සීතාවක පී.එච්.අයි මහත්තයා

  • Home
  • සීතාවක පී.එච්.අයි මහත්තයා

සීතාවක පී.එච්.අයි මහත්තයා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සීතාවක පී.එච්.අයි මහත්තයා, Medical and health, Office of Public Health Inspector/Diddeniye, .

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.✓ ග...
02/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

පාචනය (Diarrhea )🔴පවතින ගංවතුර තත්වය හේතුවෙන් පාචනය වැනි රෝග ඔබ අතර පැතිර යා හැකියි .පාචනය යනු දිනකට 3 වරක් හෝ ඊට වැඩි ව...
02/12/2025

පාචනය (Diarrhea )

🔴පවතින ගංවතුර තත්වය හේතුවෙන් පාචනය වැනි රෝග ඔබ අතර පැතිර යා හැකියි .පාචනය යනු දිනකට 3 වරක් හෝ ඊට වැඩි වරක් දියරමය මල පහ විටින් විට පිට කීරීමයි.සාමාන්‍ය මල පහ පිට කීරීමකදී අපගේ අර්ඩව ජීරණය වූ ආහාරයේ ඇති(මල) ජලය මහාන්ත්‍රය මගින් අවශෝෂණය කර ගන්නා අතර මෙම රෝග තත්වයේදී ශරීරයේ ඇති ජලය හා අයන මහාන්ත්‍රය හරහා ගමන් කිරීමේ දී මල වලට අවශෝෂණය වීම සිදුවේ.

📍salmonella spp | shigella |Campylobactor | E.coli බැක්ටීරියා හා protozoa හා Entamoeba histolytica ආදී පරපොෂිතයන් මේ සදහා හේතු වේ.

🔴රෝග ලක්ෂණ

🔷දියරමය මල පහ විටින් විට පිට කීරීම

🔷උදරයේ වේදනාව,

🔷කරකැවිල්ල

🔷හිසදරය

🔷උණ

🔷වමනය හෝ ඔක්කාරය

🔷ශරීර ස්කන්ධය අඩු වීම

🔷ආහාර අරුචිය ආදී රෝග

⛔ නමුත් අර්ඩ ඝන මල පහ දිනකට කිහිප වරක් පිට කීරීම පාචනය රෝග තත්වයක් නොවේ.

⛔සැ.යු -ඉහත රෝග ලක්ෂණ සමග දියරමය මල සමග ලේ පිටවීමක් සිදු වන්නේ නම් එය අතීසාරය විය හැක.

⛔මෙම රෝගය බැක්ටීයා,වෛරස් හා පරපෝෂිත ජීවීන් හරහා බෝවීම සිදුවේ.මෙම රෝගයේදී දියරමය මල පහ වැඩි වශයෙන් පිට වීම නිසා දේහය විජලනය වීම සිදුවේ.මෙහිදී දේහයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය අයන වන සෝඩියම්,ක්ලෝරයිඩ් ,පොටෑසියම් ,බයිකාබනේට් වැනි අයන දේහයෙන් මල පහ,දාඩිය,වමනය,මුත්‍රා,ප්‍රාශ්වාස ක්‍රියාවලි හරහා පිට වීම සිදුවේ.මෙහිදී ප්‍රඩාන වශයෙන් දේහය විජලනය වීම සිදුවේ.මෙම රෝගයේදී කුඩා දරුවන් වැඩි වශයෙන් මිය යාම සිදු වන්නේ මන්ද පෝෂණය වැනි පෝෂණ ගැටලු උග්‍ර වීම හේතුවෙනි.

⛔විජලනයෙන් ශරීරය ආරක්ෂා කර ගැනීමට (ORS)ජීවනී හා සින්ක් පෝෂණ අතිරේකය වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම කල යුතුය.

🔴රෝගය බෝවන ක්‍රමය-

📌️ප්‍රඩාන වශයෙන් ආසාඩිත මල මගින් දූහනය වූ ආහාර හා ජලය මගින්

📌️ආසඩිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම සිදුවේ.(person to person )

රොගයෙන් ආරක්ෂා වීමට ඔබ පිළිපැදිය යුතු කරුණු

📌️මිනිස් අසූචි මගින් දූෂණය නොවූ ආරක්ෂිත ජලය හොදින් උණු කර (නටන උෂ්ණත්වයේ විනාඩි 5 ක් වත් අවම තබන්න.) පානය කීරීම

📌️වැසිකිළි යාමේන් පසු දෑත් සබන් යොදා හොදින් දෑත් සොදා ගැනීම.

📌️හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනය කීරීම කල යුතුයි.

📌️පිසීමට භාජනය නොකරන(උෂ්ණත්වට භාජනය නොකරන)ආහාර ගලා යන ජලයෙන් කිහිපවරක් සෝදා හොදින් පිරිසිදු කර ගැනීම.

🔴පාචනය රෝගය වැළදුන පුද්ගලයන් සදහා සුදුසු
ආහාර

🔷කෙසෙල්
🔷යෝගට්
🔷තම්බන ලද අර්තාපල් අල
🔷බිත්තර
🔷පොල්වතුර
🔷සුප් වර්ග

🔴රෝගී කාල වකවානුවේ නොගත යුතු ආහාර.

🔷තෙලින් බදින ලද ආහාර
🔷කෝපි හා කැෆේන් අන්තර්ගත පාන වර්ග
🔷බීම වර්ග
🔷ක්ෂණික ආහාර(ෂෝටිස් වැනි)
🔷අමු ආහාර
🔷අඩික මිරිස් අන්තර් ගත ආහාර
🔷අයිස් ක්‍රීම්

🔴අඩික ගංවතුර තත්වය හේතුවේන් ඔබටත් පාචනය රෝගී තත්වය වැලදීමේ සම්භාවිතාවක් ඇත.ඔබ රැකවරණ කදවුරක සීටී නම් ඔබ පොදු සනීපාරක්ෂක පහසුකම් භාවිතා කීරීමට සිදු වන අතර එවිට ආසාඩිත පුද්ගලයෙකුගෙන් ඔබට එම රෝගය බෝ විය හැක.එම නිසා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

🔴Prevention is better than cure🫂

සැ.යු-හොදින් මතක තබා ගන්න මෙවනි අවස්තාවක ඔබ හොදින් ජලය/ජීවනී වැනි දියරමය පාන වර්ග පානය කීරීම කල යුතු අතර පොෂදායී ආහාර වට්ටෝරුවක් ගැනීමද කල යුතු වේ.

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමටගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ...
02/12/2025

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමට
ගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ අපද්‍රව්‍ය නිසා අපගේ පරිසරය පුරා බෝවන රෝග කාරකයන් පැතිරී ඇත.
ඔබත් ඔබේ පවුලේ අයත් මෙම රෝගවලින් ආරක්ෂා වීම සඳහා වහාම පහත පියවර අනුගමනය කරන ලෙසයි.

1. 🚱 ජලයෙන් බෝවන රෝග වැළැක්වීම (පාචනය, අතීසාරය, ටයිෆොයිඩ්)
ජලය අපවිත්‍ර වීම මෙම කාලයේ ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවයි.
📍පානීය ජලය: සැමවිටම ජලය විනාඩි 10ක් වත් උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන්න. මෙය ගෙදරදොරේදී සහ රැකියා ස්ථානවලදී අනිවාර්යයෙන් කළ යුතුය.
📍ළිං පිරිසිදු කිරීම: ගංවතුරට යට වූ ළිංවල ජලය පානයට හෝ වෙනත් ප්‍රයෝජනයකට නොගෙන, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ක්ලෝරීන් යොදා විෂබීජහරණය කරන්න.
📍ආහාර පිරිසිදු කිරීම: පිසීමට ගන්නා එළවළු සහ පලතුරු පිරිසිදු, උණුකර නිවාගත් ජලයෙන් හොඳින් සෝදන්න. සෑම විටම පිසගත් ආහාර උනුවෙන් ආහරට ගැනීමට වග බලා ගන්න,

2. 🐀 මී උණ (Leptospirosis) වලින් ආරක්ෂා වීම
ගංවතුර ජලය සමඟ මීයන්ගේ මුත්‍රාවලින් රෝගය පැතිරේ. මෙය ජීවිත අවදානමක් ඇති කළ හැකි බරපතළ රෝගයකි.
📍ආරක්ෂිත ඇඳුම්: ගංවතුර ජලයේ, මඩ සහිත හෝ තෙත් පස් මත ඇවිදින විට හෝ වැඩ කරන විට අනිවාර්යයෙන්ම රබර් බූට් සපත්තු (Boots) සහ අත්වැසුම් පළඳින්න. සමෙහි තුවාල ඇත්නම් ඒවා ජලයට නිරාවරණය වීමෙන් වළකින්න.
📍 පූර්ව ප්‍රතිකාර: අවදානම් සහිත රැකියාවල නියැලෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ සෞඛ්‍ය කාර්යාලයෙන්, ප්‍රදේශයේ PHI මහතාගෙන් මී උණ සඳහා අවශ්‍ය පූර්ව ඖෂධ (Doxycycline) ලබා ගන්න. සතියට 200mg ප්‍රමාණයක් බැගින් ගං වතුරය නිරාවරණය වී අවසන් වන තෙක් සතිපතා ලබාගන්න.
වයස අවුරුදු 12 අඩු දරුවන්, ගැබිනි මවුවරුන්,කිරිදෙන මවුවරුන් ගැනීමෙන් වළකින්න,( වැඩිදුර තොරතුරු වද්‍ය වරුන්ගෙන් හා PHI මහතාගෙන් දැනගන්න)

3. 🦟 කෘමි දෂ්ඨන මගින් බෝවන රෝග වැළැක්වීම (ඩෙංගු)
ගංවතුර තත්ත්වයෙන් පසු ඉතිරිවන ජලයේ ඩෙංගු මදුරුවන් බෝවීම අධික ලෙස වැඩිවේ.
📍මදුරු කීටයන් විනාශ කිරීම: ඔබේ නිවස අවට, ගෙවත්තේ සහ වැඩ බිමේ ජලය රැඳිය හැකි සියලුම ස්ථාන (පොල් කටු, හිස් ටින්, ටයර්, ප්ලාස්ටික් භාජන) දිනපතා පරීක්ෂා කර, ජලය ඉවත් කර හෝ විනාශ කර දමන්න.
දිවා කාලයේදී මදුරු දැල් තුළ නිදා ගැනීමෙන් හෝ මදුරු විකර්ෂක ආලේපන භාවිතයෙන් ඩෙංගු අවදානම අඩු කර ගන්න.

4. 👋 පුද්ගලික සනීපාරක්ෂාව
සෑම රෝගයකින්ම ආරක්ෂා වීමට ඇති සරලම පියවර මෙයයි.
📍දෑත් සේදීම:
📍ආහාර පිළියෙළ කිරීමට හෝ ගැනීමට පෙර.
📍 වැසිකිළි භාවිතා කිරීමෙන් පසු.
📍 දරුවන්ගේ ඩයපර් මාරු කිරීමෙන් පසු.
📍පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු.
📍 සැමවිටම සබන් සහ පිරිසිදු ජලය යොදා හොඳින් දෑත් සෝදන්න.
⚠️ රෝග ලක්ෂණ ඇත්නම් වහාම කළ යුත්තේ කුමක්ද?
ඔබට හෝ පවුලේ අයෙකුට:
📍නොනැවතී පාචනය (බඩ බුරුලෙන් යාම)හෝ වමනය.
📍අධික උණ, දරුණු හිසරදය හෝ ඇඟපත රුදාව.
📍 කහ පැහැ ගැන්වුණු ඇස්.
වැනි රෝග ලක්ෂණ ඇත්නම්, කාලය නාස්ති නොකර වහාම ළඟම ඇති රජයේ රෝහලට යන්න.
ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි! මෙම උපදෙස් අන් අය වෙතද බෙදාහරින්න.
*---සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - හංවැල්ල

🛑 අවධානය යොමුකරන්න ගංවතුරෙන් පසු සෞඛ්‍ය අනතුරු / බෝවන රෝග වලින් ආරක්ෂා වීමටගංවතුර තත්ත්වය පහව ගියද, අපිරිසිදු ජලය, මඩ සහ...
28/11/2025

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂි...
12/05/2025

මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ වෙසක් දන්සල් පරීක්ෂාව, උපදෙස් ලබාදීම හා අනාරක්ෂිත ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වයට පත් කරවීම, හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනය පුරා සිදු කරන ලදී.

08/09/2024
🚨 මේ විශේෂ නිවේදනය 2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන් / භාරකරුවන් වෙත...
04/01/2024

🚨 මේ විශේෂ නිවේදනය 2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන් / භාරකරුවන් වෙතයි.

🦠 මොළයට හානිවීම, නියුමෝනියාව, අන්ධ භාවය, බිහිරි භාවය, දරුණු පාචනය සහ මාරාන්තික සංකූලතා ගෙන දිය හැකි සරම්ප රෝගය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල මෙන්ම ලංකාව තුලද කුඩා දරුවන් අතර පැතිර යමින් පවතී.

🚩 වඩාත් අවදානම් සෞඛ්‍ය දිස්තික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ හඳුනාගෙන තිබේ.

💉 මේ තත්වය සලකා බලා අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්වල , 2024 ජනවාරි 06 වැනි දිනට මාස 6 - මාස 9 වයස් කාණ්ඩයේ පසුවන සියලූම දරුවන්, සරම්ප රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැළසුම් කර තිබේ.

🏥 2024 ජනවාරි 6 වෙනි දින උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා ඔබට ආසන්නයේම ඇති එන්නත්කරණ සායනයෙන් මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතී.

✅ මෙය මාස 9 දී සහ අවුරුදු 3 දී දැනට ලබා දෙන සරම්ප එන්නත් මාත්‍රා දෙකට අමතරව ලබා දෙන අතර එම එන්නත් වර්ගයම (MMR) භාවිතයට ගැනේ.

🟢 මින් පෙර සරම්ප රෝගය වැළඳී තිබෙන ඉහත වයස් කාණ්ඩයේ අවදානම් දිස්ත්‍රිකවල දරුවන්ටද , අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

👶🏻 ඔබේ ළදරුවා පැතිරයන සරම්ප රෝගයේ ගොදුරක් නොවන්නට දැනුවත් සහ වගකිවයුතු දෙමව්පියන් ලෙස නොවරදවාම ඔබේ යුතුකම ඉටුකරන්න.

-------------------------------------

🚨 இந்த சிறப்பு அறிவிப்பு ஏப்ரல் 7, 2023 க்கும் ஜூலை 5, 2023 க்கும் (இரண்டு நாட்களும் உட்பட) இடையே பிறந்த குழந்தைகளின் பெற்றோர்/பாதுகாவலர்களுக்கானது.

🦠 மூளை பாதிப்பு, நுரையீரல் அழற்சி (நிமோனியா), பார்வை குறைப்பாடு, காது கேளாமை, கடுமையான வயிற்றுப்போக்கு மற்றும் ஆபத்தான சிக்கல்களை ஏற்படுத்தக்கூடிய சின்னமுத்து, தற்போது உலகின் பல நாடுகளிலும், இலங்கையிலும் இளம் குழந்தைகளிடையே பரவி வருகிறது.

🚩 கொழும்பு, கம்பஹா, களுத்துறை, காலி, மாத்தறை, கண்டி, யாழ்ப்பாணம், குருநாகல் மற்றும் கல்முனை ஆகிய மாவட்டங்கள் அதிக ஆபத்துள்ள சுகாதார மாவட்டங்களாக அடையாளம் காணப்பட்டுள்ளன.

💉இச்சூழலைக் கருத்தில் கொண்டு, அதிக ஆபத்துள்ள மாவட்டங்களில் உள்ள குழந்தைகளுக்கும் 2024 ஆம் ஆண்டு ஜனவரி 06 ஆம் திகதி, அதாவது 6 - 9 மாத வயதுடைய அனைத்து குழந்தைகளுக்கும் சின்னமுத்து தடுப்பூசி மேலதிக டோஸ் கொடுக்க திட்டமிடப்பட்டுள்ளது.

🏥 சின்னமுத்து தடுப்பூசியின் மேலதிக டோஸ் உங்கள் அருகிலுள்ள தடுப்பூசி கிளினிக்கில் 6 ஜனவரி 2024 அன்று காலை 9.00 மணி முதல் மாலை 4.00 மணி வரை பெற்றுக்கொள்ளலாம்.

✅ இது 9 மாதங்கள் மற்றும் 3 வயதில் தற்போது கொடுக்கப்படும் இரண்டு சின்னமுத்து தடுப்பூசிகளுடன் மேலதிகமாக கொடுக்கப்பட உள்ளது. இது தற்போது கொடுக்கப்படும் (MMR) தடுப்பூசியே.

🟢 முன்னர் சின்னமுத்து நோயால் பாதிக்கப்பட்டுள்ள மேற்கண்ட வயதினரின் ஆபத்து மாவட்டங்களில் உள்ள குழந்தைகளுக்கு சின்னமுத்து தடுப்பூசியின் மேலதிக டோஸ் வழங்கப்படும்.

👶🏻 உங்கள் குழந்தை பரவும் சின்னமுத்து நோயால் பாதிக்கப்படாமல் இருக்க, தகவலறிந்த மற்றும் பொறுப்பான பெற்றோராக உங்கள் கடமையை தவறாமல் செய்யுங்கள்.

19/06/2023
20/05/2023

ඇසියයුතු සිංදුවක් 👍

ඩෙංගු මාරාන්තිකයි.එක්වෙමු ජයගමු..

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල...
18/05/2023

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කරන පුද්ගලයින් අතර මරණ කීපයක් ද වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව නියමාකාරව දැනුවත්වී අන් අයවත් මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් සමාජ වගකීමක් වනවා.

දැන් අපි බලමු මෙම NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග මොනවා ද ? ඒවා ගත්තම මොකද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රා වලින් ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන.

ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන්, යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා වනවා. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේ දී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් ඔබට වන්නට ඉඩ තිබෙනවා. මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිතා කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කල යුතුයි. ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර්තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු වන්නේ නැහැ.

මේ වෙනවිට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා. අපේ ජනගහනයේ වැඩිදෙනා ප්‍රතිශක්තියක් නොදක්වන , ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් ( DEN 3) අප අතර සංසරණය වීමට පටන් ගෙන තිබීම, වහා ක්‍රියාත්මක නොවුවහොත් ඉදිරියේදී තත්වය තවත් අවදානම් විය හැකි බවට බරපතළ ඉඟියක්.

මේ නිසා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ හැකිතාක් පාලනය කරගනිමින් ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා වීම ඉතාම වැදගත්. ඔබගේ නිවස අභ්‍යන්තරය වගේම නිවස අවට, වැහි පිහිලි ආශ්‍රිතව සහ ඔබේ දෑසට හසු නොවන තැන්වල ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට හැකි ස්ථාන නිර්මාණය වී තිබෙන්නට පුළුවන්. නිවෙස්වලට අමතරව පාසැල්, පෙර පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ආයතන, ඉදිකිරීම් ස්ථාන අප රට තුළ ඩෙංගු කීටයන් වැඩි වැඩියෙන් හමුවන තැන් බවට පත්ව තිබෙනවා. මෙවැනි, මදුරුවන් බෝවෙන ස්ථාන සොයා බලා විනාශ කරන අතරතුර මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමටත් පියවර ගත යුතුයි.

විශේෂයෙන්ම මදුරුවා වැඩිපුර ගැවසෙන වේලාවන්හි නිවසෙන් පිටතට යන විට ශරීරය ආවරණය වන ඇඳුම් භාවිතය , මදුරු විකර්ශක වර්ග භාවිතය, මදුරු දැල් වැනි වෙනත් ආරක්ෂණ උපාය මාර්ග භාවිතය මදුරුවා දෂ්ට කිරීමෙන් ඔබව ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මේ සියලු කරුණු ගැන අවධානය යොමුකර අප මුහුණ දී සිටින දැඩි අවදානම් අවස්ථාවෙන් ඉක්මනින් මිදීමටත්, තව දුරටත් ජීවිත හානි ඇතිවීම වළක්වා ගැනීමටත් ලාංකික ඔබ සියලු දෙනා, ඉක්මන් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

- Copied -

Address

Office Of Public Health Inspector/Diddeniye

10650

Website

Alerts

Be the first to know and let us send you an email when සීතාවක පී.එච්.අයි මහත්තයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share