22/06/2021
hi guys
I hope this may provide better reassure to men😌
ඉතින් මම අද හිතුවා කනින් කොනින් ඇහෙන,අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න..
ඇත්තටම මම මේ ගැන ලියන්න රිසර්ච් ආටිකල් එකක් කියෙව්වෙ-CNN news feeds වලින්..so credit goes to them first.because lm not copy pasting others articles or lm not doing research here..😌
කොවිඩ් හැදුන අයට,හැදෙන එක වලක්වන්න වැක්සීන් ගහපු පිරිමි කාට උනත් novel corona virus එක ඇගට ඇතුල් වෙලා තීන්නෙ.මෙහි දරැවන් ලැබීමට බලපෑමක් තීනවද?දරැවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙනවද?
මේ ඒ ගැන.-
මේ ගැන මිනිස්සුන්ට බය ඇතිවෙන්න මම කියවපු ආටිකල් ගනනාවෙන් හේතු වූ කාරනා දෙකක් මගේ ඔලුවට ආවා.
1.ඔයාලට මතක ඇති කලින් ආව zika සහ ebola කියන වයිරස .ඒවා වැලදුන මිනිස්සුන්ට ඒ රෝගය සම්පූර්නයෙන් හොද උනත් වෘෂණකෝශ වල මෙම වෛරසය ඉතිරිවෙලා තිබිලා ඔවුන්ගෙ ජීවිතවලට,දරැවන්ට බලපෑම් කරල තිබුනා යම් කාලයක් යනකල්.විකෘති සහිත දරැ උපත් වෙලා තිබුනා.
2.මෙම වෛරසය ACE-2 receptors හරහා බැදෙමින් පවතින නිසා ,මෙම රිසෙප්‍ටර්ස් අපේ ශරීරයෙ පෙනහලු වගේම කෝශවල දකින්න පුලුවන් නිසාත් මේක කෝශවලත් බලපෑමක් ඇතිකරයිද? සමහර විද්වතුන් සැක කලා සහ පොඩිමතවාද මේ ගැන ඇවිත් තිබුනා.
කොහොම නමුත් අපි දේවල් කතාකරන්න ඕනි-scientifically or biologically based on-😌.
💉මේ රිසර්ච් එක කරල තිබුනෙ " pfizer" සහ "moderna" vaccine දෙකට.(JAMA published)
මේක කරල තිබුනේ නාවික පිරිසකට.ඔවුන්ට වැක්සීන් එකේ පළමු මාත්‍රාව දීමට කලින් ගනිපු ශුක්‍රාණු සාම්පල සහ දෙවන මාතාව දීලා දින 70 කට පසුව ගනිපු සාම්පල වල වෙනස බලල තිබුනේ.
ඒ දෙකේම ශුක්‍රාණු සාන්ද්‍රනය ,සාපල්‍යතාවය ,චලනය,කවුන්ට් එක,කොලිටි එකට මෙම වයිරසයෙන් බලපෑමක්වෙලා තිබුනෙ නැහැ.
💉මෙම ඔවුන් රිසර්ච් කර වැක්සීන් 2කම based on mRNA platforms.ඒත් johnsons ,Astrazeneca වගේ ඒවා not bases on mRNA platforms.
💉ඒත් එයාලා උපකල්පනය කරනවා මේ සියලුම එන්නත් මිනිස් සිරැර තුල එකම විදියට ක්‍රියාකාරිත්වයකට යටත් කියලා .සහ දරැවන්ට සාපල්‍යතාවයට මෙයින් බාදාවක් නැති බව.
💉ඒත් එයාලා මෙහෙම දෙයක් කියනවා මේ රෝගය නිසා දෙන්න සිද්ද වෙන (රෝගී තත්ව උග්‍ර වීම එක්ක)සමහර ඖශධ,උණ,මහත, වගේ හේතු කාරනා නිසා ශුක්‍රාණු වලට යම්කිසි බලපෑමක් එන්න පුලුවන් බව.
මට අන්තිමටම කියන්න තීන්නෙ -novel corona virus is not sexually transmitted...
සමහර මෙඩිකල් වචන මන් ලියන්නෙ සිංහල වචන හොයන්න අමාරැ නිසා.මට ඕනි උනෙ ඔයාලව දැනුවත් කරන්න විතරයි.මම දැකල තිබ්බෙ නෑ මේගැන ආටිකල්ස් සිංහලට ලියල තිබ්බා.ගොඩාක් දිග උනාම බෝරින් නිසා මම හිතුවා මම දන්න දේ සරලව ලියන්න.
Hv a healthy day guys!😍
(සුභා චාමිනී)
හෙද නිලධාරීනී .
ද.කො.ශි.රෝ
22-6-2021