20/10/2025
මාත්‍රා කරන ලද ඉන්හේලර් (Metered Dose Inhaler - MDI) නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන ඔබ දැනුවත් ද ඔබ ඒ භාවිතා කරන ආකාරය නිවැරදි ද ?...කියවලා බලන්න.✋
1.භාවිතයට පෙර ඉන්හේලරය (කැනිස්ටරය)හොඳින් සොලවන්න (තත්පර 5–10ක්).
2.මුඛ ආවරණය ඉවත් කර දූවිලි හෝ අවහිරතා ඇත්දැයි පරීක්ෂා කරන්න.
3.පෙනහළු හිස් වන පරිදි සම්පූර්ණයෙන්ම සෙමෙන් හුස්ම පිට කරන්න.සොටු සෙම ඉවත්කර කර ස්වසන මාර්ගය පිරිසිදු කරගන්න.
4.මුඛය තබන කොටස (mouthpiece) මුඛය තුළට දමා තොල් වලින් මුඛය තදින් වසා ගන්න,බෙල්ල උස්සා හිස මඳක් පසුපසට ගන්න.
5.සෙමින් හුස්ම ඇතුළට ගැනීම ආරම්භ කර, ඒ සමඟම, කැනිස්ටරය එක් වරක් ඔබන්න.
සෙමින් සහ ගැඹුරින් හුස්ම ඇතුළට ගැනීම දිගටම කරගෙන යන්න (තත්පර 3–5ක් පමණ).
තත්පර 10-15ක් පමණ හෝ ඔබට පහසු තාක්කල් හුස්ම අල්ලාගෙන සිටින්න.
6.නාසය හරහා සෙමින් හුස්ම පිට කරන්න.
7.දෙවන මාත්‍රාවක් (second puff) අවශ්‍ය නම්, තත්පර 30ක් විනාඩියක් පමණ රැඳී සිට නැවතත් මුල් පියවර නැවත කරන්න.
8.භාවිතයෙන් පසු මුඛය සෝදන්න (හැකි නම් මදක් උණුසුම් ජලයෙන්)(විශේෂයෙන් ස්ටෙරොයිඩ් ආශ්වාසක සඳහා එමගින් මුඛයේ තුවාල දිළිර ආසාදන වැනි තත්ත්ව වලින් ආරක්ෂාවේ).
9.මුඛය තබන (mouthpiece) කොටසේ ආරක්ෂිත ආවරණය වසා දරුවන්ගෙන් ඈත් කොට තබන්න.
මේ පියවර හරියට භාවිතා කරන්න නැත්නම් ඔබට අවශ්‍ය කරන ඖෂධ මාත්‍රාව ලැබෙන්නේ නැහැ ඒ නිසා ඔබට සහනයක් ලැබෙන්නෙත් නෑ.
ඒ නිසා අද ඉඳන් හරියට කරන්න..🙋
ස්පේසර් (spacer) එකක් භාවිතා කිරීමෙන් ඖෂධයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කළ හැක, විශේෂයෙන් ළමයින්ට හෝ වැඩිහිටි රෝගීන් සඳහා.
සුවෙන් සිටින්න..❤
Are you aware of the correct way to use a Metered Dose Inhaler (MDI)? Is the way you use it correct? ...Read and check.✋
Shake the inhaler (canister) well before use (for 5–10 seconds).
Remove the mouth cap and check for dust or blockages.
Breathe out slowly and completely to empty your lungs. Clear phlegm/mucus and clean your airway.
Place the mouthpiece inside your mouth and seal your lips tightly around it. Raise your neck and tilt your head slightly backwards.
Start inhaling slowly and, at the same time, press the canister once. Continue to inhale slowly and deeply (for about 3–5 seconds). Hold your breath for about 10–15 seconds or as long as is comfortable for you.
Breathe out slowly through your nose.
If a second dose (second puff) is required, wait about 30 seconds to a minute and repeat the initial steps again.
After use, rinse your mouth (with slightly warm water if possible) (especially for steroid inhalers, this prevents conditions like mouth sores and fungal infections).
Close the protective cover of the mouthpiece and keep it away from children.
If you don't use these steps correctly, you won't receive the required dose of medication, and thus, you won't get relief.
So, start doing it correctly from today..🙋
Using a spacer can enhance the efficiency of the medication, especially for children or elderly pations