01/01/2025
මුළු මහත් විශ්වය විනිවිදව පවතින උතුම් බුද්ධාදි රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන්ද,විශ්වයට පහළ වූ අනන්ත බුදු-පසේබුදු-මහරහතුන්ගේ අනන්ත සීල-සමාධි-ප්‍රඥා-විමුක්ති-විමුක්ති ඤාණ දර්ශනාදි අනන්ත ගුණ බලයෙන්ද,අනාගාමී-සකදාගාමී-සෝවාන් උත්තහයන්ගේ-උත්තමාවන්ගේ අනන්ත සීලාදි ගුණ බලයෙන්ද,බුදු-පසේබුදු-මහරහත් වීමට පාරමිතා පූරණය කරන උතුමන්ගේ-උත්තමාවන්ගේ උතුම් ගුණ-ඤාණ බලයෙන්ද,පිංවත් ඔබතුමා/ඔබතුමිය මේ ජීවිතයේ අපගේ සිව්පස උපස්ථාන ශීර්ෂයෙන් සිදුකරගෙන ඇති සහ සිදුකරන කුදු මහත් අනුග්‍රහ කුසල බලයෙන්ද,විවිධාකාරයෙන් විවිධව කරගෙන ඇති සහ කරන කුසල බලයෙන්ද,ඔබ සැමට ගෙවුණු කාල පරිච්ඡේදයට වඩා ලැබූ කාලයේ නිදුක් නිරෝග ව,කායික-මානසික සැනසීම සහිතව,නොදුන් දන් දෙමින්,දෙන දන් වැඩිකරමින්,
නොරැකි සිල් රකිමින්,රකින සිල් වැඩි කරමින්,
නොවැඩූ සමථ-විපස්සනා වඩමින්,වැඩූ සමථ විපස්සනා වේ නම් වඩා වර්ධනය කරගනිමින් බොසත් ගුණ දියුණු කර ගැණීමට ලැබේවා!!!
උතුම් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ,සතර දළදා වහන්සේගේ,විජශ්‍රී ජයශ්‍රී බෝ සමිදුන්ගේ,සොළොස්මස්ථාන-අටමස්ථාන ආදි විශ්වය පුරා විසිරී පවතින තෙරුවනට සම්බන්ධ උතුම් වස්තූන්ගේ මහානුභාව බලයෙන් ඔබ සැමට සියළු යහපත් සැලසේවා!!!
උතුම් චතුරාර්ය සත්‍යය,පටිච්ච සමුප්පාදය,හේතුඵළ ධර්මතාව,සූවිසි ප්‍රත්‍යය ඒකාන්තයෙන් විශ්වයේ යථාර්ථයයි.
එම සත්‍යානුභාව බලයෙන් විශ්වයවාසී ඔබට අපට හිතවත්,
මැදහත්,
අහිතවත්,
වෛර නැත්තෝ වෙත්වා!
තරහා නොවෙත්වා!
නිදුක් වෙත්වා!
නිරෝගි වෙත්වා!
දහම් මග ගමන් කරත්වා!
අගුණ දුර්වලකම් දුරුකරගෙන ගුණධර්ම වඩා වර්ධනය කරගෙන, අඩුපාඩු පාරමී සම්පූර්ණ කර ගනිත්වා!
සත්‍යාවබෝධය දක්වාම
නරක-තිරිසන්-ප්‍රේත-අසුර යන සතර අපායෙන්ද,
ජලයෙන්,ගින්නෙන්,සුළඟින් යන ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද,
කර්ම-කිලේස-විපාක-පඤ්ඤත්ති වීතික්කමන-ආර්ය උපවාද යන පංචවිධ අන්තරායෙන්ද,
ත්‍රිවිධ අපාය,සුගතිය වුවද අරූප ප්‍රතිසන්ධිය,අසඤ්ඤ ප්‍රතිසන්ධිය ,ධර්මාවබෝධයට බාධා වන පරිදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අවකාශ නැති ප්‍රදේශවල ඉපදීම,පංච්‍රින්ද්‍රිය විකලත්වය,නියත-අනියත මිසදිටු ගැණීම, යන සසර භයානක තත්වයන්ගෙන් සදහටම සම්පූර්ණයෙන් අතමිදෙමින්,
සද්ධර්ම ශ්‍රවණය,
යෝනිසෝ මනසිකාරය,
ධර්මානුධර්ම ප්‍රතිපත්තිය,
ප්‍රතිරූපදෙශ සම්පත්තිය,
බුදු-පසේබුදු-මහරහත්,බුදු-පසේබුදු-මහරහත් වීමට වෙර දරන මහෝත්තමයන්ගේ මහෝත්තමාවන්ගේම ආශ්‍රය ලැබේවා!!!
ඔබ සැමට මෙකී මෙලොව-පරලොව,ආධ්‍යාත්මික-භෞතික,ලෞකික-ලෝකෝත්තර හාත්පස දියුණුව,යහපත ,අභිවෘද්ධිය වඩා වඩාත් සලසා ගැණීමට පහසු විහරණ වඩාත් හොඳින් සැලසෙන කාලපරිච්ඡේදයක්ම වේවා මේ අලුත් කාල පරිච්ඡේදය!!!
අකුසල විපාක පැමිණීම අඩු කර ගැණීමට හේතුවන්නාවූද,කුසල විපාක මතුවීමට හේතුවන්නාවූදධර්මාවබෝධය ළඟා කරන්නාවූද ප්‍රයෝග සම්පත්ති සංඛ්‍යාත දාන-සීල-භාවනා,සීල-සමාධි-ප්‍රඥා,සමථ-විපස්සනා,ධර්මඤාණ-භාවනා ඤාණ දියුණු කරමින්,ජීවිතයට පැමිණෙන කටුක-මිහිරි අත්දැකීම් වලට අකම්පිතව මුහුණ දෙමින් ඒවා පාරමිතා බවට බාර ගැණීමේ ශක්තිය අලුත් කාල පරිච්ඡේදයේදි වඩවඩාත් වර්ධනය වේවා!
සැනසුම වේවා!
තෙරුවන් සරණයි!
මෛත්‍රියෙනි,
මෙවගටත්
(තල්ගමුවේ සුධීරානන්ද වම්හ)