21/03/2026
මේ මගේ චූටි,.... "චූටි" කියන්නේ මා කලින් සිටි රත්මලාන නිවසේ, තාප්පෙ උඩ එහාට මෙහාට ඇවිද්ද, පාරේ තනි වි අසරණ වෙච්ච පූසියෙක්. එයාව මම අවුරුදු 8ක් දරුවෙක් වගේ හදාගත්තා. මේ අවුරුද්දේ ජනවාරියේදීද, එයාගේ සියලු එන්නත් (Rabies සහ Tricat) ලබා දී, booster doses පෙබරවාරි මාසයේ ලබා දුන්නා. පණු බෙහෙත් ලබාදීමද, කන් සුද්දකර, නියපොතු කැපීම පවා හැමදේම කරා. ඒවාට හරියන්න එයා මට හුඟක් ආදරේ දුන්නා. දැන් මා ජීවත්වන ස්ථානයේ (apartment) සුරතල් සතුන් ඇති කිරීම යෝග්‍ය නොවන සහ තහනම් වුවත් එයාව තියන්න, එයාට සුපුරුදු ස්ථානයේ හොඳ කෙනෙක් පදිංචියට එනතුරු මාස 5කට වැඩි කාලයක් එයාව ආදරෙන් මගේ apartment එකේ, ඉතා රහසිගතව තියාගෙන මම බලා ගත්තා. නීති විරෝධී වැඩ මම නොකරනවා වුණත්, සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් මම ඒ දේ කරා.
පසුගිය දිනක එයාට ඉතා හොඳින් ආදරය ලබාදිය හැකි චූටි අයියා කෙනෙක් මට හමුවුනා. එයා ඉන්නෙත් මම කලින් සිටි නිවසේම කොටසක නිසා ඒ චූටි අයියටත් ඒ අංකල්ටත් මම චූටිව බාර දුන්නා. ඒ අය සමඟ දැන් චූටි යහළු වෙලා ඉන්නවා. ඒ අයට චූටි ආදරය දෙනවා. චූටිගේ අවශ්‍යතා වියදම් මම කළත් එයාව සන්තෝසෙන් ආරක්ෂිතව තියන්න පුළුවන් තැනක් මට ලැබුනේ දෙවියන්ගේ ආශිර්වාදය නිසා කියලා මා විශ්වාස කරනවා. එතන එයාට එළිමහනේ ස්වභාවධර්මයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න අවස්ථාව තියෙනවා. කිසිම දෙයක් මනසින් අල්ලා ගන්නෙ නැතුව, තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව අන් කෙනාගේ යහපතම පිණිස කටයුතු කරන්න චූටි මට ජීවිතයට තවත් හොඳ අත්දැකීමක් ලබාදුන්නා.