Laseth Lanka Ayurvedic Treatment Center

Laseth Lanka Ayurvedic Treatment Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laseth Lanka Ayurvedic Treatment Center, Medical Center, 112 Bandarawaththa, Gampaha.

31/12/2020

සුභ අලුත් අවුරුද්දක් වේවා.❤️❤️❤️🙏🙏✨✨✨
あけましておめでとうございます。⛩🎍🎍🎍
Wishing you a happy, healthy New Year.❤️❤️

ලාංකිකයන් “කුංකුම” නමින් හඳුන්වන “සැෆ්‍රොන්” (saffron )ආයුර්වේදයේ කුංකුමප්පු ලෙසද හදුන්වයි. මේ ඖෂධය ලොව මිළ අධිකම කුළුබඩ...
25/11/2019

ලාංකිකයන් “කුංකුම” නමින් හඳුන්වන “සැෆ්‍රොන්” (saffron )ආයුර්වේදයේ කුංකුමප්පු ලෙසද හදුන්වයි. මේ ඖෂධය ලොව මිළ අධිකම කුළුබඩුවයි. ආයුර්වේදවෛද්‍ය ක්‍රමය තුල කුංකුම යොදාගැනීම ශතක කීපයක සිට සිදුවන්නකි.
යුවතියන් වගේම ගර්භණී අවධියේ ඉන්න කාන්තාවන්ද දරුවන් ලස්සන වීම බලා පොරොත්තුවෙන් කුංකුම පානය කරයි. කුංකුම යනු ඒ තරම්ම ගුණ දෙන පානයකි.
කුංකුම සම පැහැපත් කරන රූපලාවණ්‍ය ඖෂධ අතර ප්‍රධාන තැනක් ගනී.ඒ ඇයි දැයි ඔබ දන්නවාද ?

කුංකුම මගින් සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් කර සමට සුසිනිදු බවක් එක් කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය අන්තර්ගත වන නිසා ඔබගේ සම රැලී වැටීම අවම කර ලස්සන පෙනුමක් ගෙන දෙයි. කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.

ගොඩක් දෙනෙක් කුංකුම පානය කරනුයේ ලස්සන වීම සදහාය. ඇත්තටම කුංකුම මගින් ඔබගේ සම පැහැපත් කරනවා පමනක් නොව සමේ තියෙන කුරුළෑ හා ලප කැළැල් ඉවත් කර දිදුලන සමක් ඇතිකරයි. විශේෂයෙන්ම කුංකුම මගින් ඔබට ලැබෙනුයේ තාවකාලීක පැහැපත් බවක්නොව.සැබෑවන් ලස්සනකි.

කුංකුම පානය කරනුයේ කෙසේද?
කුංකුම රේණු 2ක් 3ක් පමන වතුර හෝ එල කිරි වීදුරුවකට එකතු කර ගන්න එය ලස්සන කහ පැහැයක් ඇති වනු දැකිය හැකියි.එවිට පානය කරන්න.

ඒ වගේම ආලේපනයක් විදිහටත් සකස් කර ගත හැකියි. කුංකුම රේණු අවශ්‍ය ප්‍රමාණයට රැගෙන හොඳින් අඹරා ගන්න. පසුව එය යෝගට් හෝ කෝමාරිකා සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 20 කට පමණ පසු සෝදා ඉවත් කරන්න. සතියකට දෙවරක් පමණ මේම
සත්කාරය සිදු කරන්න. මෙමගින්ඔබේ සම පිරිසිදු වී අවපැහැය ඉවත් වීයයි. සම දීප්තිමත් වී ලස්සන වේ.

සම ලස්සන කර ගන්නවට අතමරව කුංකුමවල තවත් ගුණ රැසක් අන්තර්ගත වේ. කුංකුම යනු විෂබීජ නාශකයක්කි ආහාර ජීර්ණයද පහසු කරයි. ආහාර ජීර්ණය නොවන අවස්ථාවකදී උණුවතුර වීදුරුවකට කුංකුම රේණු 2ක් 3ක් දමා පානය කරන්න.

මේවා හෘදය සහ රුධිරවාහිනී පද්ධතිය පවිත්‍ර කිරීම සඳහා ඉතා හොඳ ඖෂධීය ගුණයකින් යුක්තය.
මතක ශක්තිය වැඩි කිරීම,
ලිංගික හැකියාවන් වර්ධනය කිරීම,
ප්‍රතිශක්තිය වැඩි කිරීම ආදී වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා ප්‍රයෝජනවත් බව තහවුරු කරගෙන තිබේ.ඒ නිසාම
අතීසාරය, සරම්ප වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සදහා ඉතා අනර්ඝ ඖෂධීය පානයක් ලෙස කුංකුම යොදා ගනී.
පිළිකා නිශේධනය කිරීමේ හැකියාවක්ද ඇත.
ඒපමක් නොව මානසික අවපීඩනය අඩු කිරීමේ හැකියාවක්ද ඇත.ස්වසන ආබාධ, කැස්ස, සෙම්ප්‍රත්ෂ්‍යාව, කහ උණ, ඇදුම රෝග ආදී රෝග රැසකට වටිනා ප්‍රතිකාරක් ලෙසද ගැනිය හැක

කුංකුම රේණුවල අඩංගු කහ පැහැය වර්ණක සඳහා ද ,ආහාර වර්ණ ගැන්වීම සඳහාද ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සඳහාද යොදාගනු ලැබේ. එහි රත්රන් පැහැයට හුරු කහ පැහැය ආහාර වලට ප්‍රිය උපදවනසුළු අලංකාර බවක් එක්කරන අතරම එහි විශේෂිත වූ සුවඳ සහ රසය ආහාර වලට වැඩි ප්‍රියතාවයක් එක් කරනු ලබයි.ජපානයේද බත් වලට කුංකුම යෙදීම බහුලව දැකිය හැකිය.
මේ ආකාරයට කුංකුම හෙවත් Saffron යනු ඖෂධීයව ඉතා වටිනා කමක් දක්වන ඖෂධකි.ඉතින් ඔබත් හැකි අයුරින් මෙම වටිනා ඖෂධය භාවිතය අමතක නොකරන්න.
ජේ. අයි රුවන්තී ජයරත්න (B.A.M.S)
වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යයතනය
කැලණිය විශ්ව විද්‍යලය

30/12/2018
පාවඩ උඩින් නුඹ වඩිනා         අපූරැවදැක කදුලින් පිරැනයි මගේ දෑස් දෙකරන්දෝලියේ නුඹ නැලවී වඩින        විටසාදු හඩින් දෙදරයි ...
29/08/2018

පාවඩ උඩින් නුඹ වඩිනා අපූරැව
දැක කදුලින් පිරැනයි මගේ දෑස් දෙක
රන්දෝලියේ නුඹ නැලවී වඩින විට
සාදු හඩින් දෙදරයි මහනුවර මග

වෙද සෙවනේ දරැවෙකු සේ වැඩෙන නුඹ
කිසි දිනකවත් දුක් විදිනව දුටුවෙ නැත
දොලොස් වතාවෙත් කරඩුව වඩම්මන
නැදුම් ගමුවෙ පිංබර පුතු නොවෙද නුඹ

පෙරහැර නිම වෙලා නුඹ ආපිටට එන
මග බලමින් උන්නයි වෙද බිමෙහි සිට
නුඹ බැලුමට ⁣පෙරැම්පුරනා දෙනෙත් මැද
මටත් පිනක් තිබුනයි නුඹ දකින්නට

රැවන්තී ජයරත්න

13/08/2018

Found on Google from spice.kumanichi.com

🍀🌿🌱🌱☘️🌴🍀🌿🌿🌱🌱🌱👏🌿🍀🍃🍃🍃☘️🌿
11/06/2018

🍀🌿🌱🌱☘️🌴🍀🌿🌿🌱🌱🌱👏🌿🍀🍃🍃🍃☘️🌿

Address

112 Bandarawaththa
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Laseth Lanka Ayurvedic Treatment Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category