මෝහනය - Hypnosis

මෝහනය - Hypnosis මෝහනය සහ මෝහන චිකිත්සාව ලොව ඉතාම වේගවත් සහ ඉතාම නිවැරදි චිකිත්සා ක්‍රමයයි.

මෝහනය සිදුන්නේ කෙසේද?

මෝහනය එනම්‘‘Hypnotism’’කියන්නේ ග‍්‍රික භාෂාවෙන් නම් නින්ද යන අදහසයි. මෝහනය කියන්නේ ඉතා ගැඹුරු විෂයක්. ඒ වගේම මිනිසාගේ ආධ්‍යාත්මය හා සම්බන්ධ දෙයක්. ඇත්තටම මෝහන නිද්‍රාවක දී සිදු වන්නේ උඩු සිත නින්දට පත් වීමත් නමුත් යටි සිත ක‍්‍රියාත්මකව පැවතීමය. මිනිස් සත්ත්වයාගේ හදවත් සන්තානය තුළ ඇති සිත නම් අපුර්ව වස්තුව කොටස් 3 කින් යුක්තය. එනම් සිතේ කොටස් 3 න වන උඩු සිත, මැද සිත, යටි සිත යනුවෙන්. මෙමගින් පුද්ගලයාගේ සිතුවිලි ධාරාව විවිධ ලෙස වෙනස්වීම් වලට භාජනය කර එක් එක් සිතුවිලි මෙන්ම සිදුවීම් සුදුසු කොටසක තැන්පත් කර ගනී.ඉහත කී සිත් තුනෙන් ප‍්‍රබලම සිත තමා යටි සිත. පුද්ගලයෙකුගේ ජිවිතයට මොළයටමෙන්ම එකී පුද්ගලයාගේ මු`ථ ආත්මයටම බලපෑම් ඇති කිරීමට මෙම යටි සිතට ඇත්තේ ලොකු බලතලයකි. අපගේ එදිනෙදා ජිවිතයේ සිදු වන සු`ථ සිදුවීම් සිතේ ඇති වන පුංචි පුංචිසිතුවිලි තැන්පත් වන්නේ උඩු සිතේය. නමුත් ඒවායේ දිගු කාලීන රදා පැවැත්මක් නොමැත. අලුත් සිදුවීම්, සිතුවිලි, මතකයන් එකතු වත්ම පරණ සිදුවීම්,සිතුවිලි ආදිය උඩු සිතෙන් බැහැරවී යයි. එයයි උඩු සිතේ ස්වභාවය. උඩු සිත සැහැල්ලුයි. හරිම සරලයි. උඩු සිත හා මැද සිත අතරින් මැද සිත ප‍්‍රබලයි. උඩු සිත සරල වුවාට මැද සිත මදක් සංකීර්ණයි. අපි අපේ මොළයට බලෙන් හෝ ස්වාභාවිකව පුරුදු පුහුණු කරන ලද පුරුදු, සිතුවිලි, ක‍්‍රියා,සිදුවීම් මැද සිතේ තැන්පත් වේ. මැද සිතේ තැන්පත් වු දෑ ලේසියෙන් බැහැර නොවේ. අමතක නොවේ. මැද සිත ප‍්‍රබලයි. නමුත් යටි සිත තරම් නැත. යටි සිත මින් වඩා ප‍්‍රබලම සිත වේ. එය විටෙක අවදානම් විටෙක බරපතල් තවත් විටක සන්සුන්යටි සිත මහා අමුතු තේරුම් ගන්න බැරි ගුප්ත දෙයක්. කෙසේ වෙතත් යටි සිතේ බලපෑම නිසා පුද්ගලයෙකුගේ ජිවිතය හොද පැත්තටත් නරක පැත්තටත් ඒ වගේම එකී පුද්ගලයාගේ මාසිකදියුණුවත් පිරිහීමත් සිදු විය හැක. මේ ප‍්‍රබල යටි සිත නිදා සිටින යෝධයෙක් මෙනි. බැරිවෙලාවත් අවදි වුවෝත් ඉතා ප‍්‍රබලයි. සිතේ තැන්පත් වී ඇති දෑ අපට කොටස් 2 කට වර්ග කළ හැකිය. ඒ ධනාත්මක සහ සෘණාත්මක යනුවෙන්. පෙර භවයන්වල පවා අප ලද අත්දැකීම්,මතකයන් සිදුවීම් මේ යටි සිතේ තැන්පත් වී ඇත. එමෙන්ම මේ භවයේ පවා අප අත්විදි අත්දුටු සුවිශේෂි සිදුවීම් ඇත්දැකීම් මතකයන්එහි තැන්පත් වී තිබේ. යටි සිතේ තැන්පත් වී ඇති දෑ බොහෝ බලගතුයි. ඒවා ප‍්‍රීතිමත් හා දුක්ඛදායි වීමට පුඵවන.
මෝහනයේ දී සිදු වන්නේ සිදු කරන්නේ මෙම ප‍්‍රබල යටි සිත අවදි කිරිමයි. යටි සිත ප‍්‍රාණවත් කිරීමයි. මෙම මෝහනය කියන සංකල්පය ඉතා බලගතුය. මක් නිසාද යත් එහිදි ක‍්‍රියා කරන්නේ පුද්ගලයෙකුගේ ප‍්‍රබල යටි සිත සමග නිසා. මෙම මෝහනය කියන දේ දුරාතියේ සිට පැවත එන්නකි. නමුත් එයට මෝහනය යන නම පටබැදුණේ 1790 වර්ෂ වලදීය. බටහිර වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත වලට මෝහනය එක් කිරීම සදහා පුරෝගාමී වුයේ ‘ජේම්ස් බ්‍රෙඞ්’ කියන වෛද්‍යවරයාය. ඒ 1795ත් 1860ත් අතර කාලයේ.ඒ කාලය ඇතුළත ඔහු විසින් වෛද්‍ය විද්‍යාවට හෙළි කළ සිද්ධාත්තයන් අමිලය. මානසිකමට්ටම ඉතා දුර්වල වු විට සමහර පුද්ගලයන් ස්වයං මෝහනයට පත්වෙනවා. මෙය දුෂ්පෞරුෂායනය නමින් හැඳින් වේ. කලා ශිල්පීන්, කලාකාමී පුද්ගලයින්, බුද්ධිමත් අය, කාන්තාවන්, යුධ භටයන් ඒ අනුව හොද සංකල්පනා ශක්තියක් ඇති අය. බුද්ධිය වැඩි අය සහ එක්වරම මෝහනයට කීකරු වීමට සුදානම් අය පහසුවෙන් මෝහනය කළ හැකිය. නමුත් සයිකෝසීය ගණයේ මානසික රෝගීන් මෝහනය කළ නොහැක. ඒත් යක්ෂ පේ‍්‍රත භුත ආදි විශ්වාස මුල් කරගත් මායා රෝගීහු ඉක්මනින් මෝහනයට පත් වෙයි. මෝහන නිද්‍රාවක් කොටස් 4 කින් යුක්තය. එනම්
01. නොගැඹුරු අවස්ථාව
02. මද ගැඹුරු අවස්ථාව
03. ඉතා ගැඹුරු අවස්ථාව
04. මුර්ජා අවස්ථාව.
ස්මරණය පුද්ගලයාගේ ස්වභාවය අනුව විවිධ වේ. අපගේ සිත් තුළ කා වැදී ඇති යම් මතකයක් මගින් යටපත් කළ හැකිද? විද්‍යාත්මකව මෙය‘අමරෝධනය’ලෙස විස්තර වේ. ඇත්තටම අපේ සිතේ කා වැදිලා තියෙන ප‍්‍රබල මතකයක් මෝහනය මගින් යටපත් කළ හැකිද? පිළිතුර නම් ‘‘ඔව්’’ අපේ සිතට වද දෙන යම් සිදුවීමක්, මතකයක්, අත්දැකීමක් මෝහනයට ලක් වී ලැබෙන විධානයකින් යටපත් කළ හැකිය. මෙය අපුරු යැයි ඔබට සිතෙන්නට පුලුවන්. නමුත් ඇත්තම සත්‍යය නම් එය ඉතා අවදානම්. මෝහනයට පත් වි සිටින අයෙකුට ලැබෙන ඕනෑම හෝ හොද හෝ නරක විධානයක් එම පුද්ගලයා විසින් සිදු කිරීමට ඉඩ තිබේ. එම විධානය හරිද? වැරදි ද? යන්න පිළිබදව නොසිතා නොබලා ඔහු එම විධානයට යටත් වේ. ඔහු ඒ මොහොතේ ජීවත් වන්නේ ඒ සිදුවීමේ හෝ ඒ මතකයේයි. ඒ නිසා මෝහන ක‍්‍රියාව මෙහෙය වන තැනැත්තා ඒ පිළිබදව පුර්ණ දැනුමක් ඇති උගත් ඒ වගේම බුද්ධිමත් කාරුණික චරිතවත් පුද්ගලයෙක් විය යුතුය. මෝහනය මගින් තමා මෙතෙක් නොවිදපු, නොදුටු, නො ඇසූ අත්දැකීමක් සිදුවීමක් හෝ මතකයක් වුණත් ඇති කර ගත හැක. එතරම්ම වු බලයක් මේ මෝහනය සතුය. මේ මෝහනය නිසා බොහෝ මානසික දුර්වලතා සහිතව ජීවත් වූ පුද්ගලයින් රැසක් සුවය ලබා ඇත. ජිවිතය එපා වී, මානසිකව ඇද වැටී, සිය දිවි නසා ගැනීමට සූදානම් වූ බොහෝ දෙනෙකුට මේ මෝහනයෙන් සහනය ලබා ගැනීමට හැකි වී ඇත. උප්පත්තියෙන්ම ආ සමහර අඩුපාඩුකම් පුරුදු ආදිය මේ මෝහනය නිසා යටපත් කර ගැනීමට ඇතැම්හු සමත් වී ඇත. එසේ බලන කළ මෝහනය යනු මානසික ඖෂධයක් ලෙස දැක්විය හැකිය.

03/03/2019
මනෝ විශ්ලේෂණවාදයේ පියාගේ හරවත් අදහසක්..
30/01/2019

මනෝ විශ්ලේෂණවාදයේ පියාගේ හරවත් අදහසක්..

29/01/2019
අපි නැවතත් අප්‍රේල් මාසයේ ප්‍රතිකාර ආරම්භ කරන බව සතුටින් දැනුම්දෙන්නෙමු.....
28/01/2019

අපි නැවතත් අප්‍රේල් මාසයේ ප්‍රතිකාර ආරම්භ කරන බව සතුටින් දැනුම්දෙන්නෙමු.....

Read ....
14/12/2016

Read ....

Importance of the learning English.

09/05/2016


නවතම ගොසිප් දැනගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.sri4you.com

Address

Awissawella
Colombo
5555

Website

Alerts

Be the first to know and let us send you an email when මෝහනය - Hypnosis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to මෝහනය - Hypnosis:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram