LOVE

LOVE 🅻♡🆅🅴 🅼🅴 ඔයත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න හීන දකින මම...
ආදරේට හැමදාමත් ආදරෙන් love
https://www.facebook.com/Love.oneteam.lk

24/11/2025
ඇම්ඩගෙ අලුත් කතාවක් මේක.ගොඩක් අය අහලනම් නැතුව ඇති.ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා.😂ඒ දවස්වල ලංකාවෙ යුද්de තිබ්බනෙ මින...
29/10/2025

ඇම්ඩගෙ අලුත් කතාවක් මේක.ගොඩක් අය අහලනම් නැතුව ඇති.ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා.😂

ඒ දවස්වල ලංකාවෙ යුද්de තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

ඇම්ඩා හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.😄

අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ😄

මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා

ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
ඩොක්ටර්ට හොද අදහසක් ආව.😆

ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ🥹

ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්😍😍🥲

ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම පාත්කරල බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව

"කටුව වැඩ උතුරට යවනු" කියල
😂😂😂😂😂😂😂😂😂😂😂
විසේකාර කොටට අදින කෙල්ලො

29/10/2025

කසාද බඳින්න කියලා කියන්න සීයක් විතර ඉන්නවා..
මමනෙ දන්නෙ ලව් කරන්න ගිහින් පන බේරගත්ත හැටි.. 🥲👍

25/10/2025

ඕන් අදත් උදේම චිරි චිරි වැස්ස ⛈️ හැබැයි නිවාඩු අයට නම් සෝයි. බැදපු අයටත් සෝයි 🤭
එතකොට තනිකඩත් වෙලා අද වැඩ අයට දෙවියන්ගේම පිහිටයි

මට කෙනෙක්ගෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. එයා මාත් එක්ක හොඳින් ඉන්නෙ මගෙ අතේ සල්ලි තිබුණොත් විතරයි. මට සල්ලි නැත්නම් එයා මාව ග...
24/10/2025

මට කෙනෙක්ගෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. එයා මාත් එක්ක හොඳින් ඉන්නෙ මගෙ අතේ සල්ලි තිබුණොත් විතරයි. මට සල්ලි නැත්නම් එයා මාව ගනන් වත් ගන් නෑ. මට ඒක හොඳටම තේරෙනව එයා මාව අශ්‍රය කරන්නෙ වාසියට විතරයි කියලා. ඒත් මං එයාට ගොඩක් ආදරෙයි. මට එයා නැතුව දවසක් වත් ඉන්න බෑ. පඩි දවසට මං එයාට තෑගි ගෙනත් දෙනවා. ඒත් ඒවාත් අරන් මාව ගනන් වත් ගන් නෑ. මං පූස් කොල්ලෙක් වත් ගේන්න හිතුවා මට එයාව අතෑරලා හිත හදාගන්න උදව් වෙයි හිතලා. ඒත් මට දැන් හිතෙනවා මං එහෙම කලොත් ඒකි මගෙ පූස් කොල්ලවත් මගෙන් උදුරගනියි කියලා. එයා නිසා මගෙ ලඟ තිබ්බ සල්ලි ඔක්කොම ඉවර වෙලා තියෙන්නෙ. අඩුම මට කියල ඇඳුමක් ගත්ත කාලයක්වත් මතක නෑ. ඒත් මං එයාට ඕනි හැමදේම ගෙනත් දෙනවා. එයාගෙ හිතේ මං ගැන කිසිම ආදරයක් අනුකම්පාවක් නෑ. මං ආසයි එයා මට ආදරෙන් සලකනව නම්. ඒත් මේ toxic relationship එක ඇතුලෙ කවදාවත් එහෙම වෙන් නෑ කියල දැන් මට තේරිලා තියෙන්නෙ. මේ ෆොටෝ එකේ ඉන්නෙ එයා තමයි මට මෙහෙම කරන මගෙ පූස් කෙල්ල 😒

24/10/2025

ඉස්සර හිටපු මට වඩා මම නම් ආස දැන් ඉන්න මට.මොකද මට දැන් හෙන ගැහුවත් දරාගන්න පුලුවන්.

බොරු කීමට සහ බොරු සාක්ෂි දීමට ප්‍රසිද්ධ ගමක් තිබුණා.මෙම ගමේ, මිනිසෙක් රහසින් කාන්තාවක් සමඟ විවාහ වුණා... විවාහය නීත්‍යාන...
23/10/2025

බොරු කීමට සහ බොරු සාක්ෂි දීමට ප්‍රසිද්ධ ගමක් තිබුණා.
මෙම ගමේ, මිනිසෙක් රහසින් කාන්තාවක් සමඟ විවාහ වුණා... විවාහය නීත්‍යානුකූලව අදාල නිලධාරියා විසින් සාක්ෂිකරුවන් ඉදිරියේ සිදු කෙරුවා...

ටික දිනකට පසු, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් නිසා.. සැමියා ඇයව නිවසින් එළියට දමා ඇගේ සියළු අයිතිවාසිකම් අහිමි කෙරුවා...
. ඇය මේ පිළිබඳව පැමිණිලි කිරීමට විනිසුරුවරයා වෙත ගියා....

ගිහින් විනිසුරුට මේ සිදුකල අසාධාරණය ගැන පැමිණිලි කර සිටියා., "ඔහු මාව නීත්‍යානුකූලව විවාහ කර ගත්තා, එසේ කියමින් විවාහයට සාක්ෂි වූ දෙදෙනෙක් සිටින බවත් පැවසුවා...

විනිසුරුවරයා සැමියා හා සාක්ෂි කරුවන් ගේ පැමිණීම ඉල්ලා සිටියා.....

නඩු විභාගයට ඔවුන් පැමිණි නමුත් සාක්ෂි කරුවන් දෙදෙනාම කාන්තාව කලින් නොදැන සිටි බව ප්‍රකාශ කලා...

විනිසුරුවරයා සාක්ෂිකරුවන් දෙස මෙන්ම බිරිඳ දෙසද හොඳින් බලා,

"ඔබේ සැමියාට බල්ලෙක් " ඉන්නවාද කියලා ඇහුවා..

ඇය "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නා....

ඔහු කියුවා , "බල්ල ගෙ සාක්ෂි සහ ඔවුන්ගේ තීන්දු ඔබ පිළිගත යුතුයි...

විනිසුරු සැමියාට කියුවා බල්ලා ගෙදර රැගෙන යන්න...ඇය එන විට බල්ලා බුරනවා නම් ඔබ කියන්නේ සත්‍යක්.....නමුත් ඌ ඇය පිළිගත්තොත් ඔබ වැරදි කරු වෙනවා..

සාක්ෂිකරුවන් අපහසුවට පත් වි දහඩිය දමා ඔවුන්ගේ මුහුණු සුදුමැලි වෙන්නට විය..

බල්ලා සිතූ ලෙසම ඇය නිවසට පිළිගත්තේය...

විනිසුරුවරයා ....බොරු සාක්කි කරුවන්ට " කස පහර දෙන්න, කියලා..නියෝග කලා..

මොන තරම් අසාධාරණ නගරයක්ද ,???

එහි බල්ලෝ එහි මිනිසුන්ට වඩා සත්‍යවාදීයි."😁

Niluka Damayanthi

කල්පනාසත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.....❪මෙහි එන නම්.ගම් පමණක් මනංකල්පිත බව සිතන්න....❫⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐මගේ නම ක...
23/10/2025

කල්පනා

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.....

❪මෙහි එන නම්.ගම් පමණක් මනංකල්පිත බව සිතන්න....❫

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

මගේ නම කල්පනා......මගේ තාත්තා පියදාස......අම්මා...සීලා.....අපේ පවුලේ හිටියේ අයියයි....මමයි......නංගියි.....මල්ලිලා දෙන්නයි......මේ මගේ කතාවයි

අපේ අම්මා අපිව දාලා.වෙන එක්කෙනෙක් එක්ක ගියා....ඊට අස්සේ අපිව හැදුවේ අපෙ අත්තම්මා ....... ....අම්මා අපිව දාලා ගියාට සැරෙන් සැරේ අපිව බලන්න එන්න පුරුදු වෙලා හිටියා....

❝මේ.....මොකක්ද උඹ නටන මේ කෝලම...ආ....❓මාවයි දරුවොයි දාලා ගියා නම්.ඇයි ආයෙත් සැරෙන් සැරේ එන්නේ....❓❞ පියදාස සීලාගේ මේ වැඩ ඉවසන්න බැරිම තැන පැවසුවා.....

❝මම එන්නෙ මගේ ළමයි බලන්න මිසක් උඹ බලන්න නෙවෙයි
මි/ නි/හෝ/.... ❞සීලා එහෙම කියනවාත් එක්කම පියදාස කණ හරහා පාරක් එල්ල කළා....එයින් කෝපයට පත් සීලා බාල දරුවන් තිදෙනා රැගෙන අනියම් ස්වාමියා ලගට ගියා.....අත්තම්මා කැන්ටිමට කෑම දාලා කල්පනා සහ සුගත්ව උස් මහත් කළා....

කාලයාගේ ඇවෑමෙන් මේ දරුවො දෙන්නා අත්තම්මා ලග හැදී වැඩුනා....සුගත් ටිකක් ලොකු වෙනකොට ඔහු කුළී වැඩ වලට යන්න පුරුදු වුනා......මේ නිසා කල්පනා ගේ වියදම් දරන්න ඔහුට හැකි වුනා.....

❝කොල්ලත් දැන් වැඩකට යන නිසා වියදම් පිරිමහගන්න පුලුවන් නේද කල්පනා.....❓ අත්තම්මා ඇසුවේ ඇස් වල කදුලු පුරෝගෙන....

❝ඇයි අත්තම්මා ඔයා අඩන්නේ... ❓❞

❝නෑ ඉතින් අම්මා දාලා ගියාට පස්සේ ඔයාලා දෙන්නා මම පුලුවන් විදිහට බලා ගත්තා...දැන් ඉතින් මමත් වයසයිනේ......කොල්ලා දුක් ව්දිනවා මට බලාගෙන ඉන්න බෑ...තාම එ තරම් වයසකුත් නෑනේ.....❞

❝ඒකනම් ඇත්ත තමා අත්තම්මා ......අපෙ අම්මා මොන හිතකින් අපිව දාලා ගියාද කියලා මට හිතාගන්න බෑ අත්තම්මා .....❞

❝ඒකනේ ....හිතක් පපුවක් නැති හැට්...❞..කියා අත්තම්මා කම්මුලේ අත තියාගත්තා......

කාලයක් ගෙවිලා ගියා..........

කල්පනා අත්තම්මා ඇසුරෙ හැදී වැඩි සාමාන්‍ය පෙළ දක්වා අද්‍යාපනය ලබා පාසල් ගමනට සමු දුන්නා......පසුව ඇය කොළඹ ගාමන්ට් එකක රැකියාවක් කරන්නට වුනා......දැන් ඇය අවුරුදු 18 ක රූමත් තරුණියක් ......ඇයට ලැබෙන වැටුපෙන් ගෙදර වියදම් පිරිමහගන්න පුලුවන් වුනා......ඇය ගාමන්ට් යන නිසා
අයියා ගෙදර ට මුදල් දෙන එක ටික ටික නතර කල අතර ඔහු ගෙදර එන එක ද සීමා කළා....ඔහු බොහෝ දුරට සිටියේ යාලුවන්ගේ ගෙවල් වල.

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

මේ අතර ඇයට විවාහ යෝජනාවක් ආවා....ඒ ඇගේ අදුරන නැන්දා කෙනෙක් ගෙ මාර්ගයෙන්......පවුලෙ සියලුදෙනා මෙ යෝජනාවට කැමති වුන නිසා කල්පනාටත් කැමති වෙන්න වුනා....ජීව්තේ කවදාවත් කිසිම පිරිමියෙක් එක්ක ආදරයක පැටලී නොතිබූ ඇය හරිම.අහිංසක .... සමාජශීලී.....ප්‍රියමනාප තැනැත්තියක් වුනා......මේ නිසාම සමන් ද ඇයට එකපයින් කැමති වුනා.... ඒ අනුව කල්පනාගේ ගෙදරින් සමන්ගේ ගෙදර ගියා....

❝නංගි ඒ කොල්ලා නියමයි....බැදපන් බං ...අයියා එහෙම කියන්නේ සමන් හොද නිසා කියලා.මට හිතුනා....
ඒ අතර අම්මා නැවත ගෙදර ආවා.....ඊට පස්සේ ආයි ගියේ නෑ........අපිත් එක්කෙම ගෙදර හිටියා.....තාත්තා අම්මට මුකුත් කියන්න ගියෙත් නෑ......මොකද තාත්තා අම්මට හරි ආදරෙයි ......

සමන් මම වැඩ කරන වැඩ කරන තැනටත් නිතර එන්න යන්න වුනා....ඉතින් හැමෝගේම කැමැත්ත මත අපි ජනවාරි මාසයේ බදින්න තීරණය කරලා තිබුනා.... ඒත් සමන් ඊට කලින් එයත් එක්ක එන්න කියලා මට බලපෑම්.කලා....

❝කල්පනා ඔයා මාත් එක්ක එන්න.....දැන් ඉතින් හැමෝම කැමතියිනේ.....❞

❝ඒත් අනේ එහෙම හොඳ නෑනේ......අපි ජනවාරි බදිනවානේ.....එතකන් ඉවසලා ඉන්න.....❞

❝බෑ.....බෑ.....මට එහෙම ඉන්න බෑ....එන්න යමු මාත් එක්ක.....නැත්නම් මම මැරෙනවා...ඇත්තමයි ......❞

සමන් මෙහෙම කිව්වාම කල්පනා බයවුනා එයා මැරෙයි කියලා......ඒ නිසාම දෙපාරක් නොසිතා ඇය සමන් එක්ක ගියා......

මේ ආරංචිය කල්පනාගේ ගෙදර අයට දැනගන්න ලැබුණු පසු ඒ දෙන්නාව බැන්දුවා......මෙහෙම කාලයක් ගියා....
සමන් ආදරෙන් කල්පනා ට සැලකුවා....කල්පනා ගෙදර වැඩපල වැඩිය දන්නෙ නෑ....මොකද ඇයට එච්චර වයසත් නෑ....ඒත් සමන්ගේ ගෙදරින් එහෙම ගෙදර වැඩ බෑ කියලා වෙනසක් පෙන්නුවෙ නෑ....මේ අතර කල්පනා pregnant වුනා.....ඉතින් හැමෝම හරිම සතුටින් ඇයව බලාගත්තා.....

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

බබා ලැබුනට පස්සේ සමන් හිතාගන්න බැරි විදිහට වෙනස් වුනා......දවසක් කල්පනා ට හොදටම උණ හදුනා....

❝අනේ සමන් මාත් එක්ක බෙහෙත් ටිකක් ගේන්න යමු......මට ඉන්න බෑ හොඳට ම උණ.....බබා වඩාගෙන තනියම යන්නත් බෑ....එනවද මාත් එක්ක යන්න....❓

❝උබට ඕන්නං පලයං....මට බෑ....

❝අනේ සමන් මේ කන්ද නගින්න බහින්න බෑ... බබා වඩාගෙන .....ඇරත් බබා ලැබිලා තව එච්චර දවසක් නෑනේ ...අනේ එන්නකෝ මාත් එක්ක යන්න....please ....

❝එක පාරක් කිව්වනේ බෑ කියලා....යන්න කවුරුත් නැත්නම් තනියම.යන එකයි ඇත්තේ....❞කල්පනා කොච්චර ඇවිටිලි.කලත් ඉන.පලක් වූවේ නෑ....ඇය ඒ නිසාම තනියම බබා වඩාගෙන බෙහෙත් ගේන්න hospital එකට ගියා......

❝ආ....උඹ එහෙනම් තනියම.බෙහෙත් අරගෙන ආවා❞ කියා අනේ ගෙනාපු බෙහෙත් ටික ට වතුර දැම්මා.බොන්න බැරි වෙන්න.....

❝අයියො...මෙච්චර දුර ගිහින් ගෙනාපු බෙහෙත් ටික.ඔයා මොකක්ද මේ.කලේ...❓❞.

❝උඹ මැරියන්.....උඹට බෙහෙත් ඕන නෑ....❞

❝අනේ සමන් ඇයි ඔයා මට මෙහෙම කරන්නේ .....මම.කරපු වැරැද්ද මොකක්ද කියන්න.....❞ ඔයා ඉස්ස්සර හොඳට හිටියනෙ.....මොකද එකපාරටම වෙනස් වුනේ......❞

අනේ මේ මට love කරන්න වෙලාවක් නැ.....

❝ඔයා රස්සාවකට යන්න....අපි ජීවත් වෙන්නෙ කොහොමද කියන්නකෝ....හැමදාමත් මෙහෙම අම්මලාගෙන් කකා ඉන්න පුලුවන් ද කියන්නකො.....එ දෙන්නා කිරි කපලා හොයන සල්ලි වලින් අපි කාලා හරියනවද....පව් අසරණ දෙමාපියන් දෙදෙනා ....❞.

❝අනේ මේ උඹට ඕනනං වැඩකට පලයං....මට නම්.බෑ.....ඕවා කරන්න❞

සමන්ගේ තාඩන පීඩන එන්න එන්නම වැඩිවුනා.....අපි ගැන බලන්නෙම.නෑ.....මට දරුවා නිසා ආපසු හැරෙන්නත් බෑ...යන්න කියලා තැනකුත් නෑ......එ නිසාම.දරුවා දාලා මම.ගාම්න්ට් එකේ වැඩට ගියා....මෙ අතර එයා වෙන අය එක්ක අනියම් සම්බන්ධතා පැවැත්තුවා.....කොච්චර එපා කිව්වත් ඇහුවේ නෑ......මම මේ නිසා සමන් එක්ක නිතරම රණ්ඩු වුනා.....ඒත් සමන් වෙනස් වුනේ නෑ....එයාට ඕන දේවල් විතරක් කරන්න පුරුදු වුනා.......ඒ නිසාම මමත් ඒ හැමදේටම.පුරුදු වුනා....දැන්.මගේ වියදමින් තමා ගෙදර හැමදේම සිද්දවෙන්නෙ......සමන් සත පහක්වත් ගෙදර වියදමට දෙන්නෙ නෑ.......

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

දවසක් ගාමන්ට් එකේ උත්සවයක් තිබුනා.....ඒකේ මමත් නැටුවා යාලුවො එක්ක....හරිම විනෝදයි...අනික මම විනෝදෙන් ඉන්න් කැමති කෙනෙක් ....ඉතින් අපේ පුතත් මම අරගෙන ගියා....හැමොටම ඒකේ සී.ඩී එකක් දුන්නා බලන්න.....

ඉතින් සමන් මට බැන්නා ඒකට.....මට වෙන මිනිස්සු පාවා දුන්නා

❝උඹ ඔච්චරටම ඔය ගාමන්ට් එකෙ වැඩට යන්නේ උඹට වෙනෙ එකෙක් ඉන්න නිසා තමයි❞

❝අනේ සමන් ඔයා.මෙ මොනවද කියන්නේ ....ඔයා අපි ගැන බලන්නේ නැති නිසයි මම වැඩකට යන්නෙ නැතුව මේ මගුල්.නටන්න නෙවෙයි

❝අනෙ මෙ මම දන්නෙ නැද්ද උබේ හැටි.....උඹට හැමතැනම මිනිස්සු ....❞

❝මොනාද අනේ මේ.කියන්නේ....❓

❝මම කියන්නේ ඇත්ත.....අනික.මේ.ළමයත් මගේ නෙවෙයි ❞

❝මොකක්ද තමුසේ කිවුවෙ ❓

❝තමුසෙට ඔල්මොරොන්දම්ද ඕයි...තමන්ගේම.ළමයට මෙහෙම කියන්න....ආ.....❞

සමන්ගේ මේ කැත කතා තව දුරටත් ඉවසන්න බැරිම තැන කල්පනා දරුවත් රැගෙන පොලිසියට ගියා.......

❝සර් මට මගේ මහත්තයාගෙන් හරිම.කරදරයි.....❞

පසුව සමනුත් පොලිසියට ආවා....

❝සර් මට සමාවෙන්න ....මට මගෙ ළමයයි....නෝනයි නැතුව බෑ....
මම ආය මෙහෙම වැරදීමක් කරන්නේ නෑ...සර්....

පස්සේ පොලීසියෙන්.මේ දෙන්නා නැවත සමාදාන කරලා ගෙදර එව්වා....මෙහෙම ටික දවසක් හොදට හිටියා.....

දවසක් කුඩ නට්ටක් අරන් පුතාට හොඳටම.ගැහුවා....මම බේරන්න ගිහින් මටත් හොදටම ගැහුවා....බැරිම තැන මම මේ ගැන අයියට කිව්වා ......අයියා මට ගෙදර එන්න කිව්වා....ඒත් අපි ආයෙත් සමාදාන වුනා.....සමන් මොන වැරැද්දක් කලත් නැන්දම්මා හැමදාම ගත්තෙ පුතාගේ පැත්ත.....

පස්සෙ මම.සව්දි රටෙ රැකියාවකට ගියා.....එහෙදි ලැබුණු පඩිය මම.සමන්ට එව්වේ දරුවාත් බලාගෙන ඉන්න කියලා....ඒත් දවසක් එයාගේ අම්මා.කතා කරලා.කිව්වා සමන්ට සල්ලි එවන්න එපා දැන් ගෙදර වත් එන්නෙ නෑ කියලා....පස්සෙ මම අවුරුදු 1ක සල්ලි අරගෙන ගෙදර ආවා.....එ ඇවිත් ගේ හදලා ගෙට ලයිට් ගත්තා.....මම.එනකොට සමන් වෙන අනියම් සම්බන්ධතා පවත්වා තිබුනා...මම කොච්චර රණ්ඩු කරත් ඉන් පලක් වුනේ නෑ.....

කාලයක් ගෙවුනා......

මේ අතර මම ආයෙත් pregnant වුනා... පවුල් සංවිධාන සදහා .පාවිච්චි කල බෙහෙත් නිසියාකාරව පාවිච්චි නොකල නිසා....

❝මේ ළමයා මගේ නෙවෙයි ....උඹ කොහේ හරි ගිහින් හදාගත්ත එකෙක්....

❝ඇයි අනේ එහෙම කියන්නේ .....මේ දරැවා ඔයාගෙමයි.....බොරු නම් චෙක් කරලා බලන්න......

❝මොනා චෙක් කරන්නද මගේ නෙවෙයි එච්චර යි.....❞ ...සමන් එහෙම කියද්දි කල්පනා ගොඩක් අසරණ වුනා.....

කොහෙමෙන්.කොහොම හරි කාලය ගෙවිලා ගියා.....කල්පනාට ගැහැණු දරුවෙක් ලැබුනා....සමන් රෝහලට බලන්නවත් ආවේ නෑ.....අම්මා තමයි ආවේ.....මෙ නිසා කල්පනා ට ගොඩක් දුක හිතුනා.....ඈ ඒ සියල්ලම ඉවසා දරා ගත්තා....දරුවන් වෙනුවෙන්

දැන් දරුවට මාස තුනකුත් ගත වුනා....

දරුවා ලැබුණත් සමන් කොහොමත් වෙනස් වුනේ නෑ....හදිසියේ දරුවා අසනීප වුනා.....දින ගණනක් රෝහලෙ හිටියත් ඔහු බලන්න ආවේ නෑ.......

දින.කීපයකට පසු කල්පනා ගෙදර ආවා...මහන්සිය වැඩිකමට ඇය සාලයේ පැදුරක් දා ගෙන හාන්සි වුනේ කෙල්ලාත් ඒ අසල තියාගෙන ......හදිසියේ දරුවා කෑ මොරදී අඩන්න ගත්තේ සෙල්ලම් බඩුවට අත දාගෙන

❝ඇයි ළමයට සෙල්ලම් බඩු දුන්නේ තමුසේ ආ....❞සමන් කෑ මොර දුන්නා.....

❝ළමයට සෙල්ලම් බඩු දෙන්නෙ නැතුව තමුසෙට දෙන්නද ඕයි කියන්නේ කල්පනා කේන්තියට එහෙම කියා දැම්මා.....

❝ආ උඹ එහෙනම් ඒ විදිහට ද එන්නේ....මම එනකොට උඹයි....ළමයි දෙන්නයි මේ ගෙදර ඉන්න බෑ.....යන තැනක පලයං.....

❝අම්මා මුං තුන්දෙනාට කන්න දෙන්න එපා ...මේ සල්ලි අම්මගෙ වියදමට තියාගන්න....සමන් එහෙම කියාගෙන එයාගෙ රෙදි ටිකත් අරගෙන ගෙදරින් ගියා.....

සමන්ගෙ අම්මත් ඒ ආකාරයටම වැඩ කෙරුවා.......

අවසානයේ කල්පනා අයියට කතා කරලා.මේ.හැමදෙයක් ම.කිව්වා ....එහෙනම් නංගි ඔයා ගෙදර එන්න.....එ වෙලාවේ කල්පනා දරුවන් දෙදෙනාත් අරන් අම්මා ලගට ගියේ වෙන කරන්න දෙයක් නැති කමට........

මෙහෙම කාලයක් අම්මත් එක්ක ගෙදර හිටියා....අම්මත් ගෙදරක වැඩ කරලා තමා.කීයක් හරි.හොයා ගත්තේ....ඒකෙන් තමා.ගෙදර වියදම්.පිරිමහ ගත්තෙ....මල්ලි හිටියට බොනවා මිසක් ගෙදර වියදමට සල්ලි දුන්නෙ නෑ.....

මේ අතර මම ආයෙත් ගාමන්ට් එකක වැඩට ගියා......ඒකෙන් අපට ජීවත් වෙන්න පුලුවන් වුනා.....ඒත් මල්ලි මම ගෙදර ඉන්න එකට නිතරම රණ්ඩු කලා.....

❝මේ අම්මේ මෙයාට දැන් යන්න කියන්න මෙහෙන්.....හැමදාම මෙහේ ඉන්න බෑනේ......දැන් කොච්චර කල්ද.....❞

❝හ්ම්ම් ....එක නම්.ඇත්තමයි කල්පනා
හැමදාමත් මේක කරන්න බෑනේ.....අනික.ළමයි බල බල මට ඉන්න බෑ.මේකට මොකද කරන්නේ.....❓

❝එහෙනම් අම්මේ මම ළමයි දෙන්නත්නෙක්ක.වෙනම උයාගෙන කන්නම්....❞

අනේ අසරණ කල්පනා මහ ගෙදර දරු පැටවුන් දෙන්නත් එක්ක වෙනම උයාගෙන කෑවා.......මේ අතර සමන්ගේ ගෙදරින් ආවා කල්පනාව අරගෙන යන්න .....

❝සමන්ට මාව ඕන නම් එයාට එන්න කියන්න.....ඇයි ඔයාලා ආවේ මාව එක්කගෙන යන්න....

එහෙම කියලා කල්පනා එයාලත් එක්ක ගියේ නෑ.........

ළමයින් දෙදෙනාට වන්දි මුදල් ඉල්ලා කල්පනා පොලීසියට ගියා...ඒ අනුව ළමයින් දෙදෙනා වෙනුවෙන් ඇයට වන්දි මුදලක් ලැබුනා......

පියෙකුගේ ආදරය ...රැකවරණය......නොමැතිව මේ දරුවන් දෙදෙනා කල්පනා සමග ජීවත් වුනා.....ළමයින් බැලීමට වත් ඔහු තුළ කිසිම ආසාවක් තිබුනේ නෑ......උසාවියෙන් වන්දි මුදල දී යන්න ගියා.....දෝනී තවම දන්නෙ නෑ තාත්තා කව්ද කියන්න....

මහ ගෙදර කරදර නිසා කල්පනා යාලුවෙක්ගේ ගෙදර නතර වෙලා ගාමන්ට් ගියා....මේ අතර සමන් වෙන කෙනෙක් ගෙදර ගෙනත් තිබුනා.......ඒ නිසා කල්පනා එහේ ගියා එයාගෙ බඩු අරගෙන එන්න......

❝මම ආවේ මගේ බඩු ටික අරගෙන යන්න....❞

❝හ්ම්ම් ගන්න ....❞ ඒ සමන් ගේ අම්මා....

❝මේ කල්පනා දුවේ අපේ සමන් පුතා රත්තරං ලේලියෙක් ගෙනාවානේ.....❞සමන්ගේ අම්මා හරිම ආඩම්බරයකින් එහෙම කිව්වා.....

❝ආ....එහෙම ද අම්මා....... එහෙනම් හොදයි කියා ඈ තම බඩු ටිකත් රැගෙන ගෙදර ආවා......ටික දිනකින් සමන් ඒ අසරණ දෙමාපියන් දෙදෙනා ගෙදරින් පන්නා දමා තිබුනා......
මෙහෙම කාලයක් ගතවුනා....කල්පනාට කියලා බිම් අගලක්වත් නෑ........අවසානයේ කල්පනා තීරණය කලා රට යන්න.........

එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඈ තම දුවව අම්මාට බාරදි.....පුතා කල්පනා ගේ යාලුවෙක් ට බාරදි රට ගියා.....පුරා අවුරුදු 12 ක්.කල්පනා කායිකව මෙන්ම.මානසිකත් දුක් විදපු කෙනෙක් .....

දැන් කල්පනා රට ඉන්නේ......දුව වෙනුවෙන් ඈ තම.මවට මුදල්.එවනවා....ඒ වගේම පුතාටත් වෙනම මුදල් එවනවා ජීවත් වෙන්න...

ඇය සිහින දකින්නේ කවදාහරි දවසක තමන්ගෙම කියලා පුංචි පැලක් හදාගෙන තම දරුවන් එක්ක එක වහලක් යටට වෙන්න......කල්පනා ගේ ඒ හීනය ඉක්මනින් ඉටුවේවා කියලා මම.ප්‍රාර්ථනා කරනවා.......

මේ කතාව මට මුහුණු පොතෙන් හමු වූ යාලුවෙක් එවපු විස්තර මත සකසන ලද්දක් බව සිතන්න......❪සත්‍ය කතාවකි❫

ගීතා සමන්මලි........✍️

❪පොටෝ කවර නිර්මාණය
ක්‍රිශාන්ත කෝසල බාලසූරිය ❫

ඕනද
23/10/2025

ඕනද

Address

Colombo

Telephone

+94787616089

Alerts

Be the first to know and let us send you an email when LOVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LOVE:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram