Shanthi Mental Health Care

Shanthi Mental Health Care Psychotherapy & Psychological Counseling Psychological Counseling &Psychotherapy

02/12/2025
🌪️ මානසික ප්‍රථමාධාර (Psychological First Aid):  ගිලන් වූ හදවත්වලට සවියක්​ බිහිසුණු දිට්වා සුළි කුණාටුවෙන් පසු සිතට සහ හ...
02/12/2025

🌪️ මානසික ප්‍රථමාධාර (Psychological First Aid):

ගිලන් වූ හදවත්වලට සවියක්

​ බිහිසුණු දිට්වා සුළි කුණාටුවෙන් පසු සිතට සහ හදවතට සවියක්

​දිට්වා සුළි කුණාටුවක් වැනි මහා ආපදාවක් පැමිණි විට, එය විනාශ කරන්නේ නිවාස, ව්‍යාපාර, ගොඩනැගිලි, මාර්ග සහ පාලම්, පරිසරය පමණක් නොවේ.

එය මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ හැඟීම, බලාපොරොත්තුව සහ සාමාන්‍ය ජීවිතය ද බිඳ දමයි.

​මෙවැනි මොහොතක අපට දිය හැකි වැදගත්ම දේ වන්නේ ආහාර, නවාතැන් හෝ ශාරීරික ආධාර පමණක් නොවේ ඒ මානසික ප්‍රථමාධාරයි (Psychological First Aid - PFA)

​🧡 මානසික ප්‍රථමධාර (PFA) යනු කුමක්ද?

​PFA යනු අර්බුදයකින් පසු පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා භාවිතා කරන දයානුකම්පිත සහ ප්‍රායෝගික සහය ලබා දීමේ ක්‍රමයකි.

මේ සඳහා ගැඹුරු උපදේශනයක් අවශ්‍ය නොවේ.

එය නිවැරදි ආකාරයෙන් මිනිසුන් වෙනුවෙන් ඔවුන් ළඟ සිටීම පමණි.

​🌱 PFA දැන් වැදගත් වන්නේ ඇයි?

​දිට්වා කුණාටුවෙන් පසු පවුල් බියට, අවිනිශ්චිතතාවයට සහ මානසික වෙහෙසට පත්ව සිටිති.

ඔවුන්ට නිවාස... වටිනා දේ... මතකයන් අහිමි වී ඇත.

ඉදිරියට කුමක් වේදැයි බොහෝ දෙනෙක් නොදනිති.

​PFA මගින් මිනිසුන්ට උපකාරී වන්නේ:

🌻ආරක්ෂිත බවක් දැනීමට
🌻​භීතිය සහ බිය අඩු කර ගැනීමට
🌻​සහය ලබා ගැනීමට
🌻​මානසික ශක්තිය නැවත ලබා ගැනීමට
🌻​බලාපොරොත්තු නැවත පණ ගැන්වීමට

🌼සමහර විට, මෘදු වචන කිහිපයකට පවා කෙනෙකු අධික ආතතියෙන් මුදා ගත හැකිය.

​🫂 PFA හි ප්‍රධාන පියවර 5 (සරල සහ ඵලදායී)

💐​සබඳතාව හා සැනසීම (Connect & Comfort):
කරුණාවෙන් මිනිසුන් වෙත ළං වන්න. මෙසේ කියන්න: “මම ඔබ සමඟ සිටිනවා. ඔබ තනිවෙලා නැහැ.”

💐​ආරක්ෂාව තහවුරු කිරීම (Ensure Safety)

ආරක්ෂිත ස්ථානවලට යාමට ඔවුන්ට උදව් කරන්න. ජලය, තොරතුරු හෝ නිස්කලංක ස්ථානයක් වැනි මූලික අවශ්‍යතා සපයන්න.

​💐 පීඩනයකින් තොරව සවන් දීම (Listen Without Pressure):

ඔවුන්ට කතා කිරීමට අවශ්‍ය නම් කතා කිරීමට ඉඩ දෙන්න. ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ නම්, ඊට ගරු කරන්න. ඔබේ පැමිණීම පවා සුවයක් ගෙන දෙයි.

​💐 ප්‍රායෝගික සහය ලබා දීම (Give Practical Support):

අතුරුදහන් වූ පවුලේ සාමාජිකයන් සොයා ගැනීමට, ආධාර ලබා ගැනීමට හෝ ඊළඟ පියවර තේරුම් ගැනීමට ඔවුන්ට උදව් කරන්න.

​💐 බලාපොරොත්තු ඇති කිරීම සහ ශක්තිමත් කිරීම (Encourage Hope & Strength):
ඔවුන්ට මතක් කරන්න: “ඔබ නරකම මොහොතෙන් බේරුණා. අපි නැවත ගොඩනගමු—එකමුතුව.”

​❤️ අප සැමට PFA ලබා දිය හැකිය

​😇 ඔබට සහතිකයක් අවශ්‍ය නැත.

ඔබට අවශ්‍ය වන්නේ කාරුණික හදවතක් සහ ඉවසිලිවන්ත සිතක් පමණි.

​මිනිසුන්ට සියල්ල අහිමි වූ මොහොතක,
ඔබේ පැමිණීම ඔවුන්ට ආලෝකයක් විය හැකිය.

​🙏 අපි එක්ව නැගී සිටිමු

​ශ්‍රී ලාංකිකයන් ලෙස, අපි සෑම කුණාටුවකින්ම පසු නැගී සිට ඇත්තෙමු.

පරිත්‍යාග පමණක් නොව—මානසික සහයෝගය ද ලබා දෙමු.

​අපි මාර්ග සහ ගොඩනැගිලි පමණක් නොව—බිඳුණු හදවත් ද නැවත ගොඩනගමු.

​යමෙකුට නැවත බලාපොරොත්තුවක් ඇති කරන හේතුව ඔබ වන්න.

“අපි මේකෙන් ගොඩ එනවා” යැයි පවසන හඬ ඔබ වන්න.

​ #දිට්වාකුණාටුව #ශ්‍රීලංකා #මානසිකප්රතමාධාර #බලාපොරොත්තුව

මා විසින් අපේ අම්මා පුවත්පතට ලියන ලද ලිපි කිහිපයක්.
25/11/2025

මා විසින් අපේ අම්මා පුවත්පතට ලියන ලද ලිපි කිහිපයක්.

අද වැඩසටහන සාර්ථකව නිමාවිය.....
18/11/2025

අද වැඩසටහන සාර්ථකව නිමාවිය.....

ආදරණීය දෙමාපියනි,🌺 මේ නිවාඩු කාලයේ  ඔබේ දරුවා වෙනුවෙන්. ....."මනෝ විද්‍යාත්මක වැඩමුළුවක් "🌻. ඔබේ දරුවා දඩබ්බරද. ?🌻පාසැල්...
13/11/2025

ආදරණීය දෙමාපියනි,

🌺 මේ නිවාඩු කාලයේ ඔබේ දරුවා වෙනුවෙන්. ....."මනෝ විද්‍යාත්මක වැඩමුළුවක් "
🌻. ඔබේ දරුවා දඩබ්බරද. ?
🌻පාසැල් වැඩට දුරුවලද. ?
🌻 ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලාද?
🌻 දෙමව්පියෝ කියන දේ අහන්නෙම නැද්ද?
🌻පාසල් යන්න අකමැතිද?

✌✌✌එසේ නම් ඔබේ දරුවා සඳහාම වූ. මනෝ විද්‍යාත්මක ක්‍රියාකාරකම් රැසක් සමගින්. ...මනෝ ප්‍රතිකාරාත්මක වැඩසටහන...

2025/ 11/ 18 දින උදේ 9 සිට දවස පුරා
දිවුලපිටිය මීගමුව පාර
SHANTHI MENTAL HEALTH CARE

විමසීම්..0774071401
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඔබ පහත වට්සැප ගෘප් එකට සම්බන්ධධ වෙන්න https://chat.whatsapp.com/HHQPmSLJwcE7Arhv77OdI4?mode=wwt

දරුවාගේ පාසල් අභ්‍යාස පොත් රැගෙන එන්න.

06/11/2025

උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පිළිබද පුහුණු වැඩසටහන...

* කාලය මාස 03 යි
* පැය 150
* ගාස්තුව රු 15000/= (රුපියල් පහලොස් දහසයි)
* ඇතුලත් වීමේ ගාස්තුව රු 3000/=

අපගේ ආයතනය මඟින් මෙහෙයවන උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පුහුණුව සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි වන්න

------------------------------------------------
මේ සඳහා;
* මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳව දැනට හදාරන සිසුන්
* මනෝ උපදේශන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් සහ මේ පිළිබඳව කැමත්තක් දක්වන ඕනම අයෙකුට මේ සමඟ සම්බන්ධ විය හැකිය.
------------------------------------------------
අන්තර්ගතය;
* මනෝඋපදේශනය පිළිබඳව හැඳින්වීම
* මානසික රෝග හඳුනාගැනීම
* උපදේශන කුසලතා පුහුණුව
* උපදේශන ආචාරධර්ම පිළිබඳව දැනුවත්භාවය
* මනෝප්‍රතිකාරක පුහුණුව
* විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ප්‍රතිකාර
* මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් නැවැත්වීම පිළිබඳව පුහුණුව
* නේවාසික මානසික රෝගීන් රැකබලාගැනීම පිළිබඳව පුහුණුව
* උපදේශනයේදී ඇතිවන භාෂා ගැටලු නිරාකරණය කරගනිමින් උපදේශනය සිදු කරන ආකාරය
* උපදේශනයේදී අවශ්‍ය වන නීති පිළිබඳව දැනුවත්භාවය
* මෝහන සැසියක් සියසින් දැකබලා ගැනීමේ හැකියාව
* මානසික ගැටලු වලින් පෙළෙන්නන් රැකබලාගැනීමේ නේවාසික මධ්‍යස්ථානයක පුහුණුව

------------------------------------------------
මෙහෙයවීම :
* ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝචිකිත්සක, (නවලෝක රෝහල)

* විශ්ව විද්‍යාාල මහාචාර්ය , විශ්ව විද්‍යාල කතිකාචාර්ය, මනෝ වෛද්‍යවරු සමගින්
------------------------------------------------
මෙය අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක්, සායනික පුහුණු ලිපියක්, අප ආයතනයේ පුහුණුවන උපදේශකවරයෙකු ලෙස සේවක හැඳුනුම්පතක් හා සහතික කරන ලද සායනික පුහුණු වාර්තා පොත ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

------------------------------------------------
ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
පාඨමාලා සම්බන්ධීකාරක : 0774071401
------------------------------------------------
https://chat.whatsapp.com/LtCpKYlwhgQ8ot2CNw8AtS?mode=ac_t whatsappe ලින්ක් එකෙන් සම්බන්ද වෙන්න.

තම දරුවන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ට ඍණාත්මක අනකිරීම් හෝ ප්‍රකාශ නොකරන්නට සෑම දෙමාපියෙකුම වගබලා ගත යුතුය . එවැනි දේ දරුව...
31/10/2025

තම දරුවන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ට ඍණාත්මක අනකිරීම් හෝ ප්‍රකාශ නොකරන්නට සෑම දෙමාපියෙකුම වගබලා ගත යුතුය . එවැනි දේ දරුවා වැඩිහිටියකු බවට පත්වෙද්දී ජීවිතයේ බොහෝ පරාජයන් හා පසුබෑමට ලක්වේ. දරුවන් අගය කරමින් දිරිගැන්වීම ආදිය මව්පියන් කළ යුතුය . එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් ඉහලය .

තවත් එක් සිදුවීමක් මෙසේ සටහන් තබමි. මීට මාස කිහිපයකට උඩදී විවාහක යුවලක් පවුල් උපදේශනය සදහා පැමිනෙන්නේ විවාහ ජීවිතය එපා වී දික්කසාද වීමට පෙරය. මේ පිරිමි අය දිනේෂ් ලෙස හදුන්වමි. කාන්තාව මනෝරි ලෙස හදුන්වමි . මොවුන් විවාහ වී වසර 3 කි. එහෙත් දෙදෙනා අතර කිසිම ලිoගික සබදතාවක් සිදුවී නොමැත . මනෝරි කොතරම් උත්සාහ කලත් දින්ෂ් එය ප්‍රතික්ෂේප කරයි. දිනේෂ් හා මනෝරි විවාහ වූයේ යෝජනාවකිනි. දිනේෂ් කිසිම දිනක ගැහැනු ළමයකු හා ආදරය සබදතාවක් පවත්වා නොමැත .

" මට මේ ජීවිතය එපා වෙලා. දවල් කාලේ අපූරුවට ඉඳලා රෑවෙද්දි රණ්ඩු වෙන්න හේතුවක් හොයනවා. මම කොච්චර කියනවාද මොකක් හරි ලෙඩක්ද කියලා බලන්න දොස්තර කෙනෙක් හමුවෙමු කියලා . කොහෙද ඒක අහන එකක් යෑ..තමුන්ට බැරිකමක් තියෙනවා නම් ඒක අඩුම ගානේ පිළිගන්නවත් කැමති වෙන එකයි හරි බොරුවට රංඩු හොයන්නෙ නැතුව."

" මට ඔය අදෝනාව ඇති දැන් මට බැහැ දොස්තරලා ළඟට යන්න කොහොමද ඕක කටක් ඇරලා කියන්නේ "

"ඔහේට බැරිනම් මම කියන්නම් ඕනෑ ලෙඩකට බෙහෙත් තියෙනවා . දැන් අවුරුදු 3 ක් වුනා. මේක හරි වදයක් වුනානේ. මගේ යාලුවෝ හැමෝටම දරුවො, මගෙන් දරුවො ගැන අහදි නානාප්‍රතාලේ බොරු කියනවා. ආයෙ නම් ඇහුවොත් මම ඇත්තම කියනවා "

" ඔව් ඉතින් තමුසෙට ඕනෑ මාව ඒ ජාතියේ මිනිහෙක් කියන්නනේ....ඕනෑ දෙයක් වෙච්චාවේ හැබැයි මට කියන්න බැහැ දොස්තරට තමුසෙම කියනවා කතාව"

" මැඩම් ට මේ ලියුම දෙන්න කිව්වේ එහා චැනල් එකේ දොස්තර මහත්තයා "

දිනේෂ්ට මෙසේ සිදුවීමට හේතුවක් ඇත . මෙය කායික රෝගයක් නොවෙ,මානසික හේතුවකි.

දිනේෂ් ගේ අතීත කතාව මෙසේ ය.
දිනේෂ් ගමේ හැදුනු වැඩුනු කෙනෙක් . දිනේෂ් ගේ තාත්තා ගොවියෙක්. දිනේෂ් පවුලේ බාලයා. දිනේෂ් නිදා ගන්නේ තනිවමය. වයස අවුරුදු 10 වෙද්දී දිනේෂ් ගේ පියා දිනේෂ් ට වෙනමම කාමරයක් සූදානම් කර දෙනවා. දිනේෂ් ට ඉන්නේ අක්කලා දෙන්නෙක් පමණි.

මේ සිදුවීම වෙද්දී දිනේෂ් ට වයස 11 පමණ . දිනේෂ් ගේ කාමරයේ දොරක් නැතත් දොර රෙද්දකින් ආවරණය වී තිබුණි. මේ කාලයේදී දිනේෂ් ස්ව්‍යංවින්දනයේ යෙදුනු අතර , දිනක් පියා මෙය දකිනවා.

මෙය දුටු පියා දිනේෂ් දැනුවත් කරනු වෙනුවට දිනේෂ් මහා පාපයක යෙදුනු වරදකරුවකු ලෙස හදුන්වමින් දොස්පැවරුවේය. දිනේෂ්ට වැරෙන් පහර කිහිපයක්ද ගැසු වේය. අක්කලා ගේ කාමරයට යාම පවා දිනේෂ් ට තහනම් කළේය. අක්කලාගේ ඇදුම්ක් අල්ලන්න බැහැ. එයාලාගෙ පොතක්පතක් ගන්න බැහැ. එයාලා එක්ක වැඩිය කතා කරන්න වත් පියා දිනේෂ් ට ඉඩක් දුන්නේ නැහැ . නිතරම එම සිදුවීම මතක්කරමි පියා දිනේෂ්ට විවිධ තාඩන පීඩන දුන්නේය. දිනේෂ් ගේ කාමරයේ දොර රෙද්ද පවා අයින් කළේය. මේ නිසා දිනේෂ් හිටියේ අසීමාන්තික ලැජ්ජාවෙන් හා බියෙනි.

මේ සිදුවීම නිසා දිනේෂ් වැඩිහිටියකු වන්නේ නෂ්ඨකාමියකු ලෙසිනි. සෑම විටම කාන්තාව ප්‍රතික්ෂේප කලේය .දිනේෂ් විවාහ වන්නේ ද දෙමව්පියන් ගේ දැඩි බලපෑම නිසාය .

බොහෝ විට නෂ්ඨකාමිය හෙවත් පුරුෂ ශක්තිය හීනවීමට මූලික වන්නේ කායික හේතුවක් නොව මානසික හේතුවකි. සමහර විට එය චිත්ත අභ්‍යන්තරයේ ගැඹුරට ම කිදා බැසගත් වරදකාරී හැගීමක් විය හැකිය . යටිසිත සමග සිදුකරන ධනාත්මක තහවුරු කිරීම් හරහා එම තත්ත්වය පහසුවෙන් සුව කරගත හැකිය .

යටි සිතට වර්තමාන ජීවිතය මෙන්ම අතීත ජන්ම පිළිබඳවද මතක තිබෙනබව සනාථ කරන්නට අනන්ත අප්‍රමාණ සාධක හා සාක්ෂි තිබේ . අපේ උඩු සිතට යම් යම් දේ අමතක වී ගියද යටිසිතට සියල්ල මතකයේ තිබේ . බොහෝ ශාරීරික හා මානසික වියවුල් වලට හේතු කාරක වන්නේ යටි සිතේ ගැඹුරට කිදා බැස ඇති එවන් මතකයන්‍ ය.

හැදෙන වැඩෙන වයසේ පසුවන දරුවන් හට වැඩිහිටියන් වචන හා ප්‍රකාශ භාවිත කළ යුත්තේ මහත් කල්පනාකාරීව ය. දරුවන් ගේ අනාගතය උදෙසා ඔවුන්ගේ මනස සවිමත් ව හැඩගැසෙන්නේ ඔවුන් හැදෙන වැඩෙන වයසේ දීය .

මෙවැනි අතීත සිදුවීම් නිසාම කැඩී විසිරී පවුල් ප්‍රමාණය ඉමහත් ය. ඔබටත් කිසියම් පවුල් ගැටලුවක් ඇත්නම් අපගේ සේවාව ලබා ගැනීමට හැකියාව තිබේ .
,
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක ,
ශාන්ති කුමාරි ජයනෙත්ති

හමුවීම් ...

නවලෝක රෝහල-කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07

0774071401

Address

Nawaloka Hospital Gampaha , Negombo & Colombo 7
Gampaha

Telephone

+94774071401

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Mental Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram