Ferti South Fertility Center

Ferti South Fertility Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ferti South Fertility Center, Obstetrician-gynaecologist, No. 38, Kithulampitiya Road, Kalegana, Galle.
(1)

Medical Clinic IUI, IVF and Reproductive Health

Channeling Hours :
Weekdays & Saturday ( 8.00AM - 7.00PM )

• සදුදා සිට සෙනසුරාදා දක්වා - Ferti South Fertility Center, ගාල්ල කලේගාන -
Hotline- 071 803 2200 | whatsapp - 070 129 9236.

විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් මව්කුස තුල බිළින්ඳා මිය ගිය පසු මරණ පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යද? යන්න පිලි...
11/10/2025

විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් මව්කුස තුල බිළින්ඳා මිය ගිය පසු මරණ පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යද? යන්න පිලිබදව මෙම විඩීයෝව තුලින් ඉදිරිපත් කරනු ලැබේ.
https://youtu.be/-JsrVh0tk6E.............................................................................................................................
Dr. Rohan Liyanage
MBBS, MD (OBS & GYN) Colombo,
FSLOCG
Consultant Obstetrician and Gynecologists' Fellowship in Advance Gynaecological Laparoscopy(India)
Fellowship in Advance Gynaecological Laparoscopy (Germany).............................................................................................................................
Videography & Edit by
Upendra Creations ( https://www.facebook.com/infoUpendracreations )............................................................................................................................

🔵JOIN WITH US
page - https://www.facebook.com/FertiSouthFertilityCenter
Fertility Advice Group - https://www.facebook.com/groups/fertilityadvice
Tiktok - https://www.tiktok.com/?lang=en

🔵E-MAILl:
mailtofertisouth@gmail.com

🔵TELEPHONE:
071 803 2200
091 494 4443

🔵ADDRESS:
No.38, Kithulampitiya Road, Kalegana, Galle............................................................................................................................

කම්මුල්ගාය පිරිමි මඳසරුභාවයට හේතුවක් ද?මෙය කාන්තාවන්ට වැළඳීමෙන් සාඵල්‍යතාව කෙරෙහි බලපෑමක් ඇති නොවේ. මෙය පිරිමි ළමුන්ට වැ...
10/10/2025

කම්මුල්ගාය පිරිමි මඳසරුභාවයට හේතුවක් ද?
මෙය කාන්තාවන්ට වැළඳීමෙන් සාඵල්‍යතාව කෙරෙහි බලපෑමක් ඇති නොවේ. මෙය පිරිමි ළමුන්ට වැළඳීමෙන් සාඵල්‍යතාව සඳහා සෘජු බලපෑමක් ඇති වේ.
විශේෂයෙන්ම මල්වර වියේ සිටින පිරිමි ළමුන්ට මෙය වැළඳීම ඉතා භයානකය.
මන්ද යත් මෙම වෛරසය කම්මුලෙහි ඛේට ග්‍රන්ථි වල ඉදිමීමක් සිදු කිරීමට අමතරව වෘෂණයේ ශුක්‍රාණු නිපදවන සෛල විනාශ කිරීම ද සිදු කරයි.
මෙහි ඇති ගැටලුව නම්, කිසිඳු ඖෂධයකින් එම අඩු වූ ශුක්‍රාණු තත්ත්වය නැවත වැඩි කරගැනීම ඉතා අපහසු වීමයි.
එය වෘෂණයේ ශුක්‍රාණු නිපදවන සෛල ඉතා වේගයෙන් මරා දමයි.
මේ නිසාම ඈත අතීතයේ පවා විශේෂයෙන්ම මව්වරු තමාගේ පිරිමි දරුවන් කම්මුල්ගායට ල්ක්වුවහොත් එය වෘෂණකෝෂ වලට පැතිරෙන්නේදැයි සුපරික්ෂාකාරී වූහ.
නමුත් අප මතක තබාගත යුත්තේ, කම්මුල්ගාය සාඵල්‍යතාවය අතින් මෙතරම් භයානක රෝගී තත්ත්වයක් වුවද, කම්මුල්ගාය සෑදෙන සියලු දෙනාගේම එම වෛරසය වෘෂණකෝෂ වලට නොයන බවයි.
තවද, වෘෂණකෝෂ වලට වෛරසය පැතිරී ගියත් වෘෂණකෝෂ වලට හානිකර, ශුක්‍රාණු මට්ටම බිංදුවටම පහත හෙලන්නේ ද සුළු පිරිසකගේ බවය.
එබැවින් කම්මුල්ගාය සෑදුණු පිරිමින් විශේෂයෙන්ම සාඵල්‍යතාවයේදී තමාගේ ශුක්‍රාණු පිළිබඳව වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
මෙම වෛරසයෙන් බේරීම සඳහා කුඩා ළමුන්ට MMR/MR වැනි එන්නත් ලබාදෙනුයේ, මෙම උපද්‍රවයෙන් බේරීම සඳහාය.
තවද, පැපොල මෙන් නොව කම්මුල්ගාය එක් වතාවක් මෙන්ම කිහිප වතාවක්ම වැළඳිය හැකි බව මතක තබාගන්න.
විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ

ගැබ් ගැනීම ප්‍රමාද කරවන ගර් භාෂයේ ගෙඩිවර් තමාන ලෝකයේ විවාහපත් යුවල් මුහුණ පාන බරපතල ගැටලුවක් බවට මදසරු භාවය පත් වී ඇත. ව...
09/10/2025

ගැබ් ගැනීම ප්‍රමාද කරවන ගර් භාෂයේ ගෙඩි
වර් තමාන ලෝකයේ විවාහපත් යුවල් මුහුණ පාන බරපතල ගැටලුවක් බවට මදසරු භාවය පත් වී ඇත. වසරක් පාසා වාර් තා වන මදසරු කාන්තාවන් හා පුරුෂයන් ගේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත. මේ සඳහා පුරුෂ සාදක මෙන් ම ස්ත්‍රී සාදක ද බලපායි. ගැබ් ගැනීම ප්‍රමාද කරවන එක් ස්ත්‍රී සාදකයක් වනුයේ ගර් භාෂයේ මාංශ පේශි හා තන්තු පටකවලින් හටගන්නා පිළිකාමය නොවන ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ ය. ගර් භාෂ මයෝමා (Leiomyoma) ලෙස ද මේවා හඳුන්වයි.
සෑම කාන්තාවන් තුන් දෙනෙකු ගෙන් එක් අයකුට තම ජීවිත කාලය තුළ ෆයිබ්‍රොයිඩ ගෙඩි හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව මෑතක දී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත. ෆයිබ්‍රොයිඩ හට ගැනීම ස්ත්‍රීන් ගේ සරු කාලය (වයස අවුරුදු 16 සිට 50 දක්වා) තුළ දී සිදු වන අතර බහුල ව ම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 30 ත් 50 ත් අතර පසුවන කාන්තාවන් ගේ ය. ෆයිබ්‍රොයිඩ ඇති වීම සඳහා බලපාන නිශ්චිත හේතුවක් තවමත් පැහැදිලි ව හඳුනා ගෙන නොමැති නමුත් අදික ස්තූලතාව, ෆයිබ්‍රොයිඩ සහිත පවුල් ඉතිහාසයක් පැවතීම සහ දරුවන් නොමැති වීම ෆයිබ්‍රොයිඩ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ නංවන බව සොයා ගෙන ඇත. තව ද මේ සඳහා ඊස්ට්‍රජන් හෝර් මෝනයේ බලපෑමක් පවතින බව ද හෙළි වී ඇත. ඊස්ට්‍රජන් යනු කාන්තාවන් ගේ ඩිම්බ කෝෂ මගින් නිපදවන ප්‍රජනක හෝර් මෝනයකි.
බොහොමයක් ෆයිබ්‍රොයිඩ කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොකරන නමුත් ඇතැම් අවස්ථාවල දී පහත රෝග ලක්ෂණ ඇති කරයි:
• ඔසප් චක්‍රයේ වෙනස් වීම් (අදික රුදිර වහනය, අදික වේදනාව)
• උදරයේ වේදනාව
• කොන්ද කැක්කුම
• මුත්‍ර චර්‍යාව වෙනස් වීම
• මල බද්දය
• ලිංගික ව එක් වීමේ දී ගැටලු
• සාඵල්‍යතාව
ෆයිබ්‍රොයිඩ නිසා ගබ්සා වීම්, මදසරු බව ඇති වීම සහ ප්‍රසූතියේ දී නොමේරූ දරු උපත් ඇති වීම හා සිසේරියන් සැත්කම් කිරීමට සිදු වීම වැනි සංකූලතා ඇති විය හැකි ය.
ගර් භාෂය තුළ ෆයිබ්‍රොයිඩ හට ගන්නා ස්තානය අනුව වර් ග කිහිපයක් පවතී. වඩාත් ම සුලබ වනුයේ ගර් භාෂයේ මාංශ පේශිමය බිත්තියේ වර්දනය වන ෆයිබ්‍රොයිඩයි (Intramural fibroids). ගර් භාෂ බිත්තියෙන් පිටත ශ්‍රෝණිය දක්වා වර්දනය වන ඉතා විශාල ෆයිබ්‍රොයිඩ ද ඇත (Sub-serosal fibroids). මදසරු බව ආදී සංකූලතා සඳහා වැඩිපුර ම බලපානුයේ ගර් භාෂ බිත්තියේ අභ්‍යන්තර ස්තරයෙන් පහළ, කුහරය තුළට වර්දනය වන ෆයිබ්‍රොයිඩයි (Sub-mucosal fibroids). මෙම ෆයිබ්‍රොයිඩ අති ද්වනි (Ultra-sound) ස්කෑන් පර්‍රික්ෂාවක් මගින් පහසුවෙන් හඳුනා ගත හැකි ය.
ඉහත සංකූලතා හා රෝග ලක්ෂණ නොමැති නම් ෆයිබ්‍රොයිඩවලට ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවන අතර ආර් ථවහරණයෙන් පසු ඊස්ට්‍රජන් හෝර් මෝන බලපෑම අඩු වීම නිසා ගර් භාෂ ගෙඩි හැකිලී යාම සිදු වේ. ෆයිබ්‍රොයිඩවල ප්‍රමාණය, පිහිටි ස්තානය, සංකූලතා හා කාන්තාව ගේ වයස වැනි සාදක මත ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ.
ෆයිබ්‍රොයිඩ සඳහා ප්‍රදාන ප්‍රතිකාර ක්‍රම ලෙස ඖෂද/හෝර් මෝන මගින් පාලනය හා ශල්‍යකර් ම මගින් ඉවත් කිරීම සිදු කළ හැකි ය. වෛද්‍ය නිර් දේශ යටතේ ඖෂද ලබා දීම පළමු ව සිදු කරන අතර එය ප්‍රමාණවත් නොවේ නම් ශල්‍යකර් ම සඳහා යොමු වීමට සිදු වේ.

ඔබට නීරෝගී දරු ප්‍රසූතියක් සහ නිරෝගී දරුවෙකු ප්‍රාර්ථනා කරමි                       ゚viralシfypシ゚viralシalシ
09/10/2025

ඔබට නීරෝගී දරු ප්‍රසූතියක් සහ නිරෝගී දරුවෙකු ප්‍රාර්ථනා කරමි

゚viralシfypシ゚viralシalシ

06/10/2025
මෙත් සිසිලෙන් සියලු සිත් සතන් සනසවන, කිරි සිහිනය අපේක්ශාවෙන් සිටින ඔබේ කිරි සිහිනය සැබෑවන පින්බර වප් පොහෝ දිනක් වේවා!   ...
06/10/2025

මෙත් සිසිලෙන් සියලු සිත් සතන් සනසවන, කිරි සිහිනය අපේක්ශාවෙන් සිටින ඔබේ කිරි සිහිනය සැබෑවන පින්බර වප් පොහෝ දිනක් වේවා!

විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් ඔබගේ දරුවා තට්ටමෙන් ඉන්නේ ඇයි? යන්න තත්වය පිලිබදව මෙම විඩීයෝව තුලින් ඉදිරිපත් කර...
04/10/2025

විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් ඔබගේ දරුවා තට්ටමෙන් ඉන්නේ ඇයි? යන්න තත්වය පිලිබදව මෙම විඩීයෝව තුලින් ඉදිරිපත් කරනු ලැබේ.
https://youtu.be/FL9hmGTsN18..............................................................................................................................
Dr. Rohan Liyanage
MBBS, MD (OBS & GYN) Colombo,
FSLOCG
Consultant Obstetrician and Gynecologists' Fellowship in Advance Gynaecological Laparoscopy(India)
Fellowship in Advance Gynaecological Laparoscopy (Germany)..............................................................................................................................
Videography & Edit by
Upendra Creations ( https://www.facebook.com/infoUpendracreations )............................................................................................................................

🔵JOIN WITH US
page - https://www.facebook.com/FertiSouthFertilityCenter
Fertility Advice Group - https://www.facebook.com/groups/fertilityadvice
Tiktok - https://www.tiktok.com/?lang=en

🔵E-MAIL:
mailtofertisouth@gmail.com

🔵TELEPHONE:
071 803 2200
091 494 4443

🔵ADDRESS:
No.38, Kithulampitiya Road, Kalegana, Galle............................................................................................................................

S***m Donation හෙවත් ශුක්‍රාණු පරිත්‍යාග කිරීම යනු කුමක්ද?ශුක්‍රාණු පරිත්‍යාග කිරීම යනු, කිසියම් පුරුෂයෙකුගේ ශුක්‍රාණු ස...
03/10/2025

S***m Donation හෙවත් ශුක්‍රාණු පරිත්‍යාග කිරීම යනු කුමක්ද?
ශුක්‍රාණු පරිත්‍යාග කිරීම යනු, කිසියම් පුරුෂයෙකුගේ ශුක්‍රාණු සංසේචනය සඳහා භාවිතා කළ නොහැකි අවස්ථාවන්හි දී වෙනත් සරු පුද්ගලයෙකුගේ ශුක්‍රාණු යොදාගැනීමෙන් මඳසරු යුවලකට දරුවෙකු බිහි කිරීමට ඉඩ ලබා දීමේ ක්‍රියා පටිපාටියකි.
මෙහි දී පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන ශුක්‍රාණු, නළ දරු තාක්ෂණ (IVF) ක්‍රමය සඳහා හෝ ගර් භාෂයට ඍජුවම තුළට ඇතුළත් කිරීම (IUI) සඳහා යොදා ගැනීම සිදු වේ. මෙමගින් පුරුෂ මඳසරුභාවය හේතු වී තිබෙන යුවළකට (15%) සාරථක ගැබ් ගැනීමක් උදා කර ගත හැකිය.
ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම සඳහා මූලික වන මානසික අභිප්‍රේරණයන් වනුයේ මොනවා ද?
• අන් අයට දරු පවුලක් ඇති කර ගැනීමට උපකාර කිරීම සඳහා. (38%)
• වෙනත් පුද්ගලයින් සරු භාවය ලබාගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන බව දැන ගැනීමට ලැබීම. (24%)
• තමන්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ගුණාත්මක භාවය පරිත්‍යාගයේ දී දැන ගැනීමට හැකි වීම. (20%)
• ලොව සෑම කෙනෙකු ම දෙමාපියන් වීමට සුදුසු යැයි සිතන නිසා (18%)
බොහෝ පුද්ගලයන් හට තමන්ගේ දරුවාට ලැබෙන ශුක්‍රාණු පරිත්‍යාග කරන්නා පිළිබඳ යම්කිසි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය වේ. පරිත්‍යාගශීලියාගේ හැඩ රුව / චර්‍යා රටා සහ බුද්ධි මට්ටම පිළිබඳ ව හෝ දැන ගැනීම දායකයන්ගේ අනන්‍යතාවය දැන ගැනීමට වඩා වඩාත් සුදුසු විකල්පයකි. බුද්ධියෙන් අවම වශයෙන් 50%ක් හෝ ජාන උරුමය මගින් තීරණය කරනු ලබන අතර, හසුරු කුසලතා, නිරමාණශීලීත්වය, සංගීත හැකියාව, කලාත්මක දක්ෂතා, මලල ක්‍රීඩා යෝග්‍යතාවය සහ තවත් බොහෝ ගුණාංග අර්ධ වශයෙන් හෝ මව්පිය ජාන මගින් තීරණය වේ. කිසියම් නිශ්චිත ගුණාංගයක් ඇත්ත වශයෙන්ම දරුවා තුළ ප්‍රකාශ වන බවට සහතිකයක් දිය නොහැකි නමුත්, කුමන පරිත්‍යාගශීලියා භාවිතා කළ යුතුද යන්න පිළිබඳ තීරණයට ඉහත ලක්ෂණ පදනම් කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් පිළිබඳ විස්තර අප සායනය හරහා දැන ගැනීමට හැකියාව ඇත.
මෙම ක්‍රම වේද වල දී බෝවෙන රෝග නොදැනුවත්ව ම සම්ප්‍රේෂණය වීමේ අවදානමෙන් උපරිම ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වේ. අධිශීත කළ දායක ශුක්‍රාණු පමණක් භාවිතා කිරීම සිදු වේ. පරිත්‍යාගශීලියා HIV / Syphilis හෝ වෙනත් රෝග වලට නිරාවරණය වී තිබිය හැකි බැවින් රසායනාගාර පරීක්ෂණ සිදු කර අදාළ රෝග වලින් තොර දායකයන් තෝර ගැනීම මෙහි දී අනිවාර්‍ය වේ.
ශුක්‍රාණු පරිත්‍යාග කරන්නා ශුක්‍රාණු බැංකුවට පැමිණෙන පළමු අවස්ථාවේදී ශුක්‍රාණු දායකයාගේ පවුල් පසුබිම (Family History) තුළ ඇති රෝග පිළිබඳව සොයා බැලීම සිදුවේ. මෙහි පරමාර්ථය වන්නේ පාරම්පරික ලෙස ව්‍යාප්ත වන රෝග පිළිබඳ සායනික ඉතිහාසයක් දායකයා සතුව නොමැති බව සහතික කිරීමයි. පහත රෝග පිලිබඳ විමසීමක් එහිදී සිදුවේ.
• Alzheimer's disease
• Alpha / Beta-thalassemia
• Sickle cell anemia
• Arthritis
• Dementia
• Diabetes
• Heart diseases
• High blood pressure
ශුක්‍රාණු පරිත්‍යාග කරන්නාට Hepatitis B, Hepatitis C, ලිංගිකව සම්ප්රේෂණය වන රෝග ( Syphilis, HIV I/II) , HTLV I/II, Ebola ආසාදනය වී ඇත්නම් ඔවුන්ට තවදුරටත් පරිත්‍යාග කිරීමට නොහැකි වනු ඇත. මෙය ශුක්‍රාණූ ලබා ගැනීම සඳහා එම පරිත්‍යාග කරන්නා අනුමත කිරීමට පදනම සකසයි.
ශුක්‍රාණු පරිත්‍යාග කරන්නා විසින් තමා දායකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව උපදේශනයක් ලබා ගනී. මෙයට තම ශුක්‍රාණූ යොදාගැනෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා නොදීමට එකඟ වීම ආදී කොන්දේසි ඇතුළත් වේ. ඉන් අනතුරුව ඔහුගේ ශුක්‍රාණු සාම්පලයක් ලබා ගැනීමෙන් ශුක්‍රාණු වල සාන්ද්‍රණය, ගුණාත්මක භාවය සහ සෛලවල කැටි ගැසීම් වැනි දේ පරීක්ෂා කරනු ලැබේ.
ඔබ දැන සිටියා ද , ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් වීමට අයදුම් කරන පුද්ගලයන්ගෙන් 5-7%ක් පමණක් පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබන බව…
ශුක්‍රාණු අධිශීත ගබඩා කිරීම (-196 °C) පුරුෂයෙකුගේ සාරවත් බව ආරක්ෂා කර ගැනීමේ සාර්ථකම ක්‍රමය වන බැවින්, ඉහත දායකයන්ගේ ශුක්‍රාණු ගබඩා කර තබාගෙන පසු කලෙක වෙනත් යුවලකට දරුවෙකු ලබා ගැනීමට උත්සාහ කළ හැකිය.
ඔබටත් ශුක්‍රාණු දායකයකු වී දරුඵල අපේක්ෂාවෙන් සිටින යුවලකට උදව් කිරීම සිදු කල හැකිය. ඒ සඳහා Fertisouth ආයතනයේ සියලුම පහසුකම් පවතී.
වැඩිදුර විස්තර සදහා අමතන්න ,
071 803 2200

゚viral

01/10/2025

ලෝකවාසී සියලුම ආදරණීය දරුවන්ට සුභ ලෝක ලමා දිනයක් වේවා! 🥰😍 ඕනැම මවකුට හා පියෙකුට මෙලොව ඇති උතුම්ම සම්පත තම ආදරණීය සිගිත්තා වේ. නමුත් තවමත් මේ වටිනාම සිහිනය පමාවීම නිසා පසුතැවෙන ඔබ සැමගේ ඒ කිරිසිහින ඉක්මනින්ම සැබැ වේවා යන්න අපේ පැතුමයි. 🙏


— at Ferti South Fertility Center.

ලෝකවාසී සියලුම ආදරණීය දරුවන්ටසුභ ලෝක ලමා දිනයක් වේවා! 🥰😍ඕනැම මවකුට හා පියෙකුට මෙලොව ඇති උතුම්ම සම්පත තම ආදරණීය සිගිත්තා ...
01/10/2025

ලෝකවාසී සියලුම ආදරණීය දරුවන්ට
සුභ ලෝක ලමා දිනයක් වේවා! 🥰😍

ඕනැම මවකුට හා පියෙකුට මෙලොව ඇති උතුම්ම සම්පත තම ආදරණීය සිගිත්තා වේ.
නමුත් තවමත් මේ වටිනාම සිහිනය පමාවීම නිසා පසුතැවෙන ඔබ සැමගේ ඒ කිරිසිහින ඉක්මනින්ම සැබැ වේවා යන්න අපේ පැතුමයි. 🙏


— at Ferti South Fertility Center.

Fertisouth Facebook නාලිකාව සමග අත් වැල් බැදගත් කිරි සිහිනයට පෙරුම්පුරන සුවහසක් ආදරණීය හදවත් විසිදහස් හයසිය හතලිස් දෙදෙන...
29/09/2025

Fertisouth Facebook නාලිකාව සමග අත් වැල් බැදගත් කිරි සිහිනයට පෙරුම්පුරන සුවහසක් ආදරණීය හදවත් විසිදහස් හයසිය හතලිස් දෙදෙනා හට ස්තූතියි!
සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. 💙

Address

No. 38, Kithulampitiya Road, Kalegana
Galle
80000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94718032200

Alerts

Be the first to know and let us send you an email when Ferti South Fertility Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ferti South Fertility Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram