17/01/2021
අභිමානවත් කාන්තා පෞරුෂයක් ගොඩනගා ගමු
smart , elegant & classy
* යහපත් චර්යා පුහුණුවන්න.
Practice Good manners , politeness , dining etiquette , acting gracefully : thank you. Please . Sorry . Excuse me
* නිවැරදි ශරීර ඉරියව් හා ශරීර භාශාව
Good gesture , posture n body language
ඔබ සිටගෙන සිටිද්දිත් , අසුන්ගෙන සිටියත් කොන්ද කෙළින් තබා බෙල්ල උරහිස් මට්ටමේ තබාගන්න.
තවත් අයෙකු සමග සමග කතා කිරීමේදී ඇස් යොමුව eye contact පවත්වාගැනීම .
* යහපත් සෞඛ්‍ය පුරුදු
Good hygiene
හිසකෙස් සිට දෙපතුල දක්වා පිරිසිදුකම සහ පිලිවෙල
* කියවීමට පුරුදු වන්න
Make habit of reading
හැකි සෑම විටම යම් දෙයක් කියවන්න
* වර්තමාන තත්ත්වයන් පිලිබද දැනුවත්භාවය ඇති කර ගන්න
Be aware of current situation
ඉහත කියවීම මගින් සහ වර්තමාන රටේ සහ ලෝකය පිළිබඳ දැනුවත්භාවය මගින් ඔබ ඇසූ පිරූ දැනුම ඇති පුද්ගලයකු බවට පත් වේ
* ඔබ ගැන විශ්වාසය තබා ගන්න
Be confident
ඔබේ කටින් පිටවෙන දේත් ඔබ කරන කියන දේත් පිළිබඳ විශ්වාසයක් හා ස්ථාවරත්වයක් ඇති කර ගැනීම
උදා : අපි කෙනෙක් ගැන කියනවා " එයා කිව්වා නම් අනිවාර්යෙන්ම ඒ දේ කරයි බලන්න දෙයක් නැහැ. "
: තව කෙනෙක් ගැන අපිට මේ වගේ image එකක් තියෙන්නත් පුළුවන් "අපෝ කට ඇරියොත් බොරුවක් වැඩක් බාර දුන්නොත් දෙපාරක් බලන්න වෙනවා . "
* පැහැදිලි සහ අසභ්‍ය නොවන වචන භාවිතය .
Speak clearly avoid slang
* ඕපදූප කථා වලින් ඈත් වන්න
* අඳින පළඳින ආකාරය
Dress taste
හැකි සෑම විටම linen , cotton , silk වැනි උසස් තත්වයේ රෙදි තෝරා ගන්න. මදක් මිලෙන් වැඩි උවද කල් පැවැත්ම හා හොද පෙනුමක් ලබා දෙයි. polyester , ලයිකා , ස්පැන්ඩෙක්ස් වැනි රෙදි නිසා ඔබගේ ශරිරයේ අස්වාභාවික පෙනුමක් ලබා දෙයි.
ස්ථානයට සහ අවස්ථාවට සුදුසු ලෙස ඇඳුම් තෝරා ගන්න
* දුෂ්කර අවස්ථාවන්හිදී යහපත් ලෙස හැසිරෙන්න
stay calm in stressful situations
දුෂ්කර අවස්ථාවන්හිදී ඔබගේ හැඟීම් වලට ඔබව යටත්කර ගැනීමට ඉඩ නොදීමට මනස පුහුණු කරන්න .
තරහෙන් කෑ ගැසීම, බැනවැදීම ,පලි ගැහීම හෝ දිවුරුම් දීම ( විශේෂයෙන් පොදු ස්ථානවල )
* ඔබටම අනන්‍ය වූ ශෛලියක් තෝරාගන්න
have a unique style
අනුකරණය හොඳ වුවත් තවකෙකු අනුකරණය කරනවාට වඩා ඔබ වැනි පුද්ගලයන් මෙලොව සිටින්නේ ඔබ පමණයි එම නිසා ඔබ ඔබටම විශේෂිත වූ ශෛලයක රැඳී සිටින්න
* විවෘත මනසකින් ලොව දෙස බලන්න
Open minded
විවෘත මනසකින් ලොව දෙස බැලීමට නම් ඔබ පුද්ගල විවිධත්ව, භූගෝලීය වෙනස්කම්, සදාචාරය හා සංස්කෘතිය, පුද්ගල විශ්වාසයන් පිළිබඳව දැනුවත් භාවයෙන් සිටිය යුතුයි .
ඔබ කුමන සමාජ තත්ත්වයක සිටියද , කුමන රැකියාවක නිරත වුවද , ඔබගේ හැසිරීම ( behaviour )ප්‍රජානනය ( cognitive ) හා චිත්තවේග ( emotional )සමබරව පවත්වා ගැනීම එහෙමත් නැත්නම් පෙනුම හැසිරීම සහ අභ්‍යන්තරය සමබර වීම මගින් අභිමානවත් කාන්තා පෞරුෂයක් ගොඩනඟා ගොඩනගාගත හැක .
✍️ නිම්නා වීරබාහු