Ceylon Healthy Life

Ceylon Healthy Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Healthy Life, Medical and health, Galle.

Surgical masks are used every day by medical professionals to provide protection against the risk of infection, but consumer demand for them spikes at various times, such as when news surfaces about the spread of viruses such as the coronavirus.

09/04/2023
06/03/2023

coming soon

මෙින්න ඔබ වෙනුවෙන්ම ....තොග වශයෙන් ලබාදිමට  පහසුකමි නොමැති බැවින්.ව්‍යාපාරිකයන් විමසිමෙන් වලකින්න .......0774613156
03/05/2021

මෙින්න ඔබ වෙනුවෙන්ම ....තොග වශයෙන් ලබාදිමට පහසුකමි නොමැති බැවින්.ව්‍යාපාරිකයන් විමසිමෙන් වලකින්න .......0774613156

26/04/2021

ඔබටත් Covid 19 (කොරෝනා) වැලදී ඇත්දැයි නිවසේදීම පරීක්ෂා කරගත් හැකි සරළ ක්‍රමයක්______

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය ආසාදනය වී තිබෙන බව දැන ගන්නට නොලැබෙන බව විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කිරීම අපහසු බැවින් ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් පිළිබඳව වෛද්‍යවරයා සඳහන් කරයි.ඒවා නම්,

ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්
ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගිණිය නොහැකි නම්
ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්
මෙවැනි තත්ත්වයක් තුළ සැක සහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝග පාලනයක් සිදුකල හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තොග සීමිතයි... 100%ක් පිරිසිදු නියම කිතුල්පැණි.. අරගෙන හොදනම් යාලුවන්ටත් කියන්න.. හොද නැත්නම් අපිට කියන්න.. "'ලාබයට වඩා ...
06/04/2021

තොග සීමිතයි... 100%ක් පිරිසිදු නියම කිතුල්පැණි.. අරගෙන හොදනම් යාලුවන්ටත් කියන්න.. හොද නැත්නම් අපිට කියන්න.. "'ලාබයට වඩා වසවිසෙන් තොර ජීවන රටාවක් Ceylon Healthy Life අපේ අරමුණයි"'....

🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑රුව ගුණ වඩන පලතුර අලි ගැට පේර (Persea  americana) ලොරේසි කුලයට අයත් අලිගැට පේර  මෙක්සිකෝ ප්‍රභවයක් සහිත ශා...
24/02/2021

🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑
රුව ගුණ වඩන පලතුර අලි ගැට පේර
(Persea americana)
ලොරේසි කුලයට අයත් අලිගැට පේර මෙක්සිකෝ ප්‍රභවයක් සහිත ශාකයක්. අවුරුදු 200කට පමණ ඉහත මෙරටට හඳුන්වා දුන් බවට සටහන් දක්නට ලැබෙනවා. A B C K E විටමින් සංචිත සමග, යකඩ කැල්සියම් ප්‍රෝටීන්, පොස්පරස් , මැග්නීසියම් ,මැන්ගනීස් ,තඹ ,සින්ක් ෆෝලේට්,ආදි පෝෂකවලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් අලිගැට පේර පොහොසත්.
කෙසෙල් වලටත් වැඩි පොටෑසියම් ප්‍රතිශතයක් එහි අඩංගු බව සඳහන්. එය රුධිර ධාවනය ක්‍රමවත් කරමින් රුධිරපීඩනය පාලනය කර දෙනවා.හදවත් රෝග අවම කරනවා.
රුධිර කැටිගැසීම් අඩු ගුණයෙන් ආඝාත තත්ත්වද වළක්වනවා..
පලතුරෙහි මේදය බහුල වුවත් ඒවා ස්වාභාවික අසංතෘප්ත මේදය බැවින් ඉන් කොලෙස්ටරෝල් ගැටළු ඇති වන්නේ නැහැ.
2012 දී ප්‍රකාශයට පත් "මානව පෝෂණයට ශාක ආහාර," සඟරාව පළකරන්නේ අලිගැට පේර ඇටවල පිටි ,අහිතකර LDL කොලෙස්ටරෝල් අවම කර ධමනි අවහිරතා වළක්වන්නක් බවයි.
එය කුඩා දරුවන්ට ගැබිණි මවුවරුන්ට කිරිදෙන මවුවරුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද සුදුසු ශක්තිජනක ආහාරයක්.
යකඩ ෆෝලේට් හා තන්තු ගැබිණි මවුන්ට ඇතිවිය හැකි නීරක්ති මලබද්ධ හා අනෙකුත් අපහසුතා අවම කර නිරෝගි දරු උපත් ලබාගැනීමට උපකාර වනවා.
එහි ඇති මේද ,විටමින්, මවුකිරි වර්ධනය කරමින් දරුවාගේ මොළය නිරෝගී කිරීමට උපකාරවනවා.ඉදුණු අලි ගැටපේර මද, කිරමක් හෝ පානයක් සේද සලාදයක් සේද සකසාගත හැකියි.
අමු ගෙඩිවල පෝෂණ ගුණ අඩු ලෙස සැළකෙතත් එය වෑංජනයක් සේ පිසගත හැකියි. ඇටය කැබලිකර තම්බා තේ පානයක් සේ සකසා ගත හැකිය..
අලිගැට පේර ආහාර රුචිය වඩන්නක්.මුත්‍රා වර්ධකයක්.සිරුරේ විෂ බැහැර කිරීමට උපකාරිවන්නක්.
කැල්සියම් K විටමිනය සහ ප්‍රතිප්‍රදාහ ගුණ ඇති බැවින් සන්ධි ප්‍රදාහ පාලනය කිරීමේ හැකියාව සහිතයි. එය අස්ථි අවහිරවීම් වළක්වා දෙනවා. වියපත්කල ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් ආතරයිටිස් වැනි අස්ථි සන්ධි රෝගද වළක්වනවා.
දන්ත සෞඛ්‍යය රැක දෙනවා. විදුරුමස්වලින් ලේ ගැලීම් පාලනය කරනවා.
අලිගැට පේර ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට උපකාරිවෙමින් මල බද්ධය දුරුකරන්නක්.
අර්ශස් හා මල මගින් රුධිරය පිටවීමේ රෝග පාලනය කර දෙන්නක්. අතීසාරයට එරෙහිව ක්‍රියාත්මක වන්නක්.
අලිගැට පේරවල ඇස්වලට හිතකර ලුටෙලින් හා zසියාසැන්තින් අඩංගු අතර ඒවා අක්ෂි කාචය ආරක්ෂා කරනවා.සුද ඇතිවීම වැනි අක්ෂි රෝග වළක්වමින් ඇස් පෙනුම වර්ධනය කරනවා. ඇස් දීප්තිමත්ව තබනවා.
එය සම නිරෝගි කිරීමට ද දායක වන්නක්. සතියට දෙවරක්වත් අනුභව කරන්නේ නම් බබලන පැහැපත් සමක් ඇතිකර ගත හැකි බව සඳහන්.
රූප ලාවණ්‍ය වර්ධනය සඳහා සම සුන්දර කිරීමේ බාහිර ආලේපනයක් ලෙසද අලිගැට පේර මද යොදාගනු ලබනවා.
ඇටවල තෙල් ද සමට හිතකරයි. එය සමේ රැලි වැටීම් වළක්වා වඩා තරුණ පෙනුමක් ලබා දෙනවා.වියළා කුඩුකර තබාගෙන මුහුණු ආලේපනවලට යොදාගත හැකියි.
හිසකෙස් නිරෝගීව වැවීමට ද අලිගැට පේර දායකත්වය සපයනවා.
අලිගැට පේර සැළකෙන්නේ තෘප්තිය ඇතිකරන ආහාරයක් ලෙසයි .එමගින් සිරුරේ බරත් පාලනයවෙනවා.
නිතර ආහාර අවශ්‍ය ස්ථූල පිරිසක් යොදාගෙන කරන ලද පර්‍යේෂණයකදී අලි ගැට පේර බාගයක් ආහාරයට ගැන්මෙන් පසු ඇතිවූ තෘප්තිය නිසා පැය තුනක් ඉක්මෙන තෙක් වෙනත් ආහාරයක අවශ්‍යතාව ඉන් 40% ක පිරිසකට නැතිව ගිය බව සඳහන්.
අලිගැටපේර වල පිෂ්ටය අඩංගු වුව ඉන් සීනි වැඩිවීමක් සටහන්වන්නේත් නැහැ.එය ග්ලූකෝස් මට්ටම අඩුකර දියවැඩියාව පාලනය කරනවා.
අලිගැටපේරවල ඇති B විටමීනය මොළයට ඉතා හිතකරයි.එමගින් මානසික ආතති දුරුවී මනස සන්සුන්වනවා. සැපවත් නින්දක් හිමිවෙනවා.විෂාදය ඇල්ෂයමර් වැනි මනස හා මතක ආශ්‍රිත රෝග වළකිනවා.
වැඩි දෙනා අලිගැට පේර මදය ගෙන, ඇටය ඉවත දැමුවත් පලතුරේ ඇති ප්‍රතිඔක්සිකාරකවලින් 70% ක්ම ඇත්තේ ඇටයේ යි .මේ තරම් ප්‍රතිඔක්සිකාරක ගුණ වෙනත් කිසිම පලතුරක එළවළුවක අඩංගු නැහැ. එය ප්‍රතිශක්තිකරණ ශක්තියෙන් ද ‍යුක්තයි.බැක්ටීරියා නාශක දිලීර නාශක ගුණ ද සහිතයි.කැන්ඩිඩා වැනි රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා.
අලිගැට පේර පිළිකා සෛල ද මර්දනය කරන්නක්.
ඇන්ටිකා විශ්ව විද්යාලය මගින් කෙරුණු පර්යේෂණයක දී අලිගැට පේර ඇටවල ඇති ඇවකේෂන් බී සාරයට ලියුකේමියා පිළිකා සෛල විනාශ කළහැකි බව සොයා ගැනුණා.
එය පුරස්ථි ග්‍රන්ථි පිළිකා පාලනය කරන්නක් බවද සඳහන්.වකුගඩු හා ඇදුම රෝගීන්ට නම් අලිගැටපේර හිතකර නැහැ. ලේ තුනීවීම සඳහා ඖෂධ ගන්නාවිටත් ඉන් වැළකීම සුදුසු බව සඳහන්...
🥑🥑🥑අලි ගැට පේර ඇට පානයන් මෙසේ සකසාගත හැකියි.
1🥑ඉදුණු ගෙඩියක ඇටය පිරිසුදු උරයක බභා මිටියකින් තලා කුඩා කැබලි කරගන්න...
*රට ඉඳි,ඉදුණු කෙසෙල්,නිවිති කොළ හා පානීය ජලය ස්වල්පයක් ඒ සමග දමා බ්ලෙන්ඩ් කරගන්න.

2🥑
*අලිගැට පේර ගෙඩි බාගයක ඇට පිටිකර ගන්න...
*ගෙඩි බාගයක මද ගන්න...
*ඇපල් හා ඉදුණු පෙයාර්ස් ගෙඩිය බැගින් ගන්න....
*නිවිති කොළ කෝප්පයක්
*ගා ගත් ඉඟුරු කෑල්ලක්
*ආමන්ඩ් කිරි හෝ පානීය ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩ් කර ගන්න.

3🥑
*අලිගැට පේර ඇට කැබලි කර පැය බාගයක් පමණ තම්බා තේ පානයක් සේ සකසාගන්න.

උපුටා ගැනීමකි :-
නිර්මාණ අයිතිය- Indra Rathnayake සතුයි...

(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)

රෝග රැසකට ගුණ කටරොළුකටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කො...
26/01/2021

රෝග රැසකට ගුණ කටරොළු

කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැ~ලන්න ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ පරිදි කටරොළු කියන්නේ රෝග රැසකට ගුණය, සුවය සලසන මහා ඖෂධයක්.

කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් පාට මලක් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මලක් හැදෙන එළ කටරොළු යන දෙක. අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ආයුර්වේදයේ හැඳින්වෙන කටරොළු අයත් වන්නේ Fabaceae කුලයට. Clitoria ternatea මෙහි උද්භිද විද්‍යා නාමය. කටරොළු කියන්නේ ආයුර්වේදයට අලුත් ශාකයක් නෙවෙයි. බොහෝ රෝග සුව කරන්න මේ ඖෂධය බහුල වශයෙන් යොදාගෙන තිඛෙනවා.

ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථවලත්, බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්‍රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා. ඒ අතීත වෙදැදුරන්ගේ දර්ශනයට අනුව පොදුවේ රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි රෝගවලට, ඉදිමුම වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඖෂධයක්. සුශ්‍රැත සංහිතාවට අනුව කටරොළු කියන්නේ ශිරෝ විරේචන ද්‍රව්‍යයක්, ඒ කියන්නේ විවිධ රෝගවලට මේ ඔසුවෙන් නස්නයක් කිරීමෙන් ඒවා සුවවන බව එහි සඳහන් වෙනවා. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි.

වරුණාධිගණ සහ න්‍යග්‍රොධාදී ගණවලට අයත් කොටසේ ශරීරයේ විස නැති කිරීමටත් මෙය හොඳයි කියල සඳහන් වෙනවා. එහි සඳහන් ආකාරයට ශරීරයේ කුෂ්ඨ නැතිකර, තුවාල පිරිසුදු කිරීමටත් කටරොළු ඖෂධයෙන් පුළුවන්. මේ ශාකය වැලක් නිසා ආයුර්වේදයේ මෙය ලතාවක් ලෙස වර්ග කරනවා. පුංචි කොළ පවතින, කොළයේ කෙළවර ගැට්ටක් තියෙන නිල් හෝ සුදු මල් හැදෙන කටරොළු ශාකයෙ කරල් විශේෂයක් හැදෙනවා. සමහර රටවල ඒ කරල්වල ළපටි ඒවා වෑංජනයක් ලෙසත් ගන්නවා. බුරුමය වගේ රටවල කටරොළු මල් තෙලේ බැදලා පපඩම් වගේ කනවා. ඒවා ඉතාම රසවත්, ගුණවත් ආහාර. ලංකාව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි ආසියාතික රටවල බහුල වශයෙන් හටගන්න කටරොළු රනිල කුලයට අයත් ශාකයක්. ඒ නිසාම කටරොළු ශාකයක් වැඩුණු තැන පස සරුයි. කටරොළු පස සරු කරන ශාකයක්.

රෝග සඳහා ඖෂධ පිණිස කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර (පවුඩර් ලෙස) දිනකට එයින් ග්‍රෑම් 1-3 ත් අතර ප්‍රමාණයක් උණු වතුර එකකට මිශ්‍ර කර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියළා දුම ඇල්ලුවොත් සෙම් රෝග සුව වෙනවා.

කටරොළු ශාකයේ පංචාංගයම තම්බා ගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිඛෙනවා. කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා.

ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කෂායක් ලෙස ඔබ මේ ඖෂධීය කෂාය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

දේශීය චිකිත්සාවේ (ආවේණික) උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝගවලට ප්‍රතිකාර කරන්න කටරොළු ඖෂධය ගන්නවා. ඒ වගේම කෘමි, සර්ප දෂ්ටනවලදී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණයි.

ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම වන්ධ්‍යාභාවය නැති කරන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු කෂාය. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්‍යන්තර රෝගවලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඖෂධයක්. ශරීරයේ වේදනාව, ඉදිමුම රුධිර ගැලීම් වැනි තත්ත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්.

රුධිරය ගලන අර්ශස් අවස්ථාවකදී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වාගේම සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවයක් ලබන්නත් පුළුවන්.

කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තළා බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මේ සුදු කටරොළු මල් කෂාය දෛනික බීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ගුණදායකයි.

කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසුදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමගින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් එක්ක ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝගවලට මෙය අගනා ඖෂධයක්.

උගුරේ ආසාදනවලදී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් සුවදායකයි. කටරොළු පංචාංගයම කෂාය කර පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි කියන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරන්න පුළුවන්.

ඒ වගේම මුඛාශි්‍රත රෝගවලටත් කටරොළු මුල් ඉතාම හොඳයි. කටරොළු කියන්නේ හොඳ වේදනා නාශක ඖෂධයක්. ඒ නිසාම දත් කැක්කුමකදී කටරොළු මුල් ස්වල්පයක් ගම්මිරිස් ඇටයක් එක්ක අඹරා වේදනා සහිත දතේ තබා ඉන්න. දත් කැක්කුම නැති වේවි.

අපි දැක තිඛෙනවා ඇතැමුන්ට ශරීරයේ විවිධ දුර්වලතා නිසා අසීමිත ලෙස දහදිය දමනවා. එවන් අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉ`ගුරු සමව ගෙන අඹරා කල්කයක් වගේ සාදා ආහාරයට ගන්න පුළුවන්. දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.

උන්මාද අවස්ථාවලදී එළ කටරොළු මුල් ඉස්ම හාල් පානු වතුර සහ එළ`ගිතෙල් මිශ්‍ර කර පානයට දීම ඉතාම සුදුසුයි. සමේ හටගන්නා රෝගවලටත් කටරොළු ඉතාම ගුණදායකයි. කටරොළු ඇට කබලෙ බැද කුඩුකර මී පැණි හා මිශ්‍ර කර වරකට ග්‍රෑම් 5ක් 10ක් වගේ දිනකට දෙවරක් බොන්න. ශරීරයට යම් විසක් ඇතුළු වුණාම කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා ඒ යුෂ පානය කරන්න. විස තත්ත්වය ඉක්මනින් නාශනය වනවා.

යෝග රත්නාකරය කියන්නේ ඉපැරැණි ඖෂධීය වට්ටෝරු ඇති ග්‍රන්ථයක්. එහි සඳහන් ආකාරයට අරළු මුල්, නෙල්ලි, කටරොළු කෂාය කර ඒ කෂායට සිවංගුරු ගෙන්දගම්, රත්, හිරියල් දමා එයට තල තෙල් මිශ්‍ර කර අව්වේ කකාරා කුෂ්ඨ රෝගවල විටින් විට ගෑවොත් කුෂ්ඨ රෝග සුවපත් වෙනවා.

කටරොළු ඖෂධයේ පවතින මහාර්ඝ ඔසු ගුණය නිසාම මේ ඖෂධයත් අන්තර්ගත විවිධ ඖෂධ වෙළෙඳපොළේ තිඛෙනවා. වන්ධ්‍යාභාවයෙන් පෙළෙන ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම වන්ධ්‍යාභාවය නැති කරන්න, ගර්භපාල රස ඖෂධය වෙළෙඳපොළේ තිඛෙනවා. ඒ වාගේම ශරීරයේ ඇතිවන දැවිල්ල, කැසිල්ල, කුෂ්ඨ වැනි රෝග සුවකරන්න වාතරක්තාන්තක රස ඖෂධය ගුණදායකයි. කටරොළු කියන්නේ රක්තය පිරිසුදු කිරීමට සමත් ඖෂධයක්. එනිසයි ශරීරයේ තුවාල, කුෂ්ඨ, සුව කිරීමේ ගුණයත් මෙහි පවතින්නේ. ඒ වගේම කෝරණ්ඩ තෛලය කියන්නේ වාත රෝග සුව කරන්න පුළුවන් ඖෂධීය තෛලයක්. එහිත් කටරොළු අන්තර්ගතයි. ඒ වගේම ඉදිමුම, ශරීරයේ විස, හන්දිපත් වේදනාවක් වැනි අවස්ථාවක ශරීරයේ ආලේප කරන්න ඔබට තවත් ඛෙහෙතක් සාදා ගන්න පුළුවන්. ඒ තමයි කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප කරන්න. මේ කල්කය ඉතාම ගුණදායකයි.
(උපුටා ගැනීම ගම්පහ ඔසු පිටුවෙනි)

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Healthy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram