Shyamalee Pathirage

Shyamalee Pathirage Shyamalee Pathirage who has over two decades of experience in the field & Child and Maternal Health as a midwife.
(1)

Pediatric Health Adviser/ Counselor, and a Health Journalist. We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do,
to be a good mother and father

At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents

🩺 අල්සරේටිව් කෝලයිටිස් (Ulcerative Colitis) (🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැකි හැම විට ලිපි Share කරන්න. ඒක පිනක්. මෙවැනි ලෙඩක් තියෙන කෙන...
10/11/2025

🩺 අල්සරේටිව් කෝලයිටිස් (Ulcerative Colitis)

(🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැකි හැම විට ලිපි Share කරන්න.
ඒක පිනක්. මෙවැනි ලෙඩක් තියෙන කෙනෙකුට වටින නිසා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏)

බඩ වැලේ තුවාල කිව්වම වැඩිපුර මතක් වෙන්නේ ගැස්ට්‍රයිටිස්. 🍲
ගැස්ට්‍රයිටිස් එන්නේ බඩවැලේ ඉහළ කොටසේ තුවාල. ගැස්ට්‍රයිටිස් වගේම ගොඩක් අයට තියෙන, නමුත් රහසිගතව විඳවන තත්ත්වයක් තමයි බඩවැලේ පහළ කොටසේ තුවාල 😔

මේ රෝගය අපි හඳුන්වන්නේ 🩸 අල්සරේටිව් කෝලයිටිස් කියලා.
🩹 “අල්සර්” කියන්නේ තුවාල, “කෝලයිටිස්” කියන්නේ Colon (මහා බඩවැල).

අල්සරේටිව් කෝලයිටිස් කියන්නේ මොකක්ද?

මෙය මහා බඩවැලේ සහ ගුද මාර්ගයේ ඇති වන දිගුකාලීන දැවිල්ලක් (Chronic inflammation). එහිදී බඩවැලේ ආවරණය තුවාල වෙලා ලේ සහ සීදම් එකට මිශ්‍රව පිටවීමක් සිදුවෙනව.

ඒ කියන්නේ මේක Inflammatory Bowel Disease (IBD) කියන රෝග කාණ්ඩයට අයත් එකක්.

(IBD යනු ගුද මාර්ගය සහ අන්ත්‍ර වලට බලපාන Autoimmune-type රෝගයක් )

⚠️ රෝගය හැදෙන්න හේතු මොනවද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිශ්චිත හේතුව තවමත් හදුනාගෙන නැති නමුත්, විද්‍යාඥයන්ගේ මත අනුව පහත සාධක බලපානවා 👇

1. 🧬 ජාන පරම්පරාව – පවුලේ කෙනෙකුට මේ රෝගය තිබ්බොත් අවදානම වැඩිබව.

2. 🦠 ප්‍රතිශක්ති පද්ධතියේ දෝෂ – immune system එක අධික ලෙස ක්‍රියා කරමින්, බඩවැලේ ස්වභාවික තත්වයට ගැටළු ඇති කිරීම.

3. 🍔 ආහාර හා පාරිසරික බලපෑම් – විශේෂයෙන් processed foods, fast foods, හා ආතතිය.

4. 😣 ආතතිය (Stress) – රෝගය ලක්ෂණ වැඩි කරනව.

🤕 රෝග ලක්ෂණ මොනවද?

රෝගයේ දරුණුකම අනුව රෝග ලක්ෂණ වෙනස් වෙනවා.
ඇතිවෙන්න පුළුවන්👇

💩 අතීසාරය, මළ පහ සමග ලේ සහ සීදම් පිටවීම.

🧻 නිතර මල පහ කිරීමේ අවශ්‍යතාවයක් දැනීම, ගුද මාර්ගයේ වක්‍ර පීදානවල බුරුල් ස්වභාවයක් දැනීම සහ වැසිකිලි යාමේදී පාචනය වැනි පාලනය කළ නොහැකි ස්වභාවයක් දැනීම.

😖 බඩේ පහළ කොටසේ වේදනාව.

⚖️ බර අඩුවීම සහ ආහාර අරුචිය.

😴 කලාන්ත සහ දුර්වල බවක් විටින් විට සිරුරට දැනීම.

🌡️ උණ සහ ශරීර දුර්වල වීම.

👕 සමේ පැහැය මලානික වීම, ලේ අඩුවීම හෙවත් රක්ත හීනතාවය.

සමහර අයට රෝගය පැය කිහිපයකට හෝ සති කිහිපයකට දරුණු වෙලා, පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා යනවා.

සමහර අයට නම් ජීවිත කාලය පුරාම අවස්ථා ගණනාවකට යළි යළිව එන පීඩාකාරී රෝගයක්.

කඩෙන් කෑවහම,
වැඩිපුර කිරි බිව්වහම, සමහර සැර කෑම කෑවහම, අධික මානසික පීඩනයක් දැනෙන අවස්ථාවල යටපත් වෙලා තිබෙන රෝගය නැවත ආපහු මතු වෙන්න පුළුවන්.

🧪 රෝගය පරීක්ෂා කරන විදිහ – පර්යේෂණ

1) කොලොනොස්කෝපි (Colonoscopy)

🩹 මේක රෝගය හඳුනාගන්න අති විශ්වාසදායක ක්‍රමයයි.

Flexible කැමරාවක් බඩවැල තුළට ඇතුල් කරලා තුවාල බලනවා.

🔬 “බයොප්සි” කියලා tissue sample එකකුත් අරන් පරීක්ෂා කරනවා.

2) ලේ පරීක්ෂණ (Blood Tests)

අනිමියා (Anemia) තියෙනවද බලනවා 🩸

Inflammation markers – CRP, ESR බලනවා.

3) මල පරීක්ෂණ (Stool Test)

මළපහ තුළ ලේ, බැක්ටීරියා, පරපෝෂිතයන් හා ආසාදන හඳුනා ගැනීමට.

4) CT / MRI Scan

බඩවැලේ තත්වය සහ දැවිල්ලේ ප්‍රමාණය තීරණයට

💊 රෝගයට තියෙන ප්‍රතිකාර මොනවද?

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව සුව කිරීමට / පාලනයට විවිධ ක්‍රම භාවිතා වෙනවා 👇
නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සම්පූර්ණයෙන්ම හෙවත් නිට්ටාවට සුව කළ නොහැකි පාලනය කරගෙන ජීවත් විය යුතු රෝගයක් විදියට තමයි වෛද්‍යවරු හඳුන්වන්නේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව (ඉංග්‍රීසි- western)ලබා දෙන ප්‍රතිකාරත්

1. 💊 Anti-inflammatory ඖෂධ (Mesalamine, Sulfasalazine)
➜ ප්‍රධාහික තත්වය අඩු කරයි.

2. 💉 Corticosteroids (Prednisolone වැනි)
➜ ඉක්මන්ව ප්‍රදාහයන් අඩු කරයි.

3. 🧬 Immunosuppressants (Azathioprine, Cyclosporine)
➜ ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කරයි.

4. 💉 Biologic Therapy (Infliximab, Adalimumab)
➜ නව තාක්‍ෂණික ඖෂධ, ශරීරයේ ප්‍රතිශක්ති ප්‍රතිචාරය සපයයි.

5. 🥗 ආහාර හා ජීවන රටාව
➜ මෘදු, පෝෂ්‍ය ආහාර.
➜ කහ, මිරිස්, දුරු ආදි සැර කුළුව බඩු වර්ග අඩුවෙන් භාවිතා කිරීම.
➜ ආතතිය පාලනය කිරීම.

🧭 බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව – සුව කරන්න බැරි කියන්නේ ඇයි?

මෙය දිගුකාලීන Autoimmune රෝගයක්, ඒ කියන්නේ ශරීරය තමන්ගේම බඩවැලට පහර දෙන රෝගයක් 🧬

ප්‍රදාහික තත්වය අඩු කරන්න පුළුවන් නමුත්, රෝගයට මුල්වන ඉතාම පැහැදිලි හේතු නැති නිසා සම්පූර්ණයෙන්ම සුව කරන්න විද්‍යාත්මක ක්‍රමයක් තවමත් නැහැ.

නමුත් නියම පාලනයක් තිබුණොත්, රෝග ලක්ෂණ රහිතව දිගුකාලයක් ජීවත් වෙන්න පුළුවන් ❤️

🌿 ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් සුව කරන්න පුළුවන්ද?

ආයුර්වේදය අනුව මෙය “රක්තාතිසර” (Raktaatisara) හෝ “ප්‍රවාහිකා” වගේ රෝගයන්ට සමාන බව ආයුර්වේද වෛද්‍යවරු පවසනව.

නමුත් මෙය නිත්තාවට සුව කළ හැකි රෝගයක් බවත්, එසේ රෝගීන් සුවකර ඔප්පු කර ඇති සාක්ෂිත් ඕනෑ තරම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්ෂවෛද්‍යවරු ළඟ තිබෙනවා.(විශේෂයෙන් ගෙඩි වන පිළිකා සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ සඳහා ප්‍රතිකාර කරනවා සාර්ථකව)

ආයුර්වේදයේ ඖෂධ වගේම ආහාර හා ජීවන රටාව, වතුර, ආතතිය අඩු කිරීම, පංචකර්ම හා (vasti, virechana) වැනි ක්‍රියාවලි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා යොදාගන්නවා

🎗️ මෙම රෝගය කාලයකදී පිළිකාවක් වෙන්න පුළුවන්ද?

ඔව් 😟
දිගුකාලීන අල්සරේටිව් කෝලයිටිස් ඇති අය, විශේෂයෙන් වසර 8ට වැඩි කාලයක් රෝගය පවතින අය, Colorectal Cancer සඳහා සාමාන්‍ය අයට වඩා වැඩි අවදානමක සිටිනව.

🩸 අල්සරේටිව් කෝලයිටිස් රෝගීන්ට පිළිකා අවධානම

📊 දිගු කාලයක් (පස් වසරකට වැඩි) රෝගය පවතින අය අතර
5% – 10%ක් දක්වා කෝලන් පිළිකා (Colon Cancer) සෑදීමේ අවධානම ඇත.

📅 රෝගය පවතින කාලය දිග වීමත් සමඟ
අවධානමත් වැඩි වේ.

➡️ ඒ නිසා වසරකට වරක් හෝ දෙවතාවක් කොලොනොස්කෝපි පරීක්ෂණයක් සහ බයොක්සි පරීක්ෂණයක් කර ඒ සඳහා පරීක්ෂා කිරීම සුදුසුයි.

මෙම රෝගය නිසි ලෙස කළමනාකරණය කර නොගැනීමත් ඖෂධ ප්‍රතිකාර නිසිලස නොගැනීමත් වැනි හේතු නිසා රෝගය පාලනය කරගත නොහැකි තත්ත්වයන් ඇති විටත්, පිළිකා වැනි තත්ත්වයන්ට පත් වේ යයි සැක හිතන විටත්, වෛද්‍ය නිර්දේශයන් අනුව බඩවැලේ කොටසක් අපා අයින් කිරීමට සමහරවිට රෝගීන්ට සිදුවෙනවා.

🏥 බඩ වැල අයින් කරන්න වුනොත්... (Colectomy Surgery)

රෝගය පාලනය කරන්න නොහැකි විට 🧑‍⚕️
➡️ “Colectomy” කියන සැත්කම සිදු කරනව.
මෙහිදී මහා බඩවැල ඉවත් කරලා
💩 “Ileostomy” හෝ “J-Pouch” යන ක්‍රමවලින් මලපහ පිටවීමට වෙනත් මාර්ගයක් සකස් කරනවා.එතකොට කොලෙස්ටමි බෑග් එකක් දාගෙන තමයි ඉන්න වෙන්නේ ටික කලක්.
(මේ ශල්‍ය කර්මය ගැන අපි ඉස්සරහට කතාකරනවා)

මෙය රෝගය ස්ථිරවම නැවත්වීමේ එකම ක්‍රමය විදිහට තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ ශල්‍ය කර්මය හඳුන්වන්නේ.
(නමුත් කාලයකදී නැවත ඉතුරු කොටසේ මතුවෙන්න පුළුවන්.)

රෝගියාගෙන් රෝගියාට තමන්ට රෝගය වැඩි කරවන රෝග ලක්ෂණ පහළ කරවන සාධක තියෙනවා. ගොඩක් කල් රෝගයෙන් පෙළෙන අය තම තමන්ට විශේෂිත වෙච්ච ඒ අහිතකර සාධක හඳුන ගන්නවා.ඒ ආහාර හෝ විහරණ වලින් වැළකී හිටියම බොහෝ වෙලාවට රෝග ලක්ෂණ එන්නේ නැහැ.

නමුත් පොදුවේ ප්‍රවේසම් විය යුතු ආහාර වැලකී සිටිය යුතු දේවල් කීපයක් සඳහන් කරන්නම්.

🚫 රෝගීන් හැකි පමණ වැළකිලා ඉන්න ඕන දේවල්

🌶️ තද කහ, මිරිස්, තෙල් සහිත ආහාර.

🍺 මත්පැන්, සුදුලූණු, කෝපි, කාබනීකෘත soft drinks.

🍟 Junk food.

😣 ආතතිය සහ අධික උණුසුම.

🚭 දුම්පානය.

මීට අමතරව තමාට රෝග තත්ත්වයන් උස්සන්න වෙන්න හෝ ලක්ෂණ පහල වෙන දේවල් හඳුනාගෙන ඒවායෙන් වළකින්න.

🧘‍♀️ රෝගියෙකු පරිස්සම් වෙන්න ඕනේ කොහොමද?

✅ නියමිත ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.
බටහිර හෝ වෛකල්පිත වෛද්‍ය ක්‍රම(ආයුර්වේද, හෝමියෝපති වැනි) තමාට කැමති වෛද්‍ය ක්‍රමයකට අනුව නියමිත ආකාරයෙන් ප්‍රතිකාර කරන්න.
✅ ආහාර රටාව සුවපහසු කරගන්න.
✅ නිතර පරීක්ෂණවලට යන්න.
✅ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
✅ යෝගා, ආතතිය අඩු කරන ක්‍රම අනුගමනය කරන්න.
✅ මනෝ සමතුලිතතාව තබාගන්න.

💖 අවසාන වචනය

අල්සරේටිව් කෝලයිටිස් කියන්නේ දිගුකාලීන නමුත් හොඳින් පාලනය කළ හැකි (වෛයිකල්පිත වෛද්‍ය ක්‍රම අනුව සුව කළ හැකි බව පෙන්වා ඇති) රෝගයක්.
නිසි ප්‍රතිකාර, නිවැරදි ආහාර හා පුරුදු, සහ අවධානය එකතු වුණොත් 🌈
ඔබට සුවය, ශක්තිය, සහ නිරෝගී ජීවිතයක් ලබාගන්න පුළුවන්! 🌿✨

ශ්‍යාමලී පතිරගේ
(Ape miss)
Global Health Care Academy
10/11/2025

💖 Hysterectomy (හිස්ටරෙක්ටමි) ගැනයි මේ....Hysterectomy කියන්නෙ ගැහැණු කෙනෙකුගේ ගර්භාශය (Uterus) ශල්‍ය කර්මයක් මඟින් ඉවත්...
09/11/2025

💖 Hysterectomy (හිස්ටරෙක්ටමි) ගැනයි මේ....

Hysterectomy කියන්නෙ ගැහැණු කෙනෙකුගේ ගර්භාශය (Uterus) ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කරන එකට.

ගර්භාශය කියන්නෙ ගැහැණු ජීවිතයේ ඉතා වැදගත් කොටසක් 💕
ඒ නිසා ඒක ඉවත් කලාට පස්සේ, ගොඩක් කාන්තාවන්ට, සමහර විට අභියෝගයක් විදියටත් මේක හැඟෙන්න පුළුවන්.

🌸 මෙහෙම ගර්භාශය ඉවත් කරන්න වෙන්නේ ඇයි? (හේතු මොනවාද)

හිස්ටරෙක්ටමි කරන්න වෙන්නෙ විවිධ හේතු මතයි. ඒ අතරින් ප්‍රධානම කිහිපයක් තමයි මේ 👇

1️⃣ Fibroid – ගර්භාශය තුළ ගෙඩි ඇතිවීම 🧫
→ ලේ ගැලීම, වේදනාව, සහ අනිසි ශ්‍රාව නිසා.

2️⃣ ගර්භාශයේ පිළිකා තත්ත්ව හෝ පිළිකා වලට පෙර වෙනස්කම් 🧬

3️⃣ Endometriosis – ගර්භාශයේ බිත්තියෙහි පටකය වෙනත් ස්ථාන වල වර්ධනය වෙන තත්ත්වයක්.

(මේ ගැන අපේ ඉදිරි Article එකක විස්තරෙන්ම දෙන්නම් 😉)
4️⃣ Uterine Prolapse – ගර්භාශය යෝනි මාර්ගයට පහත් වීම.

5️⃣ දිගුකාලීන ලේ ගැලීම් – හේතු විරහිත හෝ සුව නොවන තත්ත්ව.

🌸 ගර්භාෂය ඉවත් කරන ක්‍රම
1. බඩ කපලා කරන ක්‍රමය (Abdominal hysterectomy)
යටි බඩේ cut එකක් දාලා ගර්භාෂය ඉවත් කරනවා.
විශාල ගර්භාෂයක් හෝ ට්‍යුමර් තියෙන අවස්ථාවල වගේ එහෙම කරනවා.

2. ලැපරස්කොපි ක්‍රමය (Laparoscopic hysterectomy)
මේක ගොඩක් බහුලව කරන ක්‍රමයයි. බඩේ කුඩා සිදුරු කිහිපයකින් කුඩා කැමරාවක් හා උපකරණ ඇතුල් කරලා තමයි මේක කරන්නේ (ඕනෙ නම් මේ නම ගැහුවම වීඩියෝ බලන්න පුළුවන්).
කට් අඩුයි, ලේ යාම් අඩුයි, වේදනාව අඩුයි, සුව වීම වේගවත්.

3. යෝනි මාර්ගයෙන් කරන ක්‍රමය (Vaginal hysterectomy)
බඩ කපන්නේම නැතුව, යෝනිය හරහා ගර්භාෂය ඉවත් කරන්නත් පුළුවන්. ඉතා වේගවත්ව සුව වෙනවා.

4. මීනොස් (MINI or MInimally Invasive / MInos) ක්‍රමය
මේක අලුත්ම ක්‍රමයක්. මෙය කිසිම කැපුමක් නැතුව කරන ශල්‍යකර්මයක්. ලැපරස්කොපි හෝ රොබෝටික් උපකරණ භාවිතා කරල කරන්නේ (නම ගහලා යූටියුබ් වීඩියෝවකින් බලන්න පුළුවන්)

🌸 ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වර්ග සවිස්තරාත්මකව දැනගන්න අවශ්‍ය නම් මේ ටිකත් බලන්න. බලන්න.

🩺 Hysterectomy (හිස්ටරෙක්ටමි) ශල්‍යකර්ම වර්ග

Hysterectomy කරද්දි රෝග තත්ත්වය, වයස, සහ වෛද්‍ය උපදෙස් අනුව වෙනස් වන විවිධ ආකාර තියෙනවා.

💖 1️⃣ Total Hysterectomy (පූර්ණ ගර්භාෂ විච්ඡේදනය)
ගර්භාෂය සහ ගැබ් ගෙල (Cervix) දෙකම ඉවත් කරනව. බොහෝවිට කරන වර්ගය මේක.

💕 2️⃣ Partial / Subtotal Hysterectomy (අර්ධ ගර්භාෂ විච්ඡේදනය)
මෙහිදී ඉවත් කරන්නේ ගර්භාසය පමණක්, ගැබ් ගෙල (Cervix) තියාගෙන ඉවත් කරන එක.

🌸 3️⃣ Total Hysterectomy with Bilateral Salpingo-Oophorectomy
මේකෙදි ඉවත් කරන්නේ —
ගර්භාෂයයි (uterus) + උපත් මාර්ගයයි (fallopian tubes) + ඩිම්බකෝෂ දෙකයි (ovaries) 🩺 මේක සාමාන්‍යයෙන් කරනව පිළිකා තත්ත්ව, ඩිම්බකෝෂ රෝග, හෝ අධික වේදනාව සහ රුධිර ගැලීම වැනි තත්ත්ව වලදී.

🌷 4️⃣ Radical Hysterectomy (රැඩිකල් හිස්ටරෙක්ටමි)
බොහෝවිට පිළිකා රෝගයට කරන විශේෂ ශල්‍යකර්මයක්
ගර්භාෂය, ගැබ් ගෙල, ඒ අසල පටක සහ සමහරවිට යෝනියේ කොටසක් දක්වාම ඉවත් කරන්න වෙන්න පුළුවන්.රෝගයේ තත්ත්වය අනුව.
කළ යුත්තේ මොකක්ද කියලා තීන්දු තීරණ ගන්නේ කවුද? 🩺
මෙම තීරණය ඔයාගේ ප්‍රධාන වෛද්‍යවරයා (Gynecologist / Surgeon) විසින් තමයි ගන්නෙ. ඒත් කාන්තාවගේ අදහසත් එක්ක එකට සාකච්ඡා කරලා 💕

🩷 (උදා: පිළිකාවක්ද?, fibroid එකක්ද?, endometriosisද?)
🩷 වයස සහ සෞඛ්‍ය තත්ත්වය
🩷 දරුවන් ඇතිද නැද්ද
🩷 ඩිම්බකෝෂ සෞඛ්‍යය
🩷 හෝමෝන මට්ටම
🩷 පවුල් පසුබැසීම (උදා: පිළිකා ඉතිහාසයක් තිබෙනවාද?)
මේ සියල්ල සාකච්ඡා කරලා ගැළපෙනම ක්‍රමය තීරණය කරන්නෙ වෛද්‍යවරයයි.

🌼 ඩිම්බකෝෂත් (Ovaries) ඉවත් කළා නම් — හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (HRT) ඕන වෙනවා නේද?

ඩිම්බකෝෂ දෙකම ඉවත් කරෝතින්,
සිරුරට අවශ්‍ය වෙන ස්ත්‍රී හෝමෝන — ඊස්ට්‍රජන් (Estrogen) සහ ප්‍රොජෙස්ටෙරෝන් (Progesterone) — නිෂ්පාදනය නවතිනවනෙ.
එහෙම උනහම,
හදිසියේ අර්ථවහරණ (Menopause) ලක්ෂණ එන්න පුළුවන්.
ඇඟ රත් වෙලා රතු වෙන බවක් තේරෙන්න පුළුවන් (Hot flushes)
ඉක්මනින් වයසට යනවා වගේ දැනෙන්නත් පුළුවන්.
හිසරදය, මනෝ විකාර, උදාසීන බව දැනෙන්න පුළුවන්.
සමේ වියළි බව,
ලිංගික හැඟීම් අඩුවීම,
නින්ද අපහසුතාව,
වගේ දේවල් වෙන්නත් පුළුවන්,

ඒ නිසා, එහෙම කරපු අයට (ඩිම්බ කෝෂත් ඉවත්කරපු අයට)
වෛද්‍යවරයා ඔබට හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (Hormone Replacement Therapy - HRT) යෝජනා කරනව. 💕

🌸 HRT කියන්නෙ මොකක්ද?
HRT කියන්නෙ ශරීරය තවත් හෝමෝන නිෂ්පාදනය නොකරන වෙලාවට, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් වගේ හෝමෝන බහුවිධ ආකාරයෙන්
(පෙති / පැච් / ක්‍රීම් / ජෙල්) ලබා දෙන ප්‍රතිකාරයක්.
HRT ගන්නකොට දැනගන්න ඕන දේවල්.

✅ වෛද්‍ය උපදෙස් මත පමණක් ආරම්භ කරන්න.
✅ නියම කරන නියමිත පරීක්ෂණ කරන්න.
✅ දීර්ඝ කාලීනව ගන්න කොට වෛද්‍ය උපදෙස් අනුව අලුත් කරනවාද නැද්ද කියලා බලන්න.
✅ ආහාර රටාව, ව්‍යායාම, මානසික නිරෝගි බව වගේ දේවල් මේ ප්‍රතිස්ථාපන ප්‍රතිකාර එක්ක බැඳිලා තියෙනවා.ඒ නිවැරදි ප්‍රතිඵල ගන්න නම් ඒව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.
(කෘතිම හෝමෝන වලින් විතරක් සියල්ල කරන්න බැරි බව).

🩺 ශල්‍යකර්මයෙන් පස්සේ කළ යුතු දේවල්
ශල්‍යකර්මයෙන් පසුව සම්පූර්ණ සුවය ලබන්න නම්, පොඩ්ඩක් පරිස්සම් වෙලා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යයි ❤️

✅ කළ යුතු දේවල්:
සති 6ක් පමණ බර වැඩ වලින් වළකින්න.
දිනපතා විනාඩි කිහිපයක් මද පරිදි ඇවිදින්න 🚶‍♀️
වෛද්‍යවරයා දුන් බෙහෙත් නියමිත වේලාවට ගන්න 💊
වේදනාවක් ඇත්නම් විවේක ගන්න, හා බෙහෙත් මගින් කළමනාකරණය කරන්න.
නියමිත වෛද්‍ය පරීක්ෂණවලට අනිවාර්යයෙන්ම යන්න.
යකඩ සහ කැල්සියම් බහුල ආහාර අරගන්න 🍎🥛
වතුර වැඩිපුර බොන්න — දවසට වීදුරු 8 කට වැඩියෙන් 💧

❌ වැලකිය යුතු දේවල්:
බර වැඩ, බර ඉස්සීම වැනි දේවල් සති 6 ක් කරන්න එපා.
ලිංගික සම්බන්ධතා වෛද්‍ය උපදෙස් අනුව පසුව පමණක් කරන්න 💑
නාන තටාක, නාන කුටි වැනි බැහැලා නාන පොදු ස්ථාන වල නාන්න සති හයක් යනකන් නොයා ඉන්න එක හොඳයි.
සම්පූර්ණ සුවය ලැබුණු පසු වාහන පදවන්න පුළුවන්, එතෙක් එපා.

🥗 ආහාර හා ජීවිත රටාව
ශරීරය ආපසු ශක්තිමත් කරගන්න නම් 👇
🍅 අලුත් එළවළු, පලතුරු වැඩිපුර කන්න.
🍊 විටමින්, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන් අරගන්න.
🍚 බර, තෙල් සහිත ආහාර අඩු කරන්න.
💧 වතුර වැඩිපුර බොන්න.
වතුරට දෙහි/ලෙමන්/පලතුරු කැබැල්ලක් දාල බොනවා නම් තවත් හොඳයි.

🧘‍♀️ මානසික සෞඛ්‍යය රැකගන්න හැටි
ගර්භාශය ඉවත් කරාට පස්සේ ගොඩක් අයට මානසික පීඩාවක්, ශාරීරික වෙනස්කම්, හෝ කම්මැලිකමක් දැනෙන්න පුළුවන් 😔
ඒත් ඒක සාමාන්‍ය දෙයක් ❤️
පවුලේ අයගෙන්, සහකරුගෙන්, මිතුරන්ගෙන් ආදර සහාය ගන්න 🫶
ආගමික හෝ ආධ්‍යාත්මික ක්‍රියා මඟින් හිත සන්සුන් කරගන්න.
අවශ්‍ය නම් මනෝ වෛද්‍ය උපදෙස් හෝ උපදේශන සේවා ගන්න.
යෝගා, භාවනා, හුස්ම ගැනීමේ ව්‍යායාම,මිහිරි සංගීතය, චිත්‍රපටි බැලීම, ඇරෝමා තෙරපි, එළිමහනේ ඇවිදිම යථා තත්ත්වයට පත් වෙනකම් මානසික සහනයට හොඳයි 🌿

💞 ලිංගික සම්බන්ධතා ගැන
ගර්භාශය ඉවත් කළාට පස්සේ ලිංගික හැඟීම් අඩුවෙන 😌
ශරීරය සුව වීමේ තත්ත්වය අනුව පසුව පමණක් ඒ ක්‍රියා ආරම්භ කරන්න.
සති 6 කට පසුව හෝ වෛද්‍ය උපදෙස් අනුව පමණයි 🕓
සහකරුවාගේ අවබෝධය, ආදරය, සහ අනුකම්පාව මේ වෙලාවෙදි ගොඩක් වැදගත් 💗
හැගීම් අඩු , පීඩන කාරී ගති තාවකාලිකව දැනුනත් හිතන්න එපා. පසුව සුව වුනාම ලස්සන සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් 💃😉

🚨 අනතුරු ලක්ෂණ
ඔපරේෂන් එකෙන් පස්සේ ගෙදර ගිය පසු පහත ලක්ෂණ පෙනුනොත්
වහාම වෛද්‍ය උපදෙස් ගන්න
⚠️ යෝනි මාර්ගයෙන් අධික ලේ ගැලීම.
⚠️ සාමාන්‍ය නොවන ශ්‍රාව හෝ නරක ගඳක්.
⚠️ උණ, හීතල, හෝ අසාමාන්‍ය වේදනාව.
⚠️ උදරය පාවෙන, පිපිරෙන හැඟීම.
⚠️ ලිංගික ක්‍රියාවෙන් පසුව ලේ යනවා හෝ වේදනාව වැඩි වීම.

🌷 අවසානයට...
Hysterectomy සැත්කමක් කළාට, නිවැරදි පරිස්සම, සෞඛ්‍ය සත්කාර සහ ආදරණීය පරිසරයක් එක්ක ඉක්මනින් සනීප වෙන්න පුළුවන් වගේම,
නිරෝගී, ශක්තිමත් ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නත් සැත්කම කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. 💪💖
ශ්‍යාමලී පතිරගේ

(Ape miss)
Global Health Care Academy
09/11/2025

07/11/2025
10/10/2025

භාවිතා කළ baby Cot
Baby Feeding chair, Breast pump, ළදරු ඇඳුම්
, soft toys අඩු මිලට විකුණන්න තියෙන අමතන්න.
Ape miss 07666777

24/08/2025

Plastic Surgery

රටේ නීතියට සහ අධිකරණයට මෙහෙම අපහස කරන්න බෑ.
23/08/2025

රටේ නීතියට සහ අධිකරණයට මෙහෙම අපහස කරන්න බෑ.

දරුවන්ට නොවේ.අපිටත් බලාපොරොත්තු උන ඒ සාධාරණ දියුණු ලෝකයඑක දවසක් හරි විඳලා මැරෙන්න හැකි වේවා!!හැම කෙනෙක්ම බලාපොරොත්තු උනේ...
23/08/2025

දරුවන්ට නොවේ.
අපිටත් බලාපොරොත්තු උන ඒ සාධාරණ දියුණු ලෝකය
එක දවසක් හරි විඳලා මැරෙන්න හැකි වේවා!!

හැම කෙනෙක්ම බලාපොරොත්තු උනේ
දූෂණ, භීෂණ නැති,
නැති බැරි කම් අගහිඟකම් නැතුව හැමෝටම මූලික අවශ්‍යතා තියෙන
සැමට පොදු රටක්.

මේ තියෙන සම්පත් හොඳටම ඇති හැමෝටම කාලා බීලා තමන්ගේ කියලා වහලක ජීවත් වෙන්න.

වහල් ක්‍රමය නවත්තලා
සැමට සැප රටක් හදමු.

කොළයක් පෑනක් පවා ඔෆිස් එකෙන් හොරකම් කරලා තියෙන කෙනෙක් නම් ඔබ, දඬුවම් නොලැබේවි.
නමුත් දුක් වෙන්න.
මේ රට අපි හදමු.

https://www.facebook.com/share/v/1Jx5FTNGVZ/

23/08/2025

ඉවරයි කිව්වට ඉවරම නෑ.
(අනිවාර්යෙන්ම කියවන්න. වැරදි ඇතොත් හදන්න.)

ජූලි 09, ශ්‍රී ලාංකේය ඉතිහාසය මුතු මැණික් ඔබ්බවලා රන් අකුරින් ලියැවෙන දිනයක්.

ඒ වෙනුවෙන් නිදි මරල, අම්බානක ගුටි කාල, පණ නැතුව වැටෙනකං දහඩිය හෙලපු එකට සතුටුයි.

ලංකා ඉතිහාසයේ ඇතිවූ දැවැන්තම "අයුතු ජන ගංගාව" කොළඹට ගලා ආවා විතරක් නෙවෙයි හැම කෙනාම ජීවිතේ පුදන්න තරම් රට රැකගැනීමේ ගැම්මකින් ආදරෙන් කොළඹට ආව.

ඇඳිරි නීති, හදිසි නීති බස් කෝච්චි ප්‍රශ්න දාහක් දාද්දි රට වටේම මිනිස්සු වාහන වල මනුස්සයෙකුට යන්න බැරිම තැන්වල පවා එල්ලිලා, බයිසිකල් පැදගෙන, බැරිම අය පයින් දුව දුව,ඒ තියා රෝද පුටු වලින් පවා කොළඹට ආවා.

අපි liberty වටරවුමේ සිංහයා උඩ නැගගෙන මිනිස්සුන්ව පිළිගත්තා.පැය ගණනාවක් නොනවත්වා එක සීරුවට ජන ගඟක් ගැලුවා.

මිනිස් ගංගාව කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වටකළා. එක පොදියට ලක්ෂ ගානක් මිනිස්සු කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර විතරක් නොවෙයි වෙඩි කාගෙන යකඩ බැරියර, තාප්ප, ගේට්ටු කඩාගෙන මාළිගාවල් ඇතුලට ගියා.

කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මිනිස්සු සතු වුණා.ඇතුලට ගිහිල්ලා මිනිස්සු රිසිසේ සැරිසැරුවා. අතුගෑවා. අස් කරා.
🏊නෑවත් එක්ක..🙈

පොඩි වෙලාවයි මෙන්න අරලියගහ මන්දිරය ලග මහා ජනකාය අස්සෙ...කෙල්ලො ටිකක් ඇවිල්ල තීරණයක් ගත්තා.(පස්සේ කියන්නම් කවුද කියලා) හරියටම විනාඩි 5ක් ගියෙ නෑ.ඇඟ පොඩි උනාට හිත සද්දන්ත කොල්ලො ඝනකම් GI පයිප්ප වලින් හදපු මහා බැරියර් කූබි බත් ඇට උස්සන් යනවා වගේ උඩට උස්සලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති එතන මිනිස්සුන්ට තුවාල නොවෙන්න අයින් කරා.
කළුපාට මහා තඩි ගේට්ටුව හාමතේ ඉඳපු කෝටු අතපය වලින් උඩට ඉස්සුනා.

අරලියගහ මන්දිරය ඇතුළට වැඳල ආචාර කරමින් මිනිස්සු ඇතුල් වුණා.බඩගින්නෙ හිටපු වුන් වහ දැම්මත් කමක් නෑ කිය කිය කුස්සියෙ තිබ්බ කේක් ගෙඩියකුත් කෑවා.🙈🎂
අරලියගහ මන්දිරය
ඇතුලෙත් මිනිස්සු රිසිසේ සැරිසැරුවා.අවුරුදු විස්සක් හිරේ ඉඳලා තමන්ගෙම ගෙදරට ආවා වගේ සමහරු ඇත්තටම නිදාගත්තා.

(ජනාධිපති නිල නිවස අසළදී කොමාන්ඩෝ සේවය ඉහළටම ගිය, මේ රට බේරගන්න ජීවිතේම කැප කරපු විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු වන ජනක ලලිත් වෙඩි කෑවා.)

මේ අස්සේ ටිකක් අසාමාන්‍ය සිද්ධියකුත් වෙනවා.
අගමැතිතුමාගේ නිවස අසල විරෝධතා දියත් කරන්න පටන් ගන්නත් පෙර පාරෙ යන එන මිනිස්සුන්ට පවා කදුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර සහ එලවමින් පහර දෙන යුධමය තත්ත්වයක් ඇරඹුණා.බොහෝ අයට තුවාල සිදු වුණා.කිසිවක් නොදන්න කිසිවෙක් නොදන්න රහසිගත ගින්නක් ඇතිවුණා. (කැමරා නැති වුණාට වෙච්ච සේරම ඇහෙන් දැකපු අය ඉන්නෝ)
මාධ්‍යවේදීන්ට පහර දුන්නා.
මහා යුද්ධයක් ඇති වුණා.
වාර්තාගත සහ වාර්තා නොවුණු තුන්සීයකට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්‍යාලයත් ජනාධිපති මන්දිරයත් අරලියගහ මන්දිරයත් තුනම මිනිස්සු අල්ල ගත්තා.මොකටවත් නෙමෙයි, ඒකාධිපති ජන පීඩක ආණ්ඩුවකට වඩා විනාඩි දෙකක් ජනතාව නැගිට්ටොත් කොයි තරම් බලවත් ද කියලා පෙන්නන්න.

ඒ මහා ඉතිහාසගත සිද්ධි මාලාව මේ රටේ ඉතිහාසය පුරාම ලියැවෙනව."ජනතා බලය" පිළිබඳව මීට වඩා දෙයක් ඉතිහාසයට එක් වන තෙක්.

ඉතිහාසයේ දැවැන්තම වීරකාව්‍යක්!
පුම්බලා උඩ අරින බැලුම් වගේ "චරිත" කරපු දෙයක් නෙමෙයි මේ සියලු කෙරුවාවල් බඩට නොකා වතුර බිබී ආපු මිනිස්සු කරපුව.(විශේෂ වීරයෝ නැහැ.ආපු හැමෝම වීරයෝ)

මේ මාලිගාවල අයිති කාරයෝ කියලා හිතන් ඉන්න අය නිළ වශයෙන් ඉවත්වෙනතුරු "ජනතාව" මේ මන්දිර වලින් ඉවත් කරනවා නම් බොරු.

කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ පඩේකට මායිම් නොකර බැරියර බිඳගෙන බටු "කෙල්ලොත්" ඉස්සරහට එද්දි අතේ තිබ්බ තුවක්කු වීසි කරල නිල ඇඳුම ගලවලා බැනියම් පිටින් එහා පැත්තෙ හිටපු හමුදා පොලිස් කොල්ලො මේ පැත්තට පැනල විරෝධතාකරුවන්ට එකතු වෙනවා දකිද්දී ඇඟේ මයිල් කෙලින් වුනා.

මේ මන්දිර මිනිස්සු අයිති කරගත්තට පස්සේ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහපු, වෙඩි තියපු නිල ඇඳුම් අස්සෙ හිටපු කොල්ලන්ට අරගල කරුවෝ පිටට තට්ටුවක් දාලා යන්න ඇරපු හැටි හා උනුත් සතුටින් හිනාවෙලා යන්න ගිය හැටි.ඒ සහෝදරත්වය....

සමහර දැකපු දේවල් ලියන්න බෑ.මාසයක් කතා කරන්න හිනාවෙන්න දේවලුත් තියෙනවා.බඩ අල්ලන් හිනා වෙවී අඬපු තැනුත් තීනවා. 😂..

අරගලය පටන් ගත්ත දවසේ ඉඳලා 9 වෙනිදා එක්ක තුන් පාරක් ගුටි, කඳුළු ගෑස් නම් වාර ගාන මතකත් නෑ.
(වරක් අපේ පැත්තට කඳුලු ගෑස් ගහපු කෙනෙක්ම මගෙ ඩ්‍රයිවින් ලයිසන් එක අහුලල තියාගෙන ඉඳලා මට ගෙනල්ලා දෙනව අපේ වයිෆ් මිස්ගෙ program බලනවා, මගේ බබාට අවුරුද්දයි අපි ඔයාට හරි ආදරෙයි කියලා 🙈, පෙන්නන්නම් දවසක ඒ අයවත්. 😥ආදරෙයි ඔබල හැමෝටම පැලෙන්න )

රූපවාහිනී සංවාද වල කතාකරන්න, අරගලයේ න්‍යාචාර්‍යවරු වෙන්න බොහොමයක් අය හිටියට
අරගලයේ අසීරුතම ජීවිත ෂුවර් නැති "මොහොතවල්" ජීවිත පරිත්‍යාගයෙන් පහු කළේ පහළම පන්ති වල ඉදපු මිනිස්සු.ඒ මිනිස්සුන්ට දේශපාලනය ගැන තේරුමක් නෑ.ප්‍රජාතන්ත්‍රවාදය හෝ අපි ඉගෙනගත් ලිබරල් වාදය හෝ අපි ඉගෙනගත් දේශපාලන සන්නිවේදනය ඒ මිනිස්සු දන්නෑ. ඒත් හදවත් තියෙනවා ඉතා අවංක.මේ සත්‍යය මම කියනවා,කවුරු නොකිව්වත්...
සමහර සිද්ධි මතක් උනාම හිනා යනවා.😂සමහර ඒවට කඳුළු එනවා.😥(හම්බුන දවසක කියන්නම් හිනා කාලා මැරෙන්න)

9 වෙනිදා ජනතා නැඟිටීම "ගෝඨාගෝගම" මූලික කරගත් එකක් නෙවෙයි.

9 වැනි දා ජනතා නැගිටීම මතින්
- දැනට ඇති සියලු "ජන වරම්"වල අහෝසිය කියවෙනවා.

- රාජපක්ෂ රෙජිමය ඉවර බව ප්‍රකාශ වෙනවා.

- gotta ගෝමයි කියන එක ස්ථිර වෙනවා.

- තනතුරු බලාගෙන පදවන අයට "ජනතා බලය" නම් සිග්නල් ලයිට් තියෙන බව පෙන්නනවා.

- ඉස්සරහට දේශපාලනය
ලේසියෙන් රට කඩං කන්න පුළුවන් එකක් නෙමෙයි බාර ගන්න එකා හරියටම කලයුතු රස්සාවක් නිසා පොඩ්ඩ වරද්ද ගත්තොත් කන්න වෙනවා කියලා පෙන්නනවා.

නමුත්....

මේ වන විට රට අස්ථාවරයි.
මේ රටේ මිනිස්සු ඉතා ඉවසීමෙන් සහ අවබෝධයෙන් සිටින නිසා සහ අරගල සඳහා පුරාණයේ තිබුණු ක්‍රමවේද වෙනුවට "ආදරය" ආකල්පමය වශයෙන් ඔබ්බවා ඇති නිසා සාමකාමීව ජනතාව ජීවත් වෙනව.

බලයට එළිපිට පොර අල්ලන්නේ නැතත් බලයට හිත් ඇතුලත පොර තියෙනවා. ජනතා ඡන්දය නම් අවියට බය නිසා හැමෝම හොඳ ළමයි වගේ හිත් යට විවිධ අරමුණු තද කරන් අනෙක් අය ලවා චරිත පුම්බමින් සිටිනව

එකිනෙකාට ආදරය කරමින් සාමය පවත්වාගෙන යමින් තවදුරටත් අවබෝධයෙන් ඉදිරියට යාමට රටට ආදරේ කරන මිනිස්සුන්ට යුතුකමක් තියෙනවා.

ජනතා මතයකින් හෙවත් ඡන්දයකින් දේශපාලන හිස්තැන් පුරවන තෙක්,

තාවකාලිකව බලය කාටද යන්න සියලු ජනතාව එකඟ වන හරි තීරණයක් ගන්න බලකරමින් ජනතාව සතු කරගත් මාළිගා ආදී සියල්ල අරගලකරුවන් අත තබා ගත යුතුයි.ඒකට හැමෝගෙම සහය අවශ්‍යයි.

අරගලකරුවන් බලය හෝ දේශපාලන තනතුරු බලාපොරොත්තු වීම විහිළුවක්.කිසියම් විප්ලවවාදියෙකු හෝ අරගල කරුවෙකු හෝ රටට ආදරේ ඇති සිවිල් වැසියකු ජනතා නියෝජිතයන් වනවා නම් එය අනිවාර්යයෙන්ම ජනතා ඡන්දයෙන් විය යුතුමයි.

ජනතාව ඉතා සරලව මේ සියලු දේවල් තේරුම් ගත යුතුයි...🙏🙏.

මොකා රජ වුණත්,
අඩුම තරමින් කෑම කෑවට පස්සේ එන බිලා ගැන පොඩියක්වත් හිතන්නේ නැතුව නිදහසේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා හැමෝටම හොඳට කන්න පුළුවන්, ආර්ථිකයක් ඇති,

මිනිසෙකුට මිනිසෙක් විදියට වටිනාකමක් ලැබෙන,
ඉස්පිරිතාලයකට, පොලිසියකට ආන්ඩුවේ තැනකට ගියාම ආයිත් යන්න හිතෙන,ස්තුතියි කියලා එන්න හිතෙන,
කෙනෙක් තව කෙනෙක් ළඟ කිසිම දේකට වැඳ වැටෙන්න අවශ්‍ය නැති,

හැමෝම හිනා වෙලා සතුටින් ඉන්න රටක් අපේ අරගලයේ අරමුණ විය යුතුයි.

(බලය උදෙසා සටන් කිරීම, නාටක නිර්මාණය සහ සාම්ප්‍රදායික ලේ වගුරවන සටන් පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.)

ආදරයේ අරගලයට ජය වේවා!!💕💕💕💕

ශාමලී පතිරගේ
2022/7/12
(මධ්‍යම රාත්‍රී, 13 ට එළිවෙන්න විනාඩි කිහිපයක් තියා ලියමි)

20/08/2025
සමාජ මාධ්‍ය භාවිතය යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ආදරණීය දුවා දරුවනි, දෙමාපියනි, සහ හිතවතුනි,ජාතියේ අන...
06/08/2025

සමාජ මාධ්‍ය භාවිතය යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය

ආදරණීය දුවා දරුවනි, දෙමාපියනි, සහ හිතවතුනි,

ජාතියේ අනාගතය වන අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් සිදුකරන මෙම පර්යේෂණයට ඔබගේ වටිනා සහයෝගය අපේක්ෂා කරමි.
මෙම සමීක්ෂණයේ "අරමුණ" වන්නේ සමාජ මාධ්‍ය භාවිතය යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය මත ඇති බලපෑම් අවබෝධ කර ගැනීමයි.

ඔබ විසින් ගත කරන *විනාඩි කිහිපයක කාලය*, මෙම පර්යේෂණය සාර්ථක කිරීම සඳහා ඉතා අගනා දායකත්වයකි.

මෙම පර්යේෂණය *කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ* පශ්චාත් උපාධි වැඩසටහනක් සඳහා සිදුකරනු ලබන අතර, ඔබගේ සියලු පිළිතුරු *නිර්නාමික* වන අතර *සම්පූර්ණ රහස්‍යභාවය* සුරක්ෂිත වේ.

කරුණාකර පහත සබැඳිය ක්ලික් කර, විමසුම් පත්‍රයට පිළිතුරු ලබාදී *Submit* බොත්තම ඔබන්න.

*ඔබගේ විශ්වාසය සහ සහයෝගය ගැන ආදරයෙන්ම ස්තුතියි.*

*ශාමලී පතිරගේ*
පශ්චාත් උපාධි අංශය
ශ්‍රී පාලි මණ්ඩපය
කොළඹ විශ්ව විද්‍යාලය

කරුණාකර නිවැරදි පිළිතුරට අදාළ කොටුවේ (√) ලකුණ යොදන්න. සැ.යු.: මෙයට ඇතුළත් කරන සියලු තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කෙ.....

Address

Hokandara
Malabe

Alerts

Be the first to know and let us send you an email when Shyamalee Pathirage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shyamalee Pathirage:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Our Story

We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do, to be a good mother and father At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents