22/10/2025
🩺 අල්සයිමර් රෝගය ගැන කතා කරමු…
🧠💔අල්සයිමර් කියන්නේ මතකය, සිතුවිලි, හැසිරීම පවා මන්දගාමී ව වෙනස් කරන මනෝ රෝගයක්.
මෙහිදී මොළය හැකිලීම තමයි කෙටියෙන්ම කිව්වොත් වෙන්නේ – ඒ කියන්නේ මොළයේ සෛල(neurons and synapses)අහිමිවෙමින්, ඒ අතර සම්බන්ධතා බිඳෙමින් යනවා.
🧬ඔයා දන්නවද ඉතින් මොළය ඇතුලේ මොකද්ද සිද්දවෙන්නේ කියලා....
මොළය ඇතුලේ තියෙනවා Hippocampus කියන මතකය පාලනය කරන කොටසක්. මේ Hippocampus තමයි ඉස්සෙල්ලම කුඩා වෙන්නේ.
Cortex පටලය තුනීවෙන්න පටන්ගන්නවා – ඒ නිසා විචාරාත්මක හැකියාව, භාෂාව, තීරණ ගැනීම වගේ දේවල් අසීරු වෙනවා.
Ventricles කියන හිස් අවකාශ විශාල වෙන්න ගන්නවා.
අවසානයේදී, සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මොළයක ට වඩා ග්‍රෑම් 100–200 කින් අඩු බරක් තියෙන්න පුළුවන් 😔
මේ විදියට මොළය හැකිළුණාම අලුත් මතක තියා ගැනීම අමාරුයි. තමන්ට පුරුදු තැන් හරි මිනිසුන් හරි හඳුනා ගන්න එකත් අමාරු වෙනවා.
💭 හැසිරීම වගේම පුද්ගලත්වයත් (personality)වෙනස් වෙනවා.
අල්සයිමර් රෝගය මතකයට විතරක්ම නෙවෙයි – මනුෂ්‍යයෙකුගේ හැසිරීම, හැඟීම් වගේම පුද්ගලත්වය ද වෙනස් කරනවා.
👴 මොනවද ඒ අයගේ පොදු හැසිරීම් වෙනස්වීම්:
නිතර අමතක වීම – අලුත් දේවල් මතක තියා ගන්න අසීරුය.
අනපේක්ෂිත මනෝභාව වෙනස්වීම් – ඒ කියන්නේ හදිසි කෝපය, හැඩීම හෝ හිනාවීම.
සැක කිරීම – අයෙකු තමන්ට වංචා කරනවා කියා සිතීම.
රෑට ඇවිදින්න යාම හෝ නිදා ගැනීමේ අපහසුතා.
ආසාවන් අහිමිවීම – ඉස්සර ප්‍රියකරන දේවල් ගැන උනන්දු වෙන්නේ නෑ.
එකම දෙය නැවත නැවතත් කියා හෝ කිරීම.
භාවයන් පාලනය නොවීම – හදිසියේ හිනා වීම හෝ කඳුළු වීම
මෙම වෙනස්වීම් නිසා පවුලේ සාමාජිකයන්ටත් වඩාත් අභියෝගාත්මක වේ. 💔
💙 නමුත්... බලාපොරොත්තු තියෙනවා!
අල්සයිමර් රෝගය සම්පූර්ණයෙන් සුව නොවූවත්,
ආරම්භක හඳුනාගැනීම සහ මනස සුරක්ෂිත තබන රටාවක් මගින් රෝගය මන්දගාමී කරන්න පුළුවන්.
🌿 මොළය සුරකින්න පහත උපදෙස් පිළිපදින්න:
🧩 නිතර මනෝ ක්‍රියාකාරීත්වය (ගැටළු විසඳා බලන්න, පොත් කියවන්න)
🚶♀️ නිතිපතා ව්‍යායාම කරන්න.
🍎 සෞඛ්‍යවත් ආහාර පුරුද්දක් ඇතිකරගන්න
👫 සමාජ සම්බන්ධතා යහපත්ව තියා ගන්න.
😊 අරමුණක් සහිත ජීවිතයක් ගතකරන්න.
🧠 ඔබගේ මොළය ඔබේ වටිනාම දෙයකි— එය ආරක්ෂා කරගන්න!
💙 #අල්සයිමර් #මනෝසෞඛ්‍යය
Dr. Koshila Peduruarachchi
BAMS(Hons) University of Kelaniya
Green Ayur