14/03/2026
අපිට අමතක වුණ "දිට්වා" සහ නොපෙනෙන මානසික තුවාල... 🌪️
මෑතකාලයේ අපේ රටට බලපෑ "දිට්වා" (Dittwah) කුණාටුව අද වෙද්දි අපෙන් බොහෝ දෙනෙකුට අමතක වෙලා. කැඩී බිඳී ගිය ගොඩනැගිලි, ගස්කොළන් නැවත යථා තත්ත්වයට පත් වුණත්, ඒ ව්‍යසනයෙන් මිනිසුන්ගේ මනසට සිදු වූ හානිය තවමත් අවසන් නැහැ.
බාහිර පරිසරය යථා තත්ත්වයට පත් වුණත්, බොහෝ දෙනෙකුගේ හිත් ඇතුළේ ඒ කුණාටුව තවමත් නිහඬවම හමාගෙන යනවා වෙන්න පුළුවන්.
මෙවැනි ස්වභාවික ව්‍යසනයකින්, සමාජ අර්බුදයකින්, යුධමය තත්ත්වයකින්, කුඩා කාලයේ අමිහිරි අත්දැකීමකින් හෝ ලිංගික හිංසනයකින් පසුව මිනිස් මනසට බලපාන ප්‍රධානතම මානසික අක්‍රමිකතාවයක් වන්නේ පශ්චාත්-ව්‍යසන ක්ලමථ අක්‍රමිකතාවය යි (PTSD – Post Traumatic Stress Disorder).
PTSD කියන්නේ නිකම්ම දැනෙන මානසික පීඩනයක් නෙවෙයි. එය දරුණු කම්පනයක් දරාගැනීමට මොළය අපහසුතාවයට පත්වන සංකීර්ණ තත්ත්වයක්. විශේෂත්වය වෙන්නේ, ව්‍යසනයක් සිදු වී මාස කීපයකින් හෝ අවුරුදු කීපයකින් වුවද මෙම ලක්ෂණ මතු විය හැකි වීමයි.
මේ ලක්ෂණ ඔබ තුළ හෝ ඔබේ සමීපතමයෙකු තුළ තිබෙනවාදැයි අවධානය යොමු කරන්න:
- අමිහිරි මතකයන්: සිදුවීම නැවත නැවත මතක් වීම සහ බියකරු සිහින පෙනීම.
- මඟහැරීම: ව්‍යසනයට ලක් වූ ස්ථාන, සිද්ධීන් හෝ ඒ ගැන කතා කිරීම මඟහැරීම.
- ඍණාත්මක සිතුවිලි: අනෙකාව විශ්වාස නොකිරීම, සමාජයෙන් හුදෙකලා වීම, එදිනෙදා වැඩ මඟහැරීම සහ බලාපොරොත්තු සුන් වූ ස්වභාවය.
- අධික නොසන්සුන්භාවය: නින්දේ අක්‍රමිකතා, අධික තරහව, සහ නිතරම කලබලකාරී/බියපත් ස්වභාවයකින් පසු වීම.
🌱 ඔබේ ජීවිතයට කුඩා උපදෙසක්:
ජීවිතය කියන්නේ වැටෙමින් නැවත නැගිටින ගමනක්. අතීතයේ සිදු වූ කම්පනයන් ඔබේ අනාගතය තීරණය කරන්නේ නැහැ. ඔබ හිතනවාට වඩා ඔබ ගොඩක් ශක්තිමත්. වේදනාවන් තනියම දරාගෙන සිටීම නෙවෙයි, එයින් මිදෙන්නට සහයෝගය පැතීමයි සැබෑ ශක්තිය කියන්නේ. ඒ වගේම, ඔබේ අවට සිටින මිනිසුන්ට කරුණාවන්ත වෙන්න. ඔබ නොදකින විශාල මානසික සටනක් ඔවුන් තනිවම කරනවා වෙන්න පුළුවන්. ඔබේ එක ආදරණීය වචනයක්, තවත් කෙනෙකුගේ ජීවිතයක් තරම් වටින්නට පුළුවන්.
මේ ගමන ඔබ තනිවම යා යුතු නැහැ.
ඔබේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් කතා කරන්න, දැනුම බෙදාගන්න සහ එකිනෙකාට ශක්තියක් වෙන්න Hidden Mirror අපි සූදානම්.
🤝 අපේ WhatsApp පවුලට එකතු වෙන්න:
ඔබේ ගැටලු කතා කරන්න, නිවැරදි මනෝවිද්‍යාත්මක මඟපෙන්වීම් ලබාගන්න අදම අපේ Hidden Mirror WhatsApp සමූහයට එකතු වෙන්න bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.
____________________
The Forgotten Storm: Cyclone Dittwah & The Invisible Scars 🌪️
It has been a while since Cyclone Dittwah swept through Sri Lanka. The fallen trees have been cleared, the homes rebuilt, and the physical damage has largely been repaired. For most of us, life has moved on. But for some, the storm is still raging silently inside.
While the physical wreckage is gone, many are still carrying the heavy emotional weight of that terrifying experience. As a psychologist, I want to shed light on a hidden reality: what happens when the dust settles but the mind cannot find peace.
Whether triggered by a natural disaster like Dittwah, a sudden crisis, conflict, childhood trauma, or abuse, the human mind can develop Post-Traumatic Stress Disorder (PTSD).
PTSD isn't just "feeling stressed" or simply remembering a bad day. It is a complex psychological condition where the brain struggles to process a deeply shocking or life-threatening event. Interestingly, these symptoms might not appear immediately; they can surface months or even years after the tragedy.
Look out for these silent signs in yourself or those around you:
- Intrusive Memories: Reliving the event, recurring nightmares, or sudden flashbacks.
- Avoidance: Deliberately staying away from places, people, or conversations that trigger the memory of the trauma.
- Emotional Numbing: Feeling detached, hopeless, losing trust in others, or losing interest in daily life.
- Hyperarousal: Unexplained anger, severe sleep disturbances, being easily startled, or constantly feeling "on edge."
🌱 A Gentle Reminder for Your Life:
Healing is not a linear process, and trauma does not define your future. You are incredibly resilient. If you are carrying heavy emotional baggage, remember that it is okay to put it down. True strength isn't about enduring pain in silence; it is about having the courage to seek help and heal. Be incredibly kind to those around you—everyone is fighting a battle you know nothing about. Sometimes, your single comforting word can save a life.
You don’t have to weather the storm alone. At Hidden Mirror, we are a community dedicated to mental well-being, sharing knowledge, and supporting each other through life's psychological hurdles.
🤝 Join our safe space: Click the link in the bio to join the Hidden Mirror WhatsApp Community and let's talk about healing
#දිට්වා #දිට්වාකුණාටුව #ශ්‍රීලංකා #ස්වභාවිකවිපත් #මනෝවිද්‍යාව #මානසිකසෞඛ්‍යය ිංහල #කම්පනය #මානසිකසුවය #සුවපත්දිවියක්