ආයුධාරා ආයුර්වේද

ආයුධාරා ආයුර්වේද ayurveda medicines for well-being

Health tips 01🌿  උණුසුම් ලෙමන් වතුර වීදුරුවක් පානය කිරීමෙන් සහ දිව මැදීමෙන් ඔබේ දවස ආරම්භ කරන්න! 🧘‍♀️ආයුර්වේදයට අනුව, *ඔ...
03/01/2026

Health tips 01
🌿 උණුසුම් ලෙමන් වතුර වීදුරුවක් පානය කිරීමෙන් සහ දිව මැදීමෙන් ඔබේ දවස ආරම්භ කරන්න! 🧘‍♀️

ආයුර්වේදයට අනුව,
*ඔබේ දිව මැදීම විෂ ඉවත් කර ඔබේ දෝෂ සමතුලිත කරයි. *ආහාර දිරවීම උත්තේජනය කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට නැවුම් ලෙමන් මිරිකා එකතු කරන්න.

සෑම උදෑසනකම ඔබේ දිව මැදීමෙන් සහ උණුසුම් ලෙමන් වතුර බොන්න මිනිත්තු කිහිපයක් ගන්න. වෙනස දැනෙන්න! 😊

තරබාරුකම යනු ශරීරයේ අතිරික්ත මේදය සමුච්චය වීමය.එය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, ආයු අපේක්ෂාව අඩු කිරීම සහ/හෝ සෞඛ්‍ය ගැට...
25/11/2022

තරබාරුකම යනු ශරීරයේ අතිරික්ත මේදය සමුච්චය වීමය.එය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, ආයු අපේක්ෂාව අඩු කිරීම සහ/හෝ සෞඛ්‍ය ගැටලු වැඩි කිරීමට හේතු විය හැක. දියවැඩියාව,හෘද රෝග, අධි රුධිර පීඩනය, ආඝාතය, ඔස්ටියෝ ආතරයිටිස් සහ පිළිකා ආදි රෝග බරෙහි ප්‍රධාන කොටසක් ලෙස අධික බර හා තරබාරුකම දැක්විය හැක.

ආයුර්වේදයේ, අති ස්ථෞලය (තරබාරුකම) විස්තර කර ඇත්තේ මේද (මේදය/ඇඩිපෝස් පටක) සහ මම්සා (මස්/මාංශ පේශි පටක) අධික ලෙස උකුල්, උදරය සහ පියයුරු ආදියේ එකතුවීම ලෙසය. එය ආයුර්වේදයේ සන්තාර්පානොත්ත විකාර (අධික කැලරි පරිභෝජනය හේතුවෙන් ඇතිවන රෝගය) එකක් ලෙස සැලකේ. මේදෝදුෂ්ටි(මේද පරිවෘත්තීය ආබාධ) Ischemic හෘද රෝග (IHD) සඳහා අවදානම් සාධක වලින් එකක් විය හැකිය.

තරබාරුකමට සහ අධික බරට මූලික හේතුව වන්නේ පරිභෝජනය කරන කැලරි සහ වැය කරන කැලරි අතර ශක්ති අසමතුලිතතාවයයි.
මේ සඳහා
*මේදය හා සීනි සහිත අධික ශක්තිජනක ආහාර වැඩි වශයෙන් භාවිතය
*බොහෝ ආකාරයේ වැඩවලදි වැඩි වැඩියෙන් වාඩි වී සිටින ස්වභාවය
*ප්‍රවාහන ක්‍රම වෙනස් කිරීම සහ නාගරීකරණය වැඩි වීම හේතුවෙන් ශාරීරික අක්‍රියතාව වැඩි වීම.
*නිදන්ගත රෝග හා ශාරීරික හෝමෝන අසමතුලිත තාවයන්,මානසික ආතතිය
*ආහාර හා ශාරීරික ක්‍රියාකාරකම් රටා වෙනස් වීම
ආදි විවිධ සාධක බලපානු ලබයි.

අධික තරබාරු බවින් මිදී නිරෝගීව සිටීමට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර, නිවැරදි ආහාර රටාවන් සහ ‍ව්‍යායාම තුලින් හැකියාව පවති.

සියලුම රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට විමසීම් ,
වෛද්‍ය සමන්ති පල්කුඹුර
BAMS (කොළඹ විශ්වවිද්‍යාලය)
ආයුධාරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
වලල හන්දිය
මැණික්හින්න
0710101115

ඔබත් ගල් තැලුම් නිසා වේදනාවෙන් පීඩා විඳින්නේ ද??ගල් තැලුම් යනු ඝර්ෂණයෙන් හෝ පීඩනයෙන් සම ආරක්ෂා වීමට උත්සාහ කරන විට වර්ධන...
23/09/2022

ඔබත් ගල් තැලුම් නිසා වේදනාවෙන් පීඩා විඳින්නේ ද??

ගල් තැලුම් යනු ඝර්ෂණයෙන් හෝ පීඩනයෙන් සම ආරක්ෂා වීමට උත්සාහ කරන විට වර්ධනය වන ඝන, දැඩි වූ සමේ ස්ථර වේ. ඒවා බොහෝ විට පාද වල හෝ අත්ල මත සෑදී ඇත.
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් ගල් තැලුම් සාර්ථකව ඉවත් කිරීම සිදුකල හැක.

ආයුධාරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වලල හන්දිය
මැණික්හින්න
0710101115

20/10/2019

#වසවිසෙන් #තොර #නීරෝගී #ජීවිතයක් උදෙසා... 😀😀😀😀 👇👇👇👇

වර්තමානයේ අනෙකා ඉදිරියේ පොෂ් වී පෙනීසිටීමට උත්සාහකරන බොහොමයක් දෙනා තමන් විසින්ම මුදල් ලබා දෙමින් රෝග රැසකට මුලපුරමින් අවලස්සන සිරුරක් ලගාකරගන්නේ ඇයි ද යන්න විශ්මයජනක කාරණාවකි.
ස්වාභාවික එළවළු, පලතුරු වෙනුවට කෘතිමව රසකාරක යොදා සකසනලද නූඩ්ලස්, කොත්තු, රයිස් ඔබ ආහාරයට එක්කරගන්නේද? දිවට රසයක් ගෙනදෙමින් කායිකව රෝගී තත්ව රැසකට ළගාකරන බව ඔබ නොදන්නේ ද? අජිනමොටෝ, සුප්කැට මගින් ආහාරවල රසය වැඩිකරමින් අස්ථි පද්ධතිය දිරාපත් කරමින් පිළිකා වලට ගොදුරු වන්නේ තමන් අමාරුවෙන් හම්බකරන මුදල් නාස්තිකරමින් නොවේද.. 🤔
ඒ වෙනුවට නිවසේදී පහසුවෙන්ම සොයාගත හැකි ශරීරයට ගුණ කොත්තමල්ලි , එනසාල් ,කරාබුනැටි, කරදමුංගු, ඉගුරු,සුදුළුනු, භාවිතා නොකරන්නේ මන්ද??

තවද ,කාර්‍යබහුල වීම යන පිලිතුර ලබාදෙමින් ආහාරපාන සකස් කිරීමට වෙලාවක් නැත යන්න කියන බොහෝ තරුණ පිරිස තමන්ට ලැබී ඇති ජීවිතය මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතය ද රෝගී තත්ත්වයකට ඇද දමන්නේ මහත්වූ අකුසල කර්මයකට මුලපුරමිනි. වැඩ ඇරී නිවසට එනවිට කොත්තු , රයිස් ගේනවා වෙනුවට නිවසේදීම බතක් හා පොල්සම්බෝලයක් පිළියෙල කරගත නොහැක්කේ මන්ද, එසේත් නැත්නම් මාළු ඇඹුල් තියල් දමා හෝ පොලොස් මාලුවක් පිළියෙල කරතබා ශීතකරණයේ නොතබාම දවස් තුන හතරක් භාවිතා කළ නොහැක්කේද ඇයි 🤔

අධික තෙල්, ලුණු , මිරිස්, සෝස්, ඇස්ට්‍රා යොදා පිළියෙල කල ආහාර නිතර නිතර ගැනීමට යොමුවීම මගින් පක්ෂාගාත , හෘදයාබාධ වැනි රෝග වලට මුලපුරයි. ☹️

නොයෙක් රසකාරක , වර්ණකාරක හා සීනි අධිකව සකස්කර ඇති කෘතිම පැණිබීම වර්ග පානය මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග රැසක් මෙන්ම , දන්ත සෞඛ්‍යට ද හානි කරමින් ප්‍රමේහ රෝග බොහොමයක් වර්තමානයේ පොඩි ළමුන්ගේ පවා දක්නට ලැබේ . එබැවින් මේ සදහා නිවසේදී වස විසෙන් තොර අඹ,ගස්ලබු , නාරං, පැණිදොඩන්, වැල්දොඩම්, ජුල්, අනෝදා, යොදා ගනිමින් ස්වාභාවික ලෙස බීම වර්ග සාදාගනිමින් පවුලේ සැවොම සමග සතුටින් භුක්ති විදියහැකි වන්නේ ගතට ඉහළ පෝෂණයක් මෙන්ම මනසටද ලැබෙන්නේ කියා නිමකළ නොහැනි සතුටකි. 😀

තවද කෝච්චියේ ,බස් රථයේ ගමන් කරන විට සුලබව දක්නට ලැබෙන වඩේ මිලදී ගන්නා කී දෙනෙක්නම් සිටීද 🤔🤔🤔
මහාපරිමාණ හෝටල් වලින් වරක් භාවිතයෙන් ඉවතලන තෙල් අඩු මිලට රැගෙන මාස ගණන් භාවිතාකරනින් වඩේ සාදා තම දේනික ජීවිතය ගැටගසා ගන්නා වෙළෙන්දන් අනෙකාගේ සෞඛ්‍ය ගැන සිතන්නේ නැත. පිළිකා රැසකට මුලපුරන මෙසේ වරක් භාවිතයට ගෙන ඉවත්කරන තෙල් වලින් පිසින ලද වඩේ, කට්ලට්, රෝල්ස්, සමෝසා වැනි දෑ තවදුරටත් ඔබත් ආහාරයට එක් කරගන්නවද යන්න ඔබේ හදවතින්ම ඇසීමට තරම් බුද්ධිමත් වන්න.

අනෙක්පසින් බලන කළ සුදු වීමේ රැල්ල. ලංකාවට ආවේණික තලෙළු පැහැ සම, යුරෝපීයන්ගේ ඇති සුදු පැහැයට හරවා ගැනීමට වර්තමානයේ කාන්තවන් කොතරම් නැඹරු වන්නේද... 👩
බ්ලීච්න් නිශ්පාදන අඩංගු ක්‍රීම් වර්ග, ඉන්ජෙක්ෂන් , පෙති වර්ග කොතරම් ප්‍රමාණයක් වෙළෙඳ පොලේ දක්නට ඇත්ද. මේවා මිලදී ගන්නවාද නොගන්නවද යන්න ඔබ ඔබෙන්ම ඇසිය යුතුය. සමට වර්ණය ගෙන දෙන මෙලනීන් එකිනෙකාට විවිධ අයුරින් වෙනස් ප්‍රමාණ වලින් සමේ පිහිටා ඇත. බ්ලීච්න් නිශ්පාදන භාවිතය මගින් ස්වාභාවික මෙලනීන් නිශ්පාදනය අඩුකර සෛල ස්ථර විකෘති කරමින් බාහිරව ලප කැළැල්, තුවාල, අළුහම්, පොතුකබර , මෙන්ම අභ්‍යන්තරයට ගන්නා පෙති වර්ග හා ඉන්ජෙක්ෂන් මගින් පිළිකා හා මදසරුභව යන කලීන රෝග රැසකට මගපාදනු ලැබේ.
තමන්ට ආවේණික වූ සමේ පැහැය වැඩි කරලීම සදහා නිවසේදීම කඩල පිටි, වෙනිවැල් , වැල්මදට , කොකුම් පොතු, කහ, කොහොඹ, කෝමාරිකා , ලොත් සුඹුලු, යෝගට් වැනි දෑ භාවිතා කරමින් scrub, pack සකස් කරගනිමින් ආලේප කරගත හැක. එලෙසම සම පැහැපත් වීමට කැරට් යුෂ, කොමඩු , ගස්ලබු යුෂ පානය හා රණවරා තම්බා පානය මගින් දිදුළන රන්වන් පැහැයක් ස්වාභාවිකව සමට එක් කරගත හැක.

එමෙන්ම කාන්තා පිරිමි දෙපිරිසම භාවිතා කරන ෂැම්පු, ඩයි වර්ග , හා කාන්තාවන් භාවිතා කරන නිය ආලේපන් හා තොල් ආලේපනා භාවිතා කිරීමේදී අසාත්මිකතාවෙන් තොර නිශ්පාදන භාවිතා කිරීම පිළිබඳ සැලකිය යුතුය. එසේ නොවන්නේනම් අවසානයේ මරණය වුවද ක්ෂනිකව ළගා කරගත හැකිය.

මෙලෙස ස්වාභාවික දේශීය සම්පත් යොදා ගනිමින් රෝගාබාධ වලින් තොර සෞඛ්‍ය සම්පන්න හෙටක් වෙනුවෙන් දීර්ඝ ආයුෂ ලැබ නීරෝගී ජීවිතයක් ළගා කරගැනීමට ඔබත් මොහොතක් සිතන්න. 🤔

සටහන -👩‍⚕️ ඉරෝෂා ලක්මාලි
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා,
දේශීය වෛද්‍ය විද්‍යාතනය
කොළඹ විශ්වවිද්‍යාලය.

මෙවැනි වැදගත් ලිපි කියවීමට ඔබත් කැමති නම් ආයුෂ් අරණ පේජ් එකට 👍 කරන්න පහත link එකෙන්
https://www.facebook.com/ආයුෂ්-අරණ-Ayush-arana-101915584550522/

Address

Walala Junction, Menikhinna
Kandy
20000

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 15:00 - 20:00
Sunday 15:00 - 20:00

Telephone

+94710101115

Website

Alerts

Be the first to know and let us send you an email when ආයුධාරා ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ආයුධාරා ආයුර්වේද:

Share