සීතාවක පී.එච්.අයි මහත්තයා

  • Home
  • සීතාවක පී.එච්.අයි මහත්තයා

සීතාවක පී.එච්.අයි මහත්තයා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සීතාවක පී.එච්.අයි මහත්තයා, Medical and health, Office of Public Health Inspector/Diddeniye, .

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමටගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ...
28/11/2025

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමට
ගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ අපද්‍රව්‍ය නිසා අපගේ පරිසරය පුරා බෝවන රෝග කාරකයන් පැතිරී ඇත.
ඔබත් ඔබේ පවුලේ අයත් මෙම රෝගවලින් ආරක්ෂා වීම සඳහා වහාම පහත පියවර අනුගමනය කරන ලෙසයි.
1. 🚱 ජලයෙන් බෝවන රෝග වැළැක්වීම (පාචනය, අතීසාරය, ටයිෆොයිඩ්)
ජලය අපවිත්‍ර වීම මෙම කාලයේ ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවයි.
📍පානීය ජලය: සැමවිටම ජලය විනාඩි 10ක් වත් උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන්න. මෙය ගෙදරදොරේදී සහ රැකියා ස්ථානවලදී අනිවාර්යයෙන් කළ යුතුය.
📍ළිං පිරිසිදු කිරීම: ගංවතුරට යට වූ ළිංවල ජලය පානයට හෝ වෙනත් ප්‍රයෝජනයකට නොගෙන, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ක්ලෝරීන් යොදා විෂබීජහරණය කරන්න.
📍ආහාර පිරිසිදු කිරීම: පිසීමට ගන්නා එළවළු සහ පලතුරු පිරිසිදු, උණුකර නිවාගත් ජලයෙන් හොඳින් සෝදන්න. සෑම විටම පිසගත් ආහාර උනුවෙන් ආහරට ගැනීමට වග බලා ගන්න,
2. 🐀 මී උණ (Leptospirosis) වලින් ආරක්ෂා වීම
ගංවතුර ජලය සමඟ මීයන්ගේ මුත්‍රාවලින් රෝගය පැතිරේ. මෙය ජීවිත අවදානමක් ඇති කළ හැකි බරපතළ රෝගයකි.
📍ආරක්ෂිත ඇඳුම්: ගංවතුර ජලයේ, මඩ සහිත හෝ තෙත් පස් මත ඇවිදින විට හෝ වැඩ කරන විට අනිවාර්යයෙන්ම රබර් බූට් සපත්තු (Boots) සහ අත්වැසුම් පළඳින්න. සමෙහි තුවාල ඇත්නම් ඒවා ජලයට නිරාවරණය වීමෙන් වළකින්න.
📍 පූර්ව ප්‍රතිකාර: අවදානම් සහිත රැකියාවල නියැලෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ සෞඛ්‍ය කාර්යාලයෙන්, ප්‍රදේශයේ PHI මහතාගෙන් මී උණ සඳහා අවශ්‍ය පූර්ව ඖෂධ (Doxycycline) ලබා ගන්න. සතියට 200mg ප්‍රමාණයක් බැගින් ගං වතුරය නිරාවරණය වී අවසන් වන තෙක් සතිපතා ලබාගන්න.
වයස අවුරුදු 12 අඩු දරුවන්, ගැබිනි මවුවරුන්,කිරිදෙන මවුවරුන් ගැනීමෙන් වළකින්න,( වැඩිදුර තොරතුරු වද්‍ය වරුන්ගෙන් හා PHI මහතාගෙන් දැනගන්න)
3. 🦟 කෘමි දෂ්ඨන මගින් බෝවන රෝග වැළැක්වීම (ඩෙංගු)
ගංවතුර තත්ත්වයෙන් පසු ඉතිරිවන ජලයේ ඩෙංගු මදුරුවන් බෝවීම අධික ලෙස වැඩිවේ.
📍මදුරු කීටයන් විනාශ කිරීම: ඔබේ නිවස අවට, ගෙවත්තේ සහ වැඩ බිමේ ජලය රැඳිය හැකි සියලුම ස්ථාන (පොල් කටු, හිස් ටින්, ටයර්, ප්ලාස්ටික් භාජන) දිනපතා පරීක්ෂා කර, ජලය ඉවත් කර හෝ විනාශ කර දමන්න.
දිවා කාලයේදී මදුරු දැල් තුළ නිදා ගැනීමෙන් හෝ මදුරු විකර්ෂක ආලේපන භාවිතයෙන් ඩෙංගු අවදානම අඩු කර ගන්න.
4. 👋 පුද්ගලික සනීපාරක්ෂාව
සෑම රෝගයකින්ම ආරක්ෂා වීමට ඇති සරලම පියවර මෙයයි.
📍දෑත් සේදීම:
📍ආහාර පිළියෙළ කිරීමට හෝ ගැනීමට පෙර.
📍 වැසිකිළි භාවිතා කිරීමෙන් පසු.
📍 දරුවන්ගේ ඩයපර් මාරු කිරීමෙන් පසු.
📍පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු.
📍 සැමවිටම සබන් සහ පිරිසිදු ජලය යොදා හොඳින් දෑත් සෝදන්න.
⚠️ රෝග ලක්ෂණ ඇත්නම් වහාම කළ යුත්තේ කුමක්ද?
ඔබට හෝ පවුලේ අයෙකුට:
📍නොනැවතී පාචනය (බඩ බුරුලෙන් යාම)හෝ වමනය.
📍අධික උණ, දරුණු හිසරදය හෝ ඇඟපත රුදාව.
📍 කහ පැහැ ගැන්වුණු ඇස්.
වැනි රෝග ලක්ෂණ ඇත්නම්, කාලය නාස්ති නොකර වහාම ළඟම ඇති රජයේ රෝහලට යන්න.
ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි! මෙම උපදෙස් අන් අය වෙතද බෙදාහරින්න.

*---සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - හංවැල්ල

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂි...
12/05/2025

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වයට පත් කරවීම, හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනය පුරා සිදු කරන ලදී.

Address

Office Of Public Health Inspector/Diddeniye

10650

Website

Alerts

Be the first to know and let us send you an email when සීතාවක පී.එච්.අයි මහත්තයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram