28/12/2014
REMEMBER, !!! UNITY, !!! TRINITY, !!! DIVINITY, !!!
අන්තවාදය පරදා සියලු ජාතීන්ට සුරක්ෂිත රාජ්‍යයක් කරා...
බි‍්‍රතාන්‍යයන් ඇතුලු යුරෝපීයයන් ආසියාව ආක‍්‍රමණය කිරීමෙන් පසු ඔවුන්ගේ බෙදාවෙන්කිරීමේ පාලන ප‍්‍රතිපත්තිය සමගින් අප රට වැනි ආසියාතිකයන්ට දායද කරදුන් පිළිකාව උඩු දුව ඇත. ප‍්‍රතිකර්ම විවිධ අවස්ථාවන්හිදී යෙදුවද මෙකී පිළිකා ෙසෙල නැවත නැවත දලුලමින් ඇත. එනම් අන්තවාදී කණ්ඩායම්වල ආගමනයයි. එනම් මෙම ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ක‍්‍රමන්ත‍්‍රණවලට ජාතීන්ගේ සමගිය පවත්වාගෙන යාමට සූක්ෂම මෙහෙයුමක් කිරීමට ජනාධිපතිතුමාට සිදුවී ඇත.
ඔබ මැද පෙරදිග තත්වය මේවනවිටත් අවබෝධයෙන් සිටිනු ඇතැයි සිතමි. එහි මුස්ලිම්වරුන් අන්තවාදයට නැඹුරුකොට තමතමන්ගේම ලේ වගුරුවනුයේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්වලින් ලද වෙඩි උණ්ඩ තුලින්ය. පසුගිය දිනක පාසලකට ඇතුලු වු අන්තවාදීන් කුඩාමල්වැනි දරුවන්ගේ හිස් පසාරු කරමින් යවනු ලැබුවේ අමරිකන් වෙඩි උණ්ඩයන්ය.
මෙකී අන්තවාදය අපගේ රටට ගෙන දීමට ඉඩ දෙමුද?
හකීම් ප‍්‍රමුඛ යම් මුස්ලිම් පක්ෂ අන්තවාදී බලපැම් වලට හසුවී තිබේද?
එසේ නැතහොත් ඔවුන් නොමගට යාමක් සිදුවේද? මේ තුලින් අනාගත මුස්ලිම් ජනතාවට කුමන ප‍්‍රතිඵලයක් ලැබේද?
අද ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර හා දිවයින පුරා ජීවත්වන සිංහල, දෙමල සහ මුස්ලිම් ජනයාට සමාන ලෙස පියෙකුමෙන් සෙනෙහස දක්වයි. එසේනම් තවදුටරටත් අප එම අන්තවාදයට ඉඩ නොදී ලොව දිනා ගැනීමට සියලු ජාතීන්ට සුරක්ෂිත රාජ්‍යයක් බිහිකර සමෘද්ධිය කරා පිය නැගීමට අතිගරු ජනාධිපතිතුමාගේ ගමන් මාර්ගය ශක්තිමත් කරදීම අපගේ වගකීම ම වනු ඇත.
නීතිඥ චතුර ප‍්‍රසාද් සේමරත්න
මාධ්‍ය ලේකම් යහපාලනය සදහා නීතිඥ එකමුතුව