19/11/2017
ඔබත් හතළිහ ආසන්නයේද
හතළිස් ඇඳිරිය ගැන සැලකිලිමත් විය යුතු ඇයි
හතළිස් ඇඳිරිය ගැන සුළුවෙන් හිතන්න එපා
අවුරුදු හතළිහ පිරිමියකුගේ දෙවන උපත ලෙස සලකනු ලැබේ. එහෙත් ගැහැනුන් අවුරුදු හතළිහ වනවාට කැමති වන්නේ නැත. අවුරුදු හතළිහට අඩුවෙන් වයසක ජීවත්වීමට ගැහැනුන්ගේ කැමැත්ත ඉහළය.
ඒ කෙසේ වූවද ස්වභාව ධර්මයට පිටුපෑමේ හැකියාවක් අපට නැත. හතළිස් ඇඳිරියට මුහුණ දිය යුතු වන්නේත් ඒ නිසාමය.
බොහෝ කාන්තාවන් වයස පෙනේ යෑයි සිතමින් හතළිස් ඇඳිරිය නිසා ළඟ නොපෙණුනත් Bifocal කණ්ණාඩි දැමීමට අකමැත්තක් දක්වයි. මේ කරුණු අනුව හතළිස ඇඳිරියට නිවැරදිව උපැස් යුවළක් තෝරා ගන්නේ කෙසේද කියා බලමු.
හතළිස් ඇඳිරිය පිළිබඳ සමාජය තුළ පවතින කතා බහ හැමදාම එකම විදිහට අසන්නට ලැබෙයි. හතළිස් ඇඳිරිය ගැන දැන දැනත් එය නොසලකා සිටින අයුරක් සමාජයට දෙනෙක් යොමු කිරීමේදී පෙනේ.
හතළිස් ඇඳිරියේදී සිදුවන්නේ ළඟ සියුම් පෙනුම දුර්වල වීමකි. මෙම අවස්ථාව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපායි.
එනම් ඇය ගෘහනියක් නම් ඉදිකටුවට නූල දමා ගැනීමට නොහැකි වෙයි. ගෙදරට ගෙනෙන ලද සෝයාමීට් පැකට්ටුවේ සාදන ක්‍රමය, කල් ඉකුත්වෙන දිනය බලා ගැනීමට බැරිව ලත වෙයි.
ගුරුවරයාට මෙතෙක් කල් ඉතා පහසුවෙන් ලකුණු කළ නාම ලේඛනය ලකුණු කිරීම අපහසු වනවා සේම එක දිගට දරුවන්ගේ පොත් බැලීම අපහසු වෙයි. ඉතා අපහසුවෙන් පොත්ටික බැලුවද ඊට පසු පැය කිහිපයක් යනතුරු හිසරදය ඇතිවෙයි. දුරපෙනුම ද්විත්ව (Double) වෙයි.
ගිණුම්කරණයේ රැකියාවල නියුතු අයට එක හැඩයට ඇති ඉලක්කම් මාරු වෙයි. වැඩ කටයුතුවල වේගය අඩුවෙයි. වැඩ කිරීමට මැලිකමක් දැනෙයි.
බොහෝ දෙනා මෙම අවස්ථාවට බිය වන්නේ තමන්ව අන්ධභාවයට පත්වී ගෙන එනවාද යන සිතුවිල්ල සමඟිනි. ඒ නිසාම සිතෙහි අනවශ්‍ය කනස්සලු ගතියක් ඇතිවෙයි.
හතළිස් ඇඳිරිය නිසාවෙන් මෙවැනි අපහසුතා ඇති වෙයි නම් අපි මෙහි විද්‍යාත්මක තොරතුරු කෙසේදැයි බලමු.
මෙම සංසිද්ධිය සරල සාමාන්‍ය දෙයකි. අපේ ඇස තුළ අපිට පෙනුම ලබාදීමට අක්ෂි කාචයක් ඇතිබව අපි දනිමු. මෙම අක්ෂි කාචයේ විශේෂත්වය වන්නේ අප බලන, බලන දුරට වක්‍රතාවය වෙනස්කර ගනිමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත (ස්නායු සෛල ස්ථරය) නාභිගතකර ගත හැකිවීමයි.
නමුත් අවුරුදු හතළිහ පමණ වනවිට (අප වයසට යැමක් සමඟ) කාචයේ මෙම නම්‍යශීලීභාවය ක්‍රමයෙන් අඩුවෙයි. එසේ අඩුවන විට ළඟ ඇති දෙයක් දෙස බැලූ විට කාචයට වක්‍රතාවය වෙනස් කරමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත නාභිගතකර ගැනීමට නොහැකි වෙයි. එවිට ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය පසුකකරමින් පසුපසට යයි. ඒ නිසා අපට ළඟ පෙනුම අඩුවෙයි.
මෙහිදී අප සිදුකළ යුත්තේ පිටතින් බලයක් යොදමින් පිටුපසට ගිය ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මතට ලබාගැනීමයි. ඒ සඳහා අප කිරණ එකතුකරණ (Converge) උත්තල කාච (Plus lenses) පැළඳිය යුතුවෙයි.
මෙලෙස උත්තල කාච යුගලයක් පැළඳීමෙන් ඉතා පහසුවෙන් මේ තත්ත්වයෙන් මිදීමට පුළුවන.
පුද්ගලයාගේ අවශ්‍යතාවය මත නිවැරදිව කාච වට්ටෝරුවක් (Prescri ption) ලබාගන්නේ කෙසේද කියා බලමු.
මෙහිදී සඳහන්කළ යුතුව ඇත්තේ බොහෝදෙනා තවමත් හිතුමතේට තමන්ට කැමති පරිදි සාප්පුවකින් මිලදී ගෙන හෝ පදික වේදිකාවෙන් මිලදී ගෙන නැතිනම් යහළුවෙකගෙන් ඉල්ලා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිළිබඳවයි. මෙය ඉතාම වැරදි ක්‍රියාවකි.
පළමුව කළ යුත්තේ පෙනුම පිළිබඳ ගැටලුවක් ඇති ඔබ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු හෝ පුහුණුවලත් දෘෂ්ඨි විශේඥවරයකු වෙත යොමු වීමයි. එහිදී ඔබව නිවැරදි දෘෂ්ඨි පරීක්ෂණයකට භාජනය කරනු ලබයි.
එවිට ඔබට අවශ්‍ය කාච වට්ටෝරුව (Prescription) ලැබෙනවාට අමතරව අනාගතයේදී තමාගේ පෙනුමට තර්ජනයක් වියහැකි බොහෝ රෝගාබාධ හඳුනාගැනීමටද, නොදැන සිටි ශාරීරික රෝගාබාධ හඳුනාගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.
දෙනෙත පරීක්ෂා කිරීමෙන් පසු නිවැරදි වට්ටෝරුව ලැබුණු පසු අපි අපගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එම වට්ටෝරුව ලබාගත යුතුය.
ගෘහනියක් නම් පුවත්පතක් බැලීමට, පුංචි මැහුම් වැඩක්කර ගැනීමට වැනි කාරණා සඳහා අවශ්‍යතාවය මුල්වේ නම්, සම්පූර්ණ උපැස් යුවළ කියවීම සඳහා සාදා ගත්තාට වරදක් නැත. (Reading glasses) නමුත් මතක තබාගත යුතු වන්නේ Reading glasses දමාගෙන දුර බැලීම නොකළ යුතු බවයි. Reading glasses මගින් දුර බැලූ විට ක්‍රමක්‍රමයෙන් දුර බැලීමට Reading glasses වට්ටෝරුව අවශ්‍ය වන තත්ත්වයට පත්වෙයි.
එසේවූ විට හොඳින් පෙණුනු දුර පෙනුමද තේරුමක් නැතිව අඩුවී යයි. Reading glasses හරහා දුර බැලීම වැළැක්වීමට ක්‍රමවේදයක් තිබේ. එනම් ඉසදෙජ්ක කණ්ණාඩිය පාවිච්චියට ගැනීමයි.
Bifocal කණ්ණාඩියක කියවීමට ඇති බලය ඇත්තේ ඇස් කණ්ණාඩියේ පහළ කොටසෙහිය. ඉහළ කොටසේ ඒ සඳහා බලයක් නැත. එම නිසා ඒ හරහා දුර බලන විට සිදුවන්නේ තමන්ගේ සාමාන්‍ය ඇසින් දුර බලනවා වැනි ක්‍රියාවලියකි.
Bifocal වලද වර්ග කිහිපයක් ඇත. එම වර්ග පිළිබඳව දෘෂ්ඨි විශේෂඥවරයාගෙන් නොපැකිලිව විස්තර අසා දැනගෙන තමන්ට වඩාත්ම සුදුසු මාර්ගය තෝරාගත යුතුය.
Bifocal කාචයක් හරහා පරිගණකයක් බැලීමට අවශ්‍ය වූ විට බෙල්ල උස් කරමින් ඇස් කණ්ණාඩියේ යට Segment එක තුළින් පරිගණකය බැලිය යුතුය. මෙය දිගින් දිගටම පරිගණක භාවිත කරන අයට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයකි. එලෙස කාලයක් බැලූවිට එය බෙල්ලේ ඇති මාංශ පේශීන්ට බලපා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකට පත්විය හැක.
එමනිසා පරිගණක භාවිත කරන අයට Bifocal කණ්ණාඩියක් නුසුදුසුය. එවැනි අයටත් වයස්ගත භාවය පෙන්වීමට අකමැති අයටත් Segment කණ්ණාඩිය වෙත යොමුවිය හැක.
Virifocal කණ්ණාඩියක දුර පෙනුම, මැද දුර පෙනුම, ළඟ පෙනුම යන දුරවල් තුනකටම බැලීමට හැකියාව ඇත.
Virifocal කාචවල බලය ඉහළ සිට පහළට ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙයි. එලෙසම Virifocal කාචවල බලය හරියාකාරව පවතින්නේ කාචයේ මධ්‍ය තීරයේය. මෙම මධ්‍ය තීරයේ පරාසයද වෙනස්වෙමින් Virifocal වර්ගීකරණය වෙයි.
ඉහළ සිට පහළට බලය වෙනස් වන උසද වෙනස්වෙමින් Virifocal වර්ගීකරණය වෙයි.
එමනිසා මෙම කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් ඇස් කණ්ණාඩියක් ලබාගැනීමට ගියවිට මෙම වර්ග ගැන අසා දැන ගන්න. ඒ සඳහා ඔබට මෙම දැනුවත් කිරීමත් ප්‍රයෝජනවත් වනු ඇත. තමන්ගේ අවශ්‍යතාවය මත සුදුසුම Virifocal වර්ගය තෝරා ගැනීමට යොමු වන්න.
ඒ සඳහා ඔබ Virifocal පිළිබඳව මනා පුහුණුවක් ලත් දක්ෂ දෘෂ්ඨි විශේෂඥවරයකු වෙත යොමුවිය යුතුමය.
එයට හේතුව කොතරම් හොඳ කාචයක් වූවද ඇස් මිමි (Virifocal measurments)) නිවැරදිව ලබානොගතහොත් Virifocal කාච පාවිච්චියද කිසිසේත්ම පහසු (Comfortable) නොවන බැවිනි.
තවත් වැදගත් කරුණු කිහිපයක් වන්නේ ඔබ පරිගණකය දිගටම භාවිත කරන්නේ නම් ආලෝක සංවේදී නම්, රාත්‍රියේ වාහන පැදවීම අපහසු නම් එම තත්ත්වයන් අවම කරගත හැකි විශේෂිත Malticoated කාච ඇස් කණ්ණාඩි වට්ටෝරුව සමඟ ලබාගැනීමයි.
එසේම හතළිස් ඇඳිරිය සඳහා ඇස් කණ්ණාඩිය නිතරම භාවිත කළ යුතු නොවෙයි. තමන්ට අවශ්‍ය වේලාවට පාවිච්චි කිරීමට පමණක් පුරුදුවීම් වරදක් නොවෙයි.
දෘෂ්ඨි විශේෂඥ
සමන්තා සුදර්ශනී