Seth Sevana

Seth Sevana Ayurvedic treatments. Special ayurvedic therapies & Panchakarma for ladies.

22/10/2015
09/10/2015

ආයුර්වේදයට අනුව ගැස්ට්‍රයිටිස්වලින් මිදී සිටීමේ පහසු මගක්

ආයුර්වේදයේ අම්ල පිත්ත ප්‍රදාහය ලෙසත් බටහිර වෛද්‍ය ක්‍රමයේ
ඨචඵබපඪබඪඵ ලෙස ද හැඳින්වෙන රෝගී තත්ත්වයට අද ගොදුරු වී සිටින පිරිස සුළුපටු නොවේ. දිනෙන් දින ඊට එක්වන පිරිසේද අඩුවක් නැත.
බොහෝ අය පීඩා විඳින මෙම රෝගී තත්ත්වයට හේතුව නූතන සමාජය හැඩගැසී ඇති නිවැරදි නොවන ආහාර රටාවයි. නිවසේ පිළියෙළ වන බතකට ව්‍යාංජනයකට වඩා රසකාරක හා තෙල් මිරිස් අධිකව යෙදූ හෝටල් කෑමට ලොල්වීම සහ ක්ෂණික ආහාර පාන ආදියට වැඩිපුර නැඹුරුවීම අම්ල පිත්ත රෝගයට මූලික හේතුව බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වූවකි.
අපේ පැරැන්නන්ගේ එදා දවසේ මුල්ම පානය මෙන්ම ආහාරයද වූ නැවුම් ස්වභාවික කොළ කැඳ කෝප්පය අමතක කොට දමා නොයෙක් රසායනයන් එකතු වූ කිරිපිටි වීදුරුවට මුල්තැන දීම ද අම්ල පිත්ත රෝගය ඉහළ නැංවීමට හේතුවිය.
වර්තමානයේ වැඩි පිරිසක් යොමුවී ඇති වැරදි ආහාර රටා හේතුවෙන් ආමාශගත ආහාර, ආමාශය තුළදී මූලික දිරවාලීමකට ලක් නොවීම සිදුවේ. මෙලෙස ආහාර ආමාශය තුළදී නිසි ලෙස ජීර්ණය නොවූවද එක් රැස් වන ආම්ලකතාවය හේතුවෙන් බඩ පුරවා දැමීමත්, ගලනාලය ඔස්සේ ආම්ලික ස්වභාවය ඉහළට පැමිණීමත් හේතුවෙන් බඩ පපුව දැවිල්ල හට ගැනීම සිදුවේ. ඒ සමග නොසන්සුන්තාවය, හිසරදය, වමනය, ඔක්කාරය වැනි අපහසුතාවයන්ද බොහෝ අයට දැනෙන රෝග
ලක්ෂණවේ.
මෙවැනි අවස්ථාවකදී ආමාශයේ පවතින ආම්ලික ස්වභාවය හීන කිරීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. ඒ සඳහා ආයුර්වේදයට අනුව ආම්ලික බවට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන ක්ෂාර පදාර්ථයන් අඩංගු ආහාර නැතිනම්
භාෂ්මීය ආහාරපාන ලබා දීම අවශ්‍යවේ. ඒ සඳහා දේශීය වෙදකමේ ඇති ඉතාම උචිත පානය වනනේ ලුණු කැඳය.
ඉතාම පහසුවෙන්, අවම පිරිවැයකින් සකසා ගත හැකි ලුණු කැඳක ඇති
ඖෂධීය ගුණය වැඩි දෙනෙක් සිතනවාට වඩා බොහෝ ඉහළය. ලුණු කැඳ උගුරක් යැයි කියූ විට බොහෝ අයට හැඟෙන්නේ එය කිසිදු වැදගත්කමක් හෝ ගුණයක් නැති පානයක් ලෙසය. එහෙත් දිනපතා උදෑසන ලුණු කැඳ කෝප්පයක් බිමට හැකිනම් එයින්ම අම්ල පිත්ත රෝගයට තිත තැබිය හැකි බව ඔබ දන්නවාද? අම්ල පිත්ත රෝගයට ප්‍රතිකාර ගන්නා අතරතුර වුවද ලුණු කැඳ බිමට හැකි නම් රෝගය ඉක්මනින් හා පහසුවෙන් නිවාරණය කර ගැනීමට හැකියාව තිබේ.
මෙම රෝගයෙන් පීඩා විඳින්නේ නැති අයෙකු දිනපතා කිරි වීදුරුව වෙනුවට ලුණු කැඳ කෝප්පයක් බිමට පුරුදු වුවහොත් කිසිදා අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳීමට සිදු නොවනු ඇත.
ලුණු කැඳ සෑදීමට රතු කැකුළු හෝ හැකිනම් හීනටි හාල් මිටක් සෝදා වතුර සහ ලුණු පමණක් එක්කොට හොඳින් තම්බා ගැනීම අවශ්‍යවේ.
සිහින් සිරුරැති අයෙකුට නම් සිරුර මහත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙසද ලුණු කැඳ යොදා ගත හැකිය. එහිදී ලුණු කැඳවල අඩංගු තැම්බුණු බත නෑඹිලියක දමා මත් ගා කැඳ වතුර සමගම ආහාරයට ගත හැකිය. එහෙත් උසට සරිලන බරක් හිමි අයෙකු කැඳ වතුර පමණක් පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නොවැළඳී ජීවත්විය හැකිය.
අම්ල පිත්ත රෝගයට ප්‍රත්‍ය පානය වූ ලුණු කැඳ හැරුණු විට බෙලි දලු සහ බෙලි මුල් තම්බා පානය කිරීම, ඉදුණු බෙලි ආහාරයට ගැනීම, ‍පොරි කැඳ, බැදි හාල් කැඳ, ඊස්ට් සම්පූර්ණයෙන් ඉවත් වන ලෙස කර වූ හුළං විස්කෝතු වැනි ආහාර වර්ග මෙම රෝගයෙන් පීඩා විඳින අයට ප්‍රත්‍ය වූ ආහාරපාන අතරවේ. එහෙත් තෙල් මිරිස් බහුලව යෙදූ ආහාර, ඇඹුල් වර්ග, අන්නාසි, අච්චාරු, විනාකිරි, තක්කාලි, බැදුම් වර්ග, කජු, පාන්, චොක්ලට් වැනි ආහාර අම්ල පිත්ත රෝගයට අපත්‍ය ආහාර වන නිසා අම්ල පිත්ත රෝගීන් එවැනි ආහාර සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුවේ.

උත්පලා සුභාෂිනී ජයසේකර
ආයුර්වේද වෛද්‍ය
ගයනි කුලතුංග

Address

NO. 184, Galroda Road, Pahalakaragamuna, Kadawatha
Kadawata

Telephone

0767780997

Website

Alerts

Be the first to know and let us send you an email when Seth Sevana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Seth Sevana:

Share

Category