යටගියාව Yatagiyawa

යටගියාව Yatagiyawa ලංකා සහ ලෝක ඉතිහාසයේ අරුත්බර රස තැන් ස

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවක් වෙලා තියෙනවා. ත්‍රිකුණාමල වරායේ ඇති සුවිශ...
12/05/2020

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවක් වෙලා තියෙනවා. ත්‍රිකුණාමල වරායේ ඇති සුවිශේෂී භූගෝලීය වටිනාකම නිසා මේ තෙල් ටැංකි සංකීර්ණය ලෝක බලවතුන්ගේ අවදානය පවා දිනා ගන්න සමත් වෙනවා

අක්කර අසූ පහක පමණ භූමි ප්‍රද්ශයක විහිඳුණු මෙහි තෙල් ටැංකි 102 ක් ඉදි කරන්නට යෝජනා වෙනවා. නමුත් කිසියම් මිත්‍යා විශ්වාසයක් නිසා එහි අනූ නම වන ටැංකිය ඉදි වන්නේ නැහැ. ඒ අනුව එහි ටැංකි 101 ක් ඉදිවෙනවා. එහි එක් ටැංකියක ධාරිතාවය ටොන් දොළොස් දහසක්.

මෙය දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පක්ෂය සතුවූ දැවැන්තම තෙල් ගබඩා අතරින් එකක් වුණා. මේ නිසාම නිතැතින්ම සතුරන්ගේ අවදානය මේ වෙත යොමු වන්න එය හේතුවක් වුණා. කොළඹට බෝම්බ හෙළා දින 04කට පස්සෙ ත්‍රිකුණාමලය තම ඉලක්කය විය යුතු බවට ජපනුන් තීරණය කරනවා.

ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය. ඒ අනුව 1942 අප්‍රේල් නමවැනිදා, ජපන් ප්‍රහාරක යානාවක් තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ප්‍රතිප්‍රහාර සඳහා ද සූදානමක් තිබුණු නිසා මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා.

ප්‍රතිප්‍රහාර දරුණු වෙද්දි, ජපන් යානාවේ නියමුවා වූ ෂිජෙනෝරී වටනාබේ, තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ද සමඟින් 91 වන ටැංකිය මත තම යානය හැප්පවීමට කටයුතු කරනවා. එය එක්තරා ආකාරයක සියදිවි නසා ගැනීමක්.

මේ ආන්දෝලනාත්මක තෙල් ටැංකි සංකීර්ණයේ අප්‍රකට අඳුරු අතීතයයි.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ නොකියූ කතාව ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ වරාය සහ ත.....

නිල් දිය පොකුණ අද වන විට ප්‍රබල සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ  වනයක පිහිටි විවරයක් තුලින් පොළොව ...
07/05/2020

නිල් දිය පොකුණ අද වන විට ප්‍රබල සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ වනයක පිහිටි විවරයක් තුලින් පොළොව අභ්‍යන්තරයට දිවෙන උමං මාර්ගයක කෙලවර මේ සුවිශේෂී ජල තටාකය හමු වෙනවා. විදුළි පන්දම් එළියට එය නිල් පැහැයෙන් දිස්වන නිසා එය නිල්දිය පොකුණ ලෙස ප්‍රකට වුණා.

මේ ආශ්‍රිත ප්‍රදේශය රාවණා පුරාවෘත්තය හා සම්බන්ධ නිසාවෙන් මේ ස්ථානය වටාත් එවන් ඉතිහාසයක් ගොඩ නගන්නට අවට ප්‍රදේශ වාසීන් කටයුතු කලා. 2001 වසරේ පමණ රූපවාහිනී වැඩසටහනක් තුලින් සමාජයට මෙය අනාවරණය වෙනව. මේ ප්‍රදේශය ආශ්‍රිතව රාවණා ගුහාව, දෝව විහාරස්ථානය, බෝගොඩ පන්සල වැනි ස්ථාන වලත් උමං විවර දැකගන්න පුළුවන්.

ලෝකයේ විවිධ තැන් වලින් මෙවන් උමන් ජල ප්‍රභව රාශියක් හමු වෙනවා. නමුත් ඒවා බහුතරය ආම්ලික හෝ ලවණ අධික ජල ප්‍රභව වනවා. මේ ස්ථානය ඒවායින් විශේෂ වන්නෙ එහි වූ ජලයේ ඇති අධික පිරිසිදු භාවය නිසාවෙන්. කලුගල් තට්ටුවක් මත පිහිටීම එයට හේතු වන්නට ඇති.

මෙම උමග තුල ගමං කරන බොහෝ දෙනෙක්ට ජලය ගලා යන හඬ අසන්නට ලැබෙනවා. නමුත් නිල් දිය පොකුණ නිෂ්චල ජල තටාකයක් විදිහටයි දකින්න ලැබෙන්නෙ. තටාකය ඇති උමගේ පියස්ස මීටර් කිහිපයක් දුරින් තටාකයේ මතුපිට ස්පර්ශ කරන නිසා නිල් දිය පොකුණේ සම්පූර්ණ වපසරිය එක් තැනක සිට නරඹන්න අපහසුයි .

මේ අතර පළපුරුදු කිමිදුම්කරුවන් කිහිප දෙනෙක්ම නිල් දිය පොකුණ ගවේෂණයට පෙලඹෙනවා. එහි ගැඹුර මීටර් 23 ක් පමණ වෙනවා. ඒ වගේම ඉවුර ප්‍රදේශයේ ගල් කුට්ටි වශයෙන් දකින්ට ලැබුණත් පත්ල කළු ගල් තට්ටුවකින් වැසී පවතිනවා.

මේ ජලය පිරි උමගේ කෙලවරක් හොයා ගන්නට සමත් වෙලා නැහැ. ඒ අනුව නිල් දිය පොකුණ ලෙස අප හඳුන්වන ජල ප්‍රභවය උමං ගඟක් ලෙස කිලෝමීටර් ගණනාවක් පොළොව අභයන්තරයේ පවතින බව අනුමාන කරන්න පුළුවන්. ජලය ගලා යාමක් දකින්න අපහසු නිසා එහි කෙලවර කොතනදැයි අදටත් අභිරහසක්.

මෙවන් උමං ගංගා රැසක් ලංකාව පුරා දකින්න පුළුවන් අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කල සිරිපා අඩවියේ ඉඳුරු ගඟ ආශ්‍රිත උමං ගඟ ඉන් ප්‍රධානයි. ඒ වගේම වවුල් පනේ හුණුගල් ගුහාව, ගල් ඔය සේනානායක සමුද්‍රය ආශ්‍රිතවත් මෙවන් උමං ජල ප්‍රභව දැනට අනාවරණය වෙලා තියෙනව.

නිල් දිය පොකුණ උමං ගඟක කෙලකරක් ? නිල් දිය පොකුණ අද වන විට ප්‍රබල සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. ඇල්ල ප්‍රදේ....

ගල්කිස්ස මහ හෝටලය ලෙස ප්‍රසිද්ධ ස්ථානය මීට සියවස් දෙකකට ඔබ්බෙන් ඉදි වෙන්නෙ මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නිල නිවස විදිහට,  ම...
03/05/2020

ගල්කිස්ස මහ හෝටලය ලෙස ප්‍රසිද්ධ ස්ථානය මීට සියවස් දෙකකට ඔබ්බෙන් ඉදි වෙන්නෙ මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නිල නිවස විදිහට, මේ ගොඩනැගිල්ලෙ ඉදිවීමෙ පටන්ම ඒ පිටුපස එක්තරා තරුණියක් හිටියා. ඇය ලොවීනා.

රොඩී කුලයේ තරුණියක්. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ඇගේ ආදර අන්දරය මේ ඉදිකිරීමට මුල් වෙනවා. ඔවුන් දෙදෙනා ලොවට රහසින් හමු වුණේ උමං මාර්ගයක් ඔස්සේ. එය ආදරයේ සංකේතයක්.
මේ ඒ ගැන කරුණු අනාවරණයක්.

ගල්කිස්ස මහ හෝටලයේ රහසිගත උමං මාර්ගය කලක් ආණ්ඩුකාර නිල නිවස වූ මෙය, දෙවන ලෝක යුධ සමයේ හමුදා රෝහලක් ලෙසත් යොදා ගැනෙ...

යාපනය පොළොව තරමක් ගුප්ත භූමියක්. එයට  එක් හේතුව හුණුගල් තට්ටුවක් මත තැන්පත් වූ පාංශු ස්ථරයකින් නිර්මාණය වීම. මේ ස්ථරය වි...
01/05/2020

යාපනය පොළොව තරමක් ගුප්ත භූමියක්. එයට එක් හේතුව හුණුගල් තට්ටුවක් මත තැන්පත් වූ පාංශු ස්ථරයකින් නිර්මාණය වීම. මේ ස්ථරය විවිධ යුග වල ගිලා බැසීම් වලට ලක් වුණා. එහි ප්‍රතිඵලය විදිහට ගැඹුරු අවාට නිර්මාණය වුණා.

යටත් විජිත යුගයේ පවා එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනව. යාපනේ නිරාවෙරෙයි ලිඳ වසර දහස් ගණනක් පැරැණි එවන් නිර්මාණයයි. එය ප්‍රකට වුණේ පත්ලක් නැති ලිඳක් විදිහට. නමුත් මෑත යුගයෙ ඒ සම්බන්ධ ගවේෂණ කිහිපයක්ම සිද්ද වුණා. මේ ඒවා පිළිබඳ අනාවරණයක්.

යාපනේ පතුලක් නෑ කියූ ලිඳ පතුලේ කරත්තයක් - කිමිදුම්කරුවන් එහි පත්ල ගැන සිදු කල අනාවරණය " කලක් තිස්සේ මේ ලිදට පත්ලක් ....

චීනය සහ ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා අනාදිමත් කාලයක සිට පැවතුණා. ඒ අතර ලංකාව හැරදා චීනයේ පදිංචියට ගිය රජ කුමාරයෙක් පිළි...
01/05/2020

චීනය සහ ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා අනාදිමත් කාලයක සිට පැවතුණා. ඒ අතර ලංකාව හැරදා චීනයේ පදිංචියට ගිය රජ කුමාරයෙක් පිළිබඳ ඔබ මීට පෙර දැන සිටියා ද ? ඔහුගෙන් ආරම්භ වන පරපුර තවමත් චීනයේ ජීවත් වෙනවා.

ඔහු චීනයට සංක්‍රමණය වෙන්නෙ කෝට්ටේ යුගයෙ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙ පාලන කාලයෙදි. මේ කුමරුවා හයවැනි පරාක්‍රමබාහු රජු විසින් දරු තනතුරේ හදාගත් කුමාරයෙක්.

රජතුමාට පිරිමි දරුවන් නොසිටි නිසා සපුමල් කුමාරයා, අම්බුලුගල කුමාරයා සහ සිරිවර්ධන නම් කුමාරයෙක් රජ මාලිගයේ දරු තනතුරේ තබා ගන්නවා. මෙයින් සපුමල් කුමාරයා වගේම , අම්බුලුගල කුමාරයත් පසු කාලෙකදි රාජ්‍යත්වයට පත් වුණා.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාට කෝට්ටේ රාජ්‍යත්වය හිමි වෙන්නෙත් චීන බලපෑම නිසා. ඔහුට පෙර රයිගම රජකල වීර අලකේශ්වර රජතුමා, චීන ජාතික චෙංහෝ සෙනවියා විසින් රාජධානිය ආක්‍රමණය කර සිරකරුවෙක් විදිහට චීනයට රැගෙන යනවා.

මේ අවස්ථාවේ වීදාගම මහා මෛත්‍රීය හිමින් මැදිහත් වෙලා චීන අධිරාජ්‍යයාගේ අනුමැතිය සහිතව හයවෙනි පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වයට පත් කරවනවා. ඒ නිසාම චීන අධිරාජ්‍යයා සමඟ ඉතා හොඳ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව සිතන්න පුළුවන්.

සිරිවර්ධන කුමරු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෙක් විදිහට චීනයට පිටත් කර හරින්නෙ එහි ප්‍රතිඵලයක් විදිහට. 1459 වසරේදී මෙම කුමාරයා ග්වෙන්ෂෝ වෙත ගොඩ බසින ලද බවට චීනයේ සෙල්ලිපි හමුවෙලා තියෙනව. මේ සෙල්ලිපිය ග්වෙන්ෂෝ හි සමුද්‍රීය කෞතුකාගාරයේ අදටත් දැකගන්න පුළුවන්.

එහි මෙම කුමරු "ෂී" ලෙස හඳුන්වා තියෙනව. ඔහුට චීන අධිරාජ්‍යයා මාලිගාවක් ප්‍රදානය කර ඇති අතර එහිම කුමාරිකාවක් සමඟ විවාහ වෙලා තියෙනව. අද චීනයේ ග්වෙන්ෂෝ වල ජීවත් වෙන්නෙ ඔහුගේ 19 වැනි පරම්පරාවෙ මිණිබිරියක්. ඇය "ෂූ ෂී යිනේ" නමින් හඳුන්වනවා.

මේ වන විට ඇය සහ ඇගේ සැමියා විසින් පැරණි භාණ්‌ඩ සහිත සාප්පුවක්‌ පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක්. කිහිප වතාවක්ම ඇය ලංකාවට පැමිණ තියෙනව.

සිරිවර්ධන කුමරුගේ සොහොන් ගැබ, ඔහුගේ එරට ඥාතීන්ගේ නොමද ගෞරවයන් මැද අදටත් ග්වෙන්ෂෝ වල දැකගන්න පුළුවන්.

Sri Lankan Royal Family of China චීනයේ ලාංකික රජ පවුල 🇨🇳🇱🇰 China, History of Sri Lanka, Princess of China, kotte Kingdom, Sri Lanka, චීනය සහ ලංකාව අතර රාජතාන...

කිම් ජොන් උන්ට මොකද වුණේ ?      කිම් ජොන් උන් කියන්නෙ ලෝකයේම අවධානය දිනා ගත්ත චරිතයක්. ඒ ඔහු හදිසියේම මරණයට පත් වූ බවට ප...
28/04/2020

කිම් ජොන් උන්ට මොකද වුණේ ?

කිම් ජොන් උන් කියන්නෙ ලෝකයේම අවධානය දිනා ගත්ත චරිතයක්. ඒ ඔහු හදිසියේම මරණයට පත් වූ බවට පළ වුණ ප්‍රවෘත්ති වාර්තා නිසා. උතුරු කොරියාව කියන්නෙ ලෝකය විසින් කොන් කල වගේම ඔවුන් විසින්ම හුදකලා වුණ රටක්.

ඒ නිසාම එරට පාලකයා වටා ගුප්ත චරිතයක් නිර්මාණය කරගන්න සමත් වෙනවා. කිම් ජොන් උන් උපන් වර්ෂය පවා අන්තර්ජාලයෙ නිෂ්චිතව සඳහන් වෙන්නෑ. ඒ වගේම එරට සිදු වන බොහෝ දේ සිදු වෙන්නෙ ලොවට රහසින්.

උතුරු කොරියාව ලෝකයට මේ තරම්ම වැදගත් වෙන්න හේතුව, ඔවුන් සතු බව විශ්වාස කෙරෙන න්‍යෂ්ටික අවි සහ අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල. කිම් ජොන් උන් කියන්නෙ අමුතු මනුස්සයෙක් වෙළාවකට අන්තපුරයක් හිමි රජෙක් වගේ සුන්දර කොරියානු තරුණියන් ලං කරගන්න ඔහු, තමන්ගෙ සමීපතම ඥාතීන් පවා මරා දමන්න පෙලඹෙනවා.

න්‍යෂ්ටික බලය හිමි මේ හිතුවක්කාරයා ලෝකයේ අනාගතය තීරණය කරන්න පුළුවන් තීරණාත්මක පුද්ගලයෙක්. ඔහුගේ එක් වැරදි තීරණයක් තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භය වෙන්න පුළුවන්. ලෝකය මේ තරම්ම ඔහු ගැන සැලකිලිමත් වෙන්නෙ ඒ නිසා.

හදවත් සැත්කමකින් පසු දින ගණනක් මාධ්‍ය වෙත නොපැමිණි ඔහු ගැන මේ විදිහට කට කතා පැතිරීම පුදුමයක් නෙවෙයි. ඊලඟ නිමේෂයේ ඔහු සුදු අශ්වයෙක් පිට නැගිල උතුරු කොරියාවේ උසම කන්ද මුදුනෙන් මතු වෙන්න පුළුවන්. ඒ තමා කිම් ජොන් උන් ගෙ හැටි.

What happened to Kim jong Un What happened to Kim Jong Un, Kim, Kim Un, Kim Jong Un, North Korea, North Korea President, is Kim alive or dead, Kim - Surgery ...

සිරිපා අඩවිය පූජනීයත්වයෙන් සේම ගුප්ත භාවිතයන් අනූන බිම් කඩක්. බුදු සිරිපා පිහිටි ශ්‍රී පාද කන්ද නැතිනම් සමනල කන්ද හැරුණු...
25/04/2020

සිරිපා අඩවිය පූජනීයත්වයෙන් සේම ගුප්ත භාවිතයන් අනූන බිම් කඩක්. බුදු සිරිපා පිහිටි ශ්‍රී පාද කන්ද නැතිනම් සමනල කන්ද හැරුණු විට තවත් සුවිසල් කඳු පන්තීන් සේම සුවිසල් වනාන්තර පද්ධතිය කින් සිරිපා අඩවිය සමන්විත වෙයි.

සිරිපා අඩවියේ ඇතැම් තැන් වසර දහස් ගණනක් පුරා මිනිස් පහසක් ලබා නැත. එනිසාවෙන්ම එහි සැඟවුණු රහස් බොහොමය කි. ගිලීමලේ රත්නපුර පාරෙන් සිරිපා කරුණා කරන විට හමුවන ගම්මානයකි. ඉඳුරු ගඟ රක්ෂිතය ගිලීමලේ ආසන්නයේ වූ සිරිපා අඩවියේ ම කොටසකි.

සිරිපා අඩවියෙන් ආරම්භ වන ඉඳුරු ගඟ මේ රක්ෂිතය හරහා ගලා බසින්නේ සුවිශේෂී භූ විෂමතාවයක් නිර්මාණය කරමිනි. සිරිපා කඳුවැටියේ බටහිර මායිම ඔස්සේ ගලා එන ගංඟාව එක වරම පොළොව තුලට ගමන් කොට අතුරුදන් වෙයි. එය මීටර් 300 කට ආසන්න දුරක් ගමන් කරන්නේ පොළොව අභ්‍යන්තරය ඔස්සේ උමං ගංඟාවක් ලෙස ය.

ගම්වාසීන් මෙම ස්ථානය උමං අතුර ලෙස හඳුන්වයි. ගිලුණු ගඟ කුඩා උස් බිමක් යටින් ගමන් කොට ගල් තලාවක් යටින් නැවතත් මතුවෙයි. අනතුරුව ඉඳුරු ගලා ගොස් ගඟ කළු ගඟට එක්වෙයි. දුම්පුස් ඇල්ල නම් දිය ඇල්ලක්ද ඉඳුරු ගඟින් නිර්මාණය වන්නේ මෙම රක්ෂිත සීමාව තුලදී ය.

වසර කිහිපයකට පෙර කොළඹ විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය එක්ව කල ගවේශණයකදී මේ පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කරගන්නට සමත් වී ඇත. උමං ගඟ නිසාවෙන් මේ ප්‍රදේශය නිරන්තර ගිලා බැසීම් වලට ලක්වෙයි.

ගම්වාසීන් වුවද මේ ප්‍රදේශයට ගමන් කරන්නේ ඉතාමත් කළාතුරකිනි. එයට හේතුව මේ උමං ගඟේ ඇති ප්‍රචණ්ඩත්වය යි. එහි පාංශු ස්ථර ඕනෑම මොහොතක ගිලා බසින්නට පුළුවන.

කැළණි ගඟ ආශ්‍රිතව ද මෙවැනි උමං ගංඟක් පිළිබඳ කටකතා පැතිර ගියද තවමත් එවැන්නක් නිෂ්චිතව අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇත. අම්පාරේ සේනානායක සමුද්‍රය ආශ්‍රිතවත් මෙවැනි ස්ථානයක් හමුවෙයි. කෙසේ වෙතත් මේ ස්ථාන නරඹන්නට යන්නේ නම් ඔබේ පුද්ගලික ආරක්ෂාවට මුල් තැනක් දිය යුතු මය.

සිරිපා අඩවිය පූජනීයත්වයෙන් සේම ගුප්ත භාවිතයන් අනූන බිම් කඩක්. බුදු සිරිපා පිහිටි ශ්‍රී පාද කන්ද නැතිනම් සමනල කන්...

1989 ජුලි 18 වන දාද, සුපුරුදු පරිදි කතරගම දේව රාජයාණන්ගේ දේවාභරණ එළ තරුණ වියේ පසු වූ වාසනා හස්ති රාජයා මත තැන්පත් කරන්නට...
23/04/2020

1989 ජුලි 18 වන දාද, සුපුරුදු පරිදි කතරගම දේව රාජයාණන්ගේ දේවාභරණ එළ තරුණ වියේ පසු වූ වාසනා හස්ති රාජයා මත තැන්පත් කරන්නට යෙදුණේ පංච තූර්ය වාදනයන් මධ්‍යයේ ය. පෙරහැර කිසිදු අඩුවක් නොමැතිව දහස් සංඛ්‍යාත බැතිමතුන් මැද ඉදිරියට ඇදුණි.

පෙරහැර පිටව ගිය පසු දේවාල භූමියේ ගුප්ත නිහැඬියාවක් රජ විය. එය මහා ව්‍යසනයක පෙරනිමිත්තක් බව කවරෙකුත් හෝ නොසිතන්නට ඇත. ඉදිරියට ඇදුණු පෙරහැරේ ජනයා, එකවරම අති විශාල ශබ්දයක් සමඟ හිස්ලූ ලූ අත දිව යන්නට විය.

පුපුරා ගිය බෝම්බයෙන් කතරගම දේවාලයේ මහ බෙත්මේ වරයා ඇතුලු කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සැලකියයුතු පිරිසක් තුවාල ලැබී ය. ඒ ව්‍යසනය මැද කිසිවෙකුටවත් දේවාභරණ වැඩම කල වාසනා හස්තිරාජයා කෙරෙහි නිනවුවක් නොවී ය.

හස්තිරාජයාද බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. එහෙත් තම හිස මත වැඩ සිටින දෙවියන් දෙවොලට වැඩමවීම තම රාජකාරියට එහාගිය දේවකාරිය බැව් වාසනා හස්තිරාජයා වටහා ගන්නට ඇත.

ඇත් රජු තනිවම දෙවොල වෙත ගමන් කලේ මහත් අපහසුවෙනි. දෙවොල් බිම කිසිවෙකුත් නොවුණි. නමුත් කපු මහත්වරුන් කිහිප දෙනෙක් එහි විවේක ගනිමින් සිට ඇත. ඔවුන්ට බෝම්බයේ හඬ ඇසුනත් ඉදිරියට යාමට බියව සිට ඇත.

ඇත් රජු දෙවොල ඉදිරියට පැමිණ කුංචනාද පවත්වන විට කපුමහත්වරුන් ඉදිරියට පැමිණියේ දැඩි බියකිනි. හස්තිරාජයා අනතුරුව දේවාභරණ තැන්පත් කරන මණ්ඩපය වෙත ගමන් කර ඇත.

කපු මහත්වරුන් ඉක්මනින් එහි ගොස් දේවාභරණ ඇත් රජුගේ පිට මතින් රැගෙන හැකි අයුරින් ගෞරව දක්වා දෙවොල තුලට වඩමවවන්නට යෙදුණි. දේවාභරණ දෙවොලෙහි තැන්පත් කරද්දීම, තම යුතුකම ඉටු කල වාසනා හස්තිරාජයා තුවාල වල වේදනාවෙන් බිම පතිත විය.

එවර පසුදා පාන්දර පෙරහර හෝ දියකැපීමේ චාරිත්‍රය සිදු කරන්නට නොහැකිව ඇත. වාසනා හස්තිරාජයා මාස කිහිපයකින් සුවය ලබා ප්‍රකෘති තත්වයට පත්ව ඇත. තෙමසක් ගත වන්නටත් මත්තෙන් මේ මහා පාපකර්මයට මුල් වූ සියලු දෙනාට අවාසනාවන්ත මරණයක් උරුම වූ බව කතරගම වැසියන් පවසයි.

වාසනා මංගල කුළයයේ ඇත් රාජෙකි.
උපන් ප‍්‍රදේශය අනුරාධපුරය යි.
දළ යුගල අඩි දෙක හමාරකි. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලම හස්තියකු වන වාසනා 1978 දි විමලා කන්නංගර මහත්මිය විසින් දේවාලයට පුජා කරනු ලැබීය. දැනට වසර පනහකට ආසන්න කාලයක් දෙවියන් වෙනුවෙන් කැපවූ වාසනා රටටම අභිමානයකි.

කතරගම දෙවොල තරම් ජාති ආගම් භේදයකින් තොරව ජනී ජන වන්දනයට පාත්‍ර වන තවත් සිද්ධස්ථානයක් මෙසිරිලක නොමැති තරම් ය. දුට.....

21/04/2020

ආචාර්ය සූරිය ගුණසේකරයන් ලංකා ඉතිහාසයේ විජයාවතරණයෙන් ඔබ්බෙහි වූ ඉතිහාසය පිළිබඳ අධ්‍ය.....

21/04/2020

දොන් ජෝන් උඩරට රාජධානිය තුල එක්දිනක් වැනි කෙටි කාලයක් රාජ්‍යත්වය ඉසිලූ අයෙකි. යමසිංහ බණ්ඩාරගේ මරණින් පසු පෘතුගස....

මහනුවර අද වන විට සීග්‍රයෙන් දියුණු වන ජනාකීර්ණ නගරයක්. මේ අතර වසර කිහිපයක සිට යටිනුවර වීදියේ ඇතැම් ස්ථාන හදිසියේ ගිලාබැස...
16/04/2020

මහනුවර අද වන විට සීග්‍රයෙන් දියුණු වන ජනාකීර්ණ නගරයක්. මේ අතර වසර කිහිපයක සිට යටිනුවර වීදියේ ඇතැම් ස්ථාන හදිසියේ ගිලාබැසීම් වලට ලක් වුණා.

මේ ගිලා බැසීම් ඔස්සේ බලධාරීන් සිදුකළ පරීක්ෂණ අවසන් වන්නේ ලංකා ඉතිහාසයේ සුවිශිෂ්ට සැඟවුණු නිර්මාණයක් ලෝකයට අනාවරණය වීමෙනි. ඒ මහනුවර නගරය යටින් දිවෙන විධිමත් උමං මාර්ග පද්ධතියයි.

ඉතිහාසයේ කිසිම තැනක සඳහන් නොවුණු මෙම නිර්මාණය ගවේෂණය කරන්නට බලධාරීන් කටයුතු කරනවා. ඔවුන් අනාවරණය කරගන්නා පරිදි මේ උමං මාර්ගය යටිනුවර වීදියේ සිට අලි මුඩුක්කුව ප්‍රදේශයට දිව යන්නක්.

මහනුවර නගරය කඳු වලල්ලකින් වට වුණු නිම්නයක පිහිටි නගරයක්. ඒ නිසාම ඉහළ කඳු වලට වැටෙන ජලය නගරය වෙත ගලා ඒම වැළැක්විය නොහැක්කක් වෙනවා. මේ නිසාවෙන් සිදු කල යුතු සුදුසුම ක්‍රියාමාර්ගය කඩිනමින් වැසි ජලය නගරයෙන් ඉවතට ගලායාමට සැලැස්වීම. මේ උමං මාර්ගයේ ප්‍රමුඛතම ක්‍රියාමාර්ගයත් එයම වෙනවා.

ඒ වගේම රජවාසල, ප්‍රධාන නිලමේවරුන්ගේ වලව් පිහිටි නගරයෙහි ආරක්ෂාව වෙනුවෙනුත් සුවිශේෂී කාර්යභාරයක් මේ උමං මාර්ගය ඉටු කරන්නට ඇතැයි සිතන්න පුළුවන් වන්නේ උමං මාර්ගය නගරයේ පිහිටි ප්‍රධාන වලව් කිහිපයක් අසලින්ම යන සේ සකස් කර තිබීම නිසා. මේ උමං මාර්ගයේ පහසුවෙන් තනි පුද්ගලයෙකුට ගමන් කල හැකි වෙනවා.

මේ උමං මාර්ගය ඉදිකිරීමට භාවිතා කර ඇති තාක්ෂණය අතිශයින්ම සුවිශේෂී වෙනවා. ඉලිප්සියාකාර හැඩයකින් තනා ඇති එය තනි ගඩොල් පේලියකින් පමණක් ආස්තරණය කොට තිබෙන්නේ බදාම භාවිතයකින්ද තොරවයි. එහි භාවිතා කර ඇති තාක්ෂණය අනුව කාලයත් සමඟ ඇති වන කම්පනයන් හමුවේ තව තවත් ශක්තිමත් වනවා.

මේ උමං මාර්ගය මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ නවීකරණය ආරම්භ කරන්නට යෙදුණා. ඒ ලෝක බැංකු ආධාර යටතේ.

මේ සුවිශේෂී නිර්මාණය කවර යුගයක කවුරුන්හෝ ඉදි කලාද යන්නට නිෂ්චිත සාධක හමු වන්නේ නැහැ. එය නගරයේ ආරක්ෂාවට ඍජු ලෙස බලපෑම් කරන නිසා එහි තොරතුරු සිතාමතාම සමාජයෙන් වසං කලා වන්නටත් පුළුවන්.

නමුත් මහනුවර නගරය විධිමත් ලෙස ගොඩ නැගූ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයේ මෙය ඉදි වූ බව සිතන්න පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මෙය ලාංකික තාක්ෂණයේ සුවිශිෂ්ට නිර්මාණයක් බවට සැකයක් නැහැ .

මහනුවර නගරය ලංකා ඉතිහාසයේ අවසාන රාජධානිය වූ සෙංකඩගල රාජධානියේ අගනගරයයි. ලංකා ඉතිහාසය පුරාවට දේශීය තාක්ෂණික භාව.....

ලංකාවේ දේව ඇදහීම අනාදිමත් කාලයක සිට අද දක්වා පැවත එන්නකි. කාලයත් සමඟ එහි වූ බොහෝ දෑ කෙමෙන් වියකී ඇත. කොස්ගම හයිලෙවල් මාර...
12/04/2020

ලංකාවේ දේව ඇදහීම අනාදිමත් කාලයක සිට අද දක්වා පැවත එන්නකි. කාලයත් සමඟ එහි වූ බොහෝ දෑ කෙමෙන් වියකී ඇත. කොස්ගම හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට යන විට හමුවෙන කුඩා නගරකි.

එහි " කොස්ගම දෙවියන් " වශයෙන් හැඳින්වෙන දේව විශ්වාසයක් මෑත ඉතිහාසය දක්වාම පැවත, මේ වන විට අභාවයට පත්ව ඇත. මේ දෙවියන් වෙනුවෙන් ඉදිවූ දෙවොලක් කොස්ගම වූ බවක් ඉතිහාසයේ සඳහන් නොවේ.

නමුත් රාළහාමි කංකාරිය නම් ශාන්තිකර්මයක් කැළණි නදිය අසබඩ සිදු වූ බව පැරැන්නන් සඳහන් කරයි. එය කොස්ගම දෙවියන් මූලිකව සිදු වූවකි.
එහිදී තුන් හුලස් හැඩයේ යහනක්, කෙසෙල් බඩ, කෝටු, ගොක් අතු ආදිය යොදා ගනිමින් සාදා ඇත.

එය මාල තුනකි. උඩු මාලය බුද්ධ පූජාව සඳහා ද, දෙවන මාලය කොස්ගම දෙවියන් ප්‍රධාන දේවියන් වෙනුවෙන් ද, තෙවන මාලය කොස්ගම දෙවියන්ගේ ආරක්ෂකයන් ලෙස හැඳින්වෙන හේනයන්ටත් වෙන්ව ඇත.

මේ තුන් පාර්ශ්වය වෙනුවෙන් මුරුතැන් බත් වෙන වෙනම උඩුවියන් සහිතව පිළියෙළ කරයි. අනතුරුව කපු මහතා ශබ්ද පූජා මධ්‍යයේ පූජාව සකස් කල යහනට වැඩමවයි. පළමුව බුද්ධ පූජාවත් අනතුරුව අනෙකුත් දේව පූජාද සිදුවෙයි.

මෙහිදී මල් පහන් සුවද දුම් පුදා කෝල් මුර යාග කවි කියමින් දෙවියන්ට ආරාධනා කල බව කියවෙයි. අවාසනාවකට එයට භාවිතා වූ කෝල්මුර කවි දන්නා කිසිවෙකුත් ජීවතුන් අතර නැත.

පූජාව අවසානයේ දේව පූජාව සහභාගි වූ සියල්ලන් අතර බෙදා දී ඇත. ළඳරුවන්ගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය සඳහාද මේ අවස්ථාව යොදාගෙන තිබීම විශේෂත්වයකි. ඉන් පසු සියලු දෙනා එක්ව තැනූ තුන් හුලස් හැඩති යහන කැළණි නදියට දාමා පා කර හැර ඇත.

දිය සැවුල් අස්නේ කවියක කොස්ගම දෙවියන් සඳහා වෙන්වූ දෙවොලක් රුහුණු කතරගම මහ දෙවොලේ වූ බව කියවෙයි. අවාසනාවකට එයද අද දක්නට නැත.

වැදි ජනතාව අතර පුද ලබන කොස්ගම කිරි අම්මා නම් ඇදහීම ද, කොස්ගම දෙවියන් හා බැඳුණු විශ්වාසයක් වන්නට හැකියාව ඇත.

( මෙහිදී තුල කිසිදු ඇදහීමක් ප්‍රවර්ධනය කිරීම බලාපොරොත්තු නොවන අතර මේ වන විට වියැකී ඇති, ජන විශ්වාසයන් හි විවිධ පැතිකඩයන් අනාවරණය අරමුණ වෙයි. )

ලංකාවේ දේව ඇදහීම අනාදිමත් කාලයක සිට අද දක්වා පැවත එන්නකි. කාලයත් සමඟ එහි වූ බොහෝ දෑ කෙමෙන් වියකී ඇත. කොස්ගම හයිලෙව.....

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when යටගියාව Yatagiyawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram