Doctor Home Visit/service

Doctor Home Visit/service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Doctor Home Visit/service, Hunupitiya.

We provide SLMC registerd Full qualified doctor to your home when you need.we are covering specially wattala,kandana,ja-ela,seeduwa,kiribathgoda,kadawatha,ragama,makola,kelaniya, paliyagoda arears.

14/05/2021

⦿ Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

⦿ වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

⦿ Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

⦿ Sinopharm සාර්ථක එන්නතක් ද?

--- Sinopharm එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ---

1. Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

Sinopharm එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

2. Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

3. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

4. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ (sample) වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

5. Sinopharm සාර්ථක එන්නතක් ද?

කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා Sinopharm සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි.

13/05/2021

COVID Vaccination

Answers to a few queries brought up these days;

Get the vaccine the moment you get the opportunity. It may save your life.

Women.
1. If you are planning to get pregnant or trying at the moment, get the vaccine and avoid a pregnancy for 1 month.

2. If you are currently pregnant. The ACOG( American College of Obstetricians and Gynaecologists), RCOG(Royal College of Obstetricians and Gynaecologists) and the SLCOG( Sri Lanka College of Obstetricians and Gynaecologists) recommend to take the vaccine. One should remember though, the long term effects of these vaccines are unknown. Nevertheless, there are other vaccines similar to these which are used in pregnancy and considered safe. Final decision to take the vaccine should be by the pregnant woman.

2.1 However, if you are in the first 12 weeks ( first 3 months); if possible wait until 12 weeks. There may be a theoretical benefit from not taking the vaccine during the first three months to the fetus (organogenesis happens during this period)
2.2. If you are more than 3 months(12 weeks) take the vaccine

3. If you are breastfeeding or after delivery take the vaccine. After the vaccine you may continue to breastfeed as per normal. Mothers who have babies less than 6 months old can take the vaccine too.

Even if you are vaccinated- vaccines are not 100% effective. So avoiding the disease is the guaranteed way of survival.

SO UNLESS ITS ESSENTIAL DO NOT GO OUT. STAY AT HOME.

For a more detailed explanation by Dr Probhodana watch: https://m.facebook.com/story.php?story_fbid=165673815560186&id=100063527050600

කෝවිඩ් එන්නත​


එන්නත ලබා ගැනීමට හැකි අවස්තාවේ එය ලබා ගන්න​. එමගින් ඔබේ ජීවිතය වුවත් සුරක්‍ෂා විය හැකි.



1) ඔබ ගර්භනී වීමට සැලසුම් කරනවනම් - එන්නත ලබා ගන්න​. ඉන්පසු මාසයක් යනතුරු ගර්භනී වීමට තැත් නොකරන්න​.



2) ඔබ ගර්භනී නම් ARCOG (American College of Obstetricians and Gynaecologists), RCOG (Royal College of Obstetricians and Gynaecologists) අනුව එන්නත ලබා ගැනීම නිර්දේශ කර ඇත​. මෙම කිසිදු එන්නතක දිගු කාලීන වාසි, අවාසි (අතුරු ආබාධ) මේ වෙන තෙක් නිශ්චිත වශයෙන් නොදනී. නමුත්, මේ හා සමාන වෙනත් එන්නත්, ගර්භනී සමයේ ලබාගැනීම සුදුසු යැයි මීට පෙර නිර්දේශ වී තිබේ. එම නිසා එන්නත ලබා ගන්නවාද නැද්ද යන අවසන් තීරණය ගර්භනී මව සතුයි. එනමුත්;

2.1) ඔබ පලමු ත්‍රෛයිමාසිකයේ පසු වන කෙනෙක් නම් - සති 12 අවසන් වන තුරු සිට එන්නත ලබා ගන්න​.



2.2) ඔබ පලමු ත්‍රෛයිමාසිකය අවසන් කළ අයෙක් නම්, එන්නත ලබා ගන්න​.

3) ඔබ මව්කිරි දෙන මවක් හෝ දරු ප්‍රසූතිය සිදු කල මවක් නම්, එන්නත ලබා ගන්න​.


ඔබ කල යුතු උචිනම දේ නම් හැකිතාත් නිවෙස් වලම රැඳී සිටීමයි. ප්‍රතිශක්තීකරන එන්නත 100% ඵලදායි නොවන බැවින්. අතයාවශ‍ය කරුණකට හැර නිවෙස් වලින් පිට නොවන්න​.

එකම ව්කල්පය මෙයයි......
11/05/2021

එකම ව්කල්පය මෙයයි......

වැඩිහිටි අයට සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට AstraZeneca එන්නත ලබා දීම සුදුසු ද?ඔව්!අප මීට දින කිහිපයකට පෙර දැනුවත් කළ පරි...
27/02/2021

වැඩිහිටි අයට සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට AstraZeneca එන්නත ලබා දීම සුදුසු ද?

ඔව්!

අප මීට දින කිහිපයකට පෙර දැනුවත් කළ පරිදි ලංකාව තුළ දැනට ලබාදෙන AstraZeneca එන්නත මගින් කිසිම ආකාරයකින් කොරෝනා වෛරසය ශරීර ගත කිරීමක් සිදුවන්නේ නැහැ. මෙමගින් සිදු කරන්නේ වෛරසයට එරෙහිව අපගේ ශරීරය තුළ ප්‍රතිදේහ ජනනය කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය සක්‍රීය කරවීම පමණයි.

මෙම එන්නත දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන අයට සහ වයසින් වැඩි අයට වුවත් ලබා දීමට ඉතා සුදුසු එන්නතක් බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇත. කොරෝනා ආසාදනය මගින් සංකූලතා ඇති වීමටද වැඩි අවදානමක් දරන්නේ අප ඉහත පැවසූ පුද්ගල කාණ්ඩයන්ටයි.

එමනිසා අපගේ වැඩිහිටි අය සහ බෝ නොවන රෝග වලින් පෙළෙන අය කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට ලබාදෙන මෙම එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණු වහාම ඒ සඳහා යොමුවීම ඉතා වැදගත් වේ!

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක! මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තී...
23/02/2021

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක!

මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.

මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටිනයට එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා. මේ සඳහා දෙවන එන්නත් මාත්‍රාවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.

සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්‍යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී. අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්‍රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.

ඔබ සන්නද්ධ වුනු මෙම නව දැනුම තවත් අය සමඟ බෙදාගෙන කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන්න..

For your safty
21/02/2021

For your safty

බර අඩු කර ගමු.....
10/02/2021

බර අඩු කර ගමු.....

06/02/2021
01/02/2021

🅐 හෙට දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

Address

Hunupitiya

Telephone

+94715740025

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor Home Visit/service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram