04/10/2025
පියයුරු එල්ලා වැටීම වළක්වා ගනිමු
****************************************
පියයුරු එල්ලා වැටීම වයස්ගත වීම සමඟ සිදුවන සාමාන්‍ය සිදුවීමක් වුවත් වයස්ගත වීමට පෙර සිදුවන පියයුරු එල්ලා වැටීම බොහෝවිට සිදුවන්නේ මාංශ පේශී වල ශක්තිමත් බාවයේ ඇති ගැටලු නිසායි.
මෙහිදී මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම මගින් මෙම තත්වය බොහෝ දුරට සමනය කර ගත හැකි අතර නිවැරදි ඉරියව් පවත්වා ගැනීමද සම වැදගත්කමකින් යුක්ත වේ.
සුදුසුකම් ලත් භෞතචිකිත්සක වරයෙකුගේ පරික්ශාවෙන් පසු පියයුරු එල්ලා වැටීමේ හේතුව සොයා ගැනීම සිදු කර ගත යුතු අතර ඉන් පසු අවශ්‍ය ව්‍යායාම හෝ වෙනත් උපදෙස් ලබා ගත හැකිය.
පොදුවේ සිදු කල හැකි ව්‍යායාම කිහිපයක් පහතින් දක්වා ඇත.
පොදු උපදෙස් ලෙස,
* සුදුසු හා ගැලපෙන ප්‍රමාණයේ යට ඇඳුම් භාවිතය
*උසට සරිලන බරක් පවත්වා ගැනීම
* නිවැරදි ඉරියව් හා චලන පවත්වා ගැනීම
* නම්‍යශිලීත්වය පවත්වා ගැනීම
ආදිය සිදු කිරීමෙන් සුන්දර සිරුරක් පවත්වා ගත හැකිය.
කෙසේ නමුදු මෙය වයස්ගත වීමේදි සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බවත්, ගුරුත්වාකර්ෂණය , ඉරියව් භාවිතය, ජානගත තත්ව සහ වෙනත් සාධකද මේ සඳහා හේතු වන බව සඳහන් කල යුතුය.
ඔබගේ ගැටලු කමෙන්ට් කරන්න.
#ආයූභෞතචිකිත්සකසේවය