05/05/2020
කියවන්න
උපුටා ගැනිමකි
බුදුන් නොවැඩියනම්
සිරීපාදෙත් හදලැති
මෙලහටත් හෝටල්
බුදු ඇසින් වැලකුනිනම්
මිරිසවැටියත් ගුණසිංහ පුරයක්
සොලොස්මස්ථානයම
විකුණාවි කොටස් කර හතරුස්
සිද්ධස්ථාන හැදිලත්
මිනිසුන් වනසනා හැටි මේ උතුම් පුදබිම්
නොදනිත් පවිටු මිනිසුන්
දෙවියන්ද දැන් අතැර ගිය බව මේ බිම්....
රසික සඳරුවන්
______________________________________
ශ්‍රී ලංකාව අසමාන්‍ය භූගෝලිය පිහිටිමක් ඇති දිවයිනකි. මෑතකදි නාසා ආයතනය මගින් පල කල ගුරුත්වාකර්ෂණ සිතියමට අනුව ලංකාව යනු පෘථිවිය මත අඩුම ගුරුත්වාකර්ෂණ බලය ඇති රටයි. එම සිතියම පහත දැක්වේ.එහි නිල් පැහැයෙන් ඇත්තේ ගුරුත්වාකර්ෂණ අඩු ප්‍රදේශයි. රතු පැහැයෙන් ඇත්තේ ගුරුත්වාකර්ෂණ වැඩි ප්‍රදේශයි.
කොළඹ ගුරුත්වාකර්ෂණය 9.7773m/s2
වන විට ෆ්ලොරිඩාවේ එම අගය 9.7979m/s2 වේ. මෙය තව සරලව පැහැදිලි කලොත් ඇමරිකවේ ෆ්ලොරිඩාවේ කේප් කැනවල් තුඩුවෙන් අභ්‍යවකාශයට යානයක් යවනවාට වඩා ලංකාවෙන් ගුවන් ගත කිරිම පහසුය . වියදමද අවමය. මන්ද යානය පොලවට ඇදගැනිමෙ බලය හෙවත් ගුරුත්වාකර්ෂණය මෙහි අවම නිසාය.
ලංකාව ඇතුලතද ගුරුත්වාකර්ෂණ අවම ස්ථානය ශ්‍රිපාද කන්දය. බුදුන් වහන්සේ එහි වැඩ පාද ලංඡනය පිහිටුවේ නැතිනම් මෙලහට එහි ඇමරිකන් කොලනියක් වනු නොඅනුමානය. ආතර් සී ක්ලාක් පවා මෙහි පදිංචි වූයේ මේ රහස් දැන සිටි බැවිනි.
රුවන්වැලිසෑ පුදබිමද එවන් ගුරුත්වාකර්ෂණය අවම ස්ථානයකි . දෙවි බඹුන් පිටසක්වලයන්ට පෘථිවියට පහසුවෙන් පැමිණෙන්නටද පිටත් වන්නටද මේ ස්ථාන වල ඇති අවම ප්‍රතිවිරෝධය නිසා පහසුය.
අප මෙවන් පුදබිම් රුකගත යුත්තෙ එබැවිනි . අන්ධයාට මැණිකක අගය නොපෙනෙන්නා සේ අපටද අපේ සම්පත් වල අගය නොවැටහේ.
ගුවන් යානා තොටුපොළක් විනාස කල විට එයට යානා නොබස්සන්නා සේ අප මේ පුදබිම් විනාස කල විට දෙවි බඹුන් මෙහි පැමිණිමද අත්හරි.
පිටසක්වලයන් කිසිදින පෘථිවිය ආක්‍රමණය නොකරන රහසද මේ පුදබිම්ය . ඔවුන් අතර ගෞතම බුදුහිමිගෙන් බණ ඇසු කල්ප ගණන් ආයුෂ ඇති දෙවියන්ද වෙති.ඔවුන් අදටත් මෙහි එන්නේ ඒ පුරුද්දටය.