Government Nurse

Government Nurse ශ්‍රී ලංකාවේ හෙද වෘත්තිය පිලිබඳ නොහඳුනන දෑස් ව්වර කරවීම උදෙසායි...

05/11/2025
ඔයාලට 2025 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් 🔸 සංඛ ප්‍රකාශකයෝ Hall J 63, A-64🔸මින්සර පොත් හල  Hall H - 8,9,16,17🔸වර්ණ ග්‍රැෆ...
29/09/2025

ඔයාලට 2025 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන්
🔸 සංඛ ප්‍රකාශකයෝ Hall J 63, A-64
🔸මින්සර පොත් හල Hall H - 8,9,16,17
🔸වර්ණ ග්‍රැෆික්ස් Hall H-60
🔸ෆාස්ට් පබ්ලිශ් Hall සිරිමාවෝ සමරු ශාලාව 123, 124,125,126
🔸රත්සර පොත් Hall C-08

දැන් ඔබට මිළ දී ගත හැක ❤😘😘

25/09/2025
ඊයේ (Aug 25) හිමිදිරි පාන්දර දවස් 9 ක මේ චාරිකාව පටන් ගත්තේ මීගමුවෙන්. වරකාපොළ පහුවෙද්දි ඉතාලියෙන් ආපු වැලන්ටිනා සුදු නං...
27/08/2025

ඊයේ (Aug 25) හිමිදිරි පාන්දර දවස් 9 ක මේ චාරිකාව පටන් ගත්තේ මීගමුවෙන්. වරකාපොළ පහුවෙද්දි ඉතාලියෙන් ආපු වැලන්ටිනා සුදු නංගිට කලන්තයක් වගේ ආවා. ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. වරකාපොළ මූලික රෝහලට රැගෙන ගියා.

රෝහලට ඇතුල් කළ අවස්ථාවේ සිටම රෝහලේ සියලුම සේවකයින් අනර්ඝ සේවාවක් ලබා දුන්නා. විශේෂයෙන් වෛද්‍ය මනෝරි මහත්මිය ඉතාමත්ම ඉක්මනින් රෝගියාව පරීක්ෂා කරලා ඇගේ රුධිර පීඩනය අඩුවී තිබෙන බව දැනුම් දුන්නා. ඇයට ඉක්මනින් ඇඳක් වෙන් කරලා ECG, Urine Test වැනි අනෙකුත් පරීක්ෂණත් කඩිනමින් සිදු කලා. පරීක්ෂණ ප්‍රතිඵල බැලුවා.

සේලයින් බෝතලයක් ඉවර වෙනකම්ම ඇඳට වෙලා ඉන්න කිව්වා. කාරුණික හෙදියන් ජීවනී හදලා පෙව්වා. රෝහලේ වාට්ටු, පරිසරය හරිම පිරිසිදුයි. හැම මට්ටකම සේවකයින් ඉතාමත්ම සතුටින් රාජකාරිය කරන බවක් මම දුටුවේ.

ඒ අයගේ Bill එක වුණේ රුපියල් 4,000 කට මදක් අඩු මුදලක්. ඊට අමතරව තවත් මුදලක් වැලන්ටිනාගේ BF විසින් රෝහලේ Donation පෙට්ටියට දැම්මා.

රෝහලෙන් එළියට එද්දී මේ දෙන්නා මට කිව්වේ ඉතාලියේදිවත් ඒ අයට මෙතරම් කඩිනම් සේවාවක් ලබාගන්නට බෑ කියලා. තියෙන දහසක් අඩුපාඩු මැද්දෙන් වුණත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මේ ලබා දෙන අනර්ඝ සේවාව අගය කිරීම වෙනුවෙන් මම මේ කෙටි සටහන තබන්නේ.

මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම ආදායම් ප්‍රභවය වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තය. ලංකාවේ සංචාරය කරන සංචාරකයන් කෙරෙහි සමාජයේ සෑම පන්තියකම පුරවැසියන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව, පිළිගැනීම බොහොම ඉහළයි. ලංකාව කෙරෙහි වැඩි වැඩියෙන් සංචාරකයින් ආකර්ෂණය වෙන්න එයත් එක් හේතුවක්.

වරකාපොළ රෝහලේ මූලික ප්‍රථිකාර ඒකකයේ වෛද්‍යවරුන් හෙද කාර්යය මණ්ඩලය සහ සුළු සේවකයින් ඇතුළු සියලු දෙනාගේම සහයෝගයෙන් ඊයේ හවස දඹුලු විහාරය වන්දනා කරපු වැලන්ටිනා අද උදේම පිදුරංගල තරණය කරන්න ගියා. දවල් වෙද්දි, සීගිරි චිත්‍ර සහ කුරුටු ගී නරඹනවා. හැන්දෑවේ මින්නේරියේ අලි බලන්න යනවා.

ඔබ ලබා දුන් ඒ ප්‍රථිකාර වලට, ඔබ දැක්වූ ඒ මනුස්සකමේ ගුණ සුචඳට බොහොම ස්තුතියි..! 🥰

පසු සටහන

මේ කොටස පසුව එකතු කරන්නේ. වැලන්ටිනාව මෝටර් රථයෙන් එළියට ගත්ත අවස්ථාවේ වරකාපොළ රෝහල පහුවෙලා අපි හිටියේ නුවර පාර අයිනේ. ඒ වෙලාවේ උදෑසනම නිසා බොහෝ පිරිසක් පාරේ හිටියේ නෑ.

ඇයව රථයෙන් ඉවතට අරන් මොහොතකින් ක්ලාන්තය නිසා තාර පාරෙදිම වැටෙන්න ගියා බිමට. ඒ වෙලාවේ මමත් ඇගේ සහකරුවාත් බොහොම අමාරුවෙන් ඇයව වැටෙන්න නොදී අල්ල ගත්තත් ඇගේ ශරීරයේ බර නිසාම අපි දෙන්නට අල්ලගෙන ඉන්න නොහැකි වුණා. ඇය සෙමෙන් මහ පාරේ සැතපුණා. ඇස් පියා ගත්තා. අපි බය වුණා. මම හිතුවේ ඇත්තටම Heart Attack එකක් කියලා.

ඒ වෙලාවේ මාර්ගයේ ධාවනය වූ තුන් රෝද රියක් නවත්තලා අම්මා කෙනෙක් කෑ ගහගෙන දුවගෙන ආවේ තමන්ගේ දරුවෙක්ට කරදරයක් වුණා හා සමානවමයි. තවත් සහෝදරයන් දෙතුන් දෙනෙක් ඉක්මනටම එතනට ඇවිත් මට උදව් කළා. ඒ අය තමයි වරකාපොළ රෝහල කිට්ටුවෙන් තියෙන බවත් එහෙට යන්න කියලත් මට කිව්වේ. ඒ එක් සහෝදරයෙක් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කා. හරිම සතුටුයි.

මේ වගේ අනෙකෙකුගේ කරදරයකදී ඉක්මනින්ම උදව්වට එන, ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක ජීවත් වීමම වාසනාවක් කියලා මට හිතෙන්නේ. වෙනත් රටවලත් මා ජීවත් වෙලා අත්දැකීම් තියෙන නිසා ඒ ගැන වගකීමෙන් කියන්න පුළුවන්. පහුගිය කරදර කාලෙදිත් ලංකාව අත හැර යන්නේ නැතුව මෙහෙම රැඳෙන්නට තීරණය කළෙත් ඒ නිසාමයි .

ආදරෙයි හැමෝටම ඒ මනුස්සකමට ❤️

අපි හැමෝම ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙත් නිදහස් සෞඛ්‍ය සේවයෙත් පිහිටෙන් ජීවිතය හොයාගත්ත මිනිස්සු.

©️ උපුටා ගැනීම 🌷
Sanjeewa Siriwardana මුහුණු පොතෙන්

මිනිස් ජීවිතය ගැන හරි හැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ,ඉස්පිටිතාලයක කොරිඩෝවක ටිකක් සිහියෙන් ඇවිද ගෙන යන්න.👣👣👣 සතුටු සිනා හ...
18/08/2025

මිනිස් ජීවිතය ගැන හරි හැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ,
ඉස්පිටිතාලයක කොරිඩෝවක ටිකක් සිහියෙන් ඇවිද ගෙන යන්න.
👣👣👣
සතුටු සිනා හඬ මෙන්ම , ඉකිබිඳුම් හඬද ඔබට මහ සද්දෙන් ඇසෙනු ඇත.
👣👣👣
බලාපොරොත්තු දැල් වූ දෑස් මෙන්ම , බලාපොරොත්තු විරහිත දෑස් ද ඔබට ලොකුවට පෙනෙනු ඇත.
👣👣👣
සරලවම 👉 තිඹිරිගෙයින් නික්මෙන කිරි කැටි බිළින්ඳාගේ සිට මෘත ශරීරාගාරය වෙත යන මළ සිරුරු දක්වා මිනිස් ජීවිතය ඔබට පෙනෙනු ඇත...
👣👣👣

Oral trolley  යේ නැති රෝගියෙකුට දිය හැකි හොදම බෙහෙත සිනහවයි💖
13/08/2025

Oral trolley යේ නැති රෝගියෙකුට දිය හැකි හොදම බෙහෙත සිනහවයි💖

Link එක පලවෙනි Comment එකේ
13/07/2025

Link එක පලවෙනි Comment එකේ

අප්සරාවිය
22/06/2025

අප්සරාවිය

Artist│Shyamali SenevirathnaLyrics│Shyamali SenevirathnaMelody & Music│Mr..Nalaka Anjana Kumara Mix/Masterd│Jayanga Dadigama (Miyasi Studio Kadwatha)Video Di...

මිනිසකුගේ හිස කිලෝග්‍රෑම් 5 ක් පමණ බරවන අතර බෙල්ල හිසෙහි බර දරාගැනීමට සහය දක්වයි.එය හිස ඇලවීමේ කෝණය අනුව මෙම බර වැඩි වේ....
16/06/2025

මිනිසකුගේ හිස කිලෝග්‍රෑම් 5 ක් පමණ බරවන අතර බෙල්ල හිසෙහි බර දරාගැනීමට සහය දක්වයි.
එය හිස ඇලවීමේ කෝණය අනුව මෙම බර වැඩි වේ.

අපි හිස පහතට බරකොට බලන තරමට අපගේ හිස බර වැඩිවේ.
සාමාන්‍යයෙන් හිසෙහි බර කිලෝග්‍රෑම් 5 ට වඩා අඩු අගයකට උච්චාවචනය වේ. නමුත් ඔබ එය ඉදිරියට නැඹුරු කළහොත් එය වැඩි වැඩියෙන් බර වැඩිවේ.

අංශක 60 කින් නැමුණු විට එය ගෙල පහළ ඇති කශේරුකාවට කිලෝග්‍රෑම් 22-27 ක් පටවන අතර උරස් මාංශ පේශි දක්වා පහළට මෙම බර බලපානු ලබයි. ඇත්ත වශයෙන්ම මුළු කොඳු ඇට පෙළටම මෙය බලපායි..

ඊට අමතරව මෘදු පටක, මාංශ පේශි, බන්ධනීයන් සහ කණ්ඩරාවන්ට පීඩනය බහුල වීම ආතතියට හා වෙහෙසට පත්වෙමින් පවතින නිසා එමඟින් සන්ධි සහ අස්ථි ආතතිය වැඩි වේ.

මෙසේ පීඩනය දැඩි වන විට බෙල්ලට බලපානු ඇති අතර වෙනත් තැන්වල ගැටළු ඇති කිරීමේ හැකියාවද ඇත.

Janaka p kodithuwakku
Around the world

(උ.ගැ - ලොවෙන් බිඳක්... fb පිටුවෙන්)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Government Nurse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Government Nurse:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram