API Ayurveda අපි ආයුර්වේද

API Ayurveda අපි ආයුර්වේද Ayurveda | ආයුර්වේද | आयुर्वेद | The Science of Life

අපි ආයුර්වේද [ आयुर्वेद ]

"Swasthasya swasthya rakshanam, Aaturashcha vikar prashamanam"

"To maintain the health of the healthy person, and to cure the disease of the ill person."

 #ප්‍රතිශක්තිය  #ස්වභාවිකප්‍රතිකාර  #ගෙදරපිළියම්  ​🍯  සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ආයුර්වේද ප්‍රතිකාර​🤧 සෙම්ප්‍රතිශ්‍යාවට...
16/12/2025

#ප්‍රතිශක්තිය #ස්වභාවිකප්‍රතිකාර #ගෙදරපිළියම්

​🍯 සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ආයුර්වේද ප්‍රතිකාර

​🤧 සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ක්ෂණික සහනයක් දෙන ආයුර්වේද ගෙදර පිළියම්! 🌿

* ​සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇති වූ විට ඉක්මන් සහනයක් ලබා දෙන, ඔබේ මුළුතැන්ගෙයිම ඇති සරල ආයුර්වේද ඖෂධ කිහිපයක් මෙන්න. මේවා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් උපකාරී වේ!

​ආයුර්වේද සත්කාර 3ක්:

* ​ඉඟුරු සහ මී පැණි (Ginger and Honey):

​ක්‍රමය: නැවුම් ඉඟුරු කුඩා කැබැල්ලක් ගෙන එය තලා යුෂ ඉවත් කරගන්න. මෙම යුෂ තේ හැන්දකට පිරිසිදු මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර දිනකට 2-3 වතාවක් පානය කරන්න.

​ප්‍රයෝජනය: ඉඟුරු වල දැවිල්ල නසන ගුණ (Anti-inflammatory) ඇති අතර, මී පැණි කැස්ස සමනය කර උගුරට සහනයක් ලබා දෙයි.

* ​කොත්තමල්ලි පානය (Coriander Drink):

​ක්‍රමය: වතුර කෝප්ප 2කට කොත්තමල්ලි ඇට තේ හැඳි 1ක් එකතු කර එය අඩකට සිඳෙන තෙක් උණු කරන්න. මදක් සිසිල් වූ පසු පානය කරන්න.

​ප්‍රයෝජනය: කොත්තමල්ලි උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම ඉවත් කිරීමට උපකාරී වන ප්‍රබල ඖෂධයකි.

* ​කහ සහ උණු කිරි (Turmeric and Warm Milk):

​ක්‍රමය: උණුසුම් කිරි කෝප්පයකට කහ කුඩු තේ හැඳි භාගයක් (1/2) සහ ගම්මිරිස් ස්වල්පයක් (කහ අවශෝෂණයට) එකතු කර පානය කරන්න.

​ප්‍රයෝජනය: කහ වල ප්‍රබල ප්‍රතිබැක්ටීරීය (Antibacterial) සහ ප්‍රතිවෛරස් (Antiviral) ගුණ ඇති අතර, එය පපුවේ සෙම තත්ත්වයන් ලිහිල් කිරීමට උපකාරී වේ.

​** රෝග ලක්ෂණ දරුණු නම් හෝ සති දෙකකට වඩා පවතී නම්, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු හමුවන්න.**

🔥පාදය අවධානය! අවවාද !👟 නිරෝගී සපත්තු තෝරා ගැනීම.1. ​ස්වාභාවික ද්‍රව්‍ය: කෘත්‍රිම ද්‍රව්‍යවලින් තැනූ සපත්තු වෙනුවට සම් (L...
16/12/2025

🔥පාදය
අවධානය!
අවවාද !

👟 නිරෝගී සපත්තු තෝරා ගැනීම.

1. ​ස්වාභාවික ද්‍රව්‍ය: කෘත්‍රිම ද්‍රව්‍යවලින් තැනූ සපත්තු වෙනුවට සම් (Leather) හෝ කපු වැනි ස්වාභාවික ද්‍රව්‍ය යොදා තැනූ ඒවා තෝරන්න. (පාදවලට හුස්ම ගැනීමට ඉඩ ලබා දෙයි).

2. ​සහනය (Comfort): විලාසිතාවට වඩා සපත්තු වල සහනය සහ සුවපහසුව ප්‍රමුඛ කරන්න. අඩිවලට නිසි ආධාරකයක් (Arch Support) තිබිය යුතුය.

3. ​පොළොව මත ඇවිදීම: හැකි විටෙක සපත්තු නොමැතිව තණකොළ හෝ පොළොව මත ඇවිදීම (Earthing/Grounding) ආයුර්වේදයට අනුව ශරීරයේ ශක්තිය සමතුලිත කිරීමට හොඳය.

4. ​උස අඩි අවම කිරීම: උස් අඩි සහිත සපත්තු (High Heels) දිගු වේලාවක් පැළඳීමෙන් සිරුරේ නිසි ඉරියව්වට (Posture) හානි විය හැකි අතර, එය වාත දෝෂය වැඩි කිරීමට හේතු වේ.

5. ​නිවැරදි ප්‍රමාණය: ඔබේ පාදයට නිසි ලෙස ගැලපෙන සපත්තු පළඳින්න. ඉතා තද සපත්තු පැළඳීමෙන් රුධිර සංසරණයට බාධා ඇති විය හැකිය.

6. ​පාදවල පිරිසිදුකම: සපත්තු පැළඳීමට පෙර සහ පසු පාද හොඳින් සෝදා වියළා ගන්න. (දිලීර ආසාදන වළක්වා ගැනීමට).

කහ (Turmeric) වල ආයුර්වේද ප්‍රතිලාභ.ආයුර්වේදයට අනුව, කහ යනු ත්‍රිදෝෂ සමනය කරන අතිවිශිෂ්ට ඖෂධයකි; එය විශේෂයෙන්ම කඵ සහ පිත...
14/12/2025

කහ (Turmeric) වල ආයුර්වේද ප්‍රතිලාභ.

ආයුර්වේදයට අනුව, කහ යනු ත්‍රිදෝෂ සමනය කරන අතිවිශිෂ්ට ඖෂධයකි; එය විශේෂයෙන්ම කඵ සහ පිත්ත සමනය කිරීමට උපකාරී වේ.

එහි ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය වන කර්කියුමින් (Curcumin) නිසා කහ ශරීරයේ ස්වාභාවික ප්‍රදාහ විරෝධී (anti-inflammatory) ප්‍රතිචාරයන්ට සහය දක්වයි.

එය ශරීරයේ පටක (Dhatus) සියල්ල පිරිසිදු කරන අතර විශේෂයෙන් රුධිරය හා සම පිරිසිදු කිරීමට ආයුර්වේදයේදී භාවිතා වේ.

කහ ජීරණ පද්ධතියේ ගින්න (Agni) උත්තේජනය කිරීමට උපකාරී වන අතර එමගින් ආහාර වඩා හොඳින් ජීර්ණය වීම ප්‍රවර්ධනය කරයි.

සමේ රෝග සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී, කහ ආසාදනවලින් ආරක්ෂා වීම සහ ඉක්මන් සුවය ලබා දීම සඳහා බාහිරව හා අභ්‍යන්තරව යොදා ගැනේ.

ආයුර්වේදයේදී කහ, ශරීරයේ ඇති විෂ (Ama) ඉවත් කිරීමට සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට දායක වන බව පිළිගැනේ.

එහි ඇති උණුසුම් ගුණය (Ushna Virya) හේතුවෙන් එය ශ්වසන පද්ධතියේ ඇති සෙම්ප්‍රතිශ්‍යාව සහ තදබදය සමනය කිරීමට උපකාරී වේ.

නිතර කහ භාවිතය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර සමස්ත සෞඛ්‍යය හා දීර්ඝායුෂ ප්‍රවර්ධනය කරන බව සඳහන් වේ.

උණුසුම් කිරි සමඟ කහ පානය කිරීම සන්ධි වේදනාවන් සමනය කිරීමට සහ නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට කදිම ආයුර්වේද පිළියමකි.

කහ සමේ පැහැපත් බව වැඩි දියුණු කරන, කුරුලෑ සහ කැළැල් අඩු කරන නිසා එය ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාරවල අත්‍යවශ්‍ය අංගයකි.

 #ආයුර්වේද_රූ_රහස් මේ දක්වා පළවූ සියලුම ලිපි එකම ලිපියකින් ඔබ වෙත... #අායුර්වේද_රූ_රහස්_01ලස්සන පැහැපත් සමක් කියන්නේ හ...
13/12/2025

#ආයුර්වේද_රූ_රහස් මේ දක්වා පළවූ සියලුම ලිපි එකම ලිපියකින් ඔබ වෙත...

#අායුර්වේද_රූ_රහස්_01

ලස්සන පැහැපත් සමක් කියන්නේ හැම ගෑනු ළමයෙක්ගෙම අාසාවක්.. #අපි_අායුර්වේද අද කියන්නෙ ලස්සන සුන්දර පැහැපත් සමක් ලබා ගන්න ගෙදරදිම කරන්න පුලුවන් පුංචි පුංචි ප්‍රතිකාර ක්‍රම ටිකක්...

+ඔයාගේ සම ගොඩක් තෙල් සහිත නම්..

*දෙහි යුෂ තේ හැඳි 1/2ක්
*පිපිඤ්ඤා යුෂ තේ හැඳි 1/2ක්
හොඳින් මිශ්‍ර කරල ගාන්න.විනාඩි 10කට පස්සේ පිරිසිඳු අැල් වතුරෙන් සෝදා හරින්න.සතියකට තුන් වරක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

+වියළි සමකට නම්...

*බිත්තර කහ මදයක්
*ඔලිව් ඔයිල් තේ හැඳි 1ක්
*දෙහි යුෂ තේ හැඳි 1ක්
හොඳින් මිශ්‍ර කරල විනාඩි 20ක් පමණ තියල පිරිසිඳු අැල් වතුරෙන් සෝදන්න.

+ලප කැළල් සහිත සමකට..

*කඩල පිටි ස්වල්පයක්
*දෙහි යුෂ තේ හැඳි 1ක්
සමඟ මිශ්‍ර කරල මුහුනේ අාලේප කර විනාඩි 10කින් පමණ පසුව සෝදා හරින්න.

කුරුළෑ නිසා අැති උන ලප කැළැල් ගොඩක් ඔයාගේ මූණේ තියෙනව නම්,

*කොහොඹ කොළ මිටක්
*අමු කහ අගල් 1 1/2 පමණ කෑල්ලක්.
*මී පැණි තේ හැඳි 1ක්
*කෝමාරිකා පෙති 1/2ක්
එකට මිශ්‍ර කර හොදින් කොටා ගෙන සාදා ගන්නා පල්පය අාලේප කර හොඳින් වියැලුනු පසු පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න.සතියට තුන්වරක් පමණ සිදු කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්..

+කුරුළෑ සහිත සමක් නම්..

*රත් හදුන් කුඩු ස්වල්පයක්
*මීපැණි තේ හැඳි 1ක්
සමඟ අැල් දියෙන් අඹරා ගත් ලොත්සුඹුල් සහ කොත්තමල්ලි හොඳින් මිශ්‍ර කර මුහුණේ අාලේප කර විනාඩි 20ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

හැබැයි මේ මොන දේ කලත් දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන එකත් පෝෂදායි අාහාර ගන්න එකත් වගේම දිනකට ප්‍රමාණවත් තරම් නින්දක් ලබන එකත් ඔබේ රූ සපුව රැක ගැනීමට ඉතාමත් වැදගත්.

#අායුර්වේද_රූ_රහස්_02

පැහැපත් සමක් වගේම සුන්දර නීරෝගි කෙස් කළඹක් කියන්නෙත් හැම ගැහැනු ළමයෙක්ගෙම අාසාවක්.අපි අායුර්වේද අද කියන්න යන්නේ සුන්දර හිස් කළඹක් හිමි කර ගන්න ගෙදරදිම කරන්න පුලුවන් පුංචි පුංචි ටිප්ස් ටිකක්..
කෙල්ලන්ට විතරක් නෙමෙයි ලස්සන කොණ්ඩෙකට අාස කොල්ලන්ටත් ට්‍රයි කරල බලන්න පුලුවන්.

*හිස් කෙස් අධිකව ගැලවී යනව නම්...

දිනකට කෙස් හිසකෙස් 30ක් 40ක් පමණ ගැලවෙලා යන එක අැත්තටම සාමාන්‍ය දෙයක්.ඒත් ඔයාගේ කොණ්ඩෙ ගොඩක් යනව නම් මේ ටිප්ස් ටික ට්‍රයි කරල බලන්න.

1.රතු ළුනු ගොඩි කිහිපයක් හොදට බ්ලෙන්ඩ් කරල යුෂය අරගෙන හිසකෙස් වල අාලේප කරල විනාඩි 20ක් 30ක් පමණ හොදින් සම්බාහනය කරන්න.සතියකට තුන් වරක් පමණ කරනව නම් වඩාත් හොදයි.

2.සුදු ළුනු ගෙඩි කිහිපයක් හීනයට කපා ගෙන ඔයිව් ඔයිල් සමග හොදින් රත් කරන්න.පිරිසිදු පොල්තෙල් උනත් කමක් නැහැ.සතියට දෙවරක් පමණ හිසකෙස් වල අාලේප කරල විනාඩි 30ක් පමණ හොදින් සම්බාහනය කරල හෝදල දාන්න.

සමහර වෙලාවට කොණ්ඩෙ යන්න බලපාන ලොකුම හේතුව හිස්හොරි හෝ ක්ලෝරීන් වතුර.
ඔයා නිතරම භාවිතා කරන්නෙ ක්ලොරීන් මිශ්‍ර වතුර නම් නාන්න පැය 4කට 5කට කලින් වත් වතුර බේසමක පුරවල තියල(අව්වෙ පැයක් විතර තියල ගන්න පුලුවන් නම් වඩාත් හොදයි.)නාන්න ගන්න.ඔයාගේ කාර්යබහුල ජීවිතේ එක්ක ඒක ටිකක් අපහසු උනත් ඉරිද දවසෙවත් ඒ් දේ කරන්න පුලුවන් නම් හිස කෙස් ගැලවී යන එක අවම කර ගන්න ලොකු උදව්වක් වේවි.

*හිස්හොරි වලට..

1.දෙහි යුෂ
ඔලිව් ඔයිල්
පිරිසිදු ජලය
සමාන ප්‍රමාණ වලින් එකතු කරල හිස් කබලේ අාලේප කරල විනාඩි 20ක් පමණ සම්බාහනය කරල සෝදා හරින්න.හොද ප්‍රතිඵල ලබා ගන්න සතියට දෙවරක් පමණ සිදු කරන්න.

2.එහෙම නැත්තම් ස්වාභාවික කෝමාරිකා ජෙල් එක හිස් කබලේ අාලේ කරල ව්නාඩි 15කින් පමණ සෝදා හරින්න.ඒත් මේ ක්‍රමය හවස් වෙලා කරන එක නම් අැගට ගුණ නැහැ.ඒ වගේම ඔයාට නිතරම සෙම හැදෙනව නම් සති දෙකකට වරක් වගේ කරනව නම් වඩාත් හොදයි.

3.ඉඳුනු ගොඩපර ගෙඩි වල යුෂ හිස් කබලේ අාලේප කරල විනාඩි 15ක් 20ක් හොදින් සම්බාහනය කරල නානව නම් හිස්හොරි ප්‍රශ්නෙට හාෙද විසදුමක් ලබා ගන්න පුලුවන්.

හිස්හොරි නැති කරන විවිධාකාර ෂැම්පු වර්ග වෙළදපොලේ තිබුනත් මේ වගේ ස්වාභාවික ක්‍රම ඔයාට භාවිතා කරන්න පුලුවන් නම් ඒක ඔයාගේ කොණ්ඩේ නීරෝගි බව රැක ගන්න ගොඩක්ම උදව් වේවි.

*කොණ්ඩෙ සුදු වෙන නම්..

ගැහැනු පිරිමි බේදයක් නැතුව ගොඩක් තරුණ අයට තියෙන ගැටලුවක් තමයි අකලට හිස කෙස් සුදු වෙන එක.
ඒත් මේ පුංචිම පුංචි ටිප් එක ඔයාට නිතරම යූස් කරන්න පුලුවන් නම් හිස කෙස් සුදු වෙන එක නවත්ත ගන්න එක හරිම සිම්පල්.

1.රැයක් පෙගෙන්න දාල තිබුන උලුහාල් අැට හොදින් බ්ලෙන්ඩ් කරල උකු පොල් කිරි ස්වල්පයක් සමඟ මිශ්‍ර කරල හිස කෙස් වල අාලට්ප කරල විනාඩි 30ක් පමණ සම්බාහනය කරල සෝදා හරින්න.සතියට තුන්වරක් පමණ කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ගන්න පුලුවන්.

*දිගු වරලසක් ලබා ගන්න නම්..

1.උකු පොල්කිරි හොදින් රත් කර හිස් කබලේ අාලේප කර විනාඩි 20ක් පමණ සම්බාහනය කර සෝදා හරින්න.

2.බිත්තර සුදු මද 1ක්
පොල් තෙල් තේ හැදි 1ක්
හොදින් බීට් කර හිස කෙස් වල අාලේප කර විනාඩි 20ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

හැබැයි නීරෝගි කෙස් කළඹක් ලබා ගන්න මේ දේවල් විතරක් ප්‍රමාණවත් නැහැ.දිනකට අවශ්‍ය තරම් ජලය පානය කරන එක වගේම කහ පැහැති එලවලු පලතුරු සහ පලා වර්ග අාහාරයට ගන්න එකත් කෘතීම අාහාර වලින් අෑත් වෙන එකත් ඉතාම වැදගත්.

ඒ වගේම රාත්‍රියට නෑම සහ හෙයා ඩ්‍රයර් යූස් කරන එකත් අඩු කර ගන්න පුලුවන් නම් සුන්දර නීරෝගි කෙස් කළඹක් ලබාගන්න එක ඒ තරම් අමාරු නැහැ.

කරපිංචා වලින් විතරක්ම කොන්ඩේ දිගු කර ගන්න පුලුවන් හෝම් මේඩ් රෙමඩීස් ටිකක් ඊළග ලිපියෙන් ඔයාලට කියන්න අපි බලපොරොත්තු වෙනවා.

#අායුර්වේද_රූ_රහස්_03

කරපිංචා භාවිතයෙන් නීරොගි පිරිපුන් කෙස් කළඹක් ලබා ගන්න භාවිතා කරන්න පුලුවන් හෝම් මේඩි රෙමඩීස් ටිකක් ඔයාලට කියනවා කියල අපි පසුගිය සතියක පොරොන්දු උනා..මෙන්න ඒ ලිපිය..

කරපිංචා කිව්වාම හැමෝම වගේ දන්නේ කුස්සියේ තියෙන කුලුබඩුවක් විදියට.ඒත් හිස කෙස් වැටීම තුනී වීම වළක්වා හිසකෙස් පෝෂණය කරමින් හිසකෙස් වර්ධනය කරන කරපිංචා ඉතාමත් ගුණදායක ඔෟෂධයක්.

*කරපිංචා ෂැම්පු

කරපිංචා කොළ කෝප්ප බාගයක්
වතුර කෝප්පයක්

මුලින්ම වතුර මිනිත්තු 3ක් පමණ රත් කරන්න.ඊට පස්සේ කරපිංදා කොළ එකතු කරල වතුර කොළ පැහැයට හැරෙන තුරු රත් කරන්න..මේ කොළ පැහැති වතුර පෙරා ගෙන විනාඩි 30ක් පමණ හිසේ අාලේප කරමින් හොදින් මසාජ් කර සෝදා හරින්න..සතියට දෙවරක් පමණ සිදු කරනව නම් වඩාත් හොදයි.

*කරපිංචා ඔයිල්

කරපිංචා කොළ කෝප්පයක්.
පොල්තෙල් බෝතල් 1/2 ක්.

පිරිසිදු පොල්තෙල් වලට කරපිංචා කොල එකතු කරල තෙල් එක කොල පැහැ වන තුරු හොදින් රත් කරන්න.අදුරුපැහැ බෝතලයක තෙල් එක ගබඩා කරල තියාගෙන සතියට තුන් වරක් පමණ හිසකෙස් වල ගල්වා හොදින් මසාජ් කරන්න.පැය භාගයකට පමණ පසුව සෝදා හරින්න..නැත්නම් රාත්‍රියට අාලේප කර උදේට සෝදා හරින්නත් පුලුවන්.

*කරපිංචා පේස්ට්.

කරපිංචා කොළ
කොහොඹ කොළ
සියඹලා කුඩු තේ හැදි 3ක්
යෝගට් තේ හැදි 3ක්

කරපිංචා සහ කොහොඹ කොළ සමාන ප්‍රමාණ වලින් අරගෙන ඒකට අනිත් දේවලුත් එකතු කරල හොදින් බ්ලෙන්ඩ් කර ගෙන හදා ගන්න පේස්ට් එක හිසේ අාලේප කරල මසාජ් කරල විනාඩි 20ක් පමණ තියල හොදින් සෝදා හරින්න.

*කරපිංචා සහ උලුහාල් පේස්ට්

කරපිංචා කොළ කෝප්ප භාගයක්
උලුහාල් මේස හැඳි 3ක්
වතුර කෝප්ප භාගයක්

සියල්ල එකට මිශ්‍ර කරල හොදින් බ්ලෙන්ඩ් කරල පේස්ට් එකක් සාදා ගන්න.හිස කෙස් වල හොදින් අාලේප කර මසාජ් කරන්න..විනාඩි 20කට පමණ පසුව මද රස්නේ උණු වතුරෙන් හොදින් සෝදා හරින්න..

කලිනුත් කිව්වා වගේ කරපිංචා කියන්නේ සියලුම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට හොඳ වටිනා ඔෟෂධයක්.මේ ක්‍රම වලට අමතරව දිනපතා අාහාර වේලට කුලුබඩුවක් ලෙස කරපිංචා එකතු කර ගන්න සහා සතියකට වරක් කරපිංචා කැඳ කරපිංචා සම්බෝලය වගේ දේවල් අාහාරයට ගන්න පුලුවන් නම් හිස කෙස් ගැලවීයාම හිසකෙස් තුනී වීම හිස්හොරි වගේ හිසකෙස් අාශ්‍රිත ගැටලු වලට වගේම හෘද රෝග අධිරුධිර පීඩනය වගේ රෝගී තත්ව වලටත් හොඳ පිළියමක් වේවි.

#අායුර්වේද_රූ_රහස්_04

පසුගිය ලිපි වලට පසු වදනක්....

පසුගිය සති දෙකේ අායුර්වේද රූ රහස් ලිපි පෙලෙන් ඉදිරිපත් කලේ නීරෝගී කෙස් කළඹලක් ලබා ගන්න නිවසෙදිම කරන්න පුලුවන් ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක්.

එහීදි අපට ඉදිරිපත් වුන සුලබතම ප්‍රශ්නය තමයි අකලට හිස් වැටීමේ ගැටලුවට ප්‍රතිකාර මොනවද කියල.ඒ නිසා මෙවර අායුර්වේද රූ රහස් ලිපිය ඔයාලට අරන් එන්න පෙර ඒ පිළිබඳව පොඩ්ඩක් සඳහන් කරන්න හිතුනා.

දිනකට හිස කෙස් 30ක් 40ක් පමණ ගැලවි යන එක ඉතාම සාමාන්‍යයයි..නමුත් ඊට වඩා හිස කෙස් ගැලවී යනව නම් ඒ ප්‍රශ්නයක්.ප්‍රමාණවත් තරම් පෝෂණයක් නැති කමත් මානසික ගැටලු වගේම තවත් විවිධ දේවල් හිසකෙස් ගැලවී යන්න බලපාන්න පුලුවන්.

උදාහරණ විදියට,
1.ක්ලෝරීන් සාන්ද්‍රණ අධික ජලය,කිවුල් ජලය භාවිතය
2.හෙයා ජෙල් සිලිකන් වැනි විවිධ කෘතීම අාලේපන නිතර නිතර භාවිතය
3.හෙයා ඩ්‍රයර් මගින් හිස කෙස් වියලීම.
4.රාත්‍රියට ස්නානය
5.ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම
6.පොෂ්‍යදායි අාහාර නොගැනීම..විශේෂයෙන්ම ප්‍රෝටීන උෟනතාවය
7.හිස්හොරි ගැටලු
වැනි හේතු දක්වන්න පුලුවන්.

මීට අමතරව ඉතාමත් අධිකව හිසකෙස් ගැලවී යනව නම් එය විවිධ රෝගී තත්ව නිසා සිදු වෙන්නත් පුලුවන්.

ඔබේ හිස කෙස් ගැලවී යාමට හේතුව ඉහත කියපු හේතූ නම් පුලුවන් තරම් ඒ හේතූ වළක්වා ගන්න ගමන් පෙර ලිපි වල අපි සඳහන් කරපු ප්‍රතිකාර ක්‍රම කරන්න පුලුවන් නම් හිස කෙස් ගැලවී යන ගැටලුව අවම කර ගන්න පුලුවන්.
ඒ වගේම සතියකට තුන් වරක්වත් හිස කෙස් වල වගේම හිස් කබලෙත් හොඳින් තෙල් අාලේපනය කරල මෘදුව සම්බාහනය කරන්න මතක තියා ගන්න.
ඒ වගේම දිනපතා ෂැම්පු භාවිතය අවම කරල දින දෙකකට වරක් වගේ භාවිතා කරන්න පුරුදු වෙන්න.ඒ වගේම රාත්‍රියට නිදා ගන්නා විට කෝණ්ඩය ගොතනවා නම් වඩාත් හොඳයි.

නමුත් ගැටලුව තියෙන්නේ ඔබගේ හිස කෙස් අධිකව ගැලවී යන්නේ යම් රෝගී තත්වයක් නිසා නම් මේ කියන ක්‍රම වලින් සැලකිය යුතු ප්‍රථිපල නොලැබෙන්න පුලුවන්.ඒ වගේම අපට ඔබට පරීක්ෂාවට ලක් නොකර රෝග විනිශ්චයක් කල නොහැකි නිසාම සමහර වෙලාවට අපට ඉන්බොක්ස් මැසේජ් කලත් උපකාර කරන්න නොහැකි වෙනවා ..ඉතිං එවැනි තත්ව වලදී ඔබටගත හැකි හොඳම ක්‍රියා මාර්ගය පළපුරුදු විශ්වාසවන්ත අායුර්වේද වෙෙද්‍යළවරයෙක් මුණ ගැහිල ප්‍රතිකාර ලබා ගැනීමයි.

ස්වාභාවිකවම හිස කෙස් ස්ට්‍රේට් කරගන්න කොහොමද...ඒ ගැන දැන ගන්න අායුර්වේද රූ රහස් ඊළග ලිපිය සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

#අායුර්වේද_රූ_රහස්_05

#නිවසේදිම_හිසකෙස්_ස්ටේට්_STRAIGHT_කර_ගන්න_පුලුවන්_100%ක්ම_ස්වාභාවික_ක්රමයක්_මෙවර...

සුන්දර දිදුලන කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට වටිනම අාභරණයක්.කොණ්ඩෙට විවිධ විවිධ විලාසි්‍රතා කරන්නත් කාන්තාවන් අාස ඒ නිසාමයි.කොණ්ඩේ ස්ට්‍රේට් කිරීම වර්ථමායනේ වයස් බේදයක් නැතුවම ගොඩක් කාන්තාවන් සිදු කරන දෙයක්.නමුත් සමාන්‍යයෙන් හිසකෙස් ස්ට්‍රේට් භාවිතා කරන රසායනික ඔෟෂධ වගේම හිසකෙස් රත් කිරීමත් හිස කෙස් වලට හානි කරනව වගේම අහිතකර අතුරු ප්‍රථිඵල ගෙන දෙන්නත් පුලුවන්..ඒ නිසා #අපි_අායුර්වේද පිටුවේ අායුර්වේද රූ රහස් තුලින් අද කියන්නෙ යන්නේ බොහොම අඩු වියදමකින් නිවසේදිම හිසකෙස් ස්ට්‍රේට් කර ගන්න පුලුවන් 100%ක්ම ස්වාභාවික අතුරු ප්‍රථිඵල නොමැති ක්‍රමවේදයක්.

+අවශ්‍ය ද්‍රව්‍ය
*පොල්කිරි පීරිසි කෝප්ප 1ක්
*පිරිසිඳු පොල්තෙල්
*පිරිසිඳු මී පැණි
*කෝන් ෆ්ලවර්
*ලෙමන් යුෂ
*ජෙලටින් පවුඩර්

+සාදා ගන්නා අාකාරය
*පළමුව කෝන් ෆ්ලවර් සහ ජෙලටින් පවුඩර් තේ හැඳි 2බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න.

*පසුව පොල් කිරි භාජනයකට දමා මද ගින්නේ හොඳින් රත් කර ගන්න
*ලිප මත තිබියදීම එයට පිරිසිඳු පොල්තෙල් තේ හැඳි 2ක් දමා හොඳින් කලවම් කර ගන්න.

*කෝන් ෆ්ලවර් සහ ජෙලටින් පවුඩර් එකතු කර සාදා ගත් මිශ්‍රණය ලිප මත අැති මිශ්‍රණයට එකතු කර හොඳින් කළවම් කරන්න.
*මිශ්‍රණය හිස කෙස් වල අාලේප කල හැකි අයුරින් ඝණ වනතුරු(ක්‍රීමි ගතියක් එනතුරු) හොඳින් කළවම් කරන්න.

*ඉන්පසුව නිවෙන්නට හරින්න.
*මද රස්නයක් අැති විට මී පැණි තේ හැඳි 2ක් සහ ලෙමන් යුෂ තේ හැඳි 2ක් එකතු කර හොඳාන් මිශ්‍ර කර ගන්න.

+අාලේප කරන අයුරු

*පියවර 1- පිරිසිඳු වියළි හිස කෙස් පුංචි පුංචි ස්තරක් ගෙන මිශ්‍රණය ඉහළ සිට පහළට හොදින් අාලේප කරන්න.

*පියවර 2 - පසුව එම හිස කෙස් ස්තරය පළම සහ දෙවන රූපයන්හි දැක්වෙන පරිදි හොඳින් අැද කටු හිසවටා ඔතා කටු මගින් තදින් රඳවා ගන්න.

*පියවර 3 - මේ අාකරයට තෙවන සහ සිවිවන රූපයන් හි දැක්වෙන පරිදි මුලු කෙස් කළඹේම මිශ්‍රණය අාලේප කර ගන්න.

*පියවර 4 - පස්වන රූපයේ පරිදි උණුසුම් තෙත තුවායකින් හිස කෙස් ඔතා මිනිත්තු 30ක් පමණ තබන්න

*පියවර 5 - ඉන්පසුව මඳ රස්නයක් සහිත ජලයෙන් කන්ඩිෂනර් එකක් භාවිතා කර හිස සෝදා හරින්න.කිසිවිටෙක ෂැම්පු භාවිතා නොකරන්න.

+සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු

*පෙර සඳහන් කළ පරිදි කිසි විටෙක ෂැම්පු භාවිතා නොකරන්න.(සතියක් ගතවන තුරු)

*හිස කෙස් සේදීමෙන් අනතුරුව කිසි විටෙක තුවාය හෝ හෙයා ඩ්‍රයර් අාදිය භාවිතයෙන් හිස කෙස් වියලීම සිදු නොකරන්න. #හිස_කෙස්_ස්වාභාවිකවම_වියලෙන්නට_ඉඩහරින්න.

*හිසකෙස් ස්වාභාවිකව වියලෙන අතරතුරු පනාවකින් ඉහල සිට පහළට මෘදුව පීරන්න.

*සතියක් ගතවන තුරු ෂැම්පු සිලිකන් වැනි කිසිඳු රසායනික අාලේපන වර්ගයක් හිස කෙස් වල ගැල්වීමෙන් වළකින්න.

සතියක දෙවරක් මේ ක්‍රමය භාවිතා කරන්න පුල්‍රවන් නම් ඉතාම ඉක්මනින් 100% ස්වාභාවිකවම ගෙදර ඉදන්ම කොණ්ඩෙ ස්ට්‍රේට් කර ගන්න ඔයාට පුලුවන්.

ලස්සන සිහින් සිරුරකට හීන මවන යුවතියන් වෙනුවෙන් තරබාරුබව අඩු කර ගන්න අායුර්වේද ප්‍රතිකර්ම සමඟ අායුර්වේද රූ රහස් මීළඟ ලිපියෙන් හමුවෙමු.

#අායුර්වේද_රූ_රහස්_06

#ලස්සන_සිහින්_සිරුරක්_ලබා_ගන්න



අායුර්වේද රූ රහස් පසුගිය ලිපියෙන් අපි ඔබට පොරොන්දු උනා තරබාරුබව අඩු කරල ලස්සන සිහින් සිරුරක් ලබා ගන්න අවශ්‍ය පුංචි පුංචි ටිපස් ටිකක් කියනවා කියල.පොරොන්දුව ඉටු කරන්න ටිකක් කල් ගත උන එකට නම් සමා වෙන්න.

තරබාරුව,උදරය ඉදිරියට නෙරා ඒම කියන්නේ අද කාලේ ගොඩක් තරුණ තරුණියන්ට තියෙන ගැටලුවක්.ඒ වගේම එයාල ඒකට ගන්න එකම විසඳුම තමයි ඩයට් කරන එක.අැත්තටම කිව්වොත් ඩයට් කරන එක අද කාලේ ස්ටයිල් එකක්.හැබයි ලස්සන වෙන්න කියල නොකානොබී ඉන්න ගියොත් නම් වෙන්නේ ඔයාගෙ තියෙන ලස්සනත් නැති වෙන එක වගේම නැති ලෙඩත් හදා ගන්න එක.ඉතිං ඒ නිසා අපි අද කියන්න යන්නේ ඔයාගේ චර්යා රටාවේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරල බර අඩු කර ගන්නේ කොහොමද කියල.

1.උදෑසන අවදි වන්න.
ඔයා කම්මැලිකමට උදේ 7, 8 විතර වෙනකම් නිදා ගන්න කෙනෙක් නම් (මම මේ කියන්නෙ හැමදාම මෙහෙම නිදා ගන්න අයට..ඉඳල හිටල දවසක් නිදාගන්න අය ගැන නෙමෙයි) ඔයාට ටිකක් අමාරු වෙයි බර අඩු කරගන්න.ඒ නිසා උදේ පාන්දරම අවදි වෙන්න පුරුදු වෙන්න.

ඒ වගේම නැගිට්ට ගමන්ම වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න.ඔයාට ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්වයක් නැත්නම් මේ වතුර වීදුරුවට දෙහි හරි ලෙමන් හරි බිංදු දෙක තුනක් එකතු කර ගත්තත් කමක් නැහැ.

2.හැමදාම ව්‍යායාම කරන්න.
මොනතරම් අාහාර පාලනය කලත් ඔයා ව්‍යායාම කරන්නෙ නැත්තම් ඔයාට කෙට්ටු වෙනවා කියන එක හීනයක්ම විතරයි.ඒ නිසා දිනකට පැයක් පමණ ව්‍යායාම කරන්න පුරුදුවෙන්න. ඔයාට උදේ කාලයේදි උදෑසන අාහාරය ගන්න කලින් ව්‍යායාම කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

අැත්තටම ව්‍යායාම කියල මහා ලොකු දේවල් නෙමෙයි විනාඩි 30ක් එක දිගට අැවිදින එක දිවීම, පිහිනීම එහෙම නැත්තම් යෝග අභ්‍යාස වල නිරතවෙන එකත් කරන්න පුලුවන්.

3.උදෑසන අාහාරය.
ඔයා උදේට තේ බොන කෙනෙක් නම් අනිවාර්යෙන්ම තේ එකට ඉඟුරු කැබැල්ලක් හෝ කුරුඳු කැබැල්ලක් දාන්න අමතක කරන්න එපා.ඔයා ගොඩක්ම මහත කෙනෙක්නම් වෙළඳපොළේ තියෙන විශ්වාසවන්ත කුරුඳු තේ වර්ගයක් භාවිතා කරනවා නම් වඩාත් හොඳයි.(වෙනත් විවිධ රසායනික අඩංගු තේ පානයන්ට වඩා.)

ඔයා උදේට කිරි බොන කෙනෙක් නම් නැවුම් එළකිරි වීදුරුවක් බොන්න පුරුදු වෙන්න..

ඒ වගේම උදෑසන අාහාරය ලෙස විවිධ ධාන්‍ය වර්ග,සව් වර්ග කැඳ වර්ග වගේ දෙයක් කුස පිරෙන්න ගන්නවා නම් වඩාත් හොඳයි.මොකද උදෑසන අාහාරය ලෙස සුදුසු වෙන්නේ කැලරි ප්‍රමාණය අඩු ශක්තිජනක අාහාරයක්.

ඔයාට ඉක්මනින්ම කෙට්ටු වෙන්න ඕන නම් සතියකට දෙපාරක් විතර උදේ අාහාරය විදියට කොල්ලු අැට ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

4.දිවා අාහාරය
දිවා අාහාරය දවල් 12.00ත් 01.30ත් අතර ගන්නවා නම් වඩාත් හොඳයි.දවල් අාහාරය ලෙස සමබල අාහාර වේලක් ගන්න අමතක කරන්න එපා.

ඒ වගේම කාලා ඉවර උන ගමන් නිදා ගන්න එකත් කාලා ඉවර උන ගමන්ම වාඩි වෙලා ඉන්න එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.මොකද උදරය ඉදිරියට නෙරා එන්න මේ හේතු දෙකත් ගොඩක් බලපානවා.

5.රාත්‍රී අාහාරය.
රාත්‍රී අාහාරය විදියට කාබෝහයිඩ්‍රේට අවම අාහාරයක් ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු.තැම්බු එළවලු,එළවලු සුප් එකක් වගේ දෙයක් වඩාත් හොඳයි.ඒත් රාත්‍රියට පළතුරු අාහාරයට ගන්න එක නම් අනුමත කරන්න බැහැ.

6.කොළ පැහැති පළතුරු කන්න.
කොළ පැහැති පළතුරු වල අැති කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය අවම නිසා තමයි කොළ පැහැති පළතුරු වැඩිපුර කන්න කියන්නේ.

අාහාර වේලක් අවසන් උන ගමන්ම පළතුරු කන එක අපේ පුරුද්දක් නේ..ඒ උනාට ඒක ඒ තරම් හොද දෙයක් නෙමෙයි.පළතුරු කන්න හොඳම වෙලාව තමයි අාහාර වේල් දෙකක් අතර අැති අතරමැදි කාලය.

7.ප්‍රමාණවත් තරම් ජලය පානය.
ඔයා මේ මොන දේ කලත් කෙට්ටුවෙන්න ඕන නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන එකත් හරිම වැදගත්.

මේ හැමදේම කරන අතරේ තරබාරුබව අඩු කරගන්න අායුර්වේදයේ අැති විශ්මිත වට්ටෝරු කිහිපයක් මීළග ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

#අායුර්වේද_රූ_රහස්_07

#ලස්සන_සිහින්_සිරුරක්_ලබා_ගන්න part 2

ු_කර_ගන්න_අායුර්වේදයේ_විශේෂ_වට්ටෝරු

පසුගිය ලිපියෙන් අපි ඔබට කිව්වේ ලස්සන හැඩති සිරුරක් ලබා ගන්න නම් කරන්න ඕන මොනවද කියල...ඒ් වගේම අපි ඒ ලිපියෙන් පොරොන්දු උනා සිරුරේ බර අඩු කර ගන්න පුලුවන් අායුර්වේදයේ සඳහන් විශේෂිත වට්ටෝරු කිහිපයක් කියල දෙනවා කියල.මේ ලෑස්ති වෙන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න.

1.ඉඟුරු පානය

හොඳින් සුද්ද කරගත් අලුත් ඉඟුරු කැබැල්ලක් සිහින් පෙති වලට කපල වතුර දාලා තම්බන්න.ඊට පස්සේ නිවෙන්න තියල සීනි ලුණු කිසිම දෙයක් එකතු කරන්නේ නැතුව. උදේට බොන්න.
මෙහෙම හදා ගත්ත ඉඟුරු පානය දවසකට වීදුරුවක් වගේ බොන්න පුලුවන් නම් බර අඩු කර ගන්න විතරක් නෙමෙයි තවත් රෝග ගණනාවකට හොඳ ඔෟෂධයක්.මේකට මී පැණි හැන්දකුත් දෙහි බිංදු කිහිපයකුත් එකතු කර ගන්නව නම් තවත් හොඳයි.හැබැයි ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් දෙහි එකතු කර ගන්නේ නැති එක වඩාත් හොඳයි.

2.කුරුඳු තේ.
කුරුඳු ටී එක අද වෙළඳපොළේ ඉතාමත් ජනප්‍රියයි.ඒ උනත් ඔයාට ස්වාභාවික කුරුඳු පොතු ටිකක් හොයාගෙන ගෙදරදිම කුඩු කරල කුරුඳු පවුඩර් එක හදා ගෙන තියා ගන්න පුලුවන් නම් ඒක වඩාත් සෞඛ්‍ය අාරක්ෂිතයි කෘතිම රසානික වර්ග අඩංගු නිෂ්පාදන කඩෙන් ගන්නවට වඩා.

උදේ හෝ හවස ඔයා බොන තේ එකට මේ කුරුඳු පවුඩර් ටිකක් එකතු කර ගන්නවා නම් ඒක බර අඩු කර ගන්න ලොකු උදව්වක් වේවි.

3.කැකිරි ජූස්.
බොහෝ දෙනෙක් නොදන්නවා උනත් කැකිරි කියන්නේ බොහොම හොඳ ෆැට් බ'නර් එකක්.
කැකිරි ගෙඩිය පොතු පිටින්ම පොඩි පොඩි කැබලි වලට කපලා බ්ලෙන්ඩ් කරල කැකිරි ජූස් එක හදා ගන්න පුලුවන්.හැබැයි බොන්න කලින් පෙරන්න අමතක කරන්න එපා.සීනි නැතුව බොනවා නම් තමයි වඩාත් හොඳ.හැමදාම නැතත් සතියකට දෙපාරක් මේ කැකිරි ජූස් එක බොන්න පුලුවන් නම් ඔයාගෙ බර අඩු කර ගන්න ලොකු උදව්වක් වේවි.

4.දෙහි යුෂ
වතුර වීදුරුවකට දෙහි ගෙඩියක යුෂ එකතු කරල ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉහල උදේට හිස් බඩ පානය කරන්න පුලුවන් නම් ඒකත් හොඳ ක්‍රමයක් සිරුරේ අනවශ්‍ය මේදය අඩු කර ගන්න.
හැබැයි මේක බීල විනාඩි 30ක් යනකම් වෙන මුකුත් අාහාර නොගන්නවා නම් තමයි හොඳ.

මතක තියා ගන්න ඕන කාරණය තමයි අපි පසුගිය ලිපියේ කිව්වා වගේම මේක ගැස්ට්‍රයිටිස් වලින් පෙලෙන කෙනෙක්ට නම් සුදුසු වෙන්නේ නෑ.

5.සුදු ලූණු
දහවල් අාහාර වේලෙන් පස්සේ සුදු ලූණූ බිකි 03ක් හොඳට හපලා කාලා දෙහි ගෙඩියක ඉස්ම එකතු කර ගත්තු වතුර වීදුරුවක් බොන්න.ඒකත් සිරුරේ බර අඩු කරගන්න හොඳ ක්‍රමයක්.

මේ කිව්ව ටික නම් සමහර විට ගොඩක් අය දන්නවා වෙන්නත් පුලුවන්.හැබැයි ඊළඟට කියන්නේ බොහෝ දෙනෙක් නොදන්න.....ඒත් සිරුරේ බර අඩු කරන විශ්මිත වට්ටෝරු දෙකක් ගැන.

#කෝමාරිකා_කලුදුරු_පානය
කෝමාරිකා වල ගුණ හැමෝම දන්න දෙයක්නේ. කෝමාරිකා සිරුරේ Metabolism Rate එක වැඩි කරල අනවශ්‍ය මේදය දහනයට උපකාරි වෙනවා.

කෝමාරිකා පෙති දෙකක මද
කලුදුරු පව්ඩර් ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
අරලු කුඩු ස්වල්පයක්
රසකිඳ කුඩු ස්වල්පයක්

උණුසුම් වතුර වීදුරුවකට දාලා ටිකක් වෙලා තැම්බෙන්න තියල පෙරා ගෙන මී පැණි හැන්දක් එකතු කරල බොන්න.ඒ වගේම පැයක් යනකම් කෑම නොකා ඉන්නත් අමතක කරන්න එපා.

මේ පානය බර අඩු කරගන්න විතරක් නෙමෙයි ගැස්ට්‍රයිටිස් තියෙන අයටත් ඉතාමත් ගුණදායකයි.ඒ වගේම ඔයා උෂ්ණාධික සිරුරක් තියෙන කෙනෙක් නම් මේ පානය සිරුර සිසිල් කරන්න ගොඩක් හොඳයි.

#කලුදුරු_කොත්තමල්ලි_ටී

කලුදුරු පවුඩර් තේ හැදි 1/2ක්
මහදුරු පවුඩර් තේ හැදි 1/2 ක්‍
කොත්තමල්ලි පවුඩර් තේ හැඳි 1/2ක්

වතුර වීදුරු දෙකකට මේ ටික එකතු කරල විනාඩි 5ක් විතර තම්බන්න.නිවුනට පස්සේ හොදින් පෙරා ගෙන දවස පුරා ටික ටික බොන්න..අවශ්‍යම නම් සීනි ටිකක් එකතු කර ගත්තට කමක් නෑ.

මේ හැමදෙයක්ම කරන අතරේ අපි කලින් ලිපියේ කිව්ව උපදෙස් පිළිපදින්නත් අමත කරන්න එපා.මොකද අාහාර වලින් විතරක්ම බර පාලනය කරනවට වඩා නිවැරදි ජීවන රටාවක් තුලින් බර පාලනය කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ..ඒ වගේම ඒක නීරෝගි ජීවිතයකටත් ගොඩක් උපකාරී වේවි.

යටිපතුල් පැලීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක්.
අායුර්වේද රූ රහස් මී ළඟ ලිපියෙන් යටිපතුල් පැලීමට ස්වාභාවික ප්‍රතිකර්ම....

කොන්ඩේ සුදු වෙලාද? කොන්ඩේ වැවෙනවා අඩුයිද? ඉක්මනට වවාගන්න ඕනද? එහෙනම් එකම විසදුම.....දැන්ම whatsapp button එක click කරලා ...
13/12/2025

කොන්ඩේ සුදු වෙලාද? කොන්ඩේ වැවෙනවා අඩුයිද? ඉක්මනට වවාගන්න ඕනද? එහෙනම් එකම විසදුම.....දැන්ම whatsapp button එක click කරලා order කරන්න...
තොග සීමිතයි....

゚viralシ

06/12/2025

අවධානය වැඩි කිරීම සඳහා ආයුර්වේදික උපදෙස්

අවධානය වැඩි කිරීම සඳහා ආයුර්වේදික උපදෙස්

1. පෝෂණාත්මක ආහාර
උදාර සහ ධාරිතාව වැඩි කරන ආහාර: අළු, ගෙඩි, තක්කාලි, සීනි අඩු ආහාර.

මොළයට හොඳ විටමින් සහ මිනිරන්: අමු බඩ ඉරියව්, ධාන්‍ය, බීජ (බිංජ, අල්මන්ඩ්).

ආයුර්වේද අනුව: “බ්‍රහස්පති ආහාර” (ගෝව, තක්කාලි, හරිත කොළ) මනස ශක්තිමත් කරයි.

2. දිනපතා ධ්‍යානය (Meditation)
දිනපතා 10–15 මිනිත්තු ධ්‍යානය.

සිත් ස්ථායී කර, අවධානය වැඩි කරයි
“ප්‍රාණායම (Pranayama)” – සුසුම් පාලනය, මනස සන්සුන් කරයි.

3. ව්‍යායාම
දිනපතා 20–30 මිනිත්තු ශාරීරික ව්‍යායාම (යෝගා, නඩිය, ජගින්).

මොළයට රුධිරය ප්‍රවාහනය වර්ධනය කර, සිත සජීවී කරයි.

4. හොඳ නිදා ගැනීම
පැය 7–8 ක පූර්ණ නිදා ගැනීම.

නිදා ගැනීම මනස සන්සුන් කර, අවධානය වැඩි කරයි.

5. සුවඳ සහ ආයුර්වේද තෙල්
ශ්‍රිංගාරා (Essential Oils): උදේ, ලෙවන්ඩර්, තිළිණ තෙල් මනස සන්සුන් කරයි.

නිතර සුවඳ හරහා මනස ස්ථායී කර, අවධානය වැඩි කරයි.

6. ආහාර වර්ගීකරණය සහ කාලසටහන
කාලසටහනකට අනුගමනය කළ ආහාර: උදේ, මධ්‍යහ්න, රාත්‍රී.

දවසේදී කාර්යය සහ ආහාරය සුමට වෙන් කිරීම මනස ස්ථායී කරයි.

7. මනෝවිවේක (Mental Breaks)
වැඩ අතර කෙටි විරාම 5–10 මිනිත්තු.

ගහ, ජලය, හරිත පැළෑටි හමුවීම මනස නැවුම් කරයි.

ආයුර්වේදය මනස සහ ශරීර සම්බන්ධතාවය මත අවධානය වැඩි කරන උපදෙස් ලබා දේ
“ආහාර, ව්‍යායාම, ධ්‍යානය, නිදා ගැනීම, සුවඳ” – මෙම සියල්ල එකට අනුගමනය කිරීමෙන් අවධානය ස්ථායී වේ.

06/12/2025

අවධානය වැඩි කිරීමේ ඖෂධ

අවධානය වැඩි කිරීම සඳහා බොහෝ විට ඖෂධ භාවිතය සිදු කරන්නේ මානසික හෝ සෞඛ්‍ය-related අවධාන අඩුවීම් (Attention Deficit) සඳහාය. මෙය වඩාත්ම ප‍්‍රසිද්ධය ADHD (Attention Deficit Hyperactivity Disorder) ඇති පුද්ගලයන්ට ලබා දෙන ඖෂධ කිහිපයකි.

1. ස්ටිමුලන්ට් ඖෂධ (Stimulants)
මෙම ඖෂධ මොළයේ රසායනික සන්නිවේදන (Neurotransmitters) සම්බන්ධයෙන් කටයුතු කරයි.
මධුර ප්‍රභේද:
Methylphenidate (උදා: Ritalin, Concerta)
Amphetamine salts (උදා: Adderall)
ප්‍රතිලාභ:
අවධානය වැඩි කිරීම
මනෝධාරාව වැඩි කිරීම
ක්‍රියාකාරකම් වඩා පාලනය කළ හැකි වීම
අතුරුපිළිවෙල:
නින්දේ අපහසුතාව
උත්තේජනය, උණ, උදර වේදනා

2. නො-ස්ටිමුලන්ට් ඖෂධ (Non-stimulants)
ස්ටිමුලන්ට් භාවිතා නොහැකි පුද්ගලයන් සඳහා.
උදාහරණ: Atomoxetine (Strattera)
ප්‍රතිලාභ:
අවධානය වැඩි කිරීම
ආතතිය සහ මනෝභාරය අඩු කිරීම
අතුරුපිළිවෙල:
හිසරදය
උණ, උදාහරණ ලෙස කුඩා උදර අපහසුතා

3. ආහාර හා සෞඛ්‍ය සම්පුර්ණක ඖෂධ/සහය
Omega-3 fatty acids (මාළු, බීජ)
විටමින් B, මැග්නීසියම්, සෙලිනියම්
කාන්තාර/හරිත කොළ ආහාර
මෙවැනි පෝෂක ද්‍රව්‍ය මොළයේ සෞඛ්‍යය සහ අවධානය වර්ධනයට උදව් කරයි.

06/12/2025

අවධානය වැඩි කිරීමේ ප්‍රතිපල

1. කාර්ය සාධනය වැඩි වීම
වැඩ නිවැරදිව සහ වේගවත් සිදු කිරීම.
වැරදි අඩුවීම සහ ගුණාත්මකභාවය වැඩි වීම.

2. මතකය සහ සිතුවිලි ශක්තිමත් වීම
කෙටි කාලීන සහ දිගු කාලීන මතකය වඩා සුවිශේෂී වීම.
අධ්‍යයන සහ කාර්යය හැසිරවීමේ හැකියාව වැඩි වීම.

3. මානසික සාමය සහ සන්සුන් බව
ආතතිය සහ තර්ජනය අඩුවීම.
සිත් සන්සුන් සහ මනස සුව පවතින බව.

4. නිර්මාණාත්මකත්වය වැඩි වීම
නව අදහස් උපජනනය සහ සිතුවිලි නිර්මාණශීලී බව වැඩි වීම.
ගැටලු විසඳීමේ හැකියාව වැඩි වීම.

5. සමාජ හා වෘත්තීය ජීවිතය හොඳ වීම
වැඩ සාර්ථකව නිම කිරීමෙන් විශ්වාසය සහ සමාජ සම්බන්ධතා ශක්තිමත් වීම.
වෘත්තීය ජීවිතයේ කාර්ය සාධනය වැඩි වීම.

6. ශාරීරික සෞඛ්‍යය සහ ශක්තිය
නිදා ගැනීම සහ ව්‍යායාම නිසා ශාරීරික ශක්තිය වැඩි වීම.
මොළයේ රුධිර සිරකම් සහ සෞඛ්‍යය වඩා හොඳ වීම.

අවධානය වැඩි කිරීම කියන්නේ කාර්ය සාධනය, මනෝභාවය, මතකය, නිර්මාණාත්මකත්වය සහ සමාජ ජීවිතය වඩා හොඳ කිරීමයි.

06/12/2025

අවධානය වැඩි කිරීමට සැලකිය යුතු කරුණු

1. පරිසරය පාලනය කිරීම
වැඩ කරන තැන සන්සුන් සහ සංස්කරණ රහිත විය යුතුයි.
දුරකථන, සමාජ මාධ්‍ය, රූපවාහිනී වැනි අවධානය බිඳ දැමිය හැකි දේවල් අවහිර කරන්න
2. කාල කළමනාකරණය
වැඩ කෙටි කාලවලට බෙදා හදා කරන්න (උදා: 25 මිනිත්තු වැඩ + 5 මිනිත්තු විරාමය – “පොමෝඩොරෝ” ක්‍රමය).
මෙය මනස දිගු කාලයක් අවධානයෙන් තබා ගැනීමට උදව් කරයි.

3. මනස පුහුණුව
දිනපතා ධ්‍යානය (Meditation) 10–15 මිනිත්තු පවත්වා ගැනීම.
සිත් සුව කිරීම සඳහා කෙටි විරාම මොහොතක් ගන්න.

4. ආහාර හා නිදා ගැනීම
ප්‍රෝටීන් සහ Omega-3 අඩංගු ආහාර ලබාගන්න.
සුව නිදා ගැනීම (පැය 7–8) මනෝධාරාව සහ අවධානය වැඩි කරයි.

5. ව්‍යායාම
දිනපතා 20–30 මිනිත්තු ශාරීරික ව්‍යායාම කිරීම මොළයේ රුධිර සිරකම් වැඩි කරයි.

6. කාර්යයන් වෙන් කිරීම
එකම වේලාවේ බහුල කාර්ය නොකිරීම.
“අද කළ යුතු දෙය” ලැයිස්තු තබා ඒකට අවධානය යොමු කරන්න.

7. තරම් වැඩි වශයෙන් විවේක ලබා ගැනීම
වැඩට පසු කෙටි විරාම (5–10 මිනිත්තු) ගැනීම මනස අලුත් කරයි.

06/12/2025

අවධානය වැඩි කිරීම යනු

අවධානය වැඩි කිරීම යනු – සිත් ඇදගන්නා හැකියාව, මනසක් එක් කර තිබිය යුතු කාර්යය හෝ විෂයය පිළිබඳව ස්ථිරව අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි කිරීමයි.
සැලකිය යුතු කරුණු:

අවධානය යොමු කිරීම – ඔබේ සිතුවිලි, හැඟීම්, ක්‍රියාකාරකම් එකක්ම කරුණකට යොමු කිරීම.

අවධානය පවත්වා ගැනීම – කාලය තුළ ඔබේ සිත් තවත් විෂයයන්ට නොහරින ලෙස පවත්වා ගැනීම.

සමහර විට මනෝධාරාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම

– වැඩි අවධානය නිසා කාර්යය වේගවත් සහ නිවැරදිව සිදු වේ.

සරල වචන වලින්, “අවධානය වැඩි කිරීම කියන්නේ ඔබේ සිත් එක කරුණකට අවධානයෙන් යොමු කර, විකල්ප හෝ බාධක වලින් බලපා නොවන ලෙස පවත්වා ගැනීම” යි.

06/12/2025

අවධානය අඩුවීම වැළැක්වීමේ

අවධානය අඩුවීම වැළැක්වීමේ උපදෙස්

1. පරිසරය පාලනය කරන්න
වැඩ කරන තැන සන්සුන් සහ සංවිධානාත්මක තැනක් තෝරන්න.
දුරකථන, සමාජ මාධ්‍ය, රූපවාහිනී වැනි විකර්ෂණ අවහිර කරන්න.

2. කාර්යයන් වෙන් කරන්න
එකවර බහුල කාර්ය නොකිරීම.
“අද කළ යුතු දෙය” ලැයිස්තුවක් සකසා ඒකට අවධානය යොමු කරන්න.

3. කාල කළමනාකරණය
වැඩ කෙටි කාලවලට බෙදා (උදා: 25 මිනිත්තු වැඩ + 5 මිනිත්තු විරාමය).
“පොමෝඩොරෝ” ක්‍රමය අනුගමනය කරන්න.

4. මනස පුහුණුව
දිනපතා ධ්‍යානය (Meditation) 10–15 මිනිත්තු.
කෙටි විරාම මොහොතක් ගනිමින් සිත් සන්සුන් කරන්න.

5. ශාරීරික ව්‍යායාම
දිනපතා 20–30 මිනිත්තු ව්‍යායාම.
මොළයේ රුධිර සිරකම් වැඩි කර, මනස සජීවී කරයි.

6. නිදා ගැනීම සහ ආහාර
පැය 7–8 ක පූර්ණ නිදා ගැනීම.
ප්‍රෝටීන්, විටමින් B, Omega-3 ආහාර ලබා ගන්න.

7. විවේක සහ මනෝවිවේක
වැඩ අතර කෙටි විරාම (5–10 මිනිත්තු).
වැඩ නිමවූ පසු මනස සන්සුන් කර ගැනීමට විවේක මොහොතක්.

8. තාක්ෂණික සහ සංස්කෘතික පාලනය
සමාජ මාධ්‍ය සහ වීඩියෝ බලන කාලය සීමා කරන්න.
අවධානය බිඳ දැමිය හැකි තොරතුරු වලට මනස නොහැරීම.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when API Ayurveda අපි ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to API Ayurveda අපි ආයුර්වේද:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram