Home Nursing Service

Home Nursing Service Reliable Home Nursing Services & Caregivers Services in their own Home.

We bring world class Home Care and Elder Care into our Customers - රෝහල් ගත නොවී හෙද සහ සෞඛ්‍යය සේවාවන් ඔබේ නිවසේදීම.

පුංචි යමක්🧠 මේම රූපයේ දැක්වෙන්නේ දත් සහ මොළය සම්බන්ධ කරන ස්නායු. දත් වල සහ විදුරුමසේ ඇතිවෙන අධික වේදනාවකදී, අධික හිසරදයක...
15/09/2021

පුංචි යමක්

🧠 මේම රූපයේ දැක්වෙන්නේ දත් සහ මොළය සම්බන්ධ කරන ස්නායු. දත් වල සහ විදුරුමසේ ඇතිවෙන අධික වේදනාවකදී, අධික හිසරදයක් ඇති වීමට හේතුව මෙයයි .. 😐😐

ඔබව වටින අපෙන් ඔබට වටින උපදෙසක්,කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි මත ආරක්ෂ...
22/08/2021

ඔබව වටින අපෙන් ඔබට වටින උපදෙසක්,

කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි මත ආරක්ෂක උපක්‍රම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වනවා.

පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි වලට අනුකූලව අප පැළඳිය යුත්තේ mask එකක්ද, එකකට වඩා පැළඳීමෙන් වාසියක් තිබේ ද යන්න බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්.

සෞඛ්‍ය සේවකයින් ඇතුළු කෝවිඩ් රෝගීන් සමග කටයුතු කරන පුද්ගලයින් පළදින N95 වර්ගයේ මුව ආවරණ නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින විට එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical mask එකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්‍රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වේද යන්න පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි තරමක් දුරට මුල් අවස්ථාවේ පවතිනවා. ලෝකයේ ඇතැම් මහජන සෞඛ්‍ය ආයතන මගින් මෙම උපක්‍රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දක්නට ලැබුණි.

රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්‍රව්‍ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.

දිනෙන් දින වඩ වඩාත් පරිණතවන විද්‍යාත්මක සාක්ෂි පදනමක් මත ඔබ වෙත ගෙන එන මෙම නිර්දේශ යාවත්කාලීන කිරීමට අපි බැඳී සිටිනවා.

මෙවන් අවස්තාවකට මුහුන දෙන කාලපරිච්ඡේදයක ඔබගේ ආදර්නීයන් ආරක්ශා කරගැනීම ඔබගේ වගකීමයි,

SEALABLE POUCH OF NEW PREMIUM QUALITY ORGANIC MORINGA OLEIFERA LOOSE LEAVES Natural Ceylon Herbal tea 100% Pure Moringa ...
19/08/2021

SEALABLE POUCH OF NEW PREMIUM QUALITY ORGANIC MORINGA OLEIFERA LOOSE LEAVES Natural Ceylon Herbal tea

100% Pure Moringa oleifera Leaf Natural Ceylon Herbal tea


Boost your energy levels with our Moringa tea. Each tea bag is filled with 100% pure dried Moringa leaf that can be steeped and rapidly absorbed into the bloodstream. This amazing nutrient-dense gift from nature has been used as a dietary supplement for thousands of years by different cultures across the globe.

The Moringa “Miracle Tree” boasts an amazing 30% plant-based protein, 90+ all-natural vitamins and minerals, all 8 essential amino acids, 46 powerful antioxidants, omega’s 3, 6 and 9, calcium, potassium, iron, zinc and Vitamins A, K and C. In addition, moringa tea is naturally caffeine-free, vegan and gluten-free.

Its no wonder Moringa has been selected by a number of NGO's for their food programs in many developing nations to fight malnutrition and starvation. Moringa is possibly the most the most nutrient dense superfood discovered on earth.

Start your day with Moringa and get the energy blast you need to get through the day.

Moringa Health Benefits


Organic Moringa

100% Pure, all-natural product in high grade premium moringa

Naturally caffeine-free

Contains over 90 plant-based vitamins and minerals

Helps to boost and sustain energy levels

Supports healthy vibrant looking skin

Overall Well-Being

Increased Mental Clarity & Positive Mood

Supports Weight Loss Through Improved Metabolism & Digestion

Helps Maintain Healthy & Balanced Cholesterol within a normal range

Helps Maintain Healthy Blood Sugar levels within a normal range

Helps Maintain Healthy Blood Pressure levels within a normal range

Non-GMO and Gluten-free

INGREDIENTS:
Dried organic Moringa oleifera tea

SUGGESTED USE:
We recommend drinking 2-3 cups of Moringa tea per day. Moringa tea is most effective when combined with a healthy diet and daily exercise.

Heart Rate Monitoring SPO2/PR/PI - Digital Fingertip Oximeterඋසස් තත්වයේ ඔක්සිමීටර 4500/= සිට ‌ඉහලට ගෙදරටම ගෙන්වා ගන්න.ඔ...
19/08/2021

Heart Rate Monitoring SPO2/PR/PI - Digital Fingertip Oximeter
උසස් තත්වයේ ඔක්සිමීටර 4500/= සිට ‌ඉහලට ගෙදරටම ගෙන්වා ගන්න.

ඔබගේ රුදිරයේ ඔක්සිජන් මට්ටම සහ ඔබේ ස්පන්දන වේගය නිවසේ සිටම මෙම උපකරනය මගින් පරීක්ෂා කරගත හැකිය.භාවිතා කිරීමද ඉතා පහසුය.

🔹ඔනෑම ස්ථානයක පහසුවෙන් රැගෙන යාමේ හැකියාව.
🔹ඩිජිටල් දර්ශනය මගින් ඔබගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඔබට නිරීක්ෂණය කරගත හැකිය.
🔹ඔබේ ඇඟිල්ල බිමට සමාන්තර වන පරිදි තබන්න.සුදු බොත්තම සමඟ ඔක්සිමීටරය සක්රිය කරන්න.
🔹ලබාගත් මිනුම කියවන්න.

Island-wide Cash on Delivery available
Call, WhatsApp, 0764956544
භාණ්ඩ ඔබේ ගෙදරටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න.

Feature:

1. Finger pulse oximeter is an economical and accurate method that can detect the pulse rate and blood oxygen saturation of the finger. It is suitable for testing blood oxygen saturation and pulse rate in hospitals, homes, schools and medical centers.
2. Quick inspection, built-in high-speed sensor, using high-performance sensor, the measurement time is shortened, only 8 seconds.
3. The product is small in size, light in weight and easy to carry.
4. Automatic shutdown function: in the state of the measurement interface, it will automatically shut down about 20s after the tested finger is disconnected.
5. Measure 4 parameters: SPO2 (blood oxygen saturation), PR (pulse rate/heart rate), PI (perfusion index), sleep monitoring parameters.
6. With 8 hours of data storage and data analysis functions.
7. Two-color OLED display, 6 display modes, can view various indexes in real time.

ඔබේ ආදරනීයයන්ව අපි ආදරෙන් රැක බලා ගන්නෙමු.. We care your loved ones...❤️දක්ෂ සහ පලපුරුදු වෘත්තීය පුහුණුව ලත් රෝහල් උපස්ථ...
18/08/2021

ඔබේ ආදරනීයයන්ව අපි ආදරෙන් රැක බලා ගන්නෙමු..
We care your loved ones...❤️
දක්ෂ සහ පලපුරුදු වෘත්තීය පුහුණුව ලත් රෝහල් උපස්ථායක හා ගෘහස්ථ හෙද හෙදියන් සඳහා විමසන්න..

Epsilon coronavirus variant - එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය "එප්සිලන්"..!කොවිඩ් වෛරස ප්‍රභේද 10ක්...
18/08/2021

Epsilon coronavirus variant - එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය "එප්සිලන්"..!

කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන ‘එප්සිලන්’ යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බැව් දැන් අනාවරණය වී ඇත. ‘එප්සිලන්’ මෙසේ බියකරු වීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ, එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය.

මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ එන්නත්වලට මර්දනය කිරීමට හැකි වුවද, ‘එප්සිලන්’ ප්‍රභේදය මර්දනය කිරීම ඉතා දුෂ්කර කාරියක් වී ඇත. ඒ හෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර, ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක්වී ඇති විශේෂිත වගතුගක්ද වෙයි.

මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය.

එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවෙයි. ‘කොවිඩ්-19’ වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම, එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල ‘එප්සිලන්’ ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් සොයාගෙන ඇත.

ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රෝනික මයික්‍රෝස්කොපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය.

කෙසේ හෝ මෙම ‘එප්සිලන්’ නැමැති නවතම මාරක අමුත්තාගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිවුවැනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තාගේ පැමිණිමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තෙවැනි රැල්ලද යම් අයුරින් සමථයකට පත්වී තිබියදී මෙයට මාස 02කට පමණ ඉහතදී කොරෝනා 04 වැනි රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්‍රබලව පැතිර ගියේය.

මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර, දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිවුවැනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් 4 වැනි රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති ‘එප්සිලන්’ කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි.

ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය.

මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික ‘එප්සිලන්’ 11 වැනි කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බැව්ය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්දනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛi පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත්, මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත.

මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ, එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී එන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව ‘එප්සිලන්’ ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බැව් පැවසෙයි.

ඇමෙරිකාවේ වසංගත රෝග මර්දන සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයා ගත්තේය.

කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයා ගත්තද, මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වෙයි. පසුගිය කාලයේ ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය අතිශය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන් ලක්‍ෂ ගණනාවක පිරිසක් මියගියේය.

ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර, දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛi අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන ‘සයිනෝෆාම්’ එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි. එහෙත් යම් හෙයකින් නව ප්‍රභේදය වන ‘එප්සිලන්’ අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරු වනු ඇතිය. ‘එප්සිලන්’ යන නාමය යෙදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර, මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛද්‍ය සංකේතය වන්නේ යන්නය.

COVID රෝගියෙක් නිවසේදි රුකබලාගන්නේ කෙසේද.ලංකාවේ මේ වනවිට කොවිඩ් සඳහා වෙන්කෙරුනු රෝහල්වල / විශේෂ කොවිඩ් මධ්‍යස්ථාන වල මෙන...
18/08/2021

COVID රෝගියෙක් නිවසේදි රුකබලාගන්නේ කෙසේද.

ලංකාවේ මේ වනවිට කොවිඩ් සඳහා වෙන්කෙරුනු රෝහල්වල / විශේෂ කොවිඩ් මධ්‍යස්ථාන වල මෙන්ම ශික්ෂණ රෝහල් වල කොවිඩ් වාට්ටු වලත් ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම නිසා රෝගීන්ට රෝහලක් ලැබෙන තෙක් හෝ
ඇතැම් විට සම්පූර්ණ දින 14 ක කාලයම නිවසේම රැඳී සිටින්නට සිදුවෙනවා.

මෙවැනි අවස්ථාවක කෝවිඩ් රෝගියෙකු රැකබලා ගැනීම පිළිබඳව බොහෝ ගැටලු සමාජය තුළ මතු වී තිබෙනවා.
අවාසනාවකට මේ සමග බොහෝ මිත්‍යා මතත් පැතිරීගෙන යනවා .

1) #වාර්තාව

PCR පොසිටිව් වීමට පසු නොව, PCR පරීක්ෂණය සිදු කිරීමට මත්තෙන්ම බහුතරයක් කලබල වෙනවා. මූලිකව ඔබ අවබෝධ කරගත යුත්තේ, හොඳ සිහියෙන්, සියල්ලට මුහුණ දෙනව මිසක් ,කලබල වීමෙන් සිදුවන්නේ ඔබ අවට ඔබේ නිවැසියන් සහ ඇතැම් විට ඔබේ කුඩා දරුවන් ඒ ඔස්සේ කරදරයට පත් වීමයි. මේ කලහකාරී හැසිරීම් නිසා ඇතැම් කුඩා දරුවන් සුලු වශයෙන් විශාදය වැනි තත්ත්වයන්ට පවා ලක් වී තිබෙනවා.

2) #රෝගලක්ෂණ

බහුතරයක් රෝග ලක්ෂණ රහිත වන අතර රෝග ලක්ෂණ ඇති අය අතරින් බහුතරය, දිනකීපයකදී සාමාන්‍ය තත්ත්වයට පත්වන අතර සතියකින් සම්පූර්ණ සුවය ලබන බවත් වාර්තා වනවා.

3) #වෙන්වෙන්න

🔴 PCR/ RAT වාර්තාවක් ලබා ගන්නට උපදෙස් දෙන්නේ හෝ ඔබ විසින්ම ඒ සඳහා යොමු වන්නේ යම් සැකයක් ඇතිව බැවින් ඊට පෙර සිටම හැකි නම් වෙන් වෙන්න.
🔴 මෙය නිවැරැදිව කල යුත්තේ වෙනම කාමරයක් සහ වෙනම වැසිකිලියක් සංකල්පය තුල වුවත්, නිවසේ ඔබට ඇති පහසුකම් අනුව වෙනස් කරගන්න පුළුවන් .

උදාහරණයක් විදිහට,

🔴 නිවසේ හොඳින් වාතාශ්‍රය ලැබෙන එක් කොටසක් ඉටිකොල වලින් තාවකාලිකව වෙන් කර, සෙසු ප්‍රදේශ සමඟ අවම වශයෙන් අඩි හයක දුරක් සහිතව, රෝගියාට පහසුවෙන් සිටින්නට හැකි ලෙස නිදන ඇඳ සහ පුටුවක් ලබා දෙන්න. 🛏️
🔴 ජනේලයක් අසල ඇඳ සකස් කර තබා, ඇඳ ඉදිරිපිට ජනේලයට මුහුණ ලා ඉඩකඩක ෆෑන් එකක් තබනවා නම් වාතාශ්‍රයේ ඇති කෙල බිඳිති නිවාස පරිශ්‍රයේ එක්කාසු වීම අවම කරගන්නට පුළුවන් . 🛌
🔴 රෝගියා නිවසේ අන් ස්ථාන වල ගැවසීම ඉදිරි දින 14 දක්වාම නවත්වන්න.
🔴 හොඳින් වැසිය හැකි කුණු දමන භාජනයක් හෝ පියනක් සහිත බාල්දියක් රෝගියා ආසන්නව තබන්න.
🔴 සෙම් ,සොටු පිසදමන ටිශූ , ආහාර වලින් ඉවතදමන දෑ ,වමනය ඇතුලු සියල්ල ආරක්ශාකාරීව එම බාල්දියට පමණක් දැමිමට රෝගියා යොමුකරවන්න.
🔴 නිවසේ බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් සිටිනවා නම් ඔවුන් රෝගියාගේ පරිශ්‍රයට යාම වළක්වන්න . 🐶🐱
🔴 නිවැසියන් සියල්ල එකම වැසිකිලියක් භාවිතා කරනවා නම් රෝගියා භාවිතා කිරීමෙන් පසු විශබීජ නාශකයක් මගින් එය ඉතා හොඳින් පිරිසිදු කල යුතුයි. 🚽
🔴 හොඳ වාතාශ්‍රයක් ලැබෙන ලෙස වැසිකිලියේ සහ නාන කාමරයේ සියළු ජනෙල් විවෘතව තබන්න. 🛁

4) #රෝගියා රැකබලා ගැනීම

🔴 රෝගියාගේ ඇඳුම් පැලදුම්, වතුර බෝතල්, කෝප්ප වෙන් කර රෝගී පරිශ්‍රයේ පමණක් තබන්න.
🔴 කිළිටි රෙදි පවා රෝගියා විසින්ම සෝදා ගැනීම වඩාත් උචිත වුවත් එසේ කිරිම අපහසු වටපිටාවක නම් නිවසේ තෝරා ගත් එක් නිරෝගී පුද්ගලයෙක් පමණක්
ආහාර / තේ / බෙහෙත් ලබා දීම, රෙදි සේදීම සහ රෝගියා පිරිසිදු කිරිම මෙන්ම වැසිකිලිය සහ නාන කාමරය පිරිසිදු කිරීම සඳහා යොදවන්න.
🔴 රෝගියා බලා ගන්නා පුද්ගලයා, නිවැරැදි ලෙස මාස්ක් භාවිතා කරන්න.( හැකිනම් මුව ආවරණ දෙකක් භාවිතා කරන්න )
🔴 ග්ලවුස් භාවිතා කිරීම සහ රෝගියා මෙන්ම ඔහුගේ බඩුබාහිරාදිය ඇල්ලීමෙන් පසු හොඳින් පිරිසිදු වි නිවැසියන් අතරට යෑම ඉතාම වැදගත්.
🔴 නිවසේ pulse oxymeter එකක් ඇත්නම් එය රෝගියාගේ මහපට ඇඟිල්ලට සම්බන්ධ කර බලන්න. අවම වශයෙන් Spo2 95 - 96 % ප්‍රමාණයක්වත් ඇත්දැයි කල්පනාවෙන් බලා ඉන්න.
🔴 උණ සහ අනිකුත් දත්ත අගයන් දිනපතා පොතක සටහන් කරන්න.
🔴අනතුරුදායක අවස්ථා ගැන කල්පනාකාරී වන්න.

5) #අනතුරුදායක අවස්ථා ⚠️️⚠️️⚠️️
( Dr. Sanjeevani Pathirane )

⚠️️ (1) හුස්ම ගැනීමේ අපහසුතා.
(ඔබට pulse oxymeter එකක් තියනවා නම් එහි අගය 95% ට අඩු වනවා නම් එය අනතුරුදායක වෙන්න පුළුවන් )
⚠️️ (2) දිගටම පවතින පපුවේ වේදනාව හෝ බර ගතිය.
⚠️️ (3) අධික නිදිමත ගතිය හො අවදිවිමේ අපහසුතා.
⚠️️ (4) සිහිකල්පනාව අවම වීම.
⚠️️ (5) සමේ හෝ නියපොතු වල පැහැය වෙනස් වීම.
⚠️️ 6) අධික උණ, පාචනය, වමනය හෝ ආහාර ප්‍රතික්ශේප කිරීම.

6) #මාස්ක්/මුව ආවරණ

⚠️️තමාටම වෙන්වූ කාමරයක වෙනම සිටිනවා නම් රෝගියා තනිව සිටින අවස්තා වලදී, මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නැහැ.හැබැයි එකම නිවසේ වෙන් කරගත් කොටසක නම් කල්පනාවෙන් !

⚠️️රෝගියා රැකබලාගන්නා සමඟ මුහු වන සෑම අවස්ථාවකම දෙදෙනාම, එනම් රෝගියා සහ රැකබලා ගන්නා යන දෙදෙනාම මුව ආවරණය හොඳින් පැළඳ සිටිය යුතුය.
රැක බලාගන්නා ග්ලවුස් පැළඳීම වඩා සුදුසුයි.

7) #රෝගී කාමරයෙන් පිට වන ආකාරය

✅ වැඩකටයුතු නිම වීමෙන් පසු ග්ලවුස් ගලවා කුණු භාජනයට දමන්න.
✅ ඉන්පසුව, අත් සැනිටයිසර් එකෙන් පිසදා මුව ආවරණය කන දෙපස නූල් ඉරීම මගින් ඉවත් කර, කුණු භාජනයකට දමන්න.
✅ කිසිවිටෙක මුව ආවරණය මැදින් අල්ලා ඉවත් නොකරන්න.
✅ ඔබේ දෑත් සබන් ගා ගලායන වතුරෙන් තත්පර විස්සක්වත් සෝදන්න.
✅ රෝගියාගේ මළමුත්‍රා, කෙළ, සෙම සහ රෝගියා විසින් පරිහරණයට ගෙන ඉවත දමන සියල්ලේ වෛරස් කොටස් රැඳි තිබිය හැකි නිසා මේ සියළු අපද්‍රව්‍ය කුණුවලකට දමා එවෙලේම ගිණි තියන්න.
✅ නා පිරිසිදු වී නිවස තුලට යන්න.

😎 #කුඩාදරුවන්

🧒 එකම නිවසේ රැඳී සිටින විට කුඩා දරුවන් වෙන්ව තැබීම ඉතා අපහසුයි .
🧒 යමක් අවබෝධ කරගත හැකි මට්ටමේ නොවන දරුවන් හැමවිටම ඔබේ ඇස්මානයේම තියාගන්න.
🧒 ලොකු දරුවෙක් නම් රෝගී තත්ත්වය තේරුම් කරදෙන්න ඔබට පුළුවන්.
🧒 නහය හිරවීමක් වැනි තත්ත්වකදී වෛද්‍යවරයකු නිර්දේශ නොකලේ නම්, දුම් ඇල්ලීම් හෝ විටමින් වර්ග පෙවීම අවශ්‍ය නැහැ .
⚠️️⚠️️⚠️️ දුම් ඇල්ලීම එහෙමත් නැත්නම් steam කිරීමට යාම මගින් දරුණු පිළිස්සීම් වලට ලක්වූ බොහෝ කුඩා දරුවන් පහුගිය දිනවල අපට රෝහල්වලදී හමු වුන බව මතක තියාගන්න.
⚠️️⚠️️⚠️️ ප්‍රතිශක්තිකරණය යනු අවුරුදු ගණනාවක් තිස්සේ එක්කාසු කරගන්නා අභ්‍යන්තර ජීව විද්‍යාත්මක සංසිද්ධියක් මිසක් එකවර දින කිහිපයක් හෝ සති කිහිපයක් හරහා වර්ධනය කර ගත දෙයක් නොවන බවත් මතක තියාගන්න.

9) #බෙහෙත්

🔴 උණ හෝ ඇඟපත වේදනා සඳහා (පැරසිටමෝල් ඇලජි නොවන රෝගියෙක්ට) පැරසිටමෝල් පැය හයෙන් හයට ලබා දෙන්න පුළුවන්.
🔴 දිගුකාලීනව සායන හරහා බෙහෙත් ලබාගන්නා රෝගියෙක් නම් ඒ බව ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ 1990 දුරකථන හා සම්බන්ධ වන වෛද්‍යවරයකු සමග සාකච්ඡා කර එම බෙහෙත් දිගටම ලබාදෙන්න.
⚠️️ බෙහෙත් වල යම් වෙනස් කිරීමක් කළේ නම් ඒ බව සායන පොතේ පැහැදිලිව ලියා තබන්න .
🔴 වෛරස් රෝගයකට නිශ්චිත බෙහෙත් වට්ටෝරුවක් නොමැති වුවත්, වෛරසයක් හරහා දුර්වල වන ශරීරයට ඇතුල් වන බැක්ටීරියා මගින් ඇතිවන ද්වීතීක රෝග වලට යම් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන බැවින් උණ සමග වෙනත් රෝග ලක්ෂණ මතු වනවා නම්, වෛද්‍යවරයකු අමතන්න .

10) #ආහාර

🍎 පෝෂ්‍යදායි ආහාර ලබා දෙන්න
🍎 උණ හෝ පාචනය ඇත්නම් ජීවනි සහ දියර වර්ග වැඩිපුර දෙන්න.
🍎 නිවැසියන්ද නිරෝදායනය වන්නන් බැවින් ආහාර ගැනීමේදි ඔබගේ අන්‍යොන්‍ය දුරස්ථ භාවය රැක ගන්න.

11) #හංගන්න එපා ඒවගේම හැංගෙන්නත් එපා

❌ නිවසේ කොරෝනා ආසාදිත රෝගියෙක් සිටින බව PHI ට වගේම අසල්වාසීන්ට දැනුම් දෙන්න.
හිතවත්කමට රඹුටන් මල්ලක් ගෙන එන ඔබේ හිතවතුන්ට කොරෝනා වෛරසය බෙදන්න එපා‼️
❌ වාහනයේ නැගී ඔබ නොදන්නා කඩවල් වලට ගොස් රිසි සේ සාප්පු සවාරියේ යෙදී වගකීම් විරහිත ලෙස හැසිරෙන්න එපා‼️
රැකියා ස්ථාන වලට දැනුම් දී නිවාඩු අනුමත කරගන්න.
❌ නිරෝධායන නීති හරියට පිළිපදින්න.

12) #දින 14 න් පසු

PHI හමු වී ඔබට අදාල කාඩ්පත් ලබා ගන්න. ෆැම්ලි ඩොක්ටර් හමුවී ඔබේ යම් ගැටලු හෝ ශාරීරික අපහසුතා ඇත්නම් ඒ ගැන සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.

එළඹී ඇත්තේ ලංකාවේ ඉතා තීරණාත්මක කාල සීමාවක්.
එනිසා වගකීමක් සහිත පුරවැසියන් විදියට එක්වන්ව, එක්සිත්ව අනාගතයට මුහුණ දිම ඔබේත්, මගේත් වගකීමයි !
නිසි තීරණය, නිසි මොහොතේ ගන්න...
අපි කොරෝනාවෙන් මිදෙමු !!!
Dr. Sanjeevani Pathirane
Samadhi

බස්නාහිර පළාතේ COVID-19 වැළඳී නිවසේ රැඳී සිටින ඔබට වෛද්‍ය 1390 සේවාව හරහා උපදෙස් ලබා ගැනීමට ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය...
18/08/2021

බස්නාහිර පළාතේ COVID-19 වැළඳී නිවසේ රැඳී සිටින ඔබට වෛද්‍ය 1390 සේවාව හරහා උපදෙස් ලබා ගැනීමට ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) / මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දුරකථනයෙන් අමතා හෝ SMS පණිවිඩයක් හරහා හෝ සම්බන්ධ වීම මගින් ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි කරගෙන අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

🔸නිවසේ සිට ප්‍රතිකාර සඳහා අවශ්‍ය
සුදුසුකම්

⦾ වයස අවුරුදු 2 - 65 අතර වීම
⦾ නිදන්ගත රෝග නොමැති නිරෝගී පුද්ගලයෙක් වීම
⦾ ගැබිණි මවක් නම් සති 24 ට වඩා ගැබ් කාලය අඩු වීම
⦾ නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීමට පහසුකම් තිබීම
⦾ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වීම

🔸ඔබට ලැබෙන සේවාවන්

⦾ වෛද්‍යවරයකු විසින් ඔබගේ රෝග ඉතිහාසය ලබාගෙන දිනපතා ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම
⦾ හදිසි තත්වයක දී අවශ්‍ය උපදෙස් ලබා දීම සහ රෝහලකට යොමු කිරීම

12/08/2021

හදවතින්ම හෙද සේවයට කැමති ඕනෑම කෙනෙකුට අයදුම් කල හැක. මාසික වැටුප රුපියල් 54,000/= සිට 75,000/= දක්වා.

ආහාර පාන හා නේවාසිකාගාර නිල ඇඳුම් නොමිලේ.

නුපුහුණු අය සඳහා දින 14ක නොමිලේ පුහුණුවක් ලබා දේ.

හෙද සහායකයන් හා සහයිකාවන් අවශ්‍යයි,
ළදරුවන් රැක බලාගැනීමට හැකි සහයිකාවන් අවශ්‍යයි,

පළපුරුදු හෙද සහයක හා සහායිකාවන් ට ඉහළ වැටුප් හා දීමනා

Lung Cancer Part ILung cancer is the second most common cancer in the UK with around 38,300 people being diagnosed every...
11/08/2021

Lung Cancer

Part I

Lung cancer is the second most common cancer in the UK with around 38,300 people being diagnosed every year. Nine out of 10 cases are caused by cigarette smoking and it accounts for approximately 33, 500 deaths per annum in Britain alone. Lung cancer is usually fatal, except for the small percentage of patients diagnosed at the early stages of the disease.

The more ci******es a person smokines, the more likely they are to develop lung cancer, although the length of time as a smoker also matters. For example, if a person has smoked 20 ci******es a day for 40 years, the risk of lung cancer is about eight times greater than if they have smoked 40 ci******es a day for 20 years. The good news is as soon as smoking is stopped, the risk of lung cancer begins to decrease, and 15 years after giving up smoking, lung cancer risk is almost the same as a nonsmokers.

Causes and risk factors include👇

👉 Cigarette smoking.
👉Pipe and cigar smoking.
👉Passive smoking.
👉A family history of lung cancer.
👉Scarring from previous lung disease such as tuberculosis. (TB)
👉Air pollution.
👉Exposure to radon gas ( the second biggest cause of lung cancer), a naturally occurring radioactive gas that can seep out of the soil into basements.

👉Frequent exposure to certain inhalent chemicals including asbestos, metal dust and fumes, paints, herbicides, and insecticides.
Previous cancer treatment.

Symptoms include👇👇

👉A permanent cough.
👉Wheezing.
👉Shortness of breath.
👉Coughing up phlegm with blood in it .
👉An ache or pain when breathing or coughing.
Loss of appetite.

👉Fatigue.
👉Unexpected weight loss.

Covid-19 අසාදනය වී සිට සුවවු අයෙකු ගේ පෞද්ගලික අත්දැකීම් ඔබ වෙනුවෙන්...රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේ...
11/08/2021

Covid-19 අසාදනය වී සිට සුවවු අයෙකු ගේ පෞද්ගලික අත්දැකීම් ඔබ වෙනුවෙන්...

රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා mask ගැලවීම
රෝගය සෑදුන වයස් කාණ්ඩ :මාස 6 , අවුරුදු 7 , 9yrs ,15yrs ,24yrs ,31yrs ,35yrs ,59yrs ,67yrs , 95yrs

නිදන්ගත රෝග: තාත්තාට දියවැඩියාව සහ හෘද රෝග

වෙනත් : ආච්චි ඇදට සීමා වූ අයෙක්..අම්මා පෙර සිටම ස්වසන අපහසුතා තිබූ අයෙක්...අක්කා කිරිදෙන මවක්...

රෝගය වැළඳී ඇතැයි සැක ඇති වූ වහාම:
GS, PHI මහත්වරුන් දැනුවත් කර rapid antigen පරීක්ෂණය සදහා දිනයක් ලබා ගත්තා...
එතකන් ස්වයං නිරෝධායනය වුනා..ගෙදර හැමෝම වෙන වෙනම හිටියා...දන්නේ නෑනේ කාට තියෙද ,වාසනාවට තාම කවුරු හරි negative අය ඉන්නවද කියලා...ඇසුරු කල අයව දැනුවත් කලා..එවිට පොකුරු නිර්මාණය වීම වලක්වා ගත හැකි නිසා

රෝගය පැතිරීමේ වේගය: අම්මාට උත්සවයෙන් දින තුනකට පසුත් ගෙදර අන් අයට සතියක් ඇතුලත ලෙඩේ හැදුනා..පැතිරුන වේගේ හැටියට delta varient එක වෙන්න ඇති කියල guess කලේ..ඒත් හරියටම varient එක දැනගන්න වෙනම test එකක් කරන්න ඕනලු....ඒවා සමීක්ෂණ කරන අය තමා කරන්නේ ...අපේ කරන්නේ නෑ..

Vaccine එක ලබාගැනීම/නොගැනීම : මම ( දින දෙකකට පෙර) ,තාත්තා (සති දෙකකට පෙර) , අම්මා (සති දෙකකට පෙර) sinopharm 1st dose එක අරගෙන හිටියේ.. අක්කල දෙන්නා,දරුවන් සහ ආච්චි vaccine එක ඒ වෙද්දි අරගෙන හිටියේ නෑ

රෝග ලක්ෂණ

Day 1 - 3/4- මුලින්ම උගුර රිදුනා...වියලි ගතියක් දැනුණා..හෙම්බිරිස්සාව හැදෙන්න වගේ...ඇඟපත රිදෙන්න ගත්තා...විශේශෙන් තුනටිය,කෙණ්ඩ, කොදු නාරටිය,දණහිස්...ටික දවසකින් බෙල්ලේ දකුණු පැත්තත්..නැගිට ගන්න බැරි උනා..කන්න බැරි උනා...පැය 6න් හයට උණ ගත්තා...vaccine එක ගත්තේ නැති මගේ අක්කල දෙන්නට නම් හිසරදය හොදටම ඇවිත් දරා ගන්න බැරි තැන වමනෙත් ගියා..

Day 3/4- Day 6/7- අමාරුකම් ටික ටික අඩු උනා...ඒත් තෙහෙට්ටුව තිබුනා..Day 3 වල වගේ ඉදන් ගද සුවද සම්පූර්නෙන් නොදැනී ගියා...සැරම scent එක ගැහුවත් දැනුනෙ නෑ...කන බොන දේවල් වල රස දැනුනේ නෑ..ඒත් කොහොම හරි කෑවා...පහු වෙනකොට නම් ළඟ ඉන්න කෙනත් ගිලින්න පුලුවන් තරම් බඩගිනි වැඩි උනා...කටහඩ වෙනස් වුනා day 3 වල වගේ ඉදන්..පොඩ්ඩක් හුස්ම ගන්නත් අමාරු ගතියක් දැනුණා....වහිකොට , රෑ ට ඒක වැඩියි...කන් අඩි තද වෙලා තිබ්බේ..මැදක් හරියෙදී ආසාවට හොටු කදුලක් නෑ😂 නහය ,උගුර වේලිලා ගිහින්..

Day 6/7- Day 10 - මේ වෙනකොට නම් අමාරු හරිය ඉවරයි...ඒත් තෙහෙට්ටුව නම් එහෙම්මමයි...අඩි දහයක් ගියත් හති..එක දිගට කතා කලත් හති...ඒ වගේමයි ආතතියත් වැඩි උනා ..ඒ කියන්නේ මල පනිනවා හරියට ගෙදර හැමෝටම....ආච්චි නම් දිගටම කෑම වර්ජනේ කරා...sustagen ,biscuit ,කැද බලෙන් තමා එයා හිටියේ...ඒත් අනිත් අයට නම් දැනුනෙව් සෝමාලියාවට land කරල වගේ බඩගින්නක්...පුලුවන් තරම් කෑවා...ඉක්මනට recover වෙන්න ඕන නිසා...day 9/10 වගේ වෙද්දී වියලි කැස්ස ආවා...ඊට පස්සේ ඒක ටික ටික සෙම කැස්ස බවට පත් උනා...කොච්චර කැස්සද කියනව නම් six packs එන්න ඒ හොදටම ඇති...සෙම පැසවන්න ගත්තා...ඒකට antibiotics ගත්තා..ඒත් කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා සේ කොච්චර කැස්සත් සෙම ගියේ චුට්ටයි...ඒ නිසා syrup එකක් use කලා..cosome කියලා expectorant syrup එකක්...ඒකට සෙම ගොඩක් පිට වුනා...

Day 10-14- ගද සුවද ආයේ ටික ටික දැනෙන්න ගත්තා...ඊට පස්සේ කෑම කනකොට මට හිතුනේ ජීවිතේට කන රසම කෑම කියලා...සති දෙකක් මොකුත් නොදැනි ඉදල දැනුන නිසා.. අච්චිගේ තත්වේ නම් හොද උනේ නෑ...සෙම වැඩි උන තරමට කතා කර ගන්නවත් බැරි උනා...වයසත් එක්ක බය හිතුනා..ඊට පස්සේ ආච්චිට සෙම ගතිය අඩු වෙන්න use කල බෙහෙතට වඩා ටිකක් සැර බෙහෙත් course එකක් පටන් ගත්තා...කන්න බැරි උනත් දියර වගේ හදලා පෙව්වා...
අද අපේ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 19යි මට...ඒත් තාමත් තෙහෙට්ටු ගතිය තියෙනවා..හිටි ගමන් හුස්ම ගැනීමේ අපහසුතා එනවා...concentrate කරන්න අමාරුයි ටිකක්...ඒත් අපි බොහොම පරිස්සම් වුන නිසා complications අඩුවෙන් මේ කාලය පහු කරගන්න පුලුවන් උනා...ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේකේ සමහර රෝග ලක්ෂණ මාස තුනත් නමයත් අතර තියෙන්න පුලුවන්ලු..දවස් 14 කියන්නේ නිකන් procedure එකේ ඉලක්කමක් විතරයි...ඒත් අවදානම තවමත් තියෙනවා කියල මම කතා බහ කරපු ,දැකපු දේවල් වලින් තේරුම් ගත්තා...ඕන තරම් එහෙම අය මැරිලත් තියෙනවා කියල දැන ගත්තා...හැබැයි දින 14කට පස්සෙ අපෙන් කාටවත් බෝවෙන්නේ නෑ..ඒත් අපේ ඇගේ virus එක ඉන්නවා...pcr කරනකොට ඒකේ අගයන් වැටෙනවා....ඒවයින් තමා රෝගියා රෝග වාහක තත්වයේ තවම ඉන්නවද නැද්ද කියල බලන්නේ...මමත් ඒක දැනගත්තේ PHI මහත්තයගෙන්

පොඩි අයට නම් අඩුවෙන් අමාරුකම් ආවේ...ඒත් මම news වලට කියනවා දැක්කා.මේ රෝගය සුව වෙනකොට post c ovid symptoms විදියට ඇගේ රතු පාට rashes දැම්මොත් වහාම වෛද්‍ය සහය පතන්න කියල...

සුව කරගැනීමට කල දේවල්

ආහාර: නිරෝධායන මධ්යස්ථාන වල දුන්න menu එක යාලුවන්ගෙන් අහල දැන ගත්තා

කන්න බැරි උනත් පුලුවන් උනත් හොදට කෑවා. Doctor කිව්වේ කාල බීලා ඉන්න ඕන කියලා නිතරම මේ ලෙඩේදී..කන්න ්බැරි කාලේ කැද, තැම්බුම් හොදි වගේ දේවල් බිව්වා..බිත්තර,මස් ,මාලු කන්න ඕනලු protein ගන්න....ඒ නිසා බිත්තරයක් කෑවා දවසකට..
තක්කලි සම්බල්,බල මාලු වගේ දේවල් දීල තිබුනා නිරෝධායන මධ්යස්ථාන වල.. කොටින්ම මේකට හීතල කෑම වලින් වැලකිලා උෂ්ණ කෑම කන එක තමා හොද
පලතුරු: දෙහි,දොඩම් බීම හදන් බිව්වා...අන්නාසි හොදයි කිව්වා.
අම්මට කෙණ්ඩ පෙරලෙන්න ගත්තා ලෙඩ උනාම නිතරම...එතකොටත් දෙහි බීම දුන්නම හරි ගියා...fluid ගොඩක් දෙන්න ඕනි...එතකොට ඒක හරි යනවා...vit E දුන්නමත් හරියනවා ..
පාන : සුවධරණි ,කොත්තමල්ලි,බාම්වැල්ගැට මොනව හරි දවසට දෙපාරක් බිව්වා උණුවෙන්...ඊට අමතරව දෙහි බීම වගේ දේවල් ගත්තා

බෙහෙත් : vitamins :දවසට vitamin C 500mg පෙත්තක්, zincovit multivitamin පෙත්තක් ගත්තා...දවස් දෙකකට හෝ තුනකට සැරයක් vit E කරලක් ගත්තා.. ( මේ විටමින් බීලා උනුවට දේවල් බොන්න හොද නෑ...තේ බොන්න හොදත් නෑ...) අක්කා කිරිදෙන මවක් නිසා එයාට නම් vit C පෙති දෙකක් ගත්තට කමක් නෑ කිව්වා දවසකට...හැබැයි දෙපාරකට..
සෙමට zeos loratadine 10mg පෙත්තක් රෑට ගත්තා..(දවසකට)
සෙම පැසෙව්වම ලෙඩාගේ තත්වේ අනුව doctor ට කියලා අදාල antibiotic එකක් ගත්තා...antibiotics නම් හරියට වෙලාවට නොකඩවා ගන්න ඕන...අතරින් පතර කැඩි කැඩි බිව්වොත් වැඩක් නෑ..දවස් 7ක් කිව්වා ඒක උපරිම බොන්න දෙන්නේ...
උණ ඇඟපත අමාරු වලට panadol ගත්තා..
කැස්සට cosome expectorant syrup එක ගත්තා
ආච්චිට නම් loratadine උදේටයි රෑටයි දුන්නා...සෙම ගතිය හොදටම වැඩි නිසා..
මොකද සෙම පිට වෙන තරමට හොදයි..නැත්නම් නිව්මෝනියාවට වගේ එන නිසා...

ක්රියාකාරකම්:
දවසට අවම තුන්පාරක් හුමාලෙ ඇල්ලුවා...දෙහි කොල,කුරුදු කොල,යකිනාරං කොල,ආඩතෝඩ කොල වගේ දේවල් දාල ඇල්ලුවේ..ඒක අල්ලනකොට නහය පිච්චිලා යන්න අල්ලන්න හොද නැහැ...සියුම් ස්නායු වලට හානි වෙන්න පුලුවන් නිසා...
හැමෝටම බැලුමක් ගානෙ දීලා දවසට දෙපාරක් විනාඩි 5ක් ඒක හොද හුස්මක් අරන් පුම්බලා ,අපාහු හුළං යවලා ,ආපහු ඒ විදියටම කරන්න කිව්වා...පොඩි ළමයින්ටත් ඒක විනෝදයක් උනා...ඒකේ අරමුණ lung exercise කරන එක

Pulse oximeter එකක් ගෙන්නගෙන (Rs. 5500ක් උනා) හැමෝගෙම ඔක්සිජන් ප්රමාණය, heart rate එක උදේ 8ට සහ රෑ 8ට මැනලා දවස් 14 record එකක් වග්ව්ව් තියා ගත්තා...අරමුණ: කෙනෙක්ට lungs දෙකේ අවුලක් නිසා අමාරු වෙන්න යනව නම් කල් තියා දැනගෙන hospital admit කරන්න පුලුවන්..මොකද අපිට ගෙදර නිරෝධායනය වෙන්න උනේ...ඒ වගේම තමන්ගේ අමාරුකම් කියන්න තේරෙන්නේ නැති වයස් වල ළමයි, වයසක අය හිටි නිසා එහෙම කරන්න උනා... O2 saturation 94 ට වඩා අඩු වෙලා heart rate 100 ට වඩා වැඩි උනොත් අවදානම්..ඒ නිසා නිතරම ඒ ගැන අවධානයෙන් හිටියා...හදිසියක් උනොත් කතා කරන්න MOH ,PHI ගේ numbers ,සුවසැරිය 1990 numbers තියාගෙන හිටියේ...දන්න වෛද්යවරුන්ගෙන් උපදෙස් ගත්තා...ඔවුන්ට හැමදාටම ණයගැතියි..

නිදාගන්නකොට හුස්ම ගැනීම පහසු වෙන්න මුනින් අතට හෝ ඇලයට තමා නිදා ගත්තේ..උඩුබැලි අතට ඉන්න අමාරුයි...ඒ වගේම හුස්ම ගැනීමේ වේදනාවල්,joint pain එනකොට declofenac gel (වේදනා නාශකයක්) ගාල ඒ වේදනාව තාවකාලිකව සමනය කර ගත්තා ...

දවස් 14 නාන්න නම් ගියේ නෑ...ඒත් උණු වතුරෙන් දවල් 12 ට විතර පපුව සහ පිට නොතෙමා ඇග සෝද ගත්තා...උණු වතුරෙන් පෙගවූ රෙදි කෑල්ලකින් පපුව සහ පිට ඉක්මනින් පිරිසිදු කලා..එහෙම කලේ වතුරට නිරාවරණය වන කාලය අවම කර ගන්න...
ඇල් වතුර අල්ලන වැඩ වලින් හැකිතාක් වැළකුණා...එහෙම කල දන්න කීප දෙනෙක්ටම අමාරු උන නිසා...
අමාරුකමක් දැනෙන අය වැඩිපුර විවේකීව තිබ්බා...ඒ වගේම හැමදෙනාම mask දාගෙන හිටියේ ගෙදරටත්...පිඟන් කෝප්ප,tooth brush පවා වෙනම වෙන තැනක තියාගෙන තිබ්බේ..හැම වෙලේම සබන් දාලා අත් සේදුවා..

සතෙක්ටවත් අපෙන් බෝ නොවෙන්න අපි කාල ඉතුරු වෙන කෑම වල දැම්මා...මොකද මම internet එකේ දැක්කා බළල් කුලේ සත්තුන්ට ලේසියෙන් මේක අපෙන් හැදෙන වග..
මේ ටික අපි දැනටත් කරනවා...දවස් 14 සම්පූරණ කරනවා කියන්නේ procedure එක විතරයි...ඒත් අවදානම පහව යන්නේ නෑ...ඊට පස්සෙත් සමහර අය මැරෙනවා...පරිස්සම් නොවුනොත්..මේකේ සමහර රෝග ලක්ෂණ මාස 3-9ක් තියෙනවා කියලා WHO එකෙන් කියල තිබ්බා...ඒ කියන්නේ අවම අපි මාස 3ක් පරිස්සම් වෙන්න ඕන..

අද අපෙ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 17යි...ඒත් තාම තෙහෙට්ටුයි...සමහර වෙලාවල් වලට හුස්ම ගන්න අමාරු වෙනවා...විශේශයෙන් රෑට...ඒත් සාපේක්ෂව ගොඩක් දුරට සුවයි...මම මේ දේවල් මෙහෙම ලියන්න හිතුවේ තව කෙනෙක්ට මේක උපකාරී වෙයි කියලා...අපට ගොඩක් අය දෙවිවරු වගේ උදව් කලා...හිත හැදුවා...ඒ හැමෝටම පිං...පුලුවන් තරම් ලෙඩ උන කෙනෙක් එක්ක හිත හැදෙන්න කතා කරන්න...මොකද මම නම් ගොඩක් මානසිකව වැටුණා මේක නිසා...මොකද ගෙදර අය වේදනාවෙන් ඉන්කොට එන බය කියල නිම කරන්න බෑ..ඒ නිසා පුලුවන් තරම් පරිස්සම් වෙන්න..ගෙදර එක්කෙනෙක් හදන් ආවම ඇති මුලු පව්ලටම ඒක හැදෙන්න....

මේ ලෙඩෙන් මිනිස්සු මැරෙනවා ගොඩක්...ඇත්ත..ඒත් ගොඩ දෙනෙක්ට එහෙම වෙන්නේ නොදනුවත්කම නිසා...හරියට පරිස්සම් වුනොත් බේරෙන්න පුලුවන් වෙයි. සියලු දෙනා සුවපත් වේවා!!

08/08/2021

හිරිවැටීම ගැන ඔබ දැනගත යුතු හැමදේම..
දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි.

අත්පාද හිරිය නිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳිමින් සිටිනවා.මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ වියහැකියි. හිරිවැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුනහොත් ඔබ අසරණ වන්න පුළුවන්.

හිරිය රෝග ලක්‌ෂණයක්‌ ලෙස දැනුනත් මෙය සමේ දැනීම පිළිබඳව වෙනස්‌වීමක්‌ හෝ දැනීම වැඩිවීමක්‌ ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්. ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි. ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි.

පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ.

✅හිරිවැටීම ඇතිවිය හැකි හේතු කිහිපයක්

🔹අප නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌ නිසාත්

🔹අප නිරතවන වෘත්තිය අනුව මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම

🔹වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙලහි කශේරුකා හා අස්ථි වල සිදුවන වෙනස්‌කම් නිසාත් හිරිවැටීම ඇතිවිය හැකිය.

🔹ආතරයිටිස්‌ වලදී අත්පාද ඇදවීම නිසාත්, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර්කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌, කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒමත්, යන හේතු කාරණා නිසා බොහෝවිට හිරිය ඇතිවීමට පුළුවන්.

මේ සෑම දෙයක්‌ම සුළුවෙන් පටන් අරන් වර්ධනය වීමේදී ඒ හරහා යන ස්‌නායුවලට බලපෑමක්‌ ඇතිවීම මගින් රෝග ලක්‌ෂණයක්‌ ලෙස හිරිය පටන් ගන්නවා. රෝගය වර්ධනය වූ විට හිරිවැටීමත් සමඟම දරාගත නොහැකි වේදනාවත් නිසා බොහෝ ලෙස පීඩා විඳීමට සිදුවෙනවා.

✅අත් වල හිරිවැටීම

බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය (C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත් ( C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත් (C7) - බෙල්ලේ සිට දබර ඇඟිල්ල , මැදඇඟිල්ල දක්‌වාත් හරිය සමඟ වේදනාව ඇතිවිය හැක.මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.

✅පාද වල හිරිවැටීම

කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම (L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස ,(L3- කලවා හා දණහිස දක්‌වාද , (L4- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද , (L5- කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස , ( S1) - කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම ඇතිවිය හැකියි.

✅හිසෙහි හිරිය ඇතිවීමට ගෙල ප්‍රදේශයේ ඇතිවන වෙනස්‌ වීම් , රුධිරය සැපයීමේ දුර්වලතා මෙන්ම මොළයේ හා ඒ අවට ලේ කැටි නිර්මාණය වීගෙන යාම හේතුවිය හැකියි.

ඉහත දැක්‌වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.

🔹විටමින් ඌණතාවය (විටමින් B 1-6)

(සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)

🔹දියවැඩියාව

මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.

මේ හිරිවැටීම අත්වලත් ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.

🔹මත්පැන් පානය

🔹නහර ගැටගැසීම

🔹තයිරොක්‌සින් හොර්මොනයේ අසමතුලිතතාවය

🔹සමහර ගන්නා වූ ඖෂධ වල අතුරු ආබාධ නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.

ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ මේ හිරිවැටීමයි.මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුනහොත් සිදුවන්නේ අධික වේදනාකාරී තත්වයක්‌ ඇතිවීමයි. නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණහොත් ශල්‍යකර්මවලට පවා මුහුණදීමට සිදුවනු ඇත.

ඉහත සඳහන් කළ පරිදි හිරිය / හිරිවැටීම රෝග ලක්‌ෂණයක්‌ වන අතර එය රෝගයක අනතුරු සංඥාව හැඳින්විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ දීර්ග කාලයක් තිස්සේ ඔබ අත්විදින්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා යෝග්‍යවේ.

Address

Kirimandala Mawatha
Colombo
10250

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 12:00
Sunday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Home Nursing Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Home Nursing Service:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Our Story

THE OFFICIAL PAN PAGE Kurunegala City, North Western Province, Sri Lanka.