Supplementary Medical Professionals, Sri Lanka - PSM

Supplementary Medical Professionals, Sri Lanka - PSM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supplementary Medical Professionals, Sri Lanka - PSM, Medical Service, 25/2, Colombo.

Congratulations !!!Prof.Bimali Weerakoon ❤️
29/01/2026

Congratulations !!!
Prof.Bimali Weerakoon ❤️

21/01/2026

විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ වර්ජනය...
21.01.2026 අද දෙරණ ප්‍රවෘත්ති

20/01/2026

සියත ප්‍රවෘත්ති 20.01.2026

20/01/2026
18/01/2026

*ජනවාරි 21උදෑසන 8 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්. රෝහල් පරීක්ශණ සහ ප්‍රතිකාර සේවා අඩාල වීමට නියමිතයි*

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය 21 වෙනිදා උදෑසන 8 සිට 22 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මේ වන වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ජනවාරි 06 සහ 12 වෙනිදා යන අවස්ථා දෙකකදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කර ඇතත් මේවනතෙක් අදාළ ගැටළුවට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය සිදුකිරීමට සිදුවන බව සංගමය ප්‍රකාශ කර සිටි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, සීටී ස්කෑන් පරීක්‍ෂණ, MRI ස්කෑන් පරීක්‍ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ , ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණසේවා , විකිරණ භාවිතයෙන් සිදුවන ශල්‍යාගාර සැත්කම් සේවා සියල්ල අඩාල වීමට නියමිතව ඇත. දිවයින පුරා රෝහල් 140 කට ආසන්න ප්‍රමාණයක මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන අතර මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක,රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල යන රෝහල් පමණක් වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී කරවා නොගැනීමට තීරණය කර ඇත.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයෙහි රාජකාරී ආවරණය කරන පුද්ගලයාගේ නීති විරෝධී සහ විෂමාචාරී හැසිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතීය පරීක්ෂණයක් එම පුද්ගලයා එම රෝහලෙන් සහ තනතුරෙන් තාවකාලිකව ඉවත්කොට සිදු කළ යුතු වුවත් තවමත් ඉහත කී පුද්ගලයා එම තනතුරු වලම හිඳිමින් පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයක් උදාවී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙවැනි විනය විරෝධී ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් ආරක්ෂා කිරීම කණගාටුවට කරුණක් වී ඇත. මෙම පුද්ගලයාගේ මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් 2024 සහ 2025 වර්ෂයන්හිදී අවස්ථා දෙකකදී සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කර ඇතත් ඒ පිළිබඳව ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වෙන තෙක් නොගැනීමද මෙම පක්ෂග්‍රාහී හැසිරීමට හොඳම උදාහරණයන් වී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන අතර ගැටලුව විසඳීමට මැදිහත් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවනු ඇත. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවය සම්බන්ධයෙන් සියලු වගකීම් මෙම ගැටලුව විසඳීමට මැදිහත් නොවන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් භාරගත යුතු බව සංගමය ප්‍රකාශ කර සිටි.

චානක ධර්මයවික්‍රම සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

මගේ අංකය: JCPSM/Gen/2025 (48)දිනය: 2025.11.17අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත...
18/11/2025

මගේ අංකය: JCPSM/Gen/2025 (48)
දිනය: 2025.11.17

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය
ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා
ගරු චන්දන සූරියාරච්චි මහතා (සභාපති - සමස්ථ රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් වෘත්තීයභාවය ඉහල නැංවීම හා රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් පටිපාටියක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුව)
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ජනාධිපති ලේකම්තුමා
අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
ලේකම් - සෞඛ්‍ය අමාත්‍යාංශය

*2025 වර්ෂයේ අයවැය හරහා සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්කගතව සිදු කරනු ලැබූ අසාධාරණය විසඳීමට අවශ්‍ය සාධනීය මැදිහත්වීමකින් තොරවම 2026 අයවැය ඉදිරිපත් කිරීම.*

මෙතෙක් පැවති කිසිඳු රජයක් චේතනාන්විතවම කටයුතු කරමින් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කර නොමැති නමුත් වර්තමාන රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැය හරහාම වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ට පමණක් අනන්‍ය වූ අමතර සේවා දීමනා වල වටිනාකමෙන් 1/3ක ප්‍රමාණය කප්පාදු කරන ලදී. මෙම අසාධාරණය හරහා සෞඛ්‍ය වෘත්තිකයන් විසින් දින 365 පුරා නිර්බාධකව හා එක හා සමානව ලබාදෙන අඛණ්ඩ සේවාව හෑල්ලූවට ලක්කරනු ලැබූ අතර එම සුවිශේෂී කැපවීම ඉතා සරලව සාමාන්‍යකරණය කරන ලදී.

මීට අමතරව 2026 වසරේ අයවැය සකස් කිරීමට සමගාමීව “සමස්ථ රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් වෘත්තීයභාවය ඉහල නැංවීම හා රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් පටිපාටියක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුව” පත් කරනු ලැබූවද එහිදීද අදහස් දැක්වීමට කැඳවීම් ලද්දේ රජයට හිතෛෂීව කටයුතු කරන තෝරාගත් සංගම් ප්‍රමාණයකි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අංක JCPSM/Gen/2025 (45) හා 2025.09.11 දිනැතිව අදාල පාර්ලිමේන්තු අනු කමිටුව වෙත යෝජනාවලියක් ඉදරිපත් කරනු ලැබූ නමුත් ඊට අදාල කිසිඳු යෝජනාවක් මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී සලකා බලා නොමැති බවත් පැහැදිලිය.

ඒ අනූව පහත කරුණු ඔබගේ/ඔබ තුමන්ලාගේ කාරුණික අවධානයට යොමු කරන අතරම, සෞඛ්‍ය සේවාව තුල පවතින වැටුප් විෂමතා හෝ දීමනා විෂමතා අවම කිරීම වෙනුවට තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වන නව තීන්දු තීරණ ක්‍රියාත්මක වන්නේ නම් පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව නිර්මාණය වී ඇති සහ නිර්මාණය විය හැකි විෂමතා වලක්වා ගැනීමට සිදුවන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

1. අනෙකුත් රජයේ සේවාවන් වලට උපාධිධාරී වැටුප් තලයක් ලබා දී තිබියදී, පරිපූරක වෛද්‍ය සේවාවට පමණක් උපාධිධාරී වැටුප් තලය ලබාදීම තවදුරටත් පමා කරමින්, උපාධිධාරීන්, ඩිප්ලෝමා වැටුප් තලයක හිර කිරීම.
2. ඉදිරි අයවැය හරහා සංශෝධනය කිරීමට එකඟතාවය පළ කල සතිඅන්ත හා නිවාඩු දින දීමනා කප්පාදුව තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම.
3. හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත වූ දීමනා ගැටලු විසඳීමට පත්කරනු ලැබූ කමිටුවේ අවසන් තාක්ෂණික වාර්තාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම.
4. පරිපූරක වෛද්‍ය සේවාවේ ඇමතුම් සේවාවලට අදාල පරීක්ෂණ දීමනාව ගතවූ දශක දෙක තුල රුපියලේ අවප්‍රමාණය වීමට ගැළපෙන අයුරෙන් යාවත්කාලීන කිරීම තවදුරටත් පමා කිරීම.
5. පැවති ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ගුරු සේවාවට ආදාලව වැටුප් වැඩි කිරීම හරහා වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ට නිර්මාණය වූ වැටුප් විෂමතාවය විසඳීමට කිසිඳු මැදිහත්වීමක් සිදු නොකිරීම.

මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි!

Promotion to Special Grade of the Medical Laboratory Technologist belonging to the Service Of Supplimentary Medical Prof...
24/10/2025

Promotion to Special Grade of the Medical Laboratory Technologist belonging to the Service Of Supplimentary Medical Professionals ( From 01.01.2022 to 30.06.2025 )

General Circular Letter No 02-168/2025
Sri Lanka Association of Medical Laboratory Technologists


20/10/2025

UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!ජනතා දැනුවත් කිරීමඔක්තෝබර් : ...
13/10/2025

UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!

ජනතා දැනුවත් කිරීම
ඔක්තෝබර් : 13
පෙ. ව. 11.30 සිට
කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය සංවිධානය කළ මෙම වැඩසටහන සදහා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බළමණ්ඩලය වෙනුවෙක්
සභාපති - රවී කුමුදේශ් මහතා
ලේඛම් - චානක ධර්මවික්‍රම මහතා
උප ලේඛම් - ලෙසාන්ත චතුරංග මහතා ඇතුළු විධායක සභාව නියෝජනය කරමින් තවත් නිළධාරීන් සහ වෘත්තිකයින් සහභාගී විය.




Warmest Congratulations to Mr.Chanaka Dharmawickrama on his apoinment as President of the Government Radiological Techno...
11/10/2025

Warmest Congratulations to Mr.Chanaka Dharmawickrama on his apoinment as President of the Government Radiological Technologist Associat (GRTA) at the 77th Annual General Meeting .
Wishing him & exco to success & leadership in thier new roles.

අරුණ පුවත් පත26/09/2025
26/09/2025

අරුණ පුවත් පත
26/09/2025

Address

25/2
Colombo
00800

Telephone

+94773077717

Website

Alerts

Be the first to know and let us send you an email when Supplementary Medical Professionals, Sri Lanka - PSM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Supplementary Medical Professionals, Sri Lanka - PSM:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram