Shyamalee Pathirage

Shyamalee Pathirage Shyamalee Pathirage who has over two decades of experience in the field & Child and Maternal Health as a midwife.
(1)

Pediatric Health Adviser/ Counselor, and a Health Journalist. We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do,
to be a good mother and father

At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents

09/02/2026
2023 දී පාසල් යන වයසේ ගැබ්නි දැරියන් 163ක් වාර්තා විය2024 දී එම ගණන 213ක් දක්වා ඉහළ ගියේය2024 දී වාර්තා වූ අඩුම වයසේ ගැබ...
31/01/2026

2023 දී පාසල් යන වයසේ ගැබ්නි දැරියන් 163ක් වාර්තා විය

2024 දී එම ගණන 213ක් දක්වා ඉහළ ගියේය

2024 දී වාර්තා වූ අඩුම වයසේ ගැබ්නි දැරියගේ වයස අවුරුදු 10

2025 දී ළමා විවාහ 9ක් සහ ළමා ගැබ්ගැනීම් 79ක් වාර්තා විය

2025 දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් ලැබී ඇත

එයින් 8,514ක් ළමා ආරක්ෂණ අධිකාරි පනත යටතේ වූ පැමිණිලි

1,941ක් සෘජු අධිකාරියෙන් පිටත පැමිණිලි

ලිංගික හිරිහැර සම්බන්ධ පැමිණිලි 545ක්

බරපතළ ලිංගික අපයෝජන පැමිණිලි 231ක්

ළමුන් ඉලක්ක කරගත් සයිබර් අපයෝජන සිද්ධීන් 150ක්

ළමා සියදිවි නසාගැනීමේ උත්සාහයන් 20ක්

සිද්ධීන් බහුතරයක් සිදුවන්නේ දරුවන් විශ්වාස කරන දෙමව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන්ගෙන්..

ගැටළුව දරුවන්ගේ ගුණධර්ම හෝ දේදුන්න නොව,
🛑නොදැනුවත්කම,
🛑බලහත්කාරය හා
🛑ආර්ථික අසරණභාවය

29/12/2025

🔴 හෝකන්දරින් සුපිරි නවීන නිවසක්

මෙය විකිණීමට ගොඩනගා නොමැති,
අපගේම පදිංචිය සඳහා ඉතා ශක්තිමත්ව හා උසස් තත්ත්වයෙන් නිම කළ නිවසකි.
විදේශගත වීම හේතුවෙන් විකිණීමට තීරණය කර ඇත.

✨ නිදහස හා සුවපහසුව
✨ ස්වභාව සෞන්දර්යයෙන් පිරි උස් බිමක

✔️ තට්ටු 2 (තට්ටු 3 කට Beam දමා ඇත)
✔️ කාමර 3 (2 Bed rooms + විසිත්ත කාමරය ඇතුළුව)
✔️ නාන කාමර 2 (Hot Water)
✔️ විශාල Living & Dining
✔️ Pantry සහිත කුස්සිය
✔️ TV Lobby
✔️ පර්චස් 7
✔️ වාහන 2 ක් සඳහා Parking
✔️ 15 ft පුළුල් මාර්ගය
✔️ අලංකාර ගෙවත්ත

🚗 Athurugiriya Highway Entrance – 1.2 km
🚗 Athurugiriya Junction – 1.5 km
🚗 Hokandara Junction – 2.5 km
🚗 Kottawa – 3 km
🚗 Thalawathugoda – 5 km
🚗 Malabe – 4 km

✔️ Roller Gate
✔️ CCTV Cameras
✔️ 1000L Overhead Water Tank
✔️ Hot Water

🏦 බැංකු, ATM, රෝහල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, Jogging tracks 1–2 km ඇතුළත

💰 මිල – රු. 28.5 මිලියන
(නරඹා පසුව සාකච්ඡා කළ හැක)

📄 සියලු ලේඛන නිරවුල් | පහසුවෙන් බැංකු ණය

📞 076 606 6777
💬 WhatsApp 077 707 0338

🔴 Super Luxury Modern House for Sale in Hokandara – Fully Furnished

This is not a house built for sale.
A strong, high-quality home built for our own residence, now offered for sale only due to foreign migration.

✨ Ideal for peaceful, comfortable living
✨ Located in a scenic, elevated residential area

🏡 Property Features

✔️ Two-storey house (foundation for 3rd floor)
✔️ 3 rooms (including living area)
✔️ 2 bathrooms with hot water
✔️ Spacious living & dining
✔️ Kitchen with pantry
✔️ TV lobby
✔️ Parking for 2 vehicles
✔️ 20 ft wide road access
✔️ Nice garden

🚗 1 km to Athurugiriya Highway Entrance
🚗 1.5 km to Athurugiriya Junction
🚗 2.5 km to Hokandara Junction
🚗 3 km to Kottawa
🚗 5 km to Thalawathugoda
🚗 4 km to Malabe

✔️ Roller Gate
✔️ CCTV Cameras
✔️ 1000L Overhead Water Tank

🏦 Banks, ATMs, hospitals, supermarkets, restaurants & jogging tracks
within a 1–2 km radius

💰 Price: LKR 28 Million
(Negotiable after inspection)

📄 Clear deeds | Bank loan facilities available

📞 Call: 076 606 6777
: 070 780 5604
Location : https://maps.app.goo.gl/dg6sGm8hZQqTPNGc7?g_st=ipc

🔴 හෝකන්දරින් සුපිරි නවීන නිවසක් මෙය විකිණීමට ගොඩනගා නොමැති,අපගේම පදිංචිය සඳහා ඉතා ශක්තිමත්ව හා උසස් තත්ත්වයෙන් නිම කළ නි...
28/12/2025

🔴 හෝකන්දරින් සුපිරි නවීන නිවසක්

මෙය විකිණීමට ගොඩනගා නොමැති,
අපගේම පදිංචිය සඳහා ඉතා ශක්තිමත්ව හා උසස් තත්ත්වයෙන් නිම කළ නිවසකි.
විදේශගත වීම හේතුවෙන් විකිණීමට තීරණය කර ඇත.

✨ නිදහස හා සුවපහසුව
✨ ස්වභාව සෞන්දර්යයෙන් පිරි උස් බිමක

✔️ තට්ටු 2 (තට්ටු 3 කට Beam දමා ඇත)
✔️ කාමර 3 (2 Bed rooms + විසිත්ත කාමරය ඇතුළුව)
✔️ නාන කාමර 2 (Hot Water)
✔️ විශාල Living & Dining
✔️ Pantry සහිත කුස්සිය
✔️ TV Lobby
✔️ පර්චස් 7
✔️ වාහන 2 ක් සඳහා Parking
✔️ 15 ft පුළුල් මාර්ගය
✔️ අලංකාර ගෙවත්ත

🚗 Athurugiriya Highway Entrance – 1.2 km
🚗 Athurugiriya Junction – 1.5 km
🚗 Hokandara Junction – 2.5 km
🚗 Kottawa – 3 km
🚗 Thalawathugoda – 5 km
🚗 Malabe – 4 km

✔️ Roller Gate
✔️ CCTV Cameras
✔️ 1000L Overhead Water Tank
✔️ Hot Water

🏦 බැංකු, ATM, රෝහල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, Jogging tracks 1–2 km ඇතුළත

💰 මිල – රු. 28.5 මිලියන
(නරඹා පසුව සාකච්ඡා කළ හැක)

📄 සියලු ලේඛන නිරවුල් | පහසුවෙන් බැංකු ණය

📞 076 606 6777
💬 WhatsApp 077 707 0338

🔴 Super Luxury Modern House for Sale in Hokandara – Fully Furnished

This is not a house built for sale.
A strong, high-quality home built for our own residence, now offered for sale only due to foreign migration.

✨ Ideal for peaceful, comfortable living
✨ Located in a scenic, elevated residential area

🏡 Property Features

✔️ Two-storey house (foundation for 3rd floor)
✔️ 3 rooms (including living area)
✔️ 2 bathrooms with hot water
✔️ Spacious living & dining
✔️ Kitchen with pantry
✔️ TV lobby
✔️ Parking for 2 vehicles
✔️ 20 ft wide road access
✔️ Nice garden

🚗 1 km to Athurugiriya Highway Entrance
🚗 1.5 km to Athurugiriya Junction
🚗 2.5 km to Hokandara Junction
🚗 3 km to Kottawa
🚗 5 km to Thalawathugoda
🚗 4 km to Malabe

✔️ Roller Gate
✔️ CCTV Cameras
✔️ 1000L Overhead Water Tank

🏦 Banks, ATMs, hospitals, supermarkets, restaurants & jogging tracks
within a 1–2 km radius

💰 Price: LKR 28 Million
(Negotiable after inspection)

📄 Clear deeds | Bank loan facilities available

📞 Call: 076 606 6777
: 070 780 5604
Location : https://maps.app.goo.gl/dg6sGm8hZQqTPNGc7?g_st=ipc

25/12/2025

මම නම් රටේ කුමන දිසාවකට ගියත්
Pickme හෝ Uber සේවය ඇත්නම් අනිවාර්යයෙන්ම
App එකෙන් වාහනයක් ගෙන්න ගන්නෙ.
අපි ත්‍රීවීල් පාර්ක් එකකින් ත්‍රීවීල් එකක් ගත්තම
මූණ බලල ගණන් කියන්නෙ.රු.200 ගමනට මගෙන් 700 අරගත්තු වෙලාවල් තියෙනව.
අපි ඒ මනුස්සයගෙන් අහන විදියෙන් දැනගන්නව "මේ පලාතෙ කෙනෙක් නෙවෙයි" කියලා.ඉතින් හිතුන ගණන් කියනවා.
බොරුවට වටේ එක්කන් යනවා.km 2 ක දුර තැනට km 5 k විතර රවුමක් එක්කන් යනවා.
මේ වැඩ හැමෝම කරන්නෑ.
ත්‍රීවිල් ජොබ් එක කරන ඉතාම උසස් ගුණ යහපත් කම් තියෙන හොඳ මිනිස්සුත් ඉන්නව.
ඒත් හැමෝටම අත්දැකීම් තියෙනව
මේ අසාධාරණකම් පිළිබඳව.
අපි UBER or PICKME එකක් දාගත්තම
හරියටම යන පාර,දුර ප්‍රමාණය,මුදල කීයද කියල කලින්ම බලාගන්න පුළුවන්.Driver ගෙ විස්තර බලාගන්න පුළුවන්.
අසාධාරණයක් වුවහොත් අදාල ආයතනයට
පැමිණිලි කරන්න පුළුවන්.වගකීමක් තියෙනව.
Driver ලට පිස්සු නටන්න බෑ.
කලාතුරකින් එහෙම පිස්සු නටන අයත් ඉන්නව.
ඒත් ඒක පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව.
මම නම් හැමෝටම කියන්නෙ UBER, PICKME තවමත් පාවිච්චි කරන්නෙ නැත්නම් අදම app install කරගන්න.
පහසුකම් තියෙන හැම තැනම pickme uber පාවිච්චි කරන්න.
යන්නෙ කා එක්කද මොකේද කියලා තීරණය කිරීමේ 100% ක් අයිතිය තමා සතුයි...... අනෙක් ත්‍රීවිලි රියදුරන්ට අසාධාරණයක් වෙනව නම් ඒකට එයාලම වැඩපිළිවෙළක්
සකස ගන්න වෙනව සංගම් හරහා.....

25/12/2025
🩺 අල්සරේටිව් කෝලයිටිස් (Ulcerative Colitis) (🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැකි හැම විට ලිපි Share කරන්න. ඒක පිනක්. මෙවැනි ලෙඩක් තියෙන කෙන...
10/11/2025

🩺 අල්සරේටිව් කෝලයිටිස් (Ulcerative Colitis)

(🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැකි හැම විට ලිපි Share කරන්න.
ඒක පිනක්. මෙවැනි ලෙඩක් තියෙන කෙනෙකුට වටින නිසා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏)

බඩ වැලේ තුවාල කිව්වම වැඩිපුර මතක් වෙන්නේ ගැස්ට්‍රයිටිස්. 🍲
ගැස්ට්‍රයිටිස් එන්නේ බඩවැලේ ඉහළ කොටසේ තුවාල. ගැස්ට්‍රයිටිස් වගේම ගොඩක් අයට තියෙන, නමුත් රහසිගතව විඳවන තත්ත්වයක් තමයි බඩවැලේ පහළ කොටසේ තුවාල 😔

මේ රෝගය අපි හඳුන්වන්නේ 🩸 අල්සරේටිව් කෝලයිටිස් කියලා.
🩹 “අල්සර්” කියන්නේ තුවාල, “කෝලයිටිස්” කියන්නේ Colon (මහා බඩවැල).

අල්සරේටිව් කෝලයිටිස් කියන්නේ මොකක්ද?

මෙය මහා බඩවැලේ සහ ගුද මාර්ගයේ ඇති වන දිගුකාලීන දැවිල්ලක් (Chronic inflammation). එහිදී බඩවැලේ ආවරණය තුවාල වෙලා ලේ සහ සීදම් එකට මිශ්‍රව පිටවීමක් සිදුවෙනව.

ඒ කියන්නේ මේක Inflammatory Bowel Disease (IBD) කියන රෝග කාණ්ඩයට අයත් එකක්.

(IBD යනු ගුද මාර්ගය සහ අන්ත්‍ර වලට බලපාන Autoimmune-type රෝගයක් )

⚠️ රෝගය හැදෙන්න හේතු මොනවද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිශ්චිත හේතුව තවමත් හදුනාගෙන නැති නමුත්, විද්‍යාඥයන්ගේ මත අනුව පහත සාධක බලපානවා 👇

1. 🧬 ජාන පරම්පරාව – පවුලේ කෙනෙකුට මේ රෝගය තිබ්බොත් අවදානම වැඩිබව.

2. 🦠 ප්‍රතිශක්ති පද්ධතියේ දෝෂ – immune system එක අධික ලෙස ක්‍රියා කරමින්, බඩවැලේ ස්වභාවික තත්වයට ගැටළු ඇති කිරීම.

3. 🍔 ආහාර හා පාරිසරික බලපෑම් – විශේෂයෙන් processed foods, fast foods, හා ආතතිය.

4. 😣 ආතතිය (Stress) – රෝගය ලක්ෂණ වැඩි කරනව.

🤕 රෝග ලක්ෂණ මොනවද?

රෝගයේ දරුණුකම අනුව රෝග ලක්ෂණ වෙනස් වෙනවා.
ඇතිවෙන්න පුළුවන්👇

💩 අතීසාරය, මළ පහ සමග ලේ සහ සීදම් පිටවීම.

🧻 නිතර මල පහ කිරීමේ අවශ්‍යතාවයක් දැනීම, ගුද මාර්ගයේ වක්‍ර පීදානවල බුරුල් ස්වභාවයක් දැනීම සහ වැසිකිලි යාමේදී පාචනය වැනි පාලනය කළ නොහැකි ස්වභාවයක් දැනීම.

😖 බඩේ පහළ කොටසේ වේදනාව.

⚖️ බර අඩුවීම සහ ආහාර අරුචිය.

😴 කලාන්ත සහ දුර්වල බවක් විටින් විට සිරුරට දැනීම.

🌡️ උණ සහ ශරීර දුර්වල වීම.

👕 සමේ පැහැය මලානික වීම, ලේ අඩුවීම හෙවත් රක්ත හීනතාවය.

සමහර අයට රෝගය පැය කිහිපයකට හෝ සති කිහිපයකට දරුණු වෙලා, පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා යනවා.

සමහර අයට නම් ජීවිත කාලය පුරාම අවස්ථා ගණනාවකට යළි යළිව එන පීඩාකාරී රෝගයක්.

කඩෙන් කෑවහම,
වැඩිපුර කිරි බිව්වහම, සමහර සැර කෑම කෑවහම, අධික මානසික පීඩනයක් දැනෙන අවස්ථාවල යටපත් වෙලා තිබෙන රෝගය නැවත ආපහු මතු වෙන්න පුළුවන්.

🧪 රෝගය පරීක්ෂා කරන විදිහ – පර්යේෂණ

1) කොලොනොස්කෝපි (Colonoscopy)

🩹 මේක රෝගය හඳුනාගන්න අති විශ්වාසදායක ක්‍රමයයි.

Flexible කැමරාවක් බඩවැල තුළට ඇතුල් කරලා තුවාල බලනවා.

🔬 “බයොප්සි” කියලා tissue sample එකකුත් අරන් පරීක්ෂා කරනවා.

2) ලේ පරීක්ෂණ (Blood Tests)

අනිමියා (Anemia) තියෙනවද බලනවා 🩸

Inflammation markers – CRP, ESR බලනවා.

3) මල පරීක්ෂණ (Stool Test)

මළපහ තුළ ලේ, බැක්ටීරියා, පරපෝෂිතයන් හා ආසාදන හඳුනා ගැනීමට.

4) CT / MRI Scan

බඩවැලේ තත්වය සහ දැවිල්ලේ ප්‍රමාණය තීරණයට

💊 රෝගයට තියෙන ප්‍රතිකාර මොනවද?

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව සුව කිරීමට / පාලනයට විවිධ ක්‍රම භාවිතා වෙනවා 👇
නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සම්පූර්ණයෙන්ම හෙවත් නිට්ටාවට සුව කළ නොහැකි පාලනය කරගෙන ජීවත් විය යුතු රෝගයක් විදියට තමයි වෛද්‍යවරු හඳුන්වන්නේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව (ඉංග්‍රීසි- western)ලබා දෙන ප්‍රතිකාරත්

1. 💊 Anti-inflammatory ඖෂධ (Mesalamine, Sulfasalazine)
➜ ප්‍රධාහික තත්වය අඩු කරයි.

2. 💉 Corticosteroids (Prednisolone වැනි)
➜ ඉක්මන්ව ප්‍රදාහයන් අඩු කරයි.

3. 🧬 Immunosuppressants (Azathioprine, Cyclosporine)
➜ ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කරයි.

4. 💉 Biologic Therapy (Infliximab, Adalimumab)
➜ නව තාක්‍ෂණික ඖෂධ, ශරීරයේ ප්‍රතිශක්ති ප්‍රතිචාරය සපයයි.

5. 🥗 ආහාර හා ජීවන රටාව
➜ මෘදු, පෝෂ්‍ය ආහාර.
➜ කහ, මිරිස්, දුරු ආදි සැර කුළුව බඩු වර්ග අඩුවෙන් භාවිතා කිරීම.
➜ ආතතිය පාලනය කිරීම.

🧭 බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව – සුව කරන්න බැරි කියන්නේ ඇයි?

මෙය දිගුකාලීන Autoimmune රෝගයක්, ඒ කියන්නේ ශරීරය තමන්ගේම බඩවැලට පහර දෙන රෝගයක් 🧬

ප්‍රදාහික තත්වය අඩු කරන්න පුළුවන් නමුත්, රෝගයට මුල්වන ඉතාම පැහැදිලි හේතු නැති නිසා සම්පූර්ණයෙන්ම සුව කරන්න විද්‍යාත්මක ක්‍රමයක් තවමත් නැහැ.

නමුත් නියම පාලනයක් තිබුණොත්, රෝග ලක්ෂණ රහිතව දිගුකාලයක් ජීවත් වෙන්න පුළුවන් ❤️

🌿 ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් සුව කරන්න පුළුවන්ද?

ආයුර්වේදය අනුව මෙය “රක්තාතිසර” (Raktaatisara) හෝ “ප්‍රවාහිකා” වගේ රෝගයන්ට සමාන බව ආයුර්වේද වෛද්‍යවරු පවසනව.

නමුත් මෙය නිත්තාවට සුව කළ හැකි රෝගයක් බවත්, එසේ රෝගීන් සුවකර ඔප්පු කර ඇති සාක්ෂිත් ඕනෑ තරම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්ෂවෛද්‍යවරු ළඟ තිබෙනවා.(විශේෂයෙන් ගෙඩි වන පිළිකා සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ සඳහා ප්‍රතිකාර කරනවා සාර්ථකව)

ආයුර්වේදයේ ඖෂධ වගේම ආහාර හා ජීවන රටාව, වතුර, ආතතිය අඩු කිරීම, පංචකර්ම හා (vasti, virechana) වැනි ක්‍රියාවලි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා යොදාගන්නවා

🎗️ මෙම රෝගය කාලයකදී පිළිකාවක් වෙන්න පුළුවන්ද?

ඔව් 😟
දිගුකාලීන අල්සරේටිව් කෝලයිටිස් ඇති අය, විශේෂයෙන් වසර 8ට වැඩි කාලයක් රෝගය පවතින අය, Colorectal Cancer සඳහා සාමාන්‍ය අයට වඩා වැඩි අවදානමක සිටිනව.

🩸 අල්සරේටිව් කෝලයිටිස් රෝගීන්ට පිළිකා අවධානම

📊 දිගු කාලයක් (පස් වසරකට වැඩි) රෝගය පවතින අය අතර
5% – 10%ක් දක්වා කෝලන් පිළිකා (Colon Cancer) සෑදීමේ අවධානම ඇත.

📅 රෝගය පවතින කාලය දිග වීමත් සමඟ
අවධානමත් වැඩි වේ.

➡️ ඒ නිසා වසරකට වරක් හෝ දෙවතාවක් කොලොනොස්කෝපි පරීක්ෂණයක් සහ බයොක්සි පරීක්ෂණයක් කර ඒ සඳහා පරීක්ෂා කිරීම සුදුසුයි.

මෙම රෝගය නිසි ලෙස කළමනාකරණය කර නොගැනීමත් ඖෂධ ප්‍රතිකාර නිසිලස නොගැනීමත් වැනි හේතු නිසා රෝගය පාලනය කරගත නොහැකි තත්ත්වයන් ඇති විටත්, පිළිකා වැනි තත්ත්වයන්ට පත් වේ යයි සැක හිතන විටත්, වෛද්‍ය නිර්දේශයන් අනුව බඩවැලේ කොටසක් අපා අයින් කිරීමට සමහරවිට රෝගීන්ට සිදුවෙනවා.

🏥 බඩ වැල අයින් කරන්න වුනොත්... (Colectomy Surgery)

රෝගය පාලනය කරන්න නොහැකි විට 🧑‍⚕️
➡️ “Colectomy” කියන සැත්කම සිදු කරනව.
මෙහිදී මහා බඩවැල ඉවත් කරලා
💩 “Ileostomy” හෝ “J-Pouch” යන ක්‍රමවලින් මලපහ පිටවීමට වෙනත් මාර්ගයක් සකස් කරනවා.එතකොට කොලෙස්ටමි බෑග් එකක් දාගෙන තමයි ඉන්න වෙන්නේ ටික කලක්.
(මේ ශල්‍ය කර්මය ගැන අපි ඉස්සරහට කතාකරනවා)

මෙය රෝගය ස්ථිරවම නැවත්වීමේ එකම ක්‍රමය විදිහට තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ ශල්‍ය කර්මය හඳුන්වන්නේ.
(නමුත් කාලයකදී නැවත ඉතුරු කොටසේ මතුවෙන්න පුළුවන්.)

රෝගියාගෙන් රෝගියාට තමන්ට රෝගය වැඩි කරවන රෝග ලක්ෂණ පහළ කරවන සාධක තියෙනවා. ගොඩක් කල් රෝගයෙන් පෙළෙන අය තම තමන්ට විශේෂිත වෙච්ච ඒ අහිතකර සාධක හඳුන ගන්නවා.ඒ ආහාර හෝ විහරණ වලින් වැළකී හිටියම බොහෝ වෙලාවට රෝග ලක්ෂණ එන්නේ නැහැ.

නමුත් පොදුවේ ප්‍රවේසම් විය යුතු ආහාර වැලකී සිටිය යුතු දේවල් කීපයක් සඳහන් කරන්නම්.

🚫 රෝගීන් හැකි පමණ වැළකිලා ඉන්න ඕන දේවල්

🌶️ තද කහ, මිරිස්, තෙල් සහිත ආහාර.

🍺 මත්පැන්, සුදුලූණු, කෝපි, කාබනීකෘත soft drinks.

🍟 Junk food.

😣 ආතතිය සහ අධික උණුසුම.

🚭 දුම්පානය.

මීට අමතරව තමාට රෝග තත්ත්වයන් උස්සන්න වෙන්න හෝ ලක්ෂණ පහල වෙන දේවල් හඳුනාගෙන ඒවායෙන් වළකින්න.

🧘‍♀️ රෝගියෙකු පරිස්සම් වෙන්න ඕනේ කොහොමද?

✅ නියමිත ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.
බටහිර හෝ වෛකල්පිත වෛද්‍ය ක්‍රම(ආයුර්වේද, හෝමියෝපති වැනි) තමාට කැමති වෛද්‍ය ක්‍රමයකට අනුව නියමිත ආකාරයෙන් ප්‍රතිකාර කරන්න.
✅ ආහාර රටාව සුවපහසු කරගන්න.
✅ නිතර පරීක්ෂණවලට යන්න.
✅ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
✅ යෝගා, ආතතිය අඩු කරන ක්‍රම අනුගමනය කරන්න.
✅ මනෝ සමතුලිතතාව තබාගන්න.

💖 අවසාන වචනය

අල්සරේටිව් කෝලයිටිස් කියන්නේ දිගුකාලීන නමුත් හොඳින් පාලනය කළ හැකි (වෛයිකල්පිත වෛද්‍ය ක්‍රම අනුව සුව කළ හැකි බව පෙන්වා ඇති) රෝගයක්.
නිසි ප්‍රතිකාර, නිවැරදි ආහාර හා පුරුදු, සහ අවධානය එකතු වුණොත් 🌈
ඔබට සුවය, ශක්තිය, සහ නිරෝගී ජීවිතයක් ලබාගන්න පුළුවන්! 🌿✨

ශ්‍යාමලී පතිරගේ
(Ape miss)
Global Health Care Academy
10/11/2025

💖 Hysterectomy (හිස්ටරෙක්ටමි) ගැනයි මේ....Hysterectomy කියන්නෙ ගැහැණු කෙනෙකුගේ ගර්භාශය (Uterus) ශල්‍ය කර්මයක් මඟින් ඉවත්...
09/11/2025

💖 Hysterectomy (හිස්ටරෙක්ටමි) ගැනයි මේ....

Hysterectomy කියන්නෙ ගැහැණු කෙනෙකුගේ ගර්භාශය (Uterus) ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කරන එකට.

ගර්භාශය කියන්නෙ ගැහැණු ජීවිතයේ ඉතා වැදගත් කොටසක් 💕
ඒ නිසා ඒක ඉවත් කලාට පස්සේ, ගොඩක් කාන්තාවන්ට, සමහර විට අභියෝගයක් විදියටත් මේක හැඟෙන්න පුළුවන්.

🌸 මෙහෙම ගර්භාශය ඉවත් කරන්න වෙන්නේ ඇයි? (හේතු මොනවාද)

හිස්ටරෙක්ටමි කරන්න වෙන්නෙ විවිධ හේතු මතයි. ඒ අතරින් ප්‍රධානම කිහිපයක් තමයි මේ 👇

1️⃣ Fibroid – ගර්භාශය තුළ ගෙඩි ඇතිවීම 🧫
→ ලේ ගැලීම, වේදනාව, සහ අනිසි ශ්‍රාව නිසා.

2️⃣ ගර්භාශයේ පිළිකා තත්ත්ව හෝ පිළිකා වලට පෙර වෙනස්කම් 🧬

3️⃣ Endometriosis – ගර්භාශයේ බිත්තියෙහි පටකය වෙනත් ස්ථාන වල වර්ධනය වෙන තත්ත්වයක්.

(මේ ගැන අපේ ඉදිරි Article එකක විස්තරෙන්ම දෙන්නම් 😉)
4️⃣ Uterine Prolapse – ගර්භාශය යෝනි මාර්ගයට පහත් වීම.

5️⃣ දිගුකාලීන ලේ ගැලීම් – හේතු විරහිත හෝ සුව නොවන තත්ත්ව.

🌸 ගර්භාෂය ඉවත් කරන ක්‍රම
1. බඩ කපලා කරන ක්‍රමය (Abdominal hysterectomy)
යටි බඩේ cut එකක් දාලා ගර්භාෂය ඉවත් කරනවා.
විශාල ගර්භාෂයක් හෝ ට්‍යුමර් තියෙන අවස්ථාවල වගේ එහෙම කරනවා.

2. ලැපරස්කොපි ක්‍රමය (Laparoscopic hysterectomy)
මේක ගොඩක් බහුලව කරන ක්‍රමයයි. බඩේ කුඩා සිදුරු කිහිපයකින් කුඩා කැමරාවක් හා උපකරණ ඇතුල් කරලා තමයි මේක කරන්නේ (ඕනෙ නම් මේ නම ගැහුවම වීඩියෝ බලන්න පුළුවන්).
කට් අඩුයි, ලේ යාම් අඩුයි, වේදනාව අඩුයි, සුව වීම වේගවත්.

3. යෝනි මාර්ගයෙන් කරන ක්‍රමය (Vaginal hysterectomy)
බඩ කපන්නේම නැතුව, යෝනිය හරහා ගර්භාෂය ඉවත් කරන්නත් පුළුවන්. ඉතා වේගවත්ව සුව වෙනවා.

4. මීනොස් (MINI or MInimally Invasive / MInos) ක්‍රමය
මේක අලුත්ම ක්‍රමයක්. මෙය කිසිම කැපුමක් නැතුව කරන ශල්‍යකර්මයක්. ලැපරස්කොපි හෝ රොබෝටික් උපකරණ භාවිතා කරල කරන්නේ (නම ගහලා යූටියුබ් වීඩියෝවකින් බලන්න පුළුවන්)

🌸 ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වර්ග සවිස්තරාත්මකව දැනගන්න අවශ්‍ය නම් මේ ටිකත් බලන්න. බලන්න.

🩺 Hysterectomy (හිස්ටරෙක්ටමි) ශල්‍යකර්ම වර්ග

Hysterectomy කරද්දි රෝග තත්ත්වය, වයස, සහ වෛද්‍ය උපදෙස් අනුව වෙනස් වන විවිධ ආකාර තියෙනවා.

💖 1️⃣ Total Hysterectomy (පූර්ණ ගර්භාෂ විච්ඡේදනය)
ගර්භාෂය සහ ගැබ් ගෙල (Cervix) දෙකම ඉවත් කරනව. බොහෝවිට කරන වර්ගය මේක.

💕 2️⃣ Partial / Subtotal Hysterectomy (අර්ධ ගර්භාෂ විච්ඡේදනය)
මෙහිදී ඉවත් කරන්නේ ගර්භාසය පමණක්, ගැබ් ගෙල (Cervix) තියාගෙන ඉවත් කරන එක.

🌸 3️⃣ Total Hysterectomy with Bilateral Salpingo-Oophorectomy
මේකෙදි ඉවත් කරන්නේ —
ගර්භාෂයයි (uterus) + උපත් මාර්ගයයි (fallopian tubes) + ඩිම්බකෝෂ දෙකයි (ovaries) 🩺 මේක සාමාන්‍යයෙන් කරනව පිළිකා තත්ත්ව, ඩිම්බකෝෂ රෝග, හෝ අධික වේදනාව සහ රුධිර ගැලීම වැනි තත්ත්ව වලදී.

🌷 4️⃣ Radical Hysterectomy (රැඩිකල් හිස්ටරෙක්ටමි)
බොහෝවිට පිළිකා රෝගයට කරන විශේෂ ශල්‍යකර්මයක්
ගර්භාෂය, ගැබ් ගෙල, ඒ අසල පටක සහ සමහරවිට යෝනියේ කොටසක් දක්වාම ඉවත් කරන්න වෙන්න පුළුවන්.රෝගයේ තත්ත්වය අනුව.
කළ යුත්තේ මොකක්ද කියලා තීන්දු තීරණ ගන්නේ කවුද? 🩺
මෙම තීරණය ඔයාගේ ප්‍රධාන වෛද්‍යවරයා (Gynecologist / Surgeon) විසින් තමයි ගන්නෙ. ඒත් කාන්තාවගේ අදහසත් එක්ක එකට සාකච්ඡා කරලා 💕

🩷 (උදා: පිළිකාවක්ද?, fibroid එකක්ද?, endometriosisද?)
🩷 වයස සහ සෞඛ්‍ය තත්ත්වය
🩷 දරුවන් ඇතිද නැද්ද
🩷 ඩිම්බකෝෂ සෞඛ්‍යය
🩷 හෝමෝන මට්ටම
🩷 පවුල් පසුබැසීම (උදා: පිළිකා ඉතිහාසයක් තිබෙනවාද?)
මේ සියල්ල සාකච්ඡා කරලා ගැළපෙනම ක්‍රමය තීරණය කරන්නෙ වෛද්‍යවරයයි.

🌼 ඩිම්බකෝෂත් (Ovaries) ඉවත් කළා නම් — හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (HRT) ඕන වෙනවා නේද?

ඩිම්බකෝෂ දෙකම ඉවත් කරෝතින්,
සිරුරට අවශ්‍ය වෙන ස්ත්‍රී හෝමෝන — ඊස්ට්‍රජන් (Estrogen) සහ ප්‍රොජෙස්ටෙරෝන් (Progesterone) — නිෂ්පාදනය නවතිනවනෙ.
එහෙම උනහම,
හදිසියේ අර්ථවහරණ (Menopause) ලක්ෂණ එන්න පුළුවන්.
ඇඟ රත් වෙලා රතු වෙන බවක් තේරෙන්න පුළුවන් (Hot flushes)
ඉක්මනින් වයසට යනවා වගේ දැනෙන්නත් පුළුවන්.
හිසරදය, මනෝ විකාර, උදාසීන බව දැනෙන්න පුළුවන්.
සමේ වියළි බව,
ලිංගික හැඟීම් අඩුවීම,
නින්ද අපහසුතාව,
වගේ දේවල් වෙන්නත් පුළුවන්,

ඒ නිසා, එහෙම කරපු අයට (ඩිම්බ කෝෂත් ඉවත්කරපු අයට)
වෛද්‍යවරයා ඔබට හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (Hormone Replacement Therapy - HRT) යෝජනා කරනව. 💕

🌸 HRT කියන්නෙ මොකක්ද?
HRT කියන්නෙ ශරීරය තවත් හෝමෝන නිෂ්පාදනය නොකරන වෙලාවට, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් වගේ හෝමෝන බහුවිධ ආකාරයෙන්
(පෙති / පැච් / ක්‍රීම් / ජෙල්) ලබා දෙන ප්‍රතිකාරයක්.
HRT ගන්නකොට දැනගන්න ඕන දේවල්.

✅ වෛද්‍ය උපදෙස් මත පමණක් ආරම්භ කරන්න.
✅ නියම කරන නියමිත පරීක්ෂණ කරන්න.
✅ දීර්ඝ කාලීනව ගන්න කොට වෛද්‍ය උපදෙස් අනුව අලුත් කරනවාද නැද්ද කියලා බලන්න.
✅ ආහාර රටාව, ව්‍යායාම, මානසික නිරෝගි බව වගේ දේවල් මේ ප්‍රතිස්ථාපන ප්‍රතිකාර එක්ක බැඳිලා තියෙනවා.ඒ නිවැරදි ප්‍රතිඵල ගන්න නම් ඒව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.
(කෘතිම හෝමෝන වලින් විතරක් සියල්ල කරන්න බැරි බව).

🩺 ශල්‍යකර්මයෙන් පස්සේ කළ යුතු දේවල්
ශල්‍යකර්මයෙන් පසුව සම්පූර්ණ සුවය ලබන්න නම්, පොඩ්ඩක් පරිස්සම් වෙලා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යයි ❤️

✅ කළ යුතු දේවල්:
සති 6ක් පමණ බර වැඩ වලින් වළකින්න.
දිනපතා විනාඩි කිහිපයක් මද පරිදි ඇවිදින්න 🚶‍♀️
වෛද්‍යවරයා දුන් බෙහෙත් නියමිත වේලාවට ගන්න 💊
වේදනාවක් ඇත්නම් විවේක ගන්න, හා බෙහෙත් මගින් කළමනාකරණය කරන්න.
නියමිත වෛද්‍ය පරීක්ෂණවලට අනිවාර්යයෙන්ම යන්න.
යකඩ සහ කැල්සියම් බහුල ආහාර අරගන්න 🍎🥛
වතුර වැඩිපුර බොන්න — දවසට වීදුරු 8 කට වැඩියෙන් 💧

❌ වැලකිය යුතු දේවල්:
බර වැඩ, බර ඉස්සීම වැනි දේවල් සති 6 ක් කරන්න එපා.
ලිංගික සම්බන්ධතා වෛද්‍ය උපදෙස් අනුව පසුව පමණක් කරන්න 💑
නාන තටාක, නාන කුටි වැනි බැහැලා නාන පොදු ස්ථාන වල නාන්න සති හයක් යනකන් නොයා ඉන්න එක හොඳයි.
සම්පූර්ණ සුවය ලැබුණු පසු වාහන පදවන්න පුළුවන්, එතෙක් එපා.

🥗 ආහාර හා ජීවිත රටාව
ශරීරය ආපසු ශක්තිමත් කරගන්න නම් 👇
🍅 අලුත් එළවළු, පලතුරු වැඩිපුර කන්න.
🍊 විටමින්, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන් අරගන්න.
🍚 බර, තෙල් සහිත ආහාර අඩු කරන්න.
💧 වතුර වැඩිපුර බොන්න.
වතුරට දෙහි/ලෙමන්/පලතුරු කැබැල්ලක් දාල බොනවා නම් තවත් හොඳයි.

🧘‍♀️ මානසික සෞඛ්‍යය රැකගන්න හැටි
ගර්භාශය ඉවත් කරාට පස්සේ ගොඩක් අයට මානසික පීඩාවක්, ශාරීරික වෙනස්කම්, හෝ කම්මැලිකමක් දැනෙන්න පුළුවන් 😔
ඒත් ඒක සාමාන්‍ය දෙයක් ❤️
පවුලේ අයගෙන්, සහකරුගෙන්, මිතුරන්ගෙන් ආදර සහාය ගන්න 🫶
ආගමික හෝ ආධ්‍යාත්මික ක්‍රියා මඟින් හිත සන්සුන් කරගන්න.
අවශ්‍ය නම් මනෝ වෛද්‍ය උපදෙස් හෝ උපදේශන සේවා ගන්න.
යෝගා, භාවනා, හුස්ම ගැනීමේ ව්‍යායාම,මිහිරි සංගීතය, චිත්‍රපටි බැලීම, ඇරෝමා තෙරපි, එළිමහනේ ඇවිදිම යථා තත්ත්වයට පත් වෙනකම් මානසික සහනයට හොඳයි 🌿

💞 ලිංගික සම්බන්ධතා ගැන
ගර්භාශය ඉවත් කළාට පස්සේ ලිංගික හැඟීම් අඩුවෙන 😌
ශරීරය සුව වීමේ තත්ත්වය අනුව පසුව පමණක් ඒ ක්‍රියා ආරම්භ කරන්න.
සති 6 කට පසුව හෝ වෛද්‍ය උපදෙස් අනුව පමණයි 🕓
සහකරුවාගේ අවබෝධය, ආදරය, සහ අනුකම්පාව මේ වෙලාවෙදි ගොඩක් වැදගත් 💗
හැගීම් අඩු , පීඩන කාරී ගති තාවකාලිකව දැනුනත් හිතන්න එපා. පසුව සුව වුනාම ලස්සන සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් 💃😉

🚨 අනතුරු ලක්ෂණ
ඔපරේෂන් එකෙන් පස්සේ ගෙදර ගිය පසු පහත ලක්ෂණ පෙනුනොත්
වහාම වෛද්‍ය උපදෙස් ගන්න
⚠️ යෝනි මාර්ගයෙන් අධික ලේ ගැලීම.
⚠️ සාමාන්‍ය නොවන ශ්‍රාව හෝ නරක ගඳක්.
⚠️ උණ, හීතල, හෝ අසාමාන්‍ය වේදනාව.
⚠️ උදරය පාවෙන, පිපිරෙන හැඟීම.
⚠️ ලිංගික ක්‍රියාවෙන් පසුව ලේ යනවා හෝ වේදනාව වැඩි වීම.

🌷 අවසානයට...
Hysterectomy සැත්කමක් කළාට, නිවැරදි පරිස්සම, සෞඛ්‍ය සත්කාර සහ ආදරණීය පරිසරයක් එක්ක ඉක්මනින් සනීප වෙන්න පුළුවන් වගේම,
නිරෝගී, ශක්තිමත් ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නත් සැත්කම කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. 💪💖
ශ්‍යාමලී පතිරගේ

(Ape miss)
Global Health Care Academy
09/11/2025

10/10/2025

භාවිතා කළ baby Cot
Baby Feeding chair, Breast pump, ළදරු ඇඳුම්
, soft toys අඩු මිලට විකුණන්න තියෙන අමතන්න.
Ape miss 07666777

Address

Hokandara
Colombo

Alerts

Be the first to know and let us send you an email when Shyamalee Pathirage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shyamalee Pathirage:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Our Story

We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do, to be a good mother and father At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents