Namal Pharmacy

Namal Pharmacy All kind of medicines .. cosmetics.. milk powders. And baby items.. available

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
13/04/2025

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

13/03/2025

ඔබටත් වාහන වල යනවිට හිසරදය , වමනය ඇතිවෙනවානම් මෙය කියවන්න✅✅✅

🔯මෝෂන් සික්නස් ( Motion sickness)

✅මෝෂන් සික්නස් ( Motion sickness)යනු මෝටර් රථයකින්, බෝට්ටුවකින්, ගුවන් යානයකින් හෝ දුම්රියකින් ගමන් කරන විට කරකැවිල්ල , වමනය සහ තවත් රෝග ලක්ෂණ දැනිමයි

🔯මෝෂන් සික්නස් ( Motion sickness) ලක්ෂණ

ක්ලාන්තය
ඔක්කාරය
කටට වැඩිපුර කෙල ඉනීම
වමනය
හිසරදය
සීතල සහ සුදුමැලි වීම දැනේ
දහඩිය දැමීම

🔯 මෝෂන් සික්නස් ( Motion sickness)ඔබම අඩු කරගන්නේ කෙසේද?

🔆චලනය අඩු කරන්න - වාහනයක ඉදිරිපස වාඩි වි යන්න

🔆 කෙළින්ම ඉදිරිය බලාගෙන යන්න, දෙපැත්ත බලන්න එපා
ඉදිරියේ ඇති ඇස් මට්ටමෙ දෙවල් පමනක් බලන්න

🔆 ඔබේ ඇස් වසා ගැනීමට, උත්සාහ කරන්න.

🔆හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න - උදාහරණයක් ලෙස, වාහනයෙ කවුළුවක් විවෘත කිරීමෙන්

🔆ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරමින් ඔබේ ඇස් වසා සෙමින් හුස්ම ගන්න

🔆කතා කිරීමෙන්, සංගීතයට සවන් දීමෙන් හෝ ගීත ගායනා කිරීමෙන් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න

🔆එක දිගට දිග ගමනක් යනවානම් අතර මැද කිහිප ස්තානයකින් නවත්වා ,වහනයෙන් බැස ටික වේලාවක් සිට ගමන කොටස් වලට කඩා ගන්න

🔯 ඉඟුරු සහිත බිස්කට් , තේ පානය කරන්න
ඉඟුරු මූල ☑️☑️
ඔක්කාරය සඳහා බහුලව භාවිතා වන පිළියමක් වන ඉඟුරු මූල බොහෝ විට ලොසින්ජස්, තේ, බිස්කට්, ඉගුරු ටොෆි ලෙස ගත හෑක.


❌මේ දේවල් කරන්න එපා

🔆 පොත් ,පත්තර කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆොන් භාවිතා නොකරන්න

🔆 මෝටර් රථ පසුකර යාම හෝ රළ පෙරළීම වැනි චලනය වන වස්තූන් දෙස නොබලන්න

🔆ගමනට ටික වේලාවකට පෙර හෝ ගමන් අතරතුර බර ආහාර, කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් පානය නොකරන්න

🔆 ආහාර ගැනිමෙදි කුඩා ප්‍රමාන වලින් ගන්න

🔆හදිසි හෝ වේගවත් හිස හැරවිමෙන් වළකින්න, ඔබට හැකි නම්, ඔබේ ආසනය පිටුපස ඔබේ හිස තබා ගන්න හෝ ඔබේ ඇස් වසාගෙන නිදාගන්න.

🔯මෝෂන් සික්නස් ( Motion sickness) හේතුව කුමක්ද

🔆වාහනයක වංගු හරහා යාම හෝ බෝට්ටුවක, ගුවන් යානයක හෝ දුම්රියක ඉහළට පහළට ගමන් කිරීම වැනි ගමන් කිරීමේදී නැවත නැවත චලනයන් මෝෂන් සික්නස් ( Motion sickness)

🔆අභ්‍යන්තර කන ඔබේ ඇස්වලින් දකින විවිධ සංඥා ඔබේ මොළයට යවයි. මෙම ව්‍යාකූල පණිවිඩ මඟින් ඔබට මෝසන් සික්නස් ( Motion sickness) ඇති විය හැකිය.

🙏මෙම රෝගය ඔබට තිබෙනම් ගමන් යාම නවත්වන්න එපා මේ සදහා බෙහෙත් තියෙනවා , මෙ බෙහෙත් පෙති මුදලින් ඉතාමත් අඩුයි,

📵ගමන පටන් ගන්න මිනිත්තු තිහකට පෙර පලමු මාත්‍රාව ගන්න,
ඉලග මාත්‍රා

🌐පෙනගර්න්(promethasine) නම් ඉන්පසුව පැය 12 කට වරක් ගතයුතුයි.
🌐 සිනරසින් (cinaracine) නම් පැය 8 කට වරක් ගත යුතුයි .
මීට අමතරව තවත් බෙහෙත් වර්ග කිහිපයක් ඇත,
👍👍ඔබේ වෛද්ය වරයාගෙන් බෙහෙතේ නම සහ ගත යුතු මාත්‍රාව පිලිබද දැන ගන්න , වැඩි හිටි අයට සහ කුඩා අයට ගතයුතු බෙහෙත් ප්‍රමාණ (මාත්‍රාව)වෙනස් බව සලකන්න .🙏

✅✅ඉහත ක්‍රම සහ අවශ්‍යය නම් බෙහෙත් පාවිච්චි කර නිතර වාහන වල කාලයක් ගමන් කිරිමෙන් මෙම රොගය ඉබේම සුව වේ.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර, ශික්ෂණ රෝහල, කුලියාපිටිය

ලෝක වාසී සැමටත්. මාගේ පාරිභෝගික ඔබ සැමටත් සුබ නව වසරක් වේවා🎉🎊🎈❤️❤️
31/12/2024

ලෝක වාසී සැමටත්.
මාගේ පාරිභෝගික ඔබ සැමටත්
සුබ නව වසරක් වේවා
🎉🎊🎈❤️❤️

ඔබ සැමට සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.  ❄️🎅🧑‍🎄
24/12/2024

ඔබ සැමට සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.
❄️🎅🧑‍🎄

17/11/2024

Yes❤️💪💚

සුභ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා !

12/03/2024

මොනවද මේ Proton pump inhibitors ?

ආහාර මාර්ගයේ ආශ්‍රිතව රෝග ගණනාවක් අතරින් ආම්ලික ස්වභාවය හේතුවෙන් ඇතිවන රෝග කිහිපයක් තිබේ.
• අන්නස්‍රෝත ප්‍රදාහය Reflux oesophagitis
• අම්ල පිත්ත ප්‍රදාහය Gastritis
• අමාශ බිත්තියේ තුවාල ඇති වීම Peptic ulcer disease
ඒවට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ වර්ග කිහිපයක් ඇත.
එම රෝග වලට මූලිකම හේතුව ආමාශයේ ආම්ලික ස්වභාවය. සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයකට එම ආම්ලික ස්වභාවය අඩු කරගන්න ඖෂධ නිෂ්පාදනය වෙලා තියෙනවා.
1. හැදුණු අම්ල උදාසීන කිරීම - Antacids
මේ ගැන අපි මුලින් කතා කලා. ඔයාට වැඩිදුර විස්තරයක් දැනගන්න අවශ්‍යනම් අපේ Youtube channel එකේ මේ සම්බන්දයෙන් වීඩියෝ එකක් තියෙනව. https://youtu.be/UDqtD9RshNU?si=b2Vqs10l0jSGtG23

2. අම්ල සෑදීම වැලැක්වීම
අම්ල සෑදීම වළක්වන්න ඖෂධ වර්ග කිහිපයක් තියෙනව. එයින් පළවෙනි එක තමයි මේ Proton pump inhibitors කියල කියන්නේ

ආමාශය තුළ HCl නිෂ්පාදනය වන යම් ක්‍රියාවලියක් තියෙනව. ආමාශයේ තියෙන පාර්ශ්වික සෛල ( Periatel Cell ) මගින් HCl නිපදවනු ලබන අතර එහිදී අවසාන ක්‍රියාවලිය විදියට සෛල පටලය හරහා H+ අයන සංසරණය වීම සිදු වෙනවා. එම සංසරණය වීම H+K+ATPase නම් එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරනු ලබයි.
Proton pump Inhibitors මගින් මෙම එන්සයිමය නිෂේධනය කිරීම සිදු කරනවා.

සාමාන්‍යයෙන් වර්තමානයේ භාවිතයට ගැනෙන proton pump inhibitors කිහිපයක් පහත දැක්වේ. හොදින් බලන්න ඒ සෑම ඖෂධයකම නම අවසානයේ prazole ලෙස සදහන් වෙනවා.
1. Omeprazole
2. Esomeprazole
3. Pantoprazole
4. Rabeprazole
ඉතින් ඉස්සරහට අපි මේ පිළිබදව වෙන වෙනම ඔයාට දැනුම ගෙන එන්නම්. ඒ නිසා පේජ් එක follow කරල තියා ගන්න
* ඒ වගේම මේ බෙහෙත් සියල්ල Prescription only medicine. වෛද්‍යවරයෙකුගෙ තුණ්ඩුවක් ලබා ගැනීමෙන් පමණයි ඔබට ෆාමසියෙන් මේ බෙහෙත් ලබා ගන්න පුලුවන්. මේ සියළුම දැනුම ඔබ වෙතට ගෙනෙන්නේ Pharmacy assistant ඔබගේ අධ්‍යාපනය පිණිස යම් උපකාරයක් වීම සදහායි...

Im Your Pharmacist
Lahiru Abepitiya

02/03/2024

පහුගිය සතියෙ ෆාමසියට ආපු ගෑණු ලමයෙක්ට මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ල තිබුණ.

එයාට හෙට මෙන්සස් හැදෙන දවසලු. ඉතින් අද පොස්ටිනෝර් 2 එක ගත්තට කමක් නැද්ද ?
ඒ ළමය බයේ හිටියෙත්, මෙන්සස් හැදෙන එක පරක්කු වෙයිද ? හැදෙන්නැති වෙයිද ? ඔය වගේ කාරණා නිසා.
ඇත්තටම මෙහෙමයි කිසි ප්‍රශ්නයක් නෑ එහෙම බිවුවට. එක පාරක් ගත්තට මෙන්සස් පරක්කු වෙන්නෑ.
නමුත්,
පොස්ටිනෝර් 2 ලබා ගැනීමේ කිසි තේරුමක්නම් නෑ. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ පළවෙනි දවස තමයි රුධිරය වහනය වීමට පටන් ගන්න දවස. දින 28 ක ඔසප් චක්‍රයක් අපි සළකා බලමු. කෙනෙක්ගෙ ඒ කාලය දිනක් දෙකක් අඩු වෙන්න පුලුවන් වගේම තව කෙනෙක්ගෙ දින දෙක තුනක් පරක්කු වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනයේදී තමයි ඩිම්බයක් පිට වීම සිදු වන්නේ..
එලෙස ඩිම්බයක් පිට උණාට පස්සෙ දින දෙකක් පමණයි එය ප්‍රජනක පද්ධතිය තුළ සක්‍රියව පවතින්නේ. ඒ කියන්නෙ දින දෙකකට පස්සෙ මේ ඩිම්බය නැති වෙලා යනව.
ඩිම්බය නැති වුණාට පස්සෙ කොහොමද සංසේචනයක් සිද්ධ වෙන්නේ ? එම දින දෙක ගත වූවාට පසු නැවත සංසේචනය වීමක් සිදු නොවන නිසා පොස්ටිනෝර් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ.
ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ඩිම්බයක් පිට වෙලා දින දෙකක් සහ ඩිම්බය පිට වීමට දින 5 කට පෙරදි තමයි කාන්තාවක් ගැබ් ගැනීමට වඩාත් ඉඩ ඇති කාලපරාසය. එතකොට ඔසප් චක්‍රයේ පළවෙනි දිනයෙදි පොස්ටිනොර් 2 ලබා ගැනීම තේරුමක් නැති වැඩක්.
ඒ වගේම දිගින් දිගටම පොස්ටිනෝර් 2 ගත්තොත් නම් ඔසප් චක්‍රයේ වෙනස්කම්, සමහර විටෙක යටි බඩේ වේදනාවගේ එන්නත් පුලුවන් .....

පොස්ටිනෝර් 2 සම්බන්දයෙන් ඔයාට තවත් වැඩිදුර විස්තර දැනගන්න ඕනි නම් අපේ youtube channel එකේ ඒ සම්බන්ද වීඩියෝවක් තියෙනවා... ඒකෙ ලින්ක් එක දාන්නම්.
https://youtu.be/UDqtD9RshNU?si=EVBZf9Ux85Fwn7l3

#පැය72පෙත්ත #පොස්ටිනෝර් #උපත්පාලනය

Address

Yatalamaththa Junction. . Yatalamaththa. Galle
Galle
10100

Telephone

0772217050

Website

Alerts

Be the first to know and let us send you an email when Namal Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram