16/04/2019
නිවැරදිව මලපහ කරන ඉරියව් ගැන ඔබ දැනුවත්ද??
මෙම වැරදි චර්යාවන් නිසා ලෝක ජනගහනයෙන් 10%-15% පමන ආහාර මාර්ගයේ ආන්ත්‍රික පිලිකා, මලබද්ධය, අර්ශස්,ආන්ත්‍රික ඉදිමීම් , බඩේකැක්කුම් වලින් පීඩාවිදින බව ඔබ නිකමටවත් සිතුවාද??
අද අප විමසාබලන්නේ සමාජයේ ඉතාමත් සුලු වශයෙන් කතාබහට ලක්වන කතාකිරීමට අකමැති ඉතාම සුලුපිරිසක් පමණක් දැන සිටින නමුත් ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ගනනාවකින් වැලකීම සදහා ඔබ අත්‍යවශ්‍ය වශයෙන්ම දැනසිටිය යුතු පිලිපැදිය යුතු නිවැදිව මලපහ කිරීමේ ඉරියව්ව ගැනයි.
අද වනවිට කාර්යබහුල දිවිපෙවෙතත් සමග මිනිසුන් බොහෝප්‍රමානයක් ඉපැරනි වැසිකිලි ක්‍රම වලින් ඉවත්වී නානකාමර වල සවිකරන ඇති කොමොඩ් තම මලද්‍රව්‍ය පිටකිරීමට යොදාගනී. නමුත් ඉස්සර අප භාවිතා කල ක්‍රමවේදය ස්වභාවිකවම සතුන්ට උරැම වූ නිවැරදිම ඉරියව්ව බව ඔබ දැන සිටියේ නැහැනේද??
අද බොහො පිරිසක් කොමඩ්වල වාඩීවී ඉදිරියට නැමී තම ජන්ගම දුරකතන බාවිතාකරමින් හෝ දිගාවී පත්තරයක් බලමින් හෝ අන්ශක 90ක ඉරියව්වකින් වාඩිවී මලපහ පිටකිරීම සිදුකරයි. නමුත් මෙහිදී ආහාර මාර්ගයේ පහල ගුද මාර්ගය ආශ්‍රිත කොටස් දිගටම සන්කෝචනය කලයුතු අතර ඒ ආශ්‍රිත පේශිද සන්කෝචනය කිරීම කලයුතුය. මෙය කාලයක් තිස්සේ දිගටම සිදුවීමේදී ඉහත සදහන් කල රෝගී තත්ව වලට ගොදුරැවීමේ දැඩි ප්‍රවනතාවයක් තිබේ.
නමුත් පාද අන්ශක 35 ක ඉරියව්වකට රෑපයේ දක්වා ඇති පරිදි නැතහොත් ග්‍රාමීය ව්‍යවාහාරයට අනුව ඇන තියාගෙන මලපිටකිරීම තුලින් ගුදමාර්ගය ආශ්‍රිත පේශි ලිහිල් වී ආහාර මාර්ගයේ පහල ගුද මාර්ගය ආශ්‍රිතව ස්වබාවයෙන්ම ලිහිල්වීමකට ලක්වේ. මේ නිසා ශරීරය විසින්ම මල පිටකිරීම පහසු කරවයි.
ඉතින් ඔබ නිවැරදි ඉරියව් මලපහ කිරීමේදී පමනක් නොව හැකිසෑම විටම සෑම කටයුත්තකදීම ඇවිදීම නැමීම දිවීම ආදී එදිනෙදා සියලු කටයුතු වලදී භාවිතකිරීමට ඥානාන්විතවන්න. නොදන්න අය පවුලේ අය මේ පිලිබද දැනුවත් කරන්න. අර්ශස් වලින් මලබද්දයෙන් පිලිකාවලින් පීඩාවිදින අයගේ වේදනාව සමහරවිට ඔබ දැක ඇති. තවත් අයෙකුගේ ජීවිතය සුවපත් කිරීමට උදව්වන්න. වේදනාවන් වලින් මිදී නිවැරදි ඉරියව් ගැන දැනුවත් වීමට ඔබට තවදුරටත් අවශ්‍යනම් පලපුරැදු භෞත චිකිත්සකයෙකු හමුවී Physiotherapy භෞත චිකිත්සක ප්‍රතිකාරක්‍රම වලට යොමුවන්න
ඔබව දැනුවත් කල අපි
Physio Kandy
physiotherapy and sport rehabilitation centre
0813 130 130