Haritha Lanka Ayurveda Piyasa - PvtLtd

Haritha Lanka Ayurveda Piyasa - PvtLtd We Haritha Lanka Ayurveda Piyasa provide a range of treatment for diseases and good health including panchakarma and cleansing.

ඔබටත්  කුරුළෑ  හිසරදයක් වෙලාද? කුරුළෑ කරදරෙන් නිදහස් වෙන්න, කුරුළෑ ගැන හරියට දැනගමු.ඇත්තටම මූණේ එන ඕනම බිබිලක් අයිති වෙන...
24/10/2025

ඔබටත් කුරුළෑ හිසරදයක් වෙලාද? කුරුළෑ කරදරෙන් නිදහස් වෙන්න, කුරුළෑ ගැන හරියට දැනගමු.

ඇත්තටම මූණේ එන ඕනම බිබිලක් අයිති වෙන්නේ ඇක්නි (acne) වලට.
අපි කුරුළෑ කුරුළෑ කිව්වට හැම බිබිලක්ම pimple එකක් නෙවෙයි. Pimple කියන්නෙත් acne වල තවත් එක ප්‍රභේදයක්.

🌼මොනවද මේ ඇක්නි කියන්නේ?

සරලවම ගත්තොත් සමේ සිදුරු වල අධිකව තෙල් එකතු වීමෙන් තමා ඇක්නි ඇති වෙන්නේ.

ඇක්නි ප්‍රධානවම වර්ග දෙකක් තියනවා

1. Acne vulgaris (ඇක්නි වල්ගාරිස්) - මෙය තරුණ පිරිස් අතර බහුලවම ඇතිවන ප්‍රභේදය වන අතර

2. Acne rosacea(ඇක්නි රොසේෂියා) - මෙය වැඩිහිටියන් අතර බහුලයි.

මුහුණේ සමේ ග්‍රන්ථි වලින් අධිකව තෙල් නිපදවීම, සමේ මැරුණ සෛල, රෝමකූප මූලයන් මගින් සම මත ඇති සිදුරු වසා දමලා බැක්ටීරියාවන්ට හිතකර පරිසරයක් හදනවා.

මේ බැක්ටීරියා වර්ධනය සමඟ සම මත ආසාදන ඇති වෙනවා . ඉන්පසු ඔයාගේ මූණේ විවිධ ඇක්නි වර්ග ඇතිවෙන්න පුලුවන්.

*වයිට් හෙඩ්ස් white heads
*බ්ලැක් හෙඩ්ස් black heads
*පිම්පල්ස් pimples
*සිස්ට් cyst
*නොඩියුල්ස් nodules

මේවාට එකින් එකට වෙනස් වූ ලක්ෂණ තියෙන්නේ. ඒ වගේමයි මේවට කරන ප්‍රතිකාරත් එකිනෙකට වෙනස්.

💮White heads කියන්නේ වැසී පවතින ස්වේද ග්‍රන්ථියක්. දැකලා තියනවනේ නහය උඩ එහෙම එන චූටි බිබිලි. කිරි පාට තෙල් වගේ මිරිකුවාම අයින් වෙන්නේ..

💮Black heads කියන්නේ වයිට් හෙඩ්ස් පිටත පරිසරයට නිරාවරණය වෙලා ඔක්සිකරණය වුනාම හැදෙන කළු පාට බිබිලි.

💮Pimple - පිම්පල් එහෙම නැත්තම් කුරුළෑ කියන්නේ ආසාධනයට ලක්වුණු Acne.

කලින්ම කිව්වනේ මුහුණේ සමේ සිදුරු අවහිර කරන තෙල් හා මැරුණ සෛල තමා ඇක්නි වෙන්නේ කියලා.
මේ ඇක්නි, බැක්ටීරියා ආසාධනයට ලක්වෙලා සැරව එකතුවෙන්න ගන්නවා. දැන් ඔන්න පිම්පල් එන්න ගන්නවා.

මේ කුරුළෑත් වර්ග දෙකක් තියනවා .

එකක් තමා papules (පැප්‍යුල්ස්). බෙහෙත් නැතත් ඉක්මනින්ම හොද වෙනවා.

අනිත් එක pustules (පස්ටියුල්ස්) . බෙහෙත් නොකර නම් හොද කරන්න අමාරුයි.

💮 cyst and nodules - සිස්ට් හා නොඩියුල්ස් නම් ඉතා වේදනාකාරී. සමේ යටි ස්තර දක්වාම ආසාධනයට ලක්වුණු අවස්ථාවක් නිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්නම ඕනි.

දැන් පුලුවන් නේද ඔයාගේ මූණෙත් තියෙන්නේ මොනවද කියලා හරියට අදුරගන්න.
තවත් කෙනෙක් කියපු නිසා බෙහෙතක්, ක්‍රීම් හෝ මොනයම් ප්‍රතිකාරයක් කරන්නත් කලින් හදුනගන්න ඕනි ඇත්තටම තමන්ට තියන රෝගී තත්වය.
acne වලට හේතුවන දේවල් වලින් ඉවත් නොවී අපි කොච්චර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් වැඩක් නෑ.

හේතු

# ඇන්ඩ්‍රජන් හෝමෝනය අධිකව ස්‍රාවය වීම හා වෙනෙත් හෝමෝන අසමතුලිතතා
# පරම්පරාගත හේතු
# පිරිසිදු නොකිරීම ( මුහුණේ මැරුණ සෛල එකතුවීම acne ඇතිවෙන්න මූලික හේතුවක්.
# අධික තෙල් සහිත සමක් තිබීම.
( තෙල් සහිත සමක් කියන්නේ සමේ ග්‍රන්ථි වලින් නිකුත් වන ස්‍රාව වැඩී.. මේ වගේ සමක් නම් තියෙන්නේ කුරුළෑ කරදර ටිකක් වැඩී.

අවම කරගන්නේ මෙහෙමයි

#තෙල් මිශ්‍ර ආලේපන නවත්වන්න.
#තෙල් අධික ආහාර පාලනය.
cube treatment, powder pack මගින් තරමක් තෙල් ගතිව අවම කරගන්න පුලුවන්.
# හිරු එළියට නිරාවරණය - හිරු එළියට යනව නම් නිතරම හොද suncreen එකක් භාවිතා කරන්න.
# හිස්සොරි - අනිවාර්යයෙන්ම හිස්සොරි සදහා ප්‍රතිකාර ලබා ගත යුතුයි.
# ඇගේ උෂ්ණ බව - උෂ්ණාධික ශරීර ආසාධන සදහා ලක්වීමට ඉඩ වැඩි නිසා ඒ සදහා ප්‍රතිකර්ම කළ යුතුයි.
# මානසික ආතතිය - නිරවුල්, සැහැල්ලු මනසකින් ඉන්න හුරු වෙන්න.
# Makeup නිතරම කරනවා නම් මූණේ සිදුරු makeup වලින් වැහෙද්දි acne හැදෙනවා.
# අනිවාර්යයෙන්ම නින්දට පෙර makeup remover භාවිතා කරලා, cleanser කරන්න.

මේ කතාකරේ acne වලට හේතු වන දේවල් වලින් ටිකක් ගැන. හේතු වලින් මිදෙන්න වගේම වෛද්‍යවරයකුගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔයාගේ acne කරදරෙන් නිදහස් වෙන්න.

ඔබත් අදම හරිත ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

හරිත ආයුර්වේද පියසේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඇබෑර්තු ඇත.👨🏻‍⚕️✅ හරිත ආයුර්වේද පියස,- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර...
23/10/2025

හරිත ආයුර්වේද පියසේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඇබෑර්තු ඇත.👨🏻‍⚕️

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

වැඩි විස්තර සඳහා අමතන්න.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න වගේම සිරුර විජලනය වෙන එක නවත්තගන්නත් වතුර අනිවාර්යෙන්ම ඕනේ වෙනවා.සාමාන්‍ය...
20/10/2025

අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න වගේම සිරුර විජලනය වෙන එක නවත්තගන්නත් වතුර අනිවාර්යෙන්ම ඕනේ වෙනවා.
සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් දිනකට වතුර කෝප්ප 9 ත් 11 ත් අතර ප්‍රමාණයක් පානය කරන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ.
ඉතින් සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය හරියට ලැබුණේ නැත්නම්, සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම, වකුගඩු වල ගල් ඇතිවීමේ අවධානම, චින්තන ශක්තිය දුර්වල වීම වගේම මනෝභාවයන්ගේ වෙනස්වීම් (mood swings) ඇතිවෙන්න පුළුවන්.
වතුර බොන එක වගේම, අපි බොන්නේ මොන වතුරධ කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර අය නිතරම උණු වතුර බොන්න පුරුදු වෙලා ඉන්නවා වගේම, තවත් සමහර අය බොන්නේ cool වතුර විතරමයි.

අපි වැඩිය නොහිතා කරන දේවල් නිසා අමාරුවෙ වැටෙන්න යන වෙලාවක් තමා මේක.
කෑම කාලා වතුර බොනකොට ඒ බොන වතුර උණු වතුර නම් කෑම දිරවීම පහසු කරනවා.
ඒ වගේම අපේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මේක ගොඩක් හොඳ දෙයක්.
අනවශ්‍ය මේදය, විෂද්‍රව්‍ය බැහැර කරන්නත් උණුවතුර කියන්නෙ හොඳ ම ඖෂධයක්.

හැබැයි සිසිල් ජලය බොන එක, එහෙම නැත්තම් සමහර අය පුරුදු වෙලා ඉන්නව සිසිල් කළ බීම වර්ග බොන ගමන් කෑම කන්නත්.
එහෙම වුණාම අපි කන ආහාරය හොඳ ට ජීර්ණය වෙන්නේ නැහැ.
සැර කෑමක් කන ගමන් cool වතුර හරි බීම එකක් හරි බොන එක මාර අත්දැකීමක් වගෙ දැනුනට සහ එවෙලෙට ඒක බඩටත් පහසුවක් වගෙ දැනුනට කෑමෙන් පස්සෙ අපේ බඩට අපහසුවක් එන්න ඒක හේතුවක්.

ආහාර වල බර බව ඝනකම් බවත් මේකෙන් වැඩිවෙනවා. බඩට සැහැල්ලුවත් නැති වෙනවා.
පසු කාලීනව ගැස්ට්‍රයිටිස් ඇතුළු අන්ත්‍රගත රෝග ගොඩකට මේක හේතුවක් වෙනවා.
අමාශයේ නිවැරදි ක්‍රියාකාරිත්වයටත් උණුසුම් වතුර උදව් කරනවා.

ඒ නිසා අද ඉඳන් කෑමෙන් පස්සෙ උණුවතුර ටිකක් බොන්න පුරුදුවෙන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.
⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

Stress එක නැති කරගෙන, නිරෝගී වෙන ගමන් තරුණ වෙමුද?එහෙනම් මෙන්න නියම chance එක.රුපියල් 11,500 ක් වෙන Head massage + Foot m...
14/10/2025

Stress එක නැති කරගෙන, නිරෝගී වෙන ගමන් තරුණ වෙමුද?
එහෙනම් මෙන්න නියම chance එක.

රුපියල් 11,500 ක් වෙන Head massage + Foot massage + Body massage + Face massage + Steam bath + Relaxing massage + Shirodhara treatment කියන මේ හැම දෙයක්ම තියෙන package එක, ඔයාට රුපියල් 9990කට දැන් හරිත ආයුර්වේද පියසෙන් ලබා ගන්න පුළුවන්.

හැබැයි මේ offer එක valid වෙන්න ඔක්තෝබර් 15 සිට 31 වෙනකන් විතරයි. ඉතින් ඒ නිසා අදම හරිත ආයුර්වේද පියසට ඇවිත් මේ අවස්ථාව ලබා ගන්න .

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

හරිත ආයුර්වේද Channeling🌿ලෙඩ රෝග වලින් තොර නිරෝගී, සුවපත් ජිවිතයක් ගත කරන්න අපි හැමෝම කැමතියි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ක...
14/10/2025

හරිත ආයුර්වේද Channeling🌿

ලෙඩ රෝග වලින් තොර නිරෝගී, සුවපත් ජිවිතයක් ගත කරන්න අපි හැමෝම කැමතියි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ නිරෝගී දිවියකට මඟ කියන රහසක්. 🤫

නිසි දැනුමකින් සහ පළපුරුද්දකින් යුතුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව භාවිතා කළොත් ඕනෑම රෝගයක් සුව කරගෙන, නිරෝගී දිවියක් ගත කරන්න ඔයාට පුළුවන්.

🎍හරිත ආයුර්වේද පියස කියන්නේ දැනුම, පළපුරුද්ද වගේම තාක්ෂණයෙන් අනූන වූ එකම ආයුර්වේද විසඳුම.

🏨 හරිත ආයුර්වේද අපගේ Channeling සේවාවන්

- චර්ම රෝග සායනය
වසර 30කට වැඩි සේවා පළපුරුද්ද ඇති උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය, C.L. ගුරුගේ මහතා

- කටු චිකිත්සාව
KIU විශ්ව විද්‍යාලයේ, සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව පිලිබඳ සහය කථිකාචාර්ය උපාධිධාරී වෛද්‍ය කවිදු මානාභරණ මහතා

- මානසික උපදේශන සායනය
මානසික උපදේශනය ගැන විශේෂයෙන් හදාරා ඇති, වසර 35ක සේවා පළපුරුද්ද සහිත මනෝ උපදේශක ආයුර්වේද වෛද්‍ය M.A.T තිලින වික්‍රමසිංහ මහතා

- පාරම්පරික ආයුර්වේද අක්ෂි රෝග සායනය
පාරම්පරික ආයුර්වේද අක්ෂි විද්‍යාව පිළිබඳව හැදෑරු, උපාධිධාරී වෛද්‍ය ශ්‍රීමාලි හෙට්ටිආරච්චිගේ මහත්මිය

- කාන්තා රෝග සායනය
අවුරුදු 12කට වැඩි පළපුරුද්ද සහිත,
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි, උපාධිධාරී වෛද්‍ය ශ්‍යාමා පී හේවගේ මහත්මිය

- ස්ත්‍රී පුරුෂ මදසරුබාවය
අවුරුදු 12කට වැඩි පළපුරුද්ද සහිත,
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි, උපාධිධාරී වෛද්‍ය ශ්‍යාමා පී හේවගේ මහත්මිය

- වකුගඩු රෝග සායනය
වසර 25ක සේවා පළපුරුද්ද ඇති, ගාල්ල දිසානායක රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි ආයුර්වේද වෛද්‍ය නන්දනී නානායක්කාර මහත්මිය

- ⁠කථන චිකිත්සාව
කථන චිකිත්සාව පිළිබඳව උපාධිධාරී, කථන චිකිත්සකවරියක් වන අමන්දා ලියනගේ මහත්මිය

- ⁠නිල වෙදකම
ඉන්දියාවේ නිල වෙදකම හැදෑරු, උපාධිධාරී සෝමරත්න මහතා

- බාහිර රෝග (සර්වාංග) සායනය
උපාධිධාරී වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන
සන්ධි රෝග, ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ඇතුලු සියලු සර්වාංග රෝග සදහා බාහිර රෝග සායනය දිනපතා පැවැත්වේ.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ලෙඩක් හැදුණාම බෙහෙත් ගන්න. මොකද අද තියෙන ආර්ථික තත්වයත් එක්ක ලෙඩක් හැදෙන්න කලින් හොයාගන්න පු...
09/10/2025

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ලෙඩක් හැදුණාම බෙහෙත් ගන්න. මොකද අද තියෙන ආර්ථික තත්වයත් එක්ක ලෙඩක් හැදෙන්න කලින් හොයාගන්න පුළුවන් checkup වලට යන්න ගොඩක් අය අදිමදි කරනවා. ඉතින් ඒ නිසාම තමයි ලෙඩ රෝග වලින් තොර, නිරෝගීමත් රටක් හදන්න උත්සහ කරන හරිත ආයුර්වේද අපි රුපියල් 1500ක් වගේ සහන මුදලකට Health Index (සෞඛ්‍ය නිර්ණායක) 16ක් පරීක්ෂා කරන full body checkup එකක් කරන්නේ.

විශේෂම දේ තමයි ඔක්තෝබර් 13 ඉදලා19 වෙනකන් මේ Health Index (සෞඛ්‍ය නිර්ණායක) 16ක් පරීක්ෂා කරන full body checkup එක නොමිලේම කරගන්න පුළුවන්. හැබයි එන්න කලින් අනිවාර්යයෙන්ම appointment එකක් දාන්න අමතක කරන්න එපා.

Full body checkup එක හරහා පරික්ෂා කරන Health Index (සෞඛ්‍ය නිර්ණායක) 16

🌸 Weight(kg) [ බර ]
🌸 BMI [ ශරීර ස්කන්ධ දර්ශකය ]
🌸 Fat Percentage(%) [ මේද ප්‍රතිශතය ]
🌸 Body Fat Weight(kg) [ මේද ප්‍රමාණය ]
🌸 Skeletal Muscle Mass Percentage(%)
🌸 Skeletal Muscle Weight(kg)
🌸 Muscle Percentage(%) [ මාංශ පේශී ප්‍රතිශතය ]
🌸 Muscle Weight(kg) [ මාංශ පේශී බර ]
🌸 Water Level(%) [ ශරීරයේ ජල ප්‍රතිශතය ]
🌸 Weight of Water(kg)
🌸 Visceral Fat [ ශරීරයේ අභ්‍යන්තර මේද ප්‍රමාණය ]
🌸 Bone Mass(kg) [ අස්ථි ස්කන්ධය ]
🌸 Metabolism [ සෛල වල ක්‍රියකාරීත්වය ]
🌸 Protein Percentage(%) [ ප්‍රෝටීන් ප්‍රතිශතය ]
🌸 Obesity Degree(%) [ තරබාරුකම ]
🌸 Body Age [ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ වයස ]
🌸 Weight Without Fat(kg) [ ශරීරයේ මේදය රහිතව බර ]

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

හරිත ආයුර්වේද පියසේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් (පිරිමි) සඳහා ඇබෑර්තු ඇත.👨🏻‍⚕️🔴රක්තමෝක්ෂණ, කටු චිකිත්සාව, අග්නිකර්ම ප...
02/10/2025

හරිත ආයුර්වේද පියසේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් (පිරිමි) සඳහා ඇබෑර්තු ඇත.👨🏻‍⚕️

🔴රක්තමෝක්ෂණ, කටු චිකිත්සාව, අග්නිකර්ම පිළිබඳ හදාරා තිබීම අමතර සුදුසුකම් වේ.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

වැඩි විස්තර සඳහා අමතන්න.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

කපිං ප්‍රතිකාරය වසර දහස් ගණනක් තිස්සේ ලොව විවිධ රටවල පැවති සම්ප්‍රදායික සුවපත් කිරීමේ ක්‍රමයක් වන අතර පංචකර්ම ප්‍රතිකාර ...
27/09/2025

කපිං ප්‍රතිකාරය වසර දහස් ගණනක් තිස්සේ ලොව විවිධ රටවල පැවති සම්ප්‍රදායික සුවපත් කිරීමේ ක්‍රමයක් වන අතර පංචකර්ම ප්‍රතිකාර අතරින් එකක් වන රක්තමෝක්ෂණ නම් ප්‍රතිකාර ක්‍රමයට මෙය අයත් වේ.
* නූතනයේ යන්ත්‍රානුසාරයෙන් නිපදවූ කප් භාවිතයෙන් සිදු කරන කපිං ප්‍රතිකාරය ඈත අතීතයේ දූෂිත වූ රුධිරය ශරීරයෙන් බැහැර කිරීම සදහා රක්තමෝක්ෂණයේ අලාබු ක්‍රමය යටතේ භාවිතා කළ ගෝන අං, ගව අං, ලබු කබල් වලට බෙහෙවින් සමානය.
* එහිදී දැල්ලක් භාවිතා කර රික්තකයක් සාදා චූෂණය කිරීම සිදු කර තිබෙනවා.

ආයුර්වේදයේ දී වාත සහ කඵ දෝෂය දූෂණය වීම නිසා ඇතිවන දූෂිත රුධිරය අලාබු මගින් ඉවත් කර ශරීරයේ සැහැල්ලු බව ඇති වී ලෙඩ රෝග ගණනාවකින් සුවය ලබාදීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති විශේෂත්වයයි.

මෙහිදී භාවිතා වන ප්‍රධාන මූලධර්මය වන්නේ “සක්ෂන්” (Suction) බලයයි. මෙම බලය සමේ මතුපිටට හෝ එයින් දුරට රුධිරය ඇදගෙන යයි.
එමගින් ආබාධිත ප්‍රදේශය වෙත රුධිර ප්‍රවාහය වැඩි කර ස්වාභාවික සුව වීමේ ප්‍රතිචාරය වැඩි කරයි.

ප්‍රධාන වශයෙන් කපිං ප්‍රතිකාර වර්ග 2කි.
1. Dry කපිං — මෙහිදී, වායු රික්තක නිර්මාණය කර සක්ෂන් බලය ඇති කරයි. ටික වේලාවක් තබා ඉවත් කරයි.
Dry කපිං කළ පසු සමට යටින් ඇති සියුම් රුධිරවාහීනී කැඩීම නිසා සමේ රත් පැහැ හෝ අඳුරු පැහැයක් තාවකාලිකව ඇතිවේ.

2. Wet කපිං හෙවත් හිජාමා කපිං — මෙය “Medicinal bleeding” ලෙසද හැඳින්වේ. මෙහිදී, අදාළ ප්‍රදේශයෙහි සුළු කැපුමක් සිදුකර එයින් රුධිරය ඉවතට ඇදීම සිදුවේ.

කපිං ප්‍රතිකාරයෙන්,
* වේදනාව අඩු කිරීම
* සිරුරේ inflammation හෙවත් ප්‍රදාහ තත්වයන් අඩු කිරීම
* රුධිර සංසරණය වැඩි කිරීම
* පේශීවල ආතතිය හා තද වීම් අඩු කිරීමෙන් රුධිර පරිවහනය සහ සෛල ප්‍රතිසංස්කරණය ද උත්තේජනය කරයි.
* රුමැටොයිඩ් ආතරයිටිස්, උරහිස් වේදනාව, කොන්දේ පහළ වේදනාව, මැණික් කටු වේදනාව
* හිසරදය සහ මිග්‍රේන් තත්ත්ව
* අධි රුධිර පීඩනය (Hypertension)
* ආමාශය / ආන්ත්‍ර රෝග සඳහා ද ගුණදෙන වටිනා ප්‍රතිකාර පද්ධතියකි

ඔබටත් මෙම රෝග ඇත්නම් හරිත ආයුර්වේද පියසේ දක්ෂ, පළපුරුදු වෛද්‍යවරුන් යටතේ කපින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

නස්‍ය කර්මය කියන්නේ ආයුර්වේද තුල තියෙන  පංචකර්ම වලින් එක් ප්‍රධාන කර්මයක්.නස්‍ය කර්මය මගින් බලාපොරොත්තු වන්නේ  උගුර, ඇස ...
25/09/2025

නස්‍ය කර්මය කියන්නේ ආයුර්වේද තුල තියෙන පංචකර්ම වලින් එක් ප්‍රධාන කර්මයක්.
නස්‍ය කර්මය මගින් බලාපොරොත්තු වන්නේ උගුර, ඇස කන, නාසය යන ස්ථානයන්හි ඇතිවන රෝගාබාධ දුරු කිරීමයි.
නාසය ආධාරයෙන් නියමිත ඖෂධ ශරීර ගත කොට රෝගකාරක දෝෂ බැහැර කිරීම මෙමගින් සිදුවේ. නමුත් මේ සදහා යොදන ඖෂධ රෝගියාගේ ස්වභාවය, රෝගයේ ස්වභාවය හා ශරීර බලය යන කාරණා මත වෙනස් වෙනවා.

නාසයේ සිදුරු තුළින් අදාළ ඖෂධීය යුෂ ,ඖෂධ තෛල, ඖෂධීය දූම, ඖෂධ චූර්ණ ශරීරගත කිරීම තුළින් පවත්නා වූ දෝෂ තත්ත්වයන් ඉවත් කිරීම මෙයින් සිදුකරනු ලැබේ.

- ශීර්ෂ රෝග
- කර්ණ රෝග
- මුඛ රෝග
- නාසා රෝග
- අක්ෂි රෝග අවස්ථාවලදි නස්‍යය කර්මය භාවිතා වේ.

මෙම ක්‍රමවේදය තුළින් ඇතිවෙන්නා වූ ප්‍රතිඵල

- හිසේ සැහැල්ලු බව
- නාසා ස්‍රෝතසවල ශුද්ධිය
- ඉන්ද්‍රියන්ගේ ප්‍රසාදය
- සිතේ පැහැදිලි බව ඇතිවේ

- අජීර්ණ රෝග වලින් පෙළෙන පුද්ගලයන්
- මධ්‍යසාර පානය කල අය
- අධික පිපාසයෙන් යුක්ත වූවන්
- අධික වෙහෙසට පත්වූවන්
- තියුණු ආයුධ වලින් තුවාල වූවන්
- ගර්භණී මවුවරුන් හා කිරිදෙන මවුවරුන්
- කුඩා දරුවන්
- වයෝවෘද්ධ පුද්ගලයන් නස්‍ය කර්මයට සුදුසු නොවේ.

- ආහාර ගත් විගස
- කෝපයෙන් පෙළෙමින් සිටින විට
- අලුත සෑදුනු ප්‍රතිශ්‍යාවයෙන් පෙලෙන විට
- ස්නානය කළ වහාම
- විරේචන ප්‍රතිකාර කළ වහාම
- පිපාසයෙන් සිටින විට
- අධික ව්‍යායාමයෙන් වෙහෙසට පත්වූ විට
- අධික ශෝකයෙන් සිටින විට
- මළ මුත්‍රාදී වේගයන්ගෙන් පෙළෙන විට නස්‍යකර්ම සිදුනොකළ යුතුය

මෙම ප්‍රතිකාර ක්‍රමය සිදුකරනු ලබන්නේ යම්කිසි නිසි ක්‍රමවේදයන් මතය. පලපුරුදු වෛද්‍යවරුන් යටතේ ඔබේ සේවය ලබාගැනීමෙන් ඉක්මන් සුවය ලබාගන්න පුළුවන්.
ඔබත් අදම හරිත ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

බෙල්ලේ සිට අත දක්වා අධික වේදනාව, හරිත ආයුර්වේද පියස නිසා සුව කරගත් Ewa Kowalczyk Google හි තැබූ සටහනඔබගේ වටිනා ප්‍රතිචාර...
23/09/2025

බෙල්ලේ සිට අත දක්වා අධික වේදනාව, හරිත ආයුර්වේද පියස නිසා සුව කරගත් Ewa Kowalczyk Google හි තැබූ සටහන

ඔබගේ වටිනා ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.🥰🙏

​⭐️ දක්ෂ, පලපුරුදු වෛද්‍යවරුන් විසින් මෙහෙයවන හරිත ආයුර්වේද පියස හරහා නිරෝගී ප්‍රීතිමත්, සුවපත් ජීවිතයක් ගත කරන්න ඔයත් එන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

⭕️ වයස අවුරුදු 12ට අඩු ළමුන්ට සියලු ඖෂධ හා ප්‍රතිකාර නොමිලේ ⭕️ළමා රෝග එහෙමත් නැන්තම් childhood illness කියලා අපි හදුන්වන...
19/09/2025

⭕️ වයස අවුරුදු 12ට අඩු ළමුන්ට සියලු ඖෂධ හා ප්‍රතිකාර නොමිලේ ⭕️

ළමා රෝග එහෙමත් නැන්තම් childhood illness කියලා අපි හදුන්වන්නේ කුඩා දරුවන් අතර පවතින ලෙඩ රෝග තත්වයන්.
කුඩා කල ඇති වෙන ලෙඩ රෝග වලට නිවැරදිව ප්‍රතිකාර නොකිරීම නිසා අනාගතයට පා තබන්නේ නිරෝගී දරුවෙක් නොවෙන්න පුළුවන්.

ඒ නිසාම නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන්, මුදල් වලින් ඔබ්බට ගිහින් හරිත මනුසත්කාර මෙහෙවර යටතේ වයස අවුරුදු 12ට අඩු ළමුන්ට සියලු ඖෂධ හා ප්‍රතිකාර නොමිලේ ලබා දෙන්න "හරිත අයුර්වේද" අපි තීරණය කළා.

ඉතින් ඔබේ අවුරුද්ද 12 ට අඩු පුංචි දුවගේ, පුතාගේ

- කැස්ස
- ⁠සෙම
- ⁠රත බිබිලි
- ⁠ඕනෑම චර්ම රෝග තත්වයන්
- ⁠ළඳරු අතීසාර
- ⁠මලබද්ධ

ආදී සියළුම ළමා රෝග වලට හරිත ආයුර්වේද අපෙන් නොමිලේම ප්‍රතිකාර සහ ඖෂධ ලබාගන්න පුළුවන්.

ඔබත් අදම එන්න හරිත ආයුර්වේද පියසට.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. සමේ ස්වභාවය ශරීරයේ අභ්‍යන්තර වගේම බාහිර නීරෝගී බව පෙන්වන්න ලොකු සාධකයක්.ඉත...
12/09/2025

අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. සමේ ස්වභාවය ශරීරයේ අභ්‍යන්තර වගේම බාහිර නීරෝගී බව පෙන්වන්න ලොකු සාධකයක්.
ඉතින් ඒ හේතුව නිසා සම ලස්සනට, දීප්තිමත්ව, නිරෝගිව තියාගන්න අපි ගොඩක් මහන්සි වෙනවා.

ඒත් ශරීරයේ අනෙක් කොටස් වගේම සමත් සමහර අවස්ථා වලදී රෝගී වෙනවා. සමේ ඇතිවෙන විවිධ ගැටළුකාරී තත්වයන් සමේ රෝග විදිහට තමයි හඳුන්වන්නේ.මේ සමේ රෝග නිසා දැවීම්, කැසීම්, දද, කුෂ්ඨ වගේ සමේ විවිධ වෙනස්වීම් දැකගන්න පුළුවන්.

චර්ම රෝග වළක්වා ගැනීමට එදිනෙදා අපට පහසුවෙන් කළ හැකි දේවල්

🔴 ආහාර හා පාන වර්ග

🔶. තිබහ දැනෙන තුරු නොසිට නිතර ජලය පානය කරන්න. (දිනකට ලීටර් 2
5ක් පමණ )

🔶. හාතවාරිය, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි කොළ කැඳ වර්ග පානය කිරීම

🔶. බාර්ලි ඇට තැම්බූ වතුර, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි පාන වර්ග

🔶. කුරක්කන් කැඳ, සව් කැඳ පානය කිරීම සහ කිතුල් තලප, කුරක්කන් තලප වැනි දෑ ආහාරයට ගැනීම

🔶. ගොටුකොළ , මුකුණුවැන්න, සාරණ, නිවිති, තෝර, අඟුණ කොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග නිතර ආහාරයට එක්කර ගැනීම

🔶. ගස්ලබු, කෙසෙල්, අනෝදා, අලි පේර, පේර, දොඩම් වැනි පලතුරු නිතර ආහාරයට ගැනීම

🔶. නෙල්ලි ,රසකිඳ තැම්බූ වතුර පානය.

🔶. කෘතිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක අඩංගු ආහාර හැකිතාක් අවම කිරීම.

🔶. ඉස්සන්, දැල්ලන්, බල මාළු, කෙලවල්ලන් වැනි උෂ්ණ මාළු වර්ග ද, මාංශ වර්ග ද අවම කිරීම.

🔶.ඒ වගේම ආහාරයට සෝස්, විනාකිරි එක්කිරීම අවම කරන්න.

🔴 ආලේපන

🔷. විශ්වාසවන්ත ශාකසාරමය ආලේපනයක් මුහුණේ ගැලවීමට තෝරා ගන්න.

🔷. ප්‍රමිතියෙන් තොර, පිටරටින් ගෙන්වන ලද, නොදන්නා ආලේප වර්ග පාවිච්චියෙන් වැළකීම.

🔷. බේබි සබන් වර්ග පමණක් ආලේප කිරීම.

🔷. ෂැම්පු, හෙයා ජෙල්, හෙයා ඩයි භාවිතය අවම කරන්න

නමුත් සමහර අවස්ථා වලදී ඇති වෙන සමේ රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ සමේ හේතුවක් (අනතුරු, සතුන් දෂ්ඨ කිරීම පිළිස්සීම වැනි) සොයාගත නොහැකි යම් වෙනස්වීමක් දකින්න ලැබෙනවා නම් හැකි ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.

දින කිහිපයක සිට, හේතුවක් නැතිව ඔබේ සමේත් වෙනස් වීමක් දකින්න පුළුවන් නම් අදම හරිත ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

Address

No:467/D, Hirimbura Road, Beligaha Junction
Galle
80000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94763352001

Alerts

Be the first to know and let us send you an email when Haritha Lanka Ayurveda Piyasa - PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Haritha Lanka Ayurveda Piyasa - PvtLtd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram