02/04/2026
ලංකාවෙ අපි ඉස්සර නම් කෑම එක ඔතාගෙන ගියේ කෙසෙල් කොලේ , නැත්ත්ං නෙලුම් කොලේ .....
ඒත් අද , පොලිතීන් කොලවල නේද ඔතන්නෙ ? එහෙම නැත්තං ප්ලාස්ටීක් කෑම පෙට්ටි වල නේද අරන් යන්නෙ .....?
අපි කන කෑම එකේ මොනවගේ කෑමද තියෙන්නෙ කියන එක වගේම අපි ඒ කෑම එක ඔතාගෙන අරං යන්නෙ කොහොමද කියන එකත් අපේ සෞඛ්‍යයට විශාල බල පෑමක් එල්ල කරනවා කියලා ඔයා නිකමටවත් හිතුවද ......?
බලන බලන තැන Cancer, බලන බලන කෙනාට හෝමෝන රෝග....
අද අපේ ලංකාවේ බහුතරයක්ම කරන්නේ… උණු බත් ටිකයි, රසට ගුනට හදාගත්ත කරි ටිකයි, පොලිතින් ශීට් එකක ඔතාගෙන ගිහින්, එහෙම නැත්නම් ප්ලාස්ටීක් කෑම පෙට්ටියක දාගෙන ගිහින් කන එක ......
හැබැයි… අපේ ආච්චිලා සීයල එහෙම කලේ නෑ.. එයාල උනුවෙන් හදාගත්ත කෑම ඔතාගෙන ගියේ කෙසෙල් කොලේ , එහෙම නැත්තං නෙලුම් කොලේ
මේක සම්ප්‍රදායක් විතරක් නෙවෙයි ...
අද අපි කතා කරමු මේ තුල සැගව තිබෙන අත්විතීය විද්‍යාතම කාරනා ගැන...
අපි මුලින්ම බලමු… පොලිතින් ගැන.
ඔයාලා දන්නවද… උණු බත් එකක්, තෙල් තියෙන කරියක්, ලුණු, ඇඹුල් වගේ දේවල් තියෙන කෑමක්… පොලිතින් එකකට දාලා ඔතද්දී, ඒ පොලිතින් වල තියෙන BPA , Phthalates, වගේ “chemical ” වර්ග අපේ කෑම එකට මිශ්‍ර වෙනවා.
මේකට කියන්නේ “chemical leaching” කියලා.
ඒ කියන්නේ…
පොලිතින් එක උණු වෙලා… ඒකේ තියෙන අහිතකර ද්‍රව්‍ය කෑමට මිශ්‍ර වෙනවා
මේ රසායනික අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ හෝමේන පද්දතියට අහිතකර විදියට බලපෑම් කරනවා
ඒ කියන්නේ… අපේ හෝමෝන ක් අසමතුලිත කරනවා.
ඒ නිසා …
• බර වැඩිවීම
• රුදිරයේ සීනි මට්ටම වැඩිවීම
• කොලෙස්ටරෝල් වැඩිවීම
• හදවත් රෝග
• පිරිමින්ගෙ ශුක්‍රාණු ගුණාත්මක බවින් හා ප්‍රමානයෙන් අඩුවීම
• කාන්තාවන්ට PCOS වගේ ගැටලු ඇති වීම
වැනි බොහෝ අහිතකර තත්ව ඇති කරන්න පුලුවන්
“ අපි හිතන්නෙ අපි කෑම හොඳට කනවා කියලා ඒත් ඇත්තටම අපි විෂ රසායනික ගොඩක් කාල නේද ?
හරි… දැන් අපි බලමු කෙසෙල් කොළ ගැන.
කෙසෙල් කොළ කියන්නේ 100% ස්වභාවික දෙයක්.
ඒකෙ කිසිම artificial chemical එකක් නෑ.
ඔයා උණු බත් එකක් දාලා ඔතා ගත්තත්…
ඒකෙන් කෑමට යන්නේ විෂ නෙවෙයි, ඔයාගෙ උයාගත්ත කෑම එකේ තිබුනෙ නැති අපේ ශරීරයට ඉතා හිතකර ශාකමය රසායනික මේ මගින් ලැබෙනවා
කෙසෙල් කොළ වල තියෙනවා “polyphenols” කියන antioxidant එකක්.
මේවා අපේ කාම එකට එකතු වෙලා ශරීරට ගියාම
• අපේ ශරීර්‍යේ ප්‍රදාහක තත්ව ඒ කියන්නෙ inflammation අඩු කරනවා
• ඒ වගේම අපේ ශරීර්‍යේ cell damage එක අඩු කරනවා ඒ කියන්නෙ සෛල ආරක්ශා කරනවා
දැන් තේරුනාඅද ? අපේ අච්චිලා සීයලා කෑම එකෙ කෙසෙල් කොලේ ඔතාගෙන ගියේ ඇයි කියලා
ආ.... ඒ විතරක් නෙවෙය් , කෙසෙල් කොලේ බත් එක හරි රසයි කියන එක මම අය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ...
ඒකර හේතුවත් ම කියන්නම්
උනුවෙන් තියෙන කාම කෙසෙල් කොලේට දැම්මම, ඒකේ තියෙන natural oils, aroma compounds වගේ දේවල් ටිකක් කෑම වලට එකතු වෙනවා
ඒක නිසා කෑම රසවත් වෙනවා.
ඒක තමයි කෙසෙල් කොලේ රස රහස
තව විශේෂ දෙයක් තමයි…
කෙසෙල් කොළය “breathable”.
ඒ කියන්නේ… කෙසෙල් කොලේ හරහා වාතයට එහා මෙහා යන්න පුලුවන් , පොලිතීන් එකේ වගේ
ඇතුලේ steam එක හිර වෙන්නේ නෑ. එහෙම පොලිතීන් වල ජල බිංදු හැදුනම ඒ බිංදු ආයෙත් කාම එකට එන්නෙ විෂ රසායනික් ගොන්නක් අරගෙන, ඒ විතරක් නෙවෙයි මේවිදියට කාම එකෙන් ජලය අයින් වෙලා ආයෙත් කාම එකට වැටෙද්දි කෑම එකේ කොලිටි එකත් නිකම්ම අඩු වෙනවා, ඉතිං කෙසෙල් කොලේ බ්‍රීතබල් නිසා එහෙම ප්‍රශනක් එන්නෙත් නෑ...
හැබැයි… කෙසෙල් කොළ පාවිචි කරනකොට අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා.
ඒ තමයි…
අපි ඒක හොදින් පිරිසිදු කරලා පාවිච්චි කරන්න ඕන
එහෙම කරේ නැත්තං, කුනු දූවිලි විතරක් නෙවෙයි
bacterial ඉන්ෆෙක්ශන් එකක් උනත් වෙන්න පුළුවන්.
දැන් අපි practical side එකට එමු.
ඔයාගෙ ගෙවත්තෙ ඉඩ තියෙනවනම් කෙසෙල් ගස් කීපයක් හිටවගන්න ,
අපිට හැම වෙලාවෙම කෙසෙල් කොළ හොයා ගන්න බැරි වෙන්න පුලුවන්,
ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනේ මොකද්ද කියලත් අපි දැනගන්න ඕන
ඒ වගේ වෙලාවට අපි Stainless steel lunch box ඒ කියන්නෙ මල නොබැදෙන වාහේ වලින් හදපු කෑම භාජනයක් පාවිව්හියට තියගාන ඕන ඒකෙන් කිසිම chemical එකක් කෑමට mix වෙන්නේ නෑ.
ඒ වගේම ඔයා බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක් නම් , ඔයාට පුලුවන් පදම් කරපු කෙසෙක් කොල මාකට් එකට දාන්න ඔයාගෙ කස්ටමර්ස්ලගේ ජීවිත ආරක්ශා කරල දෙන්න
පොලිතීන් ප්ලාස්ටීක් මිල අඩු ඇති, පාවිච්චියටත් පහසු ඇති, මොඩන් ලුක් එකකුත් ඇති, ඒ හැම දේටම වඩා ඔයාගෙ ජීවිතයෛ අපිට වැදගත් , ඒ නිසයි හැම දාම නියුට්‍රි ඉන්ෆෝ තුලින් අපි මේ වගේ වැදග්ත් දේවල ගැන ඔයාට කියන්නෙ ... ඔයලා හැමෝටම සුවැති දිවිය
-----පෝෂණවේදී හිරෝෂන් ජයරංග-----