Alpha Medi Lab

Alpha Medi Lab The Alpha Medi Lab, which is one of the leading laboratories located in the Gampaha district

ග්ලූකෝමා (Glaucoma) යනු ඇසේ පීඩනය ඉහළ යාම නිසා දෘෂ්ටි ස්නායුවට (Optic Nerve) හානි වී පෙනීම ස්ථිරවම නැති කරන නිහඬ ඝාතකයෙක...
05/01/2026

ග්ලූකෝමා (Glaucoma) යනු ඇසේ පීඩනය ඉහළ යාම නිසා දෘෂ්ටි ස්නායුවට (Optic Nerve) හානි වී පෙනීම ස්ථිරවම නැති කරන නිහඬ ඝාතකයෙකි.

මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වන නමුත්, සදාකාලිකවම ඔබේ දෘෂ්ටිය නැති කළ හැකි බැවින් සෑම විටම අවධානයෙන් පසු වන්න.

නිතිපතා සිදු කරන අක්ෂි පරීක්ෂණ මඟින් ග්ලූකෝමා හඳුනාගෙන පාලනය කළ හැකිය.

අදම ඔබේ ඇස් පරීක්ෂා කර ඔබේ පෙනීම රැකගන්න.
Alpha Medi Labs වෙතින් ඔබ වෙත ගෙන එන සුහද පණිවිඩයකි.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Wishing you a healthy, happy and hopeful 2026!May this year be the beginning of a healthier, brighter tomorrow for you. ...
31/12/2025

Wishing you a healthy, happy and hopeful 2026!

May this year be the beginning of a healthier, brighter tomorrow for you.

Happy New Year!

This Christmas, we wish you good health, the greatest gift of all!May your days be merry, bright, and full of well-being...
24/12/2025

This Christmas, we wish you good health, the greatest gift of all!

May your days be merry, bright, and full of well-being. 🎄❤️

Merry Christmas from all of us at Alpha Medi Lab! ✨

මහවැසි, ගංවතුර සහ නාය යෑම් නිසා අතිව්‍යවසනවලට මුහුණ දුන් ගම් නියම්ගම් අතුරින්,කොත්මලේ රම්බොඩගමට ආධාර එකතු කිරීමේ වැඩසටහන...
03/12/2025

මහවැසි, ගංවතුර සහ නාය යෑම් නිසා අතිව්‍යවසනවලට මුහුණ දුන් ගම් නියම්ගම් අතුරින්,කොත්මලේ රම්බොඩගමට ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ඇල්ෆා මෙඩි ලැබ් වෛද්‍ය රසායනාගාරය ආරම්භ කර ඇත.අපගේ ඕනෑම ශාඛාවකට ඔබගේ ද්‍රව්‍යම ආධාර ලබා දිය හැක.දින හතකට පසු ඒවා රැගෙන බෙදාදීම සඳහා යන්නෙමු. ඒ සඳහා දළුගම ප්‍රධාන රසායනාගාරය, කිරිබත්ගොඩ රෝහල අසල ඇල්ෆා චැනලින් සෙන්ටර්,ගල්පොත්ත හංදිය අසල මාකොල ශාකාව,මාවරමංඩිය ශාකාව,සපුගස්කන්ද බටලන්ද පාර අසල සපුගස්කන්ද ශාකාව , කඩවත ගනේමුල්ල පාරේ කඩවත ශාකාව, කොහල්විල ශාඛාව සහ වරාගොඩ පාරේ තොරණ හන්දිය ශාඛාවල පහසුකම් සලසා ඇත. සවියට අත්වැලක් වෙමු.

ඔබත් තුවාල තිබියදී ගංවතුරෙහි බැස සිටියා නම් , අනිවාර්යයෙන් DOXYCYCLINE 200mg ඖෂධ පෙති ලබා ගන්න . ෆාමසියෙන් මිලදී ගන්නත් ...
02/12/2025

ඔබත් තුවාල තිබියදී ගංවතුරෙහි බැස සිටියා නම් ,

අනිවාර්යයෙන් DOXYCYCLINE 200mg ඖෂධ පෙති ලබා ගන්න .

ෆාමසියෙන් මිලදී ගන්නත් පුළුවන් .
MOH Office එකෙන් හෝ PHI මහත්වරුන්ගෙන් නොමිලේ ලබා ගන්නත් පුළුවන් .

ගංවතුර පහව යෑමත් සමඟ පැතිරෙන මී උණෙන් ප්‍රවේශම් වෙමු .

Alpha Medi Lab වෙතින් පණිවිඩයකි .

28/11/2025

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ 29 වන සෙනසුරාදා , ඇල්ෆා මෙඩි ලැබ් වෛද්‍ය රසායනාගාරයේ සියලුම ශාඛාවන් වසා තබන බව කාරුණිකව සලකන්න.

මාකොල නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාකොල ශාඛාව වෙතට පැමිණෙන්න.✅සියළුම (රුධිර/...
19/11/2025

මාකොල නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාකොල ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන්
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.7.00 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 7.00 සිට ප.ව. 12.00 දක්වා

📍 මාකොල
https://maps.app.goo.gl/Yb7wE1YwATndLQSk9?g_st=aw

📞 0112269949

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොවැම්බර්  14 දින Alpha Medi Lab ඕනෑම ශාඛාවකින් HbA1c හා FBS පරික්ෂණයන් දෙකම එකවර සිදු කර ගැ...
13/11/2025

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොවැම්බර් 14 දින Alpha Medi Lab ඕනෑම ශාඛාවකින් HbA1c හා FBS පරික්ෂණයන් දෙකම එකවර සිදු කර ගැනීමේදී 50% විශේෂ දීමනාවක් හිමි වේ.

දියවැඩියාව තුරන් කරමු.

Alpha Medi Lab වෙතින් ලෝක දියවැඩිය දිනයට සමගාමීව සිදුකරනු ලබන සත්කාරයකි.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

මාවරමණ්ඩිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාවරමණ්ඩිය ශාඛාව වෙතට පැමිණෙන්න.✅සාධා...
10/11/2025

මාවරමණ්ඩිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab මාවරමණ්ඩිය ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සාධාරණ මිල
✅කඩිනම් සේවාව
✅ඉතාමත් නිවැරදි වාර්තා
✅පළපුරුදු සුහද කාර්යය මණ්ඩලය
✅වසර 25ක විශ්වාසවන්ත සේවාව

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන් :
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.7.00 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 7.00 සිට ප.ව. 12.00 දක්වා

📍 මාවරමණ්ඩිය
📞 0112927837

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද?ශ්වසන රෝග ඇති කරන බෝ වන වයිරස ආසාදනයක් වන ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස...
07/11/2025

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද?

ශ්වසන රෝග ඇති කරන බෝ වන වයිරස ආසාදනයක් වන ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස සහ කිවිසුම් යාමෙන් පිට වන ශ්වසන බිඳිති හරහා පැතිරෙයි. බොහෝ විට ඉබේ සුව වී යන මෙම ආසාදන තත්ත්වය ඇතැම් විට සංකූලතා ඇති කළ හැකි අතර මාරාන්තික ද විය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ

● සිරුරේ වේදනාව
● උණ
● හිසරදය
● දහඩිය සහ සීතල
● නාසය හිරවීම හෝ දියර ගැලීම
● හුස්ම හිරවීම
● නිරන්තර වියළි කැස්ස
● අක්ෂි වේදනාව
● උගුර වණ වීම
● පාචනය සහ වමනය

ඉන්ෆ්ලුවෙන්සා වැළඳීමේ අවදානම ඇත්තේ කාටද?

■ වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්
■ වයස අවුරුදු 5 ට අඩු දරුවන්, විශේෂයෙන් මාස 6 ට අඩු දරුවන්
■ දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්
■ ගර්භණී කාන්තාවන් සහ දරු ප්‍රසූතියෙන් සති 2 දක්වා
■ සාත්තු නිවාසවල පදිංචිකරුවන් සහ දිගුකාලීන රැකවරණ පහසුකම්වල සිටින අය
■ පරිවෘත්තීය ආබාධ, හෘදය, අක්මාව, වකුගඩු රෝග, ඇදුම සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අය
■ දියවැඩියාව
■ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 40 හෝ ඊට වැඩි පුද්ගලයන්

ඔබේ හා ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍ය සුභසිද්ධිය උදෙසා දැනුවත්භාවයෙන් පසු වන්න.

ඔබටත් ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් මත ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගන්න.

Alpha Medi Lab වෙතින් වූ සුහද පණිවිඩයකි.

Alpha Medi Lab - ඔබේ සුවය වෙනුවෙන්, ඔබ සමඟින් සැමදා!

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704


ඔබේ සෞඛ්‍යය හා ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම කාර්යය වන අතර, ඔබේ පහසුව සඳහා Alpha Medi Lab වෙතින් Home Visit & Sample Collection...
28/10/2025

ඔබේ සෞඛ්‍යය හා ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම කාර්යය වන අතර, ඔබේ පහසුව සඳහා Alpha Medi Lab වෙතින් Home Visit & Sample Collection සේවාවද ලබා ගත හැක.

දැන්ම අමතන්න!

📞 011 290 6949 | 071 822 7704
📍 දළුගම, කැලණිය

ඔබගේ හෘද සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්නනවීන තාක්ෂණයෙන් යුත් උපකරණ භාවිතයෙන් Alpha Medi Lab තුළින් ඔබට ECG පරීක්ෂාවක් සිද...
27/10/2025

ඔබගේ හෘද සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න

නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ භාවිතයෙන් Alpha Medi Lab තුළින් ඔබට ECG පරීක්ෂාවක් සිදු කර ගත හැක

පෙර සූදානම් වීම් අවශ්‍යය නැත.

අදම පැමිණෙන්න Alpha Medi Lab වෙත.

🩺 Alpha Medi Lab
📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Address

222/B Kandy Road
Dalugama
11600

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 18:00

Telephone

+94112906949

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Alpha Medi Lab:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram