13/12/2025
මී මැස්සන්ගේ ඇස කියන්නේ ජීව විද්‍යාවේ ආශ්චර්යයක්. එය පරාග වලට එරෙහිව පලිහක් විදිහට හිසකෙස් වලින් ආවරණය වෙලා තියන ඔම්මැටිඩියා කියන කුඩා කාච දහස් ගණනකින් සමන්විත වෙනවා. දන්නවද ? මේ කාචවලින් මී මැස්සට පාරජම්බුල කිරණ එක්ක වර්ණ පරාසයක් දකින්න පුළුවන්ලු. ඒ වගේම චලනයට ඉතා සංවේදී .එහෙම වෙනකොට මී මැස්සන්ට මල් වගේම අනෙකුත් පෝෂණ ප්‍රභවයන් තව එයාට එන සතුරු තර්ජනවලට එරෙහි වෙන්න පසු බහින්න පුලුවන්ලු.
ඒත් ඇත්තටම මී මැස්සන්ගේ ඇස වෙන් කරන්නේ ඒ ඇස් හැදිලා තියන විදිහ.
අපේ ඇස් වගේ නෙවේ. මී මැස්සන්ගේ ඇස හැදිලා තියෙන්නේම ලෝකය පේන්න පුලුවන් විදිහට හැදිලා තියන සරල ඇස් රාශියකින් ය. අංශක 280 ක දෘශ්‍ය ක්ෂේත්‍රයක් ඇස් හරවන්නේ නැතුව මී මැස්සට බලන්න පුලුවන්ලු.
මල් හොයාගන්න සතුරන්ව මඟ හරින්න එහෙමෙහෙ ඉක්මනින් පියාඹන්න , යන වේගෙට ඉදිරියේ තියන දේවල් මඟහැරලා යන්න මේ ඇස් ප්‍රයෝජනයට ගන්නවා.
එහි ආකර්ෂණීය ඇස් ඇස විදුලි වේගයෙන් තොරතුරු සකසනවලු. ඒ තොරතුරු වලින් මී මැස්සාට පියාඹන්න ඕනේ කොහෙටද..? මොන වේගෙන්ද ? සේරම කලමණාකරනය කරලා දෙනවලු.
ලෝකයේ සොයාගැනීම් එක්ක මී මැස්සන්ගේ ඇහේ ව්‍යුහය ජීව විද්‍යාවේ තීරණාත්මක කොටසක් වන අතර සොබාදහමේ බලය පිළිබඳ සාක්ෂියක්. මී මැස්සන්ට මේ විදිහට ඇස් දියුණුවෙන්න වසර මිලියන ගණනක් ගිහිල්ලා තියනවලු.
( උපුටා ගැනීමකී )