Suwa Lanka

Suwa Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwa Lanka, Medical and health, aniwatta, Kandy.
(1)

සුව ලංකා - Healthy Lanka පිටුව මගින් ශ්‍රී ලාංකික ඔබට සෞඛ්‍ය දැනුම ලබාදෙන අතර ,රෝග තත්ව කලින් හඳුනාගැනීමටත්,රෝගයක් වැළඳුනු පසු එයින් ප්‍රවේශම් වීමට හා ඒ සඳහා ප්‍රතිකාර පිළිබඳවත් දැනුවත් කරනු ලැබේ.

❇️❇️ කමල් යනු මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි, ඔහු මැදි වියේ පසුවන අතර කාලයක් තිස්සේ ඇදුම රෝගයෙන් හා ආතරයිටිස් රෝගයකින් ...
19/10/2025

❇️❇️ කමල් යනු මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි, ඔහු මැදි වියේ පසුවන අතර කාලයක් තිස්සේ ඇදුම රෝගයෙන් හා ආතරයිටිස් රෝගයකින් පීඩා විදී, කාර්‍ය බහුලත්වය නිසා ශාරීරික ව්‍යායාම වල නිරත නොවන ඔහු තරබාරු පුද්ගලයෙකි, දිනක් ඔහුගේ ශරීරයට ඇති අධික තෙහෙට්ටු ගතිය පිලිබදව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔහු පැමිණි විට කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වුයේ ඔහුට අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් මට්ටම අධික වීම යන රෝග වැලදී ඇතිබවයි, නමුත් ඔහුගේ උදරය අධික ලෙස මහත් වීම හා අත් පා කෙට්ටු වීම (Cushinoid Features) නිසා ඇතිවූ සැකය මත කල කෝටිසෝල් පරීක්ෂණ වලින් තහවුරු වුයේ ඔහුට Cushing Syndrome නම් රෝගය වැලදී ඇති බවයි.❇️❇️

🌙 Cushing Syndrome - කුශින් සිංඩ්‍රෝමය

🔆 ඔබගේ ශරීරය ඉක්මනින් මහත් වෙනවාද ? ඔබගේ උදරය මහත් වන අතර අත් පා කෙට්ටුව පවතිනවාද ? ඔබගේ මුහුණත් මහත් වී ඇත්ද ? එසේනම් ඔබටත් මෙම රෝගය වැලදී තිබිය හැකියි

🔆සරලවම කීවොත් Cushing Syndrome යනු ශරීරයේ cortisol නම් හෝමෝනය දීර්ඝ කාලීනව වැඩිවීමයි

🔆ශ්‍රී ලංකාව තුල මෙම රෝගය එතරම් දකින්න නැති වුවත්, රෝගය හදුනාගැනීම ප්‍රමාද විය හැකි රෝගයකි.

✅රෝග ලක්ෂණ මොනවාද ?

1. මුහුණ මහත් වීම (Moon Face)
2. ⁠පිටේ ඉහල කොටස පමණක් මහත්වීම (Buffalo Hump)
3. ⁠උදරය මහත් වීම හා අත් පා කෙට්ටු වීම (Central Obesity)
4. ⁠දම්/ කලු පැහැ ස්ට්‍රෙච් මාක්ස් උපරයේ ඇතිවීම (Purple Striae)
5. ⁠ඉක්මනින් තුවාල ඇතිවීම හා එම තුවාල ඉක්මනින් සුව නොවීම
6. ⁠දියවැඩියාව, අධි රුධිර පීඩනය හා ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම ආදී රෝගයන්ද දැකිය හැකයි

✅මෙම රෝගය හදුනා ගැනීමට කල හැකි පරීක්ෂණ මොනවාද ?

1. ශරීරයේ කෝටිසෝල් මට්ටම මැනීම (24 hour urine cortisol test, late night saliva or blood cortisol test, low dose dexamethasone suppression test
2. ⁠CT හෝ MRI scan පරීක්ෂණ (මෙම රෝගයට හේතුවන මොලයේ ගෙඩි ඇත්නම් ඒවා හදුනා ගැනීමට)

✅මෙම රෝගයට ඇති ප්‍රතිකාර මොනවාද ?

1. ශරීරයේ කෝටිසෝල් මට්ටම අඩු කිරීමට විවිධ බෙහෙත් වර්ග යොදාගත හැකියි(Ketoconazole, metyrapane, osliodrostat)
2. ⁠ශල්‍ය කර්ම මගින් මෙම රෝගයට හේතුවන මොලයේ ගෙඩි ඉවත් කල හැකියි.
3. ⁠සමහර දරුණු තත්වයන්ට රේඩියෝතෙරපි හෝ Hormone Replacement තෙරපි වැනි ප්‍රතිකාරයන්ද අවශ්‍ය වේ

🔆ඉතින් ඔබටත් ඉහත සදහන් කල රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න, මෙම රෝගය ඔබව ක්ෂණයකින් මරණයට පත් නොකලත් ඔබව දීර්ඝ කාලීන රෝගාබාධ වලට ලක් කර ඔබව සෙමින් මරණයට පත් කල හැකි රෝගයකි.

කවුද මේ සර්ප පිසාචයා? 🤔🐍
13/10/2025

කවුද මේ සර්ප පිසාචයා? 🤔🐍

✳️සර්පයන් ගැන පළ කරන ලිපි පෙළෙන් අද ඔබව දැනුවත් කරන්නේ කරවලා(Krait) කියන සර්පයා පිළිබඳවයි.

✳️කරවලා කියන්නේ ඉතා විස සහිත සර්ප විශේෂයකි.ශ්‍රී ලංකාව තුළ කරවල්ලු විශේෂ දෙකක් හඳුනාගන්න පුළුවන්.

1️⃣Indian krait/Common krait(තෙල් කරවලා/මඟ කරවලා/ මඟ මරුවා/ හබරලියා)
2️⃣Ceylon krait/Sri Lanla krait(මුදු කරවලා)

✳️මෙහි දක්වා ඇති Common krait කියන සර්ප විශේෂය අග්නිදිග ආසියාතික රටවල එනම් ඇෆ්ඝනිස්තානය , බංගලාදේශය,ඉන්දියාව,නේපාලය,පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආදී රටවල ජීවත් වෙයි.

✳️ශ්‍රී ලංකාවේ පහත් වියළි බිම් වල වැඩි වශයෙන් ජීවත්වන මෙම සර්පයා බොහෝ විට දවල් කාලයේදී දරුණු නොවන සතෙකි.නමුත් රාත්‍රී කාලයේදී දරුණු ලෙස ක්‍රියා කරයි.

✳️මෙම කරවලා රාත්‍රී කාලයේදී මිනිසුන් ජීවත් වන ස්ථානවලට පැමිණෙයි .බොහෝ වෙලාවල් වලට බාගෙට සාදන ලද නිවාස වල බිම නිදා ගන්නා පුද්ගලයන්ගේ සහ හේන්වල වාසය කරන පුද්ගලයන්ගේ කරවලා දෂ්ටනය බහුලව දක්නට ලැබේ.

✳️ඉහත සඳහන් කර ඇති Ceylon krait විශේෂය ලංකාවට ආවේණික අතර මෙම කරවලා තෙත් කලාපයේ නිවාස ආශ්‍රිතව,වගාබිම් ආශ්‍රිතව සහ වනාන්තරයේ ජීවත් වෙයි. මොවුන් බොහෝ විට ආක්‍රමණශීලී නොවන ලැජ්ජාශීලී දිවා කාලයේ ක්‍රියාකාරීත්වය අඩු සර්ප විශේෂයකි.රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වේ.

✳️මෙම කරවලා සර්පයා හඳුනාගන්නේ කෙසේද?

🐍ඉහත සඳහන් කරන ලද කරවලා විශේෂ දෙකේම ඕවලාකාර හිසක් ඇත.

🐍දිග සිහින් ශරීරයක් ඇති අතර කළු අලු පැහැයට හුරු ශරීර පැහැයක් ඇත.

🐍ශරීරයේ දිග අතට හිසේ සිට වලිගය දක්වා පැති හයක් සහිත ෂඩාශ්‍රාකාර හැඩයෙන් යුතු කොරපොතු දැකිය හැකිය .

🐍Common krait කරවල විශේෂයේ ශරීරයේ සුදු පාට හීනි තිරස් ඉරි යුගල බැගින් පිහිටා ඇත.නමුත් ඒවා බඩ ප්‍රදේශය දක්වා විහිදී නොයයි.

🐍Ceylon krait කරවලා විශේෂයේ ශරීරයේ මහත සුදු තනි තිරස් ඉරි පිහිටා ඇති අතර ඒවා බඩ ප්‍රදේශය දක්වා විහිදී යයි.ඉරි යුගල වශයෙන් පිහිටන්නේ නැත.

✳️Common krait කරවලා විශේෂයේ දෂ්ට කිරීමේ ස්වභාවය සහ ලක්ෂණ මොන වගේද?

🔅Common krait කරවලා විශේෂයේ දෂ්ට කිරීම බොහෝවිට ඊසාන දිග මෝසමත් සමග සැප්තැම්බරයේ සිට දෙසැම්බර් දක්වා කාලයේදී බහුලව වාර්තාවේ.මෙම තෙල් කරවලා ගොඩබිම වාසී සර්පයන් අතුරින් උග්‍රම විෂ සහිත සර්පයා ලෙස ද හඳුන්වයි.

🔅 බොහෝ විට රාත්‍රී කාලයේදී බිම නිදා සිටින විට දෂ්ට කිරීම් වාර්තා වී ඇත.එවැනි අවස්ථාවලදී ශරීරයේ ඕනෑම ස්ථානයක එනම් ඔලුව,මූණ,ඇඟ,ලිංගාශ්‍රිත ප්‍රදේශ ආදියේ දෂ්ඨ කිරීම් වාර්තා වී ඇත.

🔅සමහර රෝගීන්ගේ දෂ්ටකල ස්ථානයක් පවා සොයා ගැනීමට නොහැකිවේ.එම නිසා මෙම සර්පයා" සර්ප පිසාචයා" ලෙසද හඳුන්වයි.වේදනාව ඉතාම අඩු අගයක පවතින නිසා මෙම සර්පදෂ්ට කිරීම ඇතැම් විට දෂ්ටනයට ලක් වූ පුද්ගලයා පවා දන්නේ නැත.

🔅දෂ්ට කළ ස්ථානයේ වේදනාව සහ ඉදිමීම ඉතා අවමය.දෂ්ට කළ දළ සලකුණද දැකිය නොහැකියි.හිරිවැටීම වාර්තා වන්නේද ඉතා කලාතුරකිනි.

🔅නමුත් මෙම කරවලා විශේෂයේ විස හේතුවෙන් අනිකුත් පද්ධතිවල රෝග ලක්ෂණ මතුවේ . උදරයේ ඇතිවන වේදනාව මුලින්ම ඇතිවන රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.වමනයද ඇතිවිය හැකියි.

🔅ස්නායු ආශ්‍රිත දුර්වලතා බහුලවම ඇතිවේ.කරවලා විශේෂ දෂ්ට කිරීමෙන් පැය කිහිපයක් යන අවස්ථාවේදී ඇහිපිය බාගෙට වැසීම, ඇස්වල පෙනීමේ දුර්වලතා ඇතිවිය හැකියි.ඉන්පසු ක්‍රමානුකූලව මුහුණේ,ස්වසන පද්ධතියේ,බාහු වල ස්නායු දුර්වලතා ඇතිවේ.

🔅එවිට බොඳවී පෙනීම,රූප දෙක දෙක පෙනීම,කට ඇරීමේ අපහසුතාවය,කෑම වතුර ගිලීමේ අපහසුතාවය,හුස්ම ගැනීමේ අපහසුතාවය ආදී රෝග ලක්ෂණ ක්‍රමානුකූලව මතුවේ.බොහෝ විට මෙම හුස්ම ගැනීමේ අපහසුතාවය සර්පදෂ්ටනයෙන් පැය අටක් වැනි කාලයක් තුළදී වාර්තා වී ඇත.

🔅එවැනි අවස්ථාවලදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ස්වසන ආධාරක සපයයි.කෝමා තත්ත්වයට පත්වූ රෝගීන්ද වාර්තා වී ඇත.

🔅මෙම රෝග ලක්ෂණ වලට අමතරව දහඩිය දැමීම,කඳුළු ගැලීම,ඇසේ කණිනිකාව විශාල වීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය වෙනස්වීම,රුධිරයේ සෝඩියම් පොටෑසියම් මට්ටම අඩුවීම,මාංශ පේශී වල වේදනාව වාර්තා වී ඇත.

✳️Common krait කරවලා විශේෂ දෂ්ට කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද?

🔅මෙම කරවලා විශේෂ දෂ්ට කළ බවට සැක මතුවුවහොත් Indian polyvalent antivenom ප්‍රති විෂ 10 vials කඩිනමින් ලබාදෙයි.ඊට අමතරව අනෙකුත් රෝග ලක්ෂණ වලට කඩිනම් ප්‍රතිකාර ලබාදෙනු ඇත.

⭕ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති වුවහොත් හැකි ඉක්මනින්ම රෝහල් ගත වීම සිදු කළ යුතුයි.ඉක්මනින් යන තරමට ජීවිතය බේරාගත හැකියි.

✳️දැන් අපි Ceylon krait කරවලා විශේෂයේ දෂ්ට කිරීම පිළිබඳව කතා කරමු.

🔅මෙම කරවලා විශේෂය දෂ්ට කිරීම වාර්තා වීම අඩුය.

🔅දෂ්ට කළ ස්ථානයේ වේදනාව ඉදිමීම ඉතා අවමය.

🔅බඩේ කැක්කුම, වමනය,සිහිමද ගතිය වාර්තා වේ.

🔅Common krait කරවලා විශේෂයේ සඳහන් වූ පරිදිම Ceylon krait කරවලා විශේෂයේ ද ස්නායු දුර්වලතා දැකිය හැකිය.

🔅Ceylon krait කරවලා විශේෂ දෂ්ටනය සඳහා ප්‍රතිකාර විදිහට විශේෂිත ප්‍රතිවිශ ඖෂධයක් නොමැති නමුත් Common krait සඳහා යොදා ගන්නා ප්‍රති විෂ ඖෂධයම භාවිතා කරයි.නමුත් එහි කාර්යක්ෂම ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය.

✳️කරවලා විශේෂ පිළිබඳව මෙන්ම දෂ්ටනයෙන් පසු ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම මගින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට පහසුවේ.

~ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර ~

💛💛 කසුන් යනු සිහින් සිරුරක් ඇති, උස අවුරුදු 26ක් වයස ඇති තරුණයකි, ඔහු අවුරුදු 18 පටන් දිනපතා දුම් බීමට හුරුවූ අයෙකි, එක්...
24/09/2025

💛💛 කසුන් යනු සිහින් සිරුරක් ඇති, උස අවුරුදු 26ක් වයස ඇති තරුණයකි, ඔහු අවුරුදු 18 පටන් දිනපතා දුම් බීමට හුරුවූ අයෙකි, එක් දිනයක හවස් වරුවේ ඔහු තමන්ගේ යහලුවන් සමග චාරිකාවක් යනවිට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වූ නිසා ඔහුගේ යහලුවන් එකතු වී ඔහුව රෝහල් ගත කරන ලදී, පසුව කල X Ray පරීක්ෂණ මගින් තහවුරු වූයේ ඔහුට Pneumothorax නම් රෝගී තත්වය වැලදී ඇති බවයි.

🔆 මොකක්ද මේ Pneumothorax කියන්නේ ?

✅ Pneumothorax යනු උරස් කුහරය හා පෙනහැල්ල අතර ඇති ඉඩට වාතය පිරීමයි. එමගින් එම පෙනහැල්ල ඇකිලීම සිදුවෙයි, මෙය නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මරණය පවා ගෙන දිය හැකි තත්වයකි.

🔆 මෙම තත්වය ඇති වීමට හේතු මොනවාද ?

✅ හදිසි අනතුරු
✅ ක්ෂ්‍යරෝගය, ඇදුම, COPD වැනි රෝගී තත්‍ව
✅ කිසිම හේතුවක් නොමැතිව (Spontaneous)

🔆 Pneumothorax වර්ග මොනවද ?

✅ Spontaneous - කිසිම හේතුවක් නොමැතිව ඉබේම සිදුවේ. උස, සිහින් සිරුරක් ඇති පුද්ගලයන්ගේ දැකිය හැකිය
✅ Traumatic - හදිසි අනතුරු නිසා
✅ Tension Pneumothorax - ජීවිත අවධානම ඉතා ඉහල, හදිසි අනතුරු නිසා ඇති වන තත්වයකි.

🔆 Pneumothorax තත්වය හදුනාගත හැකි රෝග ලක්ෂණ මොනවාද ?

✅ තීව්‍ර පපුවේ කැක්කුම
✅ හුස්ම ගැනීමේ අපහසුව
✅ වේගයෙන් හුස්ම ගැනීම
✅ වේගයෙන් හදවතේ ගැස්ම

🔆 Pneumothorax තත්වයට ඇති ප්‍රතිකාර ක්‍රම මොනවද ?

✅ සිරවී ඇති වාතය කුඩා ප්‍රමාණයක් නම් ප්‍රතිකාර අවශ්‍ය නොවේ
✅ සිරවී ඇති වාතය විශාල ප්‍රමාණයක් නම්
IC tube නම් බටයක් දැමීම මගින් සිරවී ඇති වාතය ඉවත් කිරීම සිදු කල හැකියි.
✅ Tension Pneumothorax තත්වයට නම් හදිසි ප්‍රතිකාරයක් ලෙස Needle Decompression නම් ප්‍රතිකාරය සිදු කරයි.

🔆🔆🔆 ඔබ මතක තබා ගත යුත්තේ, ඔබටත් සිහින්, උස සිරුරක් ඇත්නම් හෝ දුම්බොන්නේ නම් හෝ පෙනහලු ආශ්‍රිත වෙනත් රෝගයක් ඇත්නම් හෝ ඔබ හදිසි අනතුරකට ලක් වූයේ නම් ඔබට ඉහත සදහන් කල රෝග ලක්ෂණ තිබෙන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත වීමයි.

🔆 කුමාරි මහත්මිය යනු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවක සේවය කරන 58 හැවිරිදි පුද්ගලයෙක්. ඇය දියවැඩියාව රෝගයට වසර 16 ක් ප...
21/09/2025

🔆 කුමාරි මහත්මිය යනු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවක සේවය කරන 58 හැවිරිදි පුද්ගලයෙක්. ඇය දියවැඩියාව රෝගයට වසර 16 ක් ප්‍රතිකාර ලබමින් සිටී. නමුත් ඇයගේ කාර්‍යබහුල ජීවිතය නිසා ඇයට සමහර බෙහෙත් වේලවල් මගහැරෙයි. ඇයගේ රුධිර සීනි මට්ටම පාලනයද ප්‍රශස්ත මට්ටමක නැත.

එක් දිනක උදේ ඇය රැකියාවට යාමට සූදානම් වන විට, ඇයට කැරකිල්ල ගතියක් ඇති වී අධික ලෙස දහඩිය දෑමිමක්ද ඇතිවිය, මීට අමතරව ඇයට දින කිහිපයක සිට ශරීරයට මහන්සි ගතියක්ද තිබී ඇත, නමුත් ඇයට පපුවේ කිසිදු වේදනාවක් දැනී නැත, ටික වේලාවකට පසු ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වූ නිසා ඇයගේ සැමියා හා දියණිය විසින් මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇයව රැගෙන එන ලදී. නමුත් අවාසනාවන්ත ලෙස රෝහලට පැමිණ විට වෙලාවකින් ඇය මරණයට පත් විය. මරණ පරීක්ෂණයෙක් තහවුරු වූයේ ඇයට හෘදයාබාධයක් ඇතිවී මරණයට පත්වූ බවයි.

💔💔 නිහඩ නමුත් මාරාන්තික මොනවද මේ Silent Heart Attacks ??

🔆 සාමාන්‍යයෙන් හාට් ඇටෑක් එකක් ඇති වූ විට පපුවේ අධික වේදනාවක්, දැවි ලෙස දහඩිය දැමීමක්, වමනය යාමට ඒම හා හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවේ.

🔆නමුත් සමහර හාට් ඇටෑක් පපුවේ වේදනාවක් නැතුව වුවන් ඇති විය හැකි බව ඔබ දැනුවත්ද ? මේවා Silent MI ලෙස හදුන්වයි.

🔆 Silent MI වල දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද ?

✅ ශරීරයේ මහන්සි ගතිය
✅ විවේකීව සිටින විට හුස්ම ගැනීමේ අපහසුතාව
✅ කැරකිල්ල
✅ හේතුවක් නැතිව දහඩිය පිටවීම
✅ වමනය ගතිය
✅ නින්ද නොයාම
✅ පපුවේ ගැස්ම අක්‍රමවත් බව දැනීම

🔆Silent MI ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කුමන රෝගීන්ටද ?

✅ දියවැඩියා රෝගීන්
✅ වැඩිහිටි පුද්ගලයන්
✅ කාන්තාවන්
✅ හදවත් රෝගීන්

🔆 ඔබත් මෙම රෝගී කාණ්ඩ වලට අයිති නම් හා ඉහත සදහන් කල රෝග ලක්ෂණ ඇත්නම් රෝහල් ගත් වන්න, Silent MI යනු හදුනා ගැනීමට අපහසු ඉතා භයානක රෝගී තත්වයකි, මෙම රෝග ලක්ෂණ නොසලකා හැරීම නිසා සැලකිය යුතු මරණ ගණනාවක් අපේ රටේ සිදුවී ඇත.

ඇවිද ගැනීමට පවා අපහසුවන ලෙස අත පයේ දැඩි වේදනාවක් ඇති කරන චිකන්ගුන්යාව (Chikungunya)✅Aedes aegypti / Aedes albopictus යන ...
04/09/2025

ඇවිද ගැනීමට පවා අපහසුවන ලෙස අත පයේ දැඩි වේදනාවක් ඇති කරන චිකන්ගුන්යාව (Chikungunya)

✅Aedes aegypti / Aedes albopictus යන මදුරුවන් මගින් පැතිරෙන වෛරස් රෝගයකි.
✅ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල බහුලව දැකිය හැකි රෝගයකි.

🔆රෝග ලක්ෂණ (Signs & Symptoms)

✅අධික උණ(Sudden high fever)
✅ඇට,සන්ධි, මස්පිඩු වේදනාව (severe joint and muscle pain)
✅ශරීර වේදනාව (Bodyaches)
✅අත්, පාද දැඩිවීම (stiffness / swelling)
✅හිසරදය, මලබද්ධය, බඩ එලියේ යෑම
✅සමේ රතු පැහැති කුෂ්ඨ ඇතිවීම (rash)
✅සමහර විට ඇස් රතු වීම (conjunctivitis)

🔆පරීක්ෂණ (Investigations)

✅මෙම රෝගය හදුනාගැනීම ප්‍රධානවම රෝග ලක්ෂණ මත පදනම්ව සිදුවේ.

✅රුධිර පරීක්ෂණ ලෙස Full Blood Count, ESR, CRP, PCR පරීක්ෂණ ආදිය සිදු කල හැකිය.

🔆ප්‍රතිකාර (Management)

✅බොහොමයක් පුද්ගලයන් මෙම රෝගය ඇසූ සැනින් බියට පත් වී රෝහල් ගතවේ, නමුත් චිකන්ගුන්‍යා රෝගයට විශේෂ වූ ප්‍රතිකාරයන් අවශ්‍ය නොවේ.

✅මෙම රෝගයේදී රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර කිරීමක් සිදුවේ. උණ සදහා Paracetamol, හංදිපත් වේදනාව සදහා වේදනා නාශක (Prednisolone, Hcq, Tramadol) ලබාදීම, ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම, අවශ්‍ය නම් Physiotherapy සිදුකිරීම වැනි දේ ප්‍රතිකාර ලෙස දැක්විය හැකිය.

🔆🔆 රෝහල් ගත වීමට ප්‍රථම ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවීමෙන් ඔබට රෝහල් ගත වීමේ අවශ්‍යතාවක් ඇතිදැයි සැකහැර දැනගත හැකියි.

සිරිසේන කියන්නේ, අවුරුදු 55ක් වයසැති රැකියාව ලෙස රියදුරු වෘත්තිය සිදුකරන මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.මීට සතියකට ප...
28/07/2025

සිරිසේන කියන්නේ, අවුරුදු 55ක් වයසැති රැකියාව ලෙස රියදුරු වෘත්තිය සිදුකරන මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මීට සතියකට පමණ පෙර මහනුවර ජාතික රෝහලෙන් නිවුමෝනියා රෝගයට දවස් 5ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඔහු අද දිනයේ නැවත රෝහලට පැමිණියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසාය.

ඔහුව පරීක්ෂා කර බලා, X Ray පරීක්ෂණයක් ද කල පහු තහවුරු වූයේ ඔහුව "Plural Effusion" නම් රෝගය වැලදී ඇති බවයි.

✅මොකක්ද මේ Plural Effusion කියන රෝගය ?

🔆 Plural Effusion යනු සරලව පෙනහලු වලට පිටතින් ඇති Plural Space නම් ප්‍රදේශයට යම් දියරයක් එකතු වීමය.

🔆මෙහිදී එකතු වන දියරය අනුව Plural Effusion රෝගය වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,
1. Transudative Effusion
2. ⁠ Exudative Effusion

✅ මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?

🔆 හුස්ම ගැනීමේ අපහසුතාව
🔆 කැස්ස
🔆 පපුවේ වේදනාව
🔆 සමහර විට උණ

ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය

✅ මෙම රෝගය හදුනාගැනීමට කලහැකි පරීක්ෂණ මොනවාද ?

🔆 රුධිර පරීක්ෂණ ලෙස Full Blood Count, CRP, ESR
🔆 Chest X Ray පරීක්ෂණය
🔆 පපුවේ ස්කෑන් පරීක්ෂණ
🔆 Plural Fluid පරීක්ෂණ

✅ මෙම රෝගයට ඇති ප්‍රතිකාර මොනවාද ?

🔆 Plural Fluid Aspiration එහෙමත් නැත්නම් තැන්පත් වී ඇති දියරය සිරින්ජ මගින් ඉවත් කිරීම
🔆 එම දියරය ආසාදනය වී ඇත්නම් අවශ්‍ය පරිදී Antibiotic ප්‍රතිකාර කිරීම

ප්‍රධානම ප්‍රතිකාර ක්‍රම වේ.

Address

Aniwatta
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram