Dr . Dilini Senevirathne - Homoeopathic Consultant

Dr . Dilini Senevirathne - Homoeopathic Consultant Experienced and qualified graduated Homoeopathy doctor FamCare Homoeopathy Medical Center
Mawanella
Polonnaruwa (Jayanthipura)
Gampola ( Gelioya)

මේ ලෝක පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ මාසයයි...
23/10/2025

මේ ලෝක පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ මාසයයි...

කොලෙස්ටරෝල් ඇත්තටම භයානකද? කොලෙස්ටරෝල් කියන වචනෙට අපි මෙච්චර බය ඇයි? . ඒ බය ඇත්තටම සාධාරණයිද?මොනවද මේ කොලෙස්ටරෝල් කියන්න...
22/10/2025

කොලෙස්ටරෝල් ඇත්තටම භයානකද?

කොලෙස්ටරෝල් කියන වචනෙට අපි මෙච්චර බය ඇයි? . ඒ බය ඇත්තටම සාධාරණයිද?

මොනවද මේ කොලෙස්ටරෝල් කියන්නේ?
පොදුවේ අපේ ශරීරය තුල පවතින සියළුම මේදය ලිපිඩ ලෙස හඳුනවනවා. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි ඇලෙනසුළු සංයෝග විදිහට මේවා පවතිනව. ශරීරය තුල ඇති මේදය නැතිනම් මේ කියන ලිපිඩ විවිධාකාරයෙන් පැවතුනත්, ප්‍රධාන ආකාර 02යි
* කොලෙස්ටරෝල් (cholesterol)
* ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride - TGL)

**කොලෙස්ටරෝල්
මිනිසා ඇතුලු සියලුම සත්ව ප්‍රජාවගේ ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන, ඒ වගේම සතුන් තුල පමණක් දකින්න පුළුවන් මේද ආකාරයක් විදිහට කොලෙස්ටරෝල් හඳුන්වන්නවා.
1. ස්නායු පටකවල තැනුම් ඒකකයක් ලෙස
- මිනිස් මොලයෙන් 75% ක පමණ ප්‍රමාණයක් කොලෙස්ටරෝල් වලින් නිර්මාණවී ඇත..
2. ලිංගික හෝමෝන අතුළු හොමෝන නිපදවීමට
- ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් වගේ හෝමෝන වර්ග රාශියක නිශ්පාදනයට කොලෙස්ටරෝල් අනිවාර්ය සාධකයක් වේ.
3. විටමින් D නිපදවීමට
- හිරු එළියට නිරාවරණය වීම මඟින් හමේ විටමින් D නිපදවෙන ක්‍රියාවලියටත් කොලෙස්ටරෝල් අවශ්‍ය වේ
4. පිත නිපදවීමට
5. සෛලවල පිටත ආවරණය එහෙමත් නැතිනම් සෛල බිත්තියේ තැනුම් ඒකකයක් ලෙස
6. විනාශ වූ හෝ හානිවූ මොලයේ සෛල සහ ස්නායු සෛල නැවත නිපදවීමට

අපේ ශරීරයට උවමනා කරන සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් 75% - 80% ආසන්න ප්‍රමාණයක් අක්මාව මඟින් නිපදවනවා. ඉතිරි 25% - 20% පමණ ප්‍රමාණය ලබාගන්නේ අප ගන්නා ආහාර වලින්

මෙම කොලෙස්ටරෝල් ජලයේ හෝ රුධිරයේ දියවෙන්නේ නෑ. මේ නිසාවෙන් ශරීරය පුරා කොලෙස්ටරෝල් බෙදාහැරීම සඳහා වාහකයක් අවශ්‍ය වෙනවා. මේ වාහකය විදිහට ක්‍රියාකරන්නේ "ලිපොප්‍රෝටීන" නම් ප්‍රෝටීන විශේෂයක්. මෙම වාහක ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට අයත්.
1. **HDL** - High-Density Lipoprotein (හයි ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)
2. **LDL** - Low-Density Lipoprotein (ලෝ ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)
3. **VLDL** - Very-Low-Density Lipoprotein (වෙරි ලෝ ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)

මෙම HDL මඟින් සිදුවෙන්නේ ශරීරය පුරා ඇති අතිරේක කොලෙස්ටරෝල් ඉවත් කිරීම සදහා අක්මාව වෙත ගෙන‍යෑමේ ක්‍රියාවලිය සිදු කරන අතර LDL මඟින් සිදුවන්නේ අක්මාවේ ඇති කොලෙස්ටරෝල් ශරීරය පුරා ඇති අවයව වලට ගෙනයෑමේ ක්‍රියාවලියයි. VLDL මගින් ට්‍රියිග්ලිසරයිඩ අක්මාවේ සිට ශරීරය පුරා රැගෙන යයි.

**ට්‍රයිග්ලිසරයිඩ්
මූලික වශයෙන්ම ශරීරයට අවශ්‍ය කරන ශක්තිය අදාල අවයව කරා ප්‍රවාහනය කරන ආකාරයක් ලෙසටත්, අතිරික්ත ශක්තිය ගබඩා කිරිමට යොදාගන්නා මේද ආකාරයක් ලෙසටත් ට්‍රයිග්ලිසරයිඩ හඳුන්වනු ලබනවා.

**අපි තරබාරුකම, ස්ථූලතාව වගේ නම්වලින් හඳුන්වන ශරීරයේ මහත වැඩිවීමට බලපාන මේද සෛලවල තැන්පත් වෙන්නේ මේ කියන ට්‍රයිග්ලිසරයිඩ් තමයි. ට්‍රයිග්ලිසරයිඩ වල ප්‍රධාන වහකයා විදිහට ක්‍රියාකරන්නේ ULDL (Ultra-Low-Density Lipoprotein) කියන ලිපොප්‍රෝටීනය. VLDL මඟිනුත් මෙම වාහක ක්‍රියාවලිය යම් තරමකින් සිදුවෙනවා.

ලිපිඩ වර්ණාවලිය / ලිපිඩ පැතිකඩ (Lipid Profile)

අපේ රුධිරයේ අඩංගු මේද හෙවත් ලිපිඩ ප්‍රමාණය පිළිබඳව විමසා බැලෙන බොහොම බහුලව භාවිතාවෙන පරීක්ෂණය තමා ලිපිඩ් ප්‍රොෆයිල් එහෙම නැතිනම් ලිපිඩ පැතිකඩ. මෙම පරීක්ෂාවේදී මූලිකව අංග පහක් පිළිබඳ දත්ත අපට ලබාදෙනවා.

* සම්පූර්ණ කොලෙස්ටරොල් (Total cholesterol)
* එච්.ඩී.එල් (HDL)
* එල්.ඩී.එල්. (LDL)
* වී.එල්.ඩී.එල් (VLDL)
* ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides)

ලිපිඩ පැතිකඩ පරීක්ෂාව මේ වනවිට බහුලව භාවිතාවෙන, ගොඩ දෙනෙක් දන්නා රුධිර පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් සිදුවෙන දේ තමා HDL කොලෙස්ටරෝල් "හොඳ කොලෙස්ටරෝල්" ලෙසටත්, LDL කොලෙස්ටරෝල් "නරක කොලෙස්ටරෝල්" ලෙසටත් නම් කිරීම. එතකොට පොදු මතය වෙන්නෙ HDL වැඩිවීම හොඳයි සහ LDL වැඩිවීම නරකයි කියන එක.

මේ හේතුව නිසාම ලිපිඩ පැතිකඩ වාර්තාවේ "Total cholesterol" සහ "LDL" කොටස් දෙකට තමා අපේ වැඩි අවධානය යොමුවෙන්නේ. මේ දෙකේ අගයයන් නියමිත ප්‍රශස්ථ අගයන්ට වඩා වැඩි උනෝතින් ඔන්න ඉහමොළ රත් වෙන්න ගන්නවා. මෙයට හේතුව කොලෙස්ටරෝල් නිසා හදවත් රෝග ඇතිවී හදිසි මරණයට පත්වන බවට බොහෝ වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය ප්‍රජාව අතරද කිඳා බැස ඇති විශ්වාසය තුලින් ඇතිවන බිය සහ සාංකාව.

**මෙම විශ්වාසයට පදනම වැටෙන්නේ 50 දශකයේ ඇමරිකානු පර්යේෂකයකු වූ ආචාර්ය ඇන්සල් කීස් මුලින්ම ඉදිරිපත් කල Diet Heart Hypothesis (නැතිනම් cholesterol hypothesis) නැමති කල්පිතය නිසාවෙනුයි. අද වන තුරුත් මෙය ඔප්පු නොකළ කල්පිතයක් පමණයි.**

ලිපිඩ පැතිකඩ පරීක්ෂණයේ ප්‍රතිපල විග්‍රහ කිරීමේදී අපි ඉතාමත් සැලකිලිමත් වියයුතුයි. වාර්තාවේ සඳහන් අගයන් සාමාන්‍ය යයි හඳුන්වන, එහෙමත් නැත්නම් reference range වශයෙන් දක්වන පාරසයෙන් පිටත තිබූ පමණින් ඔබ අත්‍යවශයෙන්ම රෝගියෙකු වන්නේවත්, නිරෝගී පුද්ගලයෙක් වන්නේවත් නැත. රසායනාගාර පරීක්ෂණයක ප්‍රතිපල විග්‍රහ කලයුත්තේ එම වාර්තාව හිමි පුද්ගලයාගේ සායනික ඉතිහාසය, ශාරීරික පරීක්ෂාවකදී සොයාගන්නා රෝග ලක්ෂණ සහ වෙනත් අදාලවන රසායනාගාර පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගනිමිනි. සාමාන්‍ය Lipid Profile වාර්තාවේ ටෝටල් කොලස්ටරෝල් සහ LDL අගයන් දෙස බලා ඔබගේ සමස්ත පරිවෘත්තිය සෞඛ්‍ය හෝ හදවත් රෝගවලට ගොදුරුවීමේ අවධානම ගැන කිසිම නිගමනයකට ඒමට නොහැකියි.

**කොලෙස්ටරොල් සහ හෘද රෝග**

ටෝටල් කොලස්ටරෝල් සහ LDL මට්ටම වැඩි වනකොට heart attack ඇතිවන බව කාලයක් තිස්සේ අප අසා ඇති දෙයක් . නමුත් ධමනි සිහින් වීම සඳහා කොලෙස්ටරෝල් ඍජුවම හේතුවක් වන බවට මෙතෙක් විශ්වාස කල උපකල්පනය නිවැරදි නොවන බවට සාක්ෂි දවසින් දවස ලැබෙමින් තියෙනවා. කොහොම උනත් ජාත්‍යන්තට ඖෂධ මාෆියාවේ බලපෑම නිසා තොරතුරු අවශ්‍ය තරම් ඉක්මනින් කරලියට ඒම පාලනය වෙනවා.

හෘදයාබාධ නිසා රෝහල් ගතවන වැඩි ප්‍රතිශතයකගේ කොලස්ටරෝල් සහ LDL අපි කියන “ සාමාන්‍ය” මට්ටමටත් වඩා අඩු මට්ටමක තිබීමත් කොලස්ටරෝල් හෝ LDL නිසා හෘදයාබාධ හැදෙනවාය කියන කතාවත් එකෙනෙකට පරස්පරතාවක් දක්වනවා. කොලෙස්ටරෝල් උපකල්පනය සත්‍ය නම මෙවැනි පැහැදිලි පරස්පර පවතින්නේ ඇයි? අපිට හිතන්න පුරුදු කරලා තියන තරමටම Cholesterol නරකනම්, හාර්ට් ඇටෑක් හැදෙන වැඩි දෙනෙකුගේ cholesterol අගය වැඩි නොවීම පැහැදිලි කරගන්නේ කොහොමද?

ධමනි සිහින් වීම ඇති කිරීමට කොලස්ටරෝල් හෝ LDL එතරම් බලවත් නම්, වැඩි කොලස්ටරෝල් හෝ LDL ඇති පුද්ගලයින් අතර බහුල ලෙස ධමනි අවහිර කරන "atherosclerosis" (රුධිර නාලිකා සිහින්වීමේ රෝගය) තත්වය තිබිය යුතු නොවේද? එමෙන්ම, ධමනි සිහින් වීම සඳහා ප්‍රධාන හේතුව කොලස්ටරෝල් සහ LDL නම්, ඖෂධ භාවිතය මගින් මේවා අඩුකර ගන්නා පුද්ගලයන් අතර හදවත් රෝග ඇතිවීමේ ප්‍රවනතාවය / අවධානම සැලකියයුතු ලෙස අඩුවීමක් දැකිය යුතුය. නමුත් statin වැනි ඖෂධ භාවිතයෙන් සැලකිය යුතු ලෙස හදවත් රෝග ඇතිවීමේ ප්‍රවනතාවය / අවධානම අඩු නොකරන බව තමයි මේ පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇති පර්යේෂකයන් පවසන්නේ.

**ධමනි අවහිර කරන "ප්ලේක්ස්" (plaques) තුල කොලස්රරෝල් තිබු පමණින් එම plaques කොලස්ටරෝල් නිසා ඇතිවන බව නිගමනය කිරීම නිවැරදි නොවේ.**

කිරීට ධමනි වල තෙල් තැන්පත් වී එම ධමනි අවහිරවීමක් සිදුවනවා යයි කීම නිවැරදි නොවේ. ධමනි අවහිරවීමට දායක වන plaques ඇතිවීමේ ක්‍රියාවලිය තරුණ වයසේ සිට පටන් ගෙන ක්‍රමයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉදිරියට යන ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය පටන් ගැනීම ශරීරය තුල පාලනයක් නොමැතිව සිදුවන ප්‍රදාහය (inflammation) නිසා ධමනි බිත්තිවල අභ්‍යන්තර සෛල ස්ථරයට සිදුවන හානිවීම සමග සම්බන්ධ බව තමයි අද පවතින පොදු එකඟත්වය. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර LDL අංශු plaques තුල “තැන්පත්” වීම එම සමස්ත ක්‍රියාවලියේම කොටසක් පමණයි. Plaques තුල LDL තිබෙන බව ඇත්තක් උනත් LDL නිසා plaques ඇතිවුනා කියල නිගමනය කරන්න ඒකෙන් හැකියාවක් ලැබෙන්නෙ නෑ.

ශරීරය තුල ප්‍රදාහ (inflammatory) තත්වයක් ඇතිවන්නට පසුබිම නිර්මාණය වන්නේ අපේ පරිවුර්තිය ක්‍රියාවලියේ ඇතිවන ව්‍යකුලත්වයක් හෙවත් මෙටබොලික් සින්ඩ්‍රෝම් නැමති සායනික තත්වයක් නිසායි. වර්ථමානයේ ලොකු කුඩා සියලුම දෙනා අතර සුලබව දක්නට ලැබෙන දියවැඩියාව රෝගයද මෙටබොලික් සින්ඩ්‍රොමයට සෘජු දායකත්වයක් ලබා දෙයි .

මොකද්ද මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් ?
හදවත් සහ රුධිර වාහිනී ආශ්‍රිත බෝ නොවන රෝග වලට අවදානම වැඩි අයට තිබෙන පොදු දෙයක් තමා ඉන්සියුලින් ප්‍රතිරෝධය හා සම්බන්ධ මෙටබොලික් සින්ඩ්‍රෝම් (Metabolic Syndrome) නැමති තත්වය.
* අධික රුධිර පීඩනය
* රුධිරයේ ෆාස්ටින් ග්ලූකෝස් (FBS) මට්ටම වැඩිවීම
* රුධිර ට්‍රයිග්ලිසරයිඩ (Triglyceride) මට්ටම වැඩිවීම
* රුධිරයේ HDL මට්ටම අඩුවීම
* ඉනේ වට ප්‍රමාණය (waist circumference) වැඩිවීම (ලොකු බඩ ගෙඩිය හෝ ස්ථූලතාව)

ඉහත ලක්ෂණ වලින් තුනක්වත් දකින්නට ලැබෙනවා නම් කෙනෙකුට මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වය ඇතිවී තිබෙනවා යැයි කියනවා.

**වැදගත්ම දේ තමා, මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වය ඇතිවෙලාද කියල බලන්න ටෝටල් කොලෙස්ටරෝල් හරි LDL හරි සැලකිල්ලට අරගෙන නොමැතිවීමයි .

20/10/2025
07/10/2025

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ (එන්.සී.සී.පී.) පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම මධ්‍යස්ථානය, නාරහෙන්පිට රොටරි සමාජයෙහි මූල්‍ය සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබන ආයතනයකි.මෙම මධ්‍යස්ථානය නාරාහේන්පිට මංසන්දියට ආසන්නව බොරැල්ල දෙසට වන්නට ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.
වෙලාවක් වෙන්කර ගැනීම සඳහාඔබගේ හමුවීම් ලබා ගැනීම සඳහා සතියේ දිනවල උදේ 8.30 සිට පස්වරු 3.30 දක්වා +94113259227 අමතන්න නැතහොත් cedc.nccp@gmail.com ට ඊ-මේල් කරන්න.

පහත සඳහන් සේවාවන් නොමිලේ ලබා දේ:

පිළිකා ආශ්‍රිත ගැටළු, පිළිකා අවදානම හඳුනා ගැනීම සඳහා සායනික ඉතිහාසය, අවදානම් සාධක පිළිබඳ අධ්‍යාපනය, පොදු වළක්වා ගත හැකි පිළිකා පරීක්ෂණ කිරීම හා වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳ මග පෙන්වීම ඇතුළු පිළිකා ආශ්‍රිත කරුණු සාකච්ඡා කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම.
ස්වයං පියයුරු පරීක්‍ෂණය සහ ස්වයං මුඛ පරීක්‍ෂණය පිළිබඳ නිවැරදි තාක්‍ෂණය පිළිබඳ නිරූපණය.
පියයුරු පිළිකා සඳහා පරීක්ෂාව (සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ.):
සායනික-පියයුරු පරීක්ෂණය
අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම
මැමෝග්‍රැෆි
ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව ( සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ. ):
ස්පෙක්‍යුලර් පරික්ෂාව මගින් යෝණි පරික්ෂාව (අවශ්‍යනම් සහ සුදුසු විට)
පැප් ස්මියර්
මුඛ පිළිකා සඳහා පරීක්ෂණ
විශේෂඥ මතය සහ මග පෙන්වීම සඳහා යොමු කිරීම (අවශ්‍යනම් සහ සුදුසු විට)
උදා. පියයුරු සායන / නාරිවේද සායන / සාමාන්‍ය ශල්‍ය සායන / ජාන උපදේශන සායන..සුභසිද්ධිය සඳහා හොඳ සේවයක් ඇත්තෙන්ම.
සැවොම සුවපත් වේවා.!! 🙏🙏🙏......

ඇමතුම් විස්තර:

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය,
No. 519,
ඇල්විටිගල මාවත,
නාරහෙන්පිට.
අමතන්න Tel: 0113159227

C e y l o n

06/10/2025
05/10/2025

🍺 බොන්නේ නැති ඔබටත් සිරෝසිස් හැදෙන්න පුළුවන්! 🤯

"සිරෝසිස්" (Cirrhosis) කියන්නේ බේබද්දන්ට විතරක් හැදෙන ලෙඩක් කියලා සමාජයේ තදින්ම පැතිරුණු මිථ්‍යාවක් තියෙනවා නේද? 😕 ඔව්, අධික මත්පැන් පානය ප්‍රධාන හේතුවක් තමයි, ඒත් සැම විටම නෙවෙයි! 👆
මේ ලිපියෙන් කියවෙන වැදගත්ම කරුණු ටික බලන්න. බොන්නේ නැති අයටත් මේ භයානක රෝගය හැදෙන්න බලපාන හේතු තියෙනවා. 🥺

🩺 සිරෝසිස් කියන්නේ මොකක්ද?

සරලවම කිව්වොත්, සිරෝසිස් කියන්නේ අපේ අක්මාව (Liver) හානි වෙලා, ඒකේ තියෙන මෘදු ස්වභාවය නැති වෙලා, තන්තුමය පටක වැඩි වෙලා, ගැට (knots) ඇතිවන රෝගී තත්ත්වයක්. 💔 මේ නිසා අක්මාවට කරන්න තියෙන වැදගත් වැඩ (ග්ලූකෝස්/ ප්‍රෝටීන නිපදවීම, රුධිරය කැටි ගැසීම පාලනය, ඇමෝනියා ඉවත් කිරීම) හරියට කරගන්න බැරි වෙනවා.

⚠️ බීමතින් තොරව සිරෝසිස් ඇතිවීමට හේතු (Non-Alcoholic Cirrhosis)

මෙන්න මේ දේවල් ගැනයි ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ:

* ජානමය පරිවෘත්තීය වෙනස්කම්: 🧬

* අක්මාව තුළ යකඩ (Iron) තැන්පත් වීම.
* අක්මාව තුළ තඹ (Copper) තැන්පත් වීම.
* සමහර එන්සයිමවල ඌනතා.

* දිගුකාලීන ආසාදන: 🦠

* හෙපටයිටිස් 'බී' (Hepatitis B) සහ හෙපටයිටිස් 'සී' (Hepatitis C) වැනි වෛරස් අක්මාවේ තැන්පත්වීම.
* ස්වයං ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා (Autoimmune Reactions): 💪
* ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින්ම අක්මාවට විරුද්ධව ප්‍රතික්‍රියා ඇති කිරීම.

* සමහර ඖෂධ: 💊

* වෙනත් රෝග සඳහා ගන්නා බටහිර ඖෂධ සහ ශාකසාර නිස්සාරණ (විශේෂයෙන් අරිෂ්ට වැනි දේ) වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව ගැනීම. 😱 (සමහර වැඩිහිටි කාන්තාවන් මෙයින් රෝගී වී මියගොස් ඇති බව සඳහන්).

* අක්මාව තුළ මේදය තැන්පත් වීම: 🍔
* ස්ථුලතාවය (Obesity) සහ කොලෙස්ටරෝල්/මේදය අධික අය අතර මේ අවදානම වැඩියි. මේක දැන් ප්‍රබල හේතුවක් වෙලා.

🛑 රෝග ලක්ෂණ සහ සංකූලතා
සිරෝසිස් මුල් අවධියේදී විශේෂ ලක්ෂණ නොපෙන්වීම භයානකයි! 😥 ඒත්, සංකූලතා වැඩි වූ විට මේවා පෙන්වන්න පුළුවන්:

* ශරීරය ඉදිමීම. 🦵
* රුධිරය කැටි ගැසීමේ දුර්වලතා: පහසුවෙන් තුවාල වීම සහ රුධිර වහනය වීම. 🩸
* සිහි කල්පනාව අඩුවීම/ හැසිරීමේ වෙනස්කම්: 🧠 (ඇමෝනියා වැඩිවීම නිසා). රාත්‍රියට නින්ද නොයාම, දහවල් නිදා ගැනීම. වැදගත්: මෙය මානසික රෝගයක් ලෙස වරදවා වටහා නොගත යුතුයි!
* ආහාර මාර්ගයේ රුධිර වහනය: 🩸 (ලේ වමනය කිරීම - රතු/ කෝපි කුඩු පාටට).

✅ ඔබ දැනගත යුතු දේ

* සිරෝසිස් තත්ත්වය වසර 10 කට වඩා තිබේ නම්, අක්මාවේ ස්කෑන් පරීක්ෂණයක් (Scan) කර ගැනීම ඉතා හොඳයි.

* අධි රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් ඇති අයට මේ අවදානම වැඩියි.

* ප්‍රතිකාර සඳහා රෝගයේ අවධිය අනුව ඖෂධ හෝ ශල්‍යකර්ම යොදා ගන්නවා. නවීන ප්‍රතිකාර ක්‍රම වලින් සුවය ලබාගත හැකියි.

* වෛද්‍ය උපදෙස් අනුව සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාර ගැනීම සහ සුදුසු ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි.

මතක තියාගන්න: කිසි දිනෙක මත්පැන් නොබීවද සිරෝසිස් හැදෙන්න පුළුවන්! ඔබේ අක්මාවේ නිරෝගීතාවය ගැන සැලකිලිමත් වෙන්න. ඒක නිසා සිරෝසිස් හැදුන හැමෝටම බේබද්දෙක් කියලා කියන්න එපා 🫣මේ සඳහා වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගැනීමෙන් වළකින්න. 🙏

ඔබේ අදහස් පහතින් Comment කරන්න! 👇
මෙය වෛද්‍ය උපදෙස් නොවන අතර, තොරතුරු දැනගැනීම සඳහා පමණක් සපයන ලද්දකි.

-හෙදියකගේ දිනපොත-

#හෙදියකගේදිනපොත

03/10/2025

🛑 ජීවිතය බේරගන්න ඩෙංගු ගැන අනිවාර්යයෙන් දැනගත යුතුම රහස! (වෝල්ටාරින් /අයිබුප්‍රොෆෙන්/ඇස්පිරින් ගන්න කලින් කියවන්න)

වසංගතයක් වගේ පැතිරෙන ඩෙංගු හැදුනම එන උණයි, ඇඟේ වේදනාවයි කියන්න බැරි තරම් දරුණුයි නේද? 😓
ඔබේ හිතට එන පළවෙනි දේ තමයි ඉක්මනටම වේදනාව අඩු කරගන්න එක. ඒත්, ඔයා සාමාන්‍යයෙන් බොන Pain Killer (වේදනා නාශකය) එක ඩෙංගු හැදුනම බොන එක මාරාන්තික වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?

💊 මේ NSAIDs කියන්නේ මොනවාද?
NSAIDs කියන්නේ Non-Steroidal Anti-Inflammatory Drugs (නො-ස්ටෙරොයිඩල් ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කියන කාණ්ඩයට.
* උදාහරණ: අයිබුප්‍රොෆෙන් (Ibuprofen - Advil, Motrin වගේ), ඇස්පිරින් (Aspirin), සහ නැප්‍රොක්සන් (Naproxen).
* මේවගෙන් මොකද වෙන්නේ: මේවා වේදනාවයි, උණයි, ඉදිමුමයි ඉක්මනටම අඩු කරනවා. ඒකයි උණක් ආව ගමන් අපි මේවා හොයන්නේ.

⚠️ ඩෙංගු හැදුනම මේවා අතිශය භයානක වෙන්නේ ඇයි?

දැන් ඔන්න හොඳට අහගන්න ඕන වැදගත්ම කාරණය!

ඩෙංගු වෛරසය අපේ රුධිර පට්ටිකා (Platelets) වලට හානි කරනවා. මේ පට්ටිකා තමයි ලේ කැටි ගස්සලා, ඇඟ ඇතුළේ ලේ යන එක නවත්වන්නේ.

🔴 ලේ ගැලීමේ අවදානම ඉහළට! (🚨): NSAIDs ඖෂධ, විශේෂයෙන්ම ඇස්පිරින් සහ අයිබුප්‍රොෆෙන්, ලේ කැටි ගැසීමේ ස්වභාවය තවදුරටත් අඩාල කරනවා. ඩෙංගු නිසා දැනටමත් පට්ටිකා අඩු වෙලා ඉන්න ඔයා මේවා බිව්වොත්, ආමාශය ඇතුළේ හෝ වෙනත් තැනක ලේ ගැලීමේ අවදානම බරපතල ලෙස වැඩි වෙනවා. 😵‍💫
🔴වකුගඩු වලට හානි! (💔): ඩෙංගු හැදිලා ඉන්නකොට ඇඟ විජලනය (Dehydration) වෙනවා. මේ වෙලාවේ NSAIDs බිව්වොත්, ඒකෙන් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්.

✅ එහෙනම් ඩෙංගු උණට ගන්න පුළුවන් ආරක්ෂිතම දේ මොකක්ද?
ඔබට ඩෙංගු යැයි සැක නම්, වේදනාව සහ උණ අඩු කරගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා නිර්දේශ කරන්නේ පැරසිටමෝල් (Paracetamol/Acetaminophen) පමණයි!

🔴හේතුව: පැරසිටමෝල් වේදනාව සහ උණ අඩු කරනවා වගේම, රුධිර පට්ටිකා වලට හානි කරන්නේ නැහැ.

🔴 සැළකිය යුතුයි: පැරසිටමෝල් වුණත් නිවැරදි මාත්‍රාවෙන් විතරක් බොන්න. දවසකට ගත යුතු උපරිම ප්‍රමාණය ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.
අවසාන පණිවිඩය (MUST DO!):
උණක් හැදුනොත්, ඒක ඩෙංගු වෙන්න පුළුවන් කියලා සැකයක් තියෙනවා නම්,

* වහාම වෛද්‍යවරයෙක් හමුවන්න!
* වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම NSAID (අයිබුප්‍රොෆෙන්, ඇස්පිරින් වැනි) ඖෂධයක් ගන්න එපා!

ඔබේ ජීවිතය අනතුරේ දමන්න එපා. දැනුවත් වීමෙන් ආරක්ෂා වන්න!
ප.ලි: මේ පණිවිඩය ඔබේ ආදරණීයන්ටත් බලන්න Share කරන්න. දැනුවත් කිරීමෙන් ජීවිත බේරාගත හැකියි!
#ඩෙංගු #සෞඛ්‍යය #ජීවිතය_රැකගන්න ゚viralシfypシ゚ #හෙදියකගේදිනපොත

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්...  පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමා...
03/10/2025

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....
අනිවාර්‍යයෙන්ම කියවන්න...

මොනවද මේ අයිස් කියන්නෙ?
ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝකේ හැම තැනින්ම අහෙන්න අයිස්... ඇත්තටම මොනවද මේ අයිස්...

අයිස් කියන්නෙ මිනිස්සු කටවචනෙට දාගත්ත එකක්. මේක ඇවිල්ලා මෙතෆෙටමින් නැත්තන් ක්‍රිස්ටල් මෙත් කියල කෙමිකල් එක... මේක කැට හැටියට කුඩු හැටියට පෙති හැටියට එනව. මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ.. ඔය ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක ගොඩ සමානයි.. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ..

❄️ #අයිස්_ගහනවා කියන්නෙ මොකද්ද..

කට කඩපු වීදුරු බල්බයක් හෝ බීකරයක් ඇතුලට අයිස් දාල යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි ලංකාවේ ප්‍රකට ක්‍රමය..

( මේක කිවේ අයිස් ගහන්න පුරුදු කරන්න නෙමෙයි, පුතාගෙ කාමරේ ඇඳයට තිබුන බිඳුන බල්බ් එක මොකද්ද කියලා හොයපු නැති අම්මලා හිටියා, පුතාගෙ පොත්මේසෙ උඩ තිබ්බ පිච්චුන බීකරය විද්‍යාව පාඩමට ඕන එකක් වෙන්නැති කියලා හිතන් හිටිය තාත්තලා හිටියා.. එයාලට දැනගන්නයි ඒක ලිව්වෙ)

වෙන රට වල මේක රත් කරලා දිය කරලා සිලින්ජර්ස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක එකත් ක්‍රමයක්..

අයිස් කියන මත්‍ද්‍රවය මොන විදියට පාවිච්චි කරත්.. ඒකියන්නෙ නාහෙන් දුම ඇද්දත්, බිව්වත්, ඉන්ජෙක්ට් කරගත්තත් ,ගිල්ලත්... කෙලින්ම බලපෑම ඇතිවෙන්නෙ අපේ මොලේට..

අපේ මොලේ තියෙනව එක කොටසක්.. එතනින් තමයි සතුටේ හෝමෝනය ශ්‍රාවය කරන්නෙ.. ඒ කොටසේ සෛල වලින් තමයි මේ සතුටේ හෝමෝනය හෙවත් dopamine (ඩොපමීන්) කියන හෝමෝනය නිශ්පාදනය වෙන්නෙ.. කොටින්ම අපිට සතුට,පරිපූර්ණත්වය,වගේ හැඟීම් දැනෙන්නෙ ඒ හෝමෝනය ශ්‍රාවය වීමෙන්.. අපිට සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න පොලඹවන්නෙ මෙන්න මේ හෝමෝනය.. අපි කැමතිම සින්දුවක් ඇහුවම, කරගන්න බැරි වැඩක් ඉවරකරාම, රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට මිශ්‍ර උන හෙනම ෆිට් බවක් ඇතිවෙන්නත් මෙන්න මේ හෝමෝනය නිසා...

අයිස් ශරීර ගත උන ගමන් යන්නෙ මොලේ මෙන්න මේ කොටසට.. ගිහිල්ලා ඩොපමින් හදන ඒරියා එක උත්තේජනය කරනවා.. ඒ සමඟම අපේ මොලය ඩොපමින් විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය කරන්න ගන්නවා.. ඒක සමහරවිට ජිවිත කාලෙම හදපු නැති තරන් ඩොපමින් ප්‍රමාණයක් එක මොහොතෙම හදන්න ගන්නවා..

සාමන්‍යෙ අපේ මොලයේ ඩොපමින් 100%ජ් තියෙනවා කියල.. අපි රස කෑමක් කෑවම ඒක ත්ව 50%කින් විතර ඉහල ගිහින් අපිට ආශ්වාදයක් ලැබෙනවා. කෙල්ලත් එක්ක ආදරේ කරනවා හෝ වෙනත් ආශ්වාදය දැනෙන දෙයක් කරා කියමු, අපේ ඩොපමින් තවත් 100%කින් වැඩිවෙනවා..ඒ සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන්නෙ අපි ඔන්න ඔය ඩොපමින් ශ්‍රාවයට කැමති නිසා...

හැබයි අයිස් ගැහුවම මේ තියෙන 100% සතුට තාවකාලිකව 1000% ඒ කියන්නෙ දස ගුණයකින් වැඩි වෙනවාලු... ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උදයෝගයක්, පුදුම ආතල් එකක් දැනෙන්න ගන්නවාලු.

මතක තියාගන්න අයිස්ගහන උන් මත් වෙන්නෙ නෑ.. ඇස් රතුවෙන්නෙ නෑ... වදිනවා කියලා දේකුත් වෙන්නෙ නෑ.., වැනෙන්නෙ නෑ, කල්පනා කරන්නෙ නෑ.. ගල්බමුණ වෙන්නෙ නෑ.. කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නෑ..

❄️ #ඇබ්බැහිවෙන්නෙ_ඇයි...

මාරම කික් එකකින් ආතල් එකකින් සතුටකින් පිරිලා ඉතිරිලා යනවා.. ඕන දෙයක් පැය ගනන් දවස් ගනන් කරන්න පුලුවන්, නින්ද අහලකවත් නෑ.. මාරම ත්‍රිල් එකේ දවස් ගෙවෙනවා.. බඩගින්නක්වත් එන්නෑ.. මොකද හොද කෑමක් කෑවම එන ත්‍රිල් එක, කෑමක් නොකාම දැනෙන නිසා... කෙලින්ම සුපර්මැන් පවර් එකක් එනවා වගේලු.. නිදිමරන් නොකා නොබී ඕන ගේමක් ගහන්න පූලුවන් කියළා තාවකාලික හැගීමකුත් එනවා.. ඒ නිසා ඕකට පටස් ගාල ඇබ්බැහිවෙනවා... දුර දුවන බස් ඩ්‍රයිවර්ලා ගොඩක් ඕක ගහනව කියන්නෙ ඒකයි.. මහන්සිය තෙහෙට්ටුව නිදිම්ත බඩගින්න මේ මුකුත් දැනෙන්නෑ...

රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරේ කරන එක, ක්‍රීඩාවක් කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවෙන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා..

❄️ ටික දවසකින් මොකද වෙන්නේ..

මේක ටික දවසක් දිගට වෙනවා... අයිස් එනවා.. මොලේ සෛල අවුස්සනවා. අතිවිශාල ප්‍රමාණයෙන් ඩොපමින් හදනවා.. අයිස් ගහන එකා සතුටින් ඉපිල යනවා.. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛල වලට මහන්සීයි... මොකද ඩොපමින් නිශ්පාදනය ඉතාම වැඩී... සෛල වලට තව දුරටත් ස්වභාවිකව ඩොපමීන් නිශ්පාදනය කරගන්න බැරිවෙනවා.. ඒ කියන්නෙ මොලය අයිස් එනකන් බලන් ඉන්න ගන්නවා. ආවොත් විතරක් ඩොපමින් හදනවා.

කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නෙ නැතුව යනවා.. සතුට නැති වෙනවා.. දැන් තමයි භයානකම කොටස... මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා.. අනවශ්‍යය භීතියක් ඒ මිනිහට දැනෙන්න ගන්නවා, අපේක්ශාභංගත්වයට පත් වෙනවා.. දැන් ඒ මිනිහට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහලා කියලා.. එයාට අයිස් ඕන්නෑ...හැබැයි එයාට ඩොපමින් ඕන.. ඩොපමින් ඕන නිසා එයා බැගෑපත් වෙනවා.. අනේ මට අයිස් ඕනා.. පොර දන්නවා මේක විනාසයක් කියලා.. හැබැයි ආයෙ හැරෙන්න බෑ. හැරුනත් ඩොපමින් නැතුව ජීවත් වෙන්න බෑ.. ඇඟ රිදෙනවා.. භය දැනෙනවා..
ඒකට උත්තරේ තව අයිස් හොයනවා... ආයෙම වලෙන් වලටම යනවා...

මේ තමයි ක්‍රිස්ටල් මෙත් වල හැටි... ගැලවෙන්න ඕන උනත්... කවදාවත් ගැලවෙන්න බෑ... භාවනා මෙඩිටේශන් මොනවා කරත් ගැලවෙන්න බෑ.. මිනිහටම තේරෙනවා මිනිහ අයිස් වලින් විනාස වෙන බව.. ඒත් ගැලවෙන්න බෑ...

ඒ නිසා කවූරු හරි අයිස් ගහන පලවෙනි දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නෙ..

❄️ අයිස් හදන්න පාවිච්චි කරන්නෙ මොනවද...

පුදුමයට පත්වෙන්නෙපා.. අයිස් හදන්න පාවිච්චි කරනකිස්ම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි.. ගහකොලකින් ගන්න දේවල් නෙමෙයි.. සියලුම දේ ලැබ් වල හැදෙන රසායන ද්‍රවය..

❄️ Pseudoephedrine - සූඩෝඇපිඩ්‍රින්

ස්වසන මාර්ගයේ අපහසුතා තියෙන අයට ඒක ක්‍ර්ලියර් කරන්න දෙන බෙහෙතක්.. අතුරු ආබාධ අධික නිසා මේක ඉතාම සුළු ප්‍රමාණයන් ගන්න ඕනා ඖශධයක් කියලා තමයි කියන්නෙ. අයිස් හදනකොට ඕවා ගෝනි ගණන් දාන්නෙ. ඉතින් සොරි.කොම් තමයි.

❄️Acetone - ඇසිටෝන්

Nail polish removers දන්නවනේ. ඒ තමයි ඔය ඇසිටෝන්. තින්ත වල ඝණත්වය අඩු කරන්න දාන කෙමිකල් එකක්.. හරියට තිනර් වගේ..

❄️Ammonia - ඇමෝනියා

මේක පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්.

❄️ Hydrochloric acid - හයිඩ්‍රොකෝරික් ඇසිඩ්

මේක පිරිසිදුකාරකයක්.. ටොයිල්ට් සුද්ද කරන්න ගන්නෙ මේවා තමයි. යවන්න බැරි පැල්ලම් යවන්මෙත් මේවා දාලා.. ඔය ලයිසෝල් වල හාපික් වල තියෙන්නෙ මෙව්වා..

❄️ Lythium - ලිතියම්

බැට්‍රි හදන්න පාවිච්චි කරන අමුද්‍රවයක්...

❄️ Red phosphorus රෙඩ් පොස්පරස්

ගිනිකූරු ඔලු ෆයර් වර්ක්ස් හදන්නෙ මේවයින්.. මේවා පුපුරණ ද්‍රවය... ඒකයි සමහර වෙලාවට වාර්තාවෙන්නෙ අයිස් හදන කර්මාන්තශාලා ගිනි අරගෙන පුපුරලා ගියා කියලා..

❄️ Toluene ටොලුයින්

මේකත් තීන්ත වල දෘශ්‍යාවීතාවය අඩු කරන්න පාවික්චි කරන එකක්.. ගම් හදන්නත් පාවිච්චි කරනවා..

❄️ Sulfuric acid - බැටරි ඇසිඩ්

ඔන්න ඕවා තමයි ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් වල තියෙන්නෙ..

මේක යක්ශයාගෙ නිර්මාණයක් කියලා කියන්නෙ ඒකයි. ක්‍රිස්ටල් කියලා නම දැම්මහම හරි නිර්මල පැහදිලියි වගේ පෙනුනට.. ඇත්තටම මේක ක්‍රිස්ටල් මෙත් නෙමෙයි crystal death (පැහැදිලි මරණය)

අයිස්වලින් අපේ මනස විකෘති වෙන තව විදියක් තියෙනවා..

අපිට දුක දැනෙන්න ඕන වෙලාවට සතුටක් දැනෙනවා, සතුට දැනෙන්න ඕන වෙලාවට දුක, බය දැනෙන්නෙ ඕන වෙලාවට නිර්භීතකමක්, ඒ වගේ අපේ මනස මඤ්ඤං කරන හැකියාවකුත් මේ අයිස් වලට තියෙනවා..

අයිස් ගහන මිනිහෙක්ගේ ඉදිරි ආයුකාලය උපරිම අවුරුදු 10යි.. දත් දිරන්න ගන්නවා. අස්ථි දිරන්න ගන්නවා. අවුරුදු 20/25 මනුස්සයාට අවුරුදු 50/55 ක පෙනුමක් එනවා. ලෝකෙම තමන්ට එරෙහිවෙලා වගේ දැනෙනවා... කීසිම හේතුවක් නැතුව දුකක් දැඩෙන්න ගන්නවා. තමාව සමාජෙන් කොන් උනා කියලා හිතෙනවා... සමාජෙන් පලිගන්ඩ හිතෙනවා.. අනික් මිනිස්සුන්ගෙ ජිවිතේට හානි කරන්න හිතෙනවා... අවසානයේ තමන්ගෙ ජිවිතේට හානි කරගන්න හිතෙනවා.. මේ තමයි මේ අයිස් වල ඛේදාන්තය...

තව දුරටත් මොලේ ඩොපමින් හැදෙන්නෑ.. හැදෙන්නෙ අයිස් ගැහුවොත් විතරයි
දුක නැති කරගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. ඒ නිසා අවසාන හුස්ම වෙනකන්ම අයිස් ඉල්ලනවා..

අයිස්වල කතාව ඔන්නෝකයි.. භයානකම දේ තමයි හෙරෙයින් වලටත් වඩා බහුලව අයිස් හොයාගන්න මේ සමාජෙන් පුලුවන්.. ඔව් ඔබේ දරුවාට, සහෝදරයට, සහෝදරියට, පෙම්වතාට, පෙම්වතියට, ගැහැනු පිරිමි බේදයකින් තොරවමේ ඕනම කෙනෙක්ට ලඟාවිය හැකි සීමාවටම අයිස් මාරයා ඇවිල්ලා.....

ඉස්සර පකිස්තානය පැත්තෙන් ඕමාන් බෝඩර් එකෙන් අමාරුවෙන් ලංකාවට ආපු අයිස්... දැන් ලංකාවෙම නිශ්පාදනය කරන තැනට එමින් සිටිනවා..

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....

01/10/2025

🙏🏽

30/09/2025
26/09/2025

😱 ශ්‍රී ලංකාවේ 'විශාලතම ඝාතකයා' සෙප්සිස්! - 'ලේ විෂවීම' නිවැරදිද?

"එයා නැති වෙලා තියෙන්නෙ විශබීජයක් ගිහින්ලු, කකුලේ පොඩි තුවාලයක් විතරයි තිබිලා තියෙන්නෙ😓...😩" මෙහෙම කියනවා ඔයාලට ඕන තරම් ඇහිලා ඇති. අපි බලමු එහෙම කොහොමද වෙන්නෙ කියලා..
ඔබ පුදුම වේවි! රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් විශාලතම පිරිසක් මිය යන්නේ සෙප්සිස් (Sepsis) නම් බරපතළ රෝගී තත්ත්වය නිසයි.
මේ තත්ත්වය ගැන ජනතාව පමණක් නොව, ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා නිසි ලෙස දැනුවත් නොවීම කනගාටුවට කරුණක්. රෝගීන් රෝහල් ගත කළ පසු ප්‍රතිකාර සඳහා ගතවන කාලය සැලකීමේදී මේ බව පැහැදිලියි.
රෝගයක් වැළඳුණාම, අපටත් අපේ සමීපතමයන්ටත් "සුව වෙයිද?" කියා ඇතිවන බිය ස්වභාවිකයි. මේ බිය දුරලන්න නම්, රෝග ලක්ෂණ හඳුනාගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. නියමිත වෙලාවට ප්‍රතිකාර කළොත් ඕනෑම රෝගයක් පාලනය කළ හැකියි.

🩸 සෙප්සිස් යනු කුමක්ද?

අද කාලයේ "විෂබීජයක් ගිහින්ලු, බේරගන්න බැරි වෙයි" වැනි කතා අපට නිතර අසන්නට ලැබෙනවා. මේ විෂබීජ ශරීරගත වීම නිසා ඇතිවන භයානක තත්ත්වය තමයි සෙප්සිස් කියන්නේ.
සෙප්සිස් පිළිබඳ වැදගත් කරුණු:

* 'ලේ විෂවීම' නිවැරදිද? සාමාන්‍ය ව්‍යවහාරයේ 'ලේ නරක් වීම' හෝ 'ලේ විෂවීම' ලෙස හැඳින්වුවත්, එය සෙප්සිස්හි නිවැරදිම අර්ථ දැක්වීම නොවේ.

💁‍♂️ඇත්තටම සෙප්සිස් යනු: ශරීර අභ්‍යන්තරයට ඇතුළු වන විෂබීජ (වෛරස්, බැක්ටීරියා, දිලීර හෝ පරපෝෂිතයන්) හේතුවෙන් සිරුරේ සෛලවල සහ අභ්‍යන්තර අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි.
* හානිය: මේ අඩපණ වීම මත අවයවවලට සිදුවන හානිය නිසා ජීවිත අවදානම වැඩි වෙනවා.

* සෙප්සිස් කම්පනය (Septic Shock): විෂබීජ කෙටි කාලයක් තුළ රුධිරය ඔස්සේ පැතිරී, සෛලවල ක්‍රියාකාරිත්වයට බාධා කර, ස්වසනය හා අනෙකුත් කාර්යයන් අඩපණ කරනවා. මෙය සෙප්සිස් කම්පන තත්ත්වය ලෙස හැඳින්වෙන අතර, මෙහිදී වහාම දැඩි සත්කාර ප්‍රතිකාර (Intencive Care) ලබා දිය යුතුයි.

⏱️ සෙප්සිස් කාල බෝම්බයක් වගේ!
සෙප්සිස් යනු ඇත්තෙන්ම කාල බෝම්බයක් වැනි තත්ත්වයක්. නිශ්චිත වේලාවට බෝම්බය පුපුරා යන්නා සේ, ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ජීවිතය අහිමි වීමේ ප්‍රවණතාව වැඩියි.

ජීවිතය බේරා ගැනීමට:

* කඩිනම් ප්‍රතිචාරය: බෝම්බය පුපුරන්න පෙර වයර් කපා ඉවත් කරන්නා සේ, නියමිත කලට, නිසි ලෙස ප්‍රතිකාර කළ හැකි නම්, ජීවිතය බේරා ගැනීම ඉතා පහසුයි.

* අත්‍යවශ්‍ය දේ: ඒ සඳහා කලට වේලාවට රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි.

🚨 සෙප්සිස් රෝග ලක්ෂණ හඳුනා ගනිමු
සෙප්සිස් තත්ත්වය කඩිනමින් හඳුනා ගැනීම ජීවිතය රැකගැනීමට ඉතා වැදගත්. ළඟින්ම සිටින ඕනෑම අයෙකුට පහත වෙනස්කම් ඉක්මනින් හඳුනාගත හැකියි:

♥️සාමාන්‍ය ලක්ෂණ (නිවසේදී)

💁‍♂️ දෛනික රටාව වෙනස් වීම (කතා බහ අඩු කිරීම,
💁‍♂️කෑම බීම ප්‍රතික්ෂේප කිරීම).
💁‍♂️ නිතර නිදා ගැනීම හෝ අධික ලෙස අලස වීම.
💁‍♂️වෙනස් කතා විලාසයක් පෙන්නුම් කිරීම.
💁‍♂️ ඇඟ සීතල වීම, මාංශ පේශි ගැස්සීම.
💁‍♂️ හුස්ම ගැනීමේ වෙනසක් දැක ගත හැකි වීම.

🔴🔴බරපතල ලක්ශන(ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා ගත යුතුයි)

💁‍♂️රුධිර පීඩනය අඩු වීම.
💁‍♂️ස්වසනයේ වේගය වැඩි වීම (වේගයෙන් හුස්ම ගැනීම).
💁‍♂️සිහිමඳ ගතියක් (සාමාන්‍ය පරිදි කතා බතා නොකිරීම).

ඔබ කළ යුත්තේ:

🔴🔴💁‍♂️ මේ ලක්ෂණ දුටු වහාම රෝගියාව කඩිනමින් රෝහල්ගත කරන්න හෝ ළඟම වෛද්‍යවරයා වෙත යොමු කරන්න.

* රෝහල්වලදී, සෙප්සිස් හඳුනාගැනීමට qSOFA (Quick SOFA) නම් කඩිනම් මෙවලමක් භාවිත කරන අතර, එයින් රෝගියාගේ ස්වසන වේගය, සිහිමඳ ගතිය සහ රුධිර පීඩනය මැන බැලිය හැකියි.

⚠️ වැඩි අවදානමක් ඇත්තේ කාටද?

සෙප්සිස් ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි වුවත්, ප්‍රතිශක්තිකරණය අවම තත්ත්වයක පවතින පුද්ගලයන්ට වැඩිම ජීවිත අවදානමක් තිබෙනවා.
* ඇදුම සහ පෙනහළු රෝග ඇති අය.
* හෘද රෝගීන්.
* වකුගඩු අක්‍රීය වූ රෝගීන්.
* අක්මා ශිරෝසීස් (Cirrhosis) වැනි රෝගීන්.
දැනට ලෝකයේ පිළිකා රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සෙප්සිස් නිසා මිය ගොස් ඇති බව සැලකීමේදී, මෙහි ඇති බරපතළකම පැහැදිලියි.

✅ ජීවිත ආරක්ෂා කර ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?
* පිරිසිදුකම: විෂබීජ හරහා රෝගය පැතිරෙන නිසා, තමන්ගේ සහ අවට පරිසරය අතිශය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කිරීම.
* කඩිනම් ප්‍රතිකාර: රෝග ලක්ෂණ හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම.
* සෞඛ්‍ය අංශවල වගකීම: රෝහල්වල දැඩිසත්කාර ඒකක (ICU) සහ පහසුකම් වැඩිකිරීම, ගුණාත්මක ප්‍රතිජීවක ලබාදීම, සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.
සෙප්සිස් රෝග තත්ත්වයට නිසි කලට නිසි ප්‍රතිකාර ලබා ගතහොත්, ඔබේ ජීවිතය දුක්ඛාන්තයකින් කෙළවර නොවී නැවත සුඛාන්තයකින් අරඹන්නට හැකි බව තරයේ මතක තබා ගන්න!
මූලාශ්‍රය: දිවයින ඉරිදා සංග්‍රහය (20/09/20) ඇසුරෙනි. (සමන්ති වීරසේකර)

-හෙදියකගේ දිනපොත-
゚viralシ #හෙදියකගේදිනපොත

22/09/2025

Address

Gelioya

Opening Hours

Monday 15:00 - 19:30
Tuesday 09:00 - 19:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772787285

Website

Alerts

Be the first to know and let us send you an email when Dr . Dilini Senevirathne - Homoeopathic Consultant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category