04/10/2025
🌱 දෙමාපිය ප්‍රක්ෂේපණය (Parental Projection)
👩👩👧👦 දෙමාපියන්ගේ සිතුවිලි, හැඟීම්, මනෝභාවයන් දරුවන්ගේ මනසටත් බලපානවා.
ඔබ ගහක කඳ නම්, ඔබේ දරුවන් ඒ ගහේ අතු. 🌳
👉 Sigmund Freud අනුව Projection කියන්නේ – අපේම අත්දැකීම්, ආශාවන්, හැඟීම් වෙනත් අය මත ආරෝපණය කිරීම.
ඒ නිසා අපේ ජීවිතයේ සතුටත්, දුකත්, විශ්වාසයත්, භයත් – දරුවාට බෙදාගන්නවා.
🟢 ඔබේ දරුවාට ධනාත්මක projection කරන්න හැකි ක්‍රම 6යි:
1️⃣ පළමුව ඔබේම ශක්තිය වැඩි කරගන්න
ඔබ ඔබේම ජීවිතය ගැන සතුටින් නොඇත්නම්, දරුවාට සතුට දෙන්න අමාරු.
🌿 ඔබ ඔබට ආදරය කරන්න
🌿 ප්‍රමාණවත් විවේක ගන්න
🌿 ගෙදරදි භාවිත කරන වචන පිළිබඳ සුරැකුම් කරන්න
2️⃣ ධනාත්මකව කතා කරන්න
ඔබේ දරුවා නිරන්තරයෙන් ඔබ දෙස බලනවා, සවන් දෙනවා.
👉 ඔබ ඔබ ගැන, අනෙක් අය ගැන යහපත් වචන භාවිත කරන්න.
3️⃣ ඔබේ හඩ පරීක්ෂා කරන්න
“Good Morning පැටියෝ, අපි ඇහැරෙමුද?”
කියන එකේ මෘදු භාවය දරුවාට ආදරය දැනවෙනවා.
තරහේ වෙලාවට නිශ්ශබ්දව සිටින්න – නරක වචන කියා දරුවාගේ හිත රිදවීම වලක්වන්න.
4️⃣ සාමකාමී නිවසක් තැනගන්න 🏡
🌸 ගැටුම් නිවැරදිව විසඳන්න
🌸 නිවස පිරිසිදු තබන්න
🌸 හිරු එළිය, සුසුදු සංගීතය, ආදරය – නිවස්සට සතුට ගෙනෙනවා
5️⃣ චිත්තවේගීය ඔරොත්තු දීමේ ආදර්ශය පෙන්වන්න
දරුවා ඔබ බලලා ගැටලු හසුරවන්නේ කෙසේද කියලා ඉගෙන ගන්නවා.
➡️ විවේකය ගන්න ආකාරය
➡️ සමාව ඉල්ලන ආකාරය
➡️ නැවත ආරම්භ කරන ආකාරය
6️⃣ දරුවන් සමඟ සම්බන්ධ වෙන්න ❤️
🎶 සෙල්ලම් කරන්න
🎶 ගී ගායනා කරන්න
🎶 කතා කියන්න, නටන්න
දරුවාට සතුට සහ ආදරය දැනෙනවා.
💡 මතක තබා ගන්න:
දරුවන් අපේ වචන සෑම එකක්ම තේරුම් ගන්න ඕනෑ නෑ,
අපේ හැඟීම් ඔවුන් 100% දැන ගන්නවා.
ඉතින් ඔවුන්ගේ ළමා කාලය – ආදරයෙන්, සතුටෙන් පුරවමු. 🌷
Sandhya Karunathilaka psychological Counselor /Career Counselor /NLP Practitioner /Certify Trener