Comfy products

Comfy products Hand made clothing sripe ladies hand bag, carpet designs ,sheet cover, all baby items & male female all crochet items This product can nerves therapy

07/10/2025

පොකිරිස්සන් හැදෙනකොට ... 🦐🦐🦐
ඒ කියන්නෙ දවසින් දවස පොකිරිස්සා ලොකු වෙනකොට ඊට සමානුපාතිකව ඌගෙ කට්ට ලොකුවට හැදෙන්නෙ නැහැ. දවසින් දවස මස් ලොකු වුණා ට මුලින් ලැබුණ ප්‍රමාණයටම තමයි කට්ට තියෙන්නේ.
ඒ කට්ට ලොකු වෙන්නෙ නැහැ.
මේ කට්ට ඇතුලත තමයි හෙමින් හෙමින් පොකිරිස්සට හැදෙන්න වෙන්නේ. කොහොම වුණත් මේ කටුව ඇතුළේ පොකිරිස්ස දවසින් දවස ලොකු වෙනවා.

ඉතිං පොකිරිස්ස මොකද කරන්නේ...
කාලයක් මේ කට්ට ඇතුලේ හිර වෙලා ටිකෙන් ටික ලොකු වෙනවා. මස් ටිකින් ටික වැඩෙනකොට පොකිරිස්සාට කටුව ඇතුලෙ ලොකු වේඳනාවක් දැනෙනවා. කොහොම හරි අමාරුවෙන් පොකිරිස්සා ඉවසගෙන ඉන්නවා.

ඒත් එක කාලයක් එනවා මේ පීඩනය දරාගෙන බැරි... අන්න ඒ වෙලාවට... මේ පොකිරිස්සා හරි පුදුම වැඩක් කරනවා. ඒක ලොකු අවධානම් සහගත වැඩක්. තමන්ට තියෙන ආරක්ෂිතම - වටිනාම අවයවය වුණ මේ ශක්තිමත් කටුව ගළවලා අයින් කරනවා. කොච්චර වටිනා දෙයක් වුණත් පොකිරිස්සා තමන්ගෙ ආරක්ෂාවට තියෙන වටිනාම වස්තුව වුණ මේ කට්ට ගලවල අයින් කරනවා.

මේක ලොකු ජීවත අවධානමක් තියෙන වැඩක්. මොකද මේ කටුව නිසා තමයි ඌව බාහිර පරිසරයෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ කටුව නැති වුණොත් අනිත් මාළුවෝ මෙ නිසා ගොදුරු කර ගන්න පුළුවන්. තමන්ගෙ ජීවිතයම වුණත් නැති වෙන්න පුළුවන්.

ඊට පස්සෙ ඉතිං මේ පොකිරිස්සා මොකද කරන්නේ... ගලක් යටට ගිහින් කාලයක් හැංගිලා ඉන්නවා.
ඇයි ඒ... කට්ට නැති වුණොත් ආයෙත් මාලුන්‍ට අහු වෙලා විනාශ වෙයි කියලා භයට. ඒ කියන්නේ තමන් ගත කරපු සාමාන්‍ය ජීවිතය අයින් කරනවා. සාමාන්‍ය ලෝකයෙන් අයින් වෙනවා. ලොකු කැප කිරීමක් කරනවා.

ඔන්න ඔහොම ටික කාලයක් ඉන්න කොට ආයෙත් අලුතින් කට්ට හැදෙන්න පටන් ගන්නවා... දැන් ඔන්න පොකිරිස්සා අර ගලෙන් එලියට එනවා. දැන් ආරක්ෂිතයි. පරණ ජීවිතයම ගත කරනවා.

ඒත් මේ කට්ට ඇතුලෙ ටික කාලයක් ඉන්නකොට පොකිරිස්සා ආයෙත් ටිකෙන් ටික ලොකු වෙනවා. ඒත් කලින් වගේමයි අර කටුව ලොකු වෙන්නේ නැහැ. අමාරුවෙන් ආයෙත් කට්ට ඇතුලෙ හිර වෙලා වැඩෙන මේ පොකිරිස්සා ආයෙත් කලින් විදිහටම...
කට්ට ගලවලා ගලක් ඇතුලට රිංගනවා.

ඔන්න ඔහොම තමයි වරින් වර පොකිරිස්ස හැදෙන්නේ. ජීවිත කාලෙම මේ විදිහට මේ සිදුවීම කිහිප වතාවක් සිද්ධ වෙනවා.

එයා ලොකු පීඩනයක් දරා ගන්නවා.
ඒ පීඩනය තමන් විසින්ම ඉවසනවා.
ඊට පස්සෙ ඌ විසින්ම තමන්ගෙ ආරක්ෂාවට තියෙන කටුව ගලවලා ලොකු අවධානමක් ගන්නවා.
හැබැයි ඒ අවධානම වෙනුවෙන් පොකිරිස්සා කරන්නෙ මොකක්ද.
තමන්ට තිබුණ සාමාන්‍ය ජීවිතය අත් හරිනවා.
අත් හැරලා ගලක් ඇතුලට ගිහින් හිර වෙලා ජීවත් වෙනවා.
ආයෙත් කටුව හැදුනාම එලියට එනවා.

ඔන්න ඔහොම තමයි ...
මේ ලෝකයෙ ගොඩාක් සාමාන්‍ය මිනිස්සු...
ඒ කියන්නේ අර සමහර පොකිරිස්සාන් වගෙ
කටුව ඇතුළට හිර වෙලා... කටුව ගලවන අවධානම ගන්න බැරුව ...මේ මගෙ ලැබීම - මේ මගෙ සීමාව - මේ මගෙ කර්මය ... කියලා ... තමන් විසින්ම තමන්ට හේතු හදාගෙන ... එහෙම්මම කටුව ඇතුලෙ මැරිලා යනවා.

නමුත්... මේ ලොකේ නැගිටපු ගොඩාක් මිනිස්සු ඊට වඩා හාත් පසින්ම වෙනස්... ඒ අය අවබෝධ කර ගන්නවා...අපි හැමෝවම ගොඩ නඟන්නේ අපිට වටෙන් එල්ල වෙන පීඩනයම තමයි.... කීයන කාරණාව...

සමහර වෙලාවට අපි වටේට තියෙන වටිනාම දේවල් අපිට අත් හරින්න වෙනවා.
ඒක ගොඩාක් ලොකු අවධානමක් වෙන්න පුළුවන්...
ඒ විතරක් නෙවෙයි .... ඒ අත් හැරීම තුළ ජීවිතයම වුණත් නැති වෙන්න පුළුවන් කියලා ඒ මිනිස්සු තේරුම් ගන්නව.... නමුත් පීඩන මැද්දෙ හිර වෙලා ... තව දුරටත් මැරිලා යන්න බැරි නිසා ඒ මිනිස්සු මොකද කරන්නේ... තමන් කොච්චර ආදරය කරත්... තමන්ට කොච්චර වටිනවා වුණත්... අන්න ඒ සියල්ලම අත් හරිනවා... අවධානම ගන්නවා....

පොකිරිස්සා තමන්ට තියෙන එකම ආරක්ෂාව වුණ කටුව ගලවලා ඒ අවධානම නොගත්තොත් කවදාවත් පොකිරිස්සෙක්ට ලොකු වෙන්න බැහැ.

අන්න ඒ වගෙම තමයි ආයෙත් අපෙ ජීවිතය අලුතින් ගොඩ නඟා ගන්න නම්
අපිටත් මේ පොකිරිස්සා වගේම වෙන්න වෙනවා.

කොච්චර වටිනවා වුණත් කටුව ගලවන්න වෙනවා.
අවධානම ගන්නම වෙනවා. ආයෙමත් අලුතින් කටුව හැදෙනකම්....
ගලක් ඇතුලට ගිහින් හැංගෙන්න වෙනවා.

18/07/2025
Happy customer ❤️❤️❤️❤️
16/04/2025

Happy customer ❤️❤️❤️❤️

Ladies ❤️❤️❤️❤️Special for you 🥰🥰🥰🥰
16/04/2025

Ladies ❤️❤️❤️❤️Special for you 🥰🥰🥰🥰

මගේ අලුත්ම නිර්මාණය 🥰🥰🥰🥰
04/04/2025

මගේ අලුත්ම නිර්මාණය 🥰🥰🥰🥰

Happy customer  ❤️❤️❤️❤️
02/04/2025

Happy customer ❤️❤️❤️❤️

පාසල් යන දරුවන්ට හා ඔෆිස් යන කාන්තා ඔබ වෙනුවෙන්ම කල  නිර්මාණයක් 🥰🥰🥰🥰
30/03/2025

පාසල් යන දරුවන්ට හා ඔෆිස් යන කාන්තා ඔබ වෙනුවෙන්ම කල නිර්මාණයක් 🥰🥰🥰🥰

Ladies ❤️❤️❤️❤️, this is  for you.3650/=
23/02/2025

Ladies ❤️❤️❤️❤️, this is for you.
3650/=

Address

Ganemulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94714115874

Alerts

Be the first to know and let us send you an email when Comfy products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Comfy products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram