Gampaha Blood Bank

Gampaha Blood Bank Official Face Book page

❤️ ජාතික රුධිර පාරවිලයන සේවාව වෙතින් හෘදයාංගම ස්තූතිය ❤️මෑතකදී ඇතිවූ ස්වභාවික විපතේදී, අප කළ කෙටි දැනුම් දීමට ප්‍රතිචාර ...
04/12/2025

❤️ ජාතික රුධිර පාරවිලයන සේවාව වෙතින් හෘදයාංගම ස්තූතිය ❤️
මෑතකදී ඇතිවූ ස්වභාවික විපතේදී, අප කළ කෙටි දැනුම් දීමට ප්‍රතිචාර වශයෙන් රුධිර පරිත්‍යාගශීලීන් විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා වූ දින හතරක් තුළදී, ජාතික රුධිර පාරවිලයන සේවාවට, රුධිර පරිත්‍යාග 15,000 කට අධික ප්‍රමාණයක් ලැබුණු අතර, එයට පළමු වරට පරිත්‍යාග කළ නව දායකයින් 5,000 කට වැඩි පිරිසක් ද ඇතුළත් විය. ඔබ සෑම දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔබගේ මෙම ත්‍යාගශීලීභාවය නිසා, ඉදිරි සති කිහිපය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් රුධිරය අප සතුව දැන් සුරක්ෂිත වී ඇත.
එමෙන්ම, රුධිර පරිත්‍යාග වැඩසටහන් සඳහා සහය දුන් සියලුම ස්වේච්ඡා සේවකයන් සහ සංවිධාන වෙතත්, අපගේ පණිවිඩය රට පුරා ප්‍රචාරය කරමින් පරිත්‍යාගශීලීන් දිරිමත් කළ සියලුම මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙතත් අපගේ හෘදයාංගම ඇගයීම පුද කරමු.
අපේක්ෂා නොකළ තරම් විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීම හේතුවෙන් කිසියම් ප්‍රමාදයක් හෝ අපහසුතාවයක් ඇති වූවා නම්, ඒ පිළිබඳව ද අපගේ කණගාටුව පළ කරමු.
දැනට පවතින රුධිර තොග ප්‍රමාණවත් බැවින්, මේ අවස්ථාවේදී පරිත්‍යාග කිරීමට ඉක්මන් වීමේ අවශ්‍යතාවක් නොමැත. රුධිර සැපයුම ස්ථාවරව හා විශ්වාසදායකව පවත්වා ගැනීමට, දෛනික අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් දායකත්වය අපගේ දිවයිනපුරා පිහිටි රුධිර බැංකුවල අවශ්‍යතාව පරිදි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි! ඔබගේ දායකත්වය සැබවින්ම ජීවිත රැසක් සුරක්ෂිත කළේය. ඉදිරියටත් නිත්‍ය රුධිර පරිත්‍යාග මඟින් රටේ රුධිර සැපයුම ස්ථාවරව තබා ගැනීමට සහය වන්න. ❤️🇱🇰

❤️ A Heartfelt Thank You from NBTS ❤️
In response to our recent appeal during the natural disaster, the people of Sri Lanka showed extraordinary compassion. Within just four days, from 29 November to 02 December, the National Blood Transfusion Service (NBTS) received over 15,000 blood donations, including more than 5,000 first-time donors who stepped forward for the very first time. We are deeply grateful to every one of you.
Your generosity has ensured that NBTS now has adequate blood stocks for the coming weeks, and we sincerely thank all donors who made this possible. We also extend our heartfelt appreciation to the volunteers, organizations, and community groups who supported the donation drives and assisted donors with such dedication.
At the same time, we apologize to any donor who faced delays or inconvenience due to the unexpectedly high number of people who came forward. Your patience and understanding mean a great deal to us.
There is no need to rush to donate at this moment, as current stocks are sufficient. We kindly encourage everyone to continue supporting us through your regular, routine donation drives to help maintain a stable supply in the future.
Thank you, Blood Donors, for your compassion and unity. Let us continue this life-saving habit together. ❤️🇱🇰

We  are from the Gampaha blood bank.  We have enough blood stocks .  Please make your donation  one month after.Thank yo...
03/12/2025

We are from the Gampaha blood bank. We have enough blood stocks . Please make your donation one month after.
Thank you very much for the invaluable support you all are given during this crisis🙏🙏🙏

ස්තුතියි❤️
03/12/2025

ස්තුතියි❤️

01/12/2025
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ රුධිර සංචිත සීග්‍ර ලෙස අඩු වෙමින් පවතින බැවින්,හෙට දින එනම් 2023.09.10 වන ඉරු දින ...
09/09/2023

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ රුධිර සංචිත සීග්‍ර ලෙස අඩු වෙමින් පවතින බැවින්,හෙට දින එනම් 2023.09.10 වන ඉරු දින පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා ලේ බැංකු පරිශ්‍රයට පැමිණ රුධිරය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ලේ බැංකුව
දිස්ත්‍රික් මහ රෝහල
ගම්පහ

28/11/2021

"ඔමික්‍රෝන්" ගැන ඔබ දැනුවත් ද?

කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.

අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. 'ඔමික්‍රොන්' (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.

ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.

ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර "අවධානය යොමු කළ යුතු ප්‍රභේද" වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.
පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.

සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

18/06/2021

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන් සොයාගැනේ?

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.
මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

Address

District General Hospital
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94712470563

Alerts

Be the first to know and let us send you an email when Gampaha Blood Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gampaha Blood Bank:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category