26/01/2021
නූතන සමාජයේ පවතින ප්‍රධානතම මාරක රෝගය ලෙස හෘදයාබාධ හැදින්විය හැකිය.
නොගැළපෙන අාහාර රටාව,මේදය අධික අාහාර විශේෂයෙන්ම මස් හා මාළු වර්ග සීමාවකින් තොරව අනුභවය, අධික ලෙස මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය, සිරුරට නිසි ව්‍යායාමයක් නොලැබීම මෙන්ම මානසික ආතතිය නිසා හෘද රෝගවලට ගොදුරුවන ප්‍රමාණය බහුල වී ඇත.
🔹හෘදයාබාධයක් වැලදීමේ මූලික ලක්ෂණ ලෙස,
👉අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම
👉හුස්ම ගැනීමේ අපහසුව
👉පපුවේ වම්පස වරින්වර වේදනාව
👉ක්ලාන්ත ස්වභාවයක් දැනීම
👉 වමනය දැමීමේ අවශ්‍යතාවය
එසේම සිරුරේ වෙනත් රෝග තත්ත්වයක් නිසා අවසානයේදී හෘදයාබාධ ඇතිවිය හැකිය.
විශේෂයෙන්ම දියවැඩියාව හරි හැටි පාලනය නොකිරීම නිසා හදවත් රෝග ඇතිවිය හැක.
එසේම අක්මාව වැනි ඉන්ද්‍රියන්ගේ රෝග තත්වයන් නොසලකා හැරීමෙන් අවසන් වන්නේ හෘද රෝග තත්ත්වයට ගොදුරු වීමෙනි.එසේම ආතරයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර නොගැනීම නිසාද හදවත් රෝග ඇතිවීමට මුල පිරෙයි.
කොලෙස්ටරෝල් රෝගීන්ද අද සමාජයේ බහුලව වෙසෙන අතර තෙල්,මේදය අධික අාහාර නිතර නිතර ගැනීම හා දුම්පානය නිසා අතිරික්ත මේදය, නිකොටින් වැනි විෂ ද්‍රව්‍ය ධමනි තුළ තැන්පත් වීම නිසා ලේ ගමන අවහිර වීම සිදුවිය හැක.
නාඩි පරීක්ෂාව මගින් කොලෙස්ටරොල් රෝගීන් හදුනාගත හැකි අතර ශල්‍ය ප්‍රතිකාර වලින් තොරව දේශීය ප්‍රතිකාර භාවිතයෙන් සාර්ථකව සුවකර ගැනීමේ හැකියාව පවතී.
වැඩි විස්තර සඳහා අමතන්න.
අායුcare ආයුර්වේද චිකිත්සාගාරය
නුවර පාර,අලුත්ගම බෝගමූව
යක්කල.
ප්‍රතිකාර කිරීම:
ඉරිදා, සඳුදා, අඟහරුවාදා හා බදාදා දිනවල උදැසන 8.00 සිට සවස 6.00 දක්වා
ඇමතුම්: 076 534 4131(whats app),
077 617 5437
වෙබ්:https://www.ayucareaurveda.com/
වෛද්‍ය මහීපාල ගමගේ
DSAC/MAcF
RAMP 7358
වෛද්‍ය මහේෂිකා ආර්.ගමගේ
BAMS (Hons)UOK
RAMP 14831