Ayu Ceylon Medical Center

Ayu Ceylon Medical Center "Nature can do more than a physician"
A place to provide "AYURVEDA" for individual healing
Ayurveda

31/12/2022
🍂 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐂𝐚𝐫𝐞 - 𝐅𝐨𝐫 𝐚 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐲 𝐋𝐢𝐟𝐞 🍂𝑨𝒚𝒖 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑪𝒆𝒏𝒕𝒆𝒓 𝑨𝒚𝒖𝒓𝒗𝒆𝒅𝒂 | 𝑾𝒆𝒍𝒍𝒏𝒆𝒔𝒔Dr.Shani Anuththara Bandara BAMS (Uni...
03/07/2022

🍂 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐂𝐚𝐫𝐞 - 𝐅𝐨𝐫 𝐚 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐲 𝐋𝐢𝐟𝐞 🍂

𝑨𝒚𝒖 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑪𝒆𝒏𝒕𝒆𝒓
𝑨𝒚𝒖𝒓𝒗𝒆𝒅𝒂 | 𝑾𝒆𝒍𝒍𝒏𝒆𝒔𝒔

Dr.Shani Anuththara Bandara
BAMS (University of Kelaniya )

☎️0715425058

23/06/2022

“මධුමේහය” බවට පත් වූ දියවැඩියාව නිට්ටාවට සුව කළ නොහැකිය.
+++++++++++++++++

දියවැඩියාව නොසලකා හැරීමෙන් බරපතල සංකූලතා වලට හේතු වන රෝගයකි.
==================

මුල් අවස්ථාවේ දී කල් තබා හඳුනාගනීමෙන් දියවැඩියාව සාර්ථක ලෙස සුව කළ හැකිය.
***************************

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව හැම පුද්ගලයන් දස දෙනකුගෙන් එක්‌ අයකුට දියවැඩියා රෝගය වැළඳෙන බවත් දියවැඩියාව නිසා ඇතිවන විවිධ සංකූලතා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යන බවත් අනාවරණය වෙයි. මේ වන විට දියවැඩියාව යනු වැඩි වශයෙන් වැඩිහිටියන්ට පමණක්‌ව නොව පාසල් වියේ පසුවන දරුවන්ට ද වැළදෙන රෝගයක් බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වන අළුත්ම තත්වයයි. වර්තමාන සමාජය තුළ පවතින සුඛාභිලාෂි ජීවනරටාව සහ වැරැදි ආහාර පාන නිසා මේ රෝගය ඉතා සීඝ්‍රව ව්‍යාප්ත වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම රෝග තත්ත්වයට තිරසාර විසඳුම් සඳහා නිසි ප්‍රතිකාර ගැනීමේදී ආහාර පාන සහ ව්‍යායාම් ගැනීම පිළිබඳ නිසි උපදෙස්‌ ලබා ගැනීමට සඳහා සුදුසු වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍ය වේ.

බොහෝ දෙනා දියවැඩියාව මධුමේහය ලෙස හඳුන්වයි. ආයුර්වේද මතයට අනුව මධුමේහය යනු ප්‍රමේහ රෝගවලින් එකකි. ප්‍රමේහ රෝග 20 ක්‌ පිළිබඳ ඉගැන්වේ. ඒවා වාතජ ප්‍රමේහ රෝග 04 ක් පිත්තජ ප්‍රමේහ රෝග 06 ක් කළුජ ප්‍රමේහ රෝග 10 ක් ආදී ලෙස වර්ග කෙරේ. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මෙකී විසි වැදෑරුම් ප්‍රමේහ රෝගයන්ගෙන් එක් රෝගයක් හෝ වැළඳී නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් කල්යාමෙන් එය මධුමේහ තත්ත්වයට පත් වන බව පෙන්වා දී ඇති බවයි. මින් වාතජ ප්‍රමේහ රෝග අසාධ්‍ය හෙවත් සුව කිරීමට අපහසු වන අතර මධුමේහය යනු වාතජ ප්‍රමේහ රෝගයකි. ඒ අනුව මධුමේහය යනු සුව කිරීමට අපහසු යාප්‍ය රෝගයක්‌ බව මින් පැහැදිලි වේ. අපි සාමන්‍ය ව්‍යවහාරයේ දියවැඩියාව නමින් හඳුන්වන තත්වය මධුමේහය බවට පත්වන්නේ එහි චිරකාලීන අවස්ථාවේ දිය.

අප ලබාගන්නා ආහාර වලින් අවසානඵලය වන ග්ලූකෝස් සෛල තුලට ඇතුළු කරගැනීම යාමනය කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නියමිත අගයක පවත්වාගැනීම ඉන්සියුලින් හෝමෝනය මගින් සිදුකරයි. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව දියවැඩියාව යනු ඉන්සියුලින් හෝමෝනය දුර්වල වීමෙන් හෝ පරිවෘත්තීය ක්‍රියාවේ ඇතිවන දෝෂයක් නිසා හටගන්නා රෝගයකි. අග්න්‍යාසයේ ඇති සෛල මගින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ ග්ලුකෝස් මට්ටම නියමිත පරාසයක පවත්වා ගැනීමට උපකාරී වේ. ශරීරය තුළ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස ක්‍රියා නොකිරීම හෝ ඉන්සියුලීන් හෝමෝනය අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය නොවීම දියවැඩියා රෝගයට හේතු වන ප්‍රධානතම සාධකයයි. මේ අනුව දියවැඩියාව කාණ්ඩ හතරක් යටතේ වර්ග වේ.

1. පළමු කාණ්ඩයේ දියවැඩියාව (Type 1 Diabetes)
2. දෙවන කාණ්ඩයේ දියවැඩියාව (Type 2 Diabetes)
3. ද්විතික දියවැඩියාව (Secondary Diabetes)
4. ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව (Gestational Diabetes)

ඔබටත් මේ ලක්ෂණ තිබෙනවා නම් දියවැඩියාව මුල් අවස්ථාව නොසලකා හැරීමෙන් ක්‍රමයෙන් වර්ධනය වන රෝග තත්ව ගැන අවදානමක් තිබෙන්නට හැකිය.
• දිවා රාත්‍රී දෙකේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම.
• අසාමාන්‍ය ලෙස නිතර පිපාසය ඇතිවී තොල කට වියළීම.
• හදිසියේ සිරුරේ බර අඩුවීම හා කෙට්ටුභාවය, තෙහෙට්ටුව, අප්‍රාණිකත්වය.
• තුවාල සුවවීම කල්ගතවීම හා ආසාදනවලට නිතර පත්වීම.
• අසාමාන්‍ය ලෙස නිරතුරු බඩගින්න දැනීම.
• මූත්‍රා ඇපල් ගඳින් යුතුව පිටවීම හා මූත්‍රා කළ ස්ථානවල කුහුඹුවන්, මැස්සන් නිරතුරු ගැවසීම.
• ඇස් පෙනීමේ හා අවධානය යොමුකිරීමේ දුර්වලතා හටගැනීම.
• පාද හිරිවැටීම, කෙණ්ඩා පෙරළීම නිරතුරුව සිදුවීම.
• දද, කුෂ්ඨ, කැසීම් වැනි චර්ම රෝගවලට නිරතුරු භාජනය වීම.
• රහස් ප්‍රදේශයන්ගේ කැසීම හා ලිංගාශ්‍රිත ආබාධ හට ගැනීම.

පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල කිරීමේ සිට පුද්ගලයා කෙමෙන් කෙමෙන් අඩපණ කරමින් රෝගියෙකු බවට පත්කරනා නිහඬ බලපෑමක් දියවැඩියාවෙන් සිදුකරයි. නවතම පර්යේෂණ අනුව හෙළිවන්නේ පිළිකාමය පටක පෝෂණයට රුධිර ගත සීනි ඉවහල්වෙන බවය. විශේෂයෙන්ම ප්ලීහා පිළිකා, මුත්‍රා මාර්ගයේ පිළිකා සහ සමේ පිළිකා ඇති වීමටත් පියයුරු පිළිකා ඇතිවීමටත් දියවැඩියාව ඍජු හා වක්‍රාකාරයෙන් බලපානා බව හඳුනාගෙන ඇත. සාමාන්‍යයෙන් දියවැඩියාව සම කෙරෙහි ඇතිකරන බලපෑම සිදුවන්නේ රුධිර වාහිනී සහ සංසරණ කාර්යයට ය. ඒ හේතුවෙන් සම වියළීම, කැපීම් සුව වීම ප්‍රමාද වීම, පිළිස්සුම් සහ තුවාල, දිලීර සහ බැක්ටීරියා ආසාදනයන්, කකුලේ සංවේදනය නැතිවීම වැනි තත්ත්වයන් ඇතිවේ.

විශේෂයෙන් දියවැඩියා රෝගීන් ගේ රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය වැඩිවීම නිසා දත් ආශ්‍රිතව අහිතකර බැක්ටීරියාවන් වර්ධනය, දත්වල ඉනැමල් කොටස දිරාපත් වීම ආදී තත්ත්වයක් මතුවිය හැකිය. දීර්ඝකාලීනව සීනි වැඩිපුර භාවිතයෙන් අස්ථි දිරා යාමටත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීමත් වක්‍රාකාරයෙන් සිදුවන අතර දියවැඩියාව ද ඒ තත්වයට හේතු විය හැකිය. රුධිරයේ ඇති ග්ලුකෝස්‌ සෛලවලට උරා නොගැනීම නිසා රුධිරයේ ඇති සාමාන්‍ය සීනි ප්‍රමාණය අධික වේ. මේ නිසා සෛල වලින් නිපදවන ශරීරයට අවශ්‍ය ශක්‌තිය හීන කරයි. සාමාන්‍ය පුද්ගලයන්ට මධුමේහය නිසා බොහෝ වශයෙන් ඇතිවෙන අපහසුතාවය වන්නේ පාද වල සංකූලතාවයන් ඇතිවීම නිසා පාද හිරිවැටීම හා නොදැනුවත්වම තුවාල ඇතිවීමයි. මෙම තුවාල සුව නොවන අවස්ථාව වලදී ශල්‍යකර්මයන් සදහා රෝගීන් යොමුකිරීමත් අතපය ඇඟිලි කොටස් ඉවත් කිරීමත් සිදුවේ.

රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් සිදුවිය හැකි අවදානම් සහගතම කරුණ වෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වී ක්ෂණික ආඝාත තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් නිර්මාණය වීමය. වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දෙන්නේ දියවැඩියාව හේතුවෙන් මුලින්ම ස්නායු වලට බලපෑම් එල්ල කරන නිසා අත්වල සහ පාදවල හිරිගතියක් නිතර ඇති වේ. හෘදයට රුධිරය සැපයෙන කිරීටක ධමනිවල අවහිරතා ඇති වී ක්ෂණික හෘදයාබාධයන් ඇති කිරීමට ද රුධිරගත සීනි මට්ටම ඉහළ යාම ඍජු හා වක්‍රාකාරයෙන් බලපෑ හැකිය. කාලයක් දියවැඩියා රෝගය පැවතීමෙන් වකුගඩු වල ක්‍රියකාරිත්වය දුර්වල වී අවසානයේ අකර්මණ්‍ය වීමට ප්‍රධානම සාධකයක් ලෙසද සීනි වැඩිවීම හේතු වේ.

වසර ගණනාවක සිට නිසි පරිදි පාලනය නොකළ හෝ දියවැඩියාව කිසිසේත් ම පාලනයක් නොකළ තත්ත්වයක් යටතේ ඇතිවන සුලභ සංකීර්ණතාවයක් වන්නේ අක්ෂි පටල ආශ්‍රිත රෝග යි. මෙම රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ ගණනාවකි. අක්ෂි පටල ආශ්‍රිතව රෝගී තත්ත්වය ඇතිවන්නේ ඇසේ පිටුපස (දෘෂ්ටි විතානය) ඉදිමීම සහ කාන්දුවීම් නිසා ය. අධික රුධිර පීඩනය ද මෙම රෝගී තත්ත්වය ඇති වීමට බලපායි. මේ තත්වය විවිධ බලපෑම් ඇතිකරමින් ග්ලූකෝමා තත්වය ඇතිකිරීම නිසා ඇස් අන්ධ වීම දක්වා වර්ධනය වීමේ අවදානමක් තිබේ. එබැවින් අක්ෂි ආබාධ වලින් ආරක්ෂා වීමට නම් දියවැඩියාව පාලනය කිරීම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

චිරකාලීන දියවැඩියාව ඇති පිරිමි රෝගීන් හට ප‍්‍රධාන වශයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළුවක් වන්නේ ලිංගික අප්‍රාණිකත්වයයි. පුරුෂයෙකුගේ ශිෂ්ණය නිසි පරිදි ප‍්‍රාණවත් වීමට නම් ශිෂ්ණයට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වන නමුත් දියවැඩියාව මගින් රුධිර නාලිකා වලට හානි සිදු කිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප‍්‍රමාණය නොලැබී යයි. එසේම ස්නායු වලට හානි සිදුවීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදු වීම හේතු කොට දියවැඩියාව ඇති අයෙකුට ලිංගික අප්‍රාණිකත්වය ඇති විය හැකියි. එසේම ලිංගික ආශාව අඩු වීම නිසා ද මෙම තත්වය ජීවිතයට බොහෝ අමිහිරි අත්දැකීම් එක්කරයි.

ආයූර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව රෝගයට පිළියම් වශයෙන් ආහාර පාන වෙනස් කිරීමෙන් රෝග තත්ත්වය පාලනය කර ගැනීමට හැකිය. විශේෂයෙන් දේශීය සහල් වර්ග වන සුදු හීනැටි, කළු හීනැටි, ගොඩ හීනැටි, මසුරං, දික්වී, සුවඳැල්, කුරුළු තුඩ, මා වී සහල් බත් ඉතා ගුණදායක ය. මුං ඇට, කවුපි, පැළ කළ බෝංචි, පරිප්පු, කඩල, සෝයා (ස්වභාවික), කුරක්කන් (ගලේ ඇඹරූ), මෙනේරි, තණහාල්, ඕළු ඇට, රතුහාල් හෝ කුරැට්‌ට සහිත ධාන්‍ය, කෙඳි සහිත ආහාර, පැරණි ධාන්‍යවලින් කළ ආහාර වර්ග ඉතා යහපත් වේ. උදෑසන ආහාරය සදහා හීල්බත්, දියබත් හෝ සුණුසහල් බත් අනුභවයට ගැනීම සුදුසු වේ. පැල කරගත් මුංඇට ආහාරයට ගැනීම මධුමේහය සදහා යෝග්‍ය වේ.

දියවැඩියා රෝගියෙකු ප්‍රධාන ආහාර වේල් තුනට වැඩි ප්‍රමාණයක් ආහාර නොගෙන අතරමැද දී කුඩා ආහාරයක් හෝ සීනි රහිත පානයක් වැනි දෙයක් ගැනීමෙන් එකවර රුධිරයට එකතුවෙන සීනි ප්‍රමාණය අවම කරගත හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලේදී බත් අඬු කෝප්පයකුත් එළවළු, පළතුරු වැඩි ප්‍රමාණයකුත් එක්කර ගැනීමට වග බලා ගත යුතුය. දියවැඩියා රෝගියෙකුගේ ආහාර වෙලේ ප්‍රෝටීන තිබීම අවශ්‍ය අතර මිරිසට සකසා ගත් මාළු කැබැල්ලක්, සුදු පැහැති මස් හෝ සම ඉවත් කළ කුකුළු මස්, බිත්තර සුදු මදය ඒ සඳහා සුදුසුය. අධික පිෂ්ටය සහිත අල වර්ග නොගත යුතුය.
හැකිතාක් දුරට ස්වාභාවික එළවළු වර්ග අමුවෙන් අනුභව කළ යුතුය .මුගුණුවැන්න, ගොටුකොළ, මඩු දඬු, තම්පලා කූර තම්පලා, කිරි අගුණ, මැල්ල කොළ, තෙබු කොළ, කතුරු මුරුංගා, මඩු දළු, කොහිල අල හා කරටි, දිය හබරල, කෙසෙල් මුව, නෝකෝල්, හතු, වැටකොළු, බෝංචි, කොහිල අල, කැකිරි, එළබටු, රාබු, පොලොස් (මැල්ලුම් වශයෙන්), කංකුන්, කැබැල්ල දළු, කෙකටිය, දඹල, නෙළුං අල හා දඬු, අළු කෙසෙල්, පතෝල, සාරණ, තුඹ දළු, වැල් පෙනෙල, මොනර කුඩුම්බිය, කෝවක්කා, පඩ වැල්, නිවිති, කොස් දළු, හීං බෝවිටියා, කටු එරබදු, ළපටි අට්ටික්කා ගෙඩි, කරවිල, කහකඩ මාළුව වැනි දේශීය ආහාර වර්ග ගුණදායක වේ. මධුමේහය සදහා සුදුසු එළවළුවක් ලෙස කරවිල හැකිතාක් අමුවෙන් සලාද වශයෙන් අනුභවය නිර්දේශ කළ හැකිය. මේ සදහා ගොටුකොළ සලාද හා ගොටුකොළ යුෂ, කතුරුමුරුංගා සලාද හා කතුරුමුරුංගා යුෂ, පිපිඤඤා සලාද හා පිපිඤඤා යුෂ සුදුසු වේ. කරපිංචා, සුදුළූණු, රතුළූණු ද මධුමේහ රෝගීන් සදහා ගුණදායක වේ.

පලතුරු වර්ග ලෙස සුවඳැල්, ඉදුණු අළු කෙසෙල්, ඇඹරැල්ලා, කටුලොවි, හිඹුටු, වෙරළු, පේර, අත්තික්කා, දෙළුම්, අන්නාසි, කාමරංකා, දෙහි, දොඩම්, ජම්බෝල, නාරං, කජු පුහුලන්, ජම්බු, මාදං, දෙළුම්, උගුරැස්ස, නෙල්ලි ගුණදායක ය. විශේෂයෙන්ම නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග සහ රතු නිවුඩ්ඩ සහිත තැම්බූ සහල් වර්ග ආහාරයට ගැනීම සුදුසු වේ. දේශීය පාන වර්ග ලෙස බෙලි කොළ හා එම මල්, රණවරා කොළ හා එම මල්, කොතල හිඹුටු මුල්, නෙල්ලි, රසකිඳ, ඉකිරිය, උළුහාල්, වල් කොත්තමල්ලි, වරකා ගසේ ඉදුණු කොස් කොළ වෙන වෙනම හෝ කීපයක් එකට දමා තම්බා බීම ඉතා ප්‍රශස්ත වන්නේ ය. රාත්‍රියට උළුහාල් තේ හැඳි 2 ක් වතුර කෝප්පයකට දමා තබා උදෑසන එම ඇට ද සපා එම වතුර පානය ද ගුණදායකය. පිටි කිරි හා තේ කෝපි පානය අත් හැරීම වඩා සුදුසුය.
දියවැඩියා රෝගියෙකුගේ මානසික ආතතිය දුරුකර ගැනීම සඳහා භාවනා සිදු කිරීම, පොත්පත් කියවීම, යෝග අභ්‍යාසවල යෙදීම වැනි කාර්යයන් සිදුකර මානසික ආතතිය දුරු කරගැනීම වඩාත් වැදගත් වේ. ව්‍යායාම් වශයෙන් ඇවිදීම, අතුගෑම, ශරීරයට ගැළපෙන යෝගාසන, සක්මන් කිරීම්, ක්‍රීඩා කිරීම් වැනි ක්‍රියාවන් මගින් විනාඩි 45 ක් පමණ තමන්ට හැකි ව්‍යායාමයක්‌ ලෙස ශරීරය වෙහෙස කරවීමද සුදුසුයි. ආධ්‍යාත්මික වර්ධනය මානසික සුවතාවයට අදාළ භාවනා හා වන්දනාමාන කටයුතු වලට යොමු වීම රෝග සුවයට මනා පිටුවහලකි. මානසික ආතතියෙන් මිදීම සදහා යෝග ව්‍යායාම, මෘදු සංගීතයට සවන්දීම, භාවනා කිරීම, මාළු ටැංකි, ඇලදොළ ගංගා දිය ඇලි දෙස බලාසිටීම වැනි ක්‍රියාකාරකම් වල නියැලිම වැනි දේ සුදුසුය. රාත්‍රි ආහාරගෙන පැය දෙක තුනක්‌ ඉක්‌මවීමට පෙර නින්දට යැමද යෝග්‍ය නොවේ.

මේ වන විට අපි දන්නා කරුණු අනුව දියවැඩියාව යනු කුසීත ජීවන රටාව සහ අහිතකර ආහාර රටාවේ විපාකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථ අනුව ද අළුත් සහලේ බත්, පස්ගෝ රස, ගව, එළු, කුකුළු හා ජලජ මාංශ සහ පැණි හකුරු යොදා පිළියෙල කර ගත් මධුරාහාර ද (වර්තමානය තුළ අයිස්ක්‍රීම්, චොකලට්, පුඩිං, පැණි බීම ආදී කෘත්‍රිම රසකාරක යෙදූ අධික පැණි රස කෑම හා කේක් වැනි බේකරි කෑම වර්ග) නිතර බහුලව බුදිමින් ව්‍යායාමයෙන් ද තොරව අධිකව නිදි සුව විඳිමින් සුඛෝපභෝගීව කල්ගත කිරීම ප්‍රමේහයට මූලික ම හේතු සාධක බව පෙන්වා දී තිබේ. දියවැඩියා රෝග තත්ත්වය පරම්පරාගතව ද පැවතෙන හෙයින් එවැනි පවුල් ඉතිහාසයක් පැවති අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු ය. ජානගත හේතුව නිසා ප්‍රවේණික දියවැඩියා තත්වය සුව කිරීම ඉතා අපහසු කාර්යයකි.

දියවැඩියාව වැළඳීම කෙරෙහි මානසික ආතතියේ බලපෑම ගැන සාක්ෂි තිබෙන හෙයින් මානසික සෞඛ්‍යය ගැන ද සැලකිලිමත් විය යුතු කරුණකි. රාග, ද්වේෂ, ශෝක, සන්තාප, පරිදේව, වෛරය, ඊර්ෂ්‍යාව ආදී මානසික ආවේග සහ අප්‍රසන්න සිතුවිලි නිසා සිරුරේ රසායනික තත්වය වෙනස් වීමෙන් නොයෙකුත් රෝගාබාධයන්ට හේතු විය හැකි ය. විශේෂයෙන් ම ආවේගකාරී සිතුවිලි හේතුකොටගෙන රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සිදුවෙයි. නිතර මෙවැනි තත්ත්වයන් සිතේ හටගැනීම මධුමේහය රෝග තත්ත්වය උද්ගත වීමට බලපානු ඇත. එබැවින් නිතර මනස නිරවුල්ව තබාගැනීමත්, අසීමිත ආශාවන් පසුපස හඹා නොයාමත් අල්පේච්ඡ දිවියට හුරුවීමත් ඉතා වැදගත් වනු ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී නීරෝගී බව හෙවත් ස්වස්ථ බව යනු කායික සෞඛ්‍යය පමණක් නොව ඉන්ද්‍රියයන්ගේ නිසි ක්‍රියාකාරීත්වය, මානසික සහ ආධ්‍යාත්මික ප්‍රසන්න බව යනුවෙන් දක්වා තිබේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීම පමණක් ඉලක්ක කොට ප්‍රතිකාර සිදු නොකරේ. රුධිරයේ සීනි අඩු කළ හැකි බොහෝ ඖෂධ තිබෙන නමුත් සීනි අඩු කිරීම රෝගයට කළ යුතු හොඳම ප්‍රතිකාරය නොවේ. රෝගයට හේතුවන දෝෂ තත්වය සමනය කිරීමත් රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමත්, අනෙකුත් ඉන්ද්‍රියන් කෙරෙහි රෝගයේ බලපෑම අවම කිරීමත්, රෝගය නිසා ඇතිවී තිබෙන පටක හානිය පිළිසකර කිරීමත් මෙම ප්‍රතිකාර පද්ධතියට අයත් වේ. එසේම ශාරීරික ක්‍රියාවන් හි තත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය රසායන චිකිත්සාව මගින් වඩා නිරෝගීව ආයු කාලය දීර්ඝ කිරීමට යම් පිටිවහලක් ද ලබා දෙනු ඇත. මෙය රෝගය අනුව රෝගියා අනුව සැලසුම් කරන ලද ප්‍රතිකාර පද්ධතියක් වේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

🍂 නීරෝගී දිවියකට - ආයුර්වේද සත්කාරය🍂🍂ආයු සිලෝන් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය⭕11/B/3, මිනුවන්ගොඩ පාර, දූනගහවෛද්‍ය ශානි අනු...
30/05/2022

🍂 නීරෝගී දිවියකට - ආයුර්වේද සත්කාරය🍂

🍂ආයු සිලෝන් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

⭕11/B/3, මිනුවන්ගොඩ පාර, දූනගහ

වෛද්‍ය ශානි අනුත්තරා බණ්ඩාර
BAMS (කැළණිය විශ්ව විද්‍යාලය)

☎️0715425058

18/02/2022
🍂 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐂𝐚𝐫𝐞 - 𝐅𝐨𝐫 𝐚 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐲 𝐋𝐢𝐟𝐞 🍂𝑨𝒚𝒖 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑪𝒆𝒏𝒕𝒆𝒓 𝑨𝒚𝒖𝒓𝒗𝒆𝒅𝒂 | 𝑾𝒆𝒍𝒍𝒏𝒆𝒔𝒔⭕11/B/3, Minuwangoda Road,Dunagaha⭕⭕𝐎...
06/01/2022

🍂 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐂𝐚𝐫𝐞 - 𝐅𝐨𝐫 𝐚 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐲 𝐋𝐢𝐟𝐞 🍂

𝑨𝒚𝒖 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑪𝒆𝒏𝒕𝒆𝒓
𝑨𝒚𝒖𝒓𝒗𝒆𝒅𝒂 | 𝑾𝒆𝒍𝒍𝒏𝒆𝒔𝒔

⭕11/B/3, Minuwangoda Road,Dunagaha

⭕⭕𝐎𝐩𝐞𝐧𝐢𝐧𝐠 𝐇𝐨𝐮𝐫𝐬 : 4.00𝐩𝐦 - 8.00𝐩𝐦 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲𝐬 𝐎𝐧𝐥𝐲

Dr.Shani Anuththara Bandara
BAMS (University of Kelaniya )

☎️0715425058

𝘾𝙚𝙧𝙫𝙞𝙘𝙖𝙡 𝙎𝙥𝙤𝙣𝙙𝙮𝙡𝙤𝙨𝙞𝙨 (𝘼𝙧𝙩𝙝𝙧𝙞𝙩𝙞𝙨 𝙤𝙛 𝙩𝙝𝙚 𝙉𝙚𝙘𝙠)Cervical spondylosis යනු බෙල්ලේ පවතින කාටිලේජ, තැටි (Disks), බන්ධනීයන් සහ අස...
30/12/2021

𝘾𝙚𝙧𝙫𝙞𝙘𝙖𝙡 𝙎𝙥𝙤𝙣𝙙𝙮𝙡𝙤𝙨𝙞𝙨 (𝘼𝙧𝙩𝙝𝙧𝙞𝙩𝙞𝙨 𝙤𝙛 𝙩𝙝𝙚 𝙉𝙚𝙘𝙠)

Cervical spondylosis යනු බෙල්ලේ පවතින කාටිලේජ, තැටි (Disks), බන්ධනීයන් සහ අස්ථිවල ස්වභාවික ක්ෂය වීමයි. ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ගෙලෙහි වේදනාව හෝ තද ගතිය දැක්විය හැක.ගෙලෙහි වේදනාව බොහෝ හේතු නිසා ඇති විය හැකි නමුත් බොහෝ විට මෙම රෝග තත්වය වයසට යාම හා සම්බන්ධ වේ. ශරීරයේ අනෙකුත් කොටස් මෙන්ම, ගෙලෙහි අස්ථි සහ සන්ධි වයසට යාමත් සමග සෙමෙන් ගෙවීමට ලක්වේ. Cervical spondylosis, සාමාන්‍යයෙන් ගෙලෙහි ආතරයිටීස් ලෙස හඳුන්වනු ලබන්නේ, කාලයත් සමඟ සිදුවන මෙම වයස් ආශ්‍රිතව ඇති වන වෙනස්වීම් නිසාවෙනි.

⭕අවදානම් සාධක

1.වඩාත් පොදු අවදානම් සාධකය වයසයි.
2. බෙල්ලේ පෙර තුවාල හෝ බෙල්ලට සිදුවන අනතුරු
3.ජානමය සාධක
4.දුම්පානය
5.රැකියාව (බෙල්ලේ නිරන්තර චලන සහිත රැකියා)
6.මානසික අවපීඩනය හෝ කාංසාව
7.නිතර අධික බර එසවීම

⭕ඇතිවීමට බලපාන හේතු

ක්‍රමයෙන් වයසට යන විට,කොඳු ඇට පෙළ කාලයක සිට සාමාන්‍ය ඇඳීම්,ගැස්සීම් ආදී චලන හේතුවෙන් වෙනස් වන අතර මැදි වයසේ සිට, කශේරුකා අතර තැටි (disks) වෙනස් වීමට පටන් ගනී.

🔶Degenaration : ගෙලෙහි ඇති කොඳු ඇට පෙළ සෙමෙන් ක්ෂය විය හැකි අතර කාලයත් සමඟ එම අස්ථි අතර ඇති තැටි තුනී වන අතර මෘදු පටක වල නම්‍යතාවය අඩු වේ.

🔶Herniation : ක්‍රමයෙන් වයසට යන විට කොඳු ඇට පෙළේ කොටසක් ඉරීම(tear) හෝ ඉරිතැලීමට(crack) විය හැක. මෙය Herniated Disk ලෙස හැඳින්වේ.මෙහිදී එම අස්ථි අතර තැටිය පිටතට නෙරා එන අතර, අසල ඇති පටක හෝ කොඳු ඇට පෙළේ ස්නායුව මත පීඩා කරයි. මෙම පීඩනය හේතුවෙන් ගෙල ආශ්‍රිත වේදනාව හෝ හිරිවැටීම ඇති විය හැක.

🔶Osteo Arthritis: ඔස්ටියෝ ආතරයිටිස් යනු කාලයක් පුරා අඛණ්ඩව පවතින තත්වයකි.එහිදී කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් සන්ධිවල කාටිලේජ ක්ෂය වීමට පටන් ගනී.එවිට කාටිලේජ සාමාන්‍ය වයසට යාමේ වේගයට වඩා වේගයෙන් පිරිහීමට පටන් ගනී.

🔶Bone Spurs : කොඳු ඇට පෙළේ ඇති කශේරුකා සන්ධිවල ඇති කාටිලේජ ක්ෂය වීමට පටන් ගන්නා විට සහ අස්ථි හා පටක අනෙකුත් අස්ථි හා පටක වලට සෘජුවම ගැටෙන විට, කශේරුකාවේ දාර දිගේ අසාමාන්‍ය අස්ථි වර්ධනයක් වර්ධනය වේ. මෙම වර්ධනයන් (Oesteophytes හෝ Bone Spurs ) වයසට යන විට බහුලව දක්නට ලැබේ.

⭕යම් අවස්ථාවලදී පහත පරිදි ශාරීරිකව පරීක්ෂා කිරීමෙන් රෝග විනිශ්චය කල හැක.

1.බෙල්ල නම්‍යශීලී බව
2.අත් හෝ පාදවල මාංශ පේශි වල ශක්තිය සහ ප්‍රතීක ක්‍රියා
3.ඇවිදින ආකාරය
4.බෙල්ල සහ උරහිසෙහි ප්‍රේරක ලක්ෂ (trigger points) (බෙල්ලේ හෝ උරහිසෙහි මාංශ පේශිවල ඇති කුඩා නෙරුමක්,ඉදිමීමක් වේදනාවේ ආරම්භය විය හැක)

⭕රෝග විනිශ්චය සදහා සිදුකරන පරීක්ෂණ

1.XRAY
2.MRI
3.CT SCAN
4.MYELOGRAM
5.ELECTROMYOGRAM

⭕⭕ආයුර්වේදානුකූලව රෝගය කලමණාකරණය

🔷ගෙල ආශ්‍රිතව හා ශරීරයේ උග්‍ර වූ වාත දෝෂය ආයුර්වේද කෂාය හා විවිධ සංයෝජන මගින් සමතුලිත කරයි.
🔷අග්නිය වැඩි දියුණු කිරීමෙන් ආහාර ජීර්ණය ක්‍රමානුකූල කරයි.
🔷ආහාර ජීර්ණය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා සුදුසු ආහාර වට්ටෝරුවක් අනුගමනය කල යුතුයි.
🔷කෂාය,ගුලි,කල්ක ආදී ශාකමය ඖෂධ අභ්‍යන්තරව යෙදීම මගින් දෝෂ සමතුලිත කර ශරීරයේ පටක නැවත ගොඩනැගීම වේගවත් කරයි.
🔷බාහිරව යොදන පංචකර්ම ප්‍රතිකාර මගින්ද ශරීරයේ ස්ථානිකව ඇති දෝෂ වල සමතුලිතතාවය ඇති කරයි.
🔷ප්‍රතිකාර සඳහා යොදන ආයුර්වේද පංචකර්ම ක්‍රම භාවිතයෙන් යොදන ශාකමය ඖෂධද ශරීරයේ පටක නැවත ගොඩනැගීම වේගවත් කරයි.
🔷ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය හරහා සම්පූර්ණ ශරීරය හා මනස පුනර්ජීවනය කරයි.

⭕බාහිර ප්‍රතිකාර සදහා අභ්‍යංග(තෙල් ගැල්වීම) නාඩි ස්වේද(ස්ථානික ඖෂධීය වාෂ්පය),නස්‍ය, ශිරෝවස්ති හෝ ශිරෝධාරා, ග්‍රීවා වස්ති ආදිය ඇතුළත් වේ.

⭕⭕සියලුම ආයුර්වේද ප්‍රතිකාර කළමනාකරණය කලයුතු වන්නේ එක් එක් රෝගියාගේ තත්වය සහ රෝගයේ තත්වය මත වේ.

✒️𝐃𝐫.𝐒𝐡𝐚𝐧𝐢 𝐀𝐧𝐮𝐭𝐡𝐭𝐡𝐚𝐫𝐚 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚
𝐁𝐀𝐌𝐒 (𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚 )
𝐏𝐆 𝐃𝐢𝐩 𝐢𝐧 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 (𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨)

☎️0715425058

🍂 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐂𝐚𝐫𝐞 - 𝐅𝐨𝐫 𝐚 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐲 𝐋𝐢𝐟𝐞 🍂

𝑨𝒚𝒖 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑪𝒆𝒏𝒕𝒆𝒓
𝑨𝒚𝒖𝒓𝒗𝒆𝒅𝒂 | 𝑾𝒆𝒍𝒍𝒏𝒆𝒔𝒔

⭕11/B/3, Minuwangoda Road,Dunagaha

⭕⭕𝐎𝐩𝐞𝐧𝐢𝐧𝐠 𝐇𝐨𝐮𝐫𝐬 : 4.00𝐩𝐦 - 8.00𝐩𝐦 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲𝐬 𝐎𝐧𝐥𝐲

Address

Nilpanagoda Road, Dunagaha
Divulapitiya
11264

Opening Hours

Monday 16:00 - 20:30
Tuesday 16:00 - 20:30
Wednesday 16:00 - 20:30
Thursday 16:00 - 20:30
Friday 16:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Ceylon Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayu Ceylon Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram