Dr.Menu Rathnayake

Dr.Menu Rathnayake Bachelor of Ayurvedic Medicine and Surgery (BAMS)
Consultant Ayurvedic Physician

Dr. Menu Rathnayake is a distinguished Ayurvedic physician with extensive expertise in traditional healing practices and modern wellness approaches. Currently serving as a Consultant Physician at Beam Hela Osu Lanka (Pvt) Ltd, an established Ayurvedic drug manufacturing company.

08/03/2026
78 වැනි ජාතික නිදහස් දිනය 🇱🇰අභිමානවත්ව සමරමු !
04/02/2026

78 වැනි ජාතික නිදහස් දිනය 🇱🇰
අභිමානවත්ව සමරමු !

எல்லா வளமும், நலமும் பெற்று வாழ வாழ்த்துகிறேன். I wish you a life filled with all abundance and good health.
15/01/2026

எல்லா வளமும், நலமும் பெற்று வாழ வாழ்த்துகிறேன்.
I wish you a life filled with all abundance and good health.

11/01/2026

අද අපි කතා කරන්නේ හැමෝම දන්න ආයුර්වේදයේ නොදන්නා පැත්තක් ගැන ..

Dr.Menu Rathnayake
➡ තව අයට දැනගන්න share කරන්න .

Happy New Year 2026! 🎇 #2026
31/12/2025

Happy New Year 2026! 🎇

#2026

💚සෞඛ්‍යමත් ජීවිතයකට මාර්ගය - ආයුර්වේද දින චර්යාව🚶‍♀️🚶ආයුර්වේදය සරලව පැහැදිලි කළහොත්, එය ආයුෂ පිළිබඳ විද්‍යාවයි. ආයුර්වේද...
18/10/2025

💚සෞඛ්‍යමත් ජීවිතයකට මාර්ගය - ආයුර්වේද දින චර්යාව🚶‍♀️🚶
ආයුර්වේදය සරලව පැහැදිලි කළහොත්, එය ආයුෂ පිළිබඳ විද්‍යාවයි. ආයුර්වේදය යනු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දහස් ගණන් වසරක් තිස්සේ පවතින පුරාතන වෛද්‍ය ක්‍රමයකි.
ආයුර්වේදයේ මූලික අරමුණු සඳහන් වෙන්නේ මෙසේය:
“ස්වස්තස්‍ය ස්වස්ථ්‍ය රක්‍ෂණං, ආතුරස්‍ය විකාර ප්‍රශමනං”
මෙයින් අදහස් වන්නේ:
පළමුවෙන්ම “ස්වස්තස්‍ය ස්වස්ථ්‍ය රක්‍ෂණං” - ඒ කියන්නේ, නිරෝගී පුද්ගලයාගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීම.
දෙවනුව, “ආතුරස්‍ය විකාර ප්‍රශමනං” - කියන එකෙන් අදහස් වන්නේ රෝගී පුද්ගලයාගේ රෝග සුව කිරීම.

ආයුර්වේදය පළමු ස්ථානය ලබා දෙන්නේ රෝගවලින් තොරව නිරෝගීව ජීවත් වීමට. ඒ නිසාම තමයි නීරෝගී බව ආරක්ෂා කර ගන්න, යහපත් ආහාර රටාව, නිවැරදි දින චර්යා, ඍතු චර්යා වැනි දේවල් විස්තර කරලා තියෙන්නේ.

මෙහි “දින චර්යාව” යන්නෙන් අදහස් කරන්නේ දිනපතා අනුගමනය කළ යුතු ජීවන රටාවයි. නිසි දින චර්යාවක් අනුගමනය කිරීමෙන් ශාරීරික සෞඛ්‍යය, මානසික සමතුලිතතාව සහ දීර්ඝායුෂ ලබා ගත හැකි බව ආයුර්වේදය අවධාරණය කරයි.

උදෑසන කටයුතු - බ්‍රහ්ම මුහූර්තය
ආයුර්වේද දින චර්යාව ආරම්භ වන්නේ අලුයම පැය 4 සිට 6 අතර කාලයේදීය. මෙය “බ්‍රහ්ම මුහූර්තය” ලෙස හැඳින්වේ. මෙම කාලය තුළ නැගිටීම ශරීරයේ වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ සමතුලිතතාවයට අතිශයින් හිතකර වේ.
නැගිටින පසු පළමු වැඩ:
• ජලය පානය කිරීම (රාත්‍රියේ තබා ඇති තඹ භාජනයක ජලය වඩාත් සුදුසුය)
• මුඛ ප්‍රක්ෂාලනය හා දත් මදින කටයුතු
• දිව පිරිසිදු කිරීම
• ඇස් සේදීම සහ මුහුණ සෝදා ගැනීම

ශෝධන ක්‍රියාවලිය
උදෑසන ස්වාභාවික ශරීර ශෝධනය අතිශයින් වැදගත්ය. මලබද්ධය වළක්වා ගැනීමට නිතිපතා එකම වේලාවක මලපහ කිරීමේ පුරුද්ද වර්ධනය කර ගත යුතුය. මෙය ශරීරයේ අනවශ්‍ය විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ.

ව්‍යායාම හා යෝග
ආයුර්වේදයට අනුව දිනපතා හෝ අනුව ව්‍යායාම කිරීම අතිශයින් වැදගත්ය. යෝග ආසන, ප්‍රාණායාම (ශ්වසන ව්‍යායාම) වැනි සරල ව්‍යායාම නිර්දේශ කෙරේ.
ස්නානය හා ශරීර සත්කාර
උණුසුම් ජලයෙන් ස්නානය කිරීම නිර්දේශිතය. ස්නානයට පෙර තෛලය ආලේප කිරීම (අභ්‍යංග) ශරීරයේ රුධිර සංචලනය වැඩිදියුණු කරයි. සතියකට 2-3 වතාවක් තෛල ආලේපය වඩා ගුණදායකයි

ආහාර
උදෑසන ආහාරය (පෙරවරු 7-8): සැහැල්ලු, පෝෂ්‍යදායක ආහාරයක්ද
දහවල් ආහාරය (දහවල් 12-1): දිනයේ ප්‍රධාන ආහාරය - මෙය ආහාර දිරවීමේ ශක්තිය (අග්නි) උපරිමය වන කාලයයි
රාත්‍රී ආහාරය (සවස 6-7): සැහැල්ලු, පහසුවෙන් දිරවිය හැකි ආහාර
ආහාර අනුභව කිරීමේදී:
• නිස්කලංක වාතාවරණයක වාඩි වී ආහාර ගන්න
• ප්‍රමාණවත් ලෙස හපන්න
• කථා කිරීම අවම කරන්න
• ආහාරය සම්පූර්ණයෙන්ම දිරවන තෙක් ඊළඟ ආහාරය ගන්න එපා

දිවා කාලයේ ක්‍රියාකාරකම්
දිවා කාලයේදී උද්ඝෝෂණ නොකර, ධනාත්මක කටයුතු වල නිරත විය යුතුය. අධික ආතතිය සහ කෝපය වළක්වා ගත යුතුය. දහවල් ආහාරයෙන් පසු කෙටි විවේකයක් (15-20 මිනිත්තු) ගත හැකිය.
සවස හා රාත්‍රී චර්යාව
සවස වන විට සැහැල්ලු ව්‍යායාම කළ හැකිය. රාත්‍රී ආහාරය නිදා ගැනීමට පැය 2-3ක් පෙර ගත යුතුය.
නින්දට පෙර:
• සැහැල්ලු කියවීමක් හෝ භාවනාවක් කරන්න
• රූපවාහිනිය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය අවම කරන්න
• පාද ප්‍රක්ෂාලනය කරන්න
• රාත්‍රී 10-11 අතර නිදාගන්න
ආයුර්වේදයට අනුව වසරේ ඍතුව අනුව දින චර්යාවෙහි සුළු වෙනස්කම් සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස, ගිම්හාන කාලයේදී වැඩි ජල පානයක් සහ සිසිල් ආහාර නිර්දේශිතය.

ආයුර්වේද දින චර්යාව නිසි ලෙස අනුගමනය කිරීමෙන් ශරීරයේ ස්වාභාවික ජීව රිද්මය සමග සමගාමීව ජීවත් විය හැකිය. මෙය රෝග වළක්වා ගැනීමට පමණක් නොව, දීර්ඝායුෂ සහ ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වයි.
මතක තබා ගත යුතු කරුණ නම්, මෙම චර්යා හදිසියේ ආරම්භ නොකර, ක්‍රමයෙන් තම ජීවිතයට එකතු කර ගත යුතු බවයි. ඔබගේ ශරීර ප්‍රකෘතිය (වාත, පිත්ත, කඵ) අනුව මෙම චර්යා වල සුළු වෙනස්කම් සිදු කිරීමට ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

Dr.Menu Rathnayake

➡ තව අයට දැනගන්න share කරන්න .

👉ටීනියා කියලා කියන්නේ අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් . ටීනියා යනු දිලීර මගින් ඇතිවන රෝගයක් . මෙය ඩර්මටෝපයිට්(D...
24/09/2025

👉ටීනියා කියලා කියන්නේ අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී
තත්වයක් . ටීනියා යනු දිලීර මගින් ඇතිවන රෝගයක් . මෙය
ඩර්මටෝපයිට්(Dermatophyte) කියන දිලීර වර්ගය මගින් තමයි
ඇතිවෙන්නේ . එම දිලීරය මගින් සම මතුපිටස්තරය කෙස්වලට නියපොතු
වලට ආසාදනය ඇතිවෙනවා .
♦️එතනොට ටීනියා වර්ග කීපයක් අපිට දක්නට ලැබෙනවා .
➢ ටීනියාකැපිටිස් (Tinea Capitis)හිස්කබලේ ඇතිවන දිලීර ආසාදනය
ප්‍රධාන වශනයන් ළමුන්ට තමා මේක බලපාන්නේ .
➢ ටීනියා කොපොරිස් (Tinea Corporis) සමට සිදුවන දිලීර ආසාදනයක්
වන අතර වටකුරු හැඩයේ පැල්ලම් ලකුණු පැතිරීම මෙහි ලාක්ෂණික
ගුණාංගයකි .
➢ ටීනියා පෙඩිස් (Tinea Pedis) පාද ප්‍රදේශයේ සිදුවන දිලිර ආසාදනයක්.
➢ ටීනියා ක්‍රැරිස් (Tinea Cruris) ඉන ප්‍රදේශයේ සිදුවන දිලීර අසාදනයකි
➢ ටීනියා අන්ගියම් (Tinea Unguium) නියපොතුවල සිදුවන දිලීර
අසාදනයකි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ටීනියා රෝගය කුෂ්ට රෝග කාණ්ඩයට අයත්
වේ . මෙහිදී ප්‍රධාන වශයෙන් කළු දෝෂය සහ පිත් දෝෂය දූෂණය වන අතර ඊට
අමතරව රස ධාතුව රක්ත ධාතුව සහ මාංශ ධාතුව දූෂණය වෙනවා.

➡ටීනියා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා , වටකුරු හැඩයේ
සමේ පැල්ලම ගොඩනැගීම කැසීම සහ දාහය සහිත වේදනාව රතු පැහැති මායිම්
සහිත ලකුණු , සමේ ඝනකම වැඩිවීම.
තවද ස්ථානීකව ඇතිවන විශේෂ ලක්ෂණ තියෙනවා .
හිස්කබලේ නම් හිස කෙස් ගැලවී යන්න පුළුවන්.
පාද ප්‍රදේශයේ නම් ඇඟිලි අතර දැවිල්ල වේදනාව ඇතිවෙන්න පුළුවන්.
ශරීරයේ වටකුරු පැල්ලම් සහ කැසීම ඇති වෙන්නත් පුළුවන් .

ටීනියා රෝගය කියන්නේ ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන්න පුළුවන් ආසාදන රෝග තත්වයක් .එතකොට මේකෙ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග කිහිපයක් දක්නට තියෙනවා .සෘජු සම්ප්‍රේෂණයක් විදියට ආසාදිත පුද්ගලයෙක් සමග සෘජු ස්පර්ශය වෙන්න පුළුවන් තවද ආසාදිත පුද්ගලයෙකු පරිහරණය කරන ලද වස්තුන් ඒ කියන්නේ තුවා ඇදුම් පාවහන් ආදී දේවල් දුෂණය වෙලා තියෙනවනම් ඒ මගිනුත් බෝ වෙන්න පුළුවන් .ගෙදර අපි සුරතලයට ඇති කරන සතුන්ගෙන් බල්ලෝ ,පූසෝ ,ගවයෝ වගේ සතුන්ගේනුත් මේ තත්වය ඇති වෙන්න පුළුවන් . ඒ වගේම බොහෝ වෙලාවට තෙත් පරිසර වල ජීවත් වෙන පුද්ගලයින්ට ,පොදු ස්නානාගාර ,පිහිනුම් තටාක ව්‍යායාම මධ්‍යස්ථාන ආදිය පරිහරණය කරන පුද්ගලයින්ටත් රෝගය ඇති වෙන්න පුළුවන් .

මෙහිදී මෙම රෝගය ඇතිවීමට අවධානයට පුද්ගලයින් තමා ක්‍රීඩකයෝ ,රියදුරන් ,කෝකින් ආදී පුද්ගලයින් .ඒ වගේම තමා දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අය ,දියවැඩියා රෝගී තත්වයෙන් පෙලෙන පුද්ගලයින් අධික දහදිය දමන සහ දුර්වල සනීපරක්ශාවන් ඇති අය .

🔹ටීනියා රෝගය සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර සදහන් වෙලා තියෙනවා .ඒවා කොටස් දෙකකට බෙදනවා .අභ්‍යන්තර ප්‍රතිකාර සහ බාහිර ප්‍රතිකාර ලෙස .අභ්‍යන්තර ප්‍රතිකාර වලදී කළු සහ පිත දෝෂය ශමන ප්‍රතිකාරත් ,රක්ත ශෝධන ප්‍රතිකාරත් ඒ වගේම ක්‍රිමිඝ්න ප්‍රතිකාරත් සිදු කෙරෙනවා .බාහිර ලෙස තෛල වර්ග ලේප වර්ග ආදිය ආලේපනයත් සිදු කෙරේ .

💠මෙම රෝගයෙන් වැළකීමේ ක්‍රම විදිහට අධික මධුර රස ආහාර භාවිතාව අඩු කරන්න ඕනි .ඒ වගේම දිනපතා ස්නානය , වියළි ඇදුම් පරිහරණය , පොදු වස්තුන් භාවිතය අඩු කිරීම ,දිනපතා ව්‍යායාම කිරීම සම වියලිව තබා ගැනීම .ඒ වගේම තම මානසික වශයෙන් යහපත් ජීවන රටාවක් ඇති කර ගැනීම වැදගත් වෙනවා .

👩‍⚕️ටීනියා රෝගය සාර්ථකව පාලනය කිරීම සදහා ආයුර්වේදය වගේම බටහිර වෛද්‍ය විද්‍යාවෙද ඖශධ තියෙනවා .ඒ නිසා වෛද්‍යවරයෙකු හමුවෙලා නිසි ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා .නුසුදුසු ප්‍රතිකාර නිසා නැවතත් මෙම රෝග තත්වය ඇති වෙන්න පුළුවන් . ඒ නිසා සම්පුර්ණ ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි .
➡ඉතින් ඔයාටත් මොනවා හරි දෙයක් ටීනියා රෝගය ගැන දැනගන්න ඕනිනම් පහලින් comment කරන්න . තව අයට දැනගන්න share කරන්න .

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr.Menu Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram