සුජීවක අරණ - Sujeewaka Arana ආයුර්වේද

සුජීවක අරණ - Sujeewaka Arana ආයුර්වේද නවීන ඉන්දියානු ආයුර්වේදීය සත්කාරක සේ

කාරුනික දැනුම්දීමයි වෛද්‍ය මද්‍යස්තානය සතියේ සෑම දිනකම සවස 5 සිට රාත්‍රී 8.30 තෙක් ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යන අතරසෑම ...
04/12/2021

කාරුනික දැනුම්දීමයි

වෛද්‍ය මද්‍යස්තානය සතියේ සෑම දිනකම

සවස 5 සිට රාත්‍රී 8.30 තෙක්

ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යන අතර

සෑම සතිඅන්ත දිනකදීම මෙන්ම පෝය දිනවල ප්‍රතිකාර කටයුතු නොකෙරන බව දන්වා සිටිමි

ඒ අනුව මින් පසු ආයතනය වසා තිබූ සිකුරාදා දිනයන් හීදිද ප්‍රතිකාර ලභාගැනීමෙ පහසුකම ඔබට සපයා ඇත.

සියලුම කැඩුම් බිඳුම් රෝග ආතරයිටිස් විශේශ සායනය හා සර්වාංග රෝග ප්‍රතිකාර සඳහා විමසන්න

0719321780

කොරෝනා රෝගයේ අධිපැතිරීමත් සමඟ සෞබ්‍ය අංශවල ධාරීතාවන් ඉක්මවා යාමත් සමඟ ඇතිවී තිබෙන තත්වය මත රෝග ලක්ශන අවම හෝ තීව්‍ර ලක්ශන...
18/08/2021

කොරෝනා රෝගයේ අධිපැතිරීමත් සමඟ සෞබ්‍ය අංශවල ධාරීතාවන් ඉක්මවා යාමත් සමඟ ඇතිවී තිබෙන තත්වය මත රෝග ලක්ශන අවම හෝ තීව්‍ර ලක්ශන පහල වන අවස්තාවක් තෙක් රෝගියෙක් හෝ සමීප අශ්‍රිතයන් ඔවුනොවුන්ගෙ නිවෙස් තුලම නිරෝධායන කරන්නට සිදුව ඇත

බොහෝ විට ඔබ ආසාදිතයකු හෝ සමීපතමයෙක් බව දැනගන්නට ලැබී ඔබට නිවෙස් නීරෝධායනය වන්නට සිදුවන්නෙ හදීසි වටපිටාවකය

නමුත් පෙර සූදානමක් නොමැතිව නිවසක තනිවන ඔබ සෞඛ්‍ය ප්‍රවර්ධන වෙනුවෙන් කරන්නට හැකි දේ මොනවාදැයි කියා සිතන්නෙ එවිටය නමුත් නිරෝධායන වන ඔබට ඒ වෙනුවෙන් කලහැකි දේ අවමය

බොහෝවිට කොත්තමල්ලි පානය දුමායනය ආදී මූලික කටයුතු ඇරුනු කොට ක්‍රමවත් ඖෂධ සපයාගැනීමට ඇත්තේ අල්ප අවස්තාවකි

සුවශක්ති නීරෝධායනය මංජුසාව එවැනි අවස්තාවක ඉතාමත් ප්‍රයෝජනවත් විකල්පයකි

යම් හෙයකිං කල් තියා ලඟ තබා ගැනීමෙන් හදිසි අවස්තාවක නිරෝධායන වන්නට සිදු උවහොත් මුල් අවස්තාවේ සිටම භාවිත කලහැකි සම්පූර්න ආයුර්වේද මූලික චිකිත්සා පද්ධතියකි.

ඔබගේ සමීපතමයෙක් රෝගය වැලඳී හෝ නිරෝධායන වෙමින් සිටී නම් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා රෝග ත්‍රීව්‍රතාව සමනයට පහසුවෙන් ලභාදිය හැකි මංජුසාවකි

රෝගියෙකුට තමා නිරෝධායන සම්පූර්න කරන දින 14 වෙනුවෙන් සම්පූර්නයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන වෙනුවෙන් මෙය භාවිතා කල හැක

වැඩිදුර තොරතුරු සඳහා විමසන්න
සුජීවක අරණ ආයුර්වේද
0719321780

පවතින වසංගත තත්වය හමුවේ දිවයින පුරා ක්‍රියාත්මක වන ආයුර්වේද කොවිඩ් රෝග නිවාරන රෝහල් ජනතාවට සුවිශේශී සේවාවක් ලභාදෙමින් පව...
12/08/2021

පවතින වසංගත තත්වය හමුවේ දිවයින පුරා ක්‍රියාත්මක වන ආයුර්වේද කොවිඩ් රෝග නිවාරන රෝහල් ජනතාවට සුවිශේශී සේවාවක් ලභාදෙමින් පවතී.

නමුත් සීග්‍රයෙන් වැඩි වෙන රෝගී ප්‍රමානය හේතුවෙන් ලක්ශන තීවෘ නොවෙනතාක් සිදුකරන නිවෙස් නිරෝධායන ක්‍රියාවලියක් නව තත්වය යටතේ රට තුල ක්‍රියාත්මක වෙයි.

ආයුර්වේද දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක
නිවෙස් තුල හුදකලාව සිටින ඔබට වෛද්‍ය සහය උපදෙස් මෙන්ම නොමිලේ ඖශධ නිවෙසටම ලභාගත හැකි ක්‍රමවේදයක් මේ වන විට ආයුර්වේද ප්‍රජාසෞබ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා දැන් ක්‍රියාත්මකය

ඔබ එසේ නිවෙස් නිරෝධායනයට ලක්වූ රෝගියෙක්ද ආශ්‍රිතයකු ද වහාම ප්‍රදේශයට අදාල ආයුර්වේද ප්‍රජාසෞබ්‍ය වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ සහය ලභාගන්න රෝගය ත්‍රීව්‍රවීම් හා සංකූලතා සහිත වීම වලකාගැනීම සඳහා ආයුර්වේද සහය ලභාගන්න

සුජීවක අරණින් නිරෝගී දිවියක්

ගැස්ට්‍රයිටීස් වෙලාවට යෝගට් එකක් කෑවද අඩුවෙන්න හිතං? 🍨🍨=====================================සුජීවක අරණ ප්‍රතිකාර මධ්‍යස්...
26/07/2021

ගැස්ට්‍රයිටීස් වෙලාවට යෝගට් එකක් කෑවද අඩුවෙන්න හිතං? 🍨🍨
=====================================

සුජීවක අරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයදී අම්ලපිත්තය එහෙම නැත්තං ගැස්ට්‍රයිටිස් ප්‍රතිකාර වෙනුවෙන් යොමුවන අපේ රෝගීන්ගෙ, සුලභව හමුවෙන නිවරදි කරගත යුතු කරුනක් තමයි අද කෙටියෙං කතා කරන්න යන්නෙ.

ගැස්ට්‍රයිටිස් රෝගයේදී මතුවන ප්‍රධාන අපහසුතාවයක් තමයි, බඩපපුවෙ දැවිල්ල කියන්නෙ මේ අපහසුතාවය ඇත්තටම මේක දරාගෙන ඉන්න රෝගියාට දැනෙන්නෙ පපුව මැද දැවිලි ගතියකුයි.

මේ හේතුව නිසාම හුඟක් රෝගීන් මේ අවස්තාවට සීතල ගතියකිං යුතු ආහාරයක් පානයක් ගන්න සුලභව යොමු වෙනවා.

ඔය ආහාර පාන අතරින් බොහෝ අය යෝගට් එකක් කෑමට ගන්න පෙලබෙන අවස්තාව වැඩියි.

නමුත් මේ දැනගෙන හිටියද යෝගට් එකක් කාපු කෙනෙක්ට වෙන්නෙ රෝගය තව ටිකක් වැඩිපුර වැඩිවෙලා වේදනා විඳින්න වෙන එක කියලා😮😮😮

ඔව් ඒක තමයි හැබෑ කාරනය ගැස්ට්‍රයිටිස් රෝගාබාධය ට අපත්‍ය ආහාර වලට යෝගට් කියන ආහාරයත් අයිතියි.

හොඳයි ටිකක් සරලව අපි බලමු ඇයි ඒ කියලා.

මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගාවස්තාව ආයුර්වේද චිකිත්සාවෙදි හැඳින්වෙන්නෙ අම්ලපිත්තය රෝගය කියලා.

අම්ලපිත්තය රෝගයට නමේ හැටියටම ආම්ලික අහාර හොඳ නෑ ♨️♨️

සරලව කිව්වොත් අන්නාසි අච්චාරු විනාකිරි අමු අඹ බිලිං වගේ ආහාර මේ රෝගයට හොඳ නැත්තෙ ඔන්න ඔය කාරනාව නිසයි.

එතකොට කෙනෙක්ට කල්පනාවෙන්න පුලුවං ඉතිං යෝගට් වල කෝ එහෙම ආම්ලික ස්වභාවයක් කියලා.

ඔව් යෝගට් ආම්ලිකයි නමුත් එහෙම වෙන්නෙ පාකයට පස්සෙ.

මොකද්ද පාකය කියන්නෙ?

පාකය කියන්නෙ දෙයක් ආහාර ජීරනයට පසුව අවසන් වෙන්නෙ මොන ස්වරූපයෙන්ද කියන එකයි.

ඔයාලා දැකලා තියෙද යෝගට් එකක් පරන උනාම තද සැර ගන්ධයක් එක්ක ඇඹුල් රසට ආම්ලික ස්භාවය එක්ක තමයි නරක් වෙන්නෙ.

අපි ආහාරයට ගන්න යෝගට් එක උනත් ජීරන ක්‍රියාවලියට පස්සෙ ආම්ලික ස්භාවයෙන් තමයි ජීරන ඵලයක් විදිහට අවසන් වෙන්නෙ.

ඉතිං මේ හේතුව නිසාම අම්ල පිත්ත රෝගයට ආම්ලික ජීරනයක් සහිත යෝගට් හොඳ නෑ.❌❌

නොදන්න දෙයක් ගැන් දැනුවත් උනානං ලිපිය ශෙයාර් කරලා තව කෙනෙක් දැනුවත් කරන්න

== සුජීවක අරණින් නිරෝගී දිවියක් ==
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

සාර්තක ගැස්ට්‍රයිටිස් රෝග සුවය ඇතුලු කැඩුම් බිඳුම් ප්‍රතිකාර ආතරයිටිස් සුවය ආදී සර්වාංග රෝග ප්‍රතිකාර සඳහා පැවැත්වෙන සායන සිකුරාදා දින හැර සතියේ සෑම දිනකම පැවැත්වෙනවා ඇත

පැමිණීමට ප්‍රථම වේලාවක් වෙන්කර ගැනීමට කාරුනික වන්න

සුජීවක අරණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
හෝලික්‍රොස් විද්‍යාලය අසළ
ගම්පහ
📞📞📞 0719321780

20/12/2020

මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or i...

28/10/2020
🎭 බඩ පිපීම හෙවත් උදරස්ථිතිය 🎭 =================================සුජීවක අරණ ආයුර්වේදගම්පහ හෝලික්‍රොස් විද්‍යාලය අසල දුක.අං...
14/08/2020

🎭 බඩ පිපීම හෙවත් උදරස්ථිතිය 🎭
=================================

සුජීවක අරණ ආයුර්වේද
ගම්පහ හෝලික්‍රොස් විද්‍යාලය අසල
දුක.අං. ☎️☎️ 0719321780.

බඩපිපීම කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් . Flatulence නමිනුත් Bloating නමිනුත් අපි ඉංග්‍රීසි බසින් හදුන්වා දෙන්නේත් මෙයමයි.

😫 ආහාරයක් ගත් විගසම හෝ පසුව ආමාශ ප්‍රදේශයේ ඇතිවන පිරීමේ ස්වභාවය

😫 තද ගතිය

😫 ඉදිමීමේ ස්වභාවය

😫 සමහර විටක ආමාශ ප්‍රදේශයේ ඇතිවන සුළු නමුත් කල්පවතින වේදනාව

😫 ඔක්කාරය

😫 දැවිල්ල

😫 මුඛයෙන් හෝ අධෝ ප්‍රදේශයෙන් වාතය පිටවීම

😫 උගුරට ඒම මෙහි ප්‍රධාන ලක්ෂණ අතර වේ.

=================================

මෙයට බලපාන සමහර හේතු, හා අප එයින් මිදීමට ගතයුතු පියවර ආයුර්වේදාත්මක ඇසින් මොන ආකාරයේදැයි සලකා බලමු. .

1️⃣ මුඛය තුලින් වාතය ගිලීම එක් හේතුවකි. මේ නිසා ඉතා ඉක්මනින් ආහාර ගිලීම , කතාබහ කරමින් ආහාර ගිලීම , වාත බුබුළු ඇතුළත් කිසිම පැණි රසකාරක කෘතිම බීමක් නිතර පානය කිරීම , ආහාර ගන්නා අතර තුර වතුර හෝ කිසිදු පානයක් කිරීම , ආහාර නොවිකා ගිලීම යන මේවා බඩ පිපෙන අය විසින් නොකළ යුතුයි .

ආහාර ගත් විගස වතුර වැඩියෙන් බීමද හොද නැත. ඒ නිසා ආහාර ගෙන විනාඩි 20 ක් පමණ රැදී සිට වතුර ටිකක් පමණක් බීම කරන්න .

2️⃣ ආහාර ගත් විගස නෑම හෝ ඇග සේදීම , පිහිනීම , වතුරේ බැස සිටීමෙන් ද ආහාර ජීරණය වීමට බාධා පැමිණ බඩ පිපීම සිදුවේ. ඒ නිසා මේවා ද නොකළ යුතුයි .

3️⃣ ආහාර ගත් විගස කිසිදු වෙනත් ඉරියව්වකට මාරු නොවී බොහෝ වේලාවක් ඉදගෙන රාජකාරි කටයුතුවල නිරත වීමෙන්ද මේ තත්ත්වය ඇතිවේ. ඒ නිසා මෙවන් අය ඉදගැනීම, සිටගැනීම, මදක් ඇවිදීම යනාදී ලෙස වරින් වර තම ඉරියව් වෙනස් කළ යුතුය .

4️⃣ ආමාශයේ ඇතිවන අම්ලකාරී ස්වභාවය හා දැවිල්ල , ගැස්ට්‍රයිටිස් තත්ව , මළ බද්ධය, නිසාද බඩ පිපීම ඇතිවන නිසා ඒ රෝග තත්වයන්ට අදාළව ප්‍රතිකාර ගැනීම කරන්න. එසේම ඉතා ඇඹුල් කෑම , සැර කෑම , ලුණු සහිත කෑම මෙකී බඩ පිපීම ඇති අය නොගත යුතුයි.

5️⃣ අමු කොළ වර්ග , අමු ඇට වර්ග , අමු එළවළු , අමු සලාද වර්ග ආදිය නිතරම ගැනීම නිසා මේවා දිරවීමට ආමාශයේ බොහෝ වේලාවක් රැදී පැවතීම හේතුවෙන් ද බඩ පිපීම සිදුවේ . ඒ නිසා අමුවෙන් ගන්නේ නැතිව ඉහත කී සියල්ලක්ම උයාගත්, තම්බා ගත්, එළවළු , කොළ , සලාද ලෙස ආහාරයට එක්කර ගත යුතුයි . එසේම පිපුම්කාරක (ඊස්ට්) යෙදූ ආහාර , ඉතා තද , ඉතා වියළි, ඉතා රළු ආහාරද ගැනීම ද නොකළ යුතුයි .

කඩල , මුංඇට , කවිපි යන ඇට වර්ග තනිවම නොපිස නිවුඩු සහල් බත් සමග මිශ්‍ර කර පිස ගැනීම හොදය.. කලින් සකස් කළ ආහාර , මේද සහිත කෑම වර්ග ද හැකිතාක් සීමා කරන්න.

6️⃣ චුයින්ගම්, බුලත් විට ආදිය නිතරම හැපීම නිසාද මුඛයෙන් වාතය ගිලේ. ඒ වෙනුවට ඉගුරු පියල්ලක්, එනසාල් ගෙඩියක්, කුරුදු පොතු කෑල්ලක් සැපීම හොදයි.

7️⃣ මළ බද්ධය ඉවත් වීමෙන් ද බඩ පිපීම සුව වන නිසා ඒ සදහා වන ආහාර නිතරම ගත යුතුයි . එසේම හොදින් වතුර පානය කිරීම කළ යුතුයි . පැපොල්, යෝගට් , හාතාවාරිය , පලා වර්ග , කැකිරි, පිපිඣ්ඣා , නොපාහින ලද ආහාර , උළුහාල්, පිසින ලද ආහාර , ඉගුරු, අලුපුහුල්, කොමඩු , තක්කාලි , බෙරි වර්ගයේ පලතුරු , මෙන්ම අප විසින් ගත යුතුයි.

මේ දේවල් වලින් ඈත් වී සිටීම බඩ පිපීමට කළ හැකි හොදම විසදුම්ය. නමුත් නිතර නිතර බඩ පිපීම නිසා පීඩා විදින කෙනෙක් නම් ඔබ ඒ සදහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි . එසේම සුදුසු ඖෂධ හා ප්‍රතිකාර ගත යුතුයි

මේ සදහා අපට කලහැකි ආයුර්වේද ප්‍රතිකාර බොහොමයකි. නමුත් එක් එක් රෝගියාගේ ස්වභාවය , රෝගියාට ඇති අනෙකුත් අසනීප , වයස, තත්ත්වය , ආදිය සළකා බලා ප්‍රතිකාර කිරීම ඉතා සාර්ථක බැවින් වෛද්‍ය උපදෙස් මත ඒවා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි .

👪👪 සරල අත්බෙහෙතක් විදිහට සෑම රාත්‍රියකම උළුහාල් ඇට දහයක් හොඳින් පිරිනු වතුර වීදුරුවකට දමා රාත්‍රිය පෙඟෙන්නට හැර උදෑසනම හිස්බඩ එම වතුර වීදුරුව බීමත් පෙඟුනු උළුහාල් විකා කෑමෙන් ඔබේ අපහසුතාවය මඟ හැරවෙනු ඇත.

08/08/2020

Address

Gampaha
11000

Opening Hours

Monday 17:00 - 20:30
Tuesday 17:00 - 20:30
Wednesday 17:00 - 20:30
Thursday 17:00 - 20:30
Saturday 17:00 - 20:30
Sunday 09:00 - 17:00

Telephone

0719321780

Website

Alerts

Be the first to know and let us send you an email when සුජීවක අරණ - Sujeewaka Arana ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සුජීවක අරණ - Sujeewaka Arana ආයුර්වේද:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category