕ මොළයේ ලේ ගැලීමක ට හේතුව කුමක්ද?

🔴ප්‍රධානතම හේතුව අධි රුධිර පීඩනය වේ. පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉතා ඉහළ මට්ටමක පවතින විට, දිගු වේලාවක් ඉහළ මට්ටමක පවතින විට හෝ දෙකම මෙයට හේතු වේ

🟢මොළයේ ඇනුයුරිසම් (සාමාන්‍යයට වඩා දුර්වල ස්ථානවල රුධිර නාල බිත්තියේ අසාමාන්‍ය ලෙස ඉදිමීම).

🟢මොළයේ පිළිකා

🟢මස්තිෂ්ක ඇමිලොයිඩ් ඇන්ජියෝපති වැනි ඔබේ මොළයේ දුර්වල වූ රුධිර වාහිනී ඇතුළත් වන වෙනත් තත්වයන්.

🟢රුධිරය තුනී කිරීමේ ඖෂධ

🟢හිසට සිදුවන දරැනු තුවාල.

🟢අවදානමට දායක වන වෙනත් තත්වයන්:

▪️මත්පැන් භාවිතය ආබාධ.

▪️අධික කොලෙස්ටරෝල් (හයිපර්ලිපිඩිමියාව).

▪️විනෝදාස්වාදය සඳහා ඖෂධ භාවිතය හෝ නිර්දේශිත ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම.

▪️.දුම්පානය

✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️

⭕ප්‍රතිකාර මොනවාද?

🟡ඖෂධ ප්‍රතිකාර

1️⃣රුධිර පීඩනය අඩු කිරීමට

2️⃣ ලේ කැටි ගැසීමට උපකාර කිරීමට.

3️⃣ රැදිරයේ සොඩියම් මට්ටම නියමිත ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට

🟡ශල්‍යයකර්ම

🔸සමහර අවස්ථාවලදී, රුධිර වහනය දරුණු හෝ යම් යම් බලපෑම් ඇති විට පුද්ගලයෙකුට ශල්යකර්මයක් අවශ්ය විය හැකිය.

🔸 වඩාත් භයානක සංකූලතාවයක් වන්නේ රුධිරය අවට ඇති මොළයේ කොටස් මත අධික පීඩනයක් ඇති කිරීමයි. මෙය සිදු වූ විට, රුධිරය ඉවත් කිරීමට සහ ඔබේ මොළයේ පීඩනය අඩු කිරීම සඳහා හදිසි ශල්යකර්මයක් සමහර විට අවශ්ය වේ.

🔴🔴 සැම මෝලයේ ලේ ගැලීමකටම ශල්‍යයකර්ම අවශ්‍යය නොමැති අතර සමහර දරැනු ලේ ගැලීම් ශල්‍යයකර්ම කල නොහැකී මට්ටමේ පවතී

✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️

⭕මොළයේ ලේ ගැලීමක් ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට හෝ ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නේ කෙසේද?

🔹මෙය වළක්වා ගැනීම සඳහා ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් නිරෝගී රුධිර පීඩන මට්ටමක් පවත්වා ගැනීමයි.

🔹 ඔබට අධි රුධිර පීඩනය තිබේ නම්, එම තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත් වේ.

🔸අධි රුධිර පීඩනය මෙයට ප්‍රධාන හේතුව වේ, නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් වැනි වෙනත් තත්වයන් දායක විය හැකිය.

🔸 නිරෝගී බරක් පවත්වා ගන්න.

🔸වාර්ෂිකව පරීක්ෂාවක් කර ගන්න

🔸ඔබේ හැසිරීම් වෙනස් කරන්න. උදාහරණ ලෙස දුම්පානය සහ දුම්කොළ භාවිතය න, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හෝ විනෝදාත්මක මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් අනිසි භාවිතය

උපුටා ගැනිම -
කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර

⭕කැස්ස යනු කුමක්ද?🔹කැස්ස යනු ශරීරයේ ශ්වසන මාර්ගයේ  විෂ බිජ ,සෙම ඉවත් කිරීමට උපකාරී වන වැදගත් ක්‍රියාවලියකි.🔹මිනිසුන්ට වර...
15/06/2024

⭕කැස්ස යනු කුමක්ද?

🔹කැස්ස යනු ශරීරයේ ශ්වසන මාර්ගයේ විෂ බිජ ,සෙම ඉවත් කිරීමට උපකාරී වන වැදගත් ක්‍රියාවලියකි.

🔹මිනිසුන්ට වරින් වර කැස්ස ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් සමහර විට, කැස්ස යනු රෝගයක ලක්ෂණයකි.

🔹සමහර කැස්ස "වියළි" කැස්ස ලෙස හැඳින්වේ, මන්ද ඒය සෙම (ශ්ලේෂ්මල) ඇති නොකරන බැවිනි.

🔹අනෙකුත් කැස්ස "තෙත්" හෝ "සෙම" කැස්ස ලෙස හැඳින්වේ, මන්ද ඒවා ශ්ලේෂ්මල (සෙම)මතු කරන බැවිනි.

🔹සමහර කැස්ස මෘදු වන අතර බරපතල ගැටළු ඇති නොකරයි. අනෙකුත් කැස්ස දරුණු වන අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැක.

⭕කැස්ස ඇතිවීමට හේතුව කුමක්ද?

🔹වැඩිහිටියන් තුළ, කැස්ස සඳහා පොදු හේතු වන්නේ

●වෛරස් ආසාදන - මේවාට සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ වයිරස් අසාධන ඇතුළත් වේ. සාමාන්‍යයෙන්, වෛරස් ආසාදනයක් නිසා ඇතිවන කැස්ස සතියක් හෝ 2ක් පමණක් පවතිනු ඇත, නමුත් සමහර විට එය ඉටත් වඩා දිගු කාලයක් පැවතිය හැක.

●දුම්වැටි පානය කිරීම හෝ දුම්වැටි දුමට නිරාවරණය විම

● Postnasal drip -
Postnasal drip යනු නාසයෙන් ශ්ලේෂ්මල පහළට ගලා යාම හෝ උගුරේ පිටුපසට ගලා යාමයි. මෙය පහත හෙතු නිසා ඇති විය හැක්
• සීතල

• අසාත්මිකතා

• සයිනස් ආසාදනය

●පෙනහළු තත්වයන් - ඇදුම සහ COPD"වැනි පෙනහළු ගැටළු හුස්ම ගැනීමට අපහසු විය හැක. COPD සාමාන්‍යයෙන් දුම්පානය නිසා ඇතිවේ.

● ගැස්ට්‍රයිටිස් (Acid reflux -) මෙහිදී සාමාන්‍යයෙන් ඔබේ ආමාශයේ ඇති අම්ලය ඔබේ esophagus (ඔබේ මුඛයේ සිට ඔබේ බඩට ආහාර ගෙන යන නළය) වෙත ආපසු පැමිණී පෙනහලු වලට ගමන් කිරිම නිසා කැස්ස ඇති වේ.

● "ඖෂධ

ACE inhibitors" නම් රුධිර පීඩන ඖෂධ වලින් අතුරු ආබාධයක් Enalapril,captopril

⭕ඔබටපරීක්ෂණ අවශ්‍යද?

🔘. ඔබ ඔබේ කැස්ස සඳහා වෛද්‍යවරයකු හමුවුවහොත්, ඔවුන් ඔබ සමඟ කතා කර ඔබව පරික්ෂා කරනු ඇත. ඔබේ රෝග ලක්ෂණ සහ වෙනත් සාධක මත පදනම්ව, ඔබට පරීක්ෂණ අවශ්‍ය බව ඔවුන් තීරණය කළ හැකිය. මේවාට ඇතුළත් විය හැකිය:

●පපුවේ X-ray එකක්

●ශ්වසන පරීක්ෂණ - හුස්ම ගැනීමේ පරීක්ෂණවලට නළයකට තදින් හුස්ම ගැනීම ඇතුළත් වේ. මෙම පරීක්ෂණ මගින් ඔබේ පෙණහලු ක්‍රියා කරන ආකාරය පෙන්වයි.

●ඔබට අසාත්මික වන්නේ කුමක්දැයි සොයා ගැනීමට අසාත්මිකතා සම පරීක්ෂණ - සම පරීක්ෂණයක් සඳහා, වෛද්‍යවරයා ඔබට අසාත්මික විය හැකි ද්‍රව්‍යයේ බිංදුවක් ඔබේ සම මත තබා ඔබේ සමේ කුඩා සිදුරක් ඇති කරයි. එවිට, ඔවුන් ඔබේ සම රතු වී ගැටිති ඇති දැයි බැලීමට බලා සිටියි.

●ඔබේ පපුවේ හෝ කෝඨරකයේ CT ස්කෑන් පරීක්ෂණයක් - CT ස්කෑන් යනු ශරීරයේ අභ්‍යන්තරයේ පින්තූර නිර්මාණය කරන රූප පරීක්ෂණයකි.

●ඔබට කැස්ස ඇති වන ශ්ලේෂ්මල සාම්පලයක් මත රසායනාගාර පරීක්ෂණ

●ඇසිඩ් ප්‍රවාහය පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණ - මේවාට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ සිහින් බටයක් ඔබේ මුඛය තුළට දමා ඔබේ ගලනාලය තුලින්තපහළට දැමීමයි.

⭕නිවසේදී ඔබ සැලකිලිමත් වන්නේ කෙසේද?

●ඔබේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවකින් නම්, අදික සිතලෙන් වලකින්න

● උණුසුම් දියර පානය කරන්න.

●දුම් පානයෙන් සහ වෙනත් පුද්ගලයින් දුම් පානය කරන ස්ථාන වලින් වළකින්න.

●ඔබට අසාත්මිකතා ඇත්නම්, ඔබ අසාත්මික වන දේවලින් වළකින්න. මෙයට පරාග, දූවිලි, සතුන් හෝ පුස් ඇතුළත් විය හැක.

●ඔබට ගැස්ට්‍රයිටිස් ඇත්නම්, රෝග ලක්ෂණ අඩු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න

⭕කැස්සට ප්රතිකාර කරන්නේ කෙසේද?

🔹ප්රතිකාරය ඔබේ කැස්ස ඇතිවීමට හේතුව මත රඳා පවතී. උදාහරණ වශයෙන්:

●සමහර ආසාදනවලට ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලැබේ. බැක්ටීරියා මගින් ආසාදනයක් ඇති වුවහොත්, වෛද්යවරුන්ට ප්රතිජීවක ඖෂධ සමඟ ප්රතිකාර කළ හැකිය. ආසාදනය වෛරසයක් (උදා: සෙම්ප්‍රතිශ්‍යාව වැනි) නිසා ඇති වූවක් නම්, ප්‍රතිජීවක ඖෂධ උදව් නොකරනු ඇත. උණ හෝ COVID-19 වැනි සමහර වෛරස් ආසාදන සඳහා, උපකාර කළ හැකි වෙනත් ඖෂධ තිබිය හැක.

● Postnasal drip -බෙහෙත් පෙත්තක් හෝ නාසයට ඉසින නෙසල් ස්ප්‍රේ වර්ග සමඟ ප්‍රතිකාර කරනු ලැබේ.

●ඇදුම සහ COPD සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ ඉන්හෙලර් ඖෂධ සමඟිනි. මේවා "ආශ්වාස කරන ඖෂධ" ලෙස හැඳින්වේ.

●Acid reflux ආමාශයේ අම්ලය අඩු කිරීමට හෝ අවහිර කිරීමට ඖෂධ සමඟ ප්රතිකාර කළ හැක.

●ACE inhibitor එකක අතුරු ආබාධයක් ලෙස ඔබට කැස්සක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයාට ඔබේ ඖෂධය මාරු කළ හැක.

🔘ඔබේ කැස්සට හේතුව පැහැදිලි නැතිනම්, ඔබේ කැස්ස අඩු කිරීමට ඔබේ වෛද්‍යවරයාට ඖෂධ නියම කරයි.

⭕ඔබ වෛද්යවරයකු හමු විය යුත්තේ කුමන අවස්ථාවලදී ද?

●ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ ඝෝෂාකාරී හුස්ම ගැනීමේ අපහසුතාවයක් (wheezing) ඇත් නම්.

●ඔබට උණ හෝ පපුවේ වේදනාවක් ඇත් නම්

●ඔබට කැස්සසත් සමග රුධිරය හෝ කහ හෝ කොළ පැහැති සෙම පිට වෙ නම්

උපුටා ගැනීම - Dr Bandula sathkumara

⭕ඔබ  තයිරොක්සින් (L-thyroxine) ගත යුත්තේ කෙසේද? 🔻  තයිරොක්සින්   ගැනීම සඳහා හොඳම ක්රමය කුමක්ද?🕹️රුධිරයේ ස්ථාවර  තයිරොයිඩ...
02/06/2024

⭕ඔබ තයිරොක්සින් (L-thyroxine) ගත යුත්තේ කෙසේද?

🔻 තයිරොක්සින් ගැනීම සඳහා හොඳම ක්රමය කුමක්ද?

🕹️රුධිරයේ ස්ථාවර තයිරොයිඩ් හෝමෝන මට්ටම පවත්වා ගැනීම සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වේ

🕹️තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන රෝගීන් දිනකට ඖෂධයක් ලෙස තයිරොයිඩ් හෝමෝනය මුඛයෙන් ගත යුතුය.

🕹️ශරීරය තයිරොයිඩ් හෝමෝන අවශෝෂණය කරන ආකාරය කෙරෙහි ආහාර පුරුදු බලපෑම් කළ හැකිය

🕹️තයිරොක්සින් හිස් බඩට, සෑම දිනකම එකම වේලාවක ගත යුතුය. ඉන්පසුව, අපි විනාඩි 30-60 අතර කාලයක් ආහාර ගැනීමෙන් හෝ තේ පානය කිරීමෙන් වැළකී සිටීය යුතුයි.

🕹️ අපගේ බොහෝ රෝගීන් උදෑසන අවදි වූ පසු තයිරොයිඩ් හෝමෝනය ලබා ගනී.

🕹️ඕනෑම කෝපි හෝ කිරි ඇතුළු උදෑසන ආහාරය විනාඩි 30-60 කට පසුව ආහාරයට ගත හැකිය.

🕹️උදේ ගැනීමට අපහසුම නම අනිත් ක්‍රමය වන්නේ සවස් වරුවේ තයිරොයිඩ් හෝමෝනය ගැනීමයි,

ඕනෑම ආහාර ගැනීමෙන් පැය 3-4 කට පසුව. සෑම දිනකම ඔබට ස්ථාවර වීමට ඉඩ සලසන චර්යාවක් ස්ථාපිත කිරීමට ඔබ උත්සාහ කළ යුතුය.

🕹️ඇතැම් ඖෂධ සහ අතිරේක තයිරොයිඩ් හෝමෝන අවශෝෂණය අඩු කරන අතර තයිරොයිඩ් හෝමෝන ගැනීමෙන් පැය 3-4 කට පසුව ගත යුතුය.

🕹️මේවාට කැල්සියම් සහ යකඩ අතිරේක, ගැස්ට්‍රයිටිස් බෙහෙත් ප්‍රෝටෝන පොම්ප නිෂේධක (omeprazole/Prilosec සහ lansoprazole/Prevacid), සහ ඛණිජ ලවණ සහිත multivitamins ඇතුළත් වේ.

🔴ඔබ උදේ තයිරොයිඩ් හෝමෝනය ගත යුතුද? ඔබට රාත්‍රියේදී මගේ තයිරොයිඩ් හෝමෝනය ගත හැකිද?

🕹️රාත්‍රියේදී ඔබේ තයිරොයිඩ් හෝමෝනය ගැනීම කල හැකිය.නමුත් එය හිස් බඩක් මත සහ අවම වශයෙන් ආහාර ගැනීමෙන් පැය 3-4 කට පසුව ගත යුතු බව මතක තබා ගන්න.

🔴ඔබට මාත්‍රාවක් මග හැරුණොත් කුමක් සිදුවේද?

🕹️තයිරොයිඩ් හෝමෝනයේ එක් මාත්‍රාවක් මග හැරීම භයානක නොවේ, එබැවින් කරුණාකර කලබල නොවන්න!

🕹️ඔබට මෙම ඖෂධයේ මාත්‍රාවක් මග හැරී ඇත්නම් , හැකි ඉක්මනින් එය ගන්න. කෙසේ වෙතත්, ඔබේ ඊළඟ මාත්‍රාව සඳහා කාලය ආසන්න නම්, මඟ හැරුණු මාත්‍රාව මඟ හැර ඔබේ සාමාන්‍ය මාත්‍රා කාලසටහනට ආපසු යන්න. මාත්‍රාව දෙගුණ කරන්න එපා.

🔴ඔබ තයිරොක්සින් තබා ගත යුත්තේ කෙසෙද

🕹️ළමයින්ට ළඟාවිය නොහැකි ලෙස තබා ගන්න.

🕹️යල් පැන ගිය ඖෂධ තවදුරටත් අනවශ්‍ය ලෙස තබා නොගන්න.

🕹️ඖෂධය තාපය, තෙතමනය සහ සෘජු ආලෝකයෙන් බැහැරව කාමර උෂ්ණත්වයේ දී සංවෘත භාජනයක ගබඩා කරන්න.

🟢 උපුටා ගැනීම- Dr Bandula sathkumara

15/05/2024

"මිහිපිට දෙවිවරු" යන නාමය ලෝබ නැතුව භාවිතා කරන්න පුලුවන් අවස්තාවක්🤗🙏

ටීනියා දිලීර ආසාදනය  රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුර...
10/05/2024

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් මේ නිසාම වසංගතයක් ලෙස පැතිරීමට පටන්ගෙන ඇති බවත් වෛද්‍යවරු අනතුරු අඟවනවා. ටීනීයා අලුත් චර්ම රෝගයක් නෙවෙයි. එහෙත් මේ දිනවල ශීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබීම වගේම පසුගිය කාලයේ ප්‍රභේදය විවිධ වෙනස්කම්වලට භාජනයවීමත් රෝගය ගැන කතාබහ අලුත්වීමට හේතු වී තිබෙනවා.

🥊 මොකක්ද මේ ටීනියා?
මේ දිනවල බහුලව කතාබහට ලක්වෙන ටිනීයා යනු දිලීර ආසාදනයකින් හටගන්නා රෝගයක්. රිංග්වර්ම් ලෙස හැඳන්වුවත් මෙය පණුවන්ගෙන් හටගන්නා රෝගයක් නොවෙයි. එයට මේ නම ලැබී ඇත්තේ මුද්දක් ආකාරයට රවමු ලප හටගන්නා නිසයි. ටීනියා ආසාදනය ඇතිවන්නේ බාහිර පරිසරයේ තිබෙන ඩර්මටොෆයිඩ් නම් දිලීර කාණ්ඩයක් නිසයි.

🥊 හැදෙන්නෙ කොහේද?
සමේ මැරුණු පටක සහ තෙත සහිත තැන්වල ටීනීයා දිලීරය හොඳින් වැඩෙනවා. එනම්, හිසකෙස් අතර, නියපොතු, ඇඟිලි කරු අතර, ඉකිලි - කිහිලිවල, සිරුරේ නැමෙන ස්ථානවල ටීනියා චර්ම රෝගය හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එපමණක් නොවෙයි සිරුරේ ඕනෑම ස්ථානයකට මෙම රෝගය පැතිරෙන්න පුළුවන්. ඇතැම්විට පිරිමින්ගේ රැවුල තිබෙන ප්‍රදේශයේද හැදෙන්න පුළුවන්. සැලොන්වලින් රැවුල කපන පිරිමින්ට ටීනියා ආසාදනය රැවුල ප්‍රදේශයේ ඇතිවීමේ අවදානම ටිකක් වැඩියි.

🥊 රෝග ලක්ෂණ
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය කැසීමක් සහිත රතු පැහැති ලප හට ගැනීමයි. එම ලපවල වටේ රතු පැහැගන්නා අතර මැද කොටස දිස්වෙන්නේ සමේ පැහැයෙන්. මේ ලප රවුමක් ලෙස සමේ පැතිරෙන අතර සම ගැලවීයාමටද පටන් ගන්නවා.

🥊 හැදෙන්න පුළුවන් කාටද?
ඕනෑම වයස පුද්ගලයෙකුට ටීනියා සදිය හැකි අතර කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට අවදානම වැඩියි. මින් පෙර හමුවූ රෝගී දරුවන්ගන් වැඩි පිරිසකට ටිනියා ආසාදනය වී තිබුණේ හිසකෙස් අතර වුවත් මේ වනවිට සම පුරා ටීනියා ව්‍යාප්ත වූ දරුවන්ද හමුවෙනවා.
එමෙන්ම වකුගඩු රෝගින්ට, අවයව බද්ධ කළ පුද්ගලයින්ට සහ දියවැඩියා රෝගීන්ට ටීනියා හැදුණොත් මුළු සිරුර පුරා ව්‍යාප්තවීමේ අවදනාම වැඩියි.

🥊 බෝවෙන්නෙ කොහොමද?
ටීනියා ප්‍රධාන වශයෙන්ම බෝවෙන්නෙ ස්පර්ශයෙන්. එනම් ආසාදනය ඇති ස්ථානයක් ස්පර්ශවීමෙන් අනතුරුව සිරුරේ වෙනත් ස්ථානයක් ස්පර්ශ කළවිට එතැන ටීනියා ආසාදනය වෙන්න පුළුවන්.
සම නිතර තෙත්ව තිබෙන විටද එම ස්ථානවල රෝගය පැතිරෙන්න පුළුවන්.

🥊 වළක්වාගන්නෙ කොහොමද?
රෝගය බෝවීම වැළැක්වීමට රෝගි​යාගේ ඇඳුම් පැලඳුම් වෙනම තැබීම සහ ඒවා ඔහුට හෝ ඇයට පමණක් භාවිතයට දීම අවශ්‍යයි. හවුලේ ඇඳුම් පැලඳුම් භාවිතය නොකළ යුතුයි. විශේෂයෙන්ම පනාව, තුවාය, මේස්, කොට්ට උර ආදිය නිවෙසේ සියලුදෙනාටම පොදුවේ භාවිතයට නොදී පෞද්ගලික පරිහරණය පමණක් සිදු කිරීම ඉතා වැදගත්. රෝගය ආසාදිත වූ අයෙකු නිවෙසේ සිටී නම් ඔහුගේ ඇඳුම් පැලඳුම් වෙනම තබන්න. එම ඇඳුම් සෝදා හොඳින් අව්වේ වේළා මැද භාවිත කරන්න. නයිලෝන් යට ඇඳුම් ඇඳීමෙන් වැළකීම, කපු ඇඳුම්වලට හුරුවීම ආදියද කළ යුතුයි.

එමෙන්ම සුරතල් සතුන්ගේ ලොම් වැටී තුවාල ස්වභාවයක් දක්නට ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබාදෙන්න. එමෙන්ම සුරතල් සතුන් අතපත ගෑමෙන් හැකි තරම් ඉවත්වී සිටීමත් සුදුසුයි.

🥊 සුව කරන්න පුළුවන්ද?
මෙය දිලීර ආසාදයක් බැවින් දිගු කාලයක් දිලීර නාශක ඖෂධ භාවිත කිරීමෙන් සුව කරගත හැකියි. එහෙත් ප්‍රතිකාර ගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මතයි. එමෙන්ම ඖෂධ ගත යුතු කාලය කෙතරම්දැයි වෛද්‍යවරයා තීරණය කරන බැවින් එය නිසි ලෙස එම කාලය පුරාවටම ගැනීම අත්‍යවශ්‍යයි. සමහරවිට එය ගිලින පෙති සහ ආලේපන ලෙස විය හැකියි. ප්‍රතිකාර අතරතුර රෝගය සුව වී ඇතිබවක් දැනුණත් ප්‍රතිකාර නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි.

එමෙන්ම රෝගය පවුලෙන් තුරන් කර ගැනීම සඳහා පවුලේ අනෙක් අයටත් රෝගය බෝවී ඇත්දැයි සොයා බලා සියලුදෙනාටම එකවර ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.

🥊 හිතුමතේ ක්‍රීම් ආලේප කරන්න එපා
ටීනියා වසංගතයක් ලෙස රට පුරා පැතිර යාමට හිතුමතේ දිලීර නාශක ආලේපන භාවිතයද හේතුවක් වී තිබෙනවා. ටිනියා දිලීර ආසාදනයට ස්ටෙරොයිඩ ඖෂධය භාවිතය සුදුසු නැහැ. දිලීර නාහක සහ ස්ටෙරොයිඩ් එකතු කර නිෂ්පාදනය කර තිබෙන ආලේපන වර්ග බොහොමයක් වෙළෙඳපොළේ තිබෙනවා. ඖෂධ හිතුමතේ ඖෂධසැල්වලින් මිලදී ගැනීමට බොහෝදෙනා පුරුදු වී තිබෙනවා. එවැනි ආලේපන වර්ග භාවිතය නිසා ටීනියා ලපවල ස්වභාවය වෙනස් වී නිවැරදිව රෝගය විනිශ්‍චය කර ගැනීම අසීරුවෙනවා. ඒ වෙග්ම රෝගය සිරුර පුරාම පැතිරයාමටද එම ආලේපන හේතුවෙන්න පුළුවන්

එබැවින් ඔබේ සමේ කැසීමක් හෝ රතු පැහැ ලප දක්නට ඇත්නම් ළඟම ඇති රෝහලේ චර්ම රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න. හිතුමතේ ආලේපන භාවිතයෙන් වළකින්න.

💕උපුටා ගැනීමකී

Address

Balangoda
Colombo

Telephone

+94765427122

Website

Alerts

Be the first to know and let us send you an email when Drugs counseling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram