HarithaAyur Healthcare

HarithaAyur Healthcare Enhancing quality of life
with treatments , which always yield side benefits, not side effects �

ඔබ තුල ඇති අන්ධකාරය නසන ආලෝකය ඔබම වන්න.. 🩷පින්බර ඉල් පොහොය දිනයක් වේවා.. - Harithayur Healthcare-
05/11/2025

ඔබ තුල ඇති අන්ධකාරය නසන ආලෝකය ඔබම වන්න.. 🩷

පින්බර ඉල් පොහොය දිනයක් වේවා..

- Harithayur Healthcare-

☘️අපේ ශරීරයේ acidity එහෙම නැත්තන් ආම්ලිකතාව වැඩිවෙනව කියන එක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පැත්තෙන් ගත්තොත් කොයි වගෙද ?☘️ආම්ලික...
14/10/2025

☘️අපේ ශරීරයේ acidity එහෙම නැත්තන් ආම්ලිකතාව වැඩිවෙනව කියන එක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පැත්තෙන් ගත්තොත් කොයි වගෙද ?

☘️ආම්ලික ස්වභාවය කියන එක එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නෙ පිත් ස්වභාවය. ශරීරයේ උෂ්ණාධික බව.

🦋එතකොට අපේ ආහාර ජීර්ණයේ ( අග්නියේ - digestive fire ) එකෙ එන ප්‍රශ්න. ඒ කියන්නෙ ආහාර ඉතා ඉක්මනින් දිරවීම හෝ අඩුවෙන් දිරවීම වගෙ ප්‍රශ්න

🦋ආහාර දිරවීමෙන් පසු බාගෙට දිරවීමෙන් පසු සෑහෙන විවිධ විෂ වර්ග ( ආම විෂ වගෙ දේවල්)
මේ දේවල් වලින් අපේ අම්ල භශ්ම සමතුලිතතාවට හානි එනවා.

🚫ශරීරයේ තිබිය යුතු බැලන්ස් එක නැති වෙනවා.

වා පිත් සෙම් කියන තුන ගත්තොත්..

🦀වාතය අසමතුලිත වීමෙන්-

ආම්ලික විදියට උගුරට එන එක, ( acid reflux)
නිතරම බඩ පුරවා දැමීම , ආහාර ජීර්ණය හරියට නොවෙන එක. නිතර අධෝ වාතය පිට වීම වගෙ ලක්ෂණත්

🦀පිත අසමතුලිත වීමෙන්-

අම්ල ශ්‍රාවය වැඩිවීම නිසා hyperacidity ( රුධිරයේ අධි ආම්ලිකතාව) සමේ ඇතිවන ආසාදන තත්ව කලු පැහැ වීම් උෂ්ණාධික බව පිච්චෙන සුලු දැවිල්ල ස්වභාවය මුත්‍රා දැවිල්ල

🦀සෙම අසමතුලිතත වීමෙන් -

අම්ල ස්වභාවය ඉතා අඩු කරලා , අම්ල ස්වභාවය උදාසීන කිරීම නිසා ආහාර අජීර්ණ තත්ව, මල පහ සමග සීදම් පිටවීම වගෙ තත්ව එන්න පුලුවන් කම තියනවා.

ඇසිඩිටි ගැන කතා කරන නිසා මේ විදියට උෂ්ණාධික ආහර වර්ග , මානසික ආතතිය, උෂ්ණාධික ශරීරයක් කාලයක් තිස්සෙ පවතින එකෙන් අපේ ශරීරය අසමතුලිත වීම මගින් මේ කියන ලෙඩ පහුකාලිනව එන්න පුලුවන් කම තියනවා.

🚫ඔස්ටියෝ පොරෝසිස් තත්ව
🚫ආතරයිටිස් තත්ව
🚫වකුගඩු වල ගල් ඇතිවීම
🚫හදවතේ ඇතිවන නාල අවහිරතා..

ඉතින් මේ වගෙ තත්ව තියනවා නම් ඒ සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තියනවා. තමන් ඉන්න මට්ටමෙන් තව ඉස්සරහට රෝගය යන්න නොදී දැනගත්ත ගමන් ප්‍රතිකාර වලට යොමුවෙන එකෙන් උඩ කීව රෝග තත්ව වලින් වැලකෙන්න පුලුවන් කම තියනවා

සටහන

Dr. Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya )
HarithaAyur Healthcare
Ganemulla
Contact via whatsapp 0703482814

තිබුණට වඩා හොඳ වේගෙන යන හැම step එකක්ම වැදගත්.. 🩵🩵🩵🩵තිබුනටත් වඩා හොඳ Skin එකක් ලබාදෙන එක තමා අරමුණ 🥰
14/10/2025

තිබුණට වඩා හොඳ වේගෙන යන හැම step එකක්ම වැදගත්..

🩵🩵🩵🩵

තිබුනටත් වඩා හොඳ Skin එකක් ලබාදෙන එක තමා අරමුණ 🥰

සන්ධි අමාරුයි දණිස් කැක්කුමයිද - කමු සාරණ 💜️අපි  හැමවෙලේම කන පලාවර්ග ගොඩට මේක එකතුවෙන්නෙ නෑ.  ඒ උනත් අපි අවට බැලුවොත් මේ...
15/09/2025

සන්ධි අමාරුයි දණිස් කැක්කුමයිද - කමු සාරණ 💜️

අපි හැමවෙලේම කන පලාවර්ග ගොඩට මේක එකතුවෙන්නෙ නෑ. ඒ උනත් අපි අවට බැලුවොත් මේ සාරණ පැල කැලෑවට වගෙ හැදිලත් තියනවා ..

ඔයාලා ඕන තරම් දැකලා ඇති..

සාරණ කන්න කැමති අයවගෙම අකැමැති අයත් ඉන්නවා..
ඉතින් බෙහෙත් වගෙ හරි සාරණ ටිකක් කන්න ඕන මෙන්න මේ හින්දා

සාරණ වලට පුළුවන් අපේ වකුගඩු මුත්‍රා මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය නීරෝගීව තියාගන්න
ඒවගේම තමයි සාරණවලට පුළුවන් ඒකෙ තියෙන මුත්‍රකාරක හැකියාව හින්දා අපේ ශරීරයේ තියෙන ඉදිමුම් වර්ග අඩු කරන්න.
ඒ වගේම අපේ අක්මාව ආශ්‍රිතව විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියටත් දායක වෙනවා.
අක්මාවේ තෙල් තැන්පත් වීම එක ඇතිවන ෆැටී ලිවර් රෝගීතත්ත්වයේදී නිතර කෑමට එකතු කරගන්න පුළුවන් ශාකයක් තමයි සාරන කියලා කියන්නේ

සාරනවල විටමින් ඒ බහුලව තියෙනවා. ඒ නිසා අපේ ඇස් වල පෙනීම වර්ධනය කරන්න, ඇස් වල පෙනීම
තවදුරටත් හොදින් පවත්වාගෙන යන්න සාරන කියන්නේ හොඳ ඖෂධයක්.

ආහාර මාර්ගයේ ඇතිවන ආහාර දිරවීමේ අපහසුතා ඇතුළු බොහොමයක් රෝග තත්ත්ව වලට සරණ ආහාරයට ගන්න එකෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

විශේෂයෙන් හන්දි අමාරු කාටි ලේජ ගෙවී යාම් වගේ රෝග තත්ත්ව තියෙන අයට නිතර ආහාරයට ගන්නෙසුදුසු ඖෂධීය පලා වර්ගයක් තමයි සාරණ කියලා කියන්නේ.

කොළපාට සාරන එක වගේම පිට සුදු සාරණ , කඳ රතු පැහැති රතුපාට සාරණ කියන වර්ග අපි අවටින් දැක බලා ගන්න පුළුවන්කමතියෙනවා.
මේ වගේ ගුණ බොහොමයක් දුරට ඒක හා සමානයි.
සාමාන්‍යයෙන් ඖෂධ සඳහා පාවිච්චි කරන්නේ හිත සුදු සාරන කියන සාරණ වර්ගය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ පුනර්ණවා කියන නමින් සාරණ ශාකය හඳුන්වනවා.
ගොඩක් දෙනෙක් නොදැනුවත් උනාට ඖෂධ නිෂ්පාදනයේදී මේ සාරණ ශාකයම බහුලව යොදා ගනු ලබනවා.
ඉතිං අපි අවටට තියන බෙහෙත් වගේ ආහාර වර්ග තමයි මේවා..

සාරන හදනකොට තෙල් දාලා හරි, කිරට හරි..
කොස් ඇට වගේ දෙයක් එක්ක හරි , පරිප්පු එක්ක හරි හදාගත්‍තම කිසිම ගැටලුවක් නැතුව රසවත්ව ආහාරයට ගන්න පුළුවන් කම තියනවා...

පින්තූරය

සාරණ උයන්න කලින් ගත්ත එකක්. 💜️💜️💜️

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය)

අපේ ඇස් නීරෝගීද දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක්..1 . ඇස් පැහදිලි ස්වභාවයක් ගන්න ඕන. අපි දෙයක් දිහා බලන කොට ඇස්වල කදුලු ගතියක...
29/08/2025

අපේ ඇස් නීරෝගීද දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක්..

1 . ඇස් පැහදිලි ස්වභාවයක් ගන්න ඕන. අපි දෙයක් දිහා බලන කොට ඇස්වල කදුලු ගතියක් , බර ගතියක් හරියට වලාකුලු ස්වභාවයක් වගෙ එකක් තියනවා නම් ඒක නීරෝගී ඇහැක් නෙවෙයි.
( සෙම් රෝග තියන අයගෙ ඇස් වල බර ගතිය වලාකුළු ස්වභාවය නිතරම වගේ තියනවා.. )

2. ඇස් වල රතු පැහැ ස්වභාවය..සමහරවිට ඇස් විඩාබර උනාමත් මේ වගෙ වෙන්න පුළුවන් ..සමහර අයගෙ උපතින්ම මේ වගෙ..එහෙම නොවී හදිස්සියෙ මේ වගෙ වෙලා නම් ඒක නීරෝගී ලක්ෂණයක් නෙවෙයි.

3. අපේ ඇහේ සුදු පාට කොටසෙ තුන්වෙනි රූපයේ වගෙ රුධිර කේශ නාලිකා ඉල්පිලා පේනවා නම් ඒකත් නීරොගි ඇහක ලක්ෂණයක් නෙවෙයි.. සමහර අයගෙ ඇස් වල පීඩනය ( eye pressure එක ) වැඩි උනාමත් මෙහෙම වෙනවා. ඒවගෙම උෂ්ණාධික ශරීර තියන අයගෙ ඇස් වල පිත ස්වභාවය වැඩි උනාම මෙහෙම වෙන්න පුළුවන් .

4. ඇස්වල නිතර කදුලු පිරීම හෝ ඉතා වියලිව තිබීම..
අපේඇස් වලට හුලං වැදුනම වියලි ගතියක් එන්නෙ.ඒක ඇහට අමාරුයි .සමහර අයගෙ ඇස් ඒ වගේ වියලෙනවා. කදුලු ග්‍රන්ථි වියලිලා වගෙ.. සමහර අයගෙ අධිකව තෙත ගතියයි.. ඒකත් අපහසු යි.පීනස තත්ව තියන අයගෙ ඇස් වල තෙත ස්වභාවය කදුලු ගලන එක වැඩි. උෂ්ණාධික අයගෙ ඇස් වියලි සහ දැවිල්ල ස්වභාවය ගන්න එක වැඩියි..

5. අපි දෙයක් දිහා බලනකොට අපේ අක්ෂි කාචය සහ ඒ ඉස්සරහින් යම් යම් දේවල් පාවෙනවා වගෙ පේන එකත් හොඳ ලක්ෂණයක් නෙවෙයි.. අපේ දෘෂ්ටිය පැහදිලි එකක් වෙන්න ඕන. මේ වගෙ ලක්ෂණ ය්ක් තියනවා නම් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න...

ඇස් කියන්නෙ ආරක්ෂා කරගන්න ඕන දෙයක්..
විවිධ ලෙඩ නිසා ඇස් වලට හානියක් වෙනවා නම් වගේම අපේ හැසිරීම් රටා නිසා ඇස් වලට හානිවෙනවා නම් ඒ දේවල් වලින් වැලකෙන්න සහ ප්‍රතිකාර වලට යොමුවෙන්න අමතක කරන්න එපා..

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය)

Address

Kaluwala Road
Ganemulla

Opening Hours

Tuesday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 09:00 - 12:00
18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when HarithaAyur Healthcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram