Boru prachara unboxing

Boru prachara unboxing ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ඉතාම නිවැරද?

වසර දෙකකට පෙර කොරෝනා ලංකාව තුළ පැතිරෙන මුල් අවධියේ දී  ලියු මෙම ලිපියේ පවතින් සියලූ  කරුණු අදටත් එලෙසම වලංගු වන අතර ඒ කා...
26/01/2022

වසර දෙකකට පෙර කොරෝනා ලංකාව තුළ පැතිරෙන මුල් අවධියේ දී ලියු මෙම ලිපියේ පවතින් සියලූ කරුණු අදටත් එලෙසම වලංගු වන අතර
ඒ කාලෙ corona සඳහා ප්‍රතිකාරයක් නොමැති වීම නිසා බොහෝ පීඩාවට සහ කනස්සල්ලට පත්වූ ජනතාවට ලැබුණු එකම විකල්පය සහ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස
පසුගිය වසර corona vaccines සාර්ථකව සමාජගත විය .
නමුත් කාලයත් සමග අද එන්නත ලබා ගැනීමට බොහෝ ජනතාව අකමැත්තක් පෙන්නන තත්ත්වයකට පත් වී ඇත .
කොරෝනා vaccines නිසා පසුගිය වසර තුළ බොහෝ රෝගින්ට ජීවත් වීමෙ වාසනාව ලැබිනි.

සෞඛ්‍ය අංශයට සම්බන්ධ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබූ සේවකයෙකු කොරෝනා රෝගයට ගොදුරු වී මරණයට පත් වීම ඉතාම ශෝචනීය සිදුවීමකි.
එහි වඩාත්ම සෝචනීය තත්වය නම් ඔහු කොරෝනා එන්නත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ් එන්නත ලබා නොදී තිබුණි.
බොහෝ විට එය ලබාගෙන තිබුණා නම් ඔහු මෙවන් දරුණු තත්වයකට පත්වීම හෝ ජීවිත හානි නොවීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

Dr Roshan Piyarathne
VP
DGH Kegalle

corona වෙන් බේරෙන්න මොකද කරන්නේ.........
corona සමාජය පුරා පැතිරී යන මේ වගේ වෙලාවක corona හැදීම නිසා වෙන්න පුළුවන් දේ සහ හැදුනම කරන්න ඕන දේවල් ගැන දැනුවත් වෙලා තියෙන එක හරි වැදගත්.
කවුරු කොහොම කිව්වත් සමාජගතවීම වැලැක්වීම කළ නොහැකි තත්ත්වයක්.
එම නිසා ඒ තත්ත්වයට මුහුණදීමට දැන් සිටම මිනිසුන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.
වෛද්‍ය රොෂාන් පියරත්න(VP) වැලිමඩ මූලික රෝහල.

corona අදුරගන්නේ කොහොමද?????

යමෙකුට කොරෝනා උණ සෑදී ඇතිබව අඳුර ගැනීමට කිසිම රෝග ලක්ෂණයක් ඇත්තේ නැත.
බොහෝ රෝගීන් අපට හමුවන්නේ කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව.
corona වල රෝග ලක්ෂණ ලෙස බොහෝවිට දක්වන්නෙ උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුවයි .
මීට අමතරව බඩ එලියේ යාම ,ඇඟේ අපහසු ව වැනි නානාප්‍රකාර රෝග ලක්ෂණ දක්වා ඇත.
නමුත් මේ කිසිම රෝග ලක්ෂණය කින් කොරෝනාව ඇති බව හඳුනා ගැනීමේ හැකියාවක් නැත.
මක් නිසාද යත් ඕනෑම වෛරස් උණකට ඉහත කී ඕනෑම ලක්ෂණයක් ඇති විය හැකිය.
නමුත් විශේෂ ලක්ෂණ විදිහට රස නොදැනීම සහ ගඳ සුවඳ නොදැනීම දැක්විය හැකිය.
ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම වටී. මේ සඳහා pcr පරීක්ෂණය කරනු ලබයි. එ මගින් වෛරස් ශරීරගත වී ඇති බව හඳුනාගත හැකිය.
ඊට අමතරව හඳුනාගැනීම සඳහා antibody ප්‍රතිදේහ පරීක්ෂණයක් ද පවතී.මේ මගින් corona සෑදී හොඳ වන බව දැනගත හැකිය .

1-කෑම.........

corona ආරක්ෂා වීම සඳහා කෑම කන්න ආකාරය,
කිසිම කෑමකින් corona බෝවීම වළක්වා ගැනීමට නොහැකිය.
දැනට පවතින කිසිම කෑමකින් corona මර්ධනය හෝ බෝවෙන බව සොයාගෙන නැත.
නමුත් ඔබගේ යහපත් ආහාර චර්යාව corona මගින් ආරක්ෂා වීමට හේතුවක් කරගත හැකිය.
මේ හැමවිටම සමබල ආහාර වේලක් ලබා ගන්න.
කඩෙන් කන shorteats වැනි අමුතු කෑම ජාති නොකා සිටීම හොඳය. කිසිවිටෙකවත් ජීවිතයේ පළමු වතාවට කන කෑම ජාති corona හැදුනු රෝගියෙකුට හෝ corona සැක සහිත රෝගියෙකුට ලබා නොදිය යුතුය.
ඒ ආහාර නිසා ඇති විය හැකි අසාත්මිකතා වෙනත් ලක්ෂණ නිසා කොරෝනා රෝග ලක්ෂන වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි .

මීට අමතරව වතුර පානය කළ යුතුය. දිනකට ජලය ලීටර් දෙකක් තුනක් පමණ පානය කිරීම සාමාන්‍ය මිනිහෙකුට සෑහේ.
මීට අමතරව පලතුරු එළවළු වැඩිපුර ආහාරයට ගන්න.

කිසිවිටකවත් කඩවලින් ලබාගන්නා ශක්ති ජනක ආහාර පාන වර්ග සහ වෙනත් commercial product භාවිතා නොකළ යුතුය.
මේ මගින් බොහෝ විට රෝග ලක්ෂණ ඇතිවීම සහ වෙනත් අතුරුආබාධ වීම වර්ධනය වන හෙයිනි.

ආයුර්වේද බෙහෙත් මගින් කොරෝනා මර්දනය වන බව සොයාගෙන නැත.
බොහෝ විට දේශීය ආහාර සහ කුළුබඩු මගින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය යථා තත්ත්වයට පත් කර තබා ගනී.
සුදුළූණු කොත්තමල්ලි වැනි අනිකුත් කුළුබඩු වර්ග වලින් ද විවිධාකාර ආහාර පාන වර්ග කැඳ සුප් ශරීරයේ ප්‍රතිශක්තියට උදව්වක් කරනු ලබන අතර ශරීරයේ යහපත් ක්‍රියාකාරීත්වයක් තබා ගැනීමට හේතුවේ.
ඕනෑම රෝග තත්ත්වයකදී එයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබා දෙන්නකි. එම නිසා ඒවා භාවිතා කිරීමේ කිසිදු ගැටලුවක් නැත.

2-අරක්කු සහ සිගරට්......

කොරෝනා රෝගය බොහෝ විට පෙණහලු ආශ්‍රිත රෝග තත්ත්වයක් ලෙස හදුන්වාදිය හැකිය.
මෙහිදී බොහෝවිට දුම්බීම නිසා පෙනහළු වල ඇතිවන සංකූලතා හා මරණ ඉහළ යෑම නිසා,
අරක්කු සහ දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් මෙම කාලය තුළ ඒවා සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය. එසේ නොමැති නම් එය ඔහුගේ මරණය දක්වා යන හේතුවක් බවට පත්වීමට ඉඩ ඇත .

3-නිදාගැනීම ......

නින්ද අත්‍යවශ්‍ය සාධකයකි.
corona හා අනිකුත් වෛරස් රෝග සඳහා ඇති ප්‍රබල ම ඖෂධයක් වන්නේ යහපත් නින්ද සහ විවේකයයි. මෙම නිසා කොරෝනා රෝගය සම්බන්ධ බියක් ඇති පුද්ගලයින් යහපත් ලෙස නිදා ගත යුතුය.
අඩු තරමින් පැය හයක් හතක් වත් දවසට නිදා ගැනීමත් අවශ්‍ය වෙයි. නිදාගන්නා විට පුළුවන් තරම් මුනින් අතට නිදා ගැනීම අනුමත කරමි.

කොරෝනා රෝගීන් සඳහා අපි ලබාදෙන ප්‍රධාන උපදෙසක් වන්නේ මුනින් අතට නිදාගෙන සිටීම හෝ මුනින් අතට නිදහසේ සිටීමයි .
මෙසේ මුනින් අතට ඉදීමෙන් පෙනහලු හොදින් ක්‍රියාත්මක වීම සහ නිව්මෝනියාව තත්වයන් වලට මුහුණ දීම ඉතා සාර්ථකව සිදු වේ.

මුනින් අතට නිදා ගැනීම සහ මුනින් අතට නිදහසේ සිටීම මගින් පෙනහළු යහපත්ව පවත්වා ගැනීමට හැකි වීම තුළින් කොරෝනා රෝගය දරුණු වීමේ සම්භාවිතාව අඩු කරගත හැකිය .

4-අව්ව තැපීම.......

අව්ව තැපීම බොහෝවිට ඉතිහාසය පුරා ලංකා වැනි රටවල පවතින සම්ප්‍රදායයකි .
විටමින් ඩී ලබා ගැනීමට ඇති හොඳම මාධ්‍ය හිරු එළියවේ.
විටමින් ඩී මගින් බොහෝ රෝගී තත්වයන්ට මුහුණ දීමේ හැකියාව අප ශරීරයට ලබාදෙන අතර ප්‍රතිශක්තිය ඉහළ දැමීම සිදුකරයි .
කොරෝනා වෛරස් රෝග වලට සාර්ථකව මුහුණ දීමට විටමින් ඩී අත්‍යවශ්‍ය කාරණයක් වේ.
නමුත් මේ විටමින් බාහිරව පෙති ලෙස ලබා ගැනීමෙන් මෙම කාර්යය හරියාකාරව සිදු වන්නේ නැත.
එම නිසා අපට ඉතාම ලාභදායී ලෙස ලබාගත හැකි හිරු එළිය අප භාවිතා කළ යුතුය.
ඊට අමතරව විටමින් බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍යවේ.
විටමින් ඩී ලබා ගැනීමට හිරු එළිය අඩුම තරමේ පැය භාගයක්වත් සිටීම අවශ්‍ය වේ.
මෙහිදී උදෑසන 8 -12 වැනි කාලයක හිරු එළියට නිරාවරණය වීම ඉතාම වැදගත් වන අතර දවසේ ඕනෑම වෙලාවක් මේ සඳහා සුදුසු වේ.
නමුත් ඉතා තද හිරු රැස් නිරාවරණය නොවීම (12- 1 වැනි) හොඳය.

5-ස්නානය.......

නෑම අත්‍යවශ්‍ය කාරණයකි. රෝගී වූ විට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය වන්නේ නෑම ප්‍රතික්ෂේප කිරීමයි.
වෛරස් රෝග තත්ත්වයන් පවතින විට corona රෝග තත්ත්වය දී වුවද දහවල් කාලයේ ස්නානය ගැටලුවක් නොවේ.
උදෑසන 10 -12 ස්නානය කිරීම යෝග්‍ය වන අතර මද රස්නෙ වතුරෙන් ස්නානය කිරීම යෝග්‍ය වේ.
දිනපතා ස්නානය කිරීම අපහසු හතිය වැනි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින්ට දවසක් ඇර දවසක් හෝ දිවා කාලයේ ස්නානය කිරීම හානියක් නොවේ.වෛද්‍ය රොෂාන් පියරත්න, වැලිමඩ මූලික රෝහල

6-බෙහෙත්.......................................

corona සඳහා තවම කිසිම බෙහෙතක් සොයාගෙන නැත .
කිසිම එන්නතක් සොයා ගෙන නැත .
එන්නතක් හෝ බෙහෙතක් මගින් කොරෝනා වලක්වා ගැනීම තවම සිහිනයකි.
සාමාන්‍ය සාර්ථක තත්ත්වයක් ඇති එන්නතක් නිපදවීමට තව වසරකට වැඩිකාලයක් ගතවේ.

එම නිසා එවැනි දේවල් මත විශ්වාසය නොතබා ඔබ කොරෝනා වලක්වා ගැනීම සඳහා මුඛ ආවරණ, මීටරයක් දුරින් සිටීම වැනි ක්‍රම සාර්ථක ක්‍රම වලට හුරු වීම වැදගත් වේ.

කැස්ස සදහා මෙතෙක් ලෝකයේ සාර්ථක ව ම නිපදවා ඇති එකම ඖෂධය වන්නේ ඉන්හේලර් භාවිතය යි .
මෙම මඟින් ඉතාම කුඩා ඖෂධ ප්‍රමාණයක් පෙණහැල්ලට ලබාදීම මගින් සාර්ථකව කැස්ස මැඩපැවැත්වීමට හැකිය.
කැස්ස මැඩපැවැත්වීම සඳහා කිසිම පෙත්තක් හෝ සිරප් එකක් මෙතෙක් සාර්ථකව හඳුනාගෙන නැත.
පෙති syrup වලින් සිදුකරන්නේ කැස්ස සඟවා තැබීමට උත්සාහ කරනවා මිස කැස්ස නතර කිරීම හෝ සනීප කිරීම නොවේ .
එම නිසා ඔබට කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති විට ඔබ භාවිතා කළ යුතු හොඳම ඖෂධය වන්නේ ඉන්හේලර් භාවිතයයි.

7-ගර්භනී මව්වරුන්ට........

ගර්භනී මව්වරුන්ට corona වැළඳීම සිදුවිය හැකිය .එහිදී සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන තවම විශාල අවබෝධයක් අප හට නැත.
නමුත් දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට ලොකු ගැටලුවක් වන බවක් පෙනී නැත.
බොහෝවිට ගර්භනී මුල් කාලය corona වැළදීම හානි දායක වීමට ඇති සම්භාවිතාව බොහෝ වැඩිය .
නමුත් ප්‍රසූතිය සමයේදී ලොකු හානියක් වන්නේ නැත.
ප්‍රසූතිය මගින් ඉපදෙන දරුවාට බෝවීමේ සම්භාවිතාවක් දැනට නැත. රෝගී තත්ත්වය කිරිදීමට ගැටලුවක් නොවේ.
සාමාන්‍ය ලෙස ඔබේ දරුවාට කිරි දීම කළ හැකිය .
ඒ සඳහා corona බෝවීම අවම කිරීමේ ප්‍රතිකර්ම සහිතව කිරි දීම අනුමත කරයි.
එසේම කුඩා දරුවන් සඳහා වැළඳීමේ සම්භාවිතාව ඉතා අඩු වන අතර කුඩා දරුවන්ට corona වැලදීමෙන් පසු ඇතිවන සංකූලතාවයන් ද ඉතා අඩු මට්ටමක පවතියි.
මේ නිසා කිරි දීම වැනි කරුණු මඟ හැරීම නොකළ යුතුය.

8-දියවැඩියා රෝගීන් සදහා.......

දියවැඩියා රෝගීන්ට මෙවැනි අසනීප තත්ත්වයන් නිසා ජීවිත අවදානමක් පවතී .
එම නිසා ජීවිත අවදානම අවම කර ගැනීමට කළහැකි හොඳම දෙය නම් ඔබගේ සීනි මට්ටම යහපත් ආකාරයෙන් පාලනය කර තබා ගැනීමයි.
මක්නිසාද යත් මෙවැනි රෝග තත්ත්වයන් වලදී දියවැඩියාව රෝගීන් මරණයට පත් වන්නේ දියවැඩියාව නිසි ආකාරයට පාලනය කර නොගැනීම හේතුවෙනි.

9-බියවීම.....

කොරෝනා සදහා ඇත්තටම දැන් බියවීමේ අවශ්‍යතාවයක් නැත.
ලෝකය පුරා කොරෝනා රෝගීන් බිහිවී ඇති නිසා හා ලංකාව පුරා ද කොරෝනා රෝගීන් බොහෝ ලෙස බිහි වී ඇති නිසා corona වලට බිය වීම අවශ්‍ය නොවේ .
ලංකාව වැනි රටක කොරෝනා රෝගීන් සංකූලතා වලට පත් වීම හා මරණයට පත්වීම විවිධාකාර හේතු නිසා ඉතා පහළ මට්ටමේ අගයක පැවතීම නිසා corona සෑදීම ගැන මාරාන්තික බියක් ඇති කර ගැනීම අවශ්‍ය නැත .
සාමාන්‍ය පරිදි රටේ තත්ත්වය පවත්වාගෙන යෑම අවශ්‍ය වන අතර සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් තබා ගැනීම ගැටලුවක් කර ගත යුතු නැත. ඒ සඳහා මිනිසුන් කළ යුතු වන්නේ corona බෝවීම වැළැක්වීම සඳහා මාස්ක් පැලදීම මීටරයක් දුරින් සිටීම අත් සේදීම වැනි කරුණු පිලිපැද තමන්ගේ සාමාන්‍ය එදිනෙදා කාර්යයන් සිදුකර ගැනීමයි.

10-ව්‍යායාම..............

කොරෝනා රෝගය සෑදීමට ප්‍රථම ව්‍යායාම කිරීම සහ ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම ගැන සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.
නමුත් corona රෝගියෙකුට ව්‍යායාම කිරීම අනුමත නොකරමි.
කොරෝනා රෝගීන් සාමාන්‍ය පරිදි ඇවිදීම වැනි ව්‍යායාමයක් සිදු කළත් බොහෝ විට කොරෝනා රෝගීන් විවේක ගැනීම වඩා වැදගත් වේ .
එය රෝගය මැඩපැවැත්වීමට හේතුවේ. ඔබට උණ රෝගය වැළඳී ඇතිවිට ඔබ ව්‍යායාම කරන්නේ නම් ඉන් වන්නේ ඔබේ උණ තත්ත්වය සහ රෝගී ත්ත්වය උත්සන්න වී ඔබ හානිකර අතුරු ප්‍රතිඵල වලට ලක් වීම පමණි.

11-ලිංගික ක්‍රියාකාරීත්වය.....

corona ලිංගිකව සම්ප්රේෂණය වන රෝගයක් නොවේ .
නමුත් ලිංගික ක්‍රියාවලිය බොහෝ විට ලඟින් විනාඩි දහයකට වඩා ඇසුරකින් සිදුවන ක්‍රියාවලියක් නිසා බොහෝ විට ඔබේ සහකරුට corona තිබුනොත් කොරෝනාව බෝවීම සිදුවේ.
එමනිසා corona සැක සහිත පුද්ගලයින් ලිංගික ක්‍රියාකාරීත්වයන් සිදු නොකළ යුතුය .
එසේ නොමැතිව කොරෝනා ආසාදනයෙන් තොරව සිටින අයට ලිංගික කාර්යන් සිදු කිරීමේ ගැටලුවක් නොපවතී.

12-ගමන් බිමන් හා ආරක්ෂාව....

ඔබට සාමාන්‍ය ලෙස ගමන් බිමන් යාමේ ගැටලුවක් නොතිබුණද කොරෝනා අවදානම් ඇති ප්‍රදේශ සහ කොරෝනා අවදානම් ඇති ස්ථාන සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම හැකි තරම් අවම කිරීම වටී.
මීට අමතරව එම ස්ථාන වලට යන සැමවිටම මාස්ක් පැලද සිටීම අවශ්‍ය වේ.
මීට අමතරව ඔබව පිටත ගොස් නිවෙසට පැමිණෙන්නේ නම් නිවෙසේ එළියේ සියලු ඇඳුම් ගලවා දමා ඇතුලට පැමිණීම සහ නාගෙන පැමිණීම වැනි කරුණු මගින් ඔබට ඔබේ පවුල් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතී.
ඔබගේ ඇඳුම් සෝදා දැමීම හෝ අව්වට දැමීම මගින් corona අවදානම අඩු කර ගැනීමට හැකියාවක් පවතී.

13-කොරෝනා සදහා රෝහල් ගත වන විට .......

රෝගය වැළදී රෝහල් ගත වන විට ඔබ රැගෙන යායුතු දේවල් පවතී.
ඔබ ඔබගේ දුරකථන ටැබ් යන්ත්‍රය සහ ඒවාගේ චාජර් රැගෙන යා යුතුයි. මීට අමතරව power bank එකක් රැගෙන යෑම වටී.
ඊට අමතරව ඔබට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය දේවල් රැගෙන යෑම වගේ කළ හැකි නමුත් බොහෝ ද්‍රව්‍ය රැගෙන යෑම බොහෝ විට කරදරයක් වේ. මීට අමතරව ඒවා විෂබීජහරණය කිරීමට නොහැකි නිසා ඒවා නැවත ගෙදර රැගෙන ඒමේ අපහසුකාරී තත්ත්වයක් ඇති විය හැකිය .
මීට අමතරව ඔබට සැහැල්ලු ඇඳුම් වර්ග රැගෙන යා යුතුය.

ඊට අමතරව විනෝදාස්වාදය සඳහා ක්‍රමවේදයන් සකස් කර ගැනීම වටී. කාඩ් පැක් එකක් වැනි ඉතා සරල උපක්‍රම, දින දහයක් පමණ කාලයක් රෝහල් ගත වී සිටීමේ දී ක්‍රීඩා කටයුතු සඳහා සහ විනෝදාස්වාදය සඳහා ගත හැකි ක්‍රමවේදය ගැන සලකා බැලීම වටී.
අමතරව headset එකක් සහ film, tv series වැනි දේවල් රැගෙන යාම ඔබගේ රසවින්දනය මෙන්ම ඔබගේ ඒ විවේකය සාර්ථකව ගත කිරීමට ද හේතු විය හැකිය.

රෝහල තුල හෝ නිරෝධායන මද්‍යස්තාන වල රැඳී සිටීමේ දී ඔබට කිසිම ගැටලුවකින් තොරව ඔබේ පවුලේ සබැඳියන් සමඟ දුරකථන, වීඩියෝව පණිවිඩය සහ සමාජ ජාලා මගින් සම්බන්ධ වීමේ හැකියාව පවතියි.
ඒවාට කිසිවිටෙක බාධාවක් එල්ල වෙන්නේ නැත.
එවැනි කර්තව්‍යක් මගින් තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදීමට හැකි අතර අන්‍යයන්ට කරදරයක් නොවන ආකාරයෙන් ඒවා භුක්තිවිදින්න.

රෝහල් වල සැමවිටම සෞඛ්‍ය සේවකයින් වෛද්‍යවරු ,හෙදියන් සහ සුළු සේවකයින් පමණක් නොව security අංශයේ සහ ක්ලීනින් අංශ අය මෙම රෝගී තත්ත්වය මනාව වටහා ගෙන ඇත .
එමනිසා ඔවුන් ඒ සඳහා ආරක්ෂා වීමට ප්‍රතිකර්ම යොදා ගනිමින් ඔබගේ ආරක්ෂාව සෞඛ්‍යය සහ ඔබගේ සතුට මානසික නිදහස වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කරමින් රාජකාරිය ඉටුකරයි.
ඒ නිසා ඔවුන්ට සහය වීමට අමතක නොකරන්න .
එමෙන්ම ඔවුන් හා සහයෝගයෙන් කටයුතු කිරීම ඇත්තටම මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට උදව්වකි.

කොරෝනා සමාජය පුරා පැතිර යන මෙවැනි අවස්ථාවක හැමෝම නිවැරදිව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳ තවත් බොහෝ කරුණු ඇති අතර ඒවා ඉදිරි ලිපිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
වෛද්‍ය රොෂාන් පියරත්න MBBS MD
වැලිමඩ මූලික රෝහල ..

Eat well
26/01/2022

Eat well

කොරෝනා වයිරසය ලොව පුරා වේගයෙන් පැතිර යත්ම,එය ජනගහනය තුළ සැලකිය යුතු තරමේ භීතිය,කනස්සල්ල  , දුක , මානසික ආතතිය   ඇති කරයි...
24/05/2021

කොරෝනා වයිරසය ලොව පුරා වේගයෙන් පැතිර යත්ම,
එය ජනගහනය තුළ සැලකිය යුතු තරමේ භීතිය,
කනස්සල්ල , දුක , මානසික ආතතිය ඇති කරයි.

විශේෂයෙන් වැඩිහිටියන්, වයෝවෘධ අය වගේම
සත්කාර සේවා සපයන්නන් සහ වෙනත් අසනීප වලින් පෙළෙන පුද්ගලයින් වැනි ඇතැම් කණ්ඩායම් අතර වගේම,
සෞඛ්‍ය ඇතුළු සත්කාර සේවා සපයන්නන් අතරත් මෙය සුලබ දෙයකි.

සම්පූර්ණ ලිපියට 👇

Covid වසංගතය හමුවේ ඔබේ මානසික සෞඛ්‍යය.

ඔබ දිගටම ඖෂධ ගන්නා කෙනෙක් නම් කොවිඩ් එන්නතට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය .සම්පූර්ණ ලිපියට...
10/05/2021

ඔබ දිගටම ඖෂධ ගන්නා කෙනෙක් නම් කොවිඩ් එන්නතට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය .

සම්පූර්ණ ලිපියට 👇

සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.

විවිධ ආයතන වල සේවය කරන අය දිගින් දිගටම කොවිඩ් ආසාධනය වෙමින් පවතිනවා.මේ දේවල් ඔබත් කරනවා නම් එයින් වැලකෙන්න.👇
07/05/2021

විවිධ ආයතන වල සේවය කරන අය දිගින් දිගටම කොවිඩ් ආසාධනය වෙමින් පවතිනවා.

මේ දේවල් ඔබත් කරනවා නම් එයින් වැලකෙන්න.👇

Covid 19 ව්‍යාප්තිය පාලනය කරන්න ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම්,…..

ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ,https://dostharapiya.lk/2021/05/06/covid-
06/05/2021

ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ,
https://dostharapiya.lk/2021/05/06/covid-

Covid 19 ව්‍යාප්තිය පාලනය කරන්න ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම්,…..

06/05/2021

Obesity is a major issues among ladies. It should be clearly identified the reason before treat this . Diet modification ,exercises are important .but the underlying reasons to be found .

04/05/2021

දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් ක.....

වාෂ්ප ආශ්වාස කිරීම  covid 19  පාලනයට සාර්ථක පිළියමක් ද ?👇
03/05/2021

වාෂ්ප ආශ්වාස කිරීම covid 19 පාලනයට සාර්ථක පිළියමක් ද ?
👇

වාෂ්ප ආශ්වාස කිරීම සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන වලක්වා ගැනීමට උපකාරී වෙනවා.…

Vaxxie එක ගත්තේ නැද්ද????corona එන්නත කොරෝනා සදහා එන්නතක් ලබාදීම ලංකාවේද දැන් සිදු කරමින් පවතී. corona එන්නත දැනට ලබාදෙන...
31/01/2021

Vaxxie එක ගත්තේ නැද්ද????

corona එන්නත

කොරෝනා සදහා එන්නතක් ලබාදීම ලංකාවේද දැන් සිදු කරමින් පවතී.

corona එන්නත දැනට ලබාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා කොරෝනා පැරදවීමට කටයුතු කරන අය සදහාය.
නමුත් corona එන්නත සෑම මිනිසෙකුටම ලබාදීම ඉදිරි බලාපොරොත්තුවකි.

corona virus සඳහා එන්නත් කිහිපයක් පවතී.
සමහර එන්නත් ඉතා ඉහළ තත්ත්වයේද සමහර ඒවා පහළ තත්ත්වයේද පවතී.
ලංකාවට ලබාදෙන oxford
කොවිශීල්ඩ් එන්නත මධ්‍යම හා ඉහල මට්ටමේ එන්නතකි.
මෙය අවස්ථා දෙකක දී ලබා දෙයි. පලවෙනි මාත්‍රාව ලබා දී මාසයකට පසුව දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසුව උවත් කොරෝනා සෑදීම නතර වන්නේ නැත.
නමුත් corona නිසා අසාද්‍ය තත්වයට හෝ මරණයට පත්වීමේ අවධානම සියයට 70 - 90 කට පමණ අඩු කර ගැනීමේ හැකියාවක් පවතී.
එනම් ලංකාවේ දැනට පවතින තත්ත්වය අනුව corona මාරාන්තික වන තත්ත්වය පවතින්නේ සියයට එකකටත් වඩා අඩු තත්වයකි.
සියයට එකේ මාරාන්තික තත්වය තවත් 70%කින් පමන අඩුකර ගැනීමට හැකියාවක් මෙම එන්නත නිසා උදාකරගත හැකිවේ.

එන්නතක් මඟින් සිදු කරන්නේ කුමක්ද ...

කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව එම කොරෝනා එන්නත මගින් ලබා දෙන කොරොනා හඳුනාගැනීමේ ප්‍රෝටීන සඳහා අපේ ශරීරය තුළ ප්‍රතිදේහ එනම් ආරක්ෂක විධිවිධාන ඇතිකර ගැනීම සිදුකරනු ලබයි.

එනම් කොරෝනා වයිරස් ඇගට ඇතුලු වූ විට එයට විරුද්ධව ක්‍රියාකළ හැකි ප්‍රතිදේහ නිපදවීම හා ඒ ප්‍රතිදේහය නිපදවීමට හැකි සෛල වර්ග නිපදවා අප සිරුර කොරෝනා පැරදවීමට සූදානම් ශරීරයෙන් තබා ගැනීම එන්නතෙ කාර්‍යයයි.


මෙමගින් සිදු වන්නේ ,
රටක දේශ සීමාවක් හෝ ගුවන් තොටුපළ හරහා ත්‍රස්තවාදියෙකු රටට ඇතුල් වීම හෝ හානි කර පුද්ගලයෙකු ඇතුළු වීම නවතා දමන ආකාරයට මෙම වයිරසය සඳහා ලබාදෙන එන්නත ද ක්‍රියාත්මක වේ.
එහිදී අප එන්නත ලබාදීමෙන් සිදුකරනු ලබන්නේ අදාල ත්‍රස්තවාදීන්ගේ ඇගිලි සලකුණු , හඳුනා ගැනීමේ ලක්ෂණ, ෆොටෝ අදාළ ගුවන් තොටුපළ/ දේශසීමාවේ ආරක්ෂක භටයන්ට ලබාදීමයි.

එහිදී ඔවුන් එම සලකුණු සහිත පුද්ගලයින් සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගෙන එම හානිකර ත්‍රස්තවාදී පුද්ගලයින් රට තුළට ඇතුළු වීම නවතා දමනු ලබයි.
මේ විස්තර එම නිල ආරක්ෂක නිලධාරීන්ට ලබා නොදී තිබුණහොත් ඔවුන්ට නිවැරදිව හානිකර පුද්ගලයා හෝ ත්‍රස්තවාදය හඳුනාගැනීමේ හැකියාවක් නැත. එමනිසා ඔහු රට තුළට පැමිණ මහත් ව්‍යසනයක් ඇති කිරීමට පුළුවන.

මෙවැනිම වූ ක්‍රියාවලියක් මෙම එන්නත ලබාදීම මගින් අප ශරීරය තුළ සිදුකරයි.
ශරීරය සූදානම් ශරීරයෙන් තබාගෙන වෛරසය ශරීරයට ඇතුළු වූ විට එයට විරුද්ධව සටන් කර වයිරස් ඇතුලුවූ සෛල විනාශ කර රෝගී වීමේ සම්භාවිතාව, රෝගය දරුණු වීමේ සම්භාවිතාව අවම කරගැනීමට එන්නත් ලැබූ පුද්ගලයකුට හැකියාවක් පවතී.

එන්නතෙන් රෝගය බෝ වීම නතර වන්නේ නැත.
රෝගය බෝ වීම නතර කිරීමට නම් රෝගය පැතිරීම නතර කළ යුතුය.
ඒ සඳහා සැම විටම මුහුණු ආවරණ පැළඳීම ,මීටරයක් දෙකක් දුරින් සිටීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු වලින් පමණක් රෝගය පැතිරීම වළක්වා ගත හැකිය .

එන්නත ලබා ගත්තත් රෝගය ඇඟට ඇතුළු වූ පසු අපිට රෝගය සෑදීම සිදු විය හැකිය .
නමුත් මේ සෑදෙන රෝගය ඉතාමසරළ මට්ටමින් විසඳාගෙන අපේ ශරීරය ආරක්ෂාව පවත්වා ගැනීමට මෙය එන්නත නිසා නිපදවන ප්‍රතිදේහ වලට හැකියාවක් පවතී .

එම ප්‍රතිදේහ මගින් අප මරණයට පත්වීම අසාධ්‍ය තත්ත්වයට පත් වීම හා දීර්ඝ කාලයක් ලෙඩ වී සිටීමේ තත්වය අඩු කර ඉතාම ඉක්මනින් සුවදායී තත්ත්වයකට පත්වේ.

එන්නත ලබාදීම මගින් රෝගීන් ප්‍රමාණය රෝගීන් අසාධ්‍ය වන ප්‍රමාණය මරණ ප්‍රමාණය හා රෝගීන්ගෙන් අනිත් රෝගීන්ට රෝගය පැතිරීම අඩු කිරීමට හැකියාවක් පවතී.

දැනට පවතින තත්ත්වය අනුව මෙම එන්නත ලබා ගැනීම ඉතාම කාලෝචිත තීරණයකි.

එන්නත ලබා නොදිය යුත්තේ කාට ද....

මෙම එන්නත තවම පර්යේෂණ මට්ටමේ නැත්නම් research මට්ටමේ පවතී. මෙම නිසා මෙම එන්නත ගැන බොහෝ තොරතුරු අප හරියටම දන්නේ නැත.
නමුත් දැනට පවතින දත්ත අනුව වටිනාකමක් ඇති බව පෙනී යයි .
මෙම නිසා සියලුම පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගැනීම අනුමත කල හැකිය.

සාමාන්‍යයෙන් ගර්භණී හා මුල් මාස හය කිරි දෙන අයට මෙය ලබාදීම නොකරයි .ඒ මේ පිළිබඳව අපගේ දැනුවත්භාවය අඩු සහ මෙම පර්යේෂණය සඳහා එවැනි කාන්තාවන් යොදා නොගැනීම නිසාය.

එන්නත් සඳහා ආසාත්මිකතාවක් ඇති හෝ අනෙකුත් අසාත්මිකතාවන් ඇති පුද්ගලයින්ට එම එන්නත ලබා දීමේදී ඉතාම පරීක්ෂා තත්ත්ව යටතේ රෝහල්ගත කර එම එන්නත ලබාදීම ආරක්ෂක විධිවිධාන යටතේ සිදුකරනු ලබයි.

මීට අමතරව රෝගී තත්ත්වයේ, විවිධාකාර රෝග කිහිපයක් පවතින, පිළිකා පවතින සහ ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ද මෙම එන්නත ලබාදීම සිදුකරයි.
ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා රෝගීන්ට ද මෙම එන්නත ලබාගත හැකිය.
කුඩා ළමුන්ට එන්නත ලබාදීම තවම සිදු කරන්නේ නැත.

මෙම එන්නත ලබා ගැනීමෙන් පසුව බොහෝ විට කුඩා අසාත්මිකතාවන් උණ ගැනීම සහ ශරීරය අපහසුව සහ මස්පිඩු වේදනාව ඔලුව කැක්කුම වැනි කරුණු ඇතිවිය හැකිය. ඒවා ඉතා ඉක්මනින් පහව යන අතර පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබා ගැනීම පමණක් සෑහේ.

මීට අමතරව ඉතා දරුණු මට්ටමේ අසාත්මිකතාව ඇතිවීමේ සම්භාවිතාවක් ඇති අතර ඒ සඳහා රෝහල් වල අවශ්‍ය විධිවිධාන සකස් කොට ඇත.

මෙම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ පුද්ගලයින්ගේ කැමැත්ත මත පමණි. මෙය පර්යේෂණ මට්ටමේ පවතින නිසා පුද්ගලයින්ගේ කැමැත්ත එන්නත ලබා ගැනීමට පළමුව ප්‍රකාශ කළ යුතුය.
අකමැති පුද්ගලයින්ට එන්නත ලබා නොගෙන සිටීමට හැකිය .නමුත් මේ පවතින වාතාවරණය යටතේ පවතින විනාශකාරී තත්ත්වය යටතේ මෙවැනි සුළු හෝ වාසිදායක තත්ත්වයක පවතින එන්නතක් ලබා ගැනීම ආරක්ෂාකාරී බ ව ප්‍රකාශ කළ හැකිය.

එම නිසා සියළුම රෝගීන් හා ගැටෙන, රෝගී තත්ත්වයට භාජනය විය හැකි, මිනිසුන් සමග හැසිරෙන පුද්ගලයින් මෙම එන්නත ලබා ගැනීම සුදුසු බවට අනුමත කළ හැකිය .

PS.
කොරෝනා එන්නත ලබාගැනීමේ සෙල්ෆි ෆොටෝ එක vaxxie ලෙස හදුන්වයි.
අනිවාර්යයෙන්ම vaxxie එකත් ගන්න.
Dr රොෂාන් පියරත්න .

28/11/2020

Disinfection chambers useful or not for prevent corona virus . කොරොනා වලින් ආරක්ෂා වීමට විශබීජහරණ කුටි භාවිතය සුදුසුද ?…

සමහර ඖෂධ ,ආහාර සමඟ ගන්නා ලෙසට ඔබට උපදෙස් ලැබී ඇති.[Take this medicine with foods]“ආහාර සමඟ ගන්න” යැයි පැවසූ විට, එයින් අ...
26/11/2020

සමහර ඖෂධ ,ආහාර සමඟ ගන්නා ලෙසට ඔබට උපදෙස් ලැබී ඇති.
[Take this medicine with foods]

“ආහාර සමඟ ගන්න” යැයි පැවසූ විට, එයින් අදහස් කරන්නේ කුමක්ද ?

ඉදිරියට කියවන්න 👇👇

Drugs to be taken with foods to avoid some interactions with the gastric fluids ,reduce irritation . To minimize side effects …..

Address

Colombo

Opening Hours

Monday 11:00 - 17:00
Tuesday 11:00 - 17:00
Wednesday 11:00 - 17:00
Thursday 11:00 - 17:00
Friday 11:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Boru prachara unboxing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Boru prachara unboxing:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram